යෙදුමෙන් කියවන්න

මාතිකා

(මාතිකා)

මාතෘකා

1. නයමාතිකා.

1. නය මාතෘකා

සඞ‍්ගහො අසඞ‍්ගහො, සඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතං, අසඞ‍්ගහිතෙන සඞ‍්ගහිතං සඞ‍්ගහිතෙන සඞ‍්ගහිතං, අසඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතං.

සඞ්ග්‍රහ යැ අසඞ්ග්‍රහ යැ, සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ,

සම‍්පයොගො විප‍්පයොගො, සම‍්පයුත‍්තෙන විප‍්පයුත‍්තං, විප‍්පයුත‍්තෙන සම‍්පයුත‍්තං, සම‍්පයුත‍්තෙන සම‍්පයුත‍්තං, විප‍්පයුත‍්තෙන විප‍්පයුත‍්තං.

සම්ප්‍රයෝග යැ විප්‍රයෝග යැ, සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ.

සඞ‍්ගහිතෙන සම‍්පයුත‍්තං විප‍්පයුත‍්තං, සම‍්පයුත‍්තෙන සඞ‍්ගහිතං අසඞ‍්ගහිතං, අසඞ‍්ගහිතෙන සම‍්පයුත‍්තං විප‍්පයුත‍්තං, විප‍්පයුත‍්තෙන සඞ‍්ගහිතං අසඞ‍්ගහිතං.

සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යි.

2. අබ‍්භන‍්තරමාතිකා.

2. අභ්‍යන්තර මාතෘකා

පඤ‍්චක‍්ඛන්‍ධා, ද‍්වාදසායතනානි, අට‍්ඨාරසධාතුයො. චත‍්තාරි සච‍්චානි, බාවීසතින්‍ද්‍රියානි, පටිච‍්චසමුප‍්පාදො, චත‍්තාරො සතිපට‍්ඨානා, චත‍්තාරො සම‍්මප‍්පධානා, චත‍්තාරො ඉද‍්ධිපාදා, චත‍්තාරි ඣානානි, චතස‍්සො අප‍්පමඤ‍්ඤායො, පඤ‍්චීන්‍ද්‍රියානි, පඤ‍්චබලානි, සත‍්තබොජ‍්ඣඞ‍්ගා අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. ඵස‍්සො, වෙදනා සඤ‍්ඤා, චෙතනා, චිත‍්තං, අධිමොක‍්ඛො, මනසිකාරො.

පඤ්චස්කන්‍ධයෝ යැ, ද්වාදශායතනයෝ යැ, අටළොස් ධාතුහු යැ, සතර සත්‍යයෝ යැ, දෙවිසි ඉන්‍ද්‍රියයෝ යැ, ප්‍රතීත්‍යසමුත්පාද යැ, සතරසතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, සතර ධ්‍යානයෝ යැ, සතර අප්‍රාමාණ්‍යයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්‍ග ය. ස්පර්‍ශ යැ, වේදනා යැ, සංඥා යැ, චේතනා යැ, චිත්ත යැ, අධිමෝක්‍ෂ යැ, මනසිකාර යි.

3. නයමුඛමාතිකා.

3. නයමුඛ මාතෘකා

තීහි සඞ‍්ගහො, තීහි අසඞ‍්ගහො, චතුහි සම‍්පයොගො, චතුහි විප‍්පයොගො.

(ස්කන්‍ධ ධාතු ආයතන යන) තුන් පදයෙන් සඞ්ග්‍රහ වෙයි, තුන් පදයෙන් අසඞ්ග්‍රහ වෙයි. සතර අරූපස්කන්‍ධයෙන් සම්ප්‍රයෝග වෙයි, සතර අරූපස්කන්‍ධයෙන් විප්‍රයෝග වේ.

4. ලක‍්ඛණමාතිකා.

4. ලක්‍ෂණ මාතෘකා

සභාගො, විසභාගො

සභාග යැ විසභාග යි.

5. බාහිරමාතිකා.

5. බාහිර මාතෘකා

සබ‍්බා’පි ධම‍්මසඞ‍්ගණී ධාතුකථාය මාතිකා’ති.

හැම ධර්‍මසඞ්ගණි මාතෘකා ධාතු කථාවට මාතෘකා යි.

මාතිකා නිට‍්ඨිතා.

මාතෘකා නිමි.