යෙදුමෙන් කියවන්න

සීලසංකිලෙසවොදානං

සීලසංකිලෙසවොදානං

සීලසංකිලෙසවොදානං

යං පන වුත‍්තං “කො චස‍්ස සංකිලෙසො, කිං වොදාන”න‍්ති. තත්‍ර වදාම – ඛණ‍්ඩාදිභාවො සීලස‍්ස සංකිලෙසො, අඛණ‍්ඩාදිභාවො වොදානං. සො පන ඛණ‍්ඩාදිභාවො ලාභයසාදිහෙතුකෙන භෙදෙන ච සත‍්තවිධමෙථුනසංයොගෙන ච සඞ‍්ගහිතො.

එහි (ශීලයෙහි) කිලිටිවීම යනු කිමෙක්ද? පිරිසුදුවීම කිමෙක්දැ’යි යමක් කියන ලද්දේ ද, ඒ පිළිබඳ විස්තර පවසමු. ඛණ්ඩාදිභාවය ශීලය පිළිබඳ කිලිටිබවයි. අඛණ්ඩාදිභාවය පිරිසුදුබවයි. ඒ ඛණ්ඩාදිභාවය ලාභ කීර්ති ආදී භේද, ඇති හේතු වශයෙන්ද, සත් වැදෑරුම් මෙවුන්දම් සෙවීම් වශයෙන්ද, සංග්‍රහකොට ඇත.

තථා හි යස‍්ස සත‍්තසු ආපත‍්තික‍්ඛන්‍ධෙසු ආදිම‍්හි වා අන‍්තෙ වා සික‍්ඛාපදං භින‍්නං හොති, තස‍්ස සීලං පරියන‍්තෙ ඡින‍්නසාටකො විය ඛණ‍්ඩං නාම හොති. යස‍්ස පන වෙමජ‍්ඣෙ භින‍්නං, තස‍්ස මජ‍්ඣෙ ඡිද‍්දසාටකො විය ඡිද‍්දං නාම හොති. යස‍්ස පටිපාටියා ද‍්වෙ තීණි භින‍්නානි, තස‍්ස පිට‍්ඨියා වා කුච‍්ඡියා වා උට‍්ඨිතෙන විසභාගවණ‍්ණෙන කාළරත‍්තාදීනං අඤ‍්ඤතරසරීරවණ‍්ණා ගාවී විය සබලං නාම හොති. යස‍්ස අන‍්තරන‍්තරා භින‍්නානි, තස‍්ස අන‍්තරන‍්තරා විසභාගවණ‍්ණබින්‍දුවිචිත්‍රා ගාවී විය කම‍්මාසං නාම හොති. එවං තාව ලාභාදිහෙතුකෙන භෙදෙන ඛණ‍්ඩාදිභාවො හොති.

ඒ එසේමැයි: සත්වැදෑරුම් ඇවැත් සමූහයන් විෂයෙහි, ආදියෙහි වේවයි, අන්තයෙහි වේවයි, යමකුගේ ශික්‍ෂාපදයක් බිඳුණේ නම් ඔහුගේ ශීලය කොන් ඉරුණු සළුවක් මෙන් වන හෙයින් ‘ඛණ්ඩ’ නම්වේ, යමකුගේ ශික්‍ෂාපදය මැදදී බිදුණේ නම්, ඔහුගේ ශීලය මැදින් ඉරුණු සළුවක් මෙන් වන හෙයින් ජිද්ද නම්වේ, යමකුගේ ශික්‍ෂාපද දෙකතුනක් පිළිවෙළින් බිඳුණේ නම්, පිටෙහි හෝ බඩවතෙහි හෝ තැනින් තැන මතුවී පෙනෙන නොසම පැහැ ඇති, කළු රතු ආදී කිසියම් ශරීර වර්ණයක් සහිත දෙනක මෙන් වන හෙයින් සබල නම් වේ. යමෙකුගේ ශික්‍ෂාපද අතරින්පතර කඩවූයේනම්, ඔහුගේ ශීලය අතරින් පතර නොසම පැහැ ඇති තිත් සහිත දෙනක මෙන් වන හෙයින් කම්මාස නම් වේ. මේ ආකාරයෙන් ලාභාදී හේතු භේදයෙන් ඛණ්ඩ ආදී ස්වභාවය වේ.

එවං සත‍්තවිධමෙථුනසංයොගවසෙන. වුත‍්තඤ‍්හි භගවතා –

මෙසේ සත්වැදෑරුම් මෛථුන සංයෝග වශයෙන්ද ඛණ්ඩ ආදී භාවය වේ. වදාරන ලදුයේමැයි භාග්‍යවතුන්වහන්සේ විසින්:

“ඉධ, බ්‍රාහ‍්මණ, එකච‍්චො සමණො වා බ්‍රාහ‍්මණො වා සම‍්මා බ්‍රහ‍්මචාරී පටිජානමානො න හෙව ඛො මාතුගාමෙන සද‍්ධිං ද‍්වයංද‍්වයසමාපත‍්තිං සමාපජ‍්ජති, අපිච ඛො මාතුගාමස‍්ස උච‍්ඡාදනං පරිමද‍්දනං න‍්හාපනං සම‍්බාහනං සාදියති, සො තදස‍්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත‍්තිං ආපජ‍්ජති, ඉදම‍්පි ඛො, බ්‍රාහ‍්මණ, බ්‍රහ‍්මචරියස‍්ස ඛණ‍්ඩම‍්පි ඡිද‍්දම‍්පි සබලම‍්පි කම‍්මාසම‍්පි. අයං වුච‍්චති, බ්‍රාහ‍්මණ, අපරිසුද‍්ධං බ්‍රහ‍්මචරියං චරති සංයුත‍්තො මෙථුනෙන සංයොගෙන, න පරිමුච‍්චති ජාතියා. ජරාය මරණෙන…පෙ… න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කිසියම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ බ්‍රහ්මචාරීයෙකු ලෙස පිළින කරමින්, මාගමක හා සමග මෛථුන සංසර්ගයට නොඑළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන ඇඟ ඉලීම්, පිරිමැදීම්, නැහැවීම්, හැඹීම් (සම්බාහනය) ඉවසා නම්, විඳී නම්, රිසි වේනම්, එයින් සතුටට පත්වේනම්, මෙය බ්‍රහ්මචර්යය පිළිබඳ කඩ (ඛණ්ඩ) වීමද, සිදුරු (ජිද්ද) වීමද, විසම (සබල) වීමද, ලප සහිත (කම්මාස) වීමද වේ. බ්‍රාහ්මණය, මේ තෙමේ අපිරිසුදු බ්‍රහ්මචර්යෙහි හැසිරේයයි කියනු ලැබේ. මෛථුන සංයෝගයෙන් සංයුක්තවූයේ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් නොමිදේ, දුකින් නොමිදේයයි කියමි,

“පුන චපරං, බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා…පෙ… පටිජානමානො න හෙව ඛො මාතුගාමෙන සද‍්ධිං ද‍්වයං ද‍්වයසමාපත‍්තිං සමාපජ‍්ජති. නපි මාතුගාමස‍්ස උච‍්ඡාදනං…පෙ… සාදියති. අපිච ඛො මාතුගාමෙන සද‍්ධිං සඤ‍්ජග‍්ඝති සංකීළති සංකෙලායති, සො තදස‍්සාදෙති…පෙ… න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

තවද බ්‍රාහ්මණය මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ පිළින කරමින් මාගමක හා සමග මෛථුන සංසර්ගයට නොඑළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන ඉලීම්, පිරිමැදීම්-පෙ-නොම ඉවසනුයේ නමුදු මාගමක හා සමඟ මහත් සේ සිනාසේනම්, ක්‍රීඩා කෙරේනම් ක්‍රීඩා කරවානම් හේ තෙමේ එය ඉවසා නම්, -පෙ-දුකින් නොමිදේයයි කියමි.

“පුන චපරං, බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා…පෙ… න හෙව ඛො මාතුගාමෙන සද‍්ධිං ද‍්වයං ද‍්වයසමාපත‍්තිං සමාපජ‍්ජති. නපි මාතුගාමස‍්ස උච‍්ඡාදනං…පෙ… සාදියති. නපි මාතුගාමෙන සද‍්ධිං සඤ‍්ජග‍්ඝති සංකීළති සංකෙලායති. අපිච ඛො මාතුගාමස‍්ස චක‍්ඛුනා චක‍්ඛුං උපනිජ‍්ඣායති පෙක‍්ඛති, සො තදස‍්සාදෙති…පෙ… න පරිමුච‍්චති දුක‍්ඛස‍්මාති වදාමි.

තවද බ්‍රාහ්මණය. මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක හා සමඟ මෛථුන සංසර්ගයට නො-එළඹෙනුයේ නමුදු, මාගමක් විසින් කරනු ලබන -පෙ-නොඉවසෙනුයේ නමුදු මාගමක හා සමඟ මහත්සේ සිනා නොම සෙනුයේ නමුදු, -පෙ-මාගමකගේ ඇස තමාගේ ඇසින් දකීනම්, බලානම්, හේ තෙමේ එය ඉවසානම්-පෙ-දුකින් නොමිදේයයි කියමි,

“පුන චපරං, බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා…පෙ… න හෙව ඛො මාතුගාමෙන… නපි මාතුගාමස‍්ස… නපි මාතුගාමෙන… නපි මාතුගාමස‍්ස…පෙ… පෙක‍්ඛති. අපිච ඛො මාතුගාමස‍්ස සද‍්දං සුණාති තිරොකුට‍්ටා වා තිරොපාකාරා වා හසන‍්තියා වා භණන‍්තියා වා ගායන‍්තියා වා රොදන‍්තියා වා, සො තදස‍්සාදෙති…පෙ… දුක‍්ඛස‍්මාති වදාමි.

තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක හා සමග -පෙ-මාගමක විසින් කරනු ලබන-පෙ-මාගමකගේ-පෙ-නොබලනුයේ නමුදු, බිත්තියකට එපිටින් හෝ පවුරකට එපිටින් හෝ සිට සිනාසෙන හෝ බණන හෝ ගයන හෝ හඬන හෝ මාගමකගේ කටහඬ අසා නම්, -පෙ-හේ තෙමේ එය ඉවසා නම්-පෙ-දුකින් නොමිදේයයි කියමි,

“පුන චපරං, බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා…පෙ… න හෙව ඛො මාතුගාමෙන… නපි මාතුගාමස‍්ස… නපි මාතුගාමෙන… නපි මාතුගාමස‍්ස…පෙ… රොදන‍්තියා වා. අපිච ඛො යානිස‍්ස තානි පුබ‍්බෙ මාතුගාමෙන සද‍්ධිං හසිතලපිතකීළිතානි, තානි අනුස‍්සරති, සො තදස‍්සාදෙති…පෙ… දුක‍්ඛස‍්මාති වදාමි.

තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක සමග පෙ-මාගමක් විසින්-පෙ-මාගමක සමඟ-පෙ-මාගමකගේ-පෙ-හඬන හෝ පෙ-නොම අසනුයේ නමුදු, මාගමක හා සමග පෙර (ගිහිකල) කරනලද සිනාසීම්, බිණීම්, ක්‍රීඩා කිරීම්, සිහිකෙරේනම්, හේතෙමේ එය ඉවසානම්, -පෙ-දුකින් නොමිදේයයි කියමි.

“පුන චපරං, බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා…පෙ… න හෙව ඛො මාතුගාමෙන…පෙ… නපි මාතුගාමස‍්ස…පෙ… නපි යානිස‍්ස තානි පුබ‍්බෙ මාතුගාමෙන සද‍්ධිං හසිතලපිතකීළිතානි, තානි අනුස‍්සරති. අපිච ඛො පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා පඤ‍්චහි කාමගුණෙහි සමප‍්පිතං සමඞ‍්ගීභූතං පරිචාරයමානං, සො තදස‍්සාදෙති…පෙ… දුක‍්ඛස‍්මාති වදාමි.

තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මාගමක සමග-පෙ-මාගමක විසින්-පෙ-මාගමක හා සමග-පෙර කරන ලද-පෙ-නොම සමරනුයේ නමුදු, ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ පංචකාම ගුණයෙන් යුක්තවූවහු, සමන්විත වූවහු, පිරිවරනු ලබන්නහු දැක හේ තෙමේ එය ඉවසානම්-පෙ-දුකින් නොමිදේයයි කියමි,

“පුන චපරං, බ්‍රාහ‍්මණ, ඉධෙකච‍්චො සමණො වා…පෙ… න හෙව ඛො මාතුගාමෙන…පෙ… නපි පස‍්සති ගහපතිං වා ගහපතිපුත‍්තං වා…පෙ… පරිචාරයමානං. අපිච ඛො අඤ‍්ඤතරං දෙවනිකායං පණිධාය බ්‍රහ‍්මචරියං චරති ‘ඉමිනාහං සීලෙන වා වතෙන වා තපෙන වා බ්‍රහ‍්මචරියෙන වා දෙවො වා භවිස‍්සාමි දෙවඤ‍්ඤතරො වා’ති. සො තදස‍්සාදෙති, තං නිකාමෙති, තෙන ච විත‍්තිං ආපජ‍්ජති. ඉදම‍්පි ඛො, බ්‍රාහ‍්මණ, බ්‍රහ‍්මචරියස‍්ස ඛණ‍්ඩම‍්පි ඡිද‍්දම‍්පි සබලම‍්පි කම‍්මාසම‍්පී”ති (අ· නි· 7.50).

තවද බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ-පෙ-මාගමක හා සමග-පෙ-මාගමක් විසින්-පෙ-ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ පෙ-පිරිවරනු ලබන්නහු දැක-පෙ-නොම ඉවසෙනුයේ නමුදු, කිසියම් දේවනිකාජයක් පතමින්, ‘මම් මේ ශීලය හෝ ව්‍රතය හෝ තපස හෝ බ්‍රහ්මචර්ය හෝ හේතුකොටගෙන දෙවියෙකු හෝ දෙවියෙකු වැනි කෙනෙකු හෝ වන්නෙමි’යි බ්‍රහ්මචර්යයෙහි හැසිරේනම්, හේතෙමේ එය කැමති වේනම්, එයින් තුෂ්ටියට පත්වේනම්, මෙයද බ්‍රාහ්මණය, බ්‍රහ්මචර්ය පිළිබඳව ‘ඛණ්ඩ’ ද, ‘ජිද්ද’ ද, ‘සබල’ ද, ‘කම්මාස’ ද වේ.’

එවං ලාභාදිහෙතුකෙන භෙදෙන ච සත‍්තවිධමෙථුනසංයොගෙන ච ඛණ‍්ඩාදිභාවො සඞ‍්ගහිතොති වෙදිතබ‍්බො.

මෙසේ ලාභාදිය හේතුකොට ඇති භේද වශයෙන්ද, සත් වැදෑරුම් මෛථුන සංයෝග වශයෙන්ද ශීලය පිළිබඳ ‘ඛණ්ඩ’ ආදී ස්වභාවය සංග්‍රහ කරන ලදැ’යි දතයුතුය.

අඛණ‍්ඩාදිභාවො පන සබ‍්බසො සික‍්ඛාපදානං අභෙදෙන, භින‍්නානඤ‍්ච සප‍්පටිකම‍්මානං පටිකම‍්මකරණෙන, සත‍්තවිධමෙථුනසංයොගාභාවෙන ච, අපරාය ච “කොධො උපනාහො මක‍්ඛො පළාසො ඉස‍්සා මච‍්ඡරියං මායා සාථෙය්‍යං ථම‍්භො සාරම‍්භො මානො අතිමානො මදො පමාදො”තිආදීනං පාපධම‍්මානං අනුප‍්පත‍්තියා, අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාසල‍්ලෙඛතාදීනඤ‍්ච ගුණානං උප‍්පත‍්තියා සඞ‍්ගහිතො.

අඛණ්ඩාදී ස්වභාවය වනාහි ශික්‍ෂාපදයන් නොබිදීම් වශයෙන්ද, බිඳීගිය නමුදු පිළියම් කළහැකි ශික්‍ෂාපදයනට පිළියම් කිරීම් වශයෙන්ද, සත්වැදෑරුම් මෛථුන සංයෝගය නොසිදුවීම් වශයෙන්ද ක්‍රෝධය, වෛරය, ගුණමකුබව, කුඩුකේඩුකම, ඊර්ෂ්‍යාව, මසුරුබව, වංචනිකබව, කපටිබව, මුරණ්ඩුබව, එකට එක කිරීම, මානය, අතිමානය, මදය, පිනට මැලිබව ආදී පාපචේතනා නොඉපැදවීම් වශයෙන්ද, සංග්‍රහ කරනලදි.

යානි හි සීලානි ලාභාදීනම‍්පි අත්‍ථාය අභින‍්නානි, පමාදදොසෙන වා භින‍්නානිපි පටිකම‍්මකතානි , මෙථුනසංයොගෙහි වා කොධුපනාහාදීහි වා පාපධම‍්මෙහි අනුපහතානි, තානි සබ‍්බසො අඛණ‍්ඩානි අච‍්ඡිද‍්දානි අසබලානි අකම‍්මාසානීති වුච‍්චන‍්ති. තානියෙව භුජිස‍්සභාවකරණතො ච භුජිස‍්සානි, විඤ‍්ඤූහි පසත්‍ථත‍්තා විඤ‍්ඤුපසත්‍ථානි, තණ‍්හාදිට‍්ඨීහි අපරාමට‍්ඨත‍්තා අපරාමට‍්ඨානි, උපචාරසමාධිං වා අප‍්පනාසමාධිං වා සංවත‍්තයන‍්තීති සමාධිසංවත‍්තනිකානි ච හොන‍්ති. තස‍්මා නෙසං එස ‘අඛණ‍්ඩාදිභාවො වොදාන’න‍්ති වෙදිතබ‍්බො.

යම් ශීලයක් ලාභ ආදිය පිණිසද නොබිඳුණේ නම්, ප්‍රමාද දෝෂයෙකින් බිඳුණු හෝ ශීලයට පිළියම් කරන ලද්දේ නම්, මෛථුන සංයෝගයෙන් හෝ ක්‍රෝධ වෛර ආදී පාපචේතනාවන්ගෙන් හෝ නොපෑරුණේ නම්, මේ ශීලය සෑම අතින්ම අඛණ්ඩයයි, අච්ඡිද්දයයි, අසබලයයි අකම්මාසයයි කියනු ලැබේ. ඒ ශීලය ක්ලේශයන්ගේ දාසත්‍වයෙන් මිදුණ හෙයින් ‘භුජිස්ස’ නම්වේ. නුවණැත්තවුන් විසින් පසස්නාලද හෙයින් ‘විඤ්ඤුප්පසත්‍ථ’ නම්වේ, තෘෂ්ණා දෘෂ්ටි යන මෙයින් නොබැදුණ හෙයින් ‘අපරාමට්ඨ’ නම්වේ. උපචාර සමාධිය හෝ අප්පණා සමාධිය පවත්වති’යි සමාධිසංවත්තනික නම්ද වේ. එහෙයින් ඒ ශීලයෙහි අඛණ්ඩ ආදී ස්වභාවය ‘වොදාන’ (පිරිසුදුබව) යයි දතයුතුය.

තං පනෙතං වොදානං ද‍්වීහාකාරෙහි සම‍්පජ‍්ජති සීලවිපත‍්තියා ච ආදීනවදස‍්සනෙන, සීලසම‍්පත‍්තියා ච ආනිසංසදස‍්සනෙන. තත්‍ථ “පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, ආදීනවා දුස‍්සීලස‍්ස සීලවිපත‍්තියා”ති (දී· නි· 2.149; අ· නි· 5.213) එවමාදිසුත‍්තනයෙන සීලවිපත‍්තියා ආදීනවො දට‍්ඨබ‍්බො.

එම වොදානය දෙආකාරයකින් සම්පාදනය කරනු ලැබේ. ශීලවිපත්තියෙහි ආදීනව දැකීමෙන්ද, ශීල සම්පත්තියෙහි ආනිසංස දැකීමෙන්දැයි යනුවෙනි. එහි, ‘මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි ආදීනව පසෙකි’යි යන මේ ආදී සූත්‍ර නයින්ද, ශීල විපත්තියෙහි ආදීනව දතයුතුය.

අපිච දුස‍්සීලො පුග‍්ගලො දුස‍්සීල්‍යහෙතු අමනාපො හොති දෙවමනුස‍්සානං, අනනුසාසනීයො සබ්‍රහ‍්මචාරීනං, දුක‍්ඛිතො දුස‍්සීල්‍යගරහාසු, විප‍්පටිසාරී සීලවතං පසංසාසු, තාය ච පන දුස‍්සීල්‍යතාය සාණසාටකො විය දුබ‍්බණ‍්ණො හොති. යෙ ඛො පනස‍්ස දිට‍්ඨානුගතිං ආපජ‍්ජන‍්ති, තෙසං දීඝරත‍්තං අපායදුක‍්ඛාවහනතො දුක‍්ඛසම‍්ඵස‍්සො. යෙසං දෙය්‍යධම‍්මං පටිග‍්ගණ‍්හාති, තෙසං නමහප‍්ඵලකරණතො අප‍්පග‍්ඝො. අනෙකවස‍්සගණිකගූථකූපො විය දුබ‍්බිසොධනො. ඡවාලාතමිව උභතො පරිබාහිරො. භික‍්ඛුභාවං පටිජානන‍්තොපි අභික‍්ඛුයෙව ගොගණං අනුබන්‍ධගද්‍රභො විය. සතතුබ‍්බිග‍්ගො සබ‍්බවෙරිකපුරිසො විය. අසංවාසාරහො මතකළෙවරං විය. සුතාදිගුණයුත‍්තොපි සබ්‍රහ‍්මචාරීනං අපූජාරහො සුසානග‍්ගි විය බ්‍රාහ‍්මණානං. අභබ‍්බො විසෙසාධිගමෙ අන්‍ධො විය රූපදස‍්සනෙ. නිරාසො සද‍්ධම‍්මෙ චණ‍්ඩාලකුමාරකො විය රජ‍්ජෙ. සුඛිතොස‍්මීති මඤ‍්ඤමානොපි දුක‍්ඛිතොව අග‍්ගික‍්ඛන්‍ධපරියායෙ වුත‍්තදුක‍්ඛභාගිතාය.

තවද දුශ්ශීල පුද්ගලතෙමේ එම දුශ්ශීලභාවය හේතුකොට දෙවියනටද මිනිසුනටද අප්‍රිය වේ. සබ්‍රම්සරුන්හට අනුශාසනය කිරීමට නොසුදුස්සෙක් වේ, දුශ්ශීලයන් ගැරහීමෙහිදී දුකට පත්වේ. සිල්වතුන් පැසසීමේදී විපිළිසරයට පත්වේ, එම දුශ්ශීලභාවය හේතුකොට හණපිළියක් සෙයින් දුර්වර්ණ වේ, යම් කෙනෙක් ඔහුගේ දෘෂ්ටිය අනුව ගියාහු නම්, ඔවුනටද බොහෝ කලක් අවාදුක් ගෙන දෙවන හෙයින් දුක හා බැදුණේ වේ, යම් කෙනෙකුගේ දානවස්තුන් පිළිගනී නම් ඔවුනට මහත්ඵල ගෙනනොදෙන හෙයින් මද ඇගයුම් ඇත්තේ වේ, වසර බොහෝ ගණනක් වූ වැසිකිලිවළක් සෙයින් පිරිසුදු කළ නොහැක්කේ වේ, සොහොන් පෙනෙල්ලක් සෙයින් (ගිහිපැවිදි) දෙපසින්ම බැහැරියෙක් වේ. ගවරැළක් පසුපස යන කොටළුවෙකු සෙයින් භික්‍ෂුවක් ලෙස පෙනීසිටින භික්‍ෂු ප්‍රතිරූපකයෙක්ම වේ, සියල්ලන්ම සතුරුවූවෙකු සෙයින් නිරතුරු තැති ගත්තෙක් වේ, මළසිරුරක් සෙයින් ඇසුරු කරනු නොසුදුස්සෙක් වේ, බ්‍රාහ්මණයන්හට සොහොන් ගින්නක් සෙයින් සබ්‍රම්සරුන් විසින් පුදනු ලැබීමට නොසුදුස්සෙක් වේ, රූපදර්ශනයෙහි අන්‍ධයෙකු සෙයින් විශේෂාධිගමයට නොසුදුස්සෙක් වේ, රාජ්‍ය විෂයෙහි සැඩොල් දරුවෙකු සෙයින් සද්ධර්ම විෂයෙහි අපේක්‍ෂා නැත්තෙක් වෙයි, සැප ඇත්තෙක්මි’යි හඟිනුයේ නමුදු අග්ගික්ඛන්‍ධ පරියායෙහි කියනලද දුක් අනුභව කරන්නෙකු වන හෙයින් දුක්ඛිතයෙක්ම වේ,

දුස‍්සීලානඤ‍්හි පඤ‍්චකාමගුණපරිභොගවන්‍දනමානනාදිසුඛස‍්සාදගධිතචිත‍්තානං තප‍්පච‍්චයං අනුස‍්සරණමත‍්තෙනාපි හදයසන‍්තාපං ජනයිත්‍වා උණ‍්හලොහිතුග‍්ගාරප‍්පවත‍්තනසමත්‍ථං අතිකටුකං දුක‍්ඛං දස‍්සෙන‍්තො සබ‍්බාකාරෙන පච‍්චක‍්ඛකම‍්මවිපාකො භගවා ආහ –

පස්කම්සැප වැළදීමෙහිද, වැඳුම් පිදුම් ලැබීමේ සුවයෙහිද, ගිජුවූ සිත් ඇති දුශ්ශීලයන්හට ඒ හේතුවෙන් සිහිකිරීම් පමණෙකින් වුවද, හෘදයසන්තාපය උපදවා හුණු ලේ වමනය කරවනු සමත් ඉතා කටුක දුක් ගෙනහැර දක්වමින්, සියලු ආකාරයෙන් කර්ම විපාකයන් ප්‍රත්‍යක්‍ෂ කරවූ භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළහ:

“පස‍්සථ නො තුම‍්හෙ, භික‍්ඛවෙ, අමුං මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූත’න‍්ති? එවං, භන‍්තෙති. තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං අමුං මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං ආලිඞ‍්ගෙත්‍වා උපනිසීදෙය්‍ය වා උපනිපජ‍්ජෙය්‍ය වා, යං ඛත‍්තියකඤ‍්ඤං වා බ්‍රාහ‍්මණකඤ‍්ඤං වා ගහපතිකඤ‍්ඤං වා මුදුතලුනහත්‍ථපාදං ආලිඞ‍්ගෙත්‍වා උපනිසීදෙය්‍ය වා උපනිපජ‍්ජෙය්‍ය වාති. එතදෙව, භන‍්තෙ, වරං යං ඛත‍්තියකඤ‍්ඤං වා…පෙ… උපනිපජ‍්ජෙය්‍ය වා. දුක‍්ඛං හෙතං, භන‍්තෙ, යං අමුං මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං…පෙ… උපනිපජ‍්ජෙය්‍ය වාති. ආරොචයාමි වො, භික‍්ඛවෙ, පටිවෙදයාමි වො, භික‍්ඛවෙ, යථා එතදෙව තස‍්ස වරං දුස‍්සීලස‍්ස පාපධම‍්මස‍්ස අසුචිසඞ‍්කස‍්සරසමාචාරස‍්ස පටිච‍්ඡන‍්නකම‍්මන‍්තස‍්ස අස‍්සමණස‍්ස සමණපටිඤ‍්ඤස‍්ස අබ්‍රහ‍්මචාරිස‍්ස බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤස‍්ස අන‍්තොපූතිකස‍්ස අවස‍්සුතස‍්ස කසම‍්බුජාතස‍්ස යං අමුං මහන‍්තං අග‍්ගික‍්ඛන්‍ධං…පෙ… උපනිපජ‍්ජෙය්‍ය වා. තං කිස‍්ස හෙතු? තතොනිදානං හි සො, භික‍්ඛවෙ, මරණං වා නිගච‍්ඡෙය්‍ය මරණමත‍්තං වා දුක‍්ඛං, න ත්‍වෙව තප‍්පච‍්චයා කායස‍්ස භෙදා පරං මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපජ‍්ජෙය්‍යා”ති (අ· නි· 7.72).

‘මහණෙනි, ඇවිල ගිනිගෙන දිලිසෙන ගිනිදැල් සහිත තෙල මහගිනිකඳ තෙපි දක්නහුද?’ ‘එසේය ස්වාමීනි, දක්නමෝය’. ‘මහණෙනි, එය කුමකැයි හඟිවුද? ඇවිල ගිනිගෙන දිළිසෙන ගිනි සහිත තෙල මහගිනිකඳ වැළඳගෙන හිඳීම හෝ වැදහෙවීමද, නැතහොත් මුදු මොලොක් සිවුමැලි අත්පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැළඳගෙන හිඳීම හෝ වැදහෙවීමදැයි යන මෙදෙකින් කුමක් වඩා හොඳද?’ ‘ස්වාමීනි, -පෙ-ක්‍ෂත්‍රිය කන්‍යාවක හෝ-පෙ-ගෘහපති කන්‍යාවක හෝ වැළඳගෙන හිඳීම හෝ වැදහෙවීමය යන මෙයම වඩා හොඳය, ස්වාමීනි,-පෙ-මහ ගිනි කඳ වැළඳගෙන හිඳීම හෝ වැද හෙවීමය යන මෙය දුකකි, ‘මහණෙනි, තොපට හඟවමි, මහණෙනි තොපට දන්වමි, පාපී ස්වභාව ඇති අපිරිසුදු කායවාක් කර්ම ඇති, සැක කටයුතු පැවතුම් ඇති, සැඟවුණු ක්‍රියා ඇති, ශ්‍රමණයෙක්මියි පෙනීසිටින නමුදු අශ්‍රමණයකු වූ, බ්‍රහ්මචාරියෙකු ලෙස පෙනී සිටින නමුදු අබ්‍රහ්මචාරියෙකුවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන කෙලෙස්මල ඇති, කසල ගොඩක් වැනිවූ දුශ්ශීලයාහට තෙල මහ ගිනිකඳ-පෙ-වැළඳගෙන හිඳීම හෝ වැදහෙවීමය යන මෙයම වඩා හොඳය, කවර හෙයින්දයත්, මහණෙනි, ඒ හේතුවෙන් මරණයට හෝ මරණය හා සමාන දුකකට හෝ පැමිණේ, ඒ හේතුවෙන් කය බිඳවැටීමෙන්, මරණින් මතු, අපායෙහි, දුගතියෙහි, විනිපාතයෙහි, නිරයෙහි නොඋපදියි, මහණෙනි, කසල ගොඩක් වැනිවූ -පෙ-ඒ දුශ්ශීල තෙමේ ක්‍ෂත්‍රිය කන්‍යාවක හෝ-පෙ-වැළඳගෙන හිඳීම හෝ වැදහෙවීම හෝ කෙරේද, මහණෙනි, එය වනාහි ඒ දුශ්ශීලයාහට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස, හේතු වන්නේය, කය බිඳීමෙන් මරණින් මතු, අපායෙහි, දුගතියෙහි, විනිපාතයෙහි, නිරයෙහි උපදී’

එවං අග‍්ගික‍්ඛන්‍ධුපමාය ඉත්‍ථිපටිබද‍්ධපඤ‍්චකාමගුණපරිභොගපච‍්චයං දුක‍්ඛං දස‍්සෙත්‍වා එතෙනෙව උපායෙන –

මෙසේ ගිනි කඳක් උපමා කොට ස්ත්‍රීන් පිළිබඳ වූ පංචකාමගුණපරිභෝගය හේතුකොට ඇතිවන දුක් ගෙනහැර දක්වා මෙම නියායෙන්ම:

“තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො දළ‍්හාය වාළරජ‍්ජුයා උභො ජඞ‍්ඝා වෙඨෙත්‍වා ඝංසෙය්‍ය, සා ඡවිං ඡින්‍දෙය්‍ය, ඡවිං ඡෙත්‍වා චම‍්මං ඡින්‍දෙය්‍ය, චම‍්මං ඡෙත්‍වා මංසං ඡින්‍දෙය්‍ය, මංසං ඡෙත්‍වා න‍්හාරුං ඡින්‍දෙය්‍ය, න‍්හාරුං ඡෙත්‍වා අට‍්ඨිං ඡින්‍දෙය්‍ය, අට‍්ඨිං ඡෙත්‍වා අට‍්ඨිමිඤ‍්ජං ආහච‍්ච තිට‍්ඨෙය්‍ය, යං වා ඛත‍්තියමහාසාලානං වා බ්‍රාහ‍්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අභිවාදනං සාදියෙය්‍යා”ති ච.

‘මහණෙනි, එය කුමකැයි හඟිවුද? බලවත් පුරුෂයෙක් තෙමේ යමෙකු දළ ලොම් රැහැණෙකින් කෙණ්ඩා දෙක වෙලා පෙළයිද, එවිට ඒ රැහැණ සිවිය සිඳියි, සිවිය සිඳගෙන සම සිඳියි, සම සිඳගෙන මස් සිඳියි. මස් සිඳගෙන නහර සිදියි, නහර සිඳගෙන ඇට සිදියි, ඇට සිඳගෙන ඇටමිදුලු තුළට වැඳ සිටියි, එසේ කරනු ලැබීමද, ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහසාරයන්ගේ හෝ වැඳුම්පිදුම් ඉවසීමදැයි යන මෙදෙකින් කුමක් වඩා හොදදැ’යිද

“තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො තිණ‍්හාය සත‍්තියා තෙලධොතාය පච‍්චොරස‍්මිං පහරෙය්‍ය, යං වා ඛත‍්තියමහාසාලානං වා බ්‍රාහ‍්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා අඤ‍්ජලිකම‍්මං සාදියෙය්‍යා”ති ච.

‘මහණෙනි, එය කුමකැයි හඟිවුද? බලවත් පුරුෂයෙක් තෙමේ තෙල්ගලෙහි මුවහත් තබනලද තියුණු සැතෙකින් ළමැද පහරනුයේද, ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ ඇඳිලි බැඳීම ඉවසනුයේදැ’යි යන මේ දෙකින් කුමක් වඩා හොදදැ’යිද

“තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො තත‍්තෙන අයොපට‍්ටෙන ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන කායං සම‍්පලිවෙඨෙය්‍ය, යං වා ඛත‍්තියමහාසාලානං වා බ්‍රාහ‍්මණමහාසාලානං වා ගහපතිමහාසාලානං වා සද‍්ධාදෙය්‍යං චීවරං පරිභුඤ‍්ජෙය්‍යා”ති ච.

[missing trans]

“තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො තත‍්තෙන අයොසඞ‍්කුනා ආදිත‍්තෙන සම‍්පජ‍්ජලිතෙන සජොතිභූතෙන මුඛං විවරිත්‍වා තත‍්තං ලොහගුළං ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං මුඛෙ පක‍්ඛිපෙය්‍ය, තං තස‍්ස ඔට‍්ඨම‍්පි ඩහෙය්‍ය, මුඛම‍්පි, ජිව‍්හම‍්පි, කණ‍්ඨම‍්පි, උදරම‍්පි ඩහෙය්‍ය, අන‍්තම‍්පි අන‍්තගුණම‍්පි ආදාය අධොභාගං නික‍්ඛමෙය්‍ය, යං වා ඛත‍්තිය… බ්‍රාහ‍්මණ… ගහපතිමහාසාලානං වා සද‍්ධාදෙය්‍යං පිණ‍්ඩපාතං පරිභුඤ‍්ජෙය්‍යා”ති ච.

[missing trans]

“තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො සීසෙ වා ගහෙත්‍වා ඛන්‍ධෙ වා ගහෙත්‍වා තත‍්තං අයොමඤ‍්චං වා අයොපීඨං වා ආදිත‍්තං සම‍්පජ‍්ජලිතං සජොතිභූතං අභිනිසීදාපෙය්‍ය වා අභිනිපජ‍්ජාපෙය්‍ය වා, යං වා ඛත‍්තිය… බ්‍රාහ‍්මණ… ගහපතිමහාසාලානං වා සද‍්ධාදෙය්‍යං මඤ‍්චපීඨං පරිභුඤ‍්ජෙය්‍යා”ති ච.

[missing trans]

“තං කිං මඤ‍්ඤථ, භික‍්ඛවෙ, කතමං නු ඛො වරං යං බලවා පුරිසො උද‍්ධංපාදං අධොසිරං ගහෙත්‍වා තත‍්තාය අයොකුම‍්භියා පක‍්ඛිපෙය්‍ය ආදිත‍්තාය සම‍්පජ‍්ජලිතාය සජොතිභූතාය , සො තත්‍ථ ඵෙණුද‍්දෙහකං පච‍්චමානො සකිම‍්පි උද‍්ධං ගච‍්ඡෙය්‍ය, සකිම‍්පි අධො ගච‍්ඡෙය්‍ය, සකිම‍්පි තිරියං ගච‍්ඡෙය්‍ය, යං වා ඛත‍්තිය… බ්‍රාහ‍්මණ… ගහපතිමහාසාලානං වා සද‍්ධාදෙය්‍යං විහාරං පරිභුඤ‍්ජෙය්‍යා”ති චාති (අ· නි· 7.72).

‘මහණෙනි, එය කුමකැයි හඟිවුද? බලවත් පුරුෂයෙක්තෙමේ ඇවිලි ගිනිගෙන දිලියෙන ගිනිසහිත රත්වූ ලොහො කුම්භය බහාලනුයේද, ඒ තෙමේ පෙණ නැගෙමින් පැසෙනුයේ, වරෙක උඩ එනුයේ වරෙක යට යනුයේ වරෙක හරහට යනුයේද, ක්‍ෂත්‍රිය-පෙ-මහාසාරයන් සැදැහැයෙන් දුන් විහාරය පරිභෝග කරනුයේදැයි යන මෙදෙකින් කුමක් වඩා හොඳදැ’යිද, යන

ඉමාහි වාළරජ‍්ජුතිණ‍්හසත‍්තිඅයොපට‍්ටඅයොගුළඅයොමඤ‍්චඅයොපීඨඅයොකුම‍්භීඋපමාහි අභිවාදනඅඤ‍්ජලිකම‍්මචීවරපිණ‍්ඩපාතමඤ‍්චපීඨවිහාරපරිභොගපච‍්චයං දුක‍්ඛං දස‍්සෙසි. තස‍්මා –

මේ ලොම්රැ හැන්, තියුණු සැත්, යපට, ලොහොගුලි ලොහො යහන්, ලොහොපුටු, ලොහොකුඹුය යන උපමාවන්ගෙන් වැඳුම්, ඇඳිලි බැඳීම්, සිවුරු පිණ්ඩපාත, ඇඳපුටු විහාර පරිභෝගයෙන් ඇතිවන දුක් ගෙනහැර දැක්වූහ. එහෙයින්

අග‍්ගික‍්ඛන්‍ධාලිඞ‍්ගනදුක‍්ඛාධිකදුක‍්ඛකටුකඵලං; අවිජහතො කාමසුඛං, සුඛං කුතො භින‍්නසීලස‍්ස.

අග්ගික්‍ඛන්‍ධාලිංගන-දුක්‍ඛාතිදුක්‍ඛකටුකඵලං, අවිජහතො කාමසුඛං සුඛං කුතො භින්නසීලස්ස.

අභිවාදනසාදියනෙ , කිං නාම සුඛං විපන‍්නසීලස‍්ස; දළ‍්හවාළරජ‍්ජුඝංසනදුක‍්ඛාධිකදුක‍්ඛභාගිස‍්ස.

අභිවාදනසාදියනෙ කිං නාම සුඛං විපන්නසීලස්ස දළ්හවාළරජ්ජුඝංසන-දුක්‍ඛාතිදුක්‍ඛභාගිස්ස

සද‍්ධානමඤ‍්ජලිකම‍්මසාදියනෙ කිං සුඛං අසීලස‍්ස; සත‍්තිප‍්පහාරදුක‍්ඛාධිමත‍්තදුක‍්ඛස‍්ස යංහෙතු.

සද්ධානමඤ්ජලිකම්මසාදියනෙ කිං සුඛං අසීලස්ස සත්තිප්පහාරදුක්‍ඛාධිමත්තදුක්‍ඛස්ස යං හෙතු

චීවරපරිභොගසුඛං, කිං නාම අසංයතස‍්ස; යෙන චිරං අනුභවිතබ‍්බො, නිරයෙ ජලිතඅයොපට‍්ටසම‍්ඵස‍්සො.

චීවරපරිභොගසුඛං කිං නාම අසඤ්ඤතස්ස, යෙන චිරං අනුභවිතබ්බා නිරයෙ ජලිත-අයොපට්ටසම්ඵස්සා

මධුරොපි පිණ‍්ඩපාතො, හලාහලවිසූපමො අසීලස‍්ස; ආදිත‍්තා ගිලිතබ‍්බා, අයොගුළා යෙන චිරරත‍්තං.

මධුරොපි පිණ්ඩපාතො හළාහළවිසූපමො අසීලස්ස ආදිත්තා ගිළිතබ්බා අයොගුළා යෙන චිරරත්තං

සුඛසම‍්මතොපි දුක‍්ඛො, අසීලිනො මඤ‍්චපීඨපරිභොගො; යං බාධිස‍්සන‍්ති චිරං, ජලිතඅයොමඤ‍්චපීඨානි.

සුඛසම්මතොපි දුක්‍ඛො අසීලිනො මඤ්චපීඨපරිභොගො යං බාධිස්සන්ති චිරං ජලිත -අයොමඤ්ච පීඨානි

දුස‍්සීලස‍්ස විහාරෙ, සද‍්ධාදෙය්‍යම‍්හි කා නිවාස රති; ජලිතෙසු නිවසිතබ‍්බං, යෙන අයොකුම‍්භිමජ‍්ඣෙසු.

දුස්සීලස්ස විහාරෙ සද්ධාදෙය්‍යමපි කා නිවාසරති, ජලිතෙසු නිවසිතබ්බං යෙන අයොකුම්භිමජ්ඣෙසු

සඞ‍්කසරසමාචාරො, කසම‍්බුජාතො අවස‍්සුතො පාපො; අන‍්තොපූතීති ච යං, නින්‍දන‍්තො ආහ ලොකගරු.

සඞ්කස්සරසමාචාරො කසම්බුජාතො අවස්සුතො පාපො අන්තොපූතිති ච යං නින්‍දන්තො ආහ ලොකගරු

ධී ජීවිතං අසඤ‍්ඤතස‍්ස, තස‍්ස සමණජනවෙසධාරිස‍්ස; අස‍්සමණස‍්ස උපහතං, ඛතමත‍්තානං වහන‍්තස‍්ස.

ධිජ්ජිවිතං අධඤ්ඤස්ස තස්ස සමණාන වෙසධාරිස්ස අස්සමණස්ස උපහතං ඛතමත්තානං වහන්තස්ස

ගූථං විය කුණපං විය, මණ‍්ඩනකාමා විවජ‍්ජයන‍්තීධ; යං නාම සීලවන‍්තො, සන‍්තො කිං ජීවිතං තස‍්ස.

ගූථං විය කුණපං විය මණ්ඩනකාමා විවජ්ජයන්තීධ යං නාම සීලවන්තො සන්තො කිං ජීවිතං තස්ස

සබ‍්බභයෙහි අමුත‍්තො, මුත‍්තො සබ‍්බෙහි අධිගමසුඛෙහි; සුපිහිතසග‍්ගද‍්වාරො, අපායමග‍්ගං සමාරූළ‍්හො.

සබ්බභයෙහි අමුත්තො මුත්තො සබ්බෙහි අධිගමසුඛෙහි සුපිහිතසග්ගද්වාරො අපායමග්ගං සමාරූළ්හො

කරුණාය වත්‍ථුභූතො, කාරුණිකජනස‍්ස නාම කො අඤ‍්ඤො; දුස‍්සීලසමො දුස‍්සී, ලතාය ඉති බහුවිධා දොසාති.

කරුණාය වත්‍ථුභූතො කාරුණිකජනස්ස නාම කො අඤ්ඤො දුස්සීලසමො දුස්සීලතාය ඉති බහුවිධාපි දොසාති

ගිනි කඳක් වැළඳගත් විට හටගන්නා දුකට වැඩි දුකක් ගෙනදෙන කටුක පල ඇති කම්සැපත නොහරනා බිඳුණු සිල් ඇත්තාහට සැපතක් කොයින්ද?

වැඳුම් පිදුම් ඉවසීමෙහිදී දුශ්ශීලයාහට කවර නම් සැපතක්ද? දළලොම් රැහැනෙකින් පෙළීමේදී වන දුකට වැඩි දුකකට බඳුන් වන්නේද, එහෙයිනි.

සැදැහැතියන්ගේ ඇඳිලි බැඳීම් ඉවසීමේදී දුශ්ශීලයාහට කවර සැපයක්ද? යම් ඇඳිලිබැඳීමක් සැත් පහරකින් ලැබෙන දුකට වැඩි දුකකට හේතුවන්නේද, එහෙයිනි.

නොදැමුණ පුද්ගලයාගේ සිවුරු පරිභෝගයෙහි කවරනම් සුවයෙක්ද? එම සිවුරු පරිභෝගය හේතුකොටගෙන නිරයෙහි බොහෝ කලක් ගිනිගෙන දිලිසෙන යපටෙහි පහස අනුභව කළයුතුවන හෙයිනි.

මිහිරිවූද පිණ්ඩපාතය දුශ්ශීලයාහට හළාහළ විෂක් හා සමානය, එම පිණ්ඩපාතය හේතුකොටගෙන බොහෝ කලක් ඇවිලෙන යගුළි ගිලියයුතු වන හෙයිනි.

දුශ්ශීලයාගේ ඇඳ පුටු පරිභෝගය සැපතකැයි සම්මතවූයේ නමුදු දුකකි. ගිනිගෙන දිලිසෙන යමුවා ඇඳපුටු බොහෝ කලක් ඔහු පෙළන හෙයිනි.

දුශ්ශීලයාහට ශ්‍රද්ධාවෙන් දෙනු ලබන විහාරයෙහි වාසය කිරීමේ කවර සුවයෙක්ද? යම් විහාරයක් හේතුකොටගෙන ගිනිගෙන දිලිසෙන ය-කුඹු මැද විසියයුතුවන හෙයිනි.

යම් පුද්ගලයකු ගරහමින් (ඕහට) ලෝකගුරු වූ භාග්‍යවතුන්වහන්සේ සැකකටයුතු පැවතුම් ඇත්තෙකැයිද, කසල ගොඩකැයිද, වැගිරෙන කෙලෙස් ඇත්තෙකැයිද, පවිටෙකැයිද, ඇතුළත කුණු වූවෙකැයිද පැවසුහු නම්,

පිනෙන් පිරිහුණ, ශ්‍රමණ වේශධාරී, අශ්‍රමණවූ, චරිතය නසාගත්, උපුටා දමන ලද ආත්මයක් දරන ඔහුගේ ජීවිතයට නින්‍දා වේවා.

මේ ලෝකයෙහි විලොවුන් ආදියෙන් සැරසී සිටීමට කැමති ජනයා අහිතු හෝ මළකුණු හෝ දුරින් දුරු කරන්නා සේ සිල්වත් සත්පුරුෂ ජනයා යම් පුද්ගලයෙකු දුරු කෙරෙත්ද, ඔහුගේ ජීවිතයෙහි ඵලය කුමක්ද?

සියලු බියෙන් නොමිදුණ, සියලු අධිගම සුවයෙන් ගිලිහුණ, සගදොර වසාගත් අවාමගට බැසගත්,

දුශ්ශීලයා තරම් අන් කවරෙක්නම් කාරුණික ජනයාගේ කරුණාවට බඳුන් වියයුතුවේද? මෙසේ දුසිල් බවෙහි දොස් බොහෝය.

එවමාදිනා පච‍්චවෙක‍්ඛණෙන සීලවිපත‍්තියං ආදීනවදස‍්සනං වුත‍්තප‍්පකාරවිපරීතතො සීලසම‍්පත‍්තියා ආනිසංසදස‍්සනඤ‍්ච වෙදිතබ‍්බං. අපිච –

මේ ආදී වශයෙන් මෙනෙහි කිරීමෙන් ශීලවිපත්තියෙහි ආදීනව දැකීමද කියන ලද ආකාරයට ප්‍රතිපක්‍ෂ ආකාරයෙන් ශීලසම්පත්තියෙහි ආනිශංස දැකීමද වෙතැයි දතයුතුය. තවද:

තස‍්ස පාසාදිකං හොති, පත‍්තචීවරධාරණං; පබ‍්බජ‍්ජා සඵලා තස‍්ස, යස‍්ස සීලං සුනිම‍්මලං.

තස්ස පාසාදිකං හොති පත්තචීවරධාරණං පබ්බජ්ජා සඵලා තස්ස යස්ස සීලං සුනිම්මලං

අත‍්තානුවාදාදිභයං, සුද‍්ධසීලස‍්ස භික‍්ඛුනො; අන්‍ධකාරං විය රවිං, හදයං නාවගාහති.

අත්තානුවාදාදිභයං සුද්ධසීලස්ස භික්‍ඛුනො අන්‍ධකාරං විය රවිං හදයං නාවගාහති,

සීලසම‍්පත‍්තියා භික‍්ඛු, සොභමානො තපොවනෙ; පභාසම‍්පත‍්තියා චන්‍දො, ගගනෙ විය සොභති.

සීලසම්පත්තියා භික්‍ඛු සොභමානො තපොවනෙ පහාසම්පත්තියා චන්‍දො ගගතෙ විය සොභති

කායගන්‍ධොපි පාමොජ‍්ජං, සීලවන‍්තස‍්ස භික‍්ඛුනො; කරොති අපි දෙවානං, සීලගන්‍ධෙ කථාව කා.

කායගන්‍ධොපි පාමොජ්ජං සීලවන්තස්ස භික්‍ඛුනො කරොති අපි දෙවානං සීලගන්‍ධෙ කථා’ව කා

සබ‍්බෙසං ගන්‍ධජාතානං, සම‍්පත‍්තිං අභිභුය්‍යති; අවිඝාතී දිසා සබ‍්බා, සීලගන්‍ධො පවායති.

සබ්බෙසං ගන්‍ධජාතානං සම්පත්තිං අභිභුය්‍යහි අවිඝාතී දසදිසා සීලගන්‍ධො පවායති.

අප‍්පකාපි කතා කාරා, සීලවන‍්තෙ මහප‍්ඵලා; හොන‍්තීති සීලවා හොති, පූජාසක‍්කාරභාජනං.

අප්පකාපි කතා කාරා සීලවන්තෙ මහප්ඵලා හොන්තීති සීලවා හොති පූජාසක්කාරභාජනං

සීලවන‍්තං න බාධන‍්ති, ආසවා දිට‍්ඨධම‍්මිකා; සම‍්පරායිකදුක‍්ඛානං, මූලං ඛනති සීලවා.

සීලවන්තං න බාධෙන්ති ආසවා දිට්ඨධම්මිකා සමපරායිකදුක්‍ඛානං මූලං ඛණති සීලවා

යා මනුස‍්සෙසු සම‍්පත‍්ති, යා ච දෙවෙසු සම‍්පදා; න සා සම‍්පන‍්නසීලස‍්ස, ඉච‍්ඡතො හොති දුල‍්ලභා.

යා මනුස්සෙසු සම්පත්ති යා ච දෙවෙසු සම්පදා න සා සම්පන්නසීලස්ස ඉච්ඡතො හොති දුල්ලභා

අච‍්චන‍්තසන‍්තා පන යා, අයං නිබ‍්බානසම‍්පදා; මනො සම‍්පන‍්නසීලස‍්ස, තමෙව අනුධාවති.

අච්චන්තසන්තා පන යා අයං නිබ්බාණසම්පදා මනො සම්පන්නසීලස්ස තමෙව අනුධාවති

සබ‍්බසම‍්පත‍්තිමූලම‍්හි , සීලම‍්හි ඉති පණ‍්ඩිතො; අනෙකාකාරවොකාරං, ආනිසංසං විභාවයෙති.

සබ්බ සම්මපත්තිමූලම්භි සීලම්හි ඉති පණ්ඩිතො අනෙකාකාරවොකාරං ආනිසංසං විභාවයෙ’ති

එවඤ‍්හි විභාවයතො සීලවිපත‍්තිතො උබ‍්බිජ‍්ජිත්‍වා සීලසම‍්පත‍්තිනින‍්නං මානසං හොති. තස‍්මා යථාවුත‍්තං ඉමං සීලවිපත‍්තියා ආදීනවං ඉමඤ‍්ච සීලසම‍්පත‍්තියා ආනිසංසං දිස‍්වා සබ‍්බාදරෙන සීලං වොදාපෙතබ‍්බන‍්ති.

මේ ආකාරයෙන් විභාවනා කරන්නහුට වනාහි ශීලවිපත්තිය ගැන කලකිරීමෙන් ශීලසම්පත්තිය වෙත නැඹුරු වූ මනසක් ඇතිවේ එහෙයින් මෙසේ කියන ලද ශීල විපත්තිය පිළිබඳ වූ මේ ආදීනවයන්ද ශීලසම්පත්තිය පිළිබඳවූ මේ ආනිසංශයන්ද දැක සියලු ආදර සැලකිලි සහිතව ශීලය පිරිසුදු කරගත යුතුය.

එත‍්තාවතා ච “සීලෙ පතිට‍්ඨාය නරො සපඤ‍්ඤො”ති ඉමිස‍්සා ගාථාය සීලසමාධිපඤ‍්ඤාමුඛෙන දෙසිතෙ විසුද‍්ධිමග‍්ගෙ සීලං තාව පරිදීපිතං හොති.

මෙතෙකින් ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො’ යන ආදී මෙම ගාථාවෙහි ශීල සමාධි ප්‍රඥා යන මාතෘකා අනුව දේශනා කරන ලද විශුද්ධිමාර්ගයෙහි ශීලය පළමුකොට දක්වන ලද්දේය.

ඉති සාධුජනපාමොජ‍්ජත්‍ථාය කතෙ විසුද‍්ධිමග‍්ගෙ සීලනිද‍්දෙසො නාම පඨමො පරිච‍්ඡෙදො.

සාධුජන ප්‍රමෝදය පිණිස කරන ලද විශුද්ධිමාර්ගයෙහි ශීලනිර්දේශ නම්වූ ප්‍රථම පරිච්ඡේදය මෙතෙකින් නිමියේය.