13-18. අනුලොමපච්චනීයපට්ඨානවණ්ණනා අට්ඨකථා
13-18. අනුලොමපච්චනීයපට්ඨානවණ්ණනා
13-18. අනුලෝම පච්චනීය පට්ඨාන වර්ණනාව
ඉදානි කුසලාදීසු ධම්මෙසු පච්චයධම්මං අප්පටික්ඛිපිත්වා පච්චයුප්පන්නස්ස කුසලාදිභාවපටික්ඛෙපවසෙන ධම්මානං අනුලොමපච්චනීයතාය ලද්ධනාමං අනුලොමපච්චනීයපට්ඨානං දස්සෙතුං කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයාතිආදි ආරද්ධං. තත්ථ කුසලං ධම්මං පටිච්චාති කුසලස්ස පච්චයභාවං අනුජානාති. න කුසලො ධම්මො උප්පජ්ජතීති කුසලස්සෙව උප්පත්තිං වාරෙති. තස්මා “කුසලෙ ඛන්ධෙ පටිච්ච චිත්තසමුට්ඨානං රූප”න්තිආදිනා නයෙන විස්සජ්ජනං දස්සිතං, තං සබ්බං පාළිං ඔලොකෙත්වා සාධුකං සල්ලක්ඛෙතබ්බං. යම්පි යෙන සදිසං, යඤ්ච යත්ථ ලබ්භති, යො ච යෙසං විස්සජ්ජනානං යෙසු පච්චයෙසු ගණනපරිච්ඡෙදො, සො සබ්බො පාළියං දස්සිතො, තස්මා පාළියෙව එත්ථ අත්ථො. යථා චෙත්ථ, එවං දුකපට්ඨානාදීසුපීති.
දැන් කුසලාදි ධර්මවල පච්චනීය ධර්මය ප්රතික්ෂේප නොකොට පච්චයුප්පන්නයේ කුසලාදි භාවය ප්රතික්ෂේප වශයෙන් ධර්මයන්ගේ අනුලෝම පච්චනීකතාවෙන් ලද නම අනුලෝම පච්චනීය පට්ඨානය දැක්වීමට කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතු පච්චයා ආදිය අරඹන ලදි. එහි කුසලං ධම්මං පටිච්ච කුසලයේ පච්චයභාවය අනු දනී. න කුසලො ධම්මො උප්පජ්ජති කුසලයේම උපත වළක්වයි. එහෙයින් (කුසල් ස්කන්ධයන් නිසා චිත්ත සමුට්ඨාන රූප) කුසලෙ ඛන්ධෙ පටිච්ච චිත්ත සමුට්ඨානං රූපං යනාදි නයින් විසඳීම දක්වන ලදි. ඒ සියල්ල පෙළ බලා මනාව සැලකිය යුතුය. යමක් යමක් හා සමානද යමක් යම්තැනක ලබයිද යමක් යම් විසඳුම්වල යම් පච්චයවල ගණන දක්වාද ඒ සියල්ල පෙළෙහි දක්වන ලදි. එහෙයින් පෙළෙහි ම මෙහි අර්ථය වේ. මෙසේ දුක පට්ඨාන ආදියෙහි ද.
එත්තාවතා –
මෙපමණකින්
තිකඤ්ච පට්ඨානවරං දුකුත්තමං, දුකං තිකඤ්චෙව තිකං දුකඤ්ච; තිකං තිකඤ්චෙව දුකං දුකඤ්ච, ඡ අනුලොමපච්චනීයම්හි නයා සුගම්භීරාති. –
‘පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන තික දුක ද තික තික - දුක දුක ද යන මේ සය අනුලොම් පසනියෙහි - සුගැඹුරු නයයි දන්නේ
අට්ඨකථායං වුත්තගාථාය දීපිතා ධම්මානුලොමපච්චනීයපට්ඨානෙ ඡ නයා නිද්දිට්ඨා හොන්ති. පච්චයවසෙන පනෙත්ථ එකෙකස්මිං පට්ඨානෙ අනුලොමාදයො චත්තාරො චත්තාරො නයාති එකෙන පරියායෙන චතුවීසතිනයපටිමණ්ඩිතං අනුලොමපච්චනීයපට්ඨානඤ්ඤෙව වෙදිතබ්බං.
අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්මානුලෝම පච්චනීය පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝමාදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්රතිමණ්ඩිත අනුලෝම පච්චනීය පට්ඨානයම දතයුතුය.
අනුලොමපච්චනීයපට්ඨානවණ්ණනා.
අනුලෝම පච්චනීය පට්ඨාන වර්ණනාව නිමි.