චතුක්කනයො පඨමජ්ඣානං අට්ඨකථා
චතුක්කනයො පඨමජ්ඣානං
චතුක්කනයො පඨමජ්ඣානං
ඉදානි රූපාවචරකුසලං දස්සෙතුං කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ රූපූපපත්තියා මග්ගං භාවෙතීති රූපං වුච්චති රූපභවො. උපපත්තීති නිබ්බත්ති ජාති සඤ්ජාති. මග්ගොති උපායො. වචනත්ථො පනෙත්ථ – තං උපපත්තිං මග්ගති ගවෙසති ජනෙති නිප්ඵාදෙතීති මග්ගො. ඉදං වුත්තං හොති – යෙන මග්ගෙන රූපභවෙ උපපත්ති හොති නිබ්බත්ති ජාති සඤ්ජාති, තං මග්ගං භාවෙතීති. කිං පනෙතෙන නියමතො රූපභවෙ උපපත්ති හොතීති? න හොති. “සමාධිං, භික්ඛවෙ, භාවෙථ, සමාහිතො යථාභූතං පජානාති පස්සතී”ති (සං· නි· 3.5; 4.99; 5.1071; නෙත්ති· 40; මි· ප· 2.1.15) එවං වුත්තෙන හි නිබ්බෙධභාගියෙන රූපභවාතික්කමොපි හොති. රූපූපපත්තියා පන ඉතො අඤ්ඤො මග්ගො නාම නත්ථි, තෙන වුත්තං ‘රූපූපපත්තියා මග්ගං භාවෙතී’ති. අත්ථතො චායං මග්ගො නාම චෙතනාපි හොති, චෙතනාය සම්පයුත්තධම්මාපි, තදුභයම්පි. “නිරයඤ්චාහං, සාරිපුත්ත, පජානාමි නිරයගාමිඤ්ච මග්ග”න්ති (ම· නි· 1.153) හි එත්ථ චෙතනා මග්ගො නාම.
දැන් රූපාවචර කුශලය දැන්වීමට කතමෙ ධම්මා කුශලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි රූපූපපත්තියා මග්ගං භාවෙති යන මෙහි රූපභාවය රූපය යැයි කියනු ලැබේ. උප්පත්ති යනු ඉපදීමයි. හටගැනීමයි. විශේෂයෙන් හටගැනීමයි. මග්ගො යනු උපායයි. මෙහි වචනාර්ථය වනාහි ඒ උත්පත්තිය සොයයි. ගවේෂණය කරයි. උපදවයි. නිෂ්පාදනය කරයිනුයි මග්ගය, මෙය කියන ලද්දේ වෙයි. යම් මාර්ගයකින් රූප භවයෙහි උත්පත්තියත් නිබ්බත්තියත් හටගැනීමත් විශේෂයෙන් හටගැනීමත් වේද ඒ මාර්ගය වඩයි යනුයි. කිම මේ නියමයෙන් වනාහි රූප භවයෙහි උත්පත්තිය වේද? නොවෙයි. ‘මහණෙනි, සමාධිය වඩව්. සමාධියට පත්වූයේ තත්වාකාරය දැනගනී දකි’ යැයි මෙසේ කියන ලද නිර්වේදභාගිය මාර්ගයෙන් වනාහි රූපභවය ඉක්මවීමක් ද වේ. රූප භවයෙහි ඉපදීම පිණිස වනාහි මෙයින් අන්‍ය වූ මාර්ගයක් නම් නැත. එහෙයින් කියන ලදී. ‘රූප භවයෙහි ඉපදීම පිණිස මාර්ගය වඩයි’ යන අර්ථයෙන් මාර්ගය නම් චේතනාව ද වෙයි. වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්මයෝත් යන ඒ දෙකක්මත් වෙයි. ‘සාරිපුත්‍රය, මම නිරයත් නිරයගාමී මාර්ගයත් දනිමි’ යන මෙහි වනාහි මාර්ගය නම් චේතනාවයි.
“සද්ධා හිරියං කුසලඤ්ච දානං, ධම්මා එතෙ සප්පුරිසානුයාතා; එතඤ්හි මග්ගං දිවියං වදන්ති, එතෙන හි ගච්ඡති දෙවලොක”න්ති. (අ· නි· 8.32);
සද්ධා හිරියං කුසලං ච දානං ධම්මා එතෙ සප්පුරිසානුයාතා එතං හි මග්ගං දිවියං වදන්ති එතෙන හි ගච්ඡති දෙවලොකන්ති
‘ශ්‍රද්ධාව හිරිය කුසලය සහ දානය ද යන මේ ධර්මයෝ සත්පුරුෂයන් විසින් අනුගමනය කරන ලදහ. මේ මාර්ගය වනාහි දිව්යායැයි කියත්. මෙයින් වනාහි දෙව්ලොවට යන්නේ ය.’ යනුයි.
එත්ථ චෙතනාසම්පයුත්තධම්මා මග්ගො නාම. “අයං, භික්ඛවෙ, මග්ගො, අයං පටිපදා”ති සඞ්ඛාරුපපත්තිසුත්තාදීසු (ම· නි· 3.161 ආදයො) චෙතනාපි චෙතනාසම්පයුත්තධම්මාපි මග්ගො නාම. ඉමස්මිං පන ඨානෙ ‘ඣාන’න්ති වචනතො චෙතනාසම්පයුත්තා අධිප්පෙතා. යස්මා පන ඣානචෙතනා පටිසන්ධිං ආකඩ්ඪති, තස්මා චෙතනාපි චෙතනාසම්පයුත්තධම්මාපි වට්ටන්තියෙව.
මෙහි චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෙන් මාර්ග නමි. ‘මහණෙනි, මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි’ යන සංස්කාරෝත්පත්ති සූත්‍රාදියෙහි චේතනා ද චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ ද මාර්ග නමි. මේ ස්ථානයෙහි වනාහි නිධානය යන වචනයෙන් චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝ අභිප්‍රේතයහ. යම්හෙයකින් වනාහි ධ්‍යාන චේතනාව ප්රතිසන්ධිය ඇදගනීද, එහෙයින් චේතනාවත් චේතනා සම්ප්‍රයුක්ත ධර්මයෝත් සුදුසු වෙත්මය.
භාවෙතීති ජනෙති උප්පාදෙති වඩ්ඪෙති. අයං තාව ඉධ භාවනාය අත්ථො. අඤ්ඤත්ථ පන උපසග්ගවසෙන සම්භාවනා පරිභාවනා විභාවනාති එවං අඤ්ඤථාපි අත්ථො හොති. තත්ථ “ඉධුදායි මම සාවකා අධිසීලෙ සම්භාවෙන්ති – සීලවා සමණො ගොතමො, පරමෙන සීලක්ඛන්ධෙන සමන්නාගතො”ති (ම· නි· 2.243) අයං සම්භාවනා නාම; ඔකප්පනාති අත්ථො. “සීලපරිභාවිතො සමාධි මහප්ඵලො හොති මහානිසංසො, සමාධිපරිභාවිතා පඤ්ඤා මහප්ඵලා හොති මහානිසංසා, පඤ්ඤාපරිභාවිතං චිත්තං සම්මදෙව ආසවෙහි විමුච්චතී”ති (දී· නි· 2.186) අයං පරිභාවනා නාම; වාසනාති අත්ථො. “ඉඞ්ඝ රූපං විභාවෙහි, වෙදනං… සඤ්ඤං… සඞ්ඛාරෙ… විඤ්ඤාණං විභාවෙහී”ති අයං විභාවනා නාම; අන්තරධාපනාති අත්ථො. “පුන චපරං, උදායි, අක්ඛාතා මයා සාවකානං පටිපදා, යථාපටිපන්නා මෙ සාවකා චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්තී”ති (ම· නි· 2.247), අයං පන උප්පාදනවඩ්ඪනට්ඨෙන භාවනා නාම. ඉමස්මිම්පි ඨානෙ අයමෙව අධිප්පෙතා. තෙන වුත්තං – ‘භාවෙතීති ජනෙති උප්පාදෙති වඩ්ඪෙතී’ති.
භාවෙති යනු ජනනය කරයි. උපදවයි. වඩයි. මෙහි මෙය වනාහි භාවනාවෙහි අර්ථයි. අන් තැන්හි වනාහි උපසර්ග වශයෙන් සම්භාවනා පරිභාවනා විභාවනා යැයි (ද වේ) මෙසේ වෙනත් අයුරින් ද අර්ථය වෙයි. එහි ‘උදායි, මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවකයෝ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සිල්වත්ය. පරම වූ ශීලස්කන්ධයෙන් යුක්තයහ. අධිශීලයන් වර්ණනා කරත් ද’, යන මේ සම්භාවනා නමි. විශ්වාස කිරීම යන අර්ථයි. ‘ශීලය වඩනා ලද්දේ සමාධිය මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. සමාධිය වඩනා ලද්දේ ප්‍රඥාව මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. ප්‍රඥාව වඩනා ලද සිත මනාකොට ආශ්රවයන්ගෙන් මිදෙයි’ යන මේ පරිභාවනා නම් වාසනා යන අර්ථයි. ‘එසේනම් රූපය අතුරුදන් කරන්න වේදනාව සංඥාව සංස්කාර විඥානය අතුරුදන් කරන්න’ යනු මේ විභාවනා නමි. අතුරුදන් කිරීම යන අර්ථයි. ‘උදායි, නැවත අනිකක් කියමි. මා විසින් ශ්‍රාවකයන් ප්‍රතිපදාව කියන ලදී. ඒ අනුව පිළිපන් මාගේ ශ්‍රාවකයෝ සතර සතිපට්ඨානයන් වඩත්’ යන මෙය වනාහි උත්පාදන වර්ධන අර්ථයෙන් භාවනා නමි. මේ ස්ථානයේ ද මෙයම අදහස් කරන ලදී. එහෙයින් මෙය කියන ලදී. ‘භාවෙති යනු ජනනය කරයි. උපදවයි. වඩයි’ යනුයි.
කස්මා පනෙත්ථ, යථා කාමාවචරකුසලනිද්දෙසෙ ධම්මපුබ්බඞ්ගමා දෙසනා කතා තථා අකත්වා, පුග්ගලපුබ්බඞ්ගමා කතාති? පටිපදාය සාධෙතබ්බතො. ඉදඤ්හි චතූසු පටිපදාසු අඤ්ඤතරාය සාධෙතබ්බං; න කාමාවචරං විය විනා පටිපදාය උප්පජ්ජති. පටිපදා ච නාමෙසා පටිපන්නකෙ සති හොතීති එතමත්ථං දස්සෙතුං පුග්ගලපුබ්බඞ්ගමං දෙසනං කරොන්තො ‘රූපූපපත්තියා මග්ගං භාවෙතී’ති ආහ.
මෙහිදී වනාහි කවරහෙයකින් කාමාවචර කුශල නිර්දේශයෙහි ධර්ම පූර්වාංගමව දේශනාව කළ පරිදි නොකොට පුද්ගල පූර්වාංගමව කරන ලද ද ? යනුයි. ප්‍රතිපදාවෙන් සිද්ධ කළයුතු බැවිනි. මෙය වනාහි චතුර්විධ ප්‍රතිපදා අතුරෙන් එක්තරා ප්‍රතිපදාවකින් සිද්ධ කළයුතුයි. කාමාවචර කුශලය මෙන් ප්‍රතිපදාවෙන් තොරව නූපදී. මේ ප්‍රතිපදාව නම් පිළිවදනවුන් ඇති කල්හි වේය යන මේ කාරණය දැක්වීමට පුද්ගල පූර්වාංගම දේශනාව කරන සේක් රූපූපපත්තියා මග්ගං භාවෙති යැයි වදාළහ.
විවිච්චෙව කාමෙහීති කාමෙහි විවිච්චිත්වා, විනා හුත්වා, අපක්කමිත්වා. යො පනායමෙත්ථ ‘එව’-කාරො සො නියමත්ථොති වෙදිතබ්බො. යස්මා ච නියමත්ථො, තස්මා තස්මිං පඨමං ඣානං උපසම්පජ්ජ විහරණසමයෙ අවිජ්ජමානානම්පි කාමානං තස්ස පඨමජ්ඣානස්ස පටිපක්ඛභාවං, කාමපරිච්චාගෙනෙව චස්ස අධිගමං දීපෙති. කථං? ‘විවිච්චෙව කාමෙහී’ති එවඤ්හි නියමෙ කරියමානෙ ඉදං පඤ්ඤායති – නූනිමස්ස කාමා පටිපක්ඛභූතා යෙසු සති ඉදං න පවත්තති, අන්ධකාරෙ සති පදීපොභාසො විය? තෙසං පරිච්චාගෙනෙව චස්ස අධිගමො හොති ඔරිමතීරපරිච්චාගෙන පාරිමතීරස්සෙව. තස්මා නියමං කරොතීති.
විවිච්චෙව කාමෙහි යනු කාමයන්ගෙන් තොරව වෙන්ව පහව, මෙහි වනාහි යම් ඒවකාරයක් වේද එය නියමාර්ථය යැයි දතයුතුයි. යම්හෙයකින් නියමාර්ථය වේද එහෙයින් එසමයෙහි ප්‍රථම ධ්‍යානය පැමිණ වාසය කරන කල්හි අවිද්‍යාමාන වූ කාමයන් ඒ ප්‍රථම ධ්‍යානයට ප්රතිපක්ෂභාවයක් කාම පරිත්‍යාගයෙන් ඔහුගේ අධිගමයත් දක්වයි. කෙසේද? විවිච්චෙව කාමෙහි යැයි මෙසේ නියමය කරවන කල්හි වනාහි මෙය පැනේ. මේ ධ්‍යානයට කාමයෝ ප්රතිපක්ෂ නොවූවෝ ද? යම් ධර්මයන් ඇති කල්හි මෙය නොපවතීද? අන්ධකාරය ඇති කල්හි ප්‍රදීපාලෝකය මෙනි. ඔවුන්ගේ පරිත්‍යාගයෙන්ම එහි අධිගමය වෙයි. මෙතෙර පරිත්‍යාගයෙන් පරතෙරට මෙනි. එහෙයින් නියමය කෙරේ යනුයි.
තත්ථ සියා – ‘කස්මා පනෙස පුබ්බපදෙයෙව වුත්තො, න උත්තරපදෙ? කිං අකුසලෙහි ධම්මෙහි අවිවිච්චාපි ඣානං උපසම්පජ්ජ විහරෙය්යා’ති? න ඛො පනෙතං එවං දට්ඨබ්බං. තංනිස්සරණතො හි පුබ්බපදෙ එස වුත්තො. කාමධාතුසමතික්කමනතො හි කාමරාගපටිපක්ඛතො ච ඉදං ඣානං කාමානමෙව නිස්සරණං. යථාහ – “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්ම”න්ති (ඉතිවු· 72; දී· නි· 3.353). උත්තරපදෙපි පන, යථා “ඉධෙව, භික්ඛවෙ, සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139; අ· නි· 4.241) එත්ථ ‘එව’-කාරො ආනෙත්වා වුච්චති, එවං වත්තබ්බො. න හි සක්කා ඉතො අඤ්ඤෙහිපි නීවරණසඞ්ඛාතෙහි අකුසලෙහි ධම්මෙහි අවිවිච්ච ඣානං උපසම්පජ්ජ විහරිතුං, තස්මා ‘විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහී’ති එවං පදද්වයෙපි එස දට්ඨබ්බො. පදද්වයෙපි ච කිඤ්චාපි විවිච්චාති ඉමිනා සාධාරණවචනෙන තදඞ්ගවිවෙකාදයො කායවිවෙකාදයො ච සබ්බෙපි විවෙකා සඞ්ගහං ගච්ඡන්ති, තථාපි කායවිවෙකො චිත්තවිවෙකො වික්ඛම්භනවිවෙකොති තයො එව ඉධ දට්ඨබ්බා.
එහි මෙවැන්නක් වන්නේය. කවර හෙයින් මෙය පූර්ව පදයෙහිම කියන ලදද? කවර හෙයින් උත්තර පදයෙහි නොකියන ලද ද? කිම අකුසල ධර්මයන්ගෙන් තොර නොවී ධ්‍යානයට පැමිණ වාසය කරන්නේ ද? මෙය වනාහි එපරිද්දෙන් නොදත යුතුයි. එය පහකරන හෙයින් මෙය පූර්වපදයෙහි කියන ලදී. කාමධාතු සමතික්‍රමණයෙන් ද කාමරාග ප්රතික්ෂේපයෙන් ද මේ ධ්‍යානය කාමයන්ගෙන්ම නික්මෙයි. එය මෙසේ කීහ. ‘නෙක්ඛම්ම යන මෙය කාමයන්ගේ නික්මීමයි’ යනුයි. උත්තර පදයෙහි වනාහි මෙසේය. ‘මහණෙනි, ප්‍රථම ශ්රමණයාත් මේ ශාසනයෙහිය. ද්විතීය ශ්රමණයාත් මේ ශාසනයෙහිමය’ යනුයි. මෙහි ‘ඒව’කාරය ගෙනහැර දක්වන ලදී. මෙසේද කිවයුතුයි. මෙයින් අන්‍ය වූ ද නීවරණ සංඛ්‍යාත අකුශල ධර්මයන්ගෙන් වෙන් නොවී ධ්‍යානයට සමවැද වාසය කළ නො හැකිය. එහෙයින් කාමයන්ගෙන් වෙන්වම අකුශල ධර්මයන්ගෙන් වෙන්වම යැයි මෙසේ පද දෙකෙහිම මෙය දතයුතුයි. පද දෙකෙහිම කිසිසේත් විවිච්ච යන මේ සාධාරණ වචනයෙන් තදංග විවේකාදිය ද කායවිවේක යනාදිය ද යන සියලුම විවේකයෝ සංගෘහීත වෙත්. එසේ වුව ද කාය විවේකය, චිත්ත විවේකය, විෂ්කම්භන විවේකය යන තුනම මෙහිදී දතයුතුයි.
කාමෙහීති ඉමිනා පන පදෙන යෙ ච නිද්දෙසෙ “කතමෙ වත්ථුකාමා? මනාපියා රූපා”තිආදිනා (මහානි· 1) නයෙන වත්ථුකාමා වුත්තා, යෙ ච තත්ථෙව විභඞ්ගෙ ච “ඡන්දො කාමො, රාගො කාමො, ඡන්දරාගො කාමො; සඞ්කප්පො කාමො, රාගො කාමො, සඞ්කප්පරාගො කාමො; ඉමෙ වුච්චන්ති කාමා”ති (මහානි· 1; විභ· 564) එවං කිලෙසකාමා වුත්තා, තෙ සබ්බෙපි සඞ්ගහිතාඉච්චෙව දට්ඨබ්බා. එවඤ්හි සති විවිච්චෙව කාමෙහීති වත්ථුකාමෙහිපි විවිච්චෙවාති අත්ථො යුජ්ජති. තෙන කායවිවෙකො වුත්තො හොති.
කාමෙහි යන මේ පදයෙන් නිද්දේස පාළියෙහි ‘කතමෙ වත්ථුකාමා මනාපියා’ යන ආදී නයින් යම් වස්තුකාමයෝ කියන ලද්දාහුද, එහිම විභංගයෙහි ‘ඡන්දො කාමො රාගො කාමො ඡන්දරාගො කාමො සංකප්පො කාමො රාගො කාමො සංකප්පරාගො කාමො ඉමෙ වුච්චන්ති කාමා’ යැයි මෙසේ යම් ක්ලේශකාමයෝ කියන ලද්දාහු ද ඒ සියලුම කාමයෝ සංග්‍රහ කරන ලදහමයැයි දතයුත්තාහ. මෙසේ ඇති කල්හි වනාහි විවිච්චේව කාමෙහි යනු වස්තුකාමයන්ගෙන් ද වෙන්වම යැයි අර්ථය යෙදේ. එයින් කාය විවේය කියන ලද්දේ වෙයි.
විවිච්ච අකුසලෙහි ධම්මෙහීති කිලෙසකාමෙහි සබ්බාකුසලෙහි වා විවිච්චාති අත්ථො යුජ්ජති. තෙන චිත්තවිවෙකො වුත්තො හොති. පුරිමෙන චෙත්ථ වත්ථුකාමෙහි විවෙකවචනතො එව කාමසුඛපරිච්චාගො, දුතියෙන කිලෙසකාමෙහි විවෙකවචනතො නෙක්ඛම්මසුඛපරිග්ගහො විභාවිතො හොති. එවං වත්ථුකාමකිලෙසකාමවිවෙකවචනතොයෙව ච එතෙසං පඨමෙන සංකිලෙසවත්ථුප්පහානං, දුතියෙන සංකිලෙසප්පහානං; පඨමෙන ලොලභාවස්ස හෙතුපරිච්චාගො, දුතියෙන බාලභාවස්ස; පඨමෙන ච පයොගසුද්ධි, දුතියෙන ආසයපොසනං විභාවිතං හොතීති ඤාතබ්බං. එස තාව නයො ‘කාමෙහී’ති එත්ථ වුත්තකාමෙසු වත්ථුකාමපක්ඛෙ.
විවිච්ච අකුසලෙහි ධම්මෙහි යනු ක්ලේශකාමයන්ගෙන් හෝ සියලු අකුශලයන්ගෙන් වෙන්ව යැයි අර්ථය යෙදේ. එයින් චිත්ත විවේකය කියන ලද්දේ වෙයි. මෙහි පළමුවෙන් ද වස්තුකාමයන්ගෙන් වෙන්ව යන වචනයෙන්ම කම්සැප අත්හැරීම (ප්‍රකාශ කරන ලද්දේ වෙයි) දෙවැන්නෙන් ක්ලේශ කාමයන්ගෙන් වෙන්ව යන වචනයෙන් නෛෂ්ක්‍රම්‍ය සුඛ පරිත්‍යාගය ප්‍රකාශ කරන ලද්දේ වෙයි. මෙසේ වස්තුකාම ක්ලේශකාම විවේකය යන වචනයෙන්, මෙසේ ද මොවුන්ගෙන් පළමුවැන්නෙන් සංක්ලේශ වස්තු ප්රහාණය ද දෙවැන්නේ සංක්ලේශ ප්රහාණය ද පළමුවැන්නේ ලොල්බවේ හේතු ප්රහාණය ද, දෙවැන්නෙන් බාල භාවයාගේ ද පළමුවැන්නෙන් ප්‍රයෝග ශුද්ධිය ද, දෙවැන්නෙන් ආසය පෝෂණය ද ප්‍රකාශ කරන ලද්දේ වෙයි යැයි දතයුතුයි. මේ නය වනාහි මෙහි කාමෙහි යැයි කී කාමයන් අතුරෙන් වස්තුකාම පක්ෂයෙහි ය.
කිලෙසකාමපක්ඛෙ පන ‘ඡන්දොති ච රාගො’ති ච එවමාදීහි අනෙකභෙදො කාමච්ඡන්දොයෙව කාමොති අධිප්පෙතො. සො ච අකුසලපරියාපන්නොපි සමානො “තත්ථ කතමො කාමච්ඡන්දො කාමො”තිආදිනා නයෙන විභඞ්ගෙ (විභ· 564) ඣානපටිපක්ඛතො විසුං වුත්තො. කිලෙසකාමත්තා වා පුරිමපදෙ වුත්තො, අකුසලපරියාපන්නත්තා දුතියපදෙ. අනෙකභෙදතො චස්ස ‘කාමතො’ති අවත්වා ‘කාමෙහී’ති වුත්තං. අඤ්ඤෙසම්පි ච ධම්මානං අකුසලභාවෙ විජ්ජමානෙ “තත්ථ කතමෙ අකුසලා ධම්මා? කාමච්ඡන්දො”තිආදිනා නයෙන විභඞ්ගෙ උපරිඣානඞ්ගපච්චනීකපටිපක්ඛභාවදස්සනතො නීවරණානෙව වුත්තානි. නීවරණානි හි ඣානඞ්ගපච්චනීකානි. තෙසං ඣානඞ්ගානෙව පටිපක්ඛානි, විද්ධංසකානි, විඝාතකානීති වුත්තං හොති. තථා හි “සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛො, පීති බ්යාපාදස්ස, විතක්කො ථිනමිද්ධස්ස, සුඛං උද්ධච්චකුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡායා”ති පෙටකෙ වුත්තං.
ක්ලේශකාම පක්ෂයෙහි වනාහි ඡන්ද යැයි ද රාග යැයි ද මේ ආදියෙන් නොයෙක් භේද ඇති කාමච්ඡන්දයම කාම යැයි අදහස් කරන ලදී. යමක් වනාහි අකුශලයෙහි ඇතුළත් වූයේ ද ‘තත්ථ කතමො කාමච්ඡන්දො කාමො’ යන ආදී නයින් විභංගයෙහි ධ්‍යාන ප්රතිපක්ෂ වශයෙන් වෙනම කියන ලදී. පළමු පදයෙන් ක්ලේශ මාත්‍රයෙන් හෝ කියන ලදී. අකුශලයෙහි ඇතුළත් හෙයින් දෙවන පදයෙහි නොයෙක් භේදවලින් මෙයට කාමතො යැයි නොකියා කාමෙහි යැයි කියන ලදී. අන්‍ය ධර්මයන්ගේ ද අකුශල භාවයක් විද්‍යමාන කල්හි ‘තත්ථ කතමෙ අකුශලා ධම්මා කාමච්ඡන්දො’ යන ආදී නයින් විභංගයෙහි උපරිධ්යානාංගයන්ට විරුද්ධයනට ප්රතිපක්ෂභාවය දැක්වීම වශයෙන් නීවරණයෝම කියන ලදහ. නීවරණයෝ වනාහි ධ්‍යානාංගයන්ට විරුද්ධයහ. ධ්යානාංගයෝම ඔවුන්ට ප්‍රතිපක්ෂයෝය. විනාශකාරීහුය. නාශකයෝ යැයි කියන ලද්දේ වෙයි. යම්සේ වනාහි සමාධිය කාමච්ඡන්දයට ප්රතිපක්ෂය, ප්‍රීතිය ව්‍යාපාදයට ද, විතර්කය ථිනමිද්ධයට ද, සුඛය උද්ධච්චකුක්කුච්චයට ද, විචාරය විචිකිච්ඡාවට ද (ප්රතිපක්ෂය) යැයි පේටකෝපදේසයෙහි කියන ලදද, එසේම මෙහි ‘විවිච්චෙව කාමෙහි’ යැයි මෙයින් කාමච්ඡන්දයාගේ විෂ්කම්භන විවේකය කියන ලද්දේ වෙයි.
එවමෙත්ථ ‘විවිච්චෙව කාමෙහී’ති ඉමිනා කාමච්ඡන්දස්ස වික්ඛම්භනවිවෙකො වුත්තො හොති. ‘විවිච්ච අකුසලෙහි ධම්මෙහී’ති ඉමිනා පඤ්චන්නම්පි නීවරණානං. අග්ගහිතග්ගහණෙන පන පඨමෙන කාමච්ඡන්දස්ස, දුතියෙන සෙසනීවරණානං; තථා පඨමෙන තීසු අකුසලමූලෙසු පඤ්චකාමගුණභෙදවිසයස්ස ලොභස්ස, දුතියෙන ආඝාතවත්ථුභෙදාදිවිසයානං දොසමොහානං. ඔඝාදීසු වා ධම්මෙසු පඨමෙන කාමොඝකාමයොගකාමාසවකාමුපාදානඅභිජ්ඣාකායගන්ථකාමරාගසංයොජනානං, දුතියෙන අවසෙසඔඝයොගාසවඋපාදානගන්ථසංයොජනානං. පඨමෙන ච තණ්හාය තංසම්පයුත්තකානඤ්ච, දුතියෙන අවිජ්ජාය තංසම්පයුත්තකානඤ්ච. අපිච පඨමෙන ලොභසම්පයුත්තඅට්ඨචිත්තුප්පාදානං, දුතියෙන සෙසානං චතුන්නං අකුසලචිත්තුප්පාදානං වික්ඛම්භනවිවෙකො වුත්තො හොතීති වෙදිතබ්බො. අයං තාව ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී’ති එත්ථ අත්ථප්පකාසනා.
විචිච්ච අකුසලෙහි ධම්මෙහි යන මෙයින් පංච නීවරණයන්ගෙන් ද නොගත් ඒවා ගැනීමෙන් වනාහි ප්‍රථම ධ්‍යානයෙන් කාමච්ඡන්දයාගේ ද දෙවැන්නෙන් සෙසු නීවරණයන්ගේ ද එසේම ප්‍රථම ධ්‍යානයෙන් ත්‍රිවිධ අකුශල මූලයන්හි පංචකාමගුණ භේදයන්ට විෂය වූ ලෝභයාගේ ද, දෙවැන්නෙන් ආඝාත වස්තු විෂය වූ ද්වේෂ මෝහයන්ගේ ද, පළමුවැන්නෙන් ඕඝාදී ධර්මයන් අතුරෙහි කාමෝඝ - කාමයෝග - කාමාස්වාද - කාමූපාදාන අභිධ්‍යාකායග්‍රන්‍ථ - කාමරාග සංයෝජනයන්ගේ ද, දෙවැන්නෙන් අවශේෂ ඕඝ-යෝග-ආසව-උපාදාන-ග්රන්ථ සංයෝජනයන්ගේ ද, පළමුවැන්නෙන් තෘෂ්ණාවන්ගේ ද එය හා සම්ප්‍රයුක්තයන්ගේ ද, දෙවැන්නෙන් අවිද්යාවගේත් එය හා සම්ප්රයුක්තයන්ගේත් ද තවද පළමුවැන්නෙන් ලෝභ සම්ප්‍රයුක්ත අෂ්ට චිත්තෝත්පාදයන්ගේ ද දෙවැන්නෙන් සෙසු සතර අකුසල චිත්තෝත්පාදයන්ගේ විශ්කම්භන විවේකය ද කියන ලද්දේ වේයැයි දතයුතුයි. මේ වනාහි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන මෙහි අර්ථ ප්රකාශනයයි.
එත්තාවතා ච පඨමස්ස ඣානස්ස පහානඞ්ගං දස්සෙත්වා ඉදානි සම්පයොගඞ්ගං දස්සෙතුං සවිතක්කං සවිචාරන්තිආදි වුත්තං. තත්ථ හෙට්ඨා වුත්තලක්ඛණාදිවිභාගෙන අප්පනාසම්පයොගතො රූපාවචරභාවප්පත්තෙන විතක්කෙන චෙව විචාරෙන ච සහ වත්තති. රුක්ඛො විය පුප්ඵෙන ච ඵලෙන චාති ඉදං ඣානං සවිතක්කං සවිචාරන්ති වුච්චති. විභඞ්ගෙ පන “ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති සමුපෙතො”තිආදිනා (විභ· 565) නයෙන පුග්ගලාධිට්ඨානා දෙසනා කතා. අත්ථො පන තත්රපි එවමෙව දට්ඨබ්බො.
මෙපමණකින් ප්‍රථම ධ්‍යානයෙහි ප්රහාණාංග දක්වා දැන් යෝගාංග දැක්වීමට සවිතක්කං සවිචාරං යන ආදිය කියන ලදී. එහි යට කියන ලද ලක්‍ෂණාදී විභාගයෙන් අර්පණා සම්ප්‍රයෝගයෙන් රූපාවචර භාවයට පත් විතර්කය මෙන්ම විචාරය ද සමග පවතී. විතර්ක විචාර සහිත මේ ධ්‍යානය මලින් හා ඵලයෙන් යුත් රුකක් මෙනැයි කියනු ලැබේ. විභංගයෙහි වනාහි ‘මේ විතර්කයෙනුත් මේ විචාරයෙනුත් යුක්ත වූයේ වෙයි. විශේෂයෙන් යුක්ත වූයේ වෙයි’ යන ආදියෙන් නයින් පුද්ගලාධිෂ්ඨාන දේශනා කරන ලදී. එහිද අර්ථය වනාහි මෙසේ දතයුතුයි.
විවෙකජන්ති – එත්ථ විවිත්ති විවෙකො. නීවරණවිගමොති අත්ථො. විවිත්තොති වා විවෙකො, නීවරණවිවිත්තො ඣානසම්පයුත්තධම්මරාසීති අත්ථො. තස්මා විවෙකා, තස්මිං වා විවෙකෙ, ජාතන්ති විවෙකජං. පීතිසුඛන්ති – එත්ථ පීතිසුඛානි හෙට්ඨා පකාසිතානෙව. තෙසු පන වුත්තප්පකාරාය පඤ්චවිධාය පීතියා යා අප්පනාසමාධිස්ස මූලං හුත්වා වඩ්ඪමානා සමාධිසම්පයොගං ගතා ඵරණාපීති – අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා පීතීති. අයඤ්ච පීති ඉදඤ්ච සුඛං අස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති ඉදං ඣානං පීතිසුඛන්ති වුච්චති. අථ වා පීති ච සුඛඤ්ච පීතිසුඛං, ධම්මවිනයාදයො විය. විවෙකජං පීතිසුඛමස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ, අත්ථීති එවම්පි විවෙකජං පීතිසුඛං. යථෙව හි ඣානං එවං පීතිසුඛම්පෙත්ථ විවෙකජමෙව හොති. තඤ්චස්ස අත්ථි. තස්මා එකපදෙනෙව ‘විවෙකජං පීතිසුඛ’න්ති වත්තුං යුජ්ජති. විභඞ්ගෙ පන “ඉදං සුඛං ඉමාය පීතියා සහගත”න්තිආදිනා නයෙන වුත්තං. අත්ථො පන තත්ථාපි එවමෙව දට්ඨබ්බො.
විවෙකජං යන මෙහි වෙන්වීම විවේකයයි. නීවරණයන් පහවීම යන අර්ථයි. වෙන් වූයේ යනු හෝ විවේකයයි. නීවරණයන්ගෙන් තොර වූ ධ්‍යාන සම්ප්‍රයුක්ත ධර්මරාශිය යන අර්ථයි. ඒ විවේකයෙන් හෝ එම විවේකයෙහි හටගත් යනු විවේකජය. පීතිසුඛං යන මෙහි ප්රීතිසුඛයෝ යට ප්‍රකාශ කරන ලද්දාහුමය. ඔවුනතුරෙන් වනාහි කියන ලද ආකාර ඇති පස්වනක් ප්රීතින්ගෙන් අර්පණාව තෙක් සමාධියට මුල්ව වඩනු ලබන සමාධිය හා එක්ව ගියේ ඵරණා ප්‍රීතියයි. මෙය මේ ස්ථානයෙහි අදහස් කරන ලද ප්‍රීතියයි. මෙසේ මේ ප්‍රීතිය ද මේ සුවය ද මේ ධ්‍යානයාගේ හෝ මේ ධ්යනයෙහි ඇතැයි යනු මේ ධ්‍යානය පීතිසුඛ යැයි කියනු ලැබේ. නොහොත් පීති ච සුඛං ච = පීතිසුඛං ය. ධම්මවිනයාදිය මෙනි. විවේකයෙන් උපන් ප්‍රීති සුඛය මේ ධ්‍යානයට මේ ධ්යනයෙහි හෝ ඇත යැයි මෙසේ ද විවෙකජං පීතිසුඛං ය, ධ්‍යානය වනාහි යම් සේද මෙහි පීතිසුඛ ද විවේකජම වෙයි. එය ද එයට ඇත. එහෙයින් විවෙකජං පීතිසුඛං යැයි එක් පදයකින්ම කීම යෙදේ. විභංගයෙහි වනාහි ‘ඉදං පන සුඛං ඉමාය පීතිසා සහගතං’ යන ආදී නයින් කියන ලදී. එහි ද අර්ථය එපරිද්දෙන්ම දතයුතුයි.
පඨමං ඣානන්ති – එත්ථ ගණනානුපුබ්බතා පඨමං. පඨමං උප්පන්නන්ති පඨමං. පඨමං සමාපජ්ජිතබ්බන්තිපි පඨමං. ඉදං පන න එකන්තලක්ඛණං. චිණ්ණවසීභාවො හි අට්ඨසමාපත්තිලාභී ආදිතො පට්ඨාය මත්ථකං පාපෙන්තොපි සමාපජ්ජිතුං සක්කොති. මත්ථකතො පට්ඨාය ආදිං පාපෙන්තොපි සමාපජ්ජිතුං සක්කොති. අන්තරන්තරා ඔක්කමන්තොපි සක්කොති. එවං පුබ්බුප්පත්තියට්ඨෙන පන පඨමං නාම හොති.
මෙහි පඨමං ඣානං යනු ගණනයේ අනුපිළිවෙළින් පඨමය, පළමුව උපන්නේ ද පඨමය, පළමුවෙන් සමවැදිය යුතු යනු ද පඨමය, මෙය වනාහි ඒකාන්ත ලක්ෂණයක් නොවේ. පුරුදු කළ වසීභාවය ඇති අෂ්ට සමාපත්තිලාභී පුද්ගලයා වනාහි මුලපටන් මුදුන් පමුණුවමින් සමවදනට හැක්කේ වෙයි. මස්තයෙහි පටන් මුලට පැමිණෙමින් සමවදනට ද හැක්කේ වෙයි. අතරතුර බැසගන්නට හැක්කේ වෙයි. මෙසේ පළමුව උපන් යන අර්ථයෙන් වනාහි පළමු නම් වෙයි.
ඣානන්ති දුවිධං ඣානං – ආරම්මණූපනිජ්ඣානං ලක්ඛණූපනිජ්ඣානන්ති. තත්ථ අට්ඨ සමාපත්තියො පථවිකසිණාදිආරම්මණං උපනිජ්ඣායන්තීති ආරම්මණූපනිජ්ඣානන්ති සඞ්ඛ්‍යං ගතා. විපස්සනාමග්ගඵලානි පන ලක්ඛණූපනිජ්ඣානං නාම. තත්ථ විපස්සනා අනිච්චාදිලක්ඛණස්ස උපනිජ්ඣානතො ලක්ඛණූපනිජ්ඣානං. විපස්සනාය කතකිච්චස්ස මග්ගෙන ඉජ්ඣනතො මග්ගො ලක්ඛණූපනිජ්ඣානං. ඵලං පන නිරොධසච්චං තථලක්ඛණං උපනිජ්ඣායතීති ලක්ඛණූපනිජ්ඣානං නාම. තෙසු ඉමස්මිං අත්ථෙ ආරම්මණූපනිජ්ඣානං අධිප්පෙතං. තස්මා ආරම්මණූපනිජ්ඣානතො පච්චනීකජ්ඣාපනතො වා ඣානන්ති වෙදිතබ්බං.
ඣානං යනු ආරම්ම නූපනිජ්ඣාන ලක්ඛනූපනිජ්ඣා යැයි ධ්‍යානය දෙවැදෑරුම්ය. එහි අෂ්ට සමාපත්ති පඨවි කසිණාදී අරමුණු නැවත නැවත සිහිපත් කෙරේනුයි ආරම්මණූපනිජ්ඣාන නම්හ. එහි විදර්ශනා මාර්ගඵලයෝ වනාහි ලක්ඛනුපනිජ්ඣාන නම්හ. එහි විදර්ශනාව අනිත්‍යාදී ලක්ෂණ නිතර නිතර සිහිපත් කරන හෙයින් ලක්ඛනූපනිජ්ඣානය, විදර්ශනාවෙන් කරන ලද කෘත්‍යයාගේ මාර්ගයෙන් ඉෂ්ටවන හෙයින් මාර්ගය ලක්ඛනූපනිජ්ඣානය, ඵලය වනාහි නිරෝධ සත්‍යය, තථ ලක්ෂණය, නැවත නැවත සිහිපත් කෙරේනුයි = ලක්ඛනූප නිධානය නමි. ඔවුනතුරෙන් මේ අර්ථයෙහි ආරම්මනූපනිජ්ඣාය අභිප්‍රේතය. එහෙයින් අරමුණ නැවත නැවත සිහිකරන හෙයින් හෝ සතුරන් දවන හෙයින් හෝ ඣාන යැයි දතයුතුයි.
උපසම්පජ්ජාති උපගන්ත්වා, පාපුණිත්වාති වුත්තං හොති. උපසම්පාදයිත්වා වා නිප්ඵාදෙත්වාති වුත්තං හොති. විභඞ්ගෙ පන “උපසම්පජ්ජාති පඨමස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා”ති (විභ· 570) වුත්තං. තස්සාපි එවමෙවත්ථො දට්ඨබ්බො. විහරතීති තදනුරූපෙන ඉරියාපථවිහාරෙන ඉතිවුත්තප්පකාරජ්ඣානසමඞ්ගී හුත්වා අත්තභාවස්ස ඉරියනං වුත්තිං පාලනං යපනං යාපනං චාරං විහාරං අභිනිප්ඵාදෙති. වුත්තඤ්හෙතං විභඞ්ගෙ – “විහරතීති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති, තෙන වුච්චති විහරතී”ති (විභ· 512, 571).
උපසම්පජ්ජ යනු ළඟට අවුත්, පැමිණ යැයි කියන ලද්දේ වෙයි. සම්පාදනය කර හෝ නිෂ්පාදනය කර යැයි කියන ලද්දේ වෙයි. විභංගයෙහි වනාහි ‘උපසම්පජ්ජා යනු ප්‍රථම ධ්‍යානය ලැබීම ප්‍රතිලාභය පැමිණීම සපැමිණීම ස්පර්ශය ප්රත්යක්ෂ කිරීම උපසම්පදා’ යැයි කියන ලදී. එහි ද මෙපරිද්දෙන්ම අර්ථය දතයුතුයි. විහරති යනු එයට අනුරූප වූ ඉරියව් විහරණයෙන් මෙසේ කියන ලද ආකාර ඇති ධ්යානාංගවලින් සමන්විතව ආත්මභාවය පිළිබඳ ක්‍රියා පැවැත්වීම පැවැත්ම පාලනය යැපීම යාපනය කිරීම හැසිරීම විහරණය නිෂ්පාදනය කරයි. විභංගයෙහි මෙය කියන ලද්දේමය. ‘විහරතී ති ඉරීයති වත්තති පාලෙති යාපෙති චරති විහරති තෙන වුච්චති විහරතී’ යනුයි.
පථවිකසිණන්ති එත්ථ පථවිමණ්ඩලම්පි සකලට්ඨෙන පථවිකසිණන්ති වුච්චති. තං නිස්සාය පටිලද්ධං නිමිත්තම්පි. පථවිකසිණනිමිත්තෙ පටිලද්ධජ්ඣානම්පි. තත්ථ ඉමස්මිං අත්ථෙ ඣානං පථවීකසිණන්ති වෙදිතබ්බං. පථවිකසිණසඞ්ඛාතං ඣානං උපසම්පජ්ජ විහරතීති අයඤ්හෙත්ථ සඞ්ඛෙපත්ථො. ඉමස්මිං පන පථවිකසිණෙ පරිකම්මං කත්වා චතුක්කපඤ්චකජ්ඣානානි නිබ්බත්තෙත්වා ඣානපදට්ඨානං විපස්සනං වඩ්ඪෙත්වා අරහත්තං පත්තුකාමෙන කුලපුත්තෙන කිං කත්තබ්බන්ති? ආදිතො තාව පාතිමොක්ඛසංවරඉන්ද්රියසංවරආජීවපාරිසුද්ධිපච්චයසන්නිස්සිතසඞ්ඛාතානි චත්තාරි සීලානි විසොධෙත්වා සුපරිසුද්ධෙ සීලෙ පතිට්ඨිතෙන, ය්වාස්ස ආවාසාදීසු දසසු පලිබොධෙසු පලිබොධො අත්ථි, තං උපච්ඡින්දිත්වා කම්මට්ඨානදායකං කල්යාණමිත්තං උපසඞ්කමිත්වා පාළියා ආගතෙසු අට්ඨතිංසාය කම්මට්ඨානෙසු අත්තනො චරියානුකූලං කම්මට්ඨානං උපපරික්ඛන්තෙන සචස්ස ඉදං පථවිකසිණං අනුකූලං හොති, ඉදමෙව කම්මට්ඨානං ගහෙත්වා ඣානභාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපෙ විහාරෙ විහරන්තෙන ඛුද්දකපලිබොධුපච්ඡෙදං කත්වා කසිණපරිකම්මනිමිත්තානුරක්ඛණසත්තඅසප්පායපරිවජ්ජනසත්තසප්පායසෙවනදසවිධඅප්පනාකොසල්ලප්පභෙදං සබ්බං භාවනාවිධානං අපරිහාපෙන්තෙන ඣානාධිගමත්ථාය පටිපජ්ජිතබ්බං. අයමෙත්ථ සඞ්ඛෙපො. විත්ථාරො පන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.51 ආදයො) වුත්තනයෙනෙව වෙදිතබ්බො. යථා චෙත්ථ එවං ඉතො පරෙසුපි. සබ්බකම්මට්ඨානානඤ්හි භාවනාවිධානං සබ්බං අට්ඨකථානයෙන ගහෙත්වා විසුද්ධිමග්ගෙ විත්ථාරිතං. කිං තෙන තත්ථ තත්ථ පුන වුත්තෙනාති න නං පුන විත්ථාරයාම. පාළියා පන හෙට්ඨා අනාගතං අත්ථං අපරිහාපෙන්තා නිරන්තරං අනුපදවණ්ණනමෙව කරිස්සාම.
පඨවි කසිණං යන මෙහි සකලාර්ථයෙන් පෘථිවි මණ්ඩලයම පඨවි කසිණය යැයි කියනු ලැබේ. එය නිසා ලද නිමිත්ත ද පෘථුවි කසිණ නිමිත්තෙහි ලද ධ්‍යානය ද පඨවි කසිණයැයි කියනු ලැබේ. එහිදී මේ අර්ථයෙහි ධ්‍යානය ද පෘථුවි කසිණයැයි දතයුතුයි. පඨවි කසිණ සංඛාත ධ්‍යානයට පැමිණ වාසය කෙරේ යනු මෙය වනාහි මෙහි සංක්ෂේපාර්ථයයි. මේ පඨවි කසිණයෙහි පරිකර්ම කොට සතරවන පස්වන ධ්‍යානයන් උපදවා ධ්‍යානය ආසන්න කාරණය කොටගත් විදසුන් වඩා අර්හත්වයට පැමිණෙනු කැමති කුලපුත්‍රයා විසින් කුමක් කළ යුතු ද?, පළමුවෙන් වනාහි ප්රාතිමෝක්ෂ සංවර ඉන්ද්රිය සංවර ආජීව පාරිශුද්ධි ප්‍රත්‍යය සන්නිශ්‍රිත සංඛ්‍යාත සතර සංවර සීලයන් පිරිසිදු කොට සීලයෙහි පිරිසිදුව සිටි කල්හි ඔහුට ආවාසාදී දසපළිබෝධයන් අතුරෙන් යම් පළිබෝධයක් වේ නම් එය සිඳ දමා කර්මස්ථානදායක කල්‍යාණ මිත්‍රයකු වෙත එළඹ පාළියෙහි ආ අටතිස් කමටහන් අතුරෙන් තමාගේ චරියාවට අනුකූල වූ කර්මස්ථානයක් පරීක්ෂා කරන්නා ඉදින් මේ පඨවි කසිණය අනුකූල වේ නම්, මේ කර්මස්ථානයම ගෙන ධ්‍යාන භාවනාවට සුදුසු නොවූ විහාරය හැර සුදුසු වූ විහාරයක වෙසෙමින් කුඩා පළිබෝධයන් සිඳ දමා තියුණු පිරියම් නිමිත්ත රැකීම සප්ත අසත්ප්‍රායයන් දුරුකිරීම සප්තසත්ප්රායන් සේවනය කිරිම දශවිධ අර්පණා කෞශල්‍යා ප්‍රභේද සියලු භාවනා විධාන නොපිරිහෙළමින් ධ්‍යානාධිගමය පිණිස පිළිපැදිය යුතුය. මේ මෙහි සංක්ෂේපයයි. විස්තරය වනාහි විශුද්ධි මාර්ගයෙහි කී නයින්ම දතයුතුයි. මෙහි යම්සේ ද මෙසේ මෙයින් අන්‍ය වූ ද සියලු කර්මස්ථානයන් පිළිබඳ සියලු භාවනාවිධාන වනාහි අර්ථකථා නයින් ගෙන විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලදී. එය තැන් තැන්වල නැවතත් කීමෙන් ප්‍රයෝජන කිම්දැයි එය නැවත විස්තර නොකරමු. යට පාළියෙහි නොආ අර්ථය වනාහි නොපිරිහෙළා නිතරම අනුපද වර්ණනාවම කරන්නෙමි.
තස්මිං සමයෙති තස්මිං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරණසමයෙ. ඵස්සො හොති…පෙ… අවික්ඛෙපො හොතීති ඉමෙ කාමාවචරපඨමකුසලචිත්තෙ වුත්තප්පකාරාය පදපටිපාටියා ඡපණ්ණාස ධම්මා හොන්ති. කෙවලඤ්හි තෙ කාමාවචරා, ඉමෙ භූමන්තරවසෙන මහග්ගතා රූපාවචරාති අයමෙත්ථ විසෙසො. සෙසං තාදිසමෙව. යෙවාපනකා පනෙත්ථ ඡන්දාදයො චත්තාරොව ලබ්භන්ති. කොට්ඨාසවාරසුඤ්ඤතවාරා පාකතිකා එවාති.
තස්මිං සමයෙ යනු ප්‍රථම ධ්‍යනයට සපැමිණ වාසය කරන ඒ සමයෙහි ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති යනු මේ කාමාවචර ප්‍රථම කුශල චිත්තයෙහි කියන ලද ආකාර පද පිළිවෙළින් සපනස් ධර්මයෝ වෙත්. හුදෙක් ඒ වනාහි කාමාවචරය මොව්හු භූම්යන්තර වශයෙන් මහත්ගතයහ. රූපාවචරයහ යන මෙය මෙහි වෙනසයි. සෙස්ස එබඳුමය. මෙහි වනාහි ඡන්දාදී සතර සේවාපතකයෝ ද ලැබෙත්. කොට්ඨාසවාර සුඤ්ඤතවාරයෝ ප්‍රකෘති ස්වභාව ඇත්තාහුමය. යනුයි.
පඨමං.
ප්‍රථමය යි.