දුතියජ්ඣානං අට්ඨකථා
දුතියජ්ඣානං
දුතියජ්ඣානං
දුතියජ්ඣානනිද්දෙසෙ විතක්කවිචාරානං වූපසමාති විතක්කස්ස ච විචාරස්ස චාති ඉමෙසං ද්වින්නං වූපසමා, සමතික්කමා; දුතියජ්ඣානක්ඛණෙ අපාතුභාවාති වුත්තං හොති. තත්ථ කිඤ්චාපි දුතියජ්ඣානෙ සබ්බෙපි පඨමජ්ඣානධම්මා න සන්ති, අඤ්ඤෙයෙව හි පඨමජ්ඣානෙ ඵස්සාදයො අඤ්ඤෙ ඉධ, ඔළාරිකස්ස පන ඔළාරිකස්ස අඞ්ගස්ස සමතික්කමා පඨමජ්ඣානතො පරෙසං දුතියජ්ඣානාදීනං අධිගමො හොතීති දීපනත්ථං විතක්කවිචාරානං වූපසමාති එවං වුත්තන්ති වෙදිතබ්බං. අජ්ඣත්තන්ති ඉධ – නියකජ්ඣත්තං අධිප්පෙතං. විභඞ්ගෙ පන “අජ්ඣත්තං පච්චත්ත”න්ති (විභ· 573) එත්තකමෙව වුත්තං. යස්මා නියකජ්ඣත්තං අධිප්පෙතං, තස්මා අත්තනි ජාතං, අත්තනො සන්තානෙ නිබ්බත්තන්ති අයමෙත්ථ අත්ථො.
දුතිය ධ්‍යාන නිර්දේශයෙහි විතක්ක විචාරානං වූපසමා යනු විතර්ක විචාර යන මේ දෙදෙනාගේ සංසිඳීමෙන් දුරලීමෙන් ද්විතීය ධ්‍යාන ක්ෂණයෙහි නො පහළවන හෙයින් යැයි කියන ලද්දේ වෙයි. එහි ද්විතීය ධ්‍යානයෙහි කිසිසේත් සියලුම ප්‍රථම ධ්‍යාන ධර්මයෝ නැත්තාහ. ප්‍රථමධ්‍යානයෙහි ස්පර්ශාදීහු අන්යයෝමය. මෙහි අන්‍යයෝ ය. ඔළාරික වූ අංගයාගේ දුරලීමෙන් ප්‍රථමධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීය ධ්යනාදීන්ගේ අධිගමය වේයැයි දැක්වීම පිණිස විතක්ක විචාරානං වූපසමා යැයි මෙසේ කියන ලදැයි දතයුතුයි. අජ්ඣත්තං යැයි මෙහි ස්වකීය ආධ්‍යාත්මය අභිප්‍රේතයි. විභංගයෙහි වනාහි ‘අජ්ඣත්ත පච්චත්තං’ යන මෙපමණක්ම කියන ලදී. යම්හෙයකින් ස්වකීය ආධ්‍යාත්මය අභිප්‍රේත ද එහෙයින් තමා කෙරෙහි හටගත් තමාගේ සන්තානයෙහි උපන් යන මෙය මෙහි අර්ථයි.
සම්පසාදනන්ති සම්පසාදනං වුච්චති සද්ධා. සම්පසාදනයොගතො ඣානම්පි සම්පසාදනං, නීලවණ්ණයොගතො නීලවත්ථං විය. යස්මා වා තං ඣානං සම්පසාදනසමන්නාගතත්තා විතක්කවිචාරක්ඛොභවූපසමනෙන ච චෙතො සම්පසාදයති, තස්මාපි සම්පසාදනන්ති වුත්තං. ඉමස්මිඤ්ච අත්ථවිකප්පෙ ‘සම්පසාදනං චෙතසො’ති එවං පදසම්බන්ධො වෙදිතබ්බො. පුරිමස්මිං පන අත්ථවිකප්පෙ ‘චෙතසො’ති එතං එකොදිභාවෙන සද්ධිං යොජෙතබ්බං.
සම්පසාදනං යනු සම්පසාදන නම් ශ්‍රද්ධාව යැයි කියනු ලැබේ. සම්පසාදන යනු යෙදීමෙන් ධ්‍යානය ද සම්පසාදනය, නීල වර්ණය යෙදීමෙන් නීල වස්ත්‍රය මෙනි. යම්හෙයකින් හෝ ඒ ධ්‍යානය සම්ප්රසාදනයෙන් යුක්ත හෙයින් ද විතර්ක විචාර කැළඹීමෙන් හා සංසිඳවීමෙන් ද සිත පහදවයි ද එහෙයින් ද සම්පසාදන යැයි කියන ලදී. මෙහි ද අර්ථ යෙදීමේ දී සම්පසාදනං චෙතසො යැයි මෙසේ පද සම්බන්ධය දතයුතුයි. පළමු අර්ථ යෙදීමේදී චෙතසො යන මෙය එකොදිහාවෙන යන්න සමග යෙදිය යුතුයි.
තත්රායං අත්ථයොජනා – එකො උදෙතීති එකොදි, විතක්කවිචාරෙහි අනජ්ඣාරුළ්හත්තා අග්ගො සෙට්ඨො හුත්වා උදෙතීති අත්ථො. සෙට්ඨොපි හි ලොකෙ එකොති වුච්චති. විතක්කවිචාරවිරහතො වා එකො අසහායො හුත්වාතිපි වත්තුං වට්ටති. අථ වා සම්පයුත්තධම්මෙ උදායතීති උදි. උට්ඨාපෙතීති අත්ථො. සෙට්ඨට්ඨෙන එකො ච සො උදි චාති එකොදි. සමාධිස්සෙතං අධිවචනං. ඉති ඉමං එකොදිං භාවෙති වඩ්ඪෙතීති ඉදං දුතියජ්ඣානං එකොදිභාවං. සො පනායං එකොදි යස්මා චෙතසො, න සත්තස්ස, න ජීවස්ස, තස්මා එතං ‘චෙතසො එකොදිභාව’න්ති වුත්තං.
මේ එහි අර්ථ යෝජනාවයි. ශ්‍රේෂ්ඨව උදාවෙයි යනු = එකොදි ය, විතර්ක විචාරයන් ආරූඪ නොවූ හෙයින් අග්‍රව ශ්‍රේෂ්ඨව උදාවෙයි යන අර්ථයි. ලෝකයෙහි ශ්‍රේෂ්ඨයා ද ඒක යැයි කියනු ලැබේ. විතර්ක විචාර විරහිතව හෝ හුදකලාව අසහායව යැයි කියන්නට වටී. නොහොත් සම්ප්‍රයුක්ත ධර්මයන් උදා කෙරේනුයි = උදිය, නැගිටුවයි යන අර්ථයි. ශ්‍රේෂ්ඨාර්ථයෙන් ඒක වූයේ ද උදි වූයේ ද හෙතෙමේනුයි එකොදිය මේ සමාධියට නමකි. මෙසේ මෙය එකෝදිස භාවනා කරය. වඩයි යැයි මේ ද්වතීය ධ්‍යානය එකොධිභාවය ඒ මේ එකෝදිය යම්හෙයකින් සිත පිළිබඳ ද සත්ත්වයෙකුට නොවේ ද, ජීවයකට නොවේ ද, එහෙයින් එහෙයින් මෙය චෙතසො එකොදිභාවං යැයි කියන ලදී.
‘නනු චායං සද්ධා පඨමජ්ඣානෙපි අත්ථි, අයඤ්ච එකොදිනාමකො සමාධි, අථ කස්මා ඉදමෙව සම්පසාදනං චෙතසො එකොදිභාවඤ්චාති වුත්තන්ති? වුච්චතෙ – ‘අදුඤ්හි පඨමජ්ඣානං විතක්කවිචාරක්ඛොභෙන වීචිතරඞ්ගසමාකුලමිව ජලං න සුප්පසන්නං හොති, තස්මා සතියාපි සද්ධාය සම්පසාදන’න්ති න වුත්තං. න සුප්පසන්නත්තා එව චෙත්ථ සමාධිපි න සුට්ඨු පාකටො. තස්මා එකොදිභාවන්තිපි න වුත්තං. ඉමස්මිං පන ඣානෙ විතක්කවිචාරපලිබොධාභාවෙන ලද්ධොකාසා බලවතී සද්ධා, බලවසද්ධාසහායපටිලාභෙනෙව සමාධිපි පාකටො. තස්මා ඉදමෙව එවං වුත්තන්ති වෙදිතබ්බං. විභඞ්ගෙ පන “සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො; චෙතසො එකොදිභාවන්ති යා චිත්තස්ස ඨිති…පෙ… සම්මාසමාධී”ති (විභ· 574-575) එත්තකමෙව වුත්තං. එවං වුත්තෙන පනෙතෙන සද්ධිං අයං අත්ථවණ්ණනා යථා න විරුජ්ඣති අඤ්ඤදත්ථු සංසන්දති චෙව සමෙති ච, එවං වෙදිතබ්බා.
මේ ශ්‍රද්ධාව ප්‍රථම ධ්‍යානයෙහි ද ඇත්තේ නොවේ ද, මෙයද එකොදිභාවනාමක සමාධියකි. එසේනම් කවර හෙයින් මෙයම සම්පසාදනං චෙතසො එකොදිභාං ච යැයි (කියන ලදද) කියනු ලැබේද? මේ ප්‍රථම ධ්‍යානය වනාහි විතර්ක විචාරයන්ගෙන් කැළඹීමෙන් රළ පතරින් ගැවසුණු ජලයක් මෙන් සුප්‍රසන්න නොවේ. එහෙයින් ශ්‍රද්ධාව ඇති කලද සම්පසාදන යැයි නොකියන ලදී. සුප්‍රසන්න නොවන හෙයිනි. මෙසේ මෙහි සමාධිය ද මනාව ප්‍රකට නොවේ. එහෙයින් එකොදිභාවං යනු ද නො කියන ලදී. මේ ධ්‍යානයෙහි වනාහි විතර්ක විචාර පළිබෝධයන්ගේ අභාවයෙන් ලබන ලද අවකාශ ඇති බලවත් ශ්‍රද්ධාවගේ සහාය ලැබීමෙන්ම සමාධිය ද ප්රකටය. එහෙයින් මෙයම කියන ලදැයි දතයුතුයි. විභංගයෙහි වනාහි ‘සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, චෙතසො එකොදිභාවන්ති යා චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධිය’ යන මෙපමණක්ම කියන ලදී. මෙසේ කියන ලද මෙයත් සමග වනාහි මේ අර්ථ වණනාව යම් සේ විරුද්ධ නොවේ ද, අන් අයුරකින් සංසන්දනය කරත් නමුදු සමවන්නේ යැයි මෙසේ දතයුතුයි.
අවිතක්කං අවිචාරන්ති භාවනාය පහීනත්තා එතස්මිං එතස්ස වා විතක්කො නත්ථීති අවිතක්කං. ඉමිනාව නයෙන අවිචාරං. විභඞ්ගෙපි වුත්තං – “ඉති අයඤ්ච විතක්කො අයඤ්ච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථඞ්ගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා, තෙන වුච්චති අවිතක්කං අවිචාර”න්ති.
අවිතක්කං අවිචාරං යනු භාවනාවෙන් ප්‍රහීණ වූ හෙයින් මෙහි හෝ මෙයට විතර්කය නැත යනු අවිතක්කය මේ නයින්ම ම අවිචාරය විභංගයෙහි ද (මෙසේ) කියන ලදී. මෙසේ මේ විතර්කයත් මේ විහාරයත් ශාන්තවෙත්ද සමනය වෙත් ද සංසිඳුණෝ වෙත් ද අස්තයට ගියෝ වෙත්ද විශේෂයෙන් අස්තයට ගියාහුද සමාධිගත වූවාහුද විශේෂයෙන් සමාධිගත වූවාහු ද වියළන ලද්දාහුද විශේෂයෙන් වියළන ලද්දාහුද විශේෂයෙන් දුරුකරන ලදහ. එහෙයින් අවිතක්කය අවිචාර යැයි කියනු ලැබේ’ යනුයි.
එත්ථාහ – නනු ච විතක්කවිචාරානං වූපසමාති ඉමිනාපි අයමත්ථො සිද්ධො? අථ කස්මා පුන ‘වුත්තං අවිතක්කං අවිචාර’න්ති? වුච්චතෙ – එවමෙතං, සිද්ධොවායමත්ථො, න පනෙතං තදත්ථදීපකං. නනු අවොචුම්හ – ‘ඔළාරිකස්ස පන ඔළාරිකස්ස අඞ්ගස්ස සමතික්කමා පඨමජ්ඣානතො පරෙසං දුතියජ්ඣානාදීනං සමධිගමො හොතීති දීපනත්ථං විතක්කවිචාරානං වූපසමාති එවං වුත්ත’න්ති.
මෙහිදී මෙසේ කියන ලදී. විතක්ක කියනු ලැබේ’ යනුයි. මෙහිදී මෙසේ කියන ලදී. විතක්ක විචාරානං වූපසමා යන මෙයින් ද අර්ථය සිද්ධවූයේ නොවේද? එසේ කවර හෙයින් නැවත අවිතක්කං අවිචාරං යැයි කියන ලද ද? මෙය මෙසේ කියනු ලැබේ. මේ අර්ථය සිද්ධමය. මේ වනාහි තදත්ථිදීපක නොවේ. ‘ඕළාරික අංගයාගේ දුරලීමෙන් ප්‍රථම ධ්‍යානයෙන් පර ද්විතීය ධ්‍යානාදීන්ගේ අධිගමය වේ යැයි දැක්වීම පිණිස විතක්ක විචාරානං වූපසමා යැයි මෙසේ කියන ලදී’ යැයි කීවමෝ නොවමුද?
අපිච විතක්කවිචාරානං වූපසමා ඉදං සම්පසාදනං, න කිලෙසකාලුසියස්ස; විතක්කවිචාරානඤ්ච වූපසමා එකොදිභාවං, න උපචාරජ්ඣානමිව නීවරණප්පහානා; න පඨමජ්ඣානමිව ච අඞ්ගපාතුභාවාති එවං සම්පසාදනඑකොදිභාවානං හෙතුපරිදීපකමිදං වචනං. තථා විතක්කවිචාරානං වූපසමා ඉදං අවිතක්කං අවිචාරං, න තතියචතුත්ථජ්ඣානානි විය, චක්ඛුවිඤ්ඤාණාදීනි විය ච, අභාවාති එවං අවිතක්කඅවිචාරභාවස්ස හෙතුපරිදීපකඤ්ච, න විතක්කවිචාරාභාවමත්තපරිදීපකං. විතක්කවිචාරාභාවමත්තපරිදීපකමෙව පන අවිතක්කං අවිචාරන්ති ඉදං වචනං, තස්මා පුරිමං වත්වාපි පුන වත්තබ්බමෙවාති.
තවද මේ සම්පසාදනය විතර්ක විචාරය සංසිඳීමෙනි ක්ලේශයන්ගෙන් කිලිටු වූවහුට නොවේ. එකොදිභාවය (සමාධිය) ද විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් උපචාර ධ්‍යානය මෙන් නීවරණ ප්‍රහාණයෙන් නොවේ. ප්‍රථම ධ්‍යානය මෙන් අංගපාතුභාවයෙන් ද (නොවේ) යැයි මෙසේ මෙය සම්පසාදන එකොදිභාවයන්ගේ හේතු දක්වන වචනයකි. එසේම විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් මේ අවිතර්ක අවිචාරයන්ගේ තෘතීය චතුර්ථ ධ්‍යානයන් මෙන් ද චක්ෂුර් විඥානාදිය මෙන් ද අභාවයෙන් යැයි මෙසේ අවිතර්ක අවිචාර භාවයට හේතු දැක්වීම ද වේ. විතර්ක විචාර අභාව මාත්‍රය දැක්වීම නොවේ. අවිතක්කං අවිචාරං යන මේ වචනය වනාහි විතර්ක විචාරයන්ගේ අභාවමාත්‍රය දැක්වීමක්මය. එහෙයින් පළමුවෙන් කියාද නැවත කිවයුතුමය යනුයි.
සමාධිජන්ති පඨමජ්ඣානසමාධිතො සම්පයුත්තසමාධිතො වා ජාතන්ති අත්ථො. තත්ථ කිඤ්චාපි පඨමම්පි සම්පයුත්තසමාධිතො ජාතං, අථ ඛො අයමෙව සමාධි ‘සමාධී’ති වත්තබ්බතං අරහති, විතක්කවිචාරක්ඛොභවිරහෙන අතිවිය අචලත්තා සුප්පසන්නත්තා ච. තස්මා ඉමස්ස වණ්ණභණනත්ථං ඉදමෙව සමාධිජන්ති වුත්තං. පීතිසුඛන්ති ඉදං වුත්තනයමෙව.
සමාධිජං යනු ප්‍රථමධ්‍යාන සමාධියෙන් හෝ සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන් යන අර්ථයි. එහි කිසිහෙයකින් පළමුවැන්න ද සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන්නේය. එසේ වුවද මෙයම සමාධිය සමාධිය යැයි කිවයුතු බවට සුදුසුය. විතර්ක විචාරයන්ගේ කැළඹීමෙන් තොර බැවින් අතිශයින්ම අචල බැව් හා සුප්‍රසන්න ද බැවිනි. එහෙයින් මෙහි වර්ණනාව කීම පිණිස මෙයම සමාධිජ යැයි කියන ලදී. පීතිසුඛං යන මෙය කියන ලද නය ඇත්තේමය.
දුතියන්ති ගණනානුපුබ්බතා දුතියං. ඉදං දුතියං සමාපජ්ජතීතිපි දුතියං. තස්මිං සමයෙ ඵස්සො හොතීතිආදීසු ඣානපඤ්චකෙ විතක්කවිචාරපදානි මග්ගපඤ්චකෙ ච සම්මාසඞ්කප්පපදං පරිහීනං. තෙසං වසෙන සවිභත්තිකාවිභත්තිකපදවිනිච්ඡයො වෙදිතබ්බො. කොට්ඨාසවාරෙපි තිවඞ්ගිකං ඣානං හොති, චතුරඞ්ගිකො මග්ගො හොතීති ආගතං. සෙසං පඨමජ්ඣානසදිසමෙවාති.
දුතියං යනු ගණන අනුපූර්වතාවෙන් දුතියං යි, මෙය දෙවනුව සමවදී යැයි ද, = දුතියං තස්මිං සමයෙ ඵස්සො හොති යන ආදීන්හි ධ්‍යාන පංචකයෙහි විතක්ක විචාර පද ද මග්ගපංචයෙහි සම්මා සංකප්ප පදය ද පිරිහිණ. ඔවුන්ගේ වශයෙන් සවිභක්තික අවිභක්තික පද විනිශ්චය දතයුතුයි. කොට්ඨාශ වාරයෙහි ද ධ්‍යානය තිවංගික වෙයි. මාර්ගය චතුරංගික වෙයි යැයි ආයේය. සෙස්ස ප්‍රථමධ්‍යනය සමානමය යනුයි.
දුතියං.
දෙවැන්න යි.