යෙදුමෙන් කියවන්න

චතස‍්සො පටිපදා

චතුක‍්කපඤ‍්චකජ‍්ඣානං නිට‍්ඨිතං.

චතුෂකපඤ්චකධ්‍යාන නිමි.

176. කතමෙ ධම‍්මා කුසලා?

176. කවර ධර්‍මයෝ කුසල්හ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමංඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති, -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානය උපදවා වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

177. කතමෙ ධම‍්මා කුසලා?

177. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙතී: විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

178. කතමෙ ධම‍්මා කුසලා?

178. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුව වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

179. කතමෙ ධම‍්මා කුසලා?

179. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති. -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුව වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

180. කතමෙ ධම‍්මා කුසලා?

180. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති: විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පඨවීකසිණං -පෙ- දුක‍්ඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං ඛිප‍්පාභිඤ‍්ඤං පඨවීකසිණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුක් වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද ... දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පඨවීකසිණ සඞ්ඛ්‍යාත ... සුව වූ පිළිවෙත් ඇති ලැසි වූ අභිඥා ඇති පඨවීකසිණ … සුව වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති පඨවීකසිණ (සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

චතස‍්සො පටිපදා.

සතර පටිපදා යි.