තෙචීවරිකඞ්ගකථා
තෙචීවරිකඞ්ගකථා
තෙචීවරිකඞ්ගකථා
තදනන්තරං පන තෙචීවරිකඞ්ගං “චතුත්ථකචීවරං පටික්ඛිපාමි, තෙචීවරිකඞ්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ්ඤතරවචනෙන සමාදින්නං හොති.
ඉක්බිති, තෙචිවරිකංගයයි. ‘චතුත්ථකචීවරං පටික්ඛපාමි, තෙචීවරිකඞ්ගං සමාදියාමි’ (සිවුවන සිවුරක් පිළිකෙව් කරමි, තෙචීවරිකාංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එක් පාඨයකින් එය සමාදන් වේ.
තෙන පන තෙචීවරිකෙන චීවරදුස්සං ලභිත්වා යාව අඵාසුකභාවෙන කාතුං වා න සක්කොති, විචාරකං වා න ලභති, සූචිආදීසු වාස්ස කිඤ්චි න සම්පජ්ජති, තාව නික්ඛිපිතබ්බං. නික්ඛිත්තපච්චයා දොසො නත්ථි. රජිතකාලතො පන පට්ඨාය නික්ඛිපිතුං න වට්ටති, ධුතඞ්ගචොරො නාම හොති. ඉදමස්ස විධානං.
එම තෙචීවරිකයා (තුන්සිවුරු පමණක් දරන්නා) විසින් සිවුරු පිණිස රෙදි කඩක් ලැබ අපහසු කමෙකින් සිවුරු මසා ගැනීමට යම්තාක් නොහැකිවේද, නොහොත් සිවුරු කරන්නට දත් කෙනෙකු යම්තාක් නොලැබේද, නැතහොත් ඉදිකටු ආදී යම් කිසිවක් සපයාගැනීමට යම්තාක් නොහැකිවේද, ඒතාක් එම වස්ත්‍රය තමා ළඟ තබාගත හැකිය. එසේ තබාගැනීමෙහි දොසෙක් නැත. පඬු ගැන්වූ තැන් සිට එසේ ළඟ තබාගැනීම නොවටී, ධුතංගචොරයෙකු බවට පත්වේ. මේ මෙහි පිළිපදනා විධියි.
පභෙදතො පන අයම්පි තිවිධො හොති. තත්ථ උක්කට්ඨෙන රජනකාලෙ පඨමං අන්තරවාසකං වා උත්තරාසඞ්ගං වා රජිත්වා තං නිවාසෙත්වා ඉතරං රජිතබ්බං. තං පාරුපිත්වා සඞ්ඝාටි රජිතබ්බා. සඞ්ඝාටිං පන නිවාසෙතුං න වට්ටති. ඉදමස්ස ගාමන්තසෙනාසනෙ වත්තං. ආරඤ්ඤකෙ පන ද්වෙ එකතො ධොවිත්වා රජිතුං වට්ටති. යථා පන කඤ්චි දිස්වා සක්කොති කාසාවං ආකඩ්ඪිත්වා උපරිකාතුං, එවං ආසන්නෙ ඨානෙ නිසීදිතබ්බං. මජ්ඣිමස්ස රජනසාලායං රජනකාසාවං නාම හොති, තං නිවාසෙත්වා වා පාරුපිත්වා වා රජනකම්මං කාතුං වට්ටති. මුදුකස්ස සභාගභික්ඛූනං චීවරානි නිවාසෙත්වා වා පාරුපිත්වා වා රජනකම්මං කාතුං වට්ටති. තත්රට්ඨකපච්චත්ථරණම්පි තස්ස වට්ටති. පරිහරිතුං පන න වට්ටති. සභාගභික්ඛූනං චීවරම්පි අන්තරන්තරා පරිභුඤ්ජිතුං වට්ටති. ධුතඞ්ගතෙචීවරිකස්ස පන චතුත්ථං වත්තමානං අංසකාසාවමෙව වට්ටති. තඤ්ච ඛො විත්ථාරතො විදත්ථි, දීඝතො තිහත්ථමෙව වට්ටති.
ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් පඬුගන්වන අවස්ථාවෙහිදී පළමුකොට අඳනය හෝ පොරෝනය හෝ පඬුගන්වා හැඳ අනික පඬු ගැන්විය යුතුය. එය පෙරවාගෙන සඟළ සිවුර පඬුගැන්විය යුතුය. සඟළසිවුර හැඳීම නොවටී. මේ ඔහු විසින් ග්‍රාමාන්ත සේනාසනයෙහිදී පිළිපැදියයුතු වත්ය. ආරණ්‍යකයා විසින් වනාහි දෙකම එක් විට සෝදා පඬු ගැන්වීම වටී. කිසිවකු දුටහොත් සිවුර ඇද සිරුර මත රුවා ගැනීමට හැකිවන අයුරු අසල් තැනෙක හිඳගත යුතුය. මධ්‍යමයා විසින් වනාහි: රජනශාලාවෙහි රජනචීවර නම් සිවුරක් තිබේ, එය හැඳ හෝ පෙරවගෙන රජනය කිරීම සුදුසුය. මෘදුකයාහට සහාය භික්ෂූන්ගේ සිවුරු හැඳ හෝ පෙරවගෙන පඬුගැන්වීම සුදුසුය. ඇතිරිලි පිණිස එහි තබා ඇති සිවුරක් වුවද ඔහුට සුදුසුය, එහෙත් එය දිගටම පරිහරණය කිරීම සුදුසු නොවේ. සභාග භික්ෂූන්ගේ සිවුරුද අතරින් පතර පරිභෝග කිරීම සුදුසුය. ධුතංග තෙචීවරිකයාහට වනාහි සිවුවැන්නක් ලෙස අංසකඩක් සුදුසු වේ; එයද පළලින් වියතක්ද දිගින් දෙවියතක්ද වූයේ යෝග්‍යය.
ඉමෙසං පන තිණ්ණම්පි චතුත්ථකචීවරං සාදිතක්ඛණෙයෙව ධුතඞ්ගං භිජ්ජති. අයමෙත්ථ භෙදො.
මේ තිදෙනාගේම ධුතංගය සිවුවැනි සිවුරක් ඉවසූ කෙණහිම බිදේ.
අයං පනානිසංසො, තෙචීවරිකො භික්ඛු සන්තුට්ඨො හොති කායපරිහාරිකෙන චීවරෙන. තෙනස්ස පක්ඛිනො විය සමාදායෙව ගමනං, අප්පසමාරම්භතා, වත්ථසන්නිධිපරිවජ්ජනං, සල්ලහුකවුත්තිතා, අතිරෙකචීවරලොලුප්පප්පහානං, කප්පියෙ මත්තකාරිතාය සල්ලෙඛවුත්තිතා, අප්පිච්ඡතාදීනං ඵලනිප්ඵත්තීති එවමාදයො ගුණා සම්පජ්ජන්තීති.
මෙහි අනුසස් මෙසේය: තෙචීවරික භික්ෂු තෙමේ කයින් පරිහරණය කරනු ලබන සිවුරෙන් සන්තුෂ්ට වූ කෙනෙකි, එහෙයින් එය රැගෙන ඔහුට පක්ෂියකු මෙන් යාහැකි බවය, මඳකිස ඇති බවය, වස්ත්‍ර රැස් කිරීමෙන් වැලකුණ බවය, සැහැල්ලු පැවතුම් ඇති බවය, අතිරේක සිවුරු කෙරෙහි ලොල් බවින් වැලකුණ බවය, කැපවූ වස්ත්‍රයෙහි පවා පිරිමැසුම් ඇති බවය, කෙලෙස් සිඳින පැවතුම් ඇතිබවය, අල්පෙච්ඡතා ගුණයන් පල දරන බවය යන මේ ආදිය සම්පූර්ණ වේ.
අතිරෙකවත්ථතණ්හං, පහාය සන්නිධිවිවජ්ජිතො ධීරො; සන්තොසසුඛරසඤ්ඤූ, තිචීවරධරො භවති යොගී.
අතිරෙකවත්ථතණ්හං පහාය සන්නිධිවිවජ්ජිතො ධීරො සන්තොසසුඛරසඤ්ඤු තිචීවරධරො භවති යොගී.
තස්මා සපත්තචරණො, පක්ඛීව සචීවරොව යොගිවරො; සුඛමනුවිචරිතුකාමො, චීවරනියමෙ රතිං කයිරාති.
තස්මා සපත්තචරණො පක්ඛීව සචීවරොව යොගිවරො සුඛමනුවිචරිතුකාමො චීවරනියමෙ රතිං කයිරා
ත්රිචීවරධර යෝගාවචර තෙමේ අතිරේක වස්ත්‍ර කෙරෙහි තෘෂ්ණාව හැරපියා රැස්කිරීමෙන් වැලකුණේ, නුවණැත්තේ සතොස් සුවයෙහි රස හඳුනන්නේ වේ.
එහෙයින් සිය පියාපතින් හැසිරෙන පක්ෂියකු සෙයින් තුන්සිවුරු සහිත වූයේම උතුම් යෝගාවචරතෙමේ සුවසේ හැසිරෙනු රිසිවූයේ, සිවුරු පිරිමැස්මෙහි ඇලුම් කරන්නේය.
අයං තෙචීවරිකඞ්ගෙ සමාදානවිධානප්පභෙදභෙදානිසංසවණ්ණනා.
මේ තෙචීවරිකාංගයෙහි සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.