යෙදුමෙන් කියවන්න

7-12. පච‍්චනීයපට‍්ඨානවණ‍්ණනා අට‍්ඨකථා

7-12. පච‍්චනීයපට‍්ඨානවණ‍්ණනා

7-12. පච්චනීය පට්ඨාන වර්ණනාව

ඉදානි කුසලාදීනං පදානං පටික‍්ඛෙපවසෙන ධම‍්මානං පච‍්චනීයතාය ලද‍්ධනාමං පච‍්චනීයපට‍්ඨානං දස‍්සෙතුං නකුසලං ධම‍්මං පටිච‍්ච නකුසලො ධම‍්මො උප‍්පජ‍්ජති හෙතුපච‍්චයාතිආදි ආරද‍්ධං. තත්‍ථ නකුසලං ධම‍්මං පටිච‍්චාති කුසලස‍්ස පච‍්චයභාවං වාරෙති. නකුසලො ධම‍්මො උප‍්පජ‍්ජතීති කුසලස‍්ස උප‍්පත‍්තිං වාරෙති, තස‍්මා “අකුසලාබ්‍යාකතං එකං ඛන්‍ධං පටිච‍්ච අකුසලාබ්‍යාකතා තයො ඛන්‍ධා චිත‍්තසමුට‍්ඨානඤ‍්ච රූප”න‍්ති එවමාදිනා නයෙනෙත්‍ථ පඤ‍්හං විස‍්සජ‍්ජිතබ‍්බං. තස‍්මිං තස‍්මිං පච‍්චයෙ ලද‍්ධගණනා පන පාළියං වුත‍්තායෙව. යෙපි වාරා සදිසවිස‍්සජ‍්ජනා, තෙපි තත්‍ථෙව දස‍්සිතා. තස‍්මා සබ‍්බමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයානුසාරෙන පාළිං උපපරික‍්ඛිත්‍වා වෙදිතබ‍්බං. යථා චෙත්‍ථ, එවං දුකපට‍්ඨානෙ, දුකතිකපට‍්ඨානෙ, තිකදුකපට‍්ඨානෙ තිකතිකපට‍්ඨානෙ, දුකදුකපට‍්ඨානෙ ච.

දැන් කුසලාදි පද ප්‍රතික්‍ෂේප වශයෙන් පච්චනීය භාවයෙන් (විරුද්ධ භාවයෙන්) ලැබූ නම පච්චනීය පට්ඨානය දැක්වීමට න කුසලං ධම්මං පටිච්ච න කුසලො ධම්මො උප්පජ්ජති හෙතුපච්චයා යනාදිය ආරම්භ කරන ලදි. එහි න කුසලං ධම්මං පටිච්ච කුසලයට පච්චයභාවය වළක්වයි. න කුසලො ධම්මො උප්පජ්ජති කුසලයේ උපත වළක්වයි. එහෙයින් අකුසල අබ්‍යාකත එක් ස්කන්ධයක් නිසා අකුසල අබ්‍යාකත ස්කන්ධ තුනක් චිත්ත සමුට්ඨාන රූපය යයි මේ ආදි නයින් මෙහි ප්‍රශ්නය විසඳිය යුතුය. ඒ ඒ පච්චයෙහි ලද ගණන වනාහි පෙළෙහි කියන ලද්දේමය. යම් වාර සමාන විසඳුම් වේද ඒවාද එහිම දක්වන ලදි. එහෙයින් මෙහි සියල්ල යට කියන ලද නයානුසාරයෙන් පෙළ පරීක්‍ෂා කොට දතයුතුය. මෙහි යම්සේද එසේ දුක පට්ඨානයෙහි දුකතික පට්ඨානයෙහි තිකදුක පට්ඨානයෙහි තික තික පට්ඨානයෙහි දුක දුක පට්ඨානයෙහි ද වේ.

එත‍්තාවතා –

මෙපමණකින්

තිකඤ‍්ච පට‍්ඨානවරං දුකුත‍්තමං, දුකං තිකඤ‍්චෙව තිකං දුකඤ‍්ච; තිකං තිකඤ‍්චෙව, දුකං දුකඤ‍්ච, ඡ පච‍්චනීයම‍්හි නයා සුගම‍්භීරාති. –

පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන තික දුක ද තික තික - දුක දුක ද යන මේවා පසනිය සයෙහි නය - සුගැඹුරු ලෙසින් දන්නේ

අට‍්ඨකථායං වුත‍්තගාථාය දීපිතා. ධම‍්මපච‍්චනීයපට‍්ඨානෙ ඡ නයා නිද‍්දිට‍්ඨා හොන‍්ති. පච‍්චයවසෙන පනෙත්‍ථ එකෙකස‍්මිං පට‍්ඨානෙ අනුලොමාදයො චත‍්තාරො චත‍්තාරො නයාති එකෙන පරියායෙන චතුවීසතිනයපටිමණ‍්ඩිතං පච‍්චනීයපට‍්ඨානඤ‍්ඤෙව වෙදිතබ‍්බං.

අටුවාවෙහි කියන ගීයෙන් දක්වන ලදි. ධම්ම පච්චනීය පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝම ආදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත පච්චනීය පට්ඨානයම දතයුතුය.

පච‍්චනීයපට‍්ඨානවණ‍්ණනා.

පච්චනීය පට්ඨාන වර්ණනා නිමි.