යෙදුමෙන් කියවන්න

පිණ‍්ඩපාතිකඞ‍්ගකථා

පිණ‍්ඩපාතිකඞ‍්ගකථා

පිණ්ඩපාතිකඞ්ගකථා

පිණ‍්ඩපාතිකඞ‍්ගම‍්පි “අතිරෙකලාභං පටික‍්ඛිපාමි, පිණ‍්ඩපාතිකඞ‍්ගං සමාදියාමී”ති ඉමෙසං අඤ‍්ඤතරවචනෙන සමාදින‍්නං හොති.

පිණ්ඩපාතිකාංගයද, ‘අතිරෙක ලාභං පටික්‍ඛිපාමි, පිණ්ඩපාතිකඞ්ගං සමාදියාමි’ (අමතර ලැබීම් පිළිකෙව් කරමි, පිණ්ඩපාතිකංගය සමාදන් වෙමි)’. යන මේ පාඨ දෙකින් එක්තරා පාඨයෙකින් සමාදානය වේ.

තෙන පන පිණ‍්ඩපාතිකෙන “සඞ‍්ඝභත‍්තං, උද‍්දෙසභත‍්තං, නිමන‍්තනභත‍්තං, සලාකභත‍්තං, පක‍්ඛිකං, උපොසථිකං, පාටිපදිකං, ආගන‍්තුකභත‍්තං, ගමිකභත‍්තං, ගිලානභත‍්තං, ගිලානුපට‍්ඨාකභත‍්තං, විහාරභත‍්තං, ධුරභත‍්තං, වාරකභත‍්ත”න‍්ති එතානි චුද‍්දස භත‍්තානි න සාදිතබ‍්බානි. සචෙ පන “සඞ‍්ඝභත‍්තං ගණ‍්හථා”තිආදිනා නයෙන අවත්‍වා “අම‍්හාකං ගෙහෙ සඞ‍්ඝො භික‍්ඛං ගණ‍්හාතු, තුම‍්හෙපි භික‍්ඛං ගණ‍්හථා”ති වත්‍වා දින‍්නානි හොන‍්ති, තානි සාදිතුං වට‍්ටන‍්ති. සඞ‍්ඝතො නිරාමිසසලාකාපි විහාරෙ පක‍්කභත‍්තම‍්පි වට‍්ටතියෙවාති ඉදමස‍්ස විධානං.

එම පිණ්ඩපාතිකයා විසින් සංඝයා වෙනුවෙන් දෙන බතය, භික්‍ෂූන් කිහිප දෙනකුන් උදෙසා දෙන බතය, ආරාධනාකොට දෙන බතය, සලාක බතය, පක්‍ෂයකට වරක් දෙන බතය, පොහොයට දෙන බතය, පෑළවියට දෙන බතය, ආගන්තුකයනට දෙන බතය, ගමන් යන්නවුනට දෙන බතය, ගිලනුනට දෙන බතය, ගිලානෝපස්ථානයකයනට දෙන බතය, විහාරයෙක්හි වෙසෙන භික්‍ෂූන් උදෙසා දෙන බතය, නිත්‍ය වශයෙන් දෙන බතය, ගම් කිහිපයක් විසින් වාරයෙන් වාරයට දෙන බතය, යන මේ තුදුස් බත නොඉවසිය යුතුය. ඉදින් සංඝයාහට දෙන බත පිළිගනු මැනවැ’යි නොකියා, අපගේ ගෙහි සංඝයා භික්‍ෂාව ගනිති, ඔබවහන්සේද භික්‍ෂාව ගනු මැනවැ’යි කියා දෙනු ලබන බත පිළිගනු වටී. සංඝයා කෙරෙන් කාලනියමයක් නැතිව එදිනෙදා ලැබෙන ලහබතද, විහාරය තුළ පිස දෙනු ලබන බතද පිළිගනු වටීමය. මේ මෙහි පිළිපදනා විධියි.

පභෙදතො පන අයම‍්පි තිවිධො හොති. තත්‍ථ උක‍්කට‍්ඨො පුරතොපි පච‍්ඡතොපි ආහටභික‍්ඛං ගණ‍්හති, පත‍්තද‍්වාරෙ ඨත්‍වා පත‍්තං ගණ‍්හන‍්තානම‍්පි දෙති, පටික‍්කමනං ආහරිත්‍වා දින‍්නභික‍්ඛම‍්පි ගණ‍්හති, තං දිවසං පන නිසීදිත්‍වා භික‍්ඛං න ගණ‍්හති. මජ‍්ඣිමො තං දිවසං නිසීදිත්‍වාපි ගණ‍්හති, ස‍්වාතනාය පන නාධිවාසෙති. මුදුකොස‍්වාතනායපි පුනදිවසායපි භික‍්ඛං අධිවාසෙති. තෙ උභොපි සෙරිවිහාරසුඛං න ලභන‍්ති, උක‍්කට‍්ඨොව ලභති. එකස‍්මිං කිර ගාමෙ අරියවංසො හොති, උක‍්කට‍්ඨො ඉතරෙ ආහ – “ආයාමාවුසො, ධම‍්මසවනායා”ති. තෙසු එකො එකෙනම‍්හි, භන‍්තෙ, මනුස‍්සෙන නිසීදාපිතොති ආහ. අපරො මයා, භන‍්තෙ, ස‍්වාතනාය එකස‍්ස භික‍්ඛා අධිවාසිතාති. එවං තෙ උභො පරිහීනා. ඉතරො පාතොව පිණ‍්ඩාය චරිත්‍වා ගන‍්ත්‍වා ධම‍්මරසං පටිසංවෙදෙසි.

ප්‍රභේද වශයෙන් මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ ඉදිරියෙන්ද පසුපසින්ද එළවනු ලබන භික්‍ෂාව පිළිගනී. පැමිණි දොරකඩ සිටද පාත්‍රය ගන්නවුනට දේ. බොජුන්හලට ගෙනවුත් දෙන භික්‍ෂාවද පිළිගනී. එදිනෙදා පිඩු සිඟා නොගොස් විහාරයට එළවනලද භික්‍ෂාව නොපිළිගනී. මධ්‍යම තෙමේ එදිනෙදා එළවනු ලබන භික්‍ෂාව පිළිගනී. එහෙත් හෙට දවස සඳහා නොඉවසයි. මෘදුක තෙමේ හෙට දවස පිණිසද අනිද්දා දවස පිණිසද භික්‍ෂාව ඉවසයි. (පසුව කී) දෙදෙනාම අපරායත්ත (නිදහස්) දිවිපෙවෙතෙහි සුවය නොලබති, උත්කෘෂ්ට තෙමේම එය ලබයි. එක්තරා ගමෙක අරියවංස දේශනාව පැවැත්වේ, උත්කෘෂ්ට තෙමේ අනෙක් දෙදෙනාට, ‘ඇවැත්නි, දහම් ඇසීමට යන්නමෝදැ’යි කීය. ඔවුනතුරෙන් එක් කෙනෙක්, ‘ස්වාමීනි, එක්තරා කෙනකුන් විසින් (විහාරයෙහි) රඳවනු ලද්දෙමි’යි කිය, අනෙකා ස්වාමීනි, මවිසින් හෙට දවස පිණිස එක්තරා කෙනකුගේ භික්‍ෂාව ඉවසන ලදි’යි කීය. මෙසේ ඒ දෙදෙනාම (ධර්ම ලාභයෙන්) පිරිහුන්හ. අනෙක් භික්‍ෂු තෙමේ උදෑසනක් සේ පිඬු පිණිස හැසිර ඉක්බිති එහි ගොස් දහම්රස විඳියේය.

ඉමෙසං පන තිණ‍්ණම‍්පි සඞ‍්ඝභත‍්තාදිඅතිරෙකලාභං සාදිතක‍්ඛණෙව ධුතඞ‍්ගං භිජ‍්ජති. අයමෙත්‍ථ භෙදො.

මේ (උත්කෘෂ්ට, මධ්‍යම, මෘදුක යන) තිදෙනා විසින්ම සංඝභත්ත ආදී අතිරේක භික්‍ෂා ලාභයක් ඉවසන ලද කෙණෙහිම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.

අයං පනානිසංසො, “පිණ‍්ඩියාලොපභොජනං නිස‍්සාය පබ‍්බජ‍්ජා”ති (අ· නි· 4.27; ඉතිවු· 101) වචනතො නිස‍්සයානුරූපපටිපත‍්තිසබ‍්භාවො, දුතියෙ අරියවංසෙ පතිට‍්ඨානං, අපරායත‍්තවුත‍්තිතා, “අප‍්පානි චෙව සුලභානි ච තානි ච අනවජ‍්ජානී”ති භගවතා සංවණ‍්ණිතපච‍්චයතා, කොසජ‍්ජනිම‍්මද‍්දනතා, පරිසුද‍්ධාජීවතා, සෙඛියපටිපත‍්තිපූරණං, අපරපොසිතා, පරානුග‍්ගහකිරියා, මානප‍්පහානං, රසතණ‍්හානිවාරණං, ගණභොජනපරම‍්පරභොජනචාරිත‍්තසික‍්ඛාපදෙහි අනාපත‍්තිතා, අප‍්පිච‍්ඡතාදීනං අනුලොමවුත‍්තිතා, සම‍්මාපටිපත‍්තිබ්‍රූහනං, පච‍්ඡිමජනතානුකම‍්පනන‍්ති.

මෙහි ආනිසංස මෙසේය: ‘පිණ්ඩපාත භෝජනය නිසා පැවිදි බව පවත්නේය’යි කී හෙයින් නිස්සයට අනුරූපවූ පිළිවෙත් ඇති බවය, දෙවන අරියවංස ප්‍රතිපදාවෙහි පිහිටි බවය, අපරායත්ත යැපීම් ඇති බවය, ‘අගයෙන් අඩුවූද සුලබවූද එය නිරවද්‍යද වේ’ යයි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට පසස්නා ලද ප්‍රත්‍යයක් වනබවය, කුසීත බව මැඩලන බවය, පිරිසුදු ජීවිකා ඇති බවය, සේඛියා පිළිවෙත් පිරෙන බවය, පරපෝෂණ රහිත බවය, පරහට අනුග්‍රහ කරන බවය, මානය පහ කෙරෙන බවය, රස තෘෂ්ණාව වැලකෙන බවය, ගණභොජන, පරම්පරභොජන පිළිබඳ චාරිත්‍ර ශික්‍ෂාපදවලින් ඇවැත් සිදුවීමක් නැතිබවය, අල්පෙච්ඡතාදී ගුණයනට අනුරූප වූ පැවතුම් ඇති බවය, යහපත් පිළිවෙත් වැඩෙන බවය, මතු පරම්පරාවන් කෙරෙහි අනුකම්පා කිරීමය යන මේය.

පිණ‍්ඩියාලොපසන‍්තුට‍්ඨො, අපරායත‍්තජීවිකො; පහීනාහාරලොලුප‍්පො, හොති චාතුද‍්දිසො යති.

පිණ්ඩියාලොපසන්තුට්ඨො අපරායත්තජීවිකො පහීණාහාරලොලුප්පො හොති චාතුද්දිසො යති.

විනොදයති කොසජ‍්ජං, ආජීවස‍්ස විසුජ‍්ඣති; තස‍්මා හි නාතිමඤ‍්ඤෙය්‍ය, භික‍්ඛාචරියාය සුමෙධසො.

විනොදයති කොසජ්ජං ආජීව’ස්ස විසුජ්ඣති තස්මාභි නාතිමඤ්ඤෙය්‍ය භික්‍ඛාචරියං සුමෙධසො

පිඩු සිඟා ලත් අහරින් තෘප්ත වූ භික්‍ෂු තෙමේ අනුන් පිහිට නොකළ යැපීම් ඇත්තේ, පහවූ ආහාරතෘෂ්ණා ඇත්තේ, සිවුදිශාවටම යෝග්‍ය යතිවරයෙක් වන්නේය.

කුසීතබව දුරුකරන්නේය, ඔහුගේ ආජීවය පිරිසුදු වන්නේය, එහෙයින් යහපත් ප්‍රඥා ඇත්තේ භික්‍ෂාචර්යාව සුළුකොට නොතකන්නේය.

එවරූපස‍්ස හි –

මෙබඳු වූ,

“පිණ‍්ඩපාතිකස‍්ස භික‍්ඛුනො, අත‍්තභරස‍්ස අනඤ‍්ඤපොසිනො; දෙවාපි පිහයන‍්ති තාදිනො, නො චෙ ලාභසිලොකනිස‍්සිතො”ති.

පිණ්ඩපාතිකස්ස භික්‍ඛුනො අත්තභරස්ස අනඤ්ඤපොසිනො දෙවා පිහයන්ති තාදිනො නො චෙ ලාභසිලොකනිස්සිතො

තමා විසින්ම යැපෙන, අනුන් විසින් පෝෂණය කරනු නොලබන, එවන් ගුණ ඇති භික්‍ෂුවට, ඉදින් ලාභ කීර්ති කෙරෙහි නොරැදී ඇත්නම්, එබඳු තාදී ගුණයෙන් යුතු ඔහු කෙරෙහි දෙවියෝ ආශා ඇති කෙරෙති.

අයං පිණ‍්ඩපාතිකඞ‍්ගෙ සමාදානවිධානප‍්පභෙදභෙදානිසංසවණ‍්ණනා.

මේ පිණ්ඩපාතිකංගය පිළිබඳ සමාදාන-විධාන-ප්‍රභේද-භේද-ආනිසංසයන් පිළිබඳ වර්ණනායි.