යෙදුමෙන් කියවන්න

6. දුකදුකපට‍්ඨානවණ‍්ණනා අට‍්ඨකථා

6. දුකදුකපට‍්ඨානවණ‍්ණනා

6. දුක දුක පට්ඨාන වර්ණනාව

දුකදුකපට‍්ඨානෙපි හෙතුසහෙතුකං ධම‍්මං පටිච‍්ච හෙතුසහෙතුකො ධම‍්මො උප‍්පජ‍්ජති හෙතුපච‍්චයාති පඤ‍්හුද‍්ධාරවසෙනෙව සඞ‍්ඛෙපතො දෙසනා කතා. තත්‍ථ හෙතුදුකං සහෙතුකදුකාදීහි, සහෙතුකදුකාදීනි ච තෙන සද‍්ධිං යොජිතානි. එකෙකං පන දුකං සෙසෙහි, සෙසා ච තෙහි සද‍්ධිං පටිපාටියා යොජෙතබ‍්බා. ඉදඤ‍්හි දුකදුකපට‍්ඨානං නාම ‘දුකෙසුයෙව දුකෙ පක‍්ඛිපිත්‍වා’ දෙසිතං. තෙනෙත්‍ථ සබ‍්බදුකෙහි සද‍්ධිං සබ‍්බදුකානං යොජනා වෙදිතබ‍්බා. පාළි පන සඞ‍්ඛිත‍්තා. යෙන යෙන ච පදෙන සද‍්ධිං යං යං පදං යොජනං න ගච‍්ඡති, තං තං හාපෙත්‍වාව දෙසනා කතාති.

දුක දුක පට්ඨානයෙහි ද හෙතු සහෙතුකංධම්මං පටිච්ච හෙතු සහෙතුකොධම්මො උප්පජ්ජති හෙතු පච්චයා ප්‍රශ්න ඉදිරීම් වශයෙන් ම සංක්‍ෂේපයෙන් දේශනා කරන ලදි. එහි හේතු දුක සහේතුක දුකාදියෙන් සහේතුක දුකාදිය ද එය සමග යොදන ලදි. එක එක දුක වනාහි සෙස්සෙන් සෙස්සද ඒවා සමග පිළිවෙලින් යෙදිය යුතුය. මෙය දුක දුක පට්ඨානය නම් දුකවලම දුක බහා දේශනා කරන ලදි. එයින් මෙය සියලු දුක සමග සියළු දුකවල යෙදීම දතයුතුය. පෙළ සංක්‍ෂේප කරන ලදි. යම් යම් පද සමග යම් යම් පද යෙදීමට නොයේද ඒවා පිරිහෙළා දේශනා කරන ලදි.

දුකදුකපට‍්ඨානවණ‍්ණනා.

දුක දුක පට්ඨාන නිමි.

එත‍්තාවතා –

මෙපමණකින්

තිකඤ‍්ච පට‍්ඨානවරං දුකුත‍්තමං, දුකං තිකඤ‍්චෙව තිකං දුකඤ‍්ච; තිකං තිකඤ‍්චෙව දුකං දුකඤ‍්ච, ඡ අනුලොමම‍්හි නයා සුගම‍්භීරාති. –

පට්ඨාන තික’තුම් - දුක’තුම් දුකතික ද යන තික දුක ද තික තික - දුක දුකද යන මේ සය සුගැඹුරු නයයි මේ - අනුලෝමයෙහි දක්වන

අට‍්ඨකථායං වුත‍්තගාථාය දීපිතා. ධම‍්මානුලොමපට‍්ඨානෙ ඡ නයා නිද‍්දිට‍්ඨා හොන‍්ති. පච‍්චයවසෙන පනෙත්‍ථ එකෙකස‍්මිං පට‍්ඨානෙ අනුලොමාදයො චත‍්තාරො චත‍්තාරො නයාති එකෙන පරියායෙන චතුවීසතිනයපටිමණ‍්ඩිතං අනුලොමපට‍්ඨානංයෙව වෙදිතබ‍්බං.

අටුවාවෙහි කියන ලද ගීයෙන් දක්වන ලදි. ධම්මානුලෝම පට්ඨානයෙහි නය සයක් දක්වන ලද්දේ වේ. මෙහි පච්චය වශයෙන් වනාහි එක එක පට්ඨානයෙහි අනුලෝම ආදිය සතර සතර නය යයි එක් පරියායකින් සූවිසි නය ප්‍රතිමණ්ඩිත අනුලෝම පට්ඨානයම දතයුතුය.

අනුලෝම පට්ඨාන වර්ණනා නිමි.