චතුත්ථජ්ඣානං අට්ඨකථා
චතුත්ථජ්ඣානං
චතුත්ථජ්ඣානං
චතුත්ථජ්ඣානනිද්දෙසෙ සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානාති කායිකසුඛස්ස ච කායිකදුක්ඛස්ස ච පහානා. පුබ්බෙවාති තඤ්ච ඛො පුබ්බෙව න චතුත්ථජ්ඣානක්ඛණෙ. සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමාති චෙතසිකසුඛස්ස ච චෙතසිකදුක්ඛස්ස චාති ඉමෙසම්පි ද්වින්නං පුබ්බෙව අත්ථඞ්ගමා; පහානා ඉච්චෙව වුත්තං හොති. කදා පන නෙසං පහානං හොති? චතුන්නං ඣානානං උපචාරක්ඛණෙ. සොමනස්සඤ්හි චතුත්ථජ්ඣානස්ස උපචාරක්ඛණෙයෙව පහීයති. දුක්ඛදොමනස්සසුඛානි පඨමදුතියතතියජ්ඣානානං උපචාරක්ඛණෙසු. එවමෙතෙසං පහානක්කමෙන අවුත්තානං ඉන්ද්රියවිභඞ්ගෙ පන ඉන්ද්රියානං උද්දෙසක්කමෙනෙව ඉධාපි වුත්තානං සුඛදුක්ඛසොමනස්සදොමනස්සානං පහානං වෙදිතබ්බං.
චතුර්ථධ්යාන නිර්දේශයෙහි සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා යනු කායික සුවයේ ද කායික දුකේ ද ප්‍රහාණයෙන්, පුබ්බෙව යනු එය ද වනාහි පළමුවෙනි, චතුර්ථධ්යන ක්ෂණයෙහි නොවේ. සොමනස්ස දොමනස්සානං අත්ථංගමා යනු චෛතසික සුවයාගේත් චෛතසික දුඃඛයාගේත් යන මේ දෙදෙනාගේම පූර්වයෙන්ම අස්තංගමයෙන් ප්‍රහාණයෙන් යනුම කියන ලද්දේ වෙයි. කවර අවස්ථාවෙක වනාහි මොවුන්ගේ ප්රහාණය වේද? සතර ධ්‍යානයන්ගේ උපචාරක්ෂණයෙහිය. සොම්නස් දොම්නස් දෙක ප්‍රථම ද්විතීය තෘතීය ධ්‍යානයන්ගේ උපචාර ක්ෂණයන්හිය. මෙසේ මොවුන්ගේ ප්‍රහාණ ක්‍රමයෙන් නොකියන ලද්දවුන්ගේ ද ඉන්ද්රිය විභංගයෙහි වනාහි ඉන්ද්‍රියන්ගේ උද්දේශ ක්‍රමයෙන්ම මෙහිදී ද කියන ලද්දා වූ සෝමනස්ස දෝමනස්සයන්ගේ ද ප්රහාණය දතයුතුයි.
යදි පනෙතානි තස්ස තස්ස ඣානස්ස උපචාරක්ඛණෙයෙව පහීයන්ති, අථ කස්මා “කත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ, භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. කත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං… සුඛින්ද්රියං… සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති? ඉධ, භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථුප්පන්නං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී”ති (සං· නි· 5.510) එවං ඣානෙස්වෙව නිරොධො වුත්තොති? අතිසයනිරොධත්තා. අතිසයනිරොධො හි තෙසං පඨමජ්ඣානාදීසු, න නිරොධොයෙව. නිරොධොයෙව පන උපචාරක්ඛණෙ, නාතිසයනිරොධො. තථා හි නානාවජ්ජනෙ පඨමජ්ඣානුපචාරෙ නිරුද්ධස්සාපි දුක්ඛින්ද්රියස්ස ඩංසමකසාදිසම්ඵස්සෙන වා, විසමාසනුපතාපෙන වා සියා උප්පත්ති, නත්වෙව අන්තොඅප්පනායං. උපචාරෙ වා නිරුද්ධම්පෙතං න සුට්ඨු නිරුද්ධං හොති, පටිපක්ඛෙන අවිහතත්තා. අන්තොඅප්පනායං පන පීතිඵරණෙන සබ්බො කායො සුඛොක්කන්තො හොති. සුඛොක්කන්තකායස්ස ච සුට්ඨු නිරුද්ධං හොති දුක්ඛින්ද්රියං, පටිපක්ඛෙන විහතත්තා. නානාවජ්ජනෙයෙව ච දුතියජ්ඣානුපචාරෙ පහීනස්ස දොමනස්සින්ද්රියස්ස යස්මා එතං විතක්කවිචාරපච්චයෙපි කායකිලමථෙ චිත්තුපඝාතෙ ච සති උප්පජ්ජති, විතක්කවිචාරාභාවෙ නෙව උප්පජ්ජති; යත්ථ පන උප්පජ්ජති තත්ථ විතක්කවිචාරභාවෙ; අප්පහීනා එව ච දුතියජ්ඣානුපචාරෙ විතක්කවිචාරාති තත්ථස්ස සියා උප්පත්ති, නත්වෙව දුතියජ්ඣානෙ, පහීනපච්චයත්තා. තථා තතියජ්ඣානුපචාරෙ පහීනස්සාපි සුඛින්ද්රියස්ස පීතිසමුට්ඨානපණීතරූපඵුටකායස්ස සියා උප්පත්ති, නත්වෙව තතියජ්ඣානෙ. තතියජ්ඣානෙ හි සුඛස්ස පච්චයභූතා පීති සබ්බසො නිරුද්ධාති. තථා චතුත්ථජ්ඣානුපචාරෙ පහීනස්සාපි සොමනස්සින්ද්රියස්ස ආසන්නත්තා, අප්පනාප්පත්තාය උපෙක්ඛාය අභාවෙන සම්මා අනතික්කන්තත්තා ච, සියා උප්පත්ති, නත්වෙව චතුත්ථජ්ඣානෙ. තස්මා එව ච ‘එත්ථුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣතී’ති තත්ථ තත්ථ අපරිසෙසග්ගහණං කතන්ති.
ඉදින් මොව්හු වනාහි ඒ ඒ ධ්‍යානයන්ගේ උපචාර ක්ෂයෙහිම ප්‍රහීණ වෙත් ද, එසේනම් කවර හෙයින් ‘කවර තැනෙක උපන්නා වූ දුක්ඛින්ද්රියයක් නිරවශේෂයෙන් නිරුද්ධ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම කාමයන්ගෙන් වෙන්ව ම -පෙ- ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද? මෙහිදී ද උපන් දුක්ඛින්‍ද්‍රියය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. කවර නම් තැනෙක උපන්නා වූ දෝමනස්සින්‍ද්‍රිය සුඛෙන්ද්රියය සෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම සුවයාගේ ද ප්‍රහාණයෙන් -පෙ- චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. මෙහිදී ද උපන් සෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේ’ යැයි මෙසේ ධ්යානයන්හිම නිරෝධය කියන ලද්දේ වේද යනුයි. අතිශය නිරෝධය හෙයිනි. අතිශය නිරෝධය වනාහි ඔවුන්ගේ ප්‍රථම ධ්යානාදීන්හිය. නිරෝධය පමණක්ම නොවේ. නිරෝධය පමණක් වනාහි උපචාර ක්ෂණයෙහිය. අතිශය නිරෝධය නොවේ. ඒ එසේමය. නානාවර්ජන ප්‍රථම ධ්යානූපචාරයෙහි නිරුද්ධ වූද දුක්ඛින්‍ද්‍රියය, ඩංසමකසාදීන්ගේ ස්පර්ශයෙන් හෝ විෂමානුතාපයෙන් හෝ උත්පත්තිය වන්නේය. අර්පණාව තුළ නොවේමය. ප්රතිපක්ෂය විසින් නොනසන ලද හෙයින් උපචාරයෙහි නිරුද්ධ වූ ද එය මනාව නිරුද්ධ නොවේ. අර්පණාව තුළ වනාහි ප්‍රීතිය පැතිරීමෙන් මුළු කය සුවයට බැසගත්තේ වෙයි. ප්රතිපාක්ෂිකයා විසින් දුක්ඛින්ද්රිය නසන ලද හෙයින් නානාවර්ජන ද්විතීය ධ්යානුපචාරයෙහිදීම ප්‍රහීණ කළ දෝමනස්සින්‍ද්‍රිය ඇති සුවයට බැසගත් කය මනාව නිරුද්ධ වෙයි. එහෙයින් මෙය විතර්ක විචාරයන්ට ප්‍රත්‍යය වූ කාය කිලමථ චිත්තූපඝාතයන් ඇති කල්හි ද උපදී. විතර්ක විචාරයන්ගේ අභාවය ඇති කල්හි නො උපදිත්මය. යම්තැනක උපදී නම් විතර්ක චොරයන්ගෙන් තොර ඒ ද්විතීය ධ්‍යාන උපචාරයෙහි විතර්ක විචාරයෝ අප්රහීණමය යනුයි. එහි ඔහුගේ උත්පත්තිය වන්නේය. ප්‍රහීණ වූ ප්‍රත්‍යය ඇති හෙයින් ද්විතීය ධ්‍යානයෙහි නොවේමය. එසේම තෘතීය ධ්යානුපචාරයෙහි දී ප්‍රහීණ වූ සුඛෙන්ද්රිය ප්‍රීතියෙන් හටගත් ප්‍රණීත රූපයක ස්පර්ශය ඇති කල්හි උපදනේය. තෘතීය ධ්‍යානයෙහි නූපදනේමය. තෘතීය ධ්‍යානයෙහි සුඛයට ප්‍රත්‍යය වූ ප්‍රීතිය සර්වප්රකාරයෙන් නිරුද්ධය යනුයි. චතුත්ථිධ්යානුපචාරයෙහි ප්‍රහීණ වූ සෝමනස්සින්ද්රියට ආසන්න හෙයින් ද අර්ණාප්රාප්ත උපේක්ෂාවගේ අභාවෙන් මනාව නොඉක්මවූ හෙයින් ද උත්පත්තිය වන්නේය. චතුර්ථධ්යනයෙහි නොවේමය. එහෙයින්ම මෙහි උපන් දුක්ඛින්ද්රිය නොසොයමින් නිරුද්ධ වේ යනුයි. ඒ ඒ තැන නිරවශේෂ ග්‍රහ කරන ලදී.
එත්ථාහ – ‘අථෙවං තස්ස තස්ස ඣානස්සුපචාරෙ පහීනාපි එතා වෙදනා ඉධ කස්මා සමාහටා’ති? ‘සුඛග්ගහණත්ථං’. යා හි අයං ‘අදුක්ඛමසුඛ’න්ති එත්ථ අදුක්ඛමසුඛා වෙදනා වුත්තා, සා සුඛුමා, දුබ්බිඤ්ඤෙය්යා, න සක්කා සුඛෙන ගහෙතුං. තස්මා යථා නාම දුට්ඨස්ස යථා තථා වා උපසඞ්කමිත්වා ගහෙතුං අසක්කුණෙය්යස්ස ගොණස්ස ගහණත්ථං ගොපො එකස්මිං වජෙ සබ්බා ගාවො සමාහරති, අථෙකෙකං නීහරන්තො පටිපාටියා ආගතං ‘අයං සො, ගණ්හථ න’න්ති තම්පි ගාහාපයති; එවමෙව භගවා සුඛගහණත්ථං සබ්බාපි එතා සමාහරීති. එවඤ්හි සමාහටා එතා දස්සෙත්වා යං නෙව සුඛං න දුක්ඛං, න සොමනස්සං න දොමනස්සං, අයං අදුක්ඛමසුඛාවෙදනාති සක්කා හොති එසා ගාහයිතුං.
මෙහිදී කිය : ඉක්බිති මෙසේ ඒ ඒ ධ්‍යානයාගේ උපචාරයෙහි ප්‍රහීණ වූ ද මේ වේදනාවෝ මෙහි කවර හෙයින් ගෙනෙන ලද ද? යනුයි. පහසුවෙන් ගැනීම පිණිසයි. මෙය අදුක්ඛමසුඛයැයි යම් අදුක්ඛමසුඛ වේදනාවක් කියන ලදද, එය සියුම්ය. දැනගැනීමට දුෂ්කරය. පහසුවෙන් ග්‍රහණය කළ නොහැකිය. එහෙයින් යම්කිසි ආකාරයකින් ළඟට පැමිණ අල්ලාගත නොහැකි කිපුණ ගොනකු අල්ලාගැනීම පිණිස ගොපල්ලා එක් ගැලෙක්හි සියලු ගොනුන් එක්රැස් කරයි. ඉක්බිති එක එකා බැහැර කරනුයේ පිළිවෙළින් ආ ඒ ගොනා මූ ගනුවයි හෙතෙම ගන්නට සලස්වයි. එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ සුඛග්රහණය සඳහා මේ සියල්ල එක්කොට ගෙනහැර දැක්වූ සේක යනුයි. මෙසේ එක්කරන ලද මේ වේදනාවන් දක්වා යමක් සැපක් නොවේද දුකක් නොවේද සොම්නසක් නොවේද දොම්නසක් නොවේද මෙය අදුක්ඛමසුඛා වේදනාවයැයි මෙය ගන්වන්නට හැකිවෙයි.
අපිච අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා පච්චයදස්සනත්ථඤ්චාපි එතා වුත්තාති වෙදිතබ්බා. සුඛදුක්ඛප්පහානාදයො හි තස්සා පච්චයා. යථාහ – “චත්තාරො ඛො, ආවුසො, පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා. ඉධාවුසො භික්ඛු, සුඛස්ස ච පහානා…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, ඉමෙ ඛො, ආවුසො, චත්තාරො පච්චයා අදුක්ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා”ති (ම· නි· 1.458). යථා වා අඤ්ඤත්ථ පහීනාපි සක්කායදිට්ඨිආදයො තතියමග්ගස්ස වණ්ණභණනත්ථං තත්ථ පහීනාති වුත්තා, එවං වණ්ණභණනත්ථම්පෙතස්ස ඣානස්සෙතා ඉධ වුත්තාති වෙදිතබ්බා. පච්චයඝාතෙන වා එත්ථ රාගදොසානං අතිදූරභාවං දස්සෙතුම්පෙතා වුත්තාති වෙදිතබ්බා. එතාසු හි සුඛං සොමනස්සස්ස පච්චයො, සොමනස්සං රාගස්ස; දුක්ඛං දොමනස්සස්ස, දොමනස්සං දොසස්ස. සුඛාදිඝාතෙන ච සප්පච්චයා රාගදොසා හතාති අතිදූරෙ හොන්තීති.
තවද අදුක්ඛමසුඛ චේතොවිමුක්තියට ප්‍රත්‍යය දැක්වීම පිණිසද මේවා කියන ලදැයි ද දතයුතුයි. සුඛදුක්ඛ ප්රහාණාදිය ද වනාහි එයට ප්‍රත්‍යයෝය. මෙසේ කීහ. ‘ඇවැත්නි, අදුක්ඛමසුඛ චේතෝ විමුත්ති සමාපත්තියට වනාහි මේ ප්‍රත්‍යයෝ සතරදෙනෙකි. ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුතෙම සැපයේ ද ප්‍රහාණයෙන් -පෙ- චතුර්ථ ධ්‍යානයට සමවැද වාසය කරයි. ඇවැත්නි, මේ වනාහි අදුක්ඛමසුඛ චේතෝවිමුත්ති සම්පත්තියට ප්‍රත්‍යය සතරයි’ යනුයි. යම්සේ අන්තැනෙක ප්‍රහීණ වූද සක්කාය වුට්ඨි ආදිය තෘතීය මාර්ගයාගේ විස්තර කීම පිණිස එහිදී ප්‍රහීණ වීයැයි කියන ලදී. මෙසේ ඒ ධ්යනයාගේ විස්තර කීම පිණිස ඒවා මෙහිදී කියනලදැයි දතයුතුයි. ප්‍රත්‍යයන් නැසීමෙන් හෝ රාගදෝසයන්ගේ අතිදූරභාවය දක්වන්නට ද මේවා මෙහිදී කියන ලදැයි දතයුතුයි. මොවුනතුරෙන් වනාහි සුඛය සොම්නසට ප්‍රත්‍යය, සොම්නස රාගයට ප්‍රත්‍යය, දුක දොම්නසට ප්‍රත්‍යය, දොම්නස ද්වේෂයට ප්‍රත්‍යය, සුඛ ආදිය නැසීමෙන් ද ප්‍රත්‍යය සහිත රාගදෝසයෝ නසන ලදැයි යනු ඉතා දුර වෙයි යනුයි.
අදුක්ඛමසුඛන්ති දුක්ඛාභාවෙන අදුක්ඛං, සුඛාභාවෙන අසුඛං. එතෙනෙත්ථ දුක්ඛසුඛප්පටිපක්ඛභූතං තතියවෙදනං දීපෙති, න දුක්ඛසුඛාභාවමත්තං. තතියවෙදනා නාම අදුක්ඛමසුඛා. උපෙක්ඛාතිපි වුච්චති. සා ඉට්ඨානිට්ඨවිපරීතානුභවනලක්ඛණා, මජ්ඣත්තරසා, අවිභූතපච්චුපට්ඨානා, සුඛනිරොධපදට්ඨානාති වෙදිතබ්බා.
අදුක්ඛමසුඛං යනු දුඃඛයාගේ අභාවයෙන් අදුක්ඛය සුඛයාගේ අභාවයෙන් අසුඛය, මෙයින් මෙහි සුඛදුක්ඛයන්ට ප්රතිපක්ෂ වූ තුන්වන වේදනාවක් දක්වයි. දුක අසුඛයාගේ අභාවමාත්‍රය පමණක් නොවේ. තුන්වන වේදනාව නම් අදුක්ඛමසුඛය, උපේක්ෂාව යැයිද කියනු ලැබේ. එය ඉෂ්ටානිෂ්ට විපරීත අනුභවන ලක්‍ෂණකොට ඇත්තේය. මධ්යස්ථරසය කොට ඇත්තේය. අප්‍රකට බව එළඹ සිටි කාරණයකොට ඇත්තේ ය. සුඛදුක්ඛ නිරෝධය ආසන්න කාරණය කොට ඇත්තේ යැයි දතයුතුයි.
උපෙක්ඛාසතිපාරිසුද්ධින්ති උපෙක්ඛාය ජනිතසතිපාරිසුද්ධිං. ඉමස්මිඤ්හි ඣානෙ සුපරිසුද්ධා සති. යා ච තස්සා සතියා පාරිසුද්ධි සා උපෙක්ඛාය කතා, න අඤ්ඤෙන. තස්මා එතං උපෙක්ඛාසතිපාරිසුද්ධීති වුච්චති. විභඞ්ගෙපි වුත්තං – “අයං සති ඉමාය උපෙක්ඛාය විසදා හොති පරිසුද්ධා පරියොදාතා, තෙන වුච්චති උපෙක්ඛාසතිපාරිසුද්ධී”ති (විභ· 597). යාය ච උපෙක්ඛාය එත්ථ සති පාරිසුද්ධි හොති සා අත්ථතො තත්රමජ්ඣත්තතාති වෙදිතබ්බා. න කෙවලඤ්චෙත්ථ තාය සතියෙව පරිසුද්ධා අපිච ඛො සබ්බෙපි සම්පයුත්තධම්මා. සතිසීසෙන පන දෙසනා වුත්තා.
උපෙක්ඛා සතිපාරිසුද්ධිං යනු උපේක්ෂාවෙන් හටගත් සිහියෙන් වූ පාරිසුද්ධියයි. මේ ධ්‍යානයෙහි වනාහි සතිය සුපරිසුද්ධය. ඒ සතියෙහි යම් පාරිසුද්ධියක් වේද එය උපේක්ෂාව විසින් කරන ලදී. අනෙකකු විසින් නොවේ. එහෙයින් මෙය උපෙක්ඛාසතිපාරිසුද්ධි යැයි කියනු ලැබේ. විභංගයෙහි ද මෙසේ කියන ලදී. ‘මේ සතිය මේ උපේක්ෂාව විසින් විවෘත වූයේ වෙයි. පිරිසිදු වූයේ වෙයි. අතිශයින්ම පිරිසිදු වූයේ වෙයි. එහෙයින් උපෙක්ඛා සතිපාරිසුද්ධි යැයි කියනු ලැබේ’ යනුයි. මෙහි යම් උපේක්ෂාවකින් සතියෙහි පාරිසුද්ධියක් වේද, එය අර්ථ වශයෙන් තත්‍රමජ්ඣත්තතා යැයි දතයුතුයි. මෙහි හුදෙක් එයින් සතිය පමණක් පිරිසිදු වූයේ නොවේ. තවද සියලුම සම්ප්‍රයුක්ත ධර්මයෝ ද පිරිසිදු වෙත් යැයි සති ශීර්ෂයෙන් දේශනාව කරන ලදී.
තත්ථ කිඤ්චාපි අයං උපෙක්ඛා හෙට්ඨාපි තීසු ඣානෙසු විජ්ජති – යථා පන දිවා සූරියප්පභාභිභවා සොම්මභාවෙන ච අත්තනො උපකාරකත්තෙන වා සභාගාය රත්තියා අලාභා දිවා විජ්ජමානාපි චන්දලෙඛා අපරිසුද්ධා හොති අපරියොදාතා – එවමයම්පි තත්රමජ්ඣත්තුපෙක්ඛාචන්දලෙඛා විතක්කාදිපච්චනීකධම්මතෙජාභිභවා සභාගාය ච උපෙක්ඛාවෙදනාරත්තියා අප්පටිලාභා විජ්ජමානාපි පඨමාදිජ්ඣානභෙදෙසු අපරිසුද්ධා හොති. තස්සා ච අපරිසුද්ධාය දිවා අපරිසුද්ධචන්දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො අපරිසුද්ධාව හොන්ති. තස්මා තෙසු එකම්පි ‘උපෙක්ඛාසතිපාරිසුද්ධී’ති න වුත්තං. ඉධ පන විතක්කාදිපච්චනීකධම්මතෙජාභිභවාභාවා සභාගාය ච උපෙක්ඛා වෙදනාරත්තියා පටිලාභා අයං තත්රමජ්ඣත්තුපෙක්ඛාචන්දලෙඛා අතිවිය පරිසුද්ධා. තස්සා පරිසුද්ධත්තා පරිසුද්ධචන්දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො පරිසුද්ධා හොන්ති පරියොදාතා. තස්මා ඉදමෙව උපෙක්ඛාසතිපාරිසුද්ධීති වුත්තන්ති වෙදිතබ්බං.
එහි යම් හෙයකින් මේ උපේක්ෂාව යට ද ත්‍රිවිධ ධ්‍යානයන්හි විද්‍යාමාන වේ. යම්සේ වනාහි දවල් කාලයෙහි සූර්යයාගේ ප්‍රභාවෙන් බැබලීම නිසාත් තමාගේ සෞම්‍යභාවය නිසාත් උපාකා වශයෙන් සභාග වූ රාත්‍රිය නො ලැබීමෙන් ද දවල් කාලයෙහි පවත්නා වූද චන්ද්රලේඛාව අපිරිසිදු වූයේ ද අතිශයින්ම අපිරිසිදු වූයේ ද වෙයි. එපරිද්දෙන් මේ තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව ද චන්ද්රලේඛාව මෙන් විතර්ක ද්විරුද්ධ ධර්ම තේජසින් මැඩලීම නිසා සහායක උපේක්ෂාවේදනා නමැති රාත්‍රිය නොලැබීමෙන් පවත්නා වූ ද ප්‍රථම ධ්‍යානාදී භේදයන්හි අපිරිසිදුම වෙයි. එය අපිරිසිදු කල්හි දවල් කාලයේ අපිරිසිදු චන්ද්‍රලේඛාවන්ගේ ප්‍රභාව මෙන් සහජාත වූ සති ආදීහුද අපිරිසිදුම වෙත්. එහෙයින් ඔවුනතුරෙන් එකකුදු උපෙක්ඛාසතිපාරිසුද්ධිය යැයි නොකියන ලදී. මෙහි වනාහි විතර්කාදී විරුද්ධ ධර්මයන්ගේ මැඩලීමෙන් තොර බැවින් ද සහායක උපේක්ෂා වේදනා රාත්‍රිය ලැබීමෙන් ද මේ තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නමැති චන්ද්රලේඛාව අතිශයින්ම පිරිසිදුය. එය පිරිසිදු බැවින් පිරිසිදු චන්ද්රලේඛාවේ ප්‍රභාව මෙන් සහජාත සති ආදීහු ද පිරිසිදු වෙත්. අතිශයින්ම පිරිසිදු වෙත්. එහෙයින් මෙයම උපෙක්ඛාසතිපාරිසුද්ධිය යැයි කියන ලදැයි දතයුතුයි.
චතුත්ථන්ති ගණනානුපුබ්බතා චතුත්ථං. ඉදං චතුත්ථං සමාපජ්ජතීතිපි චතුත්ථං. ඵස්සො හොතීතිආදීසු ඵස්සපඤ්චකෙ තාව වෙදනාති උපෙක්ඛාවෙදනා වෙදිතබ්බා. ඣානපඤ්චකඉන්ද්රියඅට්ඨකෙසු පන උපෙක්ඛා හොති උපෙක්ඛින්ද්රියං හොතීති (ධ· ස· 165) වුත්තමෙව. සෙසානි තතියෙ පරිහීනපදානි ඉධාපි පරිහීනානෙව. කොට්ඨාසවාරෙපි දුවඞ්ගිකං ඣානන්ති උපෙක්ඛාචිත්තෙකග්ගතාවසෙනෙව වෙදිතබ්බං. සෙසං සබ්බං තතියසදිසමෙවාති.
චතුත්ථං යනු ගණන අනුපූර්වතාවෙන් චත්ථය, මෙය සතර වෙනුවට සමවදී යනුවෙන් ද = චතුත්ථය, ඵස්සො හොති යන ආදියෙහි ද ඵස්සපංචකයෙහිය. වෙදනා යනු උපේක්ෂා වේදනාව දතයුතුයි. ඣානපංචක ඉන්ද්රියට්ඨකයන්හි වනාහි උපේක්ෂාව වෙයි. උපේක්ෂින්ද්රිය වෙයි යැයි කියන ලදමය. තෘතීය ධ්යනයෙහි පිරිහුණු සෙසු පද මෙහි ද පිරිහුණේමය. කොට්ඨාස වාරයෙහි ද දුවංගිකං ඣානං යනු උපේක්ෂා චිත්තෙකාග්‍රතා වශයෙන්ම දතයුතුයි. සෙසු සියල්ල තෘතීය ධ්‍යානය සමානමය යනුයි.
චතුක්කනයො නිට්ඨිතො.
චතුෂ්ක නය නිමියේ ය.
පඤ්චකනයො
පඤ්චකනයො
ඉදානි කතමෙ ධම්මා කුසලාති පඤ්චකනයො ආරද්ධො. කස්මාති චෙ, පුග්ගලජ්ඣාසයවසෙන චෙව දෙසනාවිලාසෙන ච. සන්නිසින්නදෙවපරිසාය කිර එකච්චානං දෙවානං විතක්කො එව ඔළාරිකතො උපට්ඨාසි, විචාරපීතිසුඛචිත්තෙකග්ගතා සන්තතො. තෙසං සප්පායවසෙන සත්ථා චතුරඞ්ගිකං අවිතක්කං විචාරමත්තං දුතියජ්ඣානං නාම භාජෙසි. එකච්චානං විචාරො ඔළාරිකතො උපට්ඨාසි, පීතිසුඛචිත්තෙකග්ගතා සන්තතො. තෙසං සප්පායවසෙන තිවඞ්ගිකං තතියජ්ඣානං නාම භාජෙසි. එකච්චානං පීති ඔළාරිකතො උපට්ඨාසි, සුඛචිත්තෙකග්ගතා සන්තතො. තෙසං සප්පායවසෙන දුවඞ්ගිකං චතුත්ථජ්ඣානං නාම භාජෙසි. එකච්චානං සුඛං ඔළාරිකතො උපට්ඨාසි, උපෙක්ඛාචිත්තෙකග්ගතා සන්තතො. තෙසං සප්පායවසෙන දුවඞ්ගිකං පඤ්චමජ්ඣානං නාම භාජෙසි. අයං තාව ‘පුග්ගලජ්ඣාසයො’.
දැන් කතමෙ ධම්මා කුසලා යැයි පංචක නය පටන්ගන්නා ලදී. කෙසේද යතහොත්? පුද්ගලාධ්‍යාසය වශයෙන් හා දේශන විලාසයෙන් රැස්ව සිටි දෙව් පිරිසෙහි වනාහි ඇතැම් දෙවියන්ට විතර්කයම ඕළාරිකව වැටහිණ. විචාර පීති සුඛ ඒකග්ගතා ශාන්තව වැටහිණ. ශාස්තෲන් වහන්සේ ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් චතුරංගික වූ විතර්ක රහිත අවිචාර මාත්‍ර ද්විතීය ධ්‍යානය බෙදා දැක්වූ සේක. ඇතැම් අයෙකුට විචාරය ඕළාරික වශයෙන් වැටහිණ. ප්‍රීති සුඛ චිත්තෙකාග්‍රතා ශාන්තව වැටහිණ. ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ත්රයංගික තෘතීය ධ්‍යානය බෙදා දැක්වූ සේක. ඇතැම් දෙවි කෙනෙකුන්ට ප්‍රීතිය ඕළාරික වශයෙන් වැටහිණ. සුඛ චිත්තෙකාග්‍රතා ශාන්තව වැටහිණ. ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ද්වංගික චතුර්ථ ධ්‍යානය බෙදා දැක්වූ සේක. ඇතැම් දෙවි කෙනෙකුන්ට සුඛය ඕළාරිකව වැටහිණ. උපේක්ෂා හා චිත්තෙකාග්‍රතා ශාන්ත වශයෙන් වැටහිණ. ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ද්වංගික පංචමධ්‍යාන බෙදා දැක්වූ සේක. මේ වනාහි පුද්ගලාධ්යාසයයි.
යස්සා පන ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා දෙසනාවිලාසප්පත්තො නාම හොති – සා තථාගතස්ස සුට්ඨු පටිවිද්ධා – තස්මා ඤාණමහත්තතාය දෙසනාවිධානෙසු කුසලො දෙසනාවිලාසප්පත්තො සත්ථා යං යං අඞ්ගං ලබ්භති තස්ස තස්ස වසෙන යථා යථා ඉච්ඡති තථා තථා දෙසනං නියාමෙතීති සො ඉධ පඤ්චඞ්ගිකං පඨමජ්ඣානං භාජෙසි, චතුරඞ්ගිකං අවිතක්කං විචාරමත්තං දුතියජ්ඣානං, භාජෙසි තිවඞ්ගිකං තතියජ්ඣානං, භාජෙසි දුවඞ්ගිකං චතුත්ථජ්ඣානං, දුවඞ්ගිකමෙව පඤ්චමජ්ඣානං භාජෙසි. අයං ‘දෙසනාවිලාසො’ නාම.
යම් ධර්මධාතුවක් මනාව ප්‍රතිවේධ කළ හෙයින් වනාහි දේශනා විලාසප්‍රාප්ත නම් වෙයි. තථාගතයන් වහන්සේ විසින් එය මනාව අවබෝධ කරන ලදී. එහෙයින් ඥාන මහන්තත්වය නිසා දේශනා විධානයෙහි දක්ෂ වූ දේශනා විලාසප්‍රාප්ත වූ ශාස්තෲන් වහන්සේ යම් යම් අංගයක් ලබයි ද, ඒ ඒ වශයෙන් යම් යම් අයුරකින් කැමති වේද, ඒ ඒ අයුරින් දේශනාව නියම කරන සේක යනුයි. උන්වහන්සේ මෙහිදී පංචාංගික වූ ප්‍රථම ධ්‍යානය බෙදා දැක්වූහ. චතුරංගික වූ අවිතර්ක විචාරමාත්‍ර වූ ද්විතීය ධ්‍යානය බෙදා දැක්වූහ. ත්රයංගික තෘතීය ධ්‍යානය බෙදා දැක්වූ සේක. ද්වංගික චතුර්ථ ධ්‍යනය ද ද්වංගිකම වූ පංචමධ්‍යානය ද බෙදා දැක්වූ සේක. මේ දේශනා විලාස නමි.
අපිච යෙ භගවතා “තයොමෙ, භික්ඛවෙ, සමාධී – සවිතක්කසවිචාරො සමාධි, අවිතක්කවිචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධී”ති (දී· නි· 3.305) සුත්තන්තෙ තයො සමාධී දෙසිතා, තෙසු හෙට්ඨා සවිතක්කසවිචාරො සමාධි අවිතක්කඅවිචාරො සමාධි ච භාජෙත්වා දස්සිතො, අවිතක්කවිචාරමත්තො න දස්සිතො. තං දස්සෙතුම්පි අයං පඤ්චකනයො ආරද්ධොති වෙදිතබ්බො.
තවද භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මහණෙනි, සවිතර්ක සවිචාර සමාධිය අවිතර්ක විචාරමාත්‍ර සමාධිය අවිතර්ක අවිචාර සමාධිය’ යැයි සූත්‍රාන්තයෙහි යම් සමාධි තුනක් දේශනා කරන ලදද, ඔවුනතුරෙන් යට සවිතක්ක සවිචාර සමාධිය ද අවිතර්ක අවිචාර සමාධිය ද බෙදා දක්වන ලදී. අවිතර්ක විචාරමාත්‍ර සමාධිය නො දක්වන ලදී. එය දක්වන්නට ද මේ පංචක නය පටන්ගන්නා ලදැයි දතයුතුයි.
තත්ථ දුතියජ්ඣානනිද්දෙසෙ ඵස්සාදීසු විතක්කමත්තං පරිහායති, කොට්ඨාසවාරෙ “චතුරඞ්ගිකං ඣානං හොති චතුරඞ්ගිකො මග්ගො හොතී”ති අයමෙව විසෙසො. සෙසං සබ්බං පඨමජ්ඣානසදිසමෙව. යානි ච චතුක්කනයෙ දුතියතතියචතුත්ථානි තානෙව ඉධ තතියචතුත්ථපඤ්චමානි. තෙසං අධිගමපටිපාටිදීපනත්ථං අයං නයො වෙදිතබ්බො –
එහි ද්විතීය ධ්‍යාන නිර්දේශයෙහි ස්පර්ශාදියෙහි විතර්කමාත්රය පිරිහෙයි. කොට්ඨාශවාරයෙහි චතුරංගික ධ්‍යානය වෙයි. චතුරංගික මාර්ගය වෙයි යන මෙයම විශේෂයයි. සෙසු සියල්ල ප්‍රථමධ්‍යනය සමානමය. චතුෂ්ක නයෙහි යම් ද්විතීය තෘතීය චතුෂ්කයෝ වූ නම් ඔව්හුම මෙහි තෘතීය චතුෂ්ක පංචමයෝය. ඔවුන්ගේ අධිගම පිළිවෙළ දැක්වීම පිණිස මේ නය දතයුතුයි.
එකො කිර අමච්චපුත්තො රාජානං උපට්ඨාතුං ජනපදතො නගරං ආගතො. සො එකදිවසමෙව රාජානං දිස්වා පානබ්යසනෙන සබ්බං විභවජාතං නාසෙසි. තං එකදිවසං සුරාමදමත්තං නිච්චොළං කත්වා ජිණ්ණකටසාරකමත්තෙන පටිච්ඡාදෙත්වා පානාගාරතො නීහරිංසු. තමෙනං සඞ්කාරකූටෙ නිපජ්ජිත්වා නිද්දායන්තං එකො අඞ්ගවිජ්ජාපාඨකො දිස්වා ‘අයං පුරිසො මහාජනස්ස අවස්සයො භවිස්සති, පටිජග්ගිතබ්බො එසො’ති සන්නිට්ඨානං කත්වා මත්තිකාය න්හාපෙත්වා ථූලසාටකයුගං නිවාසාපෙත්වා පුන ගන්ධොදකෙන න්හාපෙත්වා සුඛුමෙන දුකූලයුගළෙන අච්ඡාදෙත්වා පාසාදං ආරොපෙත්වා සුභොජනං භොජෙත්වා ‘එවං නං පරිචාරෙය්යාථා’ති පරිචාරකෙ පටිපාදෙත්වා පක්කාමි. අථ නං තෙ සයනං ආරොපෙසුං. පානාගාරගමනපටිබාහනත්ථඤ්ච නං චත්තාරො තාව ජනා චතූසු හත්ථපාදෙසු උප්පීළෙත්වා අට්ඨංසු. එකො පාදෙ පරිමජ්ජි. එකො තාලවණ්ටං ගහෙත්වා බීජි. එකො වීණං වාදයමානො ගායන්තො නිසීදි.
එක් ඇමති පුත්‍රයෙක් වනාහි රජුට උපස්ථාන කරන්නට ජනපදයෙන් නගරයට පැමිණියේය. හෙතෙම එකම දවසක් රජු දැක පානව්යසනයෙන් (සුරාපීමෙන් සියලු සම්පත් සමූහය විනාශ කෙළේය. එක්දිනෙක සුරාමදයෙන් මත් වූ ඔහු නිරුවත් කොට දිරූ කලාලයකින් වසා පානාගාරයෙන් බැහැර කළහ. ශරීර ලක්ෂණ බලා ශුභාශුභ කියන්නෙක් කසළ ගොඩෙහි වැදහෙව නිදන ඔහු දැක මේ පුරුෂයා මහජනයාට උපකාර කරන්නෙක් වන්නේය. මෙතෙම පිළිදැගුම් කළයුත්තේ යැයි නිශ්චය කොටගෙන මැටියෙන් (මැටිගා) නහවා ස්ථූල සළු යුවලක් අඳවා නැවත සුවඳ දියෙන් නහවා සියුම් දුහුල් යුවලක් අඳවා පහයට නංවා මනා බොජුන් අනුභව කරවා මෙපරිද්දෙන් ඔහු පිරිවරව් යැයි පිරිවර ජනයාට පවරා ගියේය. ඉක්බිති ඔවුහු සයනයකට නැංවූහ. පානාගාරයට යෑම වැළැක්වීම සඳහා සතරදෙනෙක් අත්පා සතරින් ඔහු දැඩිව ගෙන සිටියාහුය. එක් පුරුෂයෙක් හා පිරිමැද්දේය. එක් පුරුෂයෙක් තල්වැටක් ගෙන පවන් සැලීය. එක් පුරුෂයෙක් වීණාවක් වයමින් ගයමින් හුන්නේය.
සො සයනුපගමනෙන විගතකිලමථො ථොකං නිද්දායිත්වා වුට්ඨිතො හත්ථපාදනිප්පීළනං අසහමානො ‘කො මෙ හත්ථපාදෙ උප්පීළෙති? අපගච්ඡථා’ති තජ්ජෙසි. තෙ එකවචනෙනෙව අපගච්ඡිංසු. තතො පුන ථොකං නිද්දායිත්වා වුට්ඨිතො පාදපරිමජ්ජනං අසහමානො ‘කො මෙ පාදෙ පරිමජ්ජති? අපගච්ඡා’ති ආහ. සොපි එකවචනෙනෙව අපගච්ඡි. පුන ථොකං නිද්දායිත්වා වුට්ඨිතො වාතවුට්ඨි විය තාලවණ්ටවාතං අසහන්තො ‘කො එස? අපගච්ඡතූ’ති ආහ. සොපි එකවචනෙනෙව අපගච්ඡි. පුන ථොකං නිද්දායිත්වා වුට්ඨිතො කණ්ණසූලං විය ගීතවාදිතසද්දං අසහමානො වීණාවාදකං තජ්ජෙසි. සොපි එකවචනෙනෙව අපගච්ඡි. අථෙවං අනුක්කමෙන පහීනකිලමථුප්පීළනපරිමජ්ජනවාතප්පහාරගීතවාදිතසද්දුපද්දවො සුඛං සයිත්‍වා වුට්ඨාය රඤ්ඤො සන්තිකං අගමාසි. රාජාපිස්ස මහන්තං ඉස්සරියමදාසි. සො මහාජනස්ස අවස්සයො ජාතො.
එහෙත් යහනට පැමිණීමෙන් පහව ගිය වෙහෙස ඇතිව මදක් නිදා නැගිටියේ අත්පා දැඩිව ගැනීම ඉවසිය නොහී කවරෙක් මාගේ අත්පා පෙළයි ද පහව යවයි තර්ජනය කෙළේය. ඔව්හු එක වචනයෙන්ම පහව ගියහ. ඉක්බිති යළිත් මදක් නිදා නැගිටියේ පා පිරිමැදීම නො ඉවසනුයේ කවරෙක් මාගේ පා පිරිමදී ද පහව යවයි කීය. හෙතෙමේ ද එක වචනයෙන්ම පහව ගියේය. නැවත මඳක් නිදා නැගිටියේ සුළං හිත වැස්සක් මෙන් තල්වැට වාතය නො ඉවසනුයේ මේ කවුද ඉවත යවයි කීය. හෙතෙමේ ද එකවචනයෙන්ම ඉවත්ව ගියේය. නැවත මඳක් නිදා නැගිටියේ කනෙහි වූ හුලක් මෙන් ගී හා වාදන ශබ්දය නො ඉවසනුයේ වීණා වාදකයාට තර්ජනය කෙළේය. හෙතෙමේ ද එකවචනයෙන්ම ඉවත්විය. ඉක්බිති මෙසේ අනුක්රමයෙන් ප්‍රහීණ වූ වෙහෙස, දැඩිව පෙළීම, පිරිමැදීම, වාපහර, ගීත වාදන ශබ්ද, උපද්‍රව ඇතිව සුවසේ නිදා නැගිට රජු වෙතට ගියේය. රජ ද ඔහුට මහත් ඉසුරු දුන්නේය. හෙතෙම මහජනයාට උපකාරී අයෙක් විය.
තත්ථ පානබ්යසනෙන පාරිජුඤ්ඤප්පත්තො සො අමච්චපුත්තො විය අනෙකබ්යසනපාරිජුඤ්ඤප්පත්තො ඝරාවාසගතො කුලපුත්තො දට්ඨබ්බො. අඞ්ගවිජ්ජාපාඨකො පුරිසො විය තථාගතො. තස්ස පුරිසස්ස ‘අයං මහාජනස්ස අවස්සයො භවිස්සති, පටිජග්ගනං අරහතී’ති සන්නිට්ඨානං විය තථාගතස්ස ‘අයං මහාජනස්ස අවස්සයො භවිස්සති, පබ්බජ්ජං අරහති කුලපුත්තො’ති සන්නිට්ඨානකරණං.
එහි නොයෙක් ව්‍යසනයෙන් කරදරයට පත් ඝරාවාසගත කුලපුත්‍රයා පාන ව්‍යසනයෙන් කරදරයට පත් ඒ ඇමති පුත්‍රයා මෙනැයි දතයුතුයි. තථාගතයන් වහන්සේ අංගවිද්යාපාඨක පුරුෂයා මෙනි. මේ කුලපුත්‍රයා මහජනයාට ප්‍රයෝජනවත් වන්නේය. පැවිද්දට සුදුසුයැයි තථාගතයන් වහන්සේගේ නිශ්චය කිරීම මේ මහජනයාට ප්‍රයෝජනවත් වන්නේය. පිළිදැගුම් කරන්නට සුදුසුයැයි ඒ පුරුෂයාගේ නිශ්චය මෙනි.
අථස්ස අමච්චපුත්තස්ස මත්තිකාමත්තෙන න්හාපනං විය කුලපුත්තස්සාපි පබ්බජ්ජාපටිලාභො. අථස්ස ථූලසාටකනිවාසනං විය ඉමස්සාපි දසසික්ඛාපදසඞ්ඛාතසීලවත්ථනිවාසනං. පුන තස්ස ගන්ධොදකන්හාපනං විය ඉමස්සාපි පාතිමොක්ඛසංවරාදිසීලගන්ධොදකන්හාපනං. පුන තස්ස සුඛුමදුකූලයුගළච්ඡාදනං විය ඉමස්සාපි යථාවුත්තසීලවිසුද්ධිසම්පදාසඞ්ඛාතදුකූලච්ඡාදනං.
කුලපුත්‍රයාගේ පැවිද්ද ලැබීම ඒ අමාත්‍ය පුත්‍රයාගේ මැටියෙන් පමණක් නැහැවීම මෙනි. ඉක්බිති මොහුගේ දශ ශික්ෂාපද සංඛ්‍යාත ශීලවස්ත්රය හැඳීම ඔහුගේ ස්ථූලසාවක නිවාසනය මෙනි. මොවුන්ගේ ද ප්රාතිමෝක්ෂ සංවරාදී ශීල සුගන්ධ ජලයෙන් නැහැවීම නැවත ඔහුගේ සුවඳ ජලයෙන් නැහැවීම මෙනි. මොහුගේ ද කියන ලද පරිදි ශීලපඤ්ඤා සම්පදා සංඛ්‍යාත දුහුල් ඇඳීම නැවත ඔහුගේ සියුම් දුහුල් ඇඳීම මෙනි.
දුකූලච්ඡාදිතස්ස පනස්ස පාසාදාරොපනං විය ඉමස්සාපි සීලවිසුද්ධිදුකූලච්ඡාදිතස්ස සමාධිභාවනාපාසාදාරොහනං. තතො තස්ස සුභොජනභුඤ්ජනං විය ඉමස්සාපි සමාධිඋපකාරකසතිසම්පජඤ්ඤාදිධම්මාමතපරිභුඤ්ජනං.
ශීල විසුද්ධි දුහුල් අඳනා ලද මොහුගේ සමාධි භාවනා ප්‍රාසාදයට නැගීම දුහුල් අඳනා ලද ඔහුගේ ප්‍රාසාදයට නැගීම මෙනි. ඉක්බිති මොහුගේ ද සමාධි උපකාරක වූ සති සම්පජඤ්ඤාදී ධර්මාවෘත පරිභෝජනය ඒ පුරුෂයාගේ මනා බොජුන් අනුභව කිරීම මෙනි.
භුත්තභොජනස්ස පන තස්ස පරිචාරකෙහි සයනාරොපනං විය ඉමස්සාපි විතක්කාදීහි උපචාරජ්ඣානාරොපනං. පුන තස්ස පානාගාරගමනපටිබාහනත්ථං හත්ථපාදුප්පීළනකපුරිසචතුක්කං විය ඉමස්සාපි කාමසඤ්ඤාභිමුඛගමනපටිබාහනත්ථං ආරම්මණෙ චිත්තුප්පීළනකො නෙක්ඛම්මවිතක්කො. තස්ස පාදපරිමජ්ජකපුරිසො විය ඉමස්සාපි ආරම්මණෙ චිත්තානුමජ්ජනකො විචාරො. තස්ස තාලවණ්ටවාතදායකො විය ඉමස්සාපි චෙතසො සීතලභාවදායිකා පීති.
විතර්කාදීන් විසින් මොහු උපචාර ධ්‍යානයට ආරෝපණය කිරිම ආහාර අනුභව කළ ඇමති පුත්‍රයා පිරිවර ජනයා විසින් සයනයට නැංවීම මෙනි. මේ කුලපුත්‍රයාගේ කාමසංඥාවන් ඉදිරියට යෑම වැළැක්වීම පිණිස සිත අරමුණෙහි දැඩිව යෙදීම කරන නෛෂ්ක්‍රම්‍යය විතර්කය ඒ ඇමති පුත්‍රයා නැවත පානාගාරයට යෑම වැළැක්වීමට අත්පා දැඩිව ගෙන සිටි පුරුෂයන් සතරදෙනා මෙනි. මොහුගේ සිත අරමුණෙහි පිරිමැදීම කරන විචාරය ඒ ඇමති පුත්‍රයාගේ පා පිරිමදනා පුරුෂයා මෙනි. මොහුගේ සිහල්බව සිහිල්බව දෙන ප්‍රීතිය ඒ ඇමති පුත්‍රයාගේ තල්වැට දරන්නා මෙනි.
තස්ස සොතානුග්ගහකරො ගන්ධබ්බපුරිසො විය ඉමස්සාපි චිත්තානුග්ගාහකං සොමනස්සං. තස්ස සයනුපගමනෙන විගතකිලමථස්ස ථොකං නිද්දුපගමනං විය ඉමස්සාපි උපචාරජ්ඣානසන්නිස්සයෙන විගතනීවරණකිලමථස්ස පඨමජ්ඣානුපගමනං.
මොහුගේ සිතට අනුග්‍රාහක වූ සොම්නස ඇමති පුත්‍රයාගේ කනට අනුග්‍රාහක වූ ගාන්ධර්ව පුරුෂයා මෙනි. උපචාර ධ්‍යානය ඇසුරෙන් පහකරන ලද නීවරණ වෙහෙස ඇති මොහුගේ ප්‍රථමධ්‍යානයට පැමිණීම ඒ ඇමති පුත්‍රයාගේ යහනට පැමිණීමෙන් වෙහෙස පහවී නින්දට පැමිණීම මෙනි.
අථස්ස නිද්දායිත්වා වුට්ඨිතස්ස හත්ථපාදුප්පීළනාසහනෙන හත්ථපාදුප්පීළකානං සන්තජ්ජනං තෙසඤ්ච අපගමනෙන පුන ථොකං නිද්දුපගමනං විය ඉමස්සාපි පඨමජ්ඣානතො වුට්ඨිතස්ස චිත්තුප්පීළකවිතක්කාසහනෙන විතක්කදොසදස්සනං, විතක්කප්පහානා ච පුන අවිතක්කවිචාරමත්තදුතියජ්ඣානුපගමනං.
ප්‍රථම ධ්‍යානයෙන් නැගිටි මොහුගේ සිත පෙළන විතර්කය නොඉවසීමෙන් විතර්කයේ දොස් දැකීමත් විතර්කය ප්රහාණය කිරීමෙන් නැවත විතර්කරහිත විචාරමාත්රධ්යානයට පැමිණීම ඉක්බිති නිදා නැගිටි ඒ ඇමති පුත්‍රයා අත්පා පෙළීම නො ඉවසීමෙන් අපා පෙළුවන්ට තර්ජනය කොට ඔවුන් පහව යෑමෙන් නැවත මදක් නින්දට පැමිණීමත් මෙනි.
තතො තස්ස පුනප්පුනං නිද්දායිත්වා වුට්ඨිතස්ස යථාවුත්තෙන කමෙන පාදපරිමජ්ජනාදීනං අසහනෙන පටිපාටියා පාදපරිමජ්ජකාදීනං සන්තජ්ජනං, තෙසං තෙසඤ්ච අපගමනෙන පුනප්පුනං ථොකං නිද්දුපගමනං විය ඉමස්සාපි පුනප්පුනං දුතියාදීහි ඣානෙහි වුට්ඨිතස්ස යථාවුත්තදොසානං විචාරාදීනං අසහනෙන පටිපාටියා විචාරාදිදොසදස්සනං. තෙසං තෙසඤ්ච පහානා පුනප්පුනං අවිතක්කඅවිචාරනිප්පීතික පහීනසොමනස්සජ්ඣානුපගමනං.
ද්විතීයාදී ධ්‍යානයන්ගෙන් නැවත නැවත නැගිටි මොහු ද කියන ලද විචාරාදී දෝෂයන් නො ඉවසීමෙන් පිළිවෙළින් විචාරාදී දෝෂයන් දැකීම ඒ ඒ දෝෂයන් ප්‍රහාණයෙන් නැවත නැවත අවිතර්ක අවිචාර නිෂ්ප්‍රීතික ප්‍රහීණ සොම්නස ඇති ධ්‍යානයට පැමිණීම, ඉක්බිති නැවත නැවත නිදා නැගිටි ඒ ඇමති පුත්‍රයා කියන ලද ක්‍රමයෙන් පා පිරිමැදීම් ආදිය නොඉවසීමෙන් පිළිවෙළින් පාපිරිමදින්නන් ආදීන්ට තර්ජනය කිරීම ඒ ඒ අය පහව යෑමෙන් නැවත නැවත මදක් නින්දට යෑම මෙනි,
තස්ස පන සයනා වුට්ඨාය රඤ්ඤො සන්තිකං ගතස්ස ඉස්සරියප්පත්ති විය ඉමස්සාපි පඤ්චමජ්ඣානතො වුට්ඨිතස්ස විපස්සනා මග්ගං උපගතස්ස අරහත්තප්පත්ති.
පංචම ධ්‍යානයෙන් නැගිටි ප්‍රථම ධ්‍යානයට පැමිණි මොහුගේ අර්හත්වයට පැමිණීම යහනින් නැගිට රජු වෙත ගිය ඇමති පුත්‍රයාගේ ඓශ්වර්යයට පැමිණීම මෙනි. අර්හත්වයට පැමිණි
තස්ස පත්තිස්සරියස්ස බහූනං ජනානං අවස්සයභාවො විය ඉමස්සාපි අරහත්තප්පත්තස්ස බහූනං අවස්සයභාවො වෙදිතබ්බො. එත්තාවතා හි එස අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං නාම හොතීති.
මොහුගේ බොහෝදෙනාට ප්‍රයෝජනවත් බව ඓශ්වර්යයට පැමිණි ඇමති පුත්‍රයාගේ බොහෝදෙනාට ප්‍රයෝජනවත් වීම මෙනැයි දතයුතුයි. මෙපමණකින් වනාහි මේ අරහත් පුද්ගලයා අනුත්තර පුණ්‍ය ක්ෂේත්‍ර නම් වන්නේය යනුයි.
පඤ්චකනයො නිට්ඨිතො.
පංචක නය නිමියේ ය.
එත්තාවතා චතුක්කපඤ්චකනයද්වයභෙදො සුද්ධිකනවකො නාම පකාසිතො හොති. අත්ථතො පනෙස පඤ්චකනයෙ චතුක්කනයස්ස පවිට්ඨත්තා ඣානපඤ්චකො එවාති වෙදිතබ්බො.
මෙතෙකින් චතුෂ්ක පංචකනය දෙකින් භේද වූ ශුද්ධික නවකය ප්‍රකාශ කරන ලද්දේ වෙයි. මෙය වනාහි අක්ෂි වශයෙන් පංචක නයෙහි චතුෂ්කනයට පිවිසි හෙයින් ධ්‍යාන පංචයකැයි දතයුතුයි.
පටිපදාචතුක්කං
පටිපදාචතුක්කං
ඉදානි යස්මා එතං ඣානං නාම පටිපදාකමෙන සිජ්ඣති, තස්මා තස්ස පටිපදාභෙදං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ දුක්ඛා පටිපදා අස්සාති දුක්ඛපටිපදං. දන්ධා අභිඤ්ඤා අස්සාති දන්ධාභිඤ්ඤං. ඉති දුක්ඛපටිපදන්ති වා දන්ධාභිඤ්ඤන්ති වා පථවීකසිණන්ති වා තීණිපි ඣානස්සෙව නාමානි. දුක්ඛපටිපදං ඛිප්පාභිඤ්ඤන්තිආදීසුපි එසෙව නයො.
දැන් යම්හෙයකින් මේ ධ්‍යානය නම් ප්‍රතිපදා ක්‍රමයෙන් සිද්ධ වේද, එහෙයින් එහි ප්‍රතිපදා භේදය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි සුඛ ප්‍රතිපදාව මොහුට නුයි = දුක්ඛා පටිපදාය දන්ධ අභිඥාව මොහුටනුයි = දන්ධාභිඥය, මෙසේ දුක්ඛාපටිපදං යනු හෝ දන්ධාභිඤ්ඤං යනු හෝ පඨවිකසිණං යනු හෝ මේ තුනම ධ්‍යානයට නම්ය. දුක්ඛා පටිපදං ඛිප්පාභිඤ්ඤං යන ආදින්හිද මේ නයමය.
තත්ථ පඨමසමන්නාහාරතො පට්ඨාය යාව තස්ස තස්ස ඣානස්ස උපචාරං උප්පජ්ජති තාව පවත්තා ඣානභාවනා ‘පටිපදා’ති වුච්චති. උපචාරතො පන පට්ඨාය යාව අප්පනා තාව පවත්තා පඤ්ඤා ‘අභිඤ්ඤා’ති වුච්චති. සා පනෙසා පටිපදා එකච්චස්ස දුක්ඛා හොති. නීවරණාදිපච්චනීකධම්මසමුදාචාරගහනතාය කිච්ඡා අසුඛසෙවනාති අත්ථො. එකච්චස්ස තදභාවෙන සුඛා. අභිඤ්ඤාපි එකච්චස්ස දන්ධා හොති, මන්දා, අසීඝප්පවත්ති. එකච්චස්ස ඛිප්පා අමන්දා සීඝප්පවත්ති. තස්මා යො ආදිතො කිලෙසෙ වික්ඛම්භෙන්තො දුක්ඛෙන සසඞ්ඛාරෙන සප්පයොගෙන කිලමන්තො වික්ඛම්භෙති , තස්ස දුක්ඛා පටිපදා නාම හොති. යො පන වික්ඛම්භිතකිලෙසො අප්පනාපරිවාසං වසන්තො චිරෙන අඞ්ගපාතුභාවං පාපුණාති, තස්ස දන්ධාභිඤ්ඤා නාම හොති. යො ඛිප්පං අඞ්ගපාතුභාවං පාපුණාති තස්ස ඛිප්පාභිඤ්ඤා නාම හොති. යො කිලෙසෙ වික්ඛම්භෙන්තො සුඛෙන අකිලමන්තො වික්ඛම්භෙති, තස්ස සුඛා පටිපදා නාම හොති.
එහි පළමු සිත එකඟ කරගැනීමේ පටන් යම්තාක් ඒ ඒ ධ්‍යානයාගේ උපචාර සමාධිය උපදීද, එතෙක් පැවති ධ්‍යාන භාවනාව පටිපදාව යැයි කියනු ලැබේ. උපචාරයෙහි පටන් අර්පණා සමාධිය තෙක් පැවති ප්‍රඥාව වනාහි අභිඥාව යැයි කියනු ලැබේ. ඒ මේ ප්‍රතිපදාව වනාහි ඇතමෙකුට දුක් වෙයි. නීවරණාදී විරුද්ධ ධර්මයන්ගේ හැසිරීම් ගහණ බැවින් දුක්ය. අසුඛ සේවනා යනු අර්ථයි. ඇතමෙකුට එය නැති බැවින් සුඛය. ඇතමෙකුට අභිඥාව ද දන්ධය. මන්දය ශීඝ්‍රව නොපවත්නේ ය. ඇතමෙකුට වහා සිදුවෙයි. අමන්දය, ශීඝ්‍රව පවත්නේ ය. එහෙයින් යමෙක් ආදියෙහි පටන් ක්ලේශයන් විෂ්කම්භනය කරමින් දුකින් සසංස්කාරිකව සප්රයෝගීව වෙහෙසෙමින් විෂ්කම්භනය කරයි ද, ඔහුගේ ප්‍රතිපදාව දුක්ඛා පටිපදා (නම්) වෙයි. යමෙක් වනාහි විෂ්කම්භනය කරන ලද කෙලෙස් ඇත්තේ අර්පණා පරිවාසයෙහි යෙදෙන්නේ බොහෝ කලක් ගතකිරීමෙන් අංග පහළ කරගනීද, ඔහුගේ අභිඥාව දන්ධාභිඤ්ඤා නම් වෙයි. යමෙක් වහා අංග පහළකර ගනීද, ඔහුගේ අභිඥාව ඛිප්පාභිඤ්ඤා නම් වෙයි. යමෙක් ක්ලේශ විෂ්කම්භනය කරනුයේ සුවසේ නො වෙහෙසෙමින් විෂ්කම්භනය කෙරේ ද ඔහුගේ ප්‍රතිපදාව සුඛාපටිපදා නම් වෙයි.
තත්ථ යානි සප්පායාසප්පායානි ච පලිබොධුපච්ඡෙදාදීනි පුබ්බකිච්චානි ච අප්පනාකොසල්ලානි ච විසුද්ධිමග්ගෙ චිත්තභාවනානිද්දෙසෙ නිද්දිට්ඨානි, තෙසු යො අසප්පායසෙවී හොති, තස්ස දුක්ඛා පටිපදා දන්ධා ච අභිඤ්ඤා හොති. සප්පායසෙවිනො සුඛා පටිපදා ඛිප්පා ච අභිඤ්ඤා. යො පන පුබ්බභාගෙ අසප්පායං සෙවිත්වා අපරභාගෙ සප්පායසෙවී හොති, පුබ්බභාගෙ වා සප්පායං සෙවිත්වා අපරභාගෙ අසප්පායසෙවී, තස්ස වොමිස්සකතා වෙදිතබ්බා. තථා පලිබොධුපච්ඡෙදාදිකං පුබ්බකිච්චං අසම්පාදෙත්වා භාවනං අනුයුත්තස්ස දුක්ඛා පටිපදා හොති, විපරියායෙන සුඛා. අප්පනාකොසල්ලානි පන අසම්පාදෙන්තස්ස දන්ධා අභිඤ්ඤා හොති, සම්පාදෙන්තස්ස ඛිප්පා.
එහි යම් සත්ප්‍රාය අසත්ප්රායයෝ ද පළිබෝධ සිඳීහ් ආදී පූර්වකෘත්යයෝ ද අර්පණා කුශලතාවෝ වෙත් ද ඔවුහු විශුද්ධි මාර්ගයෙහි චිත්ත භාවනා නිර්දේශයෙහි දක්වන ලදහ. ඔවුනතුරෙන් යමෙක් (දශ) අසත්ප්රායසේවී වේද ඔහුට දුඃඛ ප්‍රතිපදා ද දන්ධාභිඥා ද වෙයි. සත්ප්රායසේවියාට සුඛප්‍රතිපදා ද ශිප්රාභිඥා ද වෙයි. යමෙක් වනාහි පූර්වභාගයෙහි හෝ අසත්ප්‍රාය සේවනය කොට අපරභාගයෙහි සත්ප්රායයේවී වෙයිද, පූර්වභාගයෙහි හෝ සත්ප්‍රාය සේවනය කොට අපරභාගයෙහි අසත්ප්රායේවී වෙයිද ඔහුගේ මිශ්රබව දතයුතුයි. යම්සේ පළිබෝධ නැසීම් ආදී පූර්ව කෘත්‍යය නොසපයා භාවනාවේ යෙදුණහුට දුඃඛප්‍රතිපදා වෙයි. විපරීත වශයෙන් සුඛප්‍රතිපදා ද වේ. අර්පණ කුශලතාවන් සම්පාදනය නො කරන්නාට වනාහි දන්ධාභිඥා වෙයි. සම්පදනය කරන්නාට ශිප්රාභිඥා වෙයි.
අපිච තණ්හාඅවිජ්ජාවසෙන සමථවිපස්සනාකතාධිකාරවසෙන චාපි එතාසං පභෙදො වෙදිතබ්බො. තණ්හාභිභූතස්ස හි දුක්ඛා පටිපදා හොති, අනභිභූතස්ස සුඛා. අවිජ්ජාභිභූතස්ස ච දන්ධා අභිඤ්ඤා හොති, අනභිභූතස්ස ඛිප්පා. යො ච සමථෙ අකතාධිකාරො තස්ස දුක්ඛා පටිපදා හොති, කතාධිකාරස්ස සුඛා. යො පන විපස්සනාය අකතාධිකාරො හොති, තස්ස දන්ධා අභිඤ්ඤා හොති, කතාධිකාරස්ස ඛිප්පා.
තවද තෘෂ්ණා අවිද්‍යා වශයෙන් ද සමථ විදර්ශනා (කෘත්‍ය) ධිකාර වශයෙන්දැයි මොවුන්ගේ ප්‍රභේද දතයුතුයි. තෘෂ්ණාවෙන් මඩනා ලද්දහුට වනාහි දුක්ඛා ප්‍රතිපදා වෙයි. නොමඩනා ලද්දහු සුඛා ප්‍රතිපදාය, අවිද්‍යාවෙන් මඩනා ලද්දහුට ද දන්ධාභිඥා වෙයි. (නොමඩනා ලද්දහුට ඛිප්පා භිඤ්ඤාය) යමෙක් වනාහි සමථයෙහි නොකරන ලද ප්‍රාර්ථනා ඇත්තේ ද ඔහුට දුක්ඛා පටිපදා වෙයි. කරන ලද ප්‍රාර්ථනා ඇත්තහුට සුඛ පටිපදාය, යමෙක් වනාහි විදර්ශනාවෙහි නො කරන ලද ප්‍රාර්ථනා ඇත්තේ වේද, ඔහුට දන්ධාභිඥා වෙයි. කෘතාධිකාරී පුද්ගලයාට ශිප්රාභිඥාය.
කිලෙසින්ද්රියවසෙන චාපි එතාසං පභෙදො වෙදිතබ්බො. තිබ්බකිලෙසස්ස හි මුදින්ද්රියස්ස දුක්ඛා පටිපදා හොති දන්ධා ච අභිඤ්ඤා, තික්ඛින්ද්රියස්ස පන ඛිප්පා අභිඤ්ඤා. මන්දකිලෙසස්ස ච මුදින්ද්රියස්ස සුඛා පටිපදා හොති දන්ධා ච අභිඤ්ඤා, තික්ඛින්ද්රියස්ස පන ඛිප්පා අභිඤ්ඤාති.
ක්ලේශ ඉන්ද්රිය වශයෙන් ද මොවුන්ගේ ප්‍රභේදය දතයුතුයි. තීව්ර ක්ලේශී මෘදු ඉන්ද්රිය ඇත්තහුට වනාහි දුක්ඛා පටිපදා වෙයි. දන්ධාභිඥා ද වෙයි. තියුණු ඉන්ද්රිය ඇත්තාට වනාහි ශිප්රාභිඥාය, මද කෙලෙස් ඇති මෘදු ඉන්ද්රිය ඇත්තාට ද සුඛා පටිපදා ද දන්ධාභිඥා ද වෙයි. තියුණු ඉන්ද්රිය ඇත්තහුට වනාහි ශිප්රාභිඥා යැයි
ඉති ඉමාසු පටිපදාඅභිඤ්ඤාසු යො පුග්ගලො දුක්ඛාය පටිපදාය දන්ධාය අභිඤ්ඤාය ඣානං පාපුණාති, තස්ස තං ඣානං දුක්ඛපටිපදං දන්ධාභිඤ්ඤන්ති වුච්චති. සෙසෙසුපි එසෙව නයො.
මෙසේ මේ ප්‍රතිපදා අභිඥාවන්හි යම් පුද්ගලයෙක් දුක්ඛ ප්‍රතිපදාවෙන් දන්ධ අභිඥාවෙන් ධ්‍යානයට පැමිණේද ඔහුගේ ඒ ධ්‍යානය දුක්ඛා පටිපදා දන්ධාභිඥා යැයි කියනු ලැබේ. සෙසු තැන්හි ද මේ නයමය.
තත්ථ ‘තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා’ති (විභ· 799) එවං වුත්තසතියා වා තංතංඣානනිකන්තියා වා වික්ඛම්භනෙ පටිපදා, තංතංඣානුපචාරප්පත්තස්ස අප්පනාය පරිවාසෙ අභිඤ්ඤා ච වෙදිතබ්බා. ආගමනවසෙනාපි ච පටිපදා අභිඤ්ඤා හොන්තියෙව. දුක්ඛපටිපදඤ්හි දන්ධාභිඤ්ඤං පඨමජ්ඣානං පත්වා පවත්තං දුතියම්පි තාදිසමෙව හොති. තතියචතුත්ථෙසුපි එසෙව නයො. යථා ච චතුක්කනයෙ එවං පඤ්චකනයෙපි පටිපදාවසෙන චතුධා භෙදො වෙදිතබ්බො. ඉති පටිපදාවසෙනපි චත්තාරො නවකා වුත්තා හොන්ති. තෙසු පාඨතො ඡත්තිංස චිත්තානි, අත්ථතො පන පඤ්චකනයෙ චතුක්කනයස්ස පවිට්ඨත්තා වීසතිමෙව භවන්තීති.
එහිදී ප්‍රතිපත්තියක් වශයෙන් සතිය පිහිටයි. ප්‍රඥාව ද ඨිතිභාගී වෙයි. (පිහිටයි.) යැයි මෙසේ කියන ලද සතියෙන් ඒ ඒ ධ්‍යානයන්හි තෘෂ්ණාව විෂ්කම්භනය කළ කල්හි ප්‍රතිපදාව ද ඒ ඒ ධ්යානූපචාරයට පැමිණි අර්පණා පරිවාසයෙහිදී අභිඥාව ද දතයුතුයි. ආගමන වශයෙන් ද ප්‍රතිපදා අභිඥාවෝ වෙත්මය. දුක්ඛා පටිපදාව වනාහි දන්ධාභිඥා ප්‍රථම ධ්‍යානයට පැමිණ පැවතියේය. ද්විතීය ධ්‍යානය එබඳුම වෙයි. තෘතීය චතුත්ථි ධ්‍යානයන්හි ද මේ නයමය. චතුෂ්ක නයෙහි යම්සේ ද පංචක නයෙහි ද මෙසේ ප්‍රතිපදා වශයෙන් සතර ආකාර භේදය දතයුතුයි. මෙසේ ප්‍රතිපදා වශයෙන් ද නවක සතරක් කියන ලද්දේ වෙයි. එහි පාඨ වශයෙන් සිත් සතිසෙකි. අත්ථි වශයෙන් වනාහි චතුෂ්කනය පංචක නයෙහි පිවිසි හෙයින් විස්සක්ම වෙයි යනුයි.
පටිපදාචතුක්කං.
ප්‍රතිපදා නිමියේ ය.
ආරම්මණචතුක්කං
ආරම්මණචතුක්කං
ඉදානි යස්මා එතං ඣානං නාම යථා පටිපදාභෙදෙන එවං ආරම්මණභෙදෙනාපි චතුබ්බිධං හොති. තස්මාස්ස තං පභෙදං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ පරිත්තං පරිත්තාරම්මණන්තිආදීසු යං අප්පගුණං හොති, උපරිජ්ඣානස්ස පච්චයො භවිතුං න සක්කොති, ඉදං පරිත්තං නාම. යං පන අවඩ්ඪිතෙ සුප්පමත්තෙ වා සරාවමත්තෙ වා ආරම්මණෙ පවත්තං, තං පරිත්තං ආරම්මණං අස්සාති පරිත්තාරම්මණං. යං පගුණං සුභාවිතං උපරිජ්ඣානස්ස පච්චයො භවිතුං සක්කොති, ඉදං අප්පමාණං නාම. යං විපුලෙ ආරම්මණෙ පවත්තං තං වුඩ්ඪිප්පමාණත්තා අප්පමාණං ආරම්මණං අස්සාති අප්පමාණාරම්මණං. වුත්තලක්ඛණවොමිස්සකතාය පන වොමිස්සකනයො වෙදිතබ්බො. ඉති ආරම්මණවසෙනපි චත්තාරො නවකා වුත්තා හොන්ති. චිත්තගණනාපෙත්ථ පුරිමසදිසා එවාති.
දැන් ධ්‍යානය නම් ප්‍රතිපදා භේදයෙන් යම්සේ ද මෙසේ ආරම්මණ භේදයෙන් ද චතුර්විධ වෙයි. එහෙයින් එහි ඒ ප්‍රභේදය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. පරිත්තං පරිත්තාරම්මණං යන ආදීන්හි යම් අල්පගුණයක් වේද මතු ධ්‍යානයට ප්‍රත්‍යය වීමට නොහැකි වෙයි ද මේ පරිත්ත නමි. යමක් නොවැඩූ කල්හි වනාහි කුල්ලක් පමණ වූ හෝ නෑඹිලියක් පමණ වූ හෝ අරමුණෙහි පැවති ඒ ස්වල්ප අරමුණ මොහුට යනු = පරිත්තාරම්මණ වේ. යම් අරමුණක් ප්‍රගුණ ද මනාව වඩනා ලදද මතු ධ්‍යානයට ප්‍රත්‍යය වීමට හැක්කේ වේද මෙය අප්පමාණ නමි. යමක් මහත් වූ අරමුණෙහි පැවතියේ ද වෘද්ධියෙන් ප්‍රමාණ හෙයින් අප්‍රමාණ වූ ඒ අරමුණ මොහුගේ යනු = අප්පමාණාරම්මණ වේ. කියන ලද ලක්ෂණ මිශ්‍ර හෙයින් වනාහි චෝමිස්සක නය දතයුතුයි. මෙසේ ආරම්මණ වශයෙන් ද නවක සතර කියන වෙයි. මෙහි සිත් ගණනින් ද පළමු සමානමය යනුයි.
ආරම්මණචතුක්කං.
ආරම්මණ චතුෂ්ක නය නිමියේය.
ආරම්මණපටිපදාමිස්සකං
ආරම්මණපටිපදාමිස්සකං
ඉදානි ආරම්මණපටිපදාමිස්සකං සොළසක්ඛත්තුකනයං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ පඨමනයෙ වුත්තජ්ඣානං දුක්ඛපටිපදත්තා දන්ධාභිඤ්ඤත්තා පරිත්තත්තා පරිත්තාරම්මණත්තාති චතූහි කාරණෙහි හීනං, සොළසමනයෙ වුත්තජ්ඣානං සුඛපටිපදත්තා ඛිප්පාභිඤ්ඤත්තා අප්පමාණත්තා අප්පමාණාරම්මණත්තාති චතූහි කාරණෙහි පණීතං. සෙසෙසු චුද්දසසු එකෙන ද්වීහි තීහි ච කාරණෙහි හීනප්පණීතතා වෙදිතබ්බා.
දැන් ආරම්මණා ප්‍රතිපදා මිශ්‍රක සෝළසවාර නය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි පළමු නයෙහි කියන ලද ධ්‍යානය දුක්ඛාපටිපදා හෙයින් ද දන්ධාභිඥා හෙයින් ද පරිත්ත හෙයින් ද පරිත්තාරම්මණ හෙයින්දැයි කරුණු සතරකින් හීනය, සොළොස්වන නයෙහි කියන ලද ධ්‍යානය සුඛාපටිපදා හෙයින් ද ඛිප්පාභිඤ්ඤා හෙයින් ද අප්‍රමාණ හෙයින් ද අප්‍රමාණ ආරම්මණ හෙයින්දැයි කරුණු සතරකින් ප්‍රණීතය. සෙසු දහහතරෙහි කරුණු එකෙන් දෙකක් තුනෙන් හා සතරෙන් හීනප්‍රණීත බව දතයුතුයි.
කස්මා පනායං නයො දෙසිතොති? ඣානුප්පත්තිකාරණත්තා. සම්මාසම්බුද්ධෙන හි පථවීකසිණෙ සුද්ධිකජ්ඣානං චතුක්කනයවසෙන පඤ්චකනයවසෙන ච දස්සිතං; තථා සුද්ධිකපටිපදා, තථා සුද්ධිකාරම්මණං. තත්ථ යා දෙවතා පථවීකසිණෙ සුද්ධිකජ්ඣානං චතුක්කනයවසෙන දෙසියමානං බුජ්ඣිතුං සක්කොන්ති, තාසං සප්පායවසෙන සුද්ධිකජ්ඣානෙ චතුක්කනයො දෙසිතො. යා පඤ්චකනයවසෙන දෙසියමානං බුජ්ඣිතුං සක්කොන්ති, තාසං සප්පායවසෙන පඤ්චකනයො. යා සුද්ධිකපටිපදාය , සුද්ධිකාරම්මණෙ චතුක්කනයවසෙන දෙසියමානං බුජ්ඣිතුං සක්කොන්ති, තාසං සප්පායවසෙන සුද්ධිකපටිපදාය සුද්ධිකාරම්මණෙ චතුක්කනයො දෙසිතො. යා පඤ්චකනයවසෙන දෙසියමානං බුජ්ඣිතුං සක්කොන්ති තාසං සප්පායවසෙන පඤ්චකනයො. ඉති හෙට්ඨා පුග්ගලජ්ඣාසයවසෙන දෙසනා කතා.
කවරහෙයින් වනාහි මේ නය දේශනා කරන ලදීද? යත්, ධ්යානෝත්පත්ති කාරණයෙනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනාහි පඨවි කසිණයෙහි ශුද්ධිකධ්යානය චතුෂ්කනය වශයෙන් ද (පංචකනය වශයෙන් ද) දක්වන ලදී. එසේම ශුද්ධික ප්‍රතිපදාවත් ශුද්ධිකාරම්මණයත් දක්වන ලදී. එහි යම් දේවතා කෙනෙක් චතුෂ්කනය වශයෙන් දේශනා කරනු ලබන පඨවි කසිණයෙහි ශුද්ධිකධ්යානය අවබෝධ කරගන්නට හැකිවෙත්ද, ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් ශුද්ධිකධ්යානයෙහි චතුෂ්කනය දේශනා කරන ලදී. යම් දේවතා කෙනෙක් පංචකනය වශයෙන් දෙසීම අවබෝධ කරගන්නට හැකිවෙත්ද ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් පංචකනය දේශනා කරන ලදී. යම් දේවතා කෙනෙක් ශුද්ධික ප්‍රතිපදාවෙහි -පෙ- ශුද්ධිකාරම්මණයෙහි චතුෂ්කනය වශයෙන් දෙසීම අවබෝධ කරගන්නට හැකි වෙත්ද ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් (ශුද්ධික ප්‍රතිපදාවෙහි) ශුද්ධිකාරම්මණයෙහි චතුෂ්කනය දේශනා කරන ලදී. යම් දේවතා කෙනෙක් පංචකනය වශයෙන් දෙසීම අවබෝධ කරගන්න හැකිවෙත්ද, ඔවුන්ට සත්ප්‍රාය වශයෙන් පංචකනය දැයි මෙසේ යට පුද්ගලාධ්‍යාශය වශයෙන් දේශනා කරන ලදී.
දෙසනාවිලාසප්පත්තො චෙස පභින්නපටිසම්භිදො දසබලචතුවෙසාරජ්ජවිසදඤාණො ධම්මානං යාථාවසරසලක්ඛණස්ස සුප්පටිවිද්ධත්තා ධම්මපඤ්ඤත්තිකුසලතාය යො යො නයො ලබ්භති තස්ස තස්ස වසෙන දෙසනං නියමෙතුං සක්කොති, තස්මා ඉමාය දෙසනාවිලාසප්පත්තියාපි තෙන එසා පථවීකසිණෙ සුද්ධිකචතුක්කනයාදිවසෙන දෙසනා කතා.
දේශනා විලාසප්‍රාප්ත ප්‍රතිසම්භිදා ප්රභේදගත දශබල චතුර් වෛශාරද්යායෙහි පිරිසිදු ඥාන ඇති සර්වඥයන් වහන්සේ ධර්මයන් යථාවසරස ලක්ෂණ මනාව අවබෝධ කරගත් හෙයින් ද ධර්මප්රඥප්ති කුශලතාවෙන් ද යම් යම් නය ලැබේ නම් ඒ ඒ නය වශයෙන් දේශනා නියම කරන්නට හැකිවන සේක. එහෙයින් උන්වහන්සේ විසින් මේ දේශනා විලාස ප්රාප්තියේ දී ද පඨවි කසිණයෙහි ශුද්ධික චතුෂ්කනයාදී වශයෙන් දේශනා කරන ලදී.
යස්මා පන යෙ කෙචි ඣානං උප්පාදෙන්ති නාම න තෙ ආරම්මණපටිපදාහි විනා උප්පාදෙතුං සක්කොන්ති, තස්මා නියමතො ඣානුප්පත්තිකාරණත්තා අයං සොළසක්ඛත්තුකනයො කථිතො.
යම්හෙයකින් වනාහි යම්කිසි කෙනෙක් ධ්‍යානය උපදවත් නම්, ඔව්හු ආරම්මණ ප්‍රතිපදාවෙන් තොරව උපදවන්නට නො හැකි වෙත්. එහෙයින් නියම වශයෙන් ධ්යානෝත්පත්ති කාරණ හෙයින් මේ මේ සෝළස වාර නය දේශනා කරන ලදී.
එත්තාවතා සුද්ධිකනවකො, චත්තාරො පටිපදානවකා, චත්තාරො ආරම්මණනවකා, ඉමෙ ච සොළස නවකාති පඤ්චවීසති නවකා කථිතා හොන්ති. තත්ථ එකෙකස්මිං නවකෙ චතුක්කපඤ්චකවසෙන ද්වෙ ද්වෙ නයාති පඤ්ඤාස නයා. තත්ථ “පඤ්චවීසතියා චතුක්කනයෙසු සතං, පඤ්චකනයෙසු පඤ්චවීසසත”න්ති පාඨතො පඤ්චවීසාධිකානි ද්වෙ ඣානචිත්තසතානි හොන්ති. පඤ්චකනයෙ පන චතුක්කනයස්ස පවිට්ඨත්තා අත්ථතො පඤ්චවීසාධිකමෙව චිත්තසතං හොති. යානි චෙතානි පාඨෙ පඤ්චවීසාධිකානි ද්වෙ චිත්තසතානි තෙසු එකෙකස්ස නිද්දෙසෙ ධම්මවවත්ථානාදයො තයො තයො මහාවාරා හොන්ති. තෙ පන තත්ථ තත්ථ නයමත්තමෙව දස්සෙත්වා සංඛිත්තාති.
මෙපමණකින් ශුද්ධික නවකය ප්‍රතිපදා නවක සතර ආරම්මණ නවක සතර සහ මේ සොළොස් නවකදැයි පස්විසි නවක කියන ලද්දේ වෙයි. එහි එක් එක් නවකයෙහි චතුෂ්ක පංචක වශයෙන් නය දෙක දෙක දැයි නය පනසෙකි. එහි පස්විසි වතුෂ්ක නයෙහි සියයෙකි. පහත් ධ්‍යාන සිත් වෙයි. පංචක නයෙහි වනාහි චතුෂ්ක නයක් ඇතුළත් හෙයින් අර්ථ වශයෙන් සිත් එකසිය විසිපසම වෙයි. පෙළෙහි යම් ඒ දෙසිය විසිපනස් සිත් වේද, නිර්දේශයෙහි ඔවුනතුරෙන් එක එකට ධර්ම ව්යවස්ථානාදී මහාචාර තුන තුන බැගින් වෙයි. ඒවා වනාහි ඒ ඒ තැන්හි නය මාත්‍රයෙන් දක්වා සංක්ෂේප කරන ලදී.
පථවීකසිණං.
පඨවි කසිණය නිමියේ ය.
ඉදානි යස්මා ආපොකසිණාදීසුපි එතානි ඣානානි උප්පජ්ජන්ති, තස්මා තෙසං දස්සනත්ථං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තෙසු සබ්බො පාළිනයො ච අත්ථවිභාවනා ච චිත්තගණනා ච වාරසඞ්ඛෙපො ච පථවීකසිණෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො. භාවනානයො පන කසිණපරිකම්මං ආදිං කත්වා සබ්බො විසුද්ධිමග්ගෙ (විසුද්ධි 1.91 ආදයො) පකාසිතොයෙව. මහාසකුලුදායිසුත්තෙ පන දසකසිණානි (ම· නි· 2.250) වුත්තානි. තෙසු විඤ්ඤාණකසිණං ආකාසෙ පවත්තිතමහග්ගතවිඤ්ඤාණම්පි තත්ථ පරිකම්මං කත්වා නිබ්බත්තා විඤ්ඤාණඤ්චායතනසමාපත්තිපි හොතීති සබ්බප්පකාරෙන ආරුප්පදෙසනමෙව භජති, තස්මා ඉමස්මිං ඨානෙ න කථිතං.
දැන් යම්හෙයකින් ආපෝ කසිණාදියෙහි ද මේ ධ්‍යානයෝ උපදිත් ද, එහෙයින් ඔවුන් දැක්වීම පිණිස නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි සියලු පාළි නය ද අර්ථ විස්තර ද සිත් ගණනය ද වාර සංක්ෂේපය ද පඨවි කසිණයෙහි කියන ලද නයින්ම දතයුතුයි. කසිණ පරිකර්මය ආදිකොට ඇති සියලු භාවනා නය වනාහි විශුද්ධි මාර්ගයෙහි ප්‍රකාශ කරන ලද්දේමය. දස කසිණයෝ වනාහි මහා සකුලුදායි සූත්‍රයෙහි කියන ලදහ. ඔවුනතුරෙහි විඤ්ඤාණ කසිණය ආකාශයෙහි පවත්වන ලද මහග්ගත විඤ්ඤාණය ද එහි කසිණ පිරියම් කොට උපදවන ලද විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ද වේයැයි සර්වප්‍රකාරයෙන්ම ආරුප්ප දේශනයම භජනය කරයි. එහෙයින් මෙතැනදී නො කියන ලදී.
ආකාසකසිණන්ති පන කසිණුග්ඝාටිමමාකාසම්පි, තං ආරම්මණං කත්වා පවත්තක්ඛන්ධාපි, භිත්තිච්ඡිද්දාදීසු අඤ්ඤතරස්මිං ගහෙතබ්බනිමිත්තපරිච්ඡෙදාකාසම්පි, තං ආරම්මණං කත්වා උප්පන්නං චතුක්කපඤ්චකජ්ඣානම්පි වුච්චති. තත්ථ පුරිමනයො ආරුප්පදෙසනං භජති, පච්ඡිමනයො රූපාවචරදෙසනං. ඉති මිස්සකත්තා ඉමං රූපාවචරදෙසනං න ආරුළ්හං. පරිච්ඡෙදාකාසෙ නිබ්බත්තජ්ඣානං පන රූපූපපත්තියා මග්ගො හොති තස්මා තං ගහෙතබ්බං. තස්මිං පන චතුක්කපඤ්චකජ්ඣානමෙව උප්පජ්ජති, අරූපජ්ඣානං නුප්පජ්ජති. කස්මා? කසිණුග්ඝාටනස්ස අලාභතො. තඤ්හි පුනප්පුනං උග්ඝාටියමානම්පි ආකාසමෙව හොතීති න තත්ථ කසිණුග්ඝාටනං ලබ්භති, තස්මා තත්ථුප්පන්නං ඣානං දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, අභිඤ්ඤාපාදකං හොති, විපස්සනාපාදකං හොති, නිරොධපාදකං න හොති. අනුපුබ්බනිරොධො පනෙත්ථ යාව පඤ්චමජ්ඣානා ලබ්භති වට්ටපාදකං හොතියෙව. යථා චෙතං එවං පුරිමකසිණෙසු උප්පන්නං ඣානම්පි. නිරොධපාදකභාවො පනෙත්ථ විසෙසො. සෙසමෙත්ථ ආකාසකසිණෙ යං වත්තබ්බං සියා තං සබ්බං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.98-99) වුත්තමෙව.
ආකාස කසිණය යනු වනාහි කසිණුග්ඝාටික ආකාශය ද එය අරමුණු කොට පැවති ස්කන්ධ ද බිත්ති සිදුරු ආදී යම්කිසි තැනක ගතයුතු නිමිත්තේ පරිච්ඡේද ආකාසය ද එය අරමුණු කොට උපන් සතරවන පස්වන ධ්‍යාන ද කියනු ලැබේ. එහි පළමුනය ආරුප්ප දේසනය භජනය කරයි. අවසන් නය රූපාවචර දේසනය භජනය කරයි. මෙසේ මිශ්‍ර හෙයින් මෙය රූපාවචර දේශනයට ආරූඪ නො කරන ලදී. පරිච්ඡේදාකාසයෙහි උපන් ධ්‍යානය වනාහි අරූපෝත්පත්තියට මාර්ගය වෙයි. එහෙයින් එය ගතයුතුයි. එහි වනාහි චතුෂ්ක පංචකධ්යානම උපදී. අරූප ධ්‍යානය නූපදී. කවර හෙයින්? කසිණුක්ෂුටනයට නො ලැබෙන හෙයිනි. එය වනාහි නැවත නැවත උසාටනය කරනු ලැබුවත් ආකාසය වේ යනුයි. එහි කසිණුග්ඝාටනය නො ලබයි. එහෙයින් එහි උපන් ධ්‍යානය මෙලොව සැප විහරණය සඳහා පවතී. අභිඥාපාදක නොවේ. විදර්ශනා පාදක වේ. නිරෝධ පාදක නොවේ. මෙහි අනුපූර්ව නිරෝධය වනාහි පංචමධ්‍යානය තෙක් ලැබේ. වට්ටපාදක වේමය. මෙය යම්සේ ද පළමු කසිණයන්හි උපන් ධ්‍යානය ද එසේමය. මෙහි නිරෝධ පාදක භාවය වනාහි වෙනසයි. මෙහි සෙස්ස ද ආකාස කසිණයෙහි කිවයුතු යමක් වේ නම් ඒ සියල්ල ද විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය.
‘එකොපි හුත්වා බහුධා හොතී’තිආදිනයං (දී· නි· 1.239; පටි· ම· 1.102) පන විකුබ්බනං ඉච්ඡන්තෙන පුරිමෙසු අට්ඨසු කසිණෙසු අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා කසිණානුලොමතො කසිණපටිලොමතො, කසිණානුලොමපටිලොමතො; ඣානානුලොමතො, ඣානපටිලොමතො, ඣානානුලොමපටිලොමතො; ඣානුක්කන්තිකතො, කසිණුක්කන්තිකතො, ඣානකසිණුක්කන්තිකතො; අඞ්ගසඞ්කන්තිකතො, ආරම්මණසඞ්කන්තිකතො, අඞ්ගාරම්මණසඞ්කන්තිකතො; අඞ්ගවවත්ථානතො, ආරම්මණවවත්ථානතොති ඉමෙහි චුද්දසහාකාරෙහි චිත්තං පරිදමෙතබ්බං. තෙසං විත්ථාරකථා විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.365-366) වුත්තායෙව.
‘එකො හුත්වා බහුධා හොතී’ යන ආදී නය වනාහි විකුර්වණා කැමතිවන්නා විසින් පළමු කසිණ අටෙහි අෂ්ට සමාපත්තීන් උපදවා කසිණ අනුලෝම වශයෙන් කසිණ පටිලෝම වශයෙන් කසිණ අනුලෝම පටිලෝම වශයෙන් ධ්‍යාන අනුලෝම වශයෙන් ධ්‍යාන පටිලෝම වශයෙන් ධ්‍යාන අනුලෝම පටිලෝම වශයෙන් ධ්‍යානය උපුටා දැමීමෙන් කසිණය උපුටා දැමීමෙන් (ධ්‍යාන කසිණ උපුටා දැමීමෙන්) අංග සංක්‍රාන්තියෙන් ආරම්මණ සංක්‍රාන්තියෙන් අංග ආරම්මණ සංක්‍රාන්තියෙන් අංග ව්‍යවස්ථාපනයෙන් ආරම්මණ ව්‍යවස්ථාපනයෙන් ද යන මේ තුදුස් ආකාරයෙන් සිත දමනය කළයුතුයි. ඔවුන්ගේ විස්තර කථාව විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය.
එවං පන චුද්දසහාකාරෙහි චිත්තං අපරිදමෙත්වා, පුබ්බෙ අභාවිතභාවනො ආදිකම්මිකො යොගාවචරො ඉද්ධිවිකුබ්බනං සම්පාදෙස්සතීති නෙතං ඨානං විජ්ජති. ආදිකම්මිකස්ස හි කසිණපරිකම්මම්පි භාරො; සතෙසු සහස්සෙසු වා එකොව සක්කොති. කතකසිණපරිකම්මස්ස නිමිත්තුප්පාදනං භාරො; සතෙසු සහස්සෙසු වා එකොව සක්කොති. උප්පන්නෙ නිමිත්තෙ තං වඩ්ඪෙත්වා අප්පනාධිගමො භාරො, සතෙසු සහස්සෙසු වා එකොව සක්කොති. අධිගතප්පනස්ස චුද්දසහාකාරෙහි චිත්තපරිදමනං භාරො; සතෙසු සහස්සෙසු වා එකොව සක්කොති. චුද්දසහාකාරෙහි පරිදමිතචිත්තස්සාපි ඉද්ධිවිකුබ්බනං නාම භාරො, සතෙසු සහස්සෙසු වා එකොව සක්කොති. විකුබ්බනප්පත්තස්සාපි ඛිප්පනිසන්තිභාවො නාම භාරො; සතෙසු සහස්සෙසු වා එකොව ඛිප්පනිසන්ති හොති. ථෙරම්බත්ථලෙ මහාරොහනගුත්තත්ථෙරස්ස ගිලානුපට්ඨානං ආගතෙසු තිංසමත්තෙසු ඉද්ධිමන්තසහස්සෙසු උපසම්පදාය අට්ඨවස්සිකො රක්ඛිතත්ථෙරො විය. සබ්බං වත්ථු විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.367) විත්ථාරිතමෙවාති.
මෙසේ තුදුස් ආකාරයෙන් සිත දමනය නොකොට පෙර නො කරන ලද භාවනා ඇති ආදිකර්මික යෝගාවචරයා ඍද්ධි විකුර්වණය සම්පාදනය කරයි යන මේ කාරණය නො වන්නකි. ආදිකර්මිකයාට වනාහි කිසුණු පිරියම ද බරය. සියයකින් දහසකින් එකෙක්ම හැක්කේ වෙයි. කළ කිසුණු පිරියම් ඇත්තාට ද නිමිත්ත ඉපදවීම බරය. සියයකින් දහසකින් එකෙක්ම හැක්කේ වෙයි. නිමිත්ත උපන් කල්හි ද (එය) එය වඩා අර්පණාධිගමය බරය. සියයකින් දහසකින් එකෙක්ම හැක්කේ වෙයි. අර්පණාධිගමය කළ පුද්ගලයාට තුදුස් ආකාරයෙන් සිත දමනය කිරීම බරය. සියයකින් දහසකින් එකෙක්ම හැක්කේ වෙයි. තුදුස් ආකාරයෙන් සිත දමනය කළ පුද්ගලයාට ද ඍද්ධි විකුර්වණය නම් බරය, සියයකින් දහයකින් එකෙක්ම හැක්කේ වෙයි. විකුර්වණප්රාප්ත පුද්ගලයාට ද වහා හිඳීම බරය. සියයකින් දහසකින් එකෙක්ම වහා හුන්නේ වෙයි. ථෙරම්භත්ථලයෙහි මහාරෝහණගුත්ත තෙරුන්ට ගිලානෝපස්ථානයට පැමිණි තිස්දහසක් පමණ වූ ඍද්ධිමතුන් අතුරෙන් උපසම්පදාවෙන් අටවස් වූ රක්ෂිත ස්ථවිරයන් වහන්සේ මෙන්, (සියලු) වස්තුව විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය.
කසිණකථා.
කසිණ කථාව නිමියේ ය.
අභිභායතනකථා
අභිභායතනකථා
එවං අට්ඨසු කසිණෙසු රූපාවචරකුසලං නිද්දිසිත්වා, ඉදානි යස්මා සමානෙපි ආරම්මණෙ භාවනාය අසමානං ඉමෙසු අට්ඨසු කසිණෙසු අඤ්ඤම්පි අභිභායතනසඞ්ඛාතං රූපාවචරකුසලං පවත්තති, තස්මා තං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ අජ්ඣත්තං අරූපසඤ්ඤීති අලාභිතාය වා අනත්ථිකතාය වා අජ්ඣත්තරූපෙ පරිකම්මසඤ්ඤාවිරහිතො. බහිද්ධා රූපානි පස්සතීති බහිද්ධා අට්ඨසු කසිණෙසු කතපරිකම්මතාය පරිකම්මවසෙන චෙව අප්පනාවසෙන ච තානි බහිද්ධා අට්ඨසු කසිණෙසු රූපානි පස්සති. පරිත්තානීති අවඩ්ඪිතානි. තානි අභිභුය්යාති යථා නාම සම්පන්නගහණිකො කටච්ඡුමත්තං භත්තං ලභිත්වා ‘කිං එත්ථ භුඤ්ජිතබ්බං අත්ථී’ති සඞ්කඩ්ඪිත්වා එකකබළමෙව කරොති, එවමෙව ඤාණුත්තරිකො පුග්ගලො විසදඤාණො ‘කිමෙත්ථ පරිත්තකෙ ආරම්මණෙ සමාපජ්ජිතබ්බං අත්ථි, නායං මම භාරො’ති තානි රූපානි අභිභවිත්වා සමාපජ්ජති. සහ නිමිත්තුප්පාදෙනෙවෙත්ථ අප්පනං නිබ්බත්තෙතීති අත්ථො. ජානාමි පස්සාමීති ඉමිනා පනස්ස පුබ්බභාගො කථිතො. ආගමට්ඨකථාසු පන වුත්තං – ඉමිනාස්ස පන ආභොගො කථිතො. සො ච ඛො සමාපත්තිතො වුට්ඨිතස්ස, න අන්තොසමාපත්තියන්ති (අ· නි· අට්ඨ· 3.8.65).
මෙසේ අටකසිණයන්හි රූපාවචර කුසලය විස්තර කොට දැන් යම්හෙයකින් සමාන වූ අරමුණෙහි ද භාවනාව පිළිබඳ අසමානතා නිසා මේ අටකසිණයන්ගේ අභිභායතන නම් වූ වෙනත් රූපාවචර කුසල් පවතී ද, එහෙයින් එය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන් ගන්නා ලදී. එහි අජ්ඣත්තං අරූපසඤ්ඤී යැයි නොලැබෙන හෙයින් හෝ හෝ නොමැති හෙයින් හෝ ආධ්‍යාත්ම රූපයෙහි පරිකර්ම සංඥා විරහිතය. බහිද්ධා රූපානි පස්සති යනු බාහිර අටකසිණයන්හි පරිකර්ම කරන ලද හෙයින් පරිකර්ම වශයෙන් ද අර්පණා වශයෙන් ද ඒවා බාහිර අටකසිණයන්හි රූප දකී. පරිත්තානි යනු නොවැඩුණු, තානි අභිභුය්යා යනු යම්සේ බඩගිනි ඇතිතෙක් හැන්දක් පමණ බත් ලැබ කිම මෙහි අනුභව කළයුත්තකුත් ඇත්දැයි එකතු කර එකම පිඩක් කරයිද, මෙපරිද්දෙන් ඥානයෙන් උසස් ප්‍රකට ඥානයෙන් යුත් පුද්ගලයා කිම මේ අල්ප වූ අරමුණෙහි සමවැදිය යුත්තක් ඇද්ද, මෙය මට බරක් නොවේයැයි ඒ රූපයන් අභිබවා සමවදී ද, නිමිත්ත ඉපිදවීමක් සමගම මෙහි අර්පණාව උපදවන්නේය යන අර්ථයි. ජානාධි පස්සාමි යන මෙයින් ඔහුගේ පූර්වභාගය කියන ලදී. ආගමට්ඨ කථාවන්හි වනාහි මෙයින් වනාහි මොහුගේ සිතා බැලීම කියන ලදී. එයද වනාහි සමවතින් නැගී සිටියහුටය සමාපත්තිය තුළ සිටියහුට නොවේ’ කියන ලදී.
අප්පමාණානීති වඩ්ඪිතප්පමාණානි. අභිභුය්යාති එත්ථ පන යථා මහග්ඝසො පුරිසො එකං භත්තවඩ්ඪිතකං ලභිත්වා ‘අඤ්ඤාපි හොතු ‘කිමෙසා මය්හං කරිස්සතී’ති තං න මහන්තතො පස්සති, එවමෙව ඤාණුත්තරො පුග්ගලො විසදඤ්ඤාණො ‘කිමෙත්ථ සමාපජ්ජිතබ්බං, න ඉදං අප්පමාණං, න මය්හං චිත්තෙකග්ගතාකරණෙ භාරො අත්ථී’ති තානි අභිභවිත්වා සමාපජ්ජති. සහ නිමිත්තුප්පාදෙනෙවෙත්ථ අප්පනං නිබ්බත්තෙතීති අත්ථො.
අප්පමාණානි යනු වඩනා ලද ප්‍රමාණයෝ ය. අභිභුය්ය යනු මෙහි වනාහි බොහෝ අනුභව කරන පුරුෂයෙක් යම්සේ එක් බත් පංගුවක් ලැබ තරමක් දෙන්න මෙය මට කුමකටදැයි එය මහත් සේ නොදකී ද, මෙපරිද්දෙන් උසස් ඥානයෙන් යුත් ප්‍රකට ඥානයෙන් යුත් පුද්ගලයා මෙහි කුමක් සමවැදිය යුත්තේ ද මෙය මට අප්‍රමාණ නොවේ සිත එකඟ කරගැනීමේ බරකුත් ඇත්දැයි ඒවා අභිබවා සමවදී ද, නිමිත්ත ඉපදීමක් සමගම මෙහි අර්පණාව උපදී යන අර්ථයි.
පරිත්තං පරිත්තාරම්මණං අප්පමාණං පරිත්තාරම්මණන්ති ඉධ පරිත්තානීති ආගතත්තා අප්පමාණාරම්මණතා න ගහිතා, පරතො අප්පමාණානීති ආගතත්තා පරිත්තාරම්මණතා. අට්ඨකථායං පන වුත්තං – ‘ඉමස්මිං ඨානෙ චත්තාරි චත්තාරි ආරම්මණානි අග්ගහෙත්වා ද්වෙ ද්වෙව ගහිතානි . කිං කාරණා? චතූසු හි ගහිතෙසු දෙසනා සොළසක්ඛත්තුකා හොති, සත්ථාරා ච හෙට්ඨා සොළසක්ඛත්තුකා දෙසනා කිලඤ්ජම්හි තිලෙ පත්ථරන්තෙන විය විත්ථාරතො කථිතා. තස්ස ඉමස්මිං ඨානෙ අට්ඨක්ඛත්තුකං දෙසනං කාතුං අජ්ඣාසයො. තස්මා ද්වෙ ද්වෙයෙව ගහිතානීති වෙදිතබ්බානීති.
පරිත්තං පරිත්තාරම්මණං අප්පමාණං පරිත්තාරම්මණං යන මෙහි පරිත්තානි යැයි ආ හෙයින් අප්‍රමාණ ආරම්මණ බව නො ගන්නා ලදී. පරව අප්පමාණානි යැයි ආ හෙයින් පරිත්තාරම්මණ බව ද නො ගන්නා ලදී. අට්ඨකථාවෙන් වනාහි මෙසේ කියන ලදී. ‘මෙතැන දී අරමුණු සතර සතර බැගින් නොගෙන දෙක දෙක බැගින්ම ගන්නා ලදී. කවර හේතුවක් නිසාද? සතර බැගින් ගත්කල්හි වනාහි දේශනා සෝළසවාරික වෙයි. ශාස්තෲන් වහන්සේ විසින් ද යට පැදුරෙහි වනන්නාක් මෙන් සෝළසවාරික දේශනා විස්තර වශයෙන් දේශනා කරන ලදී. එය මෙතැනදී අටවරක් දේශනා කිරීම අදහසයි. එහෙයින් දෙක දෙක බැගින් ගන්නා ලදැයි දතයුතුයි.
සුවණ්ණදුබ්බණ්ණානීති පරිසුද්ධාපරිසුද්ධවණ්ණානි. පරිසුද්ධානි හි නීලාදීනි සුවණ්ණානි, අපරිසුද්ධානි ච දුබ්බණ්ණානීති ඉධ අධිප්පෙතානි. ආගමට්ඨකථාසු පන ‘සුවණ්ණානි වා හොන්තු දුබ්බණ්ණානි වා, පරිත්තඅප්පමාණවසෙනෙව ඉමානි අභිභායතනානි දෙසිතානී’ති (අ· නි· අට්ඨ· 3.8.65) වුත්තං. ඉමෙසු පන චතූසු පරිත්තං විතක්කචරිතවසෙන ආගතං, අප්පමාණං මොහචරිතවසෙන, සුවණ්ණං දොසචරිතවසෙන, දුබ්බණ්ණං රාගචරිතවසෙන. එතෙසඤ්හි එතානි සප්පායානි. සා ච තෙසං සප්පායතා විත්ථාරතො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.43) චරියනිද්දෙසෙ වුත්තා.
‘සුවණ්ණ දුබ්බණ්ණානි’ යනු පිරිසිදු අපිරිසිදු වර්ණයෝ ය. පාරිශුද්ධ වර්ණයෝ වනාහි නීලාදී මනා වර්ණයෝ ය. අපරිශුද්ධ වර්ණයෝ නම් දුර්වර්ණයෝ යැයි මෙහි අභිප්‍රේතයහ. ආගමට්ඨ කථාවන්හි වනාහි ‘මනාවර්ණ වේවා දුර්වර්ණ වේවා මේ අභිභායතන පරිත්ත අප්‍රමාණ වශයෙන්ම දේශනා කරන ලදී’ යැයි කියන ලදී. මේ සතරෙහි වනාහි පරිත්තාරම්මණය විතර්කචරිත වශයෙන් ආයේය. අප්රමාණාරම්මණය මෝහචරිත වශයෙන් ආයේය, ස්වරණය ද්වේෂ චරිත වශයෙන් ආයේය. දුර්වර්ණය රාගචරිත වශයෙන් ආයේය. මොවුන්ට වනාහි මේවා සත්ප්‍රාය තමි. ඔවුන්ගේ ඒ සත්ප්රායතාව විස්තර වශයෙන් විශුද්ධි මාර්ගයෙහි චරියා නිර්දේශයෙහි කියන ලදී.
කස්මා පන, යථා සුත්තන්තෙ “අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානී”තිආදි (දී· නි· 2.173; ම· නි· 2.249; අ· නි· 8.65) වුත්තං, එවං අවත්වා ඉධ චතූසුපි අභිභායතනෙසු අජ්ඣත්තං අරූපසඤ්ඤිතාව වුත්තාති? අජ්ඣත්තරූපානං අනභිභවනීයතො. තත්ථ වා හි ඉධ වා බහිද්ධාරූපානෙව අභිභවිතබ්බානි, තස්මා තානි නියමතො වත්තබ්බානීති තත්රපි ඉධපි වුත්තානි. අජ්ඣත්තං අරූපසඤ්ඤීති ඉදං පන සත්ථු දෙසනාවිලාසමත්තමෙව. අයං තාව චතූසු අභිභායතනෙසු අපුබ්බපදවණ්ණනා. සුද්ධිකනයපටිපදාභෙදො පනෙත්ථ පථවීකසිණෙ වුත්තනයෙනෙව එකෙකස්මිං අභිභායතනෙ වෙදිතබ්බො. කෙවලඤ්චෙත්ථ ආරම්මණචතුක්කං ආරම්මණදුකං හොති, සොළසක්ඛත්තුකඤ්ච අට්ඨක්ඛත්තුකං. සෙසං තාදිසමෙව. එවමෙත්ථ එකෙකස්මිං අභිභායතනෙ එකො සුද්ධිකනවකො, චත්තාරො පටිපදානවකා, ද්වෙ ආරම්මණනවකා, ආරම්මණපටිපදාමිස්සකෙ අට්ඨ නවකාති පන්නරස නවකාති චතූසුපි අභිභායතනෙසු සමසට්ඨි නවකා වෙදිතබ්බා.
කවර හෙයකින් වනාහි සූත්‍රාන්තයෙහි යම්සේ ‘අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි’ යන ආදිය දේශනා කරන ලද ද? මෙහිදී එසේ දේශනා නොකොට අභිභායතන සතරෙහි ද ආධ්‍යාත්ම රූපසංඥතාව දේශනා කරන ලදද යනුයි. ආධ්‍යාත්ම රූපයන් අනභිභවනීය හෙයිනි. එහි හෝ මෙහි වනාහි බාහිර රූපයෝම අභිභවනය කළයුත්තෝය, එහෙයින් ඔව්හු නියම වශයෙන් කිවයුත්හයි එහිත් මෙහිත් කියන ලදහ. අජ්ඣත්තං රූපසඤ්ඤී අරූපසඤ්ඤී යන මෙය වනාහි ශාස්තෲන් වහන්සේගේ දේශනා විලාසමාත්රයක්මය. මේ වනාහි සතර අභිභායතනයන්හි අපූර්පද වර්ණනාවයි. මෙහි ශුද්ධික නය ප්‍රතිපදා භේදය වනාහි පඨවි කසිණයෙහි කියන ලද නයින්ම එක් එක් අභිභායතනයෙහි දී දතයුතුයි. හුදෙක් මෙහි වනාහි ආරම්මණ චතුෂ්කය හා ආරම්මණ දුකය ද වෙයි. සොළසක්ඛත්තු කය ද අට්ඨක්ඛතුකය ද වෙයි. සෙස්ස එබඳුමය. මෙසේ මෙහි එක් එක් අභිභායතනයෙක්හි සුද්ධිකනවක එකකි. පටිසම්භිදානවක සතරෙකි. ආරම්මණ නවක දෙකකි. ආරම්මණ පටිපදා මිස්සකයෙහි නවක අටකැයි නවක පසළොසක් දැ (අභිභායත) සතරෙහි සම සැටක් නවක දතයුතුයි.
පඤ්චමඅභිභායතනාදීසු නීලානීති සබ්බසඞ්ගාහිකවසෙන වුත්තං. නීලවණ්ණානීති වණ්ණවසෙන, නීලනිදස්සනානීති නිදස්සනවසෙන, අපඤ්ඤායමානවිවරානි, අසම්භින්නවණ්ණානි, එකනීලානෙව හුත්වා දිස්සන්තීති වුත්තං හොති. නීලනිභාසානීති ඉදං පන ඔභාසනවසෙන වුත්තං; නීලොභාසානි නීලප්පභායුත්තානීති අත්ථො. එතෙන නෙසං සුවිසුද්ධතං දස්සෙති. සුවිසුද්ධවණ්ණවසෙන හි ඉමානි චත්තාරි අභිභායතනානි වුත්තානි. පීතානීතිආදීසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො. නීලකසිණං උග්ගණ්හන්තො නීලස්මිං නිමිත්තං ගණ්හාති. පුප්ඵස්මිං වා වත්‍ථස්මිං වා වණ්ණධාතුයා වාතිආදිකං පනෙත්ථ කසිණකරණඤ්ච පරිකම්මඤ්ච අප්පනාවිධානඤ්ච සබ්බං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.93 ආදයො) විත්ථාරතො වුත්තමෙව. යථා ච පථවීකසිණෙ එවමෙත්ථ එකෙකස්මිං අභිභායතනෙ පඤ්චවීසති පඤ්චවීසති නවකා වෙදිතබ්බා.
පස්වන අභිභායතනාදීන්හි නීලානි යනු සර්ව සංග්‍රාහික වශයෙන් කියන ලදී. නීලවණ්ණානි යනු වර්ණ වශයෙනි. නීලනිදස්සනානි යනු නිදර්ශන වශයෙනි. නොපැනෙන සිවුරු නොබිඳුණු වර්ණ එකම නිලක්ව දක්වා ලැබේයැයි කියන ලද්දේ වෙයි. නීලනිභායාති යන මෙය වනාහි බැබළීම් වශයෙන් කියන ලදී. නීල ආලෝක නීලප්‍රභා යුතු යන අර්ථයි. මෙයින් ඔවුන්ගේ ඉතා පිරිසිදු බව දක්වයි. මේ අභිභායතන සතර වනාහි සුවිශුද්ධ වර්ණ වශයෙන් කියන ලදී. පීතානි යන ආදීන්හි ද මේ නයින්ම අර්ථය දතයුතුයි. නීලකසිණය උගන්නා තැනැත්තේ නිලෙහි නිමිත්ත නම්, මලෙක හෝ වස්ත්‍රයක හෝ වර්ණ ධාතුවෙක හෝ යන මෙහි කසිණ කරණයක් පරිකර්මයක් අර්පණා විධානයක් යන සියල්ල විශුද්ධි මාර්ගයෙහි විස්තර වශයෙන් කියන ලද්දේමය. පඨවි කසිණයෙහි මෙන් මෙහි ද එක් එක් අභිභායතනයෙහි (පස්විසි) පස්විසි නවක දතයුතුයි.
අභිභායතනකථා.
අභිභායතන කථාව නිමියේ ය.
විමොක්ඛකථා
විමොක්ඛකථා
ඉදානි යස්මා ඉදං රූපාවචරකුසලං නාම න කෙවලං ආරම්මණසඞ්ඛාතානං ආයතනානං අභිභවනතො අභිභායතනවසෙනෙව උප්පජ්ජති, අථ ඛො විමොක්ඛවසෙනපි උප්පජ්ජති, තස්මා තම්පි නයං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං.
දැන් යම්හෙයකින් මේ රූපාවචර කුශලය නම් හුදෙක් ආරම්මණ සංඛ්‍යාත ආයතනයන් අභිභවනය කරන හෙයින්ම අභිභායතන වශයෙන් උපදනේ නොවේ. තවද විමෝක්ෂ වශයෙන් ද උපදී. එහෙයින් ඒ නය ද දැක්වීමට යළිත් කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී.
කෙනට්ඨෙන පන විමොක්ඛො වෙදිතබ්බොති? අධිමුච්චනට්ඨෙන. කො අයං අධිමුච්චනට්ඨො නාම? පච්චනීකධම්මෙහි ච සුට්ඨු විමුච්චනට්ඨො, ආරම්මණෙ ච අභිරතිවසෙන සුට්ඨු විමුච්චනට්ඨො . පිතුඅඞ්කෙ විස්සට්ඨඅඞ්ගපච්චඞ්ගස්ස දාරකස්ස සයනං විය අනිග්ගහිතභාවෙන නිරාසඞ්කතාය ආරම්මණෙ පවත්තීති වුත්තං හොති. එවංලක්ඛණඤ්හි විමොක්ඛභාවප්පත්තං රූපාවචරකුසලං දස්සෙතුං අයං නයො ආරද්ධො.
කිනම් අර්ථයකින් විමෝක්ෂය දතයුතු ද? අධිමුඤ්චනාර්ථයෙනි. මේ අධිමුඤ්චනාර්ථය නම් කවරේ ද? විරුද්ධ ධර්මයන්ගෙන් මනාව නිදහස් වීම යන අර්ථයයි. අරමුණෙහි ද අභිරති වශයෙන් මනාව පිහිටීම යන අර්ථයි. පියාගේ ඇකයෙහි විසුරුවන ලද අඟපසඟ ඇති දරුවාගේ සයනය මෙන් නිග්‍රහ නොකරන ලද බැවින් ද සැක නැති බැවින් ද යුතුව අරමුණෙහි පවතී යැයි කියන ලද්දේ වෙයි. විමෝක්ෂභාවප්රාප්ත රූපාවචර කුශලය වනාහි මෙවැනි ලක්ෂණ ඇත්තේ යැයි දක්වන්නට මේ නය පටන්ගන්නා ලදී.
තත්ථ රූපීති අජ්ඣත්තං කෙසාදීසු උප්පාදිතං රූපජ්ඣානං රූපං, තදස්සත්ථීති රූපී. අජ්ඣත්තඤ්හි නීලපරිකම්මං කරොන්තො කෙසෙ වා පිත්තෙ වා අක්ඛිතාරකාය වා කරොති. පීතපරිකම්මං කරොන්තො මෙදෙ වා ඡවියා වා අක්ඛීනං පීතට්ඨානෙ වා කරොති. ලොහිතපරිකම්මං කරොන්තො මංසෙ වා ලොහිතෙ වා ජිව්හාය වා හත්ථතලපාදතලෙසු වා අක්ඛීනං රත්තට්ඨානෙ වා කරොති. ඔදාතපරිකම්මං කරොන්තො අට්ඨිම්හි වා දන්තෙ වා නඛෙ වා අක්ඛීනං සෙතට්ඨානෙ වා කරොති. එවං පරිකම්මං කත්වා උප්පන්නජ්ඣානසමඞ්ගිනං සන්ධායෙතං වුත්තං. රූපානි පස්සතීති බහිද්ධාපි නීලකසිණාදිරූපානි ඣානචක්ඛුනා පස්සති. ඉමිනා අජ්ඣත්තබහිද්ධාවත්ථුකෙසු කසිණෙසු ඣානපටිලාභො දස්සිතො.
එහි රූපී යනු ආධ්‍යාත්මික තේශාදියෙහි උපදවන ලද රූප ධ්‍යානය රූපයයි. එය මොහුට ඇත යනු = රූපී ය. ආධ්‍යාත්මය පිළිබඳ නීල පරිකර්මය කරනුයේ වනාහි කේශයෙහි හෝ පිතෙහි හෝ ඇසේ ඉංගිරියාවේ හෝ කරයි, පීත පරිකර්මය කරනුයේ මේදයෙහි හෝ සිවියෙහි හෝ ඇස්වල කහ පැහැති තැන්වල හෝ කරයි. ලෝහිත පරිකර්මය කරනුයේ මසෙහි හෝ ලෙයෙහි හෝ දිවෙහි හෝ අතුල්පතුල්වල හෝ ඇස්වල රතු පැහැති තැන්වල හෝ කරයි. ඕදාත පරිකර්මය කරනුයේ ඇටවල හෝ දත්වල හෝ නියවල හෝ ඇස්වල සුදු තැන්හි හෝ කරයි. මෙසේ කර්ම කොට උපන් ධ්‍යානයෙන් යුක්ත අය සඳහා මෙය කියන ලදී. රූපානි පස්සති යනු පිටත ද නීලකසිණාදී රූප ධ්‍යාන ඇසින් බලයි. මෙයින් ආධ්‍යාත්මික බාහිර වස්තූන් පිළිබඳ කසිණයන්හි ධ්‍යාන ප්‍රතිලාභය දක්වන ලදී.
අජ්ඣත්තං අරූපසඤ්ඤීති අජ්ඣත්තං න රූපසඤ්ඤී. අත්තනො කෙසාදීසු අනුප්පාදිතරූපාවචරජ්ඣානොති අත්ථො. ඉමිනා බහිද්ධා පරිකම්මං කත්වා බහිද්ධාව පටිලද්ධජ්ඣානතා දස්සිතා.
අජ්ඣත්තං අරූපසඤ්ඤී යනු ආධ්‍යාත්මයෙහි රූපසංඥා නැත්තේය. තමාගේ කේශාදියෙහි නූපදවන ලද රූපාවචර ධ්‍යාන ඇත්තේ යන අර්ථයි. මෙයින් බාහිර පරිකර්ම කොට බාහිරම ලබන ලද ධ්‍යාන ඇති බව දක්වන ලදී.
සුභන්ති ඉමිනා සුවිසුද්ධෙසු නීලාදීසු වණ්ණකසිණෙසු ඣානානි දස්සිතානි. තත්ථ කිඤ්චාපි අන්තොඅප්පනාය ‘සුභ’න්ති ආභොගො නත්ථි, යො පන සුවිසුද්ධං සුභකසිණං ආරම්මණං කත්වා විහරති, සො යස්මා ‘සුභ’න්ති…පෙ… පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තථා දුතියාදීනි, තස්මා එවං දෙසනා කතා. පටිසම්භිදාමග්ගෙ පන “කථං සුභන්ත්වෙව අධිමුත්තො හොතීති විමොක්ඛො? ඉධ භික්ඛු මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං…පෙ… විහරති, මෙත්තාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති; කරුණා… මුදිතා… උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං…පෙ… විහරති, උපෙක්ඛාය භාවිතත්තා සත්තා අප්පටිකූලා හොන්ති, එවං සුභන්ත්වෙව අධිමුත්තො හොතී”ති විමොක්ඛොති (පටි· ම· 1.212) වුත්තං. ඉධ පන උපරි පාළියංයෙව බ්රහ්මවිහාරානං ආගතත්තා තං නයං පටික්ඛිපිත්වා සුනීලකසුපීතකසුලොහිතකසුඔදාතකපරිසුද්ධනීලකපරිසුද්ධපීතකපරිසුද්ධලොහිතකපරිසුද්ධඔදාතකවසෙනෙව සුභවිමොක්ඛො අනුඤ්ඤාතො. ඉති කසිණන්ති වා අභිභායතනන්ති වා විමොක්ඛොති වා රූපාවචරජ්ඣානමෙව . තඤ්හි ආරම්මණස්ස සකලට්ඨෙන කසිණං නාම, ආරම්මණං අභිභවනට්ඨෙන අභිභායතනං නාම, ආරම්මණෙ අධිමුච්චනට්ඨෙන පච්චනීකධම්මෙහි ච විමුච්චනට්ඨෙන විමොක්ඛො නාමාති වුත්තං. තත්ථ කසිණදෙසනා අභිධම්මවසෙන, ඉතරා පන සුත්තන්තදෙසනාවසෙන වුත්තාති වෙදිතබ්බා. අයමෙත්ථ අපුබ්බපදවණ්ණනා. එකෙකස්මිං පන විමොක්ඛෙ පථවීකසිණෙ විය පඤ්චවීසති පඤ්චවීසතීති කත්වා පඤ්චසත්තති නවකා වෙදිතබ්බා.
සුභං යන මෙයින් ඉතා පිරිසිදු වූ නීලාදී වර්ණ කසිණයන්හි ධ්‍යාන දක්වන ලදී. එහි කිසිසේත් අර්පණාව ඇතුළත සුභයැයි සිතාබැලීමක් නැත. යමෙක් වනාහි ඉතා පිරිසිදු ශුභ කසිණය අරමුණු කොට වාසය කෙරේ ද, හෙතෙම යම්හෙයකින් ශුභ යැයි -පෙ- ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද එසේම ද්විතීය ධ්‍යානාදියට පැමිණ වාසය කෙරේද, එහෙයින් මෙසේ දේශනා කරන ලදී. පටිසම්භිදා මග්ගයෙහි වනාහි ‘සුභය යනුම අධිමුත්ත නම් වේනම් විමොක්ඛ යනු කෙසේ ද? මේ ශාසනයෙහි භික්ෂු තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක් -පෙ- වාසය කෙරේ ද, මෛත්‍රිය භාවනා කළ හෙයින් සත්ත්වයෝ අප්පටිකූල වෙත්, කරුණා මුදිතා - උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් -පෙ- වාසය කරයි. උපේක්ෂාව භාවනා කළ හෙයින් සත්ත්වයෝ අප්පටිකූල වෙත්. මෙසේ සුභ යනුම අධිමුත්ත වෙයි. විමොක්ඛ’ වෙයි කියන ලදී. මෙහි මත්තෙහි වනාහි පාළියෙහිම බ්‍රහ්මවිහාරයන් ආ හෙයින් ඒ නය ප්‍රතික්ෂේප කොට සුනීලක සුපීතක සුලෝහිතක සූංදාතක පාරිශුද්ධනීලක පාරිශුද්ධපීතක පාරිශුද්ධ ලෝහිතක පාරිශුද්ධංදාතක වශයෙන්ම ශුභ විමෝක්ෂය අනුදන්නා ලදී. මෙසේ කසිණය යනු හෝ අභිභායතන යනු හෝ විමෝක්ෂ යනු හෝ රූපාවචර ධ්යානයමය. එය වනාහි අරමුණෙහි සාකල්යාර්ථයෙන් කසිණ නමි. අරමුණු අභිභවනය කරන අර්ථයෙන් අභිභායතන නමි. අරමුණ දැඩිව ගන්නා අර්ථයෙන් ද ප්‍රතිවිරුද්ධ ධර්මයන්ගෙන් මිදෙන අර්ථයෙන් ද විමෝක්ෂ (නම්) යැයි ද කියන ලදී. එහි කසිණ දේසනාව අභිධර්ම වශයෙනි. වෙනත් දේසනා සූත්‍රාන්ත වශයෙන් කියන ලදැයි දතයුතුයි. මෙය මෙහි අපූර්ව පද වර්ණනාවයි. එක් එක් විමෝක්ෂයෙහි වනාහි පඨවි කසිණයෙහි මෙන් පස්විස්ස පස්විස්ස වශයෙන් කොට සැත්තෑපහක් නවකයෝ දතයුත්තාහ යනුයි.
විමොක්ඛකථා.
විමෝක්ෂ කථා නිමියේ ය.