පංසුකූලිකඞ්ගකථා
පංසුකූලිකඞ‍්ගකථා
පංසුකූලිකඞ්ගකථා
ඉදානි එකෙකස‍්ස සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසෙ වණ‍්ණයිස‍්සාම. පංසුකූලිකඞ‍්ගං තාව “ගහපතිදානචීවරං පටික‍්ඛිපාමි, පංසුකූලිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසු ද‍්වීසු වචනෙසු අඤ‍්ඤතරෙන සමාදින‍්නං හොති. ඉදං තාවෙත්‍ථ සමාදානං.
ඉක්බිති එක් එක් ධුතංගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේද ආනිසංසයන් විස්තර කරම්හ. පළමුකොට පංසුකූලිකංගයයි: ගහපතිදානචීවරං පටික්‍ඛපාමි, පංසුකූලිකඞ්ගං සමාදියාමි (ගෘහස්ථ දායකයන් විසින් දෙනු ලබන සිවුරු පිළිකෙව් කරමි, පංසුකූලිකාංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදන් වියයුතුය. මෙහි පළමුකොට දක්වන ලද්දේ මෙය සමාදන්වන ආකාරයයි.
එවං සමාදින‍්නධුතඞ‍්ගෙන පන තෙන සොසානිකං, පාපණිකං, රථියචොළං, සඞ‍්කාරචොළං, සොත්‍ථියං, න‍්හානචොළං, තිත්‍ථචොළං, ගතපච‍්චාගතං, අග‍්ගිඩඩ‍්ඪං, ගොඛායිතං, උපචිකාඛායිතං, උන්‍දූරඛායිතං, අන‍්තච‍්ඡින‍්නං, දසාච‍්ඡින‍්නං, ධජාහටං, ථූපචීවරං, සමණචීවරං, ආභිසෙකිකං, ඉද‍්ධිමයං, පන්‍ථිකං, වාතාහටං, දෙවදත‍්තියං, සාමුද‍්දියන‍්තිඑතෙසු අඤ‍්ඤතරං චීවරං ගහෙත්‍වා ඵාලෙත්‍වා දුබ‍්බලට‍්ඨානං පහාය ථිරට‍්ඨානානි ධොවිත්‍වා චීවරං කත්‍වා පොරාණං ගහපතිචීවරං අපනෙත්‍වා පරිභුඤ‍්ජිතබ‍්බං.
මෙසේ මේ ධුතංගය සමාදන් වූවහු විසින් සොහොනෙහි හළ පිළීය, අවන්දොර ඉවත දැමූ පිළීය, වීදියෙහි හළ පිළීය, කසලගොඩෙහි දැමූ පිළීය, වැදූ ගෙයින් ඉවත දමා පිළීය, ආතුරයන් නහවා ඉවත දමා පිළිය, නහන තොටෙහි හළ පිළීය, සොහොනට ගියවුන් පෙරළා අවුත් නහා ඉවත දැමූ පිළීය, ගින්නෙන් දැවුණු පිළීය, ගවයන් කෑ පිළීය, වේයන් කෑ පිළීය, මීයන් කෑ පිළීය, කොණකින් ඉරුණු පිළීය, වාටියෙන් ඉරුණු පිළීය, නැව්වල කොඩි පිණිස ගෙනා පිළීය, බිලියම් පිණිස තුඹස් වටා එතූ පිළීය, පැවිද්දන් පොරවා ඉවත දැමූ පිළීය, අභිෂේකයෙහිදී ඉවත දැමූ පිළීය, ඒහිභික්‍ෂූභාවයෙන් ලත් පිළීය, මහමග දැමූ පිළීය, සුළඟට ගසා ආ පිළීය, දෙවියන් දුන් පිළීය, මුහුදු රළපහරට ගසා ආ පිළීය, යන මෙතෙක් දෑ අතුරෙන් එක්තරා රෙදිකඩක් ගෙන, කැබලිවලට කපා දිරාපත් තැන් ඇතොත් වෙන් කොට, සවි ඇති කොටස් ගෙන, සෝදා සිවුරු කොට දායකයන් දුන් පැරණි සිවුරු ඉවත තබා පරිභෝග කළ යුතුය.
තත්‍ථ සොසානිකන‍්ති සුසානෙ පතිතකං. පාපණිකන‍්ති ආපණද‍්වාරෙ පතිතකං. රථියචොළන‍්ති පුඤ‍්ඤත්‍ථිකෙහි වාතපානන‍්තරෙන රථිකාය ඡඩ‍්ඩිතචොළකං. සඞ‍්කාරචොළන‍්ති සඞ‍්කාරට‍්ඨානෙ ඡඩ‍්ඩිතචොළකං. සොත්‍ථියන‍්ති ගබ‍්භමලං පුඤ‍්ඡිත්‍වා ඡඩ‍්ඩිතවත්‍ථං. තිස‍්සාමච‍්චමාතා කිර සතග‍්ඝනකෙන වත්‍ථෙන ගබ‍්භමලං පුඤ‍්ඡාපෙත්‍වා පංසුකූලිකා ගණ‍්හිස‍්සන‍්තීති තාලවෙළිමග‍්ගෙ ඡඩ‍්ඩාපෙසි. භික‍්ඛූ ජිණ‍්ණකට‍්ඨානත්‍ථමෙව ගණ‍්හන‍්ති. න‍්හානචොළන‍්ති යං භූතවෙජ‍්ජෙහි සසීසං න‍්හාපිතා කාළකණ‍්ණිචොළන‍්ති ඡඩ‍්ඩෙත්‍වා ගච‍්ඡන‍්ති.
එහි සොසානික නම් සොහොනෙහි හළ පිළීය, පාපණික නම් අවන්දොර වැටුණු පිළීය, රථියචොළ නම් පින් කැමැත්තවුන් විසින් කවුළු දොරින් වීදියට හෙළු පිළීය, සඞ්කාරචොළ නම් කසල ගොඩට දැමූ පිළීය, සොත්‍ථිය නම් ගබ්මල පිස ඉවත දැමූ පිළීය. තිස්ස නම් ඇමතියාගේ මව් තොමෝ සියයක් අගනා වස්ත්‍රයෙකින් ගබ්මල පිස දමවා පංසුකූලිකයෝ ගන්නාහුයයි කාළවේලි මාර්ගයෙහි ඉවත දමවා ලීය. භික්‍ෂූහු දිරාපත් තැන් පිළිසකර පිණිස එය ගනිති. නහානචොළ නම් යකැදුරන් විසින් ආතුරයන් හිස පටන් නහවනු ලැබීමෙන් පසු කාලකණ්ණි වස්ත්‍රයයි හැරදමා ගිය පිළීය,
තිත්‍ථචොළන‍්ති න‍්හානතිත්‍ථෙ ඡඩ‍්ඩිතපිලොතිකා. ගතපච‍්චාගතන‍්ති යං මනුස‍්සා සුසානං ගන‍්ත්‍වා පච‍්චාගතා න‍්හත්‍වා ඡඩ‍්ඩෙන‍්ති. අග‍්ගිඩඩ‍්ඪන‍්ති අග‍්ගිනා ඩඩ‍්ඪප‍්පදෙසං. තඤ‍්හි මනුස‍්සා ඡඩ‍්ඩෙන‍්ති. ගොඛායිතාදීනි පාකටානෙව. තාදිසානිපි හි මනුස‍්සා ඡඩ‍්ඩෙන‍්ති. ධජාහටන‍්ති නාවං ආරොහන‍්තා ධජං බන්‍ධිත්‍වා ආරූහන‍්ති. තං තෙසං දස‍්සනාතික‍්කමෙ ගහෙතුං වට‍්ටති. යම‍්පි යුද‍්ධභූමියං ධජං බන්‍ධිත්‍වා ඨපිතං, තං ද‍්වින‍්නම‍්පි සෙනානං ගතකාලෙ ගහෙතුං වට‍්ටති.
තිත්‍ථචොළ නම් නහනතොටෙහි හැරදමා ගිය පිළීය, ගතපච්චාගත නම් මිනිසුන් සොහොන්බිමට ගොස් පෙරළා අවුත් නහා හැරදැමූ පිළීය. අග්ගිදඩ්ඪ නම් ගින්නෙන් දා ගොස් මිනිසුන් ඉවත දැමූ වස්ත්‍රයි, ගොඛායිත යන ආදිය පැහැදිලිය, එවන් පිළීද මිනිස්සු ඉවත දමති. ධජාහට නම්, නැව් නගින්නෝ කොඩියක් බැඳ දමා නගිති, එය ඔවුනට පෙනෙන මානය ඉකුත්වූ පසු ගනු වටී, එසේම යුදබිමෙහි බැඳි ධ්වජයක් දෙසෙනඟම බැහැර ගිය කල ගනු වටී,
ථූපචීවරන‍්ති වම‍්මිකං පරික‍්ඛිපිත්‍වා බලිකම‍්මං කතං. සමණචීවරන‍්ති භික‍්ඛුසන‍්තකං. ආභිසෙකිකන‍්ති රඤ‍්ඤො අභිසෙකට‍්ඨානෙ ඡඩ‍්ඩිතචීවරං. ඉද‍්ධිමයන‍්ති එහිභික‍්ඛුචීවරං. පන්‍ථිකන‍්ති අන‍්තරාමග‍්ගෙ පතිතකං. යං පන සාමිකානං සතිසම‍්මොසෙන පතිතං, තං ථොකං රක‍්ඛිත්‍වා ගහෙතබ‍්බං. වාතාහටන‍්ති වාතෙන පහරිත්‍වා දූරෙ පාතිතං, තං පන සාමිකෙ අපස‍්සන‍්තෙන ගහෙතුං වට‍්ටති. දෙවදත‍්තියන‍්ති අනුරුද‍්ධත්‍ථෙරස‍්ස විය දෙවතාහි දින‍්නකං. සාමුද‍්දියන‍්ති සමුද‍්දවීචීහි ථලෙ උස‍්සාරිතං.
ථූපචීවර නම් තුඹස් වටා ඔතා බිලියම් කළ පිළිය. සමණචීවර නම් භික්‍ෂූන් සතු සිවුරය, ආභිසෙකික නම් රජුන් අභිෂේක කළ ස්ථානයෙහි හැර දමා වස්ත්‍රයි, ඉද්ධිමය නම් ඒහිභික්‍ෂුභාවයෙන් ලද සිවුරුයි, පන්‍ථික නම් හිමියන් විසින් සිහි මඳව අතරමග හලා ගිය වස්ත්‍රයි, එය මඳ කලක් රකිමින් සිට ගනු වටී, වාතාහත නම් සුළඟට ගසා ගොස් ඈත වැටුණු පිළීය, හිමියන් දක්නට නැතොත් එය ගනු වටී, දෙවදත්තිය නම් අනුරුද්ධ තෙරුන්හට මෙන් දෙවියන් දුන් වස්ත්‍රය, සාමුද්දිය නම් මුහුදු රළට ගසා අවුත් ගොඩටවන් පිළීය.
යං පන සඞ‍්ඝස‍්ස දෙමාති දින‍්නං, චොළකභික‍්ඛාය වා චරමානෙහි ලද‍්ධං, න තං පංසුකූලං. භික‍්ඛුදත‍්තියෙපි යං වස‍්සග‍්ගෙන ගාහෙත්‍වා වා දීයති, සෙනාසනචීවරං වා හොති, න තං පංසුකූලං. නො ගාහාපෙත්‍වා දින‍්නමෙව පංසුකූලං. තත්‍රපි යං දායකෙහි භික‍්ඛුස‍්ස පාදමූලෙ නික‍්ඛිත‍්තං, තෙන පන භික‍්ඛුනා පංසුකූලිකස‍්ස හත්‍ථෙ ඨපෙත්‍වා දින‍්නං, තං එකතොසුද‍්ධිකං නාම. යං භික‍්ඛුනො හත්‍ථෙ ඨපෙත්‍වා දින‍්නං, තෙන පන පාදමූලෙ ඨපිතං, තම‍්පි එකතොසුද‍්ධිකං. යං භික‍්ඛුනොපි පාදමූලෙ ඨපිතං, තෙනාපි තථෙව දින‍්නං, තං උභතොසුද‍්ධිකං. යං හත්‍ථෙ ඨපෙත්‍වා ලද‍්ධං, හත්‍ථෙයෙව ඨපිතං, තං අනුක‍්කට‍්ඨචීවරං නාම. ඉති ඉමං පංසුකූලභෙදං ඤත්‍වා පංසුකූලිකෙන චීවරං පරිභුඤ‍්ජිතබ‍්බන‍්ති ඉදමෙත්‍ථ විධානං.
‘සඞ්ඝස්ස දෙම’යි කියා දෙන ලද වස්ත්‍ර හෝ චීවර භික්‍ෂාවෙහි හැසිරීමෙන් ලද වස්ත්‍ර හෝ පාංසුකූල නොවේ. භික්‍ෂූන් විසින් දෙන ලද්දේ වුවද, යම් චීවරයක් වස් අවසන්හි පවරා දෙන ලද්දේ නම් හෝ සෙනසුනෙහි භික්‍ෂූන් උදෙසා දෙන ලද්දේ නම් හෝ එය පංසුකූල නොවේ. (සඞ්ඝස්ස දෙම යයි) නොපවරා දෙන ලද්දේම පංසුකුල වේ. එහිද යම් සිවුරක් දායකයන් විසින් භික්‍ෂුවකගේ පාමුල තබා එම භික්‍ෂුව විසින් පංසුකුලික භික්‍ෂුවකගේ අත්හි තබා දෙන ලද්දේ නම් එය ‘එකතොසුද්ධික’ (එක් පසෙකින් පිරිසුදු) නමි, යම් සිවුරක් භික්‍ෂුවකගේ අත්හි තබා දෙනලදුව, එම භික්‍ෂුව විසින් (පංසුකූලික භික්‍ෂුවකගේ) පාමුල තබන ලද්දේ නම් එයද ‘එකතොසුද්ධික’ නමි, යම් සිවුරක් භික්‍ෂුවකගේ පාමුල තබන ලදුව එම භික්‍ෂුව විසින් එසේම පාමුල තබා දෙන ලද්දේ නම් එය ‘උභතොසුද්ධික’ (දෙපසින්ම පිරිසුදු) නමි, යම් සිවුරක් අත්හි තබා දෙනලදුව අත්හිම තබන ලද්දේ නම් එය ‘අනුක්කට්ඨ’ (උත්කෘෂ්ට නොවූ) චීවර’ නම් වේ. මෙසේ මේ පංසුකූල ප්‍රභේදයන් දැන පංසුකුලිකයා විසින් සිවුරු පරිභෝගය කළ යුතුය යන මේ මෙහි පිළිපදනා විධියි.
අයං පන පභෙදො, තයො පංසුකූලිකා උක‍්කට‍්ඨො මජ‍්ඣිමො මුදූති. තත්‍ථ සොසානිකංයෙව ගණ‍්හන‍්තො උක‍්කට‍්ඨො හොති. පබ‍්බජිතා ගණ‍්හිස‍්සන‍්තීති ඨපිතකං ගණ‍්හන‍්තො මජ‍්ඣිමො. පාදමූලෙ ඨපෙත්‍වා දින‍්නකං ගණ‍්හන‍්තො මුදූති.
මේ වනාහි එහි ප්‍රභේදයි. පංසුකූලිකයෝ උත්කෘෂ්ටය, මධ්‍යමය, මෘදුයයි තිදෙනෙකි. එහි සොහොන් පිළීම ගන්නේ උත්කෘෂ්ට නමි, පැවිද්දෝ ගන්නාහුයයි තබනලද සිවුරු ගන්නේ මධ්‍යම නමි, පාමුල තබා දෙන ලද සිවුරු ගන්නේ මෘදු නම් වේ.
තෙසු යස‍්ස කස‍්සචි අත‍්තනො රුචියා ගිහිදින‍්නකං සාදිතක‍්ඛණෙ ධුතඞ‍්ගං භිජ‍්ජති. අයමෙත්‍ථ භෙදො.
ඔවුනතුරෙන් කවරෙකු හෝ ගෘහස්ථයන් විසින් දෙන ලද සිවුරු සිය කැමැත්තෙන් ඉවසුවහොත් එකෙණෙහි ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.
අයං පනානිසංසො, “පංසුකූලචීවරං නිස‍්සාය පබ‍්බජ‍්ජා”ති (මහාව· 128) වචනතො නිස‍්සයානුරූපපටිපත‍්තිසබ‍්භාවො, පඨමෙ අරියවංසෙ පතිට‍්ඨානං, ආරක‍්ඛදුක‍්ඛාභාවො, අපරායත‍්තවුත‍්තිතා, චොරභයෙන අභයතා, පරිභොගතණ‍්හාය අභාවො, සමණසාරුප‍්පපරික‍්ඛාරතා, “අප‍්පානි චෙව සුලභානි ච තානි ච අනවජ‍්ජානී”ති (අ· නි· 4.27; ඉතිවු· 101) භගවතා සංවණ‍්ණිතපච‍්චයතා, පාසාදිකතා, අප‍්පිච‍්ඡතාදීනං ඵලනිප‍්ඵත‍්ති, සම‍්මාපටිපත‍්තියා අනුබ්‍රූහනං, පච‍්ඡිමාය ජනතාය දිට‍්ඨානුගතිආපාදනන‍්ති.
‘පංසුකුලචීවරං නිස්සාය පබ්බජ්ජා’ (පාංශුකුලචීවරය නිසා පැවිදිබව පවත්නේය) යයි කී හෙයින් නිශ්‍රයට අනුරූප වූ පිළිවෙත් ඇති බවය. පළමුවන අරියවංස ප්‍රතිපදාවෙහි පිහිටීමය, රැකීමෙහි ආයාසයක් නොමැති බවය, පරාධීනවෘත්ති රහිතබවය, සොරබිය නැතිබවය, පරිභෝග තෘෂ්ණා රහිතබවය, පැවිද්දනට සුදුසු පිරිකර ඇතිබවය, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අප්පානි චෙව සුලභානි තානි ච අනවජ්ජානි’ (අගයෙන් අඩුවූද සුලබවූද එය නිරවද්‍යද වේ) යයි වර්ණනා කරන ලද ප්‍රත්‍යයක් වීමය, ප්‍රසාද දනවනසුලු බවය, අල්පේච්ඡතාදියෙහි පල දැරීමක් වන බවය, මනා පිළිවෙත් වැඩෙන බවය, මෙම දෘෂ්ටිය අනුව යෑම පිණිස පශ්චිම ජනතාව පෙළඹෙන බවය යන මේ එහි ආනිසංස වේ.
මාරසෙනවිඝාතාය , පංසුකූලධරො යති; සන්නද්ධකවචො යුද්ධෙ, ඛත්තියො විය සොභති.
මාරසෙනවිඝාතාය පංසුකූලධරො යති සන්නද්ධකවචො යුද්ධෙ ඛත්තියො විය සොභති
පහාය කාසිකාදීනි, වරවත්‍ථානි ධාරිතං; යං ලොකගරුනා කො තං, පංසුකූලං න ධාරයෙ.
පහාය කාසිකාදීනි වරවත්‍ථානි ධාරිතං යං ලොකගරුනා කො තං පංසුකූලං න ධාරයෙ
තස‍්මා හි අත්තනො භික්ඛු, පටිඤ්ඤං සමනුස්සරං; යොගාචාරානුකූලම්හි, පංසුකූලෙ රතො සියාති.
තස්මා හි අත්තනො භික්ඛු පටිඤ්ඤං සමනුස්සරං යොගාචාරානුකූලම්හි පංසුකූලෙ රතො සියා
මරසෙන් වැනසීමෙහිලා පාංශුකූලධර භික්‍ෂු තෙමේ යුද්ධයෙහි සන්නාහ සන්නද්ධ ක්‍ෂත්‍රියයකු සෙයින් හොබනේය.
කසී සළු ආදී අගනා පිළී හැරපියා යම් වස්ත්‍රයක් ලෝකගුරු වූ බුදුන් විසින් දරන ලද්දේ ද, එම පාංශුකූල වස්ත්‍රය කවරෙක් නම් නොදරන්නේද?
එහෙයින් භික්‍ෂු තෙමේ ස්වකීය ප්‍රතිඥාව සිහි කෙරෙමින් යෝගාවචරභාවයට අනුරූප වූ පාංශුකූල චීවරයෙහි ඇලුණෙක් වන්නේය.
අයං තාව පංසුකූලිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.
මේ වනාහි පංසුකූලිකංගයෙහි සමාදාන-විධාන -ප්‍රභේද - භේද - ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.