යෙදුමෙන් කියවන්න

පුඤ‍්ඤකිරියවත්‍ථාදිකථා අට‍්ඨකථා

පුඤ‍්ඤකිරියවත්‍ථාදිකථා

දසපින් කිරියවත් කථා

තානි සබ‍්බානිපි දසහි පුඤ‍්ඤකිරියවත්‍ථූහි දීපෙතබ‍්බානි. කථං? දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථු, සීලමයං… භාවනාමයං… අපචිතිසහගතං… වෙය්‍යාවච‍්චසහගතං… පත‍්තානුප‍්පදානං… අබ‍්භනුමොදනං… දෙසනාමයං… සවනමයං… දිට‍්ඨිජුකම‍්මං පුඤ‍්ඤකිරියවත්‍ථූති ඉමානි දස පුඤ‍්ඤකිරියවත්‍ථූනි නාම. තත්‍ථ දානමෙව දානමයං. පුඤ‍්ඤකිරියා ච සා තෙසං තෙසං ආනිසංසානං වත්‍ථු චාති පුඤ‍්ඤකිරියවත්‍ථු. සෙසෙසුපි එසෙව නයො.

ඒ සියල්ලමත් දසපින් කිරියවත් සමග දැක්විය යුතුයි. කෙසේද? දානමය පින්කිරිය වත, සීලමය - භාවනාමය - අපචිති සහගත - වෙය්‍යාවච්ච සහගත - පත්තානුමෝදනා - අබ්භනුමෝදනා - දේශනාමය - ශ්‍රවණමය - දිට්ඨජ්ජුකම්ම පින්කිරියවත යැයි මේ දසපින්කිරියවත් නමි. එහි දානයම දානමයයි. පුණ්‍යක්‍රියාවත් එයයි. ඒ ඒ ආනිසංසයන්ට වස්තුව වූයේත් එයයි යනු = පුඤ්ඤකිරිය වත්‍ථුය. අවශේෂයන්හි ද මේ නයමය.

තත්‍ථ චීවරාදීසු චතූසු පච‍්චයෙසු, රූපාදීසු වා ඡසු ආරම‍්මණෙසු, අන‍්නාදීසු වා දසසු දානවත්‍ථූසු, තං තං දෙන‍්තස‍්ස තෙසං තෙසං උප‍්පාදනතො පට‍්ඨාය පුබ‍්බභාගෙ, පරිච‍්චාගකාලෙ, පච‍්ඡා සොමනස‍්සචිත‍්තෙන අනුස‍්සරණකාලෙ චාති තීසු කාලෙසු පවත‍්තා චෙතනා ‘දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම.

එහි චීවරාදී සිව්පසයන්හිද රූපාදී වූ ෂඩාරම්මණයන්හි ද ආහාරාදී වූ දශදාන වස්තූන්හි ද ඒ ඒ වස්තූන් දෙන්නහුගේ ඒ ඒ වස්තූන් ඉපදවීමේ පටන් පූර්වභාගයෙහිත් පරිත්‍යාග කාලයෙහිත් පසුවත් සොම්නස් සහගත සිතින් අනුස්මරණය කරන කාලයෙහිදැයි තුන්කල්හි පවත්නා චේතනාව දානමය පින්කිරියවත නමි.

පඤ‍්චසීලං අට‍්ඨසීලං දසසීලං සමාදියන‍්තස‍්ස, ‘පබ‍්බජිස‍්සාමී’ති විහාරං ගච‍්ඡන‍්තස‍්ස, පබ‍්බජන‍්තස‍්ස, ‘මනොරථං මත්‍ථකං පාපෙත්‍වා පබ‍්බජිතො වත’ම‍්හි, ‘සාධු සාධූ’ති ආවජ‍්ජෙන‍්තස‍්ස, පාතිමොක‍්ඛං සංවරන‍්තස‍්ස, චීවරාදයො පච‍්චයෙ පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස, ආපාථගතෙසු රූපාදීසු චක‍්ඛුද‍්වාරාදීනි සංවරන‍්තස‍්ස , ආජීවං සොධෙන‍්තස‍්ස ච පවත‍්තා චෙතනා ‘සීලමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම.

පන්සිල් අටසිල් දසසිල් සමාදන් වන්නාගේ, පැවිදි වෙමියි විහාරයට යන්නාගේ, පැවිදි වන්නාගේ, මනදොළ මුදුන් පමුණුවාගෙන ඒකාන්තයෙන් පැවිදිවීමි. සාධු යහපති යැයි ආවර්ජනා කරන්නාගේ, ප්‍රාතිමෝක්‍ෂ සංවරණය කරන්නාගේ, චීවරාදී ප්‍රත්‍යයන් ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාගේ, ඉන්‍ද්‍රිය විෂය වූ රූපාදී අරමුණු කෙරෙහි චක්‍ෂුරාදී ඉන්‍ද්‍රියයන් සංවර කරන්නාගේ හා ආජීවය පිරිසිදු කරන්නාගේ ද පවත්නා චේතනාව සීලමය පුඤ්ඤකිරිය වත්‍ථු නමි.

පටිසම‍්භිදායං වුත‍්තෙන විපස‍්සනාමග‍්ගෙන චක‍්ඛුං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො භාවෙන‍්තස‍්ස…පෙ… මනං… රූපෙ…පෙ… ධම‍්මෙ… චක‍්ඛුවිඤ‍්ඤාණං…පෙ… මනොවිඤ‍්ඤාණං,… චක‍්ඛුසම‍්ඵස‍්සං…පෙ… මනොසම‍්ඵස‍්සං, චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං…පෙ… මනොසම‍්ඵස‍්සජං වෙදනං, …පෙ… රූපසඤ‍්ඤං…පෙ… ජරාමරණං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො භාවෙන‍්තස‍්ස පවත‍්තා චෙතනා, අට‍්ඨතිංසාය වා ආරම‍්මණෙසු අප‍්පනං අප‍්පත‍්තා සබ‍්බාපි චෙතනා ‘භාවනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම.

ප්‍රතිසම්භිදා නයින් කියන ලද විදර්ශනා මාර්ගයෙන් ඇස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් භාවනා කරන්නන්ගේ -පෙ සිත - රූප -පෙ- ධර්ම = චක්‍ෂුර්විඥානය -පෙ- මනෝ විඥානය -පෙ චක්‍ෂු ස්පර්ශය -පෙ- මනෝ ස්පර්ශය - චක්‍ෂුර් ස්පර්ශජ වේදනාව -පෙ මනෝ ස්පර්ශජ වේදනාව -පෙ- රූප සංඥාව -පෙ- ජරා මරණ අනිත්‍ය දුක්‍ඛ අනාත්ම වශයෙන් භාවනා කරන්නා තුළ පවත්නා චේතනාව, අටතිස් ආරම්මණයන්හි අර්පණාවට නො පැමිණි සියලුම චේතනාද භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තු නමි.

මහල‍්ලකං පන දිස‍්වා පච‍්චුග‍්ගමනපත‍්තචීවරපටිග‍්ගහණඅභිවාදනමග‍්ගසම‍්පදානාදිවසෙන ‘අපචිතිසහගතං’ වෙදිතබ‍්බං.

මහලු භික්‍ෂුවක දැක පෙරගමන් කිරීම පාසිවුරු පිළිගැනීම වැඳීම මගපෙන්වීම ආදී වශයෙන් වූයේ) අපචිති සහගත යැයි දතයුතුයි.

වුඩ‍්ඪතරානං වත‍්තප‍්පටිපත‍්තිකරණවසෙන ගාමං පිණ‍්ඩාය පවිට‍්ඨං භික‍්ඛුං දිස‍්වා පත‍්තං ගහෙත්‍වා ගාමෙ භික‍්ඛං සමාදපෙත්‍වා උපසංහරණවසෙන, ‘ගච‍්ඡ භික‍්ඛූනං පත‍්තං ආහරා’ති සුත්‍වා වෙගෙන ගන‍්ත්‍වා පත‍්තාහරණාදිවසෙන ච කායවෙය්‍යාවටිකකාලෙ ‘වෙය්‍යාවච‍්චසහගතං’ වෙදිතබ‍්බං.

වෘද්ධතරයින්ට වත්පිළිවෙත් කිරීම් වශයෙන් ගමට පිඬු පිණිස පිවිසි භික්‍ෂුවක දැක පාත්‍රය ගෙන ගමෙහි ආහාර සමාදන් කරවා ළඟට පැමිණවීම් වශයෙන් යව භික්‍ෂූන්ගේ පාත්‍රය ගෙනෙවයි යනු අසා වේගයෙන් ගොස් පාත්‍රය ගෙනයාම් වශයෙන් ද කායික වතාවත් කරන කාලයෙහි ද ව්‍යොවච්ච සහගතය දතයුතුයි.

දානං දත්‍වා ගන්‍ධාදීහි පූජං කත්‍වා ‘අසුකස‍්ස නාම පත‍්ති හොතූ’ති වා, ‘සබ‍්බසත‍්තානං හොතූ’ති වා පත‍්තිං දදතො ‘පත‍්තානුප‍්පදානං’ වෙදිතබ‍්බං. කිං පනෙවං පත‍්තිං දදතො පුඤ‍්ඤක‍්ඛයො හොතීති? න හොති. යථා පන එකං දීපං ජාලෙත්‍වා තතො දීපසහස‍්සං ජාලෙන‍්තස‍්ස පඨමදීපො ඛීණොති න වත‍්තබ‍්බො; පුරිමාලොකෙන පන සද‍්ධිං පච‍්ඡිමාලොකො එකතො හුත්‍වා අතිමහා හොති. එවමෙව පත‍්තිං දදතො පරිහානි නාම නත්‍ථි. වුඩ‍්ඪියෙව පන හොතීති වෙදිතබ‍්බො.

දන් දී සුවඳ ආදියෙන් පූජාකොට අසුවලාට පින් ලැබේවා හෝ සියලු සත්ත්වයන්ට වේවායි හෝ පින්දෙන්නාගේ පත්තානුප්පදානය දතයුතුයි. කිම දෙන්නහුගේ මේ පින ක්‍ෂයවීමක් වේද? නොවේ. යම්සේ වනාහි එක් පහනක් දල්වා ඉන් පහන් දහසක් දල්වන්නාගේ පළමු පහන් ක්‍ෂය වේයැයි නො කියයුතුයි. පළමු ආලෝකයත් සමගම වනාහි පසුව ඇති වූ ආලෝකය එක් වී ඉතා මහත් වෙයි. එපරිද්දෙන් පින් දෙන්නහුගේ පිරිහීමක් නම් නැත. වර්ධනයක්ම වේයැයි දතයුතුයි.

පරෙහි දින‍්නාය පත‍්තියා වා අඤ‍්ඤාය වා පුඤ‍්ඤකිරියාය ‘සාධු සාධූ’ති අනුමොදනවසෙන ‘අබ‍්භනුමොදනං’ වෙදිතබ‍්බං.

අනුන් විසින් දෙන ලද පිනින් හෝ වෙනත් පින්කමකින් හෝ සාධු යහපතැයි අනුමෝදන වශයෙන් අබ්භනුමෝදනාව දතයුතුයි.

එකො ‘එවං මං ධම‍්මකථිකොති මං ජානිස‍්සන‍්තී’ති ඉච‍්ඡාය ඨත්‍වා ලාභගරුකො හුත්‍වා දෙසෙති, තං න මහප‍්ඵලං. එකො අත‍්තනො පගුණං ධම‍්මං අපච‍්චාසීසමානො විමුත‍්තායතනසීසෙන පරෙසං දෙසෙති, ඉදං ‘දෙසනාමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම.

එක් (භික්‍ෂුවක්) මෙසේ මා ධර්මකථිකයෙකැයි දැනගනිත් යැයි ඉච්ඡාවෙන් සිට ලාභගරුකව දේශනා කෙරේද, එය මහත්ඵල නොවේ. එක් අයෙක් තමාට ප්‍රගුණ ධර්මය (ලාභාදිය) බලාපොරොත්තුවකින් තොරව විමුක්ති කාරණයක් වශයෙන් අන්‍යයන්ට දේශනා කෙරෙත්ද, මේ දේශනාමය පුඤ්ඤකිරියවත්‍ථු නමි.

එකො සුණන‍්තො ‘ඉති මං සද‍්ධොති ජානිස‍්සන‍්තී’ති සුණාති, තං න මහප‍්ඵලං. එකො ‘එවං මෙ මහප‍්ඵලං භවිස‍්සතී’ති හිතඵරණෙන මුදුචිත‍්තෙන ධම‍්මං සුණාති, ඉදං ‘සවනමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම.

එකී අය (බණ) අසනුයේ මෙසේ මා ශ්‍රද්ධා ඇත්තෙකැයි දැනගනිත් යැයි අසත්ද එය මහත්ඵල නොවේ. එතෙක් මෙසේ මට මහත්ඵල වන්නේ යැයි හිත පතුරුවමින් මෘදු සිතින් බණ අසයි ද මෙය සවණාමය පුඤ්ඤකිරිය වත්‍ථු නමි.

දිට‍්ඨිං උජුං කරොන‍්තස‍්ස ‘දිට‍්ඨිජුකම‍්මං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම. දීඝභාණකා පනාහු – ‘දිට‍්ඨිජුකම‍්මං සබ‍්බෙසං නියමලක‍්ඛණං, යංකිඤ‍්චි පුඤ‍්ඤං කරොන‍්තස‍්ස හි දිට‍්ඨියා උජුකභාවෙනෙව මහප‍්ඵලං හොතී’ති.

දෘෂ්ටිය ඍජු කරන්නාගේ දෘෂ්ටිය සෘජුකිරීම පුඤ්ඤකිරිය වත්‍ථු නමි. දීඝභාණකයෝ වනාහි මෙසේ කීහ. ‘දෘෂ්ටි ඍජුකර්මය සියල්ලන්ටම නියම ලක්‍ෂණයකි. යම්කිසි පුණ්‍යකර්මයක් කරන්නාගේ වනාහි දෘෂ්ටි සෘජුකභාවයෙන් මහත්ඵල වේය’ යනුයි.

එතෙසු පන පුඤ‍්ඤකිරියවත්‍ථූසු දානමයං තාව ‘දානං දස‍්සාමී’ති චින‍්තෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති, දානං දදතො උප‍්පජ‍්ජති, ‘දින‍්නං මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පජ‍්ජති. එවං පුබ‍්බචෙතනං මුඤ‍්චනචෙතනං අපරචෙතනන‍්ති තිස‍්සොපි චෙතනා එකතො කත්‍වා ‘දානමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම හොති. සීලමයම‍්පි ‘සීලං පූරෙස‍්සාමී’ති චින‍්තෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති, සීලපූරණකාලෙ උප‍්පජ‍්ජති, ‘පූරිතං මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පජ‍්ජති. තා සබ‍්බාපි එකතො කත්‍වා ‘සීලමයං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම හොති…පෙ… දිට‍්ඨිජුකම‍්මම‍්පි ‘දිට‍්ඨිං උජුකං කරිස‍්සාමී’ති චින‍්තෙන‍්තස‍්ස උප‍්පජ‍්ජති, දිට‍්ඨිං උජුං කරොන‍්තස‍්ස උප‍්පජ‍්ජති, ‘දිට‍්ඨි මෙ උජුකා කතා’ති පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස උප‍්පජ‍්ජති. තා සබ‍්බාපි එකතො කත්‍වා ‘දිට‍්ඨිජුකම‍්මං පුඤ‍්ඤකිරියවත්‍ථු’ නාම හොති.

මේ පින් කිරියවත් අතුරෙන් දානමය වනාහි දන් දෙමියි සිඟන්නාට උපදී, දන් දෙන්නාට උපදී, මා විසින් දෙන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට උපදී. මෙසේ පූර්වචේතනාය මුඤ්චන චේතනාය අපර චේතනායැයි චේතනා තුනම එක්ව දානමය පින්කිරියවත නම් වෙයි. සීලමයං යනු සිල් පුරමියි සිතන්නාට උපදී. සිල් පුරන කල්හි උපදී. මා විසින් පුරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට උපදී යැයි ඒ සියල්ලම එක්කොට සීලමය පින් කිරියවත නම් වෙයි. -පෙ- දෘෂ්ටි ඍජුකර්මයද දෘෂ්ටිය ඍජු කරමියි සිතන්නාට උපදී. දෘෂ්ටිය සෘජු කරන්නාට උපදී. මා විසින් දෘෂ්ටිය ඍජු කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට උපදී. ඒ සියල්ලම එක්කොට දෘෂ්ටි ඍජුකම පින්කිරිය වත නම් වේ.

සුත‍්තෙ පන තීණියෙව පුඤ‍්ඤකිරියවත්‍ථූනි ආගතානි. තෙසු ඉතරෙසම‍්පි සඞ‍්ගහො වෙදිතබ‍්බො. අපචිතිවෙය්‍යාවච‍්චානි හි සීලමයෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. පත‍්තානුප‍්පදානඅබ‍්භනුමොදනානි දානමයෙ. දෙසනාසවනදිට‍්ඨිජුකම‍්මානි භාවනාමයෙ. යෙ පන ‘දිට‍්ඨිජුකම‍්මං සබ‍්බෙසං නියමලක‍්ඛණ’න‍්ති වදන‍්ති තෙසං තං තීසුපි සඞ‍්ගහං ගච‍්ඡති. එවමෙතානි සඞ‍්ඛෙපතො තීණි හුත්‍වා විත්‍ථාරතො දස හොන‍්ති.

සූත්‍රයෙහි වනාහි පින්කිරියවත් තුනක් පමණක් ආයේය. ඔවුනතුරෙහි අන් පින්කිරියවත්වල සංග්‍රහය දතයුතුයි. අපචිති ව්‍යොවච්ච දෙක සීලමයෙහි සංග්‍රහයට යෙයි. පත්තානුප්පදාන අබ්භනුමෝදනා දෙක දානමයෙහිය. දේශනා සවණ දිට්ඨිජ්ජුකම්ම යන තුන භාවනාමයෙහිය. ඇතැම් කෙනෙක් වනාහි දිට්ඨිජ්ජුකම්මය සියල්ලන්ටම නියම ලක්‍ෂණයක් යැයි කියත්. ඔවුන්ගේ එය තුනෙහිම සංග්‍රහයට යෙයි. මෙසේ මේවා සංක්‍ෂේප වශයෙන් තුනක් වී විස්තර වශයෙන් දහයක් වෙයි.

තෙසු ‘දානං දස‍්සාමී’ති චින‍්තෙන‍්තො අට‍්ඨන‍්නං කාමාවචරකුසලචිත‍්තානං අඤ‍්ඤතරෙනෙව චින‍්තෙති; දදමානොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන දෙති; ‘දානං මෙ දින‍්න’න‍්ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘සීලං පූරෙස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති; සීලං පූරෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පූරෙති, ‘සීලං මෙ පූරිත’න‍්ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘භාවනං භාවෙස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති; භාවෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන භාවෙති; ‘භාවනා මෙ භාවිතා’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති.

ඔවුනතුරෙහි දන් දෙමියි සිතනුයේ අටවැදෑරුම් කාමාවචර කුසල සිත් අතුරෙන් එක්තරා සිතකින්ම සිතයි, දෙන්නේ ද ඔවුනතුරෙන්ම එක්තරා සිතකින් දෙයි, මා විසින් දනක් දෙන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද ඔවුනතුරෙන් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. සිල් පුරන්නෙමියි සිතන්නේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම සිතයි. සිල් පුරන්නේ ඒ සිත්වලින් එක්තරා සිතකින්ම පුරයි. මා විසින් සිල් පුරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. භාවනා වඩන්නෙමියි සිතන්නේ ද ඒ සිත් අතුරෙන් එක්තරා සිතකින්ම සිතයි. භාවනා කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම භාවනා කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම භාවනා කරයි. මා විසින් භාවනා වඩන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි.

‘ජෙට‍්ඨාපචිතිකම‍්මං කරිස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති, කරොන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන කරොති, ‘කතං මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘කායවෙය්‍යාවටිකකම‍්මං කරිස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි, කරොන‍්තොපි, ‘කතං මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘පත‍්තිං දස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි, දදන‍්තොපි, ‘දින‍්නං මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි, ‘පත‍්තිං වා සෙසකුසලං වා අනුමොදිස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති; අනුමොදන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන අනුමොදති, ‘අනුමොදිතං මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘ධම‍්මං දෙසෙස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති, දෙසෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන දෙසෙති, ‘දෙසිතො මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘ධම‍්මං සොස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති, සුණන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන සුණාති, ‘සුතො මෙ’ති පච‍්චවෙක‍්ඛන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති. ‘දිට‍්ඨිං උජුකං කරිස‍්සාමී’ති චින‍්තෙන‍්තොපි තෙසංයෙව අඤ‍්ඤතරෙන චින‍්තෙති, උජුං කරොන‍්තො පන චතුන‍්නං ඤාණසම‍්පයුත‍්තානං අඤ‍්ඤතරෙන කරොති, ‘දිට‍්ඨි මෙ උජුකා කතා’ති පච‍්චවෙක‍්ඛන‍්තො අට‍්ඨන‍්නං අඤ‍්ඤතරෙන පච‍්චවෙක‍්ඛති.

ජ්‍යෙෂ්ඨයන් පිදීම කරමියි සිතන්නේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම සිතයි. කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම කරයි. මා විසින් කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. කායවෙය්‍යාවතික කර්මය කරමියි සිතන්නේ ද කරනුයේ ද මා විසින් කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින් ම ප්‍රත්‍යවේක්ෂා කරයි. පින් දෙමියි සිතන්නේ ද දෙනුයේ ද මා විසින් දෙන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ද පින් හෝ සෙසු කුසල් හෝ අනුමෝදන් වන්නෙමියි සිතනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම සිතයි. අනුමෝදන් වනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම අනුමෝදන් වෙයි. මා විසින් අනුමෝදන් වන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ධර්මය දේශනා කරන්නෙමි සිතනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම සිතයි. දේශනා කරනුයේ ඒ සිත්වලින් එක්තරා සිතකින්ම දේශනා කරයි, මා විසින් දේශනා කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. ධර්මය අසන්නෙමියි සිතන්නේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම සිතයි, අසනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම අසයි, මා විසින් අසන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ ද, ඒ සිත්වලින් එක්තරා සිතකින්ම ප්‍රත්‍යවේක්‍ෂා කරයි. දෘෂ්ටිය ඍජුකරමින් සිතනුයේ ද ඒ සිත්වලින් එක්තරා සිතකින්ම සිතයි. ඍජු කරනුයේ වනාහි ඥාන සම්ප්‍රයුක්ත සිත් සතරෙන් එක්තරා සිතකින් කරයි. මා විසින් දෘෂ්ටිය ඍජු කරන ලදැයි ප්‍රත්‍යවේක්‍ෂා කරනුයේ කාමාවචර කුසල සිත් අටෙන් එක්තරා සිතකින් ප්‍රත්‍යවේක්‍ෂා කරයි.

ඉමස‍්මිං ඨානෙ චත‍්තාරි අනන‍්තානි නාම ගහිතානි. චත‍්තාරි හි අනන‍්තානි – ආකාසො අනන‍්තො, චක‍්කවාළානි අනන‍්තානි, සත‍්තනිකායො අනන‍්තො, බුද‍්ධඤ‍්ඤාණං අනන‍්තං. ආකාසස‍්ස හි පුරත්‍ථිමාය දිසාය වා පච‍්ඡිමුත‍්තරදක‍්ඛිණාසු වා එත‍්තකානි වා යොජනසතානි එත‍්තකානි වා යොජනසහස‍්සානීති පරිච‍්ඡෙදො නත්‍ථි. සිනෙරුමත‍්තම‍්පි අයොකූටං පථවිං ද‍්විධා කත්‍වා හෙට‍්ඨා ඛිත‍්තං භස‍්සෙථෙව, නො පතිට‍්ඨං ලභෙථ, එවං ආකාසං අනන‍්තං නාම.

මෙතැනදී සතර අනත්ත ගන්නා ලදී. සතර අනන්ත නම්, ආකාසය අනන්තය, චක්‍රවාටයේ අනන්තයහ, සත්‍වනිකාය අනන්තය, බුද්ධඥානය අනන්තය, ආකාසයෙහි වනාහි නැගෙනහිර දිසාවෙන් හෝ බටහිර උතුරු දකුණු දිසාවලින් හෝ යොදුන් සියගණනින් මෙතෙකැයි කියා හෝ යොදුන් දහස් ගණනින් මෙතෙකැයි කියා හෝ සීමාවක් නැත. මහමෙර යකුළක් වුව ද දමන ලද්දේ පොළොව දෙකඩකොට පහළට බස්නේමය. ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේය. මෙසේ අහස අනන්ත නම් වන්නේය.

චක‍්කවාළානම‍්පි සතෙහි වා සහස‍්සෙහි වා පරිච‍්ඡෙදො නත්‍ථි. සචෙපි හි අකනිට‍්ඨභවනෙ නිබ‍්බත‍්තා, දළ‍්හථාමධනුග‍්ගහස‍්ස ලහුකෙන සරෙන තිරියං තාලච‍්ඡායං අතික‍්කමනමත‍්තෙන කාලෙන චක‍්කවාළසතසහස‍්සං අතික‍්කමනසමත්‍ථෙන ජවෙන සමන‍්නාගතා චත‍්තාරො මහාබ්‍රහ‍්මානො ‘චක‍්කවාළපරියන‍්තං පස‍්සිස‍්සාමා’ති තෙන ජවෙන ධාවෙය්‍යුං, චක‍්කවාළපරියන‍්තං අදිස‍්වාව පරිනිබ‍්බායෙය්‍යුං, එවං චක‍්කවාළානි අනන‍්තානි නාම.

චක්‍රවාටයන්ගේ ද සියගණනින් දහස් ගණනින් පිරිසිඳීමෙක් නම් නැත. යම්හෙයකින් වනාහි අකනිටා බඹලොව උපන්, දැඩි ස්වභාවයෙන් විඳින ධනුර්ධරයකු වේගවත් ඊයකින් තල්ගසක සෙවණ හරහා ඉක්මවන කාලයෙන් ලක්‍ෂයක් සක්වළ ඉක්මවීමට සමත් ජවයකින් යුත් මහා බ්‍රහ්මයෝ සත්දෙනෙක් සක්වළ කෙළවර දකින්නෙමුයි එම ජවයෙන් දුවත් නමුදු සක්වළ කෙළවර නොදැකම පිරිනිවන්පන්නාහුය. මෙසේ සක්වළ අනන්ත නම් වේ.

එත‍්තකෙසු පන චක‍්කවාළෙසු උදකට‍්ඨකථලට‍්ඨකසත‍්තානං පමාණං නත්‍ථි. එවං සත‍්තනිකායො අනන‍්තො නාම. තතොපි බුද‍්ධඤාණං අනන‍්තමෙව.

මෙපමණ චක්‍රවාටයන්හි දියෙහි වූත් ගොඩෙහි වූත් සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නැත. මෙසේ සත්ත්වනිකාය අනන්ත නමි. එයිනුදු බුද්ධඥානය අනන්තමය,

එවං අපරිමාණෙසු චක‍්කවාළෙසු අපරිමාණානං සත‍්තානං කාමාවචරසොමනස‍්සසහගතඤාණසම‍්පයුත‍්තඅසඞ‍්ඛාරිකකුසලචිත‍්තානි එකස‍්ස බහූනි උප‍්පජ‍්ජන‍්ති. බහූනම‍්පි බහූනි උප‍්පජ‍්ජන‍්ති. තානි සබ‍්බානිපි කාමාවචරට‍්ඨෙන සොමනස‍්සසහගතට‍්ඨෙන ඤාණසම‍්පයුත‍්තට‍්ඨෙන අසඞ‍්ඛාරිකට‍්ඨෙන එකත‍්තං ගච‍්ඡන‍්ති. එකමෙව සොමනස‍්සසහගතං තිහෙතුකං අසඞ‍්ඛාරිකං මහාචිත‍්තං හොති. තථා සසඞ‍්ඛාරිකං මහාචිත‍්තං…පෙ… තථා උපෙක‍්ඛාසහගතං ඤාණවිප‍්පයුත‍්තං ද‍්විහෙතුකං සසඞ‍්ඛාරිකචිත‍්තන‍්ති. එවං සබ‍්බානිපි අපරිමාණෙසු චක‍්කවාළෙසු අපරිමාණානං සත‍්තානං උප‍්පජ‍්ජමානානි කාමාවචරකුසලචිත‍්තානි සම‍්මාසම‍්බුද‍්ධො මහාතුලාය තුලයමානො විය, තුම‍්බෙ පක‍්ඛිපිත්‍වා මිනමානො විය, සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා ‘අට‍්ඨෙවෙතානී’ති සරික‍්ඛට‍්ඨෙන අට‍්ඨෙව කොට‍්ඨාසෙ කත්‍වා දස‍්සෙසි.

මෙසේ අප්‍රමාණ චක්‍රවාටයන්හි අප්‍රමාණ සත්ත්වයින්ගෙන් එකෙකුට බොහෝ කාමාවචර සෝමනස්ස සහගත ඥානසම්ප්‍රයුක්ත අසංස්කාරික කුසලසිත් උපදී. බොහෝදෙනාට ද බොහෝ (සිත්) උපදී. ඒ සියල්ලමත් කාමාවචරාර්ථයෙන් ද සෝමනස්ස සහගතාර්ථයෙන් ද ඥාන සම්ප්‍රයුක්තාර්ථයෙන් ද අසංස්කාරිකාර්ථයෙන් ද එක්බවට පැමිණේ. එකම සෝමනස්ස සහගත ත්‍රිහේතුක අසංස්කාරික මහාසිත වෙයි. එසේම සසංස්කාරික මහා සිත -පෙ- එසේම උපේක්ෂෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත ද්විහේතුක සසංස්කාරික සිත යනුයි. මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ චක්‍රවාටයන්හි අප්‍රමාණ සත්ත්වයන්ට උපදනා සියලුම කාමාවචර කුසල සිත් මහතුලාවෙක (තරාදියක) ලා කිරා බලන්නාක් මෙන් ද ලාහෙක ලා මනින්නාක් මෙන් ද සර්වඥතා ඥානයෙන් පිරිසිඳ ඒවා අටෙකැයි සමකිරීමේ අර්ථයෙන් කොටස් අටක්ම කොට දැක්වූ සේක.

පුන ඉමස‍්මිං ඨානෙ ඡබ‍්බිධෙන පුඤ‍්ඤායූහනං නාම ගහිතං. පුඤ‍්ඤඤ‍්හි අත්‍ථි සයංකාරං අත්‍ථි පරංකාරං, අත්‍ථි සාහත්‍ථිකං අත්‍ථි ආණත‍්තිකං, අත්‍ථි සම‍්පජානකතං අත්‍ථි අසම‍්පජානකතන‍්ති.

නැවත මේ ස්ථානයේදී පින් රැස්කිරීම නම් සය ආකාරයකින් ගන්නා ලදී. ස්වයංකාර පින් ඇත, පරංකාර පින් ඇත. සාහත්‍ථික පින් ඇත. ආණත්තික පින් ඇත. සම්පජානන පින් ඇත. අසම්පජානන පින් ඇත යනුයි.

තත්‍ථ අත‍්තනො ධම‍්මතාය කතං ‘සයංකාරං’ නාම. පරං කරොන‍්තං දිස‍්වා කතං ‘පරංකාරං’ නාම. සහත්‍ථෙන කතං ‘සාහත්‍ථිකං’ නාම. ආණාපෙත්‍වා කාරිතං ‘ආණත‍්තිකං’ නාම. කම‍්මඤ‍්ච ඵලඤ‍්ච සද‍්දහිත්‍වා කතං ‘සම‍්පජානකතං’ නාම. කම‍්මම‍්පි ඵලම‍්පි අජානිත්‍වා කතං ‘අසම‍්පජානකතං’ නාම. තෙසු සයංකාරං කරොන‍්තොපි ඉමෙසං අට‍්ඨන‍්නං කුසලචිත‍්තානං අඤ‍්ඤතරෙනෙව කරොති. පරංකාරං කරොන‍්තොපි, සහත්‍ථෙන කරොන‍්තොපි, ආණාපෙත්‍වා කරොන‍්තොපි ඉමෙසං අට‍්ඨන‍්නං කුසලචිත‍්තානං අඤ‍්ඤතරෙනෙව කරොති. සම‍්පජානකරණං පන චතූහි ඤාණසම‍්පයුත‍්තෙහි හොති. අසම‍්පජානකරණං චතූහි ඤාණවිප‍්පයුත‍්තෙහි.

එහි තමාගේ ස්වභාවයෙන් කරන ලද්දේ ස්වයංකාරය, අන්‍යයා කරනු දැක කරන ලද්දේ පරංකාරය, සියතින් කරන ලද්දේ සාහත්‍ථිකය. අණවා කරවන ලද්දේ ආණත්තිකය, කර්මයත් ඵලයත් අදහා සම්පජානකත නමි. කර්මයත් ඵලයත් නො දැන කරන ලද්දේ අසම්පජානකත නමි. මේ අතුරෙන් සයංකාර පින කරනුයේ ද මේ කුසල් සිත් අටෙන් එක්තරා සිතකින්ම කරයි. පරංකාර පින කරනුයේ ද සාහත්‍ථිකය කරනුයේ ද අණකොට කරනුයේ ද මේ කුසලසිත් අටෙන් එක්තරා සිතකින්ම කරයි. සම්පජාන කරණය වනාහි ඥාන සම්ප්‍රයුක්ත සතරින් වෙයි. අසම්පජාන කරණය ඥාන විප්‍රයුක්ත සතරින් (වෙයි.)

අපරාපි ඉමස‍්මිං ඨානෙ චතස‍්සො දක‍්ඛිණාවිසුද‍්ධියො ගහිතා – පච‍්චයානං ධම‍්මිකතා, චෙතනාමහත‍්තං, වත්‍ථුසම‍්පත‍්ති, ගුණාතිරෙකතාති. තත්‍ථ ධම‍්මෙන සමෙන උප‍්පන‍්නා පච‍්චයා ‘ධම‍්මිකා’ නාම. සද‍්දහිත්‍වා ඔකප‍්පෙත්‍වා දදතො පන ‘චෙතනාමහත‍්තං’ නාම හොති. ඛීණාසවභාවො ‘වත්‍ථුසම‍්පත‍්ති’ නාම. ඛීණාසවස‍්සෙව නිරොධා වුට‍්ඨිතභාවො ‘ගුණාතිරෙකතා’ නාම. ඉමානි චත‍්තාරි සමොධානෙත්‍වා දාතුං සක‍්කොන‍්තස‍්ස කාමාවචරං කුසලං ඉමස‍්මිංයෙව අත‍්තභාවෙ විපාකං දෙති. පුණ‍්ණකසෙට‍්ඨිකාකවලියසුමනමාලාකාරාදීනං (ධ· ප· අට‍්ඨ· 2.225 පුණ‍්ණදාසීවත්‍ථු) (ධ· ප· අට‍්ඨ· 1.67 සුමනමාලාකාරවත්‍ථු) විය.

මෙතැන දී ප්‍රත්‍යයන්ගේ ධාර්මිකතාව චේතනා මහත්වය වස්තු සම්පත්තිය ගුණාතිරේකතාව යැයි අන්‍ය වූ ද දක්‍ෂිණා විශුද්ධි සතරක් ගන්නා ලදී. එහි දැහැමෙන් සෙමෙන් උපන් ප්‍රත්‍යය ධම්මිකා නමි. අදහාගෙන විශ්වාස කොටගෙන දෙන්නාට වනාහි චේතනා මහත්වය වෙයි. ක්‍ෂීණාශ්‍රවභාවය චක්‍ෂු සම්පත්ති නමි. ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේගේම නිරෝධ සමාපත්තියෙන් නැගිටි බව ගුණාතිරේකතා නමි. මේ සතර ගළපා දෙන්නට හැකිවන්නාගේ කාමාවචර කුසලය මේ ආත්මභාවයේදීම විපාක දෙයි. පූර්ණක සිටු කාකවල්ලිය සුමනමාලාකාරාදීන්ට මෙනි.

සඞ‍්ඛෙපතො පනෙතං සබ‍්බම‍්පි කාමාවචරකුසලචිත‍්තං ‘චිත‍්ත’න‍්ති කරිත්‍වා චිත‍්තවිචිත‍්තට‍්ඨෙන එකමෙව හොති. වෙදනාවසෙන සොමනස‍්සසහගතං උපෙක‍්ඛාසහගතන‍්ති දුවිධං හොති. ඤාණවිභත‍්තිදෙසනාවසෙන චතුබ‍්බිධං හොති. සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරිකං මහාචිත‍්තඤ‍්හි උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං අසඞ‍්ඛාරිකං මහාචිත‍්තඤ‍්ච ඤාණසම‍්පයුත‍්තට‍්ඨෙන අසඞ‍්ඛාරිකට‍්ඨෙන ච එකමෙව හොති. තථා ඤාණසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරිකං, ඤාණවිප‍්පයුත‍්තං අසඞ‍්ඛාරිකං, ඤාණවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරිකඤ‍්චාති. එවං ඤාණවිභත‍්තිදෙසනාවසෙන චතුබ‍්බිධෙ පනෙතස‍්මිං අසඞ‍්ඛාරසසඞ‍්ඛාරවිභත‍්තිතො චත‍්තාරි අසඞ‍්ඛාරිකානි චත‍්තාරි සසඞ‍්ඛාරිකානීති අට‍්ඨෙව කුසලචිත‍්තානි හොන‍්ති. තානි යාථාවතො ඤත්‍වා භගවා සබ‍්බඤ‍්ඤූ ගණීවරො මුනිසෙට‍්ඨො ආචික‍්ඛති දෙසෙති පඤ‍්ඤපෙති පට‍්ඨපෙති විවරති විභජති උත‍්තානීකරොතීති.

සංක්‍ෂේප වශයෙන් වනාහි මේ සියලුම කාමාවචර කුසල සිත විචිත්‍ර යැයි ගෙන චිත්ත විචිත්‍රාර්ථයෙන් එකක්ම වෙයි. වේදනා වශයෙන් සෝමනස්ස සහගතය උපේක්‍ෂා සහගතයැයි දෙවැදෑරුම් වේ. ඥාන විභක්ති දේශනා වශයෙන් චතුර්විධ වෙයි. සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික මහා සිතත් උපේක්‍ෂා සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරික මහා සිතත් ඥාන සම්ප්‍රයුක්තාර්ථයෙන් ද අසංස්කාරිකාර්ථයෙන් ද එකක්ම වෙයි. එසේම ඥාන සම්ප්‍රයුක්ත අසංස්කාරිකය ඥාන සම්ප්‍රයුක්ත සසංස්කාරිකය ඥාන විප්‍රයුක්ත අසංස්කාරිකය ඥාන විප්‍රයුක්ත සසංස්කාරිකය ඥාන විප්‍රයුක්ත අසංස්කාරිකය ඥාන විප්‍රයුක්ත සසංස්කාරිකය යැයි මෙසේ ඥාන විභක්ති දේශනා වශයෙන් චතුර්විධ වූ මෙහි වනාහි අසංස්කාර සසංස්කාර විභක්ති වශයෙන් අසංස්කාරික සතරෙක සසංස්කාරික සතරෙකැයි කුසල සිත් අටක්ම වෙයි. එකී සිත් තත්වාකාරයෙන් දැන සර්වඥ වූ ගනීවර වූ මුනිශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ දක්වන සේක. දෙසන සේක. පනවන සේක. පිහිටුවන සේක. විස්තර කරන සේක. බෙදන සේක. නොගැඹුරු කරන සේක යනුයි.

අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථාය කාමාවචරකුසලනිද‍්දෙසො සමත‍්තො.

කාමාවචර කුසල නිර්දේශය නිමියේ ය.