තතියජ්ඣානං අට්ඨකථා
තතියජ්ඣානං
තතියජ්ඣානං
තතියජ්ඣානනිද්දෙසෙ පීතියා ච විරාගාති විරාගො නාම වුත්තප්පකාරාය පීතියා ජිගුච්ඡනං වා සමතික්කමො වා. උභින්නං පන අන්තරා ‘ච’-සද්දො සම්පිණ්ඩනත්ථො. සො වූපසමං වා සම්පිණ්ඩෙති විතක්කවිචාරවූපසමං වා. තත්ථ යදා වූපසමමෙව සම්පිණ්ඩෙති තදා පීතියා විරාගා ච, කිඤ්ච භිය්යො ‘වූපසමා’ චාති එවං යොජනා වෙදිතබ්බා. ඉමිස්සා ච යොජනාය විරාගො ජිගුච්ඡනත්ථො හොති. තස්මා පීතියා ජිගුච්ඡනා ච වූපසමා චාති අයමත්ථො දට්ඨබ්බො. යදා පන විතක්කවිචාරානං වූපසමං සම්පිණ්ඩෙති තදා පීතියා ච විරාගා කිඤ්ච භිය්යො ‘විතක්කවිචාරානඤ්ච වූපසමා’ති එවං යොජනා වෙදිතබ්බා. ඉමිස්සා ච යොජනාය විරාගො සමතික්කමනත්ථො හොති, තස්මා පීතියා ච සමතික්කමා විතක්කවිචාරානඤ්ච වූපසමාති අයමත්ථො දට්ඨබ්බො.
තෘතීය ධ්‍යාන නිර්දේශයෙහි පීතියා ච විරාගා යැයි විරාගය නම් කියන ලද ආකාර ඇති ප්‍රීතිය පිළිකුල් කිරීම හෝ ඉක්මවීමයි. දෙදෙනා අතර ච ශබ්දය සම්පිණ්ඩනාර්ථය, එය වූපසමය පිඬු කිරීම හෝ කරයි. විතක්ක විචාරයන්ගේ සංසිඳීම හෝ කරයි. එහිදී යම්කලෙක වූපසමයම පිඬු කෙරේ ද එකල්හි ප්‍රීතියෙන් වෙන්වීමෙන් ද මඳක් හෝ බොහෝසයින් සංසිඳීමෙන්දැයි මෙසේ යෝජනාව දතයුතුයි. මේ යෝජනාවේදී විරාගය ජිගුච්ඡනාත්ථි වෙයි. එහෙයින් ප්‍රීතියෙනුත් පිළිකුල් කිරීමෙනුත් සංසිඳීමෙන්දැයි මේ අර්ථය දතයුතුයි. යම්කලෙක වනාහි විතර්ක විචාරයන්ගේ සංසිඳීම පිඬු කෙරේ ද එකල්හි ප්‍රීතියෙන් වෙන්වීමෙන් ද මදක් හෝ බොහෝසෙයින් විතර්ක විචාරයන්ගේ ද සංසිඳීමෙන්දැයි මෙසේ ද යෝජනාව දතයුතුයි. මේ යෝජනයෙන් ද විරාග යනු සමතික්කමාර්ථය වේය. එහෙයින් ප්‍රීතිය ඉක්මවීමෙන් ද විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් යැයි මේ අර්ථය දතයුතුයි.
කාමඤ්චෙතෙ විතක්කවිචාරා දුතියජ්ඣානෙයෙව වූපසන්තා, ඉමස්ස පන ඣානස්ස මග්ගපරිදීපනත්ථං වණ්ණභණනත්ථඤ්චෙතං වුත්තං. විතක්කවිචාරානඤ්ච වූපසමාති හි වුත්තෙ ඉදං පඤ්ඤායති – නූන විතක්කවිචාරවූපසමො මග්ගො ඉමස්ස ඣානස්සාති? යථා ච තතියෙ අරියමග්ගෙ අප්පහීනානම්පි සක්කායදිට්ඨාදීනං “පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පහානා”ති (ම· නි· 2.132) එවං පහානං වුච්චමානං වණ්ණභණනං හොති, තදධිගමාය උස්සුක්කානං උස්සාහජනකං, එවමෙව ඉධ අවූපසන්තානම්පි විතක්කවිචාරානං වූපසමො වුච්චමානො වණ්ණභණනං හොති. තෙනායමත්ථො වුත්තො – ‘පීතියා ච සමතික්කමා විතක්කවිචාරානඤ්ච වූපසමා’ති.
ඒකාන්තයෙන් මේ විතර්ක විචාරයෝ ද්විතීය ධ්‍යානයේ දී ම සංසිඳෙත්. මේ ධ්‍යානයාගේ වනාහි මාර්ගය දැක්වීම පිණිසද වර්ණනාව කීම සඳහා ද මෙය කියන ලදී. විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් යැයි කී කල්හි ද මෙය පැනේ. විතක්ක විචාරයන්ගේ වූපසමය මේ ධ්‍යානයට මාර්ගය නොවේද? යම්සේ වනාහි තුන්වන ආර්ය මාර්ගයේදී අප්‍රහීණ වූ සක්කාය දිට්ඨි ආදී පංච ඕරම්භාගීය සංයෝජනයන්ගේ ප්‍රහාණයෙන් යැයි මෙසේ ප්රහාණය කියනුයේ වර්ණාභරණය වෙයි. එය අධිගමය පිණිස උත්සාහ කරන්නවුන්ට උත්සාහ ජනකය, මෙපරිද්දෙන් මෙහි නොසන්සිඳුණු විතර්ක විචාරයන්ගේ ද සංසිඳීම කියනු ලබනුයේ වර්ණාභණනය වෙයි. එහෙයින් ප්‍රීතිය දුරලීමෙන් ද විතර්ක විචාරයන්ගේ සංසිඳවීමෙන්දැයි යන මේ අර්ථය කියන ලදී.
උපෙක්ඛකො ච විහරතීති – එත්ථ උපපත්තිතො ඉක්ඛතීති උපෙක්ඛා. සමං පස්සති, අපක්ඛපතිතා හුත්වා පස්සතීති අත්ථො. තාය විසදාය විපුලාය ථාමගතාය සමන්නාගතත්තා තතියජ්ඣානසමඞ්ගී උපෙක්ඛකොති වුච්චති.
උපෙක්ඛා ච විහරති යන මෙහි වෙතට පැමිණීම වශයෙන් බලානුයි = උපෙක්ඛාය, සමව බලයි. අපක්ෂපාතීව බලයි යන අර්ථයි. පිරිසිදු වූ මහත් වූ වීර්යයෙන් යුක්ත බැවින් තෘතීය ධ්‍යානයෙන් යුක්ත උපේක්ෂකයා යැයි කියනු ලැබේ.
උපෙක්ඛා පන දසවිධා හොති – ඡළඞ්ගුපෙක්ඛා බ්රහ්මවිහාරුපෙක්ඛා බොජ්ඣඞ්ගුපෙක්ඛා වීරියුපෙක්ඛා සඞ්ඛාරුපෙක්ඛා වෙදනුපෙක්ඛා විපස්සනුපෙක්ඛා තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ඣානුපෙක්ඛා පාරිසුද්ධුපෙක්ඛාති.
උපේක්ෂාව වනාහි දශවිධ වෙයි. ඡළංගුපෙක්ඛා බ්රහ්මවිහාරුපෙක්ඛා බෙජ්ඣංගුපෙක්ඛා විරියුපෙක්ඛා සංඛාරුපෙක්ඛා වෙදනානුපෙක්ඛා විපස්සනානුපෙක්ඛා තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ඣානුපෙක්ඛා පාරිසුද්ධුපෙක්ඛා’ යනුයි.
තත්ථ යා “ඉධ, භික්ඛවෙ, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නෙව සුමනො හොති, න දුම්මනො, උපෙක්ඛකො ච විහරති සතො සම්පජානො”ති (අ· නි· 5.1; මහානි· 90; චූළනි· මෙත්තගූමාණවපුච්ඡානිද්දෙස 18; පටි· ම· 3.17) එවමාගතා ඛීණාසවස්ස ඡසු ද්වාරෙසු ඉට්ඨානිට්ඨඡළාරම්මණාපාථෙ පරිසුද්ධපකතිභාවාවිජහනාකාරභූතා උපෙක්ඛා, අයං ‘ඡළඞ්ගුපෙක්ඛා’ නාම.
එහි ‘මෙහි ක්ෂීණාශ්රව භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේ ද නොවෙයි. අසතුටු සිත් ඇත්තේ ද නොවෙයි. සිහියෙන් යුතුව සම්‍යක් ප්‍රඥාවෙන් යුතුව උපේක්ෂකවම වාසය කරයි’ මෙසේ ආ ක්ෂීණාශ්රවයන් වහන්සේගේ ෂට් ද්වාරයන්හි ඉෂ්ටානිෂ්ට ෂඩාරම්මණයන් ආපාථගත වීමේදී පිරිසිදු පියෙවිබව අත්නොහරනා යම් උපේක්ෂාවක් වේද මෙය ඡලංගුපෙක්ඛා නම්,
යා පන “උපෙක්ඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරතී”ති (දී· නි· 1.556; ම· නි· 1.77) එවමාගතා සත්තෙසු මජ්ඣත්තාකාරභූතා උපෙක්ඛා, අයං ‘බ්රහ්මවිහාරුපෙක්ඛා’ නාම.
‘උපේක්ෂා සහගත සිතින් එක් දිසාවක් පතුරුවා වාසය කරයි’ මෙසේ ආවා වූ සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාර වූ යම් උපේක්ෂාවක් වේද, මෙය වනාහි බ්‍රහ්මවිහාර උපේක්ෂාව නමි.
යා “උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිත”න්ති (ම· නි· 1.27; 3.247) එවමාගතා සහජාතධම්මානං මජ්ඣත්තාකාරභූතා උපෙක්ඛා, අයං ‘බොජ්ඣඞ්ගුපෙක්ඛා’ නාම.
‘විවේක නිශ්රිත උපේක්ෂා සම්බෝධ්යාංගය වඩයි’ යැයි මෙසේ ආවා වූ සහජාත ධර්මයන්ට මධ්‍යස්ථාකාර වූ යම් උපේක්ෂාවක් වේ නම් මෙය බෝධ්යාංගුපේක්ෂා නමි.
යා පන “කාලෙන කාලං උපෙක්ඛානිමිත්තං මනසි කරොතී”ති (අ· නි· 3.103) එවමාගතා අනච්චාරද්ධනාතිසිථිලවීරියසඞ්ඛාතා උපෙක්ඛා, අයං ‘වීරියුපෙක්ඛා’ නාම.
‘කලින් කල උපේක්ෂා නිමිත්ත මෙනෙහි කරයි’ මෙසේ ආවා වූ ඉතා දැඩිත් නොවූ ඉතා ස්ථිලත් නොවූ යම් උපේක්ෂාවක් වේද මෙය වනාහි වීර්යෝපේක්ෂා නම් වේ.
යා “කති සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, කති සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්ති? අට්ඨ සඞ්ඛාරුපෙක්ඛා සමථවසෙන උප්පජ්ජන්ති, දස සඞ්ඛාරුපෙක්ඛා විපස්සනාවසෙන උප්පජ්ජන්තී”ති (පටි· ම· 1.57) එවමාගතා නීවරණාදිපටිසඞ්ඛාසන්තිට්ඨනාගහණෙ මජ්ඣත්තභූතා උපෙක්ඛා, අයං ‘සඞ්ඛාරුපෙක්ඛා’ නාම.
‘කෙතෙක් සංස්කාරුපේක්‍ෂාවෝ විදර්ශනා වශයෙන් උපදිත් ද, කෙතෙක් සංස්කාරුපේක්‍ෂාවෝ විදර්ශනා වශයෙන් උපදිත් ද, සංස්කාරුපේක්‍ෂාවෝ දසදෙනෙක් විදර්ශනා වශයෙන් උපදිත්’ යැයි මෙසේ ආවා වූ නීවරණාදීන් නුවණින් සලකා තීරණය කිරීමේදී මධ්‍යස්ථ වූ යම් උපේක්ෂාවක් වේද මෙය සංස්කාරුපේක්ෂා නමි.
යා පන “යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගත”න්ති (ධ· ස· 150) එවමාගතා අදුක්ඛමසුඛසඞ්ඛාතා උපෙක්ඛා අයං ‘වෙදනුපෙක්ඛා’ නාම.
‘යම් සමයෙක්හි උපේක්ෂා සහගත කාමාවචර කුශල සිත උපන්නේ වේද’ යැයි මෙසේ ආවා වූ අදුක්ඛමසුඛ සංඛ්‍යාත යම් උපේක්ෂාවක් වේද මේ වනාහි වේදනූපේක්ෂා නමි.
යා “යදත්ථි, යං භූතං, තං පජහති, උපෙක්ඛං පටිලභතී”ති (ම· නි· 3.71; අ· නි· 7.55) එවමාගතා විචිනනෙ මජ්ඣත්තභූතා උපෙක්ඛා, අයං ‘විපස්සනුපෙක්ඛා’ නාම.
‘යමක් වීද එය දුරු කරයි. උපේක්ෂාව ලබයි’ යැයි යමක් ඇද්ද’ යන මේ ආකාරයෙන් ආවා වූ තෝරාගැනීම් මධ්‍යස්ථ වූ යම් උපේක්ෂාවක් වේද මෙය දර්ශනාපේක්ෂා නමි.
යා පන ඡන්දාදීසු යෙවාපනකෙසු ආගතා සහජාතානං සමවාහිතභූතා උපෙක්ඛා අයං, ‘තත්‍රමජ්ඣත්තුපෙක්ඛා’ නාම.
ඡන්දාදීන්හි ද සේවාපනකයන්හි ද ආ සහජාතයන් එක්වන යම් උපේක්ෂාවක් වේද, මේ වනාහී තත්‍රමජ්ඣත්තුපෙක්ඛා නමි.
යා “උපෙක්ඛකො ච විහරතී”ති (ධ· ස· 163; දී· නි· 1.230) එවමාගතා අග්ගසුඛෙපි තස්මිං අපක්ඛපාතජනනී උපෙක්ඛා, අයං ‘ඣානුපෙක්ඛා’ නාම.
‘උපෙක්ඛ කො ච විහරති’ යැයි මෙසේ ආ අත්‍යන්ත අග්‍ර සැපයක් ඇති කල්හි එහි අපක්ෂපාත බව උපදවන යම් උපේක්ෂාවක් වේද, මේ ඣානුපෙක්ඛා නමි,
යා “උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣාන”න්ති එවමාගතා සබ්බපච්චනීකපරිසුද්ධා පච්චනීකවූපසමනෙපි අබ්යාපාරභූතා උපෙක්ඛා, අයං ‘පාරිසුද්ධුපෙක්ඛා’ නාම.
‘උපෙක්ඛා සතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං’ යැයි මෙසේ ආ සියලු විරුද්ධ ධර්මයන්ගෙන් පිරිසිදු වූ විරුද්ධ ධර්මයන් සංසිඳුවීමේ උත්සාහයක් නැති යම් උපේක්ෂාවක් වේද මෙය වනාහි පාරිසුද්ධුපෙක්ඛා නමි.
තත්ථ ඡළඞ්ගුපෙක්ඛා ච බ්රහ්මවිහාරුපෙක්ඛා ච බොජ්ඣඞ්ගුපෙක්ඛා ච තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ච ඣානුපෙක්ඛා ච පාරිසුද්ධුපෙක්ඛා ච අත්ථතො එකා තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව හොති. තෙන තෙන අවත්ථාභෙදෙන පනස්සා අයං භෙදො . එකස්සාපි සතො සත්තස්ස කුමාරයුවථෙර සෙනාපතිරාජාදිවසෙන භෙදො විය. තස්මා තාසු යත්ථ ඡළඞ්ගුපෙක්ඛා න තත්ථ බොජ්ඣඞ්ගුපෙක්ඛාදයො, යත්ථ වා පන බොජ්ඣඞ්ගුපෙක්ඛා න තත්ථ ඡළඞ්ගුපෙක්ඛාදයො හොන්තීති වෙදිතබ්බා.
එහි ඡලංගුපෙක්ඛා බ්රහ්මවිහාරුපෙක්ඛා බොජ්ඣංගුපෙක්ඛා තත්‍රමජ්ඣත්තුපෙක්ඛා ඣානුපෙක්ඛා පාරිසුද්ධුපෙක්ඛා හා තත්රමජ්ඣන්තු පෙක්ඛාව ද අර්ථයෙන් එකක් වෙයි. ඒ ඒ අවස්ථාභේදය අනුව එහි මේ භේදය වෙයි. එකම පුද්ගලයා පිළිබඳව කුමාර යුවරාජ සේනාපති රාජාදී වශයෙන් වූ භේදය මෙනි. එහෙයින් ඒවා අතුරෙහි යම්තැනෙක ඡලංගුපෙක්ඛාව නො වේද එතැන බොජ්ඣංගුපෙක්ඛාදිය වෙයි. යම්තැනෙක බොජ්ඣංගුපෙක්ඛාව නොවේ ද එහි වනාහි ඡළංගුපෙක්ඛාදිය වෙයි යැයි දතයුතුයි.
යථා චෙතාසං අත්ථතො එකීභාවො, එවං සඞ්ඛාරුපෙක්ඛාවිපස්සනුපෙක්ඛානම්පි. පඤ්ඤා එව හි එසා කිච්චවසෙන ද්විධා භින්නා. යථා හි පුරිසස්ස සායං ගෙහං පවිට්ඨං සප්පං අජපදදණ්ඩං ගහෙත්වා පරියෙසමානස්ස තං ථුසකොට්ඨකෙ නිපන්නං දිස්වා ‘සප්පො නු ඛො නො’ති අවලොකෙන්තස්ස සොවත්ථිකත්තයං දිස්වා නිබ්බෙමතිකස්ස ‘සප්පො, න සප්පො’ති විචිනනෙ මජ්ඣත්තතා හොති; එවමෙව යා ආරද්ධවිපස්සකස්ස විපස්සනාඤාණෙන ලක්ඛණත්තයෙ දිට්ඨෙ සඞ්ඛාරානං අනිච්චභාවාදිවිචිනනෙ මජ්ඣත්තතා උප්පජ්ජති, අයං ‘විපස්සනුපෙක්ඛා’. යථා පන තස්ස පුරිසස්ස අජපදදණ්ඩකෙන ගාළ්හං සප්පං ගහෙත්වා ‘කින්තාහං ඉමං සප්පං අවිහෙඨෙන්තො අත්තානඤ්ච ඉමිනා අඩංසාපෙන්තො මුඤ්චෙය්ය’න්ති මුඤ්චනාකාරමෙව පරියෙසතො ගහණෙ මජ්ඣත්තතා හොති; එවමෙව යා ලක්ඛණත්තයස්ස දිට්ඨත්තා, ආදිත්තෙ විය තයො භවෙ පස්සතො, සඞ්ඛාරග්ගහණෙ මජ්ඣත්තතා, අයං ‘සඞ්ඛාරුපෙක්ඛා’. ඉති විපස්සනුපෙක්ඛාය සිද්ධාය සඞ්ඛාරුපෙක්ඛාපි සිද්ධාව හොති. ඉමිනා පනෙසා විචිනනග්ගහණෙසු මජ්ඣත්තසඞ්ඛාතෙන කිච්චෙන ද්විධා භින්නාති. විරියුපෙක්ඛා පන වෙදනුපෙක්ඛා ච අඤ්ඤමඤ්ඤඤ්ච අවසෙසාහි ච අත්ථතො භින්නායෙවාති.
යම්සේ මොවුන්ගේ අර්ථයෝ එක්බවක් වේද, සංඛාරුපෙක්ඛා විපස්සනූපෙක්ඛාවන්ගේ ද එසේමය. මේ ප්‍රඥාව පමණක් දෙයාකාරයකින් බිඳුණෝය. සවස ගෙට පිවිසි සර්පයකු අජපද දණ්ඩක් (සර්පයින් අල්ලන අඩුවක්) ගෙන සොයන පුරුෂයෙකුට ඌ දහයියා කොටුවෙහි වැදහොත්තාහු දැක සර්පයෙක් ද නොවේදැයි බලනවිට සෝවැත්ත (නයාගේ පෙණයෙහි ලකුණ) දැක විමතිය නැති වූ කල්හි සර්පයෙක් ද නොවේදැයි සෙවීමේ යම්සේ මධ්‍යස්ථ වෙයි ද, මෙපරිද්දෙන් විදර්ශනාව පටන් ගත්තහුට විදර්ශනා ඥානයෙන් ත්රිලක්ෂණය දුටුකල්හි සංස්කාරයන්ගේ අනිත්යභවාදිය සෙවීමේහ මධ්‍යස්ථ බව උපදී. මේ විපස්සනුපෙක්ඛාවයි. අජපද දණ්ඩෙන් සර්පයා දැඩිව ගත් ඒ පුරුෂයාට කිම මම මේ සර්පයාගේ නො වෙහෙසවා තමාත් මූ ලවා දෂ්ට නොකරවාගෙන මුදන්නෙම්දැයි මුදනා ආකාරයම සොයද්දී (සර්පයා) ගැනීම පිළිබඳ යම් මධ්‍යස්ථ බවක් ඇතිවේද, මෙපරිද්දෙන් ත්රිලක්ෂණයන් දුටු හෙයින් ත්‍රිවිධ භවයන් ගිනි ඇවිල මෙපරිද්දෙන් ත්රිලක්ෂණයන් දුටු හෙයින් ත්‍රිවිධ භවයන් ගිනි ඇවිලගත් සේ බලන්නාට සංස්කාර ග්රහණයෙහි යම් මධ්‍යස්ථ බවක් වේද, මෙය සංඛාරුපෙක්ඛාවයි. මෙසේ විපස්සනුපෙක්ඛාව සිද්ධ කල්හි සංඛාරු පෙක්ඛාවද සිද්ධ වූයේම වෙයි. විචින්න ග්රහණයන් මධ්‍යස්ථ සංඛ්‍යාත මේ කෘත්‍යයෙන් මෙය දෙයාකාරයකින් බිඳුණේය යනුයි. විරියුපෙක්ඛාව සහ වෙදනුපෙක්ඛාව ද ඔවුනොවුන් ද අවශේෂයන් සමග අර්ථයෙන් භින්නයහමය යනුයි.
ඉමාසු දසසු උපෙක්ඛාසු ‘ඣානුපෙක්ඛා’ ඉධ අධිප්පෙතා. සා මජ්ඣත්තලක්ඛණා අනාභොගරසා අබ්යාපාරපච්චුපට්ඨානා පීතිවිරාගපදට්ඨානාති. එත්ථාහ – නනු චායං අත්ථතො තත්‍රමජ්ඣත්තුපෙක්ඛාව හොති? සා ච පඨමදුතියජ්ඣානෙසුපි අත්ථි, තස්මා තත්රාපි ‘උපෙක්ඛකො ච විහරතී’ති එවමයං වත්තබ්බා සියා. සා කස්මා න වුත්තාති? අපරිබ්යත්තකිච්චතො. අපරිබ්යත්තඤ්හි තස්සා තත්ථ කිච්චං, විතක්කාදීහි අභිභූතත්තා. ඉධ පනායං විතක්කවිචාරපීතීහි අනභිභූතත්තා උක්ඛිත්තසිරා විය හුත්වා පරිබ්යත්තකිච්චා ජාතා, තස්මා වුත්තාති.
මෙසේ දස උපෙක්ඛාවන් අතුරෙන් මෙහි ඣානුපෙක්ඛාව අභිප්‍රේතය. එය මධ්‍යස්ථ ලක්ෂණ ඇත්තේය. සොයාබැලීම රසය කොට ඇත්තේ ය. උත්සාහ නොවීම එළඹ සිටි කාරණයයි. ප්‍රීතියෙන් වෙන්වීම ආසන්න කාරණයයි යනුයි. මෙහිදී මෙසේ කියන ලදී. මෙය අර්ථ වශයෙන් තත්ර මජ්ඣතාවම නොවේද එය ද ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ඇතිහෙයින් එහිදී ද මධ්යස්ථවම එය ද ප්‍රථම ද්විතීය ධ්‍යානයන්හි ඇති හෙයින් එහිදී ද මධ්යස්ථවම වාසය කෙරෙයි යැයි මෙය කිවයුතු වෙයි. කවරහෙයින් නොකියන ලදද යනුයි. අව්‍යක්ත කෘත්‍ය ඇති හෙයිනි. ඒ ධ්‍යානයාගේ කෘත්‍ය විතර්කාදීන් විසින් මඩනා ලද හෙයින් කෘත්‍යය අපරිව්යක්තය, මෙහිදී වනාහි එය විතර්කවිචාර ප්‍රීතීන් විසින් නොමඩනා ලද හෙයින් හිස එසවූවකු මෙන් ව්‍යක්ත කෘත්‍ය ඇත්තේ විය. එහෙයින් කියන ලදී යනුයි.
නිට්ඨිතා උපෙක්ඛකො ච විහරතීති එතස්ස සබ්බසො අත්ථවණ්ණනා.
උපෙක්ඛකොච විහරති යන මෙහි අර්ථ වර්ණනාව සියලු ආකාරයෙන් නිමවන ලදී.
ඉදානි සතො ච සම්පජානොති එත්ථ සරතීති සතො. සම්පජානාතීති සම්පජානො. ඉති පුග්ගලෙන සති ච සම්පජඤ්ඤඤ්ච වුත්තං. තත්ථ සරණලක්ඛණා සති, අසම්මුස්සනරසා, ආරක්ඛපච්චුපට්ඨානා. අසම්මොහලක්ඛණං සම්පජඤ්ඤං, තීරණරසං, පවිචයපච්චුපට්ඨානං.
දැන් සතො ච සම්පජානො යන මෙහි හැසිරේනුයි = සකො මනාව දැනගනී යනු = සම්පජානයි. පුද්ගලයාය, සතියවත් සම්පජඤ්ඤයවත් නොකියන ලදී. එහි සතිය හැසිරීම ලක්ෂණ කොට ඇත්තේය. සිහි නැති නොවීම රසය කොට ඇත්තේය. ආරක්ෂාව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. සම්‍යක් ප්‍රඥාව මුළා නොවීම ලක්‍ෂණකොට ඇත්තේ, තීරණය රසය කොට ඇත්තේය. පරීක්ෂා කිරීම එළඹසිටි කාරණය කොට ඇත්තේ ය.
තත්ථ කිඤ්චාපි ඉදං සතිසම්පජඤ්ඤං පුරිමජ්ඣානෙසුපි අත්ථි – මුට්ඨස්සතිස්ස හි අසම්පජානස්ස උපචාරමත්තම්පි න සම්පජ්ජති, පගෙව අප්පනා – ඔළාරිකත්තා පන තෙසං ඣානානං, භූමියං විය පුරිසස්ස, චිත්තස්ස ගති සුඛා හොති, අබ්යත්තං තත්ථ සතිසම්පජඤ්ඤකිච්චං. ඔළාරිකඞ්ගප්පහානෙන පන සුඛුමත්තා ඉමස්ස ඣානස්ස, පුරිසස්ස ඛුරධාරායං විය, සතිසම්පජඤ්ඤකිච්චපරිග්ගහිතා එව චිත්තස්ස ගති ඉච්ඡිතබ්බාති ඉධෙව වුත්තං. කිඤ්ච භිය්යො? යථා ධෙනුපගො වච්ඡො ධෙනුතො අපනීතො අරක්ඛියමානො පුනදෙව ධෙනුං උපගච්ඡති, එවමිදං තතියජ්ඣානසුඛං පීතිතො අපනීතම්පි සතිසම්පජඤ්ඤාරක්ඛෙන අරක්ඛියමානං පුනදෙව පීතිං උපගච්ඡෙය්ය, පීතිසම්පයුත්තමෙව සියා. සුඛෙ වාපි සත්තා සාරජ්ජන්ති, ඉදඤ්ච අතිමධුරං සුඛං, තතො පරං සුඛාභාවා. සතිසම්පජඤ්ඤානුභාවෙන පනෙත්ථ සුඛෙ අසාරජ්ජනා හොති, නො අඤ්ඤථාති ඉමම්පි අත්ථවිසෙසං දස්සෙතුං ඉදමිධෙව වුත්තන්ති වෙදිතබ්බං.
එහි මේ සතිය හා සම්පජඤ්ඤය පළමු ධ්‍යානයන්හි ද ඇත්තේ වී නමුදු මුළාසිහි ඇති සම්පජඤ්ඤයෙන් තොර පුද්ගලයාට වනාහි උපචාර මාත්‍රයකුදු නොසෑදේ. සමාධිය කියනුම කවරේ ද? ඒ ධ්‍යානයන් ඕළාරික බැවින් භූමියෙහි පුරුෂයාට මෙන් අභ්යක්ත බැවින් සිතේ ගතිය සැප වෙයි. එහි ස්මෘති ස්මප්රජන්ය කෘත්‍යය ඕළාරිකාංග ප්රහාණය නිසා ධ්‍යානය සියුම් බැවින් පුරුෂයාට දැලිපිහි මුවහතෙහි ගමන මෙන් ස්මෘති සම්ප්‍රජන්‍ය කෘත්‍යය පිළිගන්නා ලදී. මෙසේ සිතේ ගතිය කැමතිවිය යුතුයැයි මෙහිම කියන ලදී. තවදුරටත්, දෙන අනුව යන වස්සෙක් දෙනගෙන් ඉවත්ව ගියේ නො රකිනු ලබනුයේ නැවතත් යම්සේ දෙන වෙතට පැමිණේ ද, මෙසේ මේ තෘතීය ධ්‍යාන සුවය ද ප්‍රීතියෙන් පහව ගියේ සතිසම්පජඤ්ඤ රැක්මෙන් නොරකිනු ලබනුයේ නැවතත් ඒ ප්‍රීතිය වෙත පැමිණෙයි. ප්‍රීති සම්ප්‍රයුක්ත වූයේම වෙයි. සත්ත්වයෝ සැපයෙහි ද ඇලුනේ මෙය ද ඉතා මිහිරි සුවයෙකි. එයින් එපිට සුවයක් නැති හෙයිනි. මෙහිදී වනාහි සති සම්පජඤ්ඤයන්ගේ ආනුභාවයෙන් සැපයෙහි නො ඇලීම වෙයි. අන් අයුරක් නොවෙයි යැයි මෙයද අති විශේෂ කොට දැක්වීමට මෙය මෙහිදීම කියන ලදැයි දතයුතුයි.
ඉදානි සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතීති එත්ථ කිඤ්චාපි තතියජ්ඣානසමඞ්ගිනො සුඛපටිසංවෙදනාභොගො නත්ථි, එවං සන්තෙපි යස්මා තස්ස නාමකායෙන සම්පයුත්තං සුඛං, යං වා තං නාමකායසම්පයුත්තං සුඛං, තංසමුට්ඨානෙනස්ස යස්මා අතිපණීතෙන රූපෙන රූපකායො ඵුටො, යස්ස ඵුටත්තා ඣානා වුට්ඨිතොපි සුඛං පටිසංවෙදෙය්ය, තස්මා එතමත්ථං දස්සෙන්තො ‘සුඛඤ්ච කායෙන පටිසංවෙදෙතී’ති ආහ.
දැන් සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යන මෙහි තෘතීය ධ්‍යානයට සම්බන්ධ සුව විඳීම පිළිබඳ සිතා බැලීමක් කිසිසේත්ම නැත. එසේ ඇති කල්හි ඔහුගේ ඒ නාම කාය සමග සම්ප්‍රයුක්ත සුවයක් වේද ඔහුට එය ඉපදීමෙන් ඉතා ප්‍රණීත රූපකායක් සමග රූපකාය ස්පර්ශ වූයේ කය ස්පර්ශ කළහෙයින් ධ්‍යානයෙන් නැගී සිටියේ ද සුවය විඳින්නේ ය. එහෙයින් මේ කාරණය දක්වමින් සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යැයි කීහ.
ඉදානි යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති එත්ථ යංඣානහෙතු යංඣානකාරණා තං තතියජ්ඣානසමඞ්ගීපුග්ගලං බුද්ධාදයො අරියා “ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤාපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති පකාසෙ”න්ති පසංසන්තීති අධිප්පායො – කින්ති? ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති – තං තතියජ්ඣානං උපසම්පජ්ජ විහරතීති එවමෙත්ථ යොජනා වෙදිතබ්බා.
දැන් යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරි යන මෙහි යමෙක් ධ්‍යානයට හේතු ද යමෙක් ධ්‍යානයට කාරණ ද තෘතීය ධ්‍යානයන්ගෙන් යුක්ත ඒ පුද්ගලයා බුද්ධාදී ආර්යයෝ දක්වත්. දේශනා කරත්. පනවත්. පිහිටුවත්. විස්තර කරත්. බෙදත්. නොගැඹුරු කරත්. ප්‍රකාශ කරත්. ප්‍රශංසා කරත් යනු අදහසයි. උපෙක්ඛකො සතිමා සුඛවිහාරි යනු එයයි. ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි යැයි මෙසේ මෙහි යෝජනාව දතයුතුයි.
කස්මා පන තං තෙ එවං පසංසන්තීති? පසංසාරහතො. අයඤ්හි යස්මා අතිමධුරසුඛෙ සුඛපාරමිප්පත්තෙපි තතියජ්ඣානෙ උපෙක්ඛකො, න තත්ථ සුඛාභිසඞ්ගෙන ආකඩ්ඪීයති, ‘යථා ච පීති න උප්පජ්ජති’ එවං උපට්ඨිතසතිතාය සතිමා, යස්මා ච අරියකන්තං අරියජනසෙවිතමෙව අසංකිලිට්ඨං සුඛං නාමකායෙන පටිසංවෙදෙති තස්මා පසංසාරහො; ඉති පසංසාරහතො නං අරියා තෙ එවං පසංසාහෙතුභූතෙ ගුණෙ පකාසෙන්තා ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ති එවං පසංසන්තීති වෙදිතබ්බං.
කවර හෙයකින් වනාහි ඒ ආර්යයෝ ඔහු ප්‍රශංසා කරත්ද? ප්රශංසාර්ශ හෙයිනි. තෘතීය ධ්‍යානයෙහි උපේක්ෂාවට පැමිණියේ මෙතෙම වනාහි ඉතා මිහිරි සුවයෙහි සුඛ පාරප්රාප්ත වූ කල්හි ද එහි සුඛාභිසංගයෙන් ඇදගනු නො ලැබේ. එසේම ප්‍රීතිය ද නූපදී. මෙසේ එළඹ සිටි ඇති බැවින් සතිමා ය. එහෙයින් ආර්ය ජනකාන්තය ආර්යජන සේවිතමය නො කිලිටි සුවයක් නාමකායයෙන් විඳී. එහෙයින් ප්රශංසාර්හ හෙයින් ප්‍රශංසාර්හය. ආර්යයෝ ඔහුට ‘මෙසේ ප්‍රශංසාවට හේතු වූ ඒ ගුණයන් ප්‍රකාශ කරමින් උපේක්ෂක වූ සිහි ඇති සුඛවිහාරියා යැයි’ මෙසේ ප්‍රශංසා කරත් යැයි දතයුතුයි.
තතියන්ති ගණනානුපුබ්බතා තතියං. ඉදං තතියං සමාපජ්ජතීතිපි තතියං. තස්මිං සමයෙ ඵස්සො හොතීතිආදීසු ඣානපඤ්චකෙ පීතිපදම්පි පරිහීනං. තස්සාපි වසෙන සවිභත්තිකාවිභත්තිකපදවිනිච්ඡයො වෙදිතබ්බො. කොට්ඨාසවාරෙපි දුවඞ්ගිකං ඣානං හොතීති ආගතං. සෙසං දුතියජ්ඣානසදිසමෙවාති.
තතියං යනු ගණනින් අනුපූර්වතාවෙන් තෘතීයය, මෙයට තෙවෙනුව සමවැදේ යනුවෙන් ද තතිය ය, තස්මිං සමයෙ ඵස්සො හොති යන ආදීන්හි ද ධ්‍යාන පංචයෙහි පීති පදය ද පිරිහිණ. ඒ වශයෙන් ද සවිභක්තික අවිභක්තික පද විනිශ්චය දතයුතුයි. කොට්ඨාසවාරයෙහි ද්වංගික ධ්‍යානය වේයැයි ආයේය යනුයි. සෙස්ස ද්විතීය ධ්‍යාන සමානමය යනුයි.
තතියං.
තුන්වැන්නයි.