19-24. පච්චනීයානුලොමපට්ඨානවණ්ණනා අට්ඨකථා
19-24. පච්චනීයානුලොමපට්ඨානවණ්ණනා
19-24. පච්චනීයානුලෝම පට්ඨාන වර්ණනාව
ඉදානි කුසලාදීසු ධම්මෙසු පච්චයධම්මං පටික්ඛිපිත්වා පච්චයුප්පන්නස්ස කුසලාදිභාවං අප්පටික්ඛෙපවසෙන ධම්මානං පච්චනීයානුලොමතාය ලද්ධනාමං පච්චනීයානුලොමපට්ඨානං දස්සෙතුං නකුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයාතිආදි ආරද්ධං. තත්ථ නකුසලං ධම්මං පටිච්චාති කුසලස්ස පච්චයභාවං වාරෙති. අකුසලො ධම්මො උප්පජ්ජතීති අකුසලස්ස උප්පත්තිං අනුජානාති. නකුසලඤ්හි අකුසලං අබ්යාකතං වා, තඤ්ච සහජාතපච්චයං කත්වා උප්පජ්ජමානො කුසලො නාම නත්ථි, තස්මා අකුසලාබ්යාකතවසෙන දෙසනා කතා. තත්ථ “අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා”ති එවං නකුසලං ධම්මං පටිච්ච විස්සජ්ජනං වෙදිතබ්බං. අබ්යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයාති අයං පන පඤ්හො “විපාකාබ්‍යාකතං කිරියාබ්‍යාකතං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා චිත්තසමුට්ඨානඤ්ච රූප”න්ති විස්සජ්ජිතොව. ඉති සබ්බපඤ්හෙසු අවිස්සජ්ජිතස්ස අත්‍ථානුරූපං විස්සජ්ජිතස්ස ච පාළිආගතමෙව විස්සජ්ජනං. එකෙකස්මිඤ්ච තිකදුකෙ වාරප්පභෙදපච්චයගණනවිධානං සබ්බං හෙට්ඨා වුත්තනයානුසාරෙනෙව වෙදිතබ්බං.
දැන් කුසලාදි ධර්මවල පච්චය ධර්ම ප්‍රතික්ෂේප කොට පච්චයුප්පන්නයෝ කුසලාදිභාවය ප්රතික්ෂෙප නොකිරීම් වශයෙන් ධර්මයන්ගේ පච්චනීයානුලෝමතාවෙන් පච්චනීයානුලෝම පට්ඨානය දැක්වීමට න කුසලං ධම්මං පටිච්ච අකුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා යනාදිය අරඹන ලදි. එහි න කුසලං ධම්මං පටිච්ච කුසලයේ පච්චයභාවය වළක්වයි. අකුසලො ධම්මො උප්පජ්ජති අකුසලයේ උපත අනුදනී. න කුසලය අකුසලය අබ්‍යාකතය හෝ, එය ද සහජාත පච්චය කොට උපදිනු ලබන කුසලයක් නම් නැත. එහෙයින් අකුසල අබ්‍යාකත වශයෙන් දේශනා කරන ලදි. එහි අකුසලං එකං ඛන්ධං පටිච්ච තයො ඛන්ධා න කුසල ධර්මය නිසා විසඳුම දතයුතුය. අබ්යාකතො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා මේ ප්රශ්නය වනාහි විපාකාබ්යාකතය, කිරියාබ්යාකත එක ස්කන්ධයක් නිසා ස්කන්ධ තුන චිත්ත සමුට්ඨාන රූපයද යයි විසඳන ලදි. මෙසේ සියළු නො විසඳුණු ප්රශ්නවල අර්ථයට අනුරූපව විසඳුම විසඳන ලද්ද ද පෙළෙහි ආ ලෙසම විසඳීම. තික දුකේ එක එකෙහි වාර ප්‍රභේද පච්චය ගණන විධානය යන සියල්ල යට කියන ලද අනුසාරයෙන් දතයුතුය.
එත්තාවතා ච –
මෙපමණකින් ද
තිකඤ්ච පට්ඨානවරං දුකුත්තමං, දුකං තිකඤ්චෙව තිකං දුකඤ්ච; තිකං තිකඤ්චෙව දුකං දුකඤ්ච, ඡ පච්චනීයානුලොමම්හි නයා සුගම්භීරාති. –
‘පට්ඨාන’ තික’තුම් - දුක’තුම් දුකතික ද යන තික දුක ද තික තික - දුක දුක ද යන මේ සය පසනිය අනුලොම්හි - සුගැඹුරු නයයි දන්නේ
අට්ඨකථායං වුත්තගාථාය දීපිතා. ධම්මපච්චනීයානුලොමපට්ඨානෙ ඡ නයා නිද්දිට්ඨා හොන්ති. පච්චයවසෙන පනෙත්ථ එකෙකස්මිං පට්ඨානෙ අනුලොමාදයො චත්තාරො චත්තාරො නයාති එකෙන පරියායෙන චතුවීසතිනයපටිමණ්ඩිතං පච්චනීයානුලොමපට්ඨානඤ්ඤෙව වෙදිතබ්බං.
අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්ම පච්චනීය අනුලෝම පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝමාදිය එක් පරියායකින් සතර සතර නය යයි සූවිසි නය ප්‍රතිමණ්ඩිත පච්චනීයානුලෝම පට්ඨානයම දතයුතුය.
පච්චනීයානුලොමපට්ඨානවණ්ණනා.
පච්චනීයානුලෝම පට්ඨාන වර්ණනාව නිමි.
එවං ධම්මානුලොමාදිවසෙන චතූසු වාරෙසු එකෙකස්මිං චතුවීසතියා චතුවීසතියා නයානං වසෙන ඡන්නවුති නයා හොන්ති. තත්ථ පච්චයනයෙ අග්ගහෙත්වා එකෙකස්මිං පට්ඨානෙ තිකදුකාදීනඤ්ඤෙව ඡන්නං ඡන්නං නයානං වසෙනෙතං චතුවීසතිනයපටිමණ්ඩිතං සමන්තපට්ඨානමහාපකරණං වෙදිතබ්බං. කෙචි පන “කුසලාරම්මණො ධම්මො අකුසලාරම්මණො ධම්මො”තිආදිනා නයෙන ආරම්මණමාතිකං නාම ඨපෙත්වා “කුසලාරම්මණො ධම්මො කුසලාරම්මණස්ස ධම්මස්ස හෙතුපච්චයෙන පච්චයො”තිආදිනා නයෙන ආරම්මණපට්ඨානං නාම දස්සෙත්වා අපරම්පි ඵස්සාදීනං වසෙනපි ඵස්සපට්ඨානං නාම උද්ධරිත්වා දස්සෙන්ති. තං නෙව පාළියං න අට්ඨකථාසු සන්දිස්සතීති ඉධ න විචාරිතං. සඞ්ගීතිආරුළ්හපාළිවසෙනෙව පනෙත්ථ වණ්ණනා කතාති වෙදිතබ්බා.
මෙසේ ධම්මානුලෝමාදි වශයෙන් වාර සතරෙහි එක එකෙහි සූවිසි නය වශයෙන් නය සයානූවක් වේ. එහි පච්චය නය නොගෙන එක එක පට්ඨානයෙහි තික දුකාදීන්ගේම නය සය සය වශයෙන් සූවිසි නය ප්‍රතිමණ්ඩිත මේ සමස්ත පට්ඨාන ප්‍රකරණය දතයුතුය. කිසිවෙක් වනාහි ‘කුසලාරම්මණො ධම්මො අකුසලාරම්මණො ධම්මො’ (කුසල් අරමුණු දහම අකුසල අරමුණු ද) යනාදි නයින් ආරම්මණ මාතෘකා නම් තබා ‘කුසලාරම්මණ ධර්මය කුසලාරම්මණ ධර්මයට හේතු පච්චයෙන් පච්චය වේ’ යනාදි නයින් ආරම්මණ පට්ඨාන යයි දක්වා පසුව ඵස්සාදි වශයෙන් ද ඵස්ස පට්ඨානයයි උදුරා දක්වති. එය පෙළෙහි අටුවා කථාවල නො දක්නා ලැබේයයි මෙහි නො විචාරන ලදි. සංගීති ආරූඪ පෙළ වශයෙන් ම මෙහි වර්ණනා කරන ලදැයි දතයුතුය.
එත්තාවතා ච –
මෙපමණකින් -
සම්මූළ්හා යත්ථ පජා, තන්තාකුලාදිභාවමාපන්නා; නෙකවිධදුක්ඛගහනං, සංසාරං නාතිවත්තන්ති.
මුළා වූ ජනයා - ඒ කුලවලට පැමිණී නෙක දුක් ගහණ වූ - සසරින් නොම ගොඩවෙති
පච්චයභෙදෙ කුසලො, ලොකෙ ගරුතම්පි පච්චයාකාරං; අතිනිප්පුණගම්භීරං, ජවනබ්භූමිං බුද්ධඤාණස්ස.
පස් බේහි කුසල වූ - ලොවැ ගරු ඒ පස’යුරු අති නිපුණ ගැඹුරැති - ජවන් බිම්හි බුදුණැනේ
කුසලාදිධම්මභෙදං, නිස්සාය නයෙහි විවිධගණනෙහි; විත්ථාරෙන්තො සත්තම-මභිධම්මප්පකරණං සත්ථා.
කුසල් ඈ දම් මේ - නිසා නේ නය ගණනින් විස්තරන සත් - විදම් පකරණ මුනිඳුන්
සුවිහිතසන්නිට්ඨානො , පට්ඨානං නාම යං පකාසෙසි; සද්ධාය සමාරද්ධා, යා අට්ඨකථා මයා තස්ස.
සනිටුහන් කළ මනා - දෙසූ ‘පට්ඨානය’ නම් සැදැහැයෙන් ඇරඹූ - මවිසින් එයට අටුවා
ආචරියානං වාදං, අවිහාය විභජ්ජවාදිසිස්සානං; අතිබහුවිධන්තරායෙ, ලොකම්හි අනන්තරායෙන.
ඇදුරු මග නොහෙළා - සිසුනට ‘විභජ්ජවාදී’ බුහු අනතුරු ලොවේ - රහිතව කිසි අනතුරක්
සා එවං අජ්ජ කතා, චුද්දසමත්තෙහි භාණවාරෙහි; අත්ථං පකාසයන්තී, පට්ඨානවරස්ස සකලස්ස.
[missing trans]
සන්නිට්ඨානං පත්තා යථෙව නිට්ඨං තථා බහුජනස්ස; සම්පාපුණන්තු සීඝං, කල්යාණා සබ්බසඞ්කප්පා.
නිමාවට පත් සේ - බුහු දෙනෙතගෙ එසේ වේ පැමිණෙත්වා වහා - කලණ සියළු සිතිවිලි
එත්තාවතා –
මෙපමණකින්
සත්තප්පකරණං නාථො, අභිධම්මමදෙසයි; දෙවාතිදෙවො දෙවානං, දෙවලොකම්හි යං පුරෙ.
සත් පකරණ බුදුහු - බිදම් දෙසුවන පැණසර දෙවියනට දෙවි වූ - දෙව්ලොව පෙරදි සමතැස්
තස්ස අට්ඨකථා එසා, සකලස්සාපි නිට්ඨිතා; චිරට්ඨිතත්ථං ධම්මස්ස, නිට්ඨපෙන්තෙන තං මයා.
එහි අටුවාව මෙහි - හැමතින් නිමවිය මනා නිමවමින් එය මා - චිර පැවතුමට දහමේ
යං පත්තං කුසලං තස්ස, ආනුභාවෙන පාණිනො; සබ්බෙ සද්ධම්මරාජස්ස, ඤත්වා ධම්මං සුඛාවහං.
යම් කුසල් එහි විත් - ආනුභාවයෙන් සිතුනට සදහම් රජුගෙ මුළු - දහම් දැන සැප එලවන
පාපුණන්තු විසුද්ධාය, සුඛාය පටිපත්තියා; අසොකමනුපායාසං, නිබ්බානසුඛමුත්තමං.
සුව පිළිවෙතින් පිරි - සිදු බවට පැමිණෙත්වා අසෝ නොතැවුල් වන - උතුම් නිවනේ සුවයට
චිරං තිට්ඨතු සද්ධම්මො, ධම්මෙ හොන්තු සගාරවා; සබ්බෙපි සත්තා කාලෙන, සම්මා දෙවො පවස්සතු.
චිර කලක් සදහම් - පවතීවා ගරු ලබා සැම දෙනගෙන් මනා - කලටම වැසි වසීවා
යථා රක්ඛිංසු පොරාණා, සුරාජානො තථෙවිමං; රාජා රක්ඛතු ධම්මෙන, අත්තනොව පජං පජන්ති.
හොඳ රජවරුන් මෙය - රැකි ලෙසට පොරණේ වූ සුතනඹුවන් සේ තමා - දැහැමින් රකීවා රට
පට්ඨානප්පකරණ-අට්ඨකථා නිට්ඨිතා.
පට්ඨාන පකරණ අට්ඨකථා නිමි.
නිට්ඨිතා ච පඤ්චපකරණට්ඨකථාති.
නිගමනකථා
නිගමනකථා
පරමවිසුද්ධසද්ධාබුද්ධිවීරියපටිමණ්ඩිතෙන සීලාචාරජ්ජවමද්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන්තරගහනජ්ඣොගාහණසමත්ථෙන පඤ්ඤාවෙය්යත්තියසමන්නාගතෙන තිපිටකපරියත්තිප්පභෙදෙ සාට්ඨකථෙ සත්ථුසාසනෙ අප්පටිහතඤාණප්පභාවෙන මහාවෙය්යාකරණෙන කරණසම්පත්තිජනිතසුඛවිනිග්ගතමධුරොදාරවචනලාවණ්ණයුත්තෙන යුත්තමුත්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින්නපටිසම්භිදාපරිවාරෙ ඡළභිඤ්ඤාදිප්පභෙදගුණපටිමණ්ඩිතෙ උත්තරිමනුස්සධම්මෙ සුප්පතිට්ඨිතබුද්ධීනං ථෙරවංසප්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ්කාරභූතෙන විපුලවිසුද්ධබුද්ධිනා බුද්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්යෙන ථෙරෙන කතා අයං සකලස්සපි අභිධම්මපිටකස්ස අට්ඨකථා –
උතුම් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයෙන් ප්‍රතිමණ්ඩිත වූ සිල්වත් සෘජු මෘදු ගුණයෙන් මූර්තිමත් වූ ස්වකීය සමයාන්තර ග්‍රහණ අධ්‍යයන සමර්ථ වූ ප්‍රඥා ව්‍යක්ත භාවයෙන් සමන්නාගත වූ අර්ථ කථා සහිත ත්‍රිපිටක පර්යාප්ති ප්‍රභේද ශාස්තෲ ශාසනයෙහි අප්‍රතිහත ඥාන ප්‍රභාවයෙන් මහා වෛයාකරණඥච හේතු සම්පත්තියෙන් ජනිත වූ සැප ඇත්තා වූ නිර්දෝෂ වර්ණයෙන් යුත් මිහිරි උදාර වදනින් පෝසත් වූ කිවයුත්ත නිසිලෙස කීමෙහි චාදීවර මහා පඬිවර වූ අර්ථාදි ප්රභේදගත වූ පිළිසුඹුයෙහි පිරිවර වූ ෂඩ්භිඥාදි ගුණ ප්‍රතිමණ්ඩිත වූ උතුරු මිනිස්දම්හි සුපුතිෂ්ඨිත බුද්ධියෙන් ස්ථවිර වංශයට ප්‍රදීපායමාන මහා විහාරවාසීන්ගේ වංශයට අලංකාරයක් වූ මහත් වූ විසුද්ධ බුද්ධියෙන් බුද්ධඝෝෂ නම් වූ ගුරුවරුන් දෙන ලද නාමයෙන් ප්‍රසිද්ධ වූ මහා ස්ථවිරයන් විසින් සියළු අභිධර්ම පිටකයේ අර්ථකථාව කරන ලදි.
තාව තිට්ඨතු ලොකස්මිං, ලොකනිත්ථරණෙසිනං; දස්සෙන්තී කුලපුත්තානං, නයං පඤ්ඤාවිසුද්ධියා.
ලොවැ දෙටු මහරිසි - ‘බුදු’ නම පවතින තුරු ලොව තරණය සොයන - කුලපුතුනට පිරිසිදු
යාව බුද්ධොති නාමම්පි, සුද්ධචිත්තස්ස තාදිනො; ලොකම්හි ලොකජෙට්ඨස්ස, පවත්තති මහෙසිනොති.
එපමණ කල් ලොවේ - පෙන්වමින් සිත් ඇත්තට විසුදු පැණ නය මෙම - පවතීවා එළිය දී
අභිධම්මපිටක-අට්ඨකථා නිට්ඨිතා.
පරමත්ථදීපනී නම් වූ පඤ්චප්පකරණ අට්ඨකථා නිමා විය.