යෙදුමෙන් කියවන්න

මාතිකාවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මාතෘකා වර්ණනාව

1. නයමාතිකාවණ‍්ණනා

1. නය මාතෘකා වර්ණනාව

සඞ‍්ගහො අසඞ‍්ගහොතිආදීනඤ‍්හි වසෙන ඉදං පකරණං චුද‍්දසවිධෙන විභත‍්තන‍්ති වුත‍්තං. තං සබ‍්බම‍්පි උද‍්දෙසනිද‍්දෙසතො ද‍්විධා ඨිතං. තත්‍ථ මාතිකා උද‍්දෙසො. සා පඤ‍්චවිධා – නයමාතිකා, අබ‍්භන‍්තරමාතිකා, නයමුඛමාතිකා, ලක‍්ඛණමාතිකා, බාහිරමාතිකාති. තත්‍ථ සඞ‍්ගහො අසඞ‍්ගහො…පෙ… විප‍්පයුත‍්තෙන සඞ‍්ගහිතං අසඞ‍්ගහිතන‍්ති – අයං චුද‍්දසහි පදෙහි නික‍්ඛිත‍්තා නයමාතිකා නාම. අයඤ‍්හි ඉමිනා සඞ‍්ගහාදිකෙන නයෙන ධාතුකථා ධම‍්මා විභත‍්තාති දස‍්සෙතුං ඨපිතත‍්තා නයමාතිකාති වුච‍්චති. එතෙසං පදානං මූලභූතත‍්තා මූලමාතිකාතිපි වත‍්තුං වට‍්ටති.

සංග්‍රහ අසංග්‍රහ යනාදි වශයෙන් මේ ප්‍රකරණය තුදුස් විදියකින් බෙදන ලදැයි කියන ලදී. ඒ සියල්ලම උද්දේස නිද්දේස වශයෙන් දෙයාකාරයකින් පවතී. එහි මාතෘකා උද්දේසය නය මාතෘකා, අභ්‍යන්තර මාතෘකා, නයමුඛ මාතෘකා ලක්‍ෂණ මාතිකා, බාහිර මාතිකා යයි එය පස්වැදෑරුම් වේ. එහි සංගහ අසංගහො -පෙ- විප්පයුත්තෙන සංගහිත අසංගහිතං යයි පද තුදුසකින් තබන ලද මෙය නය මාතෘකා නම් වේ. මෙය වනාහි මේ සංග්‍රහාදි නයින් ධාතුකථා ධර්ම බෙදන ලදැයි දැක්වීමට තබන ලද්දේ නය මාතෘකා යයි කියනු ලැබේ. මේ පදවලට මුල්වූ හෙයින් මුල් මාතෘකා යයි කීමට ද වටී.

2. අබ‍්භන‍්තරමාතිකාවණ‍්ණනා

2. අභ්‍යන්තර මාතෘකා වර්ණනාව

පඤ‍්චක‍්ඛන්‍ධා …පෙ… මනසිකාරොති අයං පඤ‍්චවීසාධිකෙන පදසතෙන නික‍්ඛිත‍්තා අබ‍්භන‍්තරමාතිකා නාම. අයඤ‍්හි “සබ‍්බාපි ධම‍්මසඞ‍්ගණී ධාතුකථාය මාතිකා”ති එවං අවත්‍වා සඞ‍්ගහාදිනා නයෙන විභජිතබ‍්බෙ ඛන්‍ධාදිධම‍්මෙ සරූපතො දස‍්සෙත්‍වා ධාතුකථාය අබ‍්භන‍්තරෙයෙව ඨපිතත‍්තා අබ‍්භන‍්තරමාතිකාති වුච‍්චති. ඛන්‍ධාදිපදානං ධම‍්මසඞ‍්ගණීමාතිකාය අසඞ‍්ගහිතත‍්තා පකිණ‍්ණකමාතිකාතිපි වත‍්තුං වට‍්ටති.

පඤ්චක්‍ඛන්‍ධා -පෙ- මනසිකාරො යන පද එකසිය විසිපහකින් තබන ලද්දේ අභ්‍යන්තර මාතෘකා නම් වේ. මේ සියල්ල ද ධම්ම සංගණී ධාතු කථාවේ මාතෘකා යයි මෙසේ නොකියා සංග්‍රහ ආදි නයින් බෙදූ ස්කන්‍ධාදි ධර්මයන් ස්වරූපයෙන් දක්වා ධාතුකථාවේ අභ්‍යන්තරයේම තබන ලද හෙයින් අභ්‍යන්තර මාතෘකා යයි කියනු ලැබේ. ස්කන්‍ධාදී පද ධම්ම සංගණ මාතෘකාවේ සංග්‍රහ නොවූ බැවින් ප්‍රකීර්ණක මාතෘකා යයි ද කීමට වටී.

3. නයමුඛමාතිකාවණ‍්ණනා

3. නයමුඛ මාතෘකා වර්ණනාව

තීහි සඞ‍්ගහො, තීහි අසඞ‍්ගහො; චතූහි සම‍්පයොගො, චතූහි විප‍්පයොගොති අයං චතූහි පදෙහි නික‍්ඛිත‍්තා නයමුඛමාතිකා නාම. අයඤ‍්හි සබ‍්බෙසුපි පඤ‍්චක‍්ඛන්‍ධාදීසු චෙව කුසලත‍්තිකාදීසු ච මාතිකාධම‍්මෙසු, තීහි ඛන්‍ධායතනධාතුපදෙහෙව සඞ‍්ගහො ච අසඞ‍්ගහො ච යොජෙතබ‍්බො. තථා චතූහි අරූපක‍්ඛන්‍ධෙහි සම‍්පයොගො ච විප‍්පයොගො ච. එතානි ඉමෙසං සඞ‍්ගහාසඞ‍්ගහාදීනං නයානං මුඛානීති දස‍්සෙතුං ඨපිතත‍්තා නයමුඛමාතිකාති වුච‍්චති.

තීහි සංගහො තීහි අසංගහො චතූහි සම්පයොගො චතූහි විප්පයොගො යන මේ පද සතරින් තබන ලද බැවින් නය මුඛ මාතෘකා නම් වේ. මෙය වනාහි සියළුම පංචස්කන්‍ධාදියෙහි මෙන්ම කුසල ත්‍රිකාදියෙහි ද මාතෘකා ධර්මවල ස්කන්‍ධ ධාතු ආයතන පද තුනෙන්ම සංග්‍රහ අසංග්‍රහය ද යෙදිය යුතුය. එසේම සතර අරූපකන්ධවලින් සයෝග විප්‍රයෝගය ද යෙදිය යුතුය. මේවා මේ සංග්‍රහාදි නයවල මුඛ යයි දැක්වීමට තබන ලද බැවින් නියමුඛ මාතෘකා යට කියනු ලැබේ.

4. ලක‍්ඛණමාතිකාවණ‍්ණනා

4. ලක්‍ෂණ මාතෘකා වර්ණනාව

සභාගො , විසභාගොති අයං ද‍්වීහි පදෙහි නික‍්ඛිත‍්තා ලක‍්ඛණමාතිකා නාම. අයඤ‍්හි සභාගලක‍්ඛණෙහි ධම‍්මෙහි සඞ‍්ගහනයො, විසභාගලක‍්ඛණෙහි අසඞ‍්ගහනයො, තථා සම‍්පයොගවිප‍්පයොගනයො යොජෙතබ‍්බොති සභාගවිසභාගලක‍්ඛණවසෙන සඞ‍්ගහාදිලක‍්ඛණං දස‍්සෙතුං ඨපිතත‍්තා ලක‍්ඛණමාතිකාති වුච‍්චති.

සභාග විසභාග දෙපදයෙන් තබන ලද්දේ ලක්‍ෂණ මාතෘකා නම් වේ. මෙය වනාහි සභාග ලක්‍ෂණ ධර්මවලින් සංග්‍රහ නය වේ. විභාග ලක්‍ෂණවලින් අසංග්‍රහ නය වේ. එසේම සම්ප්‍රයෝග විප්‍රයෝග නය ද යෙදිය යුතු වේ. සභාග විසභාග ලක්‍ෂණ වශයෙන් සංග්‍රහාදි ලක්‍ෂණ දැක්වීමට තබන ලද බැවින් ලක්‍ෂණ මාතෘකා යයි කියනු ලැබේ.

5. බාහිරමාතිකාවණ‍්ණනා

5. බාහිර මාතෘකා වර්ණනාව

සබ‍්බාපි ධම‍්මසඞ‍්ගණී ධාතුකථාය මාතිකාති අයං ඡසට‍්ඨි තිකපදානි, ද‍්වෙ ච දුකපදසතානි සඞ‍්ඛිපිත්‍වා නික‍්ඛිත‍්තා බාහිරමාතිකා නාම. අයඤ‍්හි “පඤ‍්චක‍්ඛන්‍ධා…පෙ… මනසිකාරො”ති එවං ධාතුකථාය අබ‍්භන‍්තරෙ අවත්‍වා “සබ‍්බාපි ධම‍්මසඞ‍්ගණී”ති එවං ධාතුකථාය මාතිකතො බහි ඨපිතත‍්තා බාහිරමාතිකාති වුච‍්චති.

සබ්බාපි ධම්මසංගණී ධාතුකථාය මාතිකා යන මේ සසැටක් වූ තික පද මෙන්ම සියයක් වූ දුක පද ද හකුළුවා තබන ලද බැවින් බාහිර මාතෘකා නම් වේ. මෙය වනාහි පඤ්චක්‍ඛන්‍ධා -පෙ- මනසිකාරො යන මෙසේ ධාතු කථාවේ ඇතුළත නොකියා සබ්බාපි ධම්මසංගණී යන ධාතුකථාවේ මාතෘකාවලින් බාහිරව තබන ලද බැවින් බාහිර මාතෘකා යයි කියනු ලැබේ.

එවං මාතිකාය පඤ‍්චධා ඨිතභාවං විදිත්‍වා ඉදානි ‘සඞ‍්ගහො අසඞ‍්ගහො’තිආදීසු සඞ‍්ගහො තාව ජාතිසඤ‍්ජාතිකිරියාගණනවසෙන චතුබ‍්බිධො. තත්‍ථ – “සබ‍්බෙ ඛත‍්තියා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙ බ්‍රාහ‍්මණා, සබ‍්බෙ වෙස‍්සා, සබ‍්බෙ සුද‍්දා ආගච‍්ඡන‍්තු”, “යා චාවුසො විසාඛ, සම‍්මාවාචා, යො ච සම‍්මාකම‍්මන‍්තො, යො ච සම‍්මාආජීවො, ඉමෙ ධම‍්මා සීලක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති අයං ජාතිසඞ‍්ගහො නාම. “එකජාතිකා ආගච‍්ඡන‍්තූ”ති වුත‍්තට‍්ඨානෙ විය හි ඉධ සබ‍්බෙපි ජාතියා එකසඞ‍්ගහං ගතා. “සබ‍්බෙ කොසලකා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙ මාගධකා, සබ‍්බෙ භාරුකච‍්ඡකා ආගච‍්ඡන‍්තු”, “යො චාවුසො විසාඛ, සම‍්මාවායාමො; යා ච සම‍්මාසති, යො ච සම‍්මාසමාධි, ඉමෙ ධම‍්මා සමාධික‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462) අයං සඤ‍්ජාතිසඞ‍්ගහො නාම. “එකට‍්ඨානෙ ජාතා සංවඩ‍්ඪා ආගච‍්ඡන‍්තූ”ති වුත‍්තට‍්ඨානෙ විය හි ඉධ සබ‍්බෙපි සඤ‍්ජාතිඨානෙන නිවුත්‍ථොකාසෙන එකසඞ‍්ගහං ගතා. “සබ‍්බෙ හත්‍ථාරොහා ආගච‍්ඡන‍්තු, සබ‍්බෙ අස‍්සාරොහා, සබ‍්බෙ රථිකා ආගච‍්ඡන‍්තු”, “යා චාවුසො විසාඛ, සම‍්මාදිට‍්ඨි, යො ච සම‍්මාසඞ‍්කප‍්පො, ඉමෙ ධම‍්මා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462) අයං කිරියාසඞ‍්ගහො නාම. සබ‍්බෙව හෙතෙ අත‍්තනො කිරියාකරණෙන එකසඞ‍්ගහං ගතා. “චක‍්ඛායතනං කතමක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතීති? රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡතී”ති. හඤ‍්චි චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධගණනං ගච‍්ඡති, තෙන වත රෙ වත‍්තබ‍්බෙ – ‘චක‍්ඛායතනං රූපක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිත”න‍්ති (කථා· 471), අයං ගණනසඞ‍්ගහො නාම. අයමිධ අධිප‍්පෙතො. තප‍්පටිපක‍්ඛෙන අසඞ‍්ගහො වෙදිතබ‍්බො. තෙසං විකප‍්පතො සඞ‍්ගහිතෙන අසඞ‍්ගහිතාදීනි. එකුප‍්පාදෙකනිරොධඑකවත්‍ථුකඑකාරම‍්මණතාවසෙන සම‍්පයොගො, තප‍්පටිපක‍්ඛතො විප‍්පයොගො. තෙසං විකප‍්පතො සම‍්පයුත‍්තෙන විප‍්පයුත‍්තාදීනි. තදුභයසංසග‍්ගවිකප‍්පතො සඞ‍්ගහිතෙන සම‍්පයුත‍්තං විප‍්පයුත‍්තන‍්තිආදීනි. පඤ‍්චක‍්ඛන්‍ධාතිආදීනි පන ඛන්‍ධවිභඞ‍්ගාදීසු වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. ඵස‍්සාදයො පනෙත්‍ථ සන‍්නිට‍්ඨානවසෙන වුත‍්තසබ‍්බචිත‍්තුප‍්පාදසාධාරණතො වුත‍්තාති.

මෙසේ මාතෘකාවෙහි පස් අයුරකින් සිටි බව දැන දැන සංග්‍රහ අසංග්‍රහ යනාදියෙහි පළමුව සංග්‍රහය ජාති, සඤ්ජාති, ක්‍රියා, ගණන වශයෙන් සතරාකාර වේ. එහි, සියළු ක්‍ෂත්‍රියෝ පැමිණෙත්වා. සියළු බ්‍රාහ්මණයෝ සියළු වෛශ්‍යයෝ, සියළු ශුද්‍රයෝ පැමිණෙත්වා. විසාඛ! යම් සම්‍යක් වචනයක්, සම්‍යක් කර්මාන්තයක්, සම්‍යක් ආජීවයක් වේද, ඒ සියල්ල සීල ස්කන්‍ධයෙහි සංග්‍රහ වේ යන මෙය ජාති සංග්‍රහ නම් වේ. එක් ජාතියක් පැමිණේවා කියූ තැන මෙන් මෙහි සියළු ජාතීහු එක් සංග්‍රහයකට ඇතුළත් වූහ. සියළු කොසොල් රටවැස්සෝ පැමිණෙත්වා, සියළු මගධ රටවැසියෝ පැමිණෙත්වා. සියළු භෘගුකච්ඡවාසීහු පැමිණෙත්වා. විසාඛ! යම් සම්‍යක් ව්‍යායාමයක්, සිහියක්, එකඟකමක් වේද, ඒ සියල්ල සමාධි ස්කන්ධයෙහි සංග්‍රහ වේය යන මෙය සඤ්ජාති සංග්‍රහ නම් වේ. එක් ස්ථානයක ඉපදුණු වැඩුණු තැනැත්තෝ පැමිණෙත්වා කියූ තැන මෙන් මෙහි හටගත් තැනින් විසූ තැනින් එක් සංග්‍රහයකට පැමිණියේය. සියළු ඇතරුවෝ පැමිණෙත්වා. සියළු අසරුවෝ පැමිණෙත්වා. සියළු රියරුවෝ පැමිණෙත්වා. විසාඛ, යම් සම්මා දිට්ඨියක්, සම්මා සංකප්පයක් වේද, මේ ධර්ම ප්‍රඥා ස්කන්‍ධයෙහි සංග්‍රහ වේය යන මෙය ක්‍රියා සංග්‍රහ නම් වේ. සියල්ලෝම තමාගේ ක්‍රියා කිරිමෙන් එක් සංග්‍රහයකට පැමිණියහ. චක්‍ෂු ආයතනය කුමන ස්කන්ධයට අයත්ද? චක්‍ෂු ආයතනය රූපස්කන්‍ධයට අයත්ය. ඒ නිසා චක්‍ෂු ආයතනය රූපස්කන්‍ධයෙහි සංග්‍රහ වේ යයි කිවයුතු මෙය ගණන සංග්‍රහ නම් වේ. මෙය මෙහි අභිප්‍රේතය. ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් අසංග්‍රහය දැනගත යුතුය. සංග්‍රහ කිරීමෙන් අසංග්‍රහාදිය ඒවායේ විකල්ප වශයෙන් දතයුතුය. එකට ඉපදීම, නිරුද්ධවීම, එක් වස්තුවක හා අරමුණක පැවතීම වශයෙන් සම්ප්‍රයෝගය වේ. ඊට ප්‍රතිපක්‍ෂ වශයෙන් විප්‍රයෝගය වේ. සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුත්තාදිය ඒවායේ විකල්ප වශයෙන් වේ. පංචස්කන්‍ධාදි ස්කන්ධ විභංගවල කියන ලද නයින්ම දතයුතුය. මෙහි ස්පර්ශ ආදිය වනාහි නිශ්චය වශයෙන් කියන ලද සියළු චිත්තුප්පාද සාධාරණ ලෙස කියන ලදී.

මාතිකාවණ‍්ණනා.

මාතෘකා වර්ණනාව නිමා විය.

නිද‍්දෙසවණ‍්ණනා

නිර්‍දෙශ වර්ණනාව