මහන‍්තරදුකං
1. සාරම‍්මණා ධම‍්මා, 1190, 1524 අනාරම‍්මණා ධම‍්මා, 1191, 1525
1. සාරම්මණ (ආලම්බන සහිත) වූ ධර්‍මයෝ යැ, අනාරම්මණ (ආලම්බන රහිත) නො වූ ධර්‍මයෝ යැ,
2. චිත‍්තා ධම‍්මා, 1192, 1526 නොචිත‍්තා ධම‍්මා, 1193, 1527
2. චිත්ත ධර්‍මයෝ යැ, චිත්ත නො වූ ධර්‍මයෝ යැ,
3. චෙතසිකා ධම‍්මා, 1194, 1528 අචෙතසිකා ධම‍්මා, 1195, 1529
3. චෛතසික (සිත්හි යෙදුණු) ධර්‍මයෝ යැ, චෛතසික නො වූ ධර්‍මයෝ යැ,
4. චිත‍්තසම‍්පයුත‍්තා ධම‍්මා, 1196, 1530 චිත‍්තවිප‍්පයුත‍්තා ධම‍්මා, 1197, 1531
4. චිත්තසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
5. චිත‍්තසංසට‍්ඨා ධම‍්මා, 1198, 1532 චිත‍්තවිසංසට‍්ඨා ධම‍්මා, 1199, 1533
5. චිත්තසංසෘෂ්ට (සිත හා මිශ්‍ර) වූ ධර්‍මයෝ යැ, චිත්තවිසංසෘෂ්ට (සිත හා මිශ්‍ර නො වූ) වූ ධර්‍මයෝ යැ,
6. චිත‍්තසමුට‍්ඨානා ධම‍්මා, 1200, 1534 නොචිත‍්තසමුට‍්ඨානා ධම‍්මා, 1201, 1535
6. චිත්තසමුට්ඨාන (සිතින් හටගන්නා) වූ ධර්‍මයෝ යැ, චිත්තසමුට්ඨාන නො වූ ධර්‍මයෝ යැ.
7. චිත‍්තසහභුනො ධම‍්මා, 1202, 1536 නොචිත‍්තසහභුනො ධම‍්මා, 1203, 1537
7. චිත්තසහභූ (සිත හා එක් ව උපදනා) ධර්‍මයෝ යැ, චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යැ,
8. චිත‍්තානුපරිවත‍්තිනො ධම‍්මා, 1204, 1538 නොචිත‍්තානුපරිවත‍්තිනො ධම‍්මා, 1205, 1539
8. චිත්තානුපරිවර්තී (සිත අනුව පෙරළෙන සුලු) ධර්‍මයෝ යැ, චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
9. චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා ධම‍්මා, 1206, 1540 නොචිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා ධම‍්මා, 1207, 1541
9. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යැ,
10. චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො ධම‍්මා, 1208, 1542 නොචිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො ධම‍්මා, 1209, 1543
10. චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වූ ධර්‍මයෝ යැ,
11. චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො ධම‍්මා, 1210, 1544 නොචිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො ධම‍්මා, 1211, 1545
11. චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී වූ ධර්‍මයෝ යැ, චිත්තසංසෘෂ්ට - සමුත්‍ථාන - අනුපරිවර්තී නො වූ ධර්‍මයෝ යැ,
12. අජ‍්ඣත‍්තිකා ධම‍්මා, 1212, 1546 බාහිරා ධම‍්මා, 1213, 1547
12. ආධ්‍යාත්මික වූ ධර්‍මයෝ යැ, බාහ්‍ය වූ ධර්‍මයෝ යැ,
13. උපාදා ධම‍්මා, 1214, 1548 නොඋපාදා ධම‍්මා, 1215, 1549
13. උපාදා (භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ යැ, උපාදා නො වූ ධර්‍මයෝ යැ,
14. උපාදින‍්නා ධම‍්මා, 1216, 1550 අනුපාදින‍්නා ධම‍්මා, 1217, 1551
14. උපාදින්න (කර්‍මය විසින් ඵලභාවයෙන් ගන්නා ලද) වූ ධර්‍මයෝ යැ, අනුපාදින්න වූ ධර්‍මයෝ යි.