1. පඨමනයො සඞ්ගහාසඞ්ගහපදවණ්ණනා අට්ඨකථා
1. සංග්‍රහ අසංග්රහ පද වර්ණනාව
ඛන්ධපදවණ්ණනා
ඛන්ධපදවණ්ණනා
ඉදානි පඤ්චක්ඛන්ධාදිවසෙන නික්ඛිත්තමාතිකං ‘සඞ්ගහො අසඞ්ගහො’තිආදීහි නයමාතිකාපදෙහි සද්ධිං යොජෙත්වා දස්සෙතුං රූපක්ඛන්ධො කතිහි ඛන්ධෙහීතිආදිනා නයෙන නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ යස්මා “සඞ්ගහො අසඞ්ගහොතිආදිකාය නයමාතිකාය “තීහි සඞ්ගහො, තීහි අසඞ්ගහො”ති නයමුඛමාතිකා ඨපිතා, තස්මා රූපක්ඛන්ධාදීනං සඞ්ගහං දස්සෙතුං කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහීති තීණි ඛන්ධායතනධාතුපදානෙව උද්ධටානි. ‘චත්තාරි සච්චානී’තිආදීසු එකම්පි න පරාමට්ඨං. යස්මා ච “සභාගො විසභාගො”ති එවං ලක්ඛණමාතිකා ඨපිතා, තස්මා ඉමස්ස පඤ්හස්ස විස්සජ්ජනෙ රූපක්ඛන්ධො එකෙන ඛන්ධෙනාතිආදි වුත්තං. සභාගා හි තස්ස එතෙ ඛන්ධාදයොති. තත්ථ එකෙන ඛන්ධෙනාති රූපක්ඛන්ධෙනෙව. යඤ්හි කිඤ්චි රූපං රූපක්ඛන්ධසභාගත්තා රූපක්ඛන්ධොත්වෙව සඞ්ගහං ගච්ඡතීති රූපක්ඛන්ධෙනෙව ගණිතං, තං රූපක්ඛන්ධෙනෙව පරිච්ඡින්නං. එකාදසහායතනෙහීති මනායතනවජ්ජෙහි. සබ්බොපි හි රූපක්ඛන්ධො දසායතනානි ධම්මායතනෙකදෙසො ච හොති, තස්මා එකාදසහායතනෙහි ගණිතො , පරිච්ඡින්නො. එකාදසහි ධාතූහීති සත්තවිඤ්ඤාණධාතුවජ්ජාහි එකාදසහි එතාසු හි අපරියාපන්නං රූපං නාම නත්ථි.
දැන් පංචස්කන්ධාදී වශයෙන් තබන ලද මාතෘකාව සංගහ අසංගහ ආදියෙන් නය මාතෘකා පද සමග දැක්වීමට රූපක්ඛන්ධො කතීහි ඛන්ධෙහි යනාදි නයින් නිද්දේසවාරය අරඹන ලදී. එය එහි සංගහො අසංගහො යන නය මාතෘකා මුල්කොට කීය. සංගහො තීහි අසංගහො යන නය මුඛ මාතෘකා යම්සේ තබන ලදද, එහෙයින් රූපස්කන්ධාදියේ සංග්‍රහය දැක්වීමට කතීහි බන්ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි යන ස්කන්ධ ධාතු ආයතන පද තුන උපුටන ලදී. චත්තාරි සච්චානි යනාදියෙහි එකකුදු පරාමර්ශනය නො කරන ලදී. සභාගො විසභාගො යන ලක්ෂණ මාතෘකා යම්සේ තබන ලද ද එහෙයින් මේ ප්රශ්නය විසඳීමෙහි රූපක්ඛන්ධො එකෙන බන්ධෙන යනාදිය කියන ලදී. ඒවායේ සභාග වනාහි මේ ස්කන්ධාදියයි. එහි එකෙන ඛන්ධෙන යනු රූපස්කන්ධයම වේ. යම්කිසි රූපයක් රූපස්කන්ධයට සභාග බැවින් රූපස්කන්ධයටම සංග්‍රහ වේනුයි රූපස්කන්ධයෙහිම ලා ගණන් ගන්නා ලදී. එය රූපස්කන්ධයෙන්ම බෙදන ලදී. එකාදසහායතනෙහි යනු මනායතනය අත්හැරීමෙන් යනු වේ. සියළු රූපස්කන්ධය වනාහි ආයතන දහයකි. ධම්මායතනයෙහි ඒක දේශයක් වේ. එනිසා එකොලොස් ආයතනයකින් ගණින ලදී. වෙන්කරන ලදී. එකාදසහි ධාතුහි යනු විඤ්ඤාණ ධාතු හත අත්හැර එකොලහය. මේවායෙහි ඇතුළත් නොවූ රූපයක් නම් නැත.
අසඞ්ගහනයනිද්දෙසෙ කතිහි අසඞ්ගහිතොති සඞ්ඛෙපෙනෙව පුච්ඡා කතා. විස්සජ්ජනෙ පනස්ස යස්මා රූපක්ඛන්ධස්ස විසභාගා චත්තාරො අරූපක්ඛන්ධා, එකං මනායතනං, සත්ත විඤ්ඤාණධාතුයො; තස්මා චතූහි ඛන්ධෙහීතිආදි වුත්තං. ඉමිනා නයෙන සබ්බපදෙසු සඞ්ගහාසඞ්ගහො වෙදිතබ්බො. ඉමස්මිං පන ඛන්ධනිද්දෙසෙ – “රූපක්ඛන්ධො කතිහි ඛන්ධෙහී”තිආදිම්හි තාව එකමූලකෙ සඞ්ගහනයෙ සරූපෙනෙව දස්සිතා පඤ්ච පුච්ඡා, පඤ්ච විස්සජ්ජනානි. අසඞ්ගහනයෙ සඞ්ඛෙපෙන දස්සිතා පඤ්ච පුච්ඡා, පඤ්ච විස්සජ්ජනානි. ඉමිනා උපායෙන දුකමූලකාදීසුපි පුච්ඡාවිස්සජ්ජනානි වෙදිතබ්බානි. රූපක්ඛන්ධමූලකායෙව චෙත්ථ දුකතිකචතුක්කා දස්සිතා. පඤ්චකෙ පන “රූපක්ඛන්ධො ච…පෙ… විඤ්ඤාණක්ඛන්ධො චා”ති එවං භෙදතො ච, “පඤ්චක්ඛන්ධා කතිහි ඛන්ධෙහී”ති එවං අභෙදතො චාති ද්විධා පුච්ඡාවිස්සජ්ජනානි කතානි. එවං පාළිනයො වෙදිතබ්බොති.
අසංග්රහ නය නිර්දේශයෙහි කතීහි අසංගහිතො යනු කෙටියෙන් ප්‍රශ්න කරන ලදී. විසඳීමෙහි වනාහි මේ රූපස්කන්ධයට විසභාග වූයේ අරූපස්කන්ධ සතර, මනායතනය හා විඤ්ඤාණ ධාතු හතය. ඒ නිසා චතුහි ඛන්ධෙහි යනාදිය කියන ලදී. සියළු පදවල සංග්‍රහ අසංග්රහ මේ නයින් දතයුතුය. මේ ස්කන්ධ නිර්දේශයෙහි රූපක්ඛන්ධො කතීහි ඛන්ධෙහි යනාදියෙහි පළමුවෙන් ඒක මූලකයෙහි ප්‍රශ්න පහ සහ විසඳුම් පහ සංග්‍රහ නයෙහි ස්වරූපයෙන්ම දක්වන ලදී. අසංග්රහ නයෙහි ප්‍රශ්න පහ සහ විසඳුම් පහ කෙටියෙන් දක්වන ලදී. දුක මූලකාදියෙහි ද ප්‍රශ්න හා විසඳුම් මේ උපායෙන් දතයුතුය. මෙහි රූපස්කන්ධ මූලකයෙහි ද දුක තික චතුක්ක දක්වන ලදී. පංචකයෙහි වනාහි රූපක්ඛන්ධො ච -පෙ- විඤ්ඤාණක්ඛන්ධොච යන මෙසේ භේද වශයෙන් ද පඤ්චක්ඛන්ධා කතීහි ඛන්ධෙහි යන මෙසේ අභේද වශයෙන් දැයි ප්‍රශ්න හා විසඳුම් දෙයාකාරයකින් කරන ලදී. මේ පාළි නය දතයුතුය.
අභ්‍යන්තර මාතෘකාවේ ස්කන්ධ පද නිර්දේශය නිමා විය.
ආයතනපදාදිවණ්ණනා
ආයතනපදාදිවණ්ණනා
ආයතනපදනිද්දෙසාදීසු ආයතනපදනිද්දෙසෙ තාව චක්ඛායතනං එකෙන ඛන්ධෙනාති එකෙන රූපක්ඛන්ධෙනෙව, එකෙන චක්ඛායතනෙනෙව එකාය චක්ඛුධාතුයාව සඞ්ගහිතන්ති වෙදිතබ්බං. සොතායතනාදීසුපි ඉමිනාව නයෙන සඞ්ගහාසඞ්ගහො වෙදිතබ්බො. අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වාති එත්ථ පන යස්මා අසඞ්ඛතං ධම්මායතනං නාම නිබ්බානං, තඤ්ච ඛන්ධසඞ්ගහං න ගච්ඡති; තස්මා ‘ඛන්ධතො ඨපෙත්වා’ති වුත්තං. චතූහි ඛන්ධෙහීති රූපවෙදනාසඤ්ඤාසඞ්ඛාරක්ඛන්ධෙහි. නිබ්බානවජ්ජඤ්හි ධම්මායතනං එතෙහි සඞ්ගහිතං. විඤ්ඤාණක්ඛන්ධෙන පන ඨපෙත්වා ධම්මායතනධම්මධාතුයො සෙසායතනධාතූහි ච තං න සඞ්ගය්හති. තෙන වුත්තං – “එකෙන ඛන්ධෙන, එකාදසහායතනෙහි, සත්තරසහි ධාතූහි අසඞ්ගහිත”න්ති. යථා ච තෙ හෙට්ඨා රූපක්ඛන්ධමූලකා, එවමිධාපි චක්ඛායතනමූලකාව නයා වෙදිතබ්බා. දුකමත්තමෙව පන පාළියං දස්සෙත්වා “ද්වාදසායතනානී”ති අභෙදතොව පුච්ඡාවිස්සජ්ජනං කතං. ධාතුනිද්දෙසෙපි එසෙව නයො.
ආයතන පද නිර්දේශාදියෙහි පළමුවෙන් ආයතන පද නිර්දේශය. චක්ඛායතනං එකෙන බන්ධෙන යන එක් රූපස්කන්ධයකින්ම එක් චක්ෂු ආයතනයකින්ම එක් චක්ෂු ධාතුවකින්ම සංග්‍රහ කරන ලදැයි දතයුතුය. සෝතායතනාදියෙහි ද සංග්‍රහ අසංග්රහ මේ නයින්ම දතයුතුය. අසංඛතං ඛන්ධතො ඨපෙත්වා යන මෙහි වනාහි යම්සේ අසංඛත ධම්මායතනය නම් නිවණයි. එයද ස්කන්ධ සංග්‍රහයට නොයේ. එනිසා ස්කන්ධවලින් හැර යයි කියන ලදී. චතූහි ඛන්ධෙහි යනු රූප වේදනා සඤ්ඤා සංස්කාර ස්කන්ධවලින්. නිවණ හැර ධම්මායතනය මේවායින් සංග්‍රහ කරන ලදී. විඤ්ඤාණ ස්කන්ධයෙන් ධම්මායතන ධම්මධාතු හැර සෙසු ආයතනවලින්ද එය සංග්‍රහ නොකරයි. එක් ස්කන්ධයකින් ආයතන එකොලහකින් ධාතු සතලොසකින් සංග්‍රහ නොකරන ලදැයි ඒ නිසා කියන ලදී. යට කියන ලද රූපස්කන්ධ මූලක නය මෙන් මෙහි චක්ෂු ආයතන මූලක නය ද දතයුතුය. දුක පමණක්ම පෙළෙහි දක්වා දොලොස් ආයතන අභේද වශයෙන්ම ප්‍රශ්න හා විසඳුම් කරන ලදී. ධාතු නිර්දේශයෙහි ද මෙම නයම වේ.
සච්චනිද්දෙසෙ – සබ්බෙපි දුකතිකචතුක්කා පාළියං දස්සිතා. යස්මා ච දුකතිකෙසු සමුදයසච්චසදිසමෙව මග්ගසච්චෙපි විස්සජ්ජනං, තස්මා තං සමුදයානන්තරං වුත්තං.
සත්‍ය නිර්දේශයෙහි සියළු දුක තික චතුක්ක පෙළෙහි දක්වන ලදී. දුක තිකවල සමුදය සත්‍යයෙහි මෙන්ම මාර්ග සත්‍යයෙහි ද විසඳීම වේ. අනතුරුව ඒ සමුදය එනිසා කියන ලදී.
ඉන්ද්රියනිද්දෙසෙ – ජීවිතින්ද්රියං ද්වීහි ඛන්ධෙහීති රූපජීවිතින්ද්රියං රූපක්ඛන්ධෙන, අරූපජීවිතින්ද්රියං සඞ්ඛාරක්ඛන්ධෙන සඞ්ගහිතං. සෙසං වුත්තනයානුසාරෙනෙව වෙදිතබ්බං. පාළිවවත්ථානං පනෙත්ථ ආයතනධාතුනිද්දෙසසදිසමෙව.
ඉන්ද්රිය නිර්දේශයෙහි ද ජීවිතින්ද්රියං ද්වීහි ඛන්ධෙහි යන රූප ජීවිතේන්ද්රිය රූප ස්කන්ධයෙන්ද අරූප ජීවිතේන්ද්රිය සංස්කාර ස්කන්ධයෙන් ද සංග්‍රහ කරන ලදී. සෙස්ස කියන ලද ආකාරයෙන්ම දතයුතුය. පෙළෙහි ව්යවස්ථානයන් වනාහි මෙහි ආයතන ධාතු නිර්දේශවලට සමාන වේ.
පටිච්චසමුප්පාදවණ්ණනා
පටිච්චසමුප්පාදවණ්ණනා
පටිච්චසමුප්පාදනිද්දෙසෙ – “අවිජ්ජා කතිහි ඛන්ධෙහී”ති පුච්ඡං අනාරභිත්වා අවිජ්ජා එකෙන ඛන්ධෙනාති එවං විස්සජ්ජනමෙව දස්සිතං. තත්ථ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති පටිසන්ධියං පවත්තෙ ච සබ්බම්පි විපාකවිඤ්ඤාණං. තෙනෙවාහ – “සත්තහි ධාතූහි සඞ්ගහිත”න්ති. නාමරූපම්පි පටිසන්ධිපවත්තිවසෙනෙව වෙදිතබ්බං. තෙනෙවෙත්ථ සද්දායතනම්පි සඞ්ගහෙත්වා එකාදසහායතනෙහි සඞ්ගහො දස්සිතො. ඵස්සාදීසු ඛන්ධභෙදො වෙදිතබ්බො. අඤ්ඤෙනෙව හි එකෙන ඛන්ධෙන ඵස්සො සඞ්ගහිතො, අඤ්ඤෙන වෙදනා, තණ්හාඋපාදානකම්මභවා පන සඞ්ඛාරක්ඛන්ධෙනෙව සඞ්ගහිතා. භවපදඤ්චෙත්ථ කම්මභවාදීනං වසෙන එකාදසධා විභත්තං. තත්ථ කම්මභවො ඵස්සාදීහි සදිසවිසජ්ජනත්තා තෙහි සද්ධිං එකතො දස්සිතො. උපපත්තිභවකාමභවසඤ්ඤාභවපඤ්චවොකාරභවා අඤ්ඤමඤ්ඤසදිසවිස්සජ්ජනත්තා එකතො දස්සිතා. යස්මා චෙතෙ උපාදින්නකධම්මාව තස්මා “එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහී”ති වුත්තං. සද්දායතනඤ්හි අනුපාදින්නං, තං එත්ථ න ගහිතං.
පටිච්ච සමුප්පාද නිර්දේශයෙහි අවිද්‍යාව ස්කන්ධ කීයකින්දැයි ප්රශ්නය නො අරඹා අවිද්‍යා එක් ස්කන්ධයකින් යයි විසඳුමට දක්වන ලදී. එහි සංඛාර පච්චථා විඤ්ඤාණං යන සියළුම විපාක විඤ්ඤාණ ප්රතිසන්ධිය පැවැත්මෙහි වන නිසා ධාතු සතකින් සංගෘහිත යයි කීය. නාමරූපද ප්රතිසන්ධි පැවැත්ම වශයෙන්ම දතයුතුය. එහෙයින්ම මෙහි ශබ්දායතනය ද සංග්‍රහ කොට ආයතන එකොලහකින් සංග්‍රහය දක්වන ලදී. ස්පර්ශ ආදියෙහි ස්කන්ධ භේදය දතයුතුය. අනික් ස්කන්ධයකින්ම ස්පර්ශය සංගෘහිතය. වේදනාව අනිත් එකකිනි. තෘෂ්ණා උපාදාන කර්මභව වනාහි සංස්කාර ස්කන්ධයෙන්ම සංග්‍රහ කරන ලදී. මෙහි භව පදයද කර්ම භවාදීන්ගේ වශයෙන් එකොලොස් ආකාරයට බෙදන ලදී. එහි කර්මභවය ස්පර්ශාදිය සමානව විසඳන ලද බැවින් ඒවා සමග එකට දක්වන ලදී. උත්පත්ති භව කාම භව සඤ්ඤා භව, පඤ්චවෝකාර භව ඔවුනොවුන් හා සමානව විසඳන ලද බැවින් එකට දක්වන ලදී. යම්සේ මේවා උපාදින්නක ධර්ම වේද, ඒ නිසා එකොලොස් ආයතනවලින් සතළොස් ධාතුවලින් කියන ලදී. ශබ්දායතනය අනුපාදින්න නිසා එය මෙහි නො ගන්නා ලදී.
රූපභවනිද්දෙසෙ – පඤ්චහායතනෙහීති චක්ඛුසොතමනරූපධම්මායතනෙහි. අට්ඨහි ධාතූහීති චක්ඛුසොතචක්ඛුවිඤ්ඤාණසොතවිඤ්ඤාණරූපධම්මමනොධාතුමනොවිඤ්ඤාණධාතූහි. අරූපභවාදයොපි තයො සදිසවිස්සජ්ජනත්තාව එකතො දස්සිතා. තථා අසඤ්ඤාභවඑකවොකාරභවා. තත්ථ ද්වීහායතනෙහීති රූපායතනධම්මායතනෙහි. ධාතූසුපි එසෙව නයො. එකතලවාසිකානඤ්හි සෙසබ්රහ්මානං චක්ඛුසබ්භාවතො තස්සාරම්මණත්තා තත්ථ රූපායතනං උද්ධටං.
රූප භව නිර්දේශයෙහි පඤ්චහායතනෙහි චක්ඛු, සෝත, මන, රූප ධර්මායතනවලින්, අට්ඨහි ධාතුහි යන චක්ඛු, සෝත, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, රූප, ධම්ම, මනෝධාතු, මනෝධාතු, මනෝ විඤ්ඤාණ ධාතුවලින් අරූප භවාදි තුන සමානව විසඳන ලද බැවින් එකට දක්වන ලදී. අසඥ භව එක් ස්කන්ධයක් ඇති භව එසේය. එහි ද්වීහායතනෙහි යනු රූපායතන ධම්මායතනවලින් ධාතුවල ද මෙම නයමයයි. ඒකතල වාසීන්ට සහ සෙසු බ්‍රහ්මයින්ට චක්ෂු ඇති බැවින් ඊට අරමුණු වන බැවින් එහි රූපායතනය ද උදුරන ලදී.
ජාති ද්වීහි ඛන්ධෙහීති රූපජාති රූපක්ඛන්ධෙන, අරූපජාති සඞ්ඛාරක්ඛන්ධෙන. ජරාමරණෙසුපි එසෙව නයො. සොකාදීසුපි එකෙන ඛන්ධෙනාති සොකදුක්ඛදොමනස්සානි වෙදනාක්ඛන්ධෙන, පරිදෙවො රූපක්ඛන්ධෙන, උපායාසාදයො සඞ්ඛාරක්ඛන්ධෙනාති එවං ඛන්ධවිසෙසො වෙදිතබ්බො.
ජාති ද්වීහි ඛන්ධෙහි යනු රූප ජාති රූප ස්කන්ධයෙන් අරූප ජාති සංස්කාර ස්කන්ධයෙන් වේ. ජරාමරණවලද මෙම නයයි. සෝකාදියෙහි ද එකෙන ඛන්ධෙන යනු සෝක දුක් දොම්නස් වේදනා ස්කන්ධයෙන් වැලපීම රූප ස්කන්ධයෙන් උපායාසාදිය සංස්කාරා ස්කන්ධයෙන් යයි මෙසේ ස්කන්ධ විශේෂය දතයුතුය.
ඉද්ධිපාදො ද්වීහීති සඞ්ඛාරවිඤ්ඤාණක්ඛන්ධෙහි, මනායතනධම්මායතනෙහි, ධම්මධාතුමනොවිඤ්ඤාණධාතූහි ච. ඣානං ද්වීහීති වෙදනාක්ඛන්ධසඞ්ඛාරක්ඛන්ධෙහි. අප්පමඤ්ඤාදයො සදිසවිස්සජ්ජනත්තා එකතො නිද්දිට්ඨා. චිත්තං පන චෙතනානන්තරං නික්ඛිත්තම්පි අසදිසවිස්සජ්ජනත්තා පච්ඡා ගහිතං. තත්ථ අප්පමඤ්ඤාදීසු එකෙන ඛන්ධෙනාති වෙදනා වෙදනාක්ඛන්ධෙන, සඤ්ඤා සඤ්ඤාක්ඛන්ධෙන, සෙසා සඞ්ඛාරක්ඛන්ධෙන සඞ්ගහිතාති එවං ඛන්ධවිසෙසො වෙදිතබ්බො.
ඉද්ධිපාදො ද්වීහි යනු සංස්කාර විඤ්ඤාණ ස්කන්ධවලින් මනායතන ධම්මායතනවලින් ධම්ම ධාතු මනො විඤ්ඤාණ ධාතුවලින්. ඣාන ද්වීහි යනු වේදනා ස්කන්ධය සංස්කාර ස්කන්ධවලින් අප්පමඤ්ඤාදිය සමානව විසඳන ලද නිසා එකට නිදසන ලදී. සිත වනාහි චේතනා අන්තරයෙහි තබන ලද බැවින් ද අසමානව විසඳන ලද බැවින් ද පසුව ගන්නා ලදී. එහි අප්පමඤ්ඤාදියෙහි එකෙන ඛන්ධෙන යනු වේදනාව වේදනා ස්කන්ධයෙන් සංඥාව සංඥා ස්කන්ධයෙන් සෙසු ඒවා සංස්කාර ස්කන්ධයෙන් සංග්‍රහ කරන ලදැයි මෙසේ ස්කන්ධ විශේෂය දැනගත යුතුය.
තිකපදවණ්ණනා
තිකපදවණ්ණනා
එවං අබ්භන්තරමාතිකාය සඞ්ගහං දස්සෙත්වා ඉදානි බාහිරමාතිකාය සඞ්ගහං දස්සෙතුං කුසලා ධම්මාතිආදි ආරද්ධං. තත්ථ වෙදනාත්තිකෙ තීහි ධාතූහීති කායවිඤ්ඤාණමනොවිඤ්ඤාණධම්මධාතූහි. සත්තහි ධාතූහීති චක්ඛුසොතඝානජිව්හාවිඤ්ඤාණධාතූහි චෙව මනොධාතුධම්මධාතුමනොවිඤ්ඤාණධාතූහි ච. විපාකත්තිකෙ අට්ඨහි ධාතූහීති කායවිඤ්ඤාණධාතුයා සද්ධිං තාහියෙව. විපාකධම්මධම්මා පන සංකිලිට්ඨසංකිලෙසිකෙහි සද්ධිං සදිසවිස්සජ්ජනත්තා එකතො ගහිතා. යථා චෙතෙ, එවං සබ්බතිකදුකපදෙසු යං යං පදං යෙන යෙන පදෙන සද්ධිං සදිසවිස්සජ්ජනං හොති, තං තං උප්පටිපාටියාපි තෙන තෙන සද්ධිං ගහෙත්වා විස්සජ්ජිතං. තත්ථ වුත්තානුසාරෙනෙව සඞ්ගහාසඞ්ගහනයො වෙදිතබ්බොති.
මෙසේ අභ්‍යන්තර මාතෘකාවේ සංග්‍රහය දක්වා දැන් බාහිර මාතෘකාවේ සංග්‍රහය දැක්වීමට කුසලා ධම්මා යනාදිය අරඹන ලදී. එහි වේදනාත්රිකයෙහි තීහි ධාතූහි යනු කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ, ධම්ම ධාතුවලින්. සත්තහි ධාතුහි යනු චක්ඛු සෝත ඝාන ජිව්හා විඤ්ඤාණ ධාතුවද මනෝධාතු ධම්ම ධාතු මනෝවිඤ්ඤාණ ධාතුවලින්ද විපාක ත්‍රිකයෙහි අට්ඨ ධාතූහි යනු කාය විඤ්ඤාණ ධාතුව සමග මුලින් කී ඒවා සමග විපාක ධර්මයෝ වනාහි සංකිලිෂ්ට සංක්ලේශයන් සමග සමානව විසඳන ලද බැවින් එකට ගන්නා ලදී. යම්සේ මෙහි මෙසේ සියළු තික දුක පදවල යම් යම් පද යම් යම් පද සමග සමානව විසඳුම් වේද, ඒ ඒ උත්පටිපාටියෙන් ද ඒ ඒවා සමග විසඳන ලදී. එහි කියන ලද ආකාරයෙන්ම සංග්‍රහ අසංග්රහ නය දැනගත යුතුය.
සඞ්ගහාසඞ්ගහපදවණ්ණනා.
සංග්‍රහ අසංග්රහ පද නිමා විය.