බ්රහ්මවිහාරකථා අට්ඨකථා
බ්රහ්මවිහාරකථා
බ්රහ්මවිහාරකථා
ඉදානි මෙත්තාදිබ්රහ්මවිහාරවසෙන පවත්තමානං රූපාවචරකුසලං දස්සෙතුං පුන කතමෙ ධම්මා කුසලාතිආදි ආරද්ධං. තත්ථ මෙත්තාසහගතන්ති මෙත්තාය සමන්නාගතං. පරතො කරුණාසහගතාදීසුපි එසෙව නයො. යෙන පනෙස විධානෙන පටිපන්නො මෙත්තාදිසහගතානි ඣානානි උපසම්පජ්ජ විහරති, තං මෙත්තාදීනං භාවනාවිධානං සබ්බං විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.240) විත්ථාරිතමෙව. අවසෙසාය පාළියා අත්ථො පථවීකසිණෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
දැන් මෙත්තාදී බ්‍රහ්මවිහාර වශයෙන් පවත්නා රූපාවචර කුසලය දක්වන්නට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී. එහි මෙත්තා සහගතා යනු මෛත්‍රියෙන් යුක්ත, පරව එන කරුණා-කරුණා සහගතාදියෙහි ද මේ නයමය. මෙතෙම වනාහි යම් විධානයකින් අනුව පිළිපන්නේ මෛත්‍රිය සහගත ආදී ධ්‍යානයන්ට පැමිණ වාසය කරයි ද, මෛත්‍රී ආදීන් පිළිබඳ ඒ සියලු භාවනා විධාන විශුද්ධි මාර්ගයෙහි විස්තර කරන ලද්දේමය. අවශේෂ පාළියෙහි අර්ථය පඨවි කසිණයෙහි කියන ලද නයින්ම දතයුතුයි.
කෙවලඤ්හි පථවීකසිණෙ පඤ්චවීසති නවකා, ඉධ පුරිමාසු තීසු තිකචතුක්කජ්ඣානිකවසෙන පඤ්චවීසති සත්තකා, උපෙක්ඛාය චතුත්ථජ්ඣානවසෙන පඤ්චවීසති එකකා, කරුණාමුදිතාසු ච ඡන්දාදීහි චතූහි සද්ධිං කරුණාමුදිතාති ඉමෙපි යෙවාපනකා ලබ්භන්ති. දුක්ඛපටිපදාදිභාවො චෙත්ථ මෙත්තාය තාව බ්යාපාදවික්ඛම්භනවසෙන, කරුණාය විහිංසාවික්ඛම්භනවසෙන, මුදිතාය අරතිවික්ඛම්භනවසෙන, උපෙක්ඛාය රාගපටිඝවික්ඛම්භනවසෙන වෙදිතබ්බො. පරිත්තාරම්මණතා පන නබහුසත්තාරම්මණවසෙන; අප්පමාණාරම්මණතා බහුසත්තාරම්මණවසෙන හොතීති අයං විසෙසො. සෙසං තාදිසමෙව.
හුදෙක් පඨවි කසිණයෙහි වූ පංචවීසති නවකයෝ මෙහි පළමු තැනෙහි ත්රිකචතුෂ්ක ධ්‍යානික වශයෙන් සප්තක පස්විස්සෙකි. උපේක්ෂාවෙහි ඒකක පස්විස්සෙකි. කරුණා මුදිතාවන්හි ද ඡන්දාදී සතර සමග කරුණා මුදිතා යැයි මොව්හු ද යේවාර්තකයන් ලබත්. මෙහි දුක්ඛා පටිපදාදී භාවය ද මෛත්‍රියෙන් වනාහි ව්‍යාපාද විෂ්කම්භන වශයෙන් ද කරුණාවෙන් විහිංසා විෂ්කම්භන වශයෙන් ද මුදිතාවෙන් අරති විෂ්කම්භන වශයෙන් ද උපේක්ෂාවෙන් රාග ප්‍රතිඝ විෂ්කම්භන වශයෙන් ද දතයුතුයි. පරිත්තාරම්මණාව වනාහි බහුසත්වාරම්මණ වශයෙන් නොවේ. අප්පමාණාරම්මණතාව බහුසත්වාරම්මණ වශයෙන් වෙයි යැයි මෙය වෙනසයි. සෙස්ස එලෙසමය.
එවං තාව පාළිවසෙනෙව –
මේ වනාහි පෙළ වශයෙන්මය.
බ්රහ්මුත්තමෙන කථිතෙ, බ්රහ්මවිහාරෙ ඉමෙ ඉති විදිත්වා; භිය්යො එතෙසු අයං, පකිණ්ණකකථාපි විඤ්ඤෙය්යා.
බ්රහමුත්තමෙන කථිතෙ බ්රහ්මවිහාරෙ ඉමෙ ඉති විදිත්වා භිය්යො එතෙසු අයං පකිණ්ණා කථා පි විඤ්ඤෙය්යා
‘මෙහි ධර්මයන් බ්රහ්මවිහාරයැයි දැන බ්‍රහ්ම - උත්තම වශයෙන් කී කල්හි මෙය මේවා අතුරෙහි බොහෝසෙයින් ප්රකීර්ණක කථාව ද දතයුතුයි.’
එතාසු හි මෙත්තාකරුණාමුදිතාඋපෙක්ඛාසු අත්ථතො තාව මෙජ්ජතීති මෙත්තා, සිනිය්හතීති අත්ථො. මිත්තෙ වා භවා, මිත්තස්ස වා එසා පවත්තතීපි මෙත්තා. පරදුක්ඛෙ සති සාධූනං හදයකම්පනං කරොතීති කරුණා. කිණාති වා පරදුක්ඛං හිංසති විනාසෙතීති කරුණා . කිරීයති වා දුක්ඛිතෙසු ඵරණවසෙන පසාරියතීති කරුණා. මොදන්ති තාය තංසමඞ්ගිනො, සයං වා මොදති, මොදනමත්තමෙව වා තන්ති මුදිතා. ‘අවෙරා හොන්තූ’තිආදිබ්යාපාරප්පහානෙන මජ්ඣත්තභාවූපගමනෙන ච උපෙක්ඛතීති උපෙක්ඛා.
මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවන්හි වනාහි පළමුවෙන් අත්ථි වශයෙන් ප්‍රේමකරයි යනු = මෙත්තා ය. ස්නේහ කරයි යන අර්ථයි. මිත්‍රයා තුළ හටගත් හෝ මෙය මිත්‍රයා තුළ පවතී යනු හෝ මෙත්තා ය. අනුන්ට දුකක් ඇති කල්හි සත්පුරුෂයන් හෘදය කම්පා කෙරෙයි යනු = කරුණාය. අනුන්ගේ දුක මිලදී ගනී. හිංසා කරයි. විනාශ කරයි යනු = කරුණාය. දුකට පත්වූවන් කෙරෙහි පැතිරිම් වශයෙන් දිගහරිනු ලැබේනුයි ද = කරුණා ය. එය හා එක්වූවත් සතුටු කරත්. තමා හෝ සතුටු වෙයි. එය චෝදනා මාත්‍රයක් පමණකැයි ද = මුදිතා ය. වෛර නොකරන්නෝ වෙත්වායි ආදී වශයෙන් ව්‍යාපාදය ප්‍රහීණ කිරිමෙන් මැදහත් බවට පැමිණීමෙන් ද උපේක්ෂාවේ යනු = උපෙක්ඛා ය.
ලක්ඛණාදිතො පනෙත්ථ හිතාකාරප්පවත්තිලක්ඛණා ‘මෙත්තා’, හිතූපසංහාරරසා, ආඝාතවිනයපච්චුපට්ඨානා, සත්තානං මනාපභාවදස්සනපදට්ඨානා. බ්යාපාදූපසමො එතිස්සා සම්පත්ති, සිනෙහසම්භවො විපත්ති. දුක්ඛාපනයනාකාරප්පවත්තිලක්ඛණා ‘කරුණා’, පරදුක්ඛාසහනරසා, අවිහිංසාපච්චුපට්ඨානා , දුක්ඛාභිභූතානං අනාථභාවදස්සනපදට්ඨානා. විහිංසූපසමො තස්සා සම්පත්ති, සොකසම්භවො විපත්ති. සත්තෙසු පමොදනලක්ඛණා ‘මුදිතා’, අනිස්සායනරසා, අරතිවිඝාතපච්චුපට්ඨානා, සත්තානං සම්පත්තිදස්සනපදට්ඨානා. අරතිවූපසමො තස්සා සම්පත්ති, පහාසසම්භවො විපත්ති. සත්තෙසු මජ්ඣත්තාකාරප්පවත්තිලක්ඛණා ‘උපෙක්ඛා’, සත්තෙසු සමභාවදස්සනරසා, පටිඝානුනයවූපසමපච්චුපට්ඨානා, “කම්මස්සකා සත්තා, තෙ කස්ස රුචියා සුඛිතා වා භවිස්සන්ති, දුක්ඛතො වා මුච්චිස්සන්ති, පත්තසම්පත්තිතො වා න පරිහායිස්සන්තී”ති? එවං පවත්තකම්මස්සකතාදස්සනපදට්ඨානා. පටිඝානුනයවූපසමො තස්සා සම්පත්ති, ගෙහස්සිතාය අඤ්ඤාණුපෙක්ඛාය සම්භවො විපත්ති.
මෙහි ලක්‍ෂණාදී වශයෙන් වනාහි මෛත්‍රිය හිතකාර පැවතීම ලක්‍ෂණකොට ඇත්තේය. හිත වූ ධර්මයන් එක්රැස් කිරිම රසය කොට ඇත්තේ ය. වෛරය දුරුකිරීම එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. සත්ත්වයන්ට මනාපභාවය දැක්වීමට ආසන්න කාරණය කොට ඇත්තේ ය. ව්‍යාපාදය සංසිඳුවීම මෙහි සම්පත්තියයි. ස්නේහය හටගැනීම විපත්තියයි. කරුණාව දුක පහකරන ආකාරයෙන් පැවතීම ලක්‍ෂණකොට ඇත්තේ, අනුන්ගේ දුක නො ඉවසීම රසය කොට ඇත්තේ ය. අවිහිංසාව එළඹ සිටි කාරණය කොට ඇත්තේ ය. දුකින් මඩනා ලද්දවුන්ගේ අනාථභාවය දැක්ම ආසන්න කාරණය කොට ඇත්තේ ය. විහිංසාව සංසිඳවීම එහි සම්පත්තියයි. ශෝකය හටගැනීම විපත්තියයි. (සතුරන් කෙරෙහි) සතුටුවීම ලක්‍ෂණකොට ඇත්තේ මුදිතාවයි. ඊර්ෂ්‍යා නොකිරීම රසයකොට ඇත්තේ ය. අරති විඝාතය එළඹ සිටි කාරණයයි. සත්ත්වයන්ගේ සම්පත්තිය දැඩිව ආසන්න කාරණයයි. අරතිය සංසිඳවීම එහි සම්පත්තියයි. ප්රභාසය හටගැන්ම විපත්තියයි. සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථ ආකාරයෙන් පැවැත්ම ලක්‍ෂණකොට ඇත්තේ උපේක්ෂාවයි. සත්ත්වයන් කෙරෙහි ස්වභාවය දැකීම රසයකොට ඇත්තේය. පටිඝානුසය සංසිඳවීම එළඹසිටි කාරණයයි. සත්ත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. ඔව්හු කාගේ නම් රුචියෙන් සුවපත් වූවෙක් ද දුකින් හෝ මදෙන් ද ලද සැපතින් හෝ නො පිරිහෙත් දැයි මෙසේ පැවති කම්මස්ස කතා දර්ශනය ආසන්න කාරණයයි. පටිඝානුසය සංසිඳීම එහි සම්පත්තියයි. ගේහසිත ප්‍රේමය නොදන්නා උපේක්ෂාව හටගැනීම විපත්තියයි.
චතුන්නම්පි පනෙතෙසං බ්රහ්මවිහාරානං විපස්සනාසුඛඤ්චෙව භවසම්පත්ති ච සාධාරණප්පයොජනං, බ්යාපාදාදිපටිඝාතො ආවෙණිකං. බ්යාපාදපටිඝාතප්පයොජනා හෙත්ථ මෙත්තා, විහිංසාඅරතිරාගපටිඝාතප්පයොජනා ඉතරා. වුත්තම්පි චෙතං –
විදර්ශනා සුවයත් භව සම්පත්තියත් මේ සතර බ්රහ්මවිහරණයන්ගේම සාධාරණ ප්‍රයෝජනයයි. ව්‍යාපාද නැසීම ආවේණිකය. මෙහි මෛත්‍රිය වනාහි ව්‍යාපාදය නැසීම ප්‍රයෝජන කොට ඇත්තේ ය. ඉතිරි තුන විහිංසා අරති රාග නැසීම ප්‍රයෝජන කොට ඇත. මෙය ද කියන ලදී.
“නිස්සරණඤ්හෙතං, ආවුසො, බ්යාපාදස්ස යදිදං මෙත්තාචෙතොවිමුත්ති, නිස්සරණඤ්හෙතං, ආවුසො, විහෙසාය යදිදං කරුණාචෙතොවිමුත්ති; නිස්සරණඤ්හෙතං, ආවුසො, අරතියා යදිදං මුදිතාචෙතොවිමුත්ති, නිස්සරණඤ්හෙතං, ආවුසො, රාගස්ස යදිදං උපෙක්ඛාචෙතොවිමුත්තී”ති (දී· නි· 3.326; අ· නි· 6.13).
‘ඇවැත්නි, යම් ඒ මෛත්‍රියෙන් ලබන චේතෝ විමුක්තියක් වේද මෙය වනාහි ව්‍යාපාදයෙන් නිදහස් වීමකි. ඇවැත්නි, යම් ඒ කරුණාවෙන් ලබන චේතෝ විමුක්තියක් වේද එය වනාහි විහිංසාවෙන් නිදහස් වීමකි. ඇවැත්නි, මුදිතාවෙන් ලබන යම් ඒ චේතෝ විමුක්තියක් වේද එය වනාහි අරතියෙන් නිදහස් වීමකි. ඇවැත්නි, උපේක්ෂාවෙන් ලබන යම් ඒ චේතෝ විමුක්තියක් වේද එය වනාහි රාගයෙන් නිදහස් වීමකි’ යනුයි.
එකමෙකස්ස චෙත්ථ ආසන්නදූරවසෙන ද්වෙ ද්වෙ පච්චත්ථිකා. මෙත්තාබ්රහ්මවිහාරස්ස හි, සමීපචාරො විය පුරිසස්ස සපත්තො, ගුණදස්සනසභාගතාය රාගො ආසන්නපච්චත්ථිකො. සො ලහුං ඔතාරං ලභති. තස්මා තතො සුට්ඨු මෙත්තා රක්ඛිතබ්බා. පබ්බතාදිගහනනිස්සිතො විය පුරිසස්ස සපත්තො සභාවවිසභාගතාය බ්යාපාදො දූරපච්චත්ථිකො. තස්මා තතො නිබ්භයෙන මෙත්තායිතබ්බං. මෙත්තායිස්සති ච නාම කොපඤ්ච කරිස්සතීති අට්ඨානමෙතං.
මෙහිද එකිනෙකාට ආසන්න දූර වශයෙන් සතුරෝ දෙදෙනා බැගින් වෙත්. පුරුෂයෙකුට සමීපව හැසිරෙන සතුරෙකු මෙන් මෛත්‍රී බ්‍රහ්ම විහරණයට වනාහි ගුණ දර්ශනයෙන් සමාන වූ රාගය ආසන්න සතුරාය. හෙතෙම වහා බැසගැනීම ලබයි. (එහෙයින්) මෛත්‍රිය එහිත් මනාව රැකගත යුතුයි. පුරුෂයෙකුට පර්වතාදී ගහනයන් ඇසුරු කළ සතුරෙකු මෙන් සභාගයන්ට විරුද්ධ වූ ව්‍යාපාදය දුරින් සිටිනා සතුරෙකි. (එහෙයින්) එයින් බිය නොවී මෙත් වැඩිය යුතුයි. මෛත්‍රිය ද කරයි. කෝපයද කරන්නේය යන මෙය නො සිදුවිය හැක්කේ ය.
කරුණාබ්රහ්මවිහාරස්ස “චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං අප්පටිලාභං වා අප්පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති දොමනස්සං. යං එවරූපං දොමනස්සං ඉදං වුච්චති ගෙහස්සිතං දොමනස්ස”න්තිආදිනා නයෙන ආගතං ගෙහස්සිතං දොමනස්සං විපත්තිදස්සනසභාගතාය ආසන්නපච්චත්ථිකං. සභාවවිසභාගතාය විහෙසා දූරපච්චත්ථිකා. තස්මා තතො නිබ්භයෙන කරුණායිතබ්බං. කරුණඤ්ච නාම කරිස්සති පාණිආදීහි ච විහෙසිස්සතීති අට්ඨානමෙතං.
කරුණා බ්‍රහ්ම විහරණයට ‘ඉෂ්ට වූ කාත වූ මන වඩනා වූ මනරම් වූ ලෝකාමිසයෙන් යුක්ත වූ චක්ෂුර් විඥේය වූ රූපයන්ගේ නො ලැබීම නොලැබීම් වශයෙන් බලන්නාට හෝ පෙර හෝ ලැබූ විරූ අතීත වූ නිරුද්ධ වූ විපර්යාශයට පැමිණි හෝ (ආරම්මණයන්) සිහි කරන්නාට හෝ දොම්නස උපදී. මෙබඳු වූ යම් දොම්නසක් වේ නම් එය ගේහසිත දෝමනස්සය යැයි කියනු ලැබේ’ යන ආදී නයින් ආ ගේහසිත දෝමනස්සය විපත්ති දර්ශනය සමාන හෙයින් ආසන්න සතුරාය. සභාග විසභාග වශයෙන් වන වෙහෙස දුරින් වූ සතුරාය. එහෙයින් එයින් බිය නොවී කරුණාව වැඩිය යුතුය. කරුණාවත් කරන්නේ නම් අත් ආදියෙනුත් වෙහෙසෙන්නේය යන මෙය නොවිය හැක්කකි.
මුදිතාබ්රහ්මවිහාරස්ස “චක්ඛුවිඤ්ඤෙය්‍යානං රූපානං ඉට්ඨානං කන්තානං මනාපානං මනොරමානං ලොකාමිසපටිසංයුත්තානං පටිලාභං වා පටිලාභතො සමනුපස්සතො පුබ්බෙ වා පටිලද්ධපුබ්බං අතීතං නිරුද්ධං විපරිණතං සමනුස්සරතො උප්පජ්ජති සොමනස්සං. යං එවරූපං සොමනස්සං ඉදං වුච්චති ගෙහස්සිතං සොමනස්ස”න්තිආදිනා (ම· නි· 3.306) නයෙන ආගතං ගෙහස්සිතං සොමනස්සං සම්පත්තිදස්සනසභාගතාය ආසන්නපච්චත්ථිකං. සභාවවිසභාගතාය අරති දූරපච්චත්ථිකා. තස්මා තතො නිබ්භයෙන මුදිතා භාවෙතබ්බා. පමුදිතො ච නාම භවිස්සති පන්තසෙනාසනෙසු ච අධිකුසලධම්මෙසු ච උක්කණ්ඨිස්සතීති අට්ඨානමෙතං.
මුදිතා බ්‍රහ්ම විහාරයට ‘ඉෂ්ට වූ කාන්ත වූ මන වඩන්නා වූ මනරම් වූ ලෝකාමිස ප්‍රතිසංයුක්ත වූ චක්ෂුර් විඥෙය වූ රූපයන්ගේ ලැබීම හෝ ලැබීම් වශයෙන් බලන්නාට පෙර හෝ ලද විරූ අතීත වූ නිරුද්ධ වූ විපර්යාශයට පැමිණි දේ හෝ බලන්නාට සොම්නසක් උපදී ද මෙබඳු වූ යම් සොම්නසක් වේ නම් එය ගේහසිත සෝමනස්සය යැයි කියනු ලැබේ’ යනාදී නයින් ආ ගේහසිත සෝමනස්සය සම්පත්ති දර්ශනයට සමාන හෙයින් ආසන්න සතුරාය. සමාන අසමානතාවෙන් විරතිය දුරින් වූ සතුරාය. එහෙයින් එයින් බිය නොවී මුදිතාව වැඩිය යුතුයි. මුදිතයෙක් ද වන්නේ ය. ප්‍රාන්ත සේනාසනයන්හි (අධි කුශල ධර්මයන්හිද) කළකිරෙන්නේය යන මෙය නොවිය හැක්කකි.
උපෙක්ඛාබ්රහ්මවිහාරස්ස පන “චක්ඛුනා රූපං දිස්වා උප්පජ්ජති උපෙක්ඛා බාලස්ස මූළ්හස්ස පුථුජ්ජනස්ස අනොධිජිනස්ස අවිපාකජිනස්ස අනාදීනවදස්සාවිනො අස්සුතවතො පුථුජ්ජනස්ස. යා එවරූපා උපෙක්ඛා රූපං සා නාතිවත්තති. තස්මා සා උපෙක්ඛා ගෙහස්සිතාති වුච්චතී”තිආදිනා (ම· නි· 3.308) නයෙන ආගතා ගෙහස්සිතා අඤ්ඤාණුපෙක්ඛා දොසගුණානං අවිචාරණවසෙන සභාගත්තා ආසන්නපච්චත්ථිකා. සභාවවිසභාගතාය රාගපටිඝා දූරපච්චත්ථිකා. තස්මා තතො නිබ්භයෙන උපෙක්ඛිතබ්බං. උපෙක්ඛිස්සති ච නාම රජ්ජිස්සති ච පටිහඤ්ඤිස්සති චාති අට්ඨානමෙතං.
උපේක්ෂා බ්‍රහ්ම විහාරයට වනාහි ‘බාල වූ මූඪ වූ පෘථග්ජන වූ අවස්ථා ජයග්‍රහණය නො කළ කර්මඵල නොදත් ආදීනව නො දක්නා අශ්‍රැතවත් පෘථග්ජනයාට ඇසින් රූපයක් දැක උපේක්ෂාවක් උපදී ද එබඳු වූ ඒ උපේක්ෂාව රූපය නො ඉක්මවයි. එහෙයින් ඒ උපේක්ෂාව ගේහසිත යැයි කියනු ලැබේ’ යන ආදී නයින් ආ ගේහසිත අඥානූපේක්ෂාව දෝෂ ගුණයන් අවිචාරණ වශයෙන් සමාන හෙයින් ආසන්න සතුරාය. සමාන අසමාන හෙයින් රාග පටිඝය දුරින් වූ සතුරෝය. එහෙයින් එයින් නොබියව උපේක්ෂාව වැඩිය යුතුය. උපේක්ෂා කෙරේ නම් ඇලෙන්නේ ය. ඝාතනය කරන්නේය යනු නොවිය හැකිය.
සබ්බෙසම්පි ච එතෙසං කත්තුකාමතාඡන්දො ආදි, නීවරණාදිවික්ඛම්භනං මජ්ඣං, අප්පනා පරියොසානං, පඤ්ඤත්තිධම්මවසෙන එකො වා සත්තො අනෙකා වා සත්තා ආරම්මණං, උපචාරෙ වා අප්පනාය වා පත්තාය ආරම්මණවඩ්ඪනං.
මේ සියල්ලන්ට කත්තුකම්‍යතා ඡන්දය ආදියයි. නීවරණාදීන් විෂ්කම්භනය මධ්‍යයයි. අර්පණාව අවසානයයි. ප්රඥප්ති ධර්ම වශයෙන් එක් සතෙකු හෝ නොයෙක් සත්ත්වයන් හෝ අරමුණයි. උපචාරය හෝ අර්පණාව පැමිණි කල්හි අරමුණ වැඩීම වේ.
තත්රායං වඩ්ඪනක්කමො – යථා හි කුසලො කස්සකො කසිතබ්බට්ඨානං පරිච්ඡින්දිත්වා කසති, එවං පඨමමෙව එකං ආවාසං පරිච්ඡින්දිත්වා තත්ථ සත්තෙසු ‘ඉමස්මිං ආවාසෙ සත්තා අවෙරා හොන්තූ’තිආදිනා නයෙන මෙත්තා භාවෙතබ්බා. තත්ථ චිත්තං මුදුං කම්මනියං කත්වා ද්වෙ ආවාසා පරිච්ඡින්දිතබ්බා . තතො අනුක්කමෙන තයො චත්තාරො පඤ්ච ඡ සත්ත අට්ඨ නව දස, එකා රච්ඡා, උපඩ්ඪගාමො, ගාමො, ජනපදො, රජ්ජං, එකා දිසාති එවං යාව එකං චක්කවාළං, තතො වා පන භිය්යො තත්ථ තත්ථ සත්තෙසු මෙත්තා භාවෙතබ්බා. තථා කරුණාදයොති. අයමෙත්ථ ආරම්මණවඩ්ඪනක්කමො.
මේ එහි වැඩීම් ක්‍රමයයි. යම්සේ වනාහි දක්ෂය. ගොවියා සෑයුතු තැන් පිරිසිඳ සායිද, මෙසේ පළමුවෙන්ම එක් ආවාසයක් පිරිසිඳගෙන එහි සත්ත්වයන් කෙරෙහි මේ ආවාසයෙහි සත්ත්වයෝ අවෛරී වෙත්වායි ආදී නයින් මෛත්‍රිය වැඩිය යුතුය. එහි සිත මෘදුකොට කර්මනීය කොට ආවාස දෙකක් පිරිසිඳිය යුතුය. ඉක්බිති අනුක්රමයෙන් තුනක් සතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් එක් වීදියක් ගමකින් අඩක් ගමක් ජනපදයක් රාජ්‍යයක් එක් දිසාවක් යැයි මෙසේ එක් සක්වළක් එයින් බොහෝ චක්‍රවාටයන්හි ඒ ඒ තැන්වල සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතුය. එසේ කරුණා ආදිය යැයි මේ මෙහි අරමුණු වඩනා ක්‍රමයයි.
යථා පන කසිණානං නිස්සන්දො ආරුප්පා, සමාධීනං නිස්සන්දො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං, විපස්සනානං නිස්සන්දො ඵලසමාපත්ති, සමථවිපස්සනානං නිස්සන්දො නිරොධසමාපත්ති, එවං පුරිමබ්රහ්මවිහාරත්තයස්ස නිස්සන්දො එත්ථ උපෙක්ඛාබ්රහ්මවිහාරො. යථා හි ථම්භෙ අනුස්සාපෙත්වා තුලාසඞ්ඝාටං අනාරොපෙත්වා න සක්කා ආකාසෙ කූටගොපානසියො ඨපෙතුං, එවං පුරිමෙසු තතියජ්ඣානං විනා න සක්කා චතුත්ථං භාවෙතුං. කසිණෙසු පන උප්පන්නතතියජ්ඣානස්සපෙසා නුප්පජ්ජති විසභාගාරම්මණත්තාති.
යම්සේ වනාහි කසිණයන්ගේ ඵලය අරූප ධ්‍යානයයි. සමාධීන්ගේ ඵලය නෙවසඤ්ඤානාසඤ්ඤායතනයයි. විදර්ශනාවන්ගේ ඵලය ඵල සමාපත්තියයි. සමථ විදර්ශනාවන්ගේ ඵලය නිරෝධ සමාපත්තියයි. මෙසේ මෙහි බ්රහ්මවිහාරත්රයෙහි ඵලය උපේක්ෂා බ්‍රහ්ම විහාරයයි. යම්සේ වනාහි ටැම් නොනංවා නො ඔසවා අහසෙහි කුළු ගොනැසි තැබිය නොහැකිද එපරිද්දෙන් පළමු ධ්‍යානයන් අතුරෙන් තෘතීය ධ්‍යානය නොමැතිව චතුර්ථ ධ්‍යානය වැඩිය නො හැකිය. විසභාග අරමුණු හෙයින් කසිණ භාවනාවෙහි උපන් තෘතීය ධ්‍යානයෙහි ද මෙය නූපදී යනුයි.
එත්ථ සියා – ‘කස්මා පනෙතා මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා බ්රහ්මවිහාරාති වුච්චන්ති? කස්මා ච, චතස්සොව? කො ච එතාසං කමො? විභඞ්ගෙ ච කස්මා අප්පමඤ්ඤාති වුත්තා’ති? වුච්චතෙ – සෙට්ඨට්ඨෙන තාව නිද්දොසභාවෙන චෙත්ථ බ්රහ්මවිහාරතා වෙදිතබ්බා. සත්තෙසු සම්මාපටිපත්තිභාවෙන හි සෙට්ඨා එතෙ විහාරා. යථා ච බ්රහ්මානො නිද්දොසචිත්තා විහරන්ති, එවං එතෙහි සම්පයුත්තා යොගිනො බ්රහ්මසමාව හුත්වා විහරන්තීති සෙට්ඨට්ඨෙන නිද්දොසභාවෙන ච බ්රහ්මවිහාරාති වුච්චන්ති.
මෙහි මෙවැන්නක් වන්නේය. කවර හෙයකින් වනාහි මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්‍ෂාවෝ බ්‍රහ්මවිහාරයෝ යැයි කියත් ද? කවර හෙයින් සතරක්ම වී ද? මොවුන්ගේ ක්‍රමය කුමක් ද? විභංගයෙහි වනාහි කවර හෙයින් අප්පමඤ්ඤා යැයි කියන ලද ද යනුයි. මෙහිදී ශ්‍රේෂ්ඨාර්ථයෙන් ද නිර්දෝෂ භාවයෙන් ද බ්‍රහ්මවිහාර යැයි දතයුතුයි. මේ විහාරයෝ සත්ත්වයන් කෙරෙහි මනාව පිළිපන් බැවින් ශ්‍රේෂ්ඨයහ. යම්සේ බ්‍රහ්මයෝ නිදොස් සිතින් යුතුව වෙසෙත් ද, මෙසේ මේ බ්රහ්මවිහාරයන්ගෙන් යුත් යෝගීහු බ්‍රහ්මයන්ට සමානව වෙසෙත් යැයි ශ්‍රේෂ්ඨාර්ථයෙන් නිර්දෝෂ භාවයෙන් බ්‍රහ්ම විහාරයැයි කියනු ලැබේ.
කස්මා ච චතස්සොතිආදිපඤ්හස්ස පන ඉදං විස්සජ්ජනං –
කවර හෙයින් සතරක් වීද යනාදී ප්‍රශ්නයට මේ විසඳුමයි.
විසුද්ධිමග්ගාදිවසා චතස්සො, හිතාදිආකාරවසා පනාසං; කමො පවත්තන්ති ච අප්පමාණෙ, තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤා.
විසුද්ධිමග්ගාදි වසා වතස්සො හිතාදි ආකාරවසා පනෙසං කමො පවත්තන්ති ච අප්පමාණො තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤා
මොවුන්ගේ හිතාදී ආකාර වශයෙන් ද විශුද්ධි මාර්ගාදී වශයෙන් ද සතරෙකි. යම්හෙයකින් ඔව්හු අප්‍රමාණ විෂයෙහි ක්‍රමය පවත්වත්ද එහෙයින් අප්රමාණයෝය.
එතාසු හි යස්මා මෙත්තා බ්යාපාදබහුලස්ස, කරුණා විහිංසාබහුලස්ස, මුදිතා අරතිබහුලස්ස, උපෙක්ඛා රාගබහුලස්ස විසුද්ධිමග්ගො; යස්මා ච හිතූපසංහාරඅහිතාපනයනසම්පත්තිමොදනඅනාභොගවසෙන චතුබ්බිධොයෙව සත්තෙසු මනසිකාරො; යස්මා ච යථා මාතා දහරගිලානයොබ්බනප්පත්තසකිච්චපසුතෙසු චතූසු පුත්තෙසු දහරස්ස අභිවුඩ්ඪිකාමා හොති, ගිලානස්ස ගෙලඤ්ඤාපනයනකාමා, යොබ්බනප්පත්තස්ස යොබ්බනසම්පත්තියා චිරට්ඨිතිකාමා, සකිච්චපසුතස්ස කිස්මිඤ්චිපි පරියායෙ අබ්යාවටා හොති, තථා අප්පමඤ්ඤාවිහාරිකෙනාපි සබ්බසත්තෙසු මෙත්තාදිවසෙන භවිතබ්බං, තස්මා ඉතො විසුද්ධිමග්ගාදිවසා චතස්සොව අප්පමඤ්ඤා.
මොවුනතුරෙන් වනාහි මෛත්‍රිය ව්‍යාපාද බහුලයාට ද කරුණාව විහිංසා බහුලයාට ද, මුදිතාව අරති බහුලයාට ද උපේක්ෂාව රාග බහුලයාට ද විශුද්ධි මාර්ගය වේ. තවද හිතුපසංහාර අභිතාපන යන සම්පත්තිමෝදන අනාභෝග වශයෙන් ද සත්ත්වයන් කෙරෙහි මෙනෙහි කිරීම චතුර්විධම වේ. යම්සේ මවක් වනාහි ළදරු ගිලන් යොවුන්පත් වැඩෙහි යෙදුණු යන පුතුන් සතරදෙනා කෙරෙන් ළදරුවාගේ අභිවෘද්ධි කැමති වෙයිද, ගිලන්හුගේ ගිලන්බව දුරුකිරීමට කැමති වෙයිද යොවුන්පත්හුගේ යෞවන සම්පත්තියෙහි චිරස්ථිතිය කැමති වෙයිද වැඩක යෙදුණාහුගේ කිසියම් කටයුත්තක ව්‍යාවෘත නොවෙයි ද, එසේම අප්පමඤ්ඤවිහාරිකයා විසින් ද සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී ආදී වශයෙන් විය යුතුයි. එහෙයින් මෙයින් විශුද්ධිමාර්ගාදී වශයෙන් ද අප්පමඤ්ඤාව චතුර්විධය.
යස්මා පන චතස්සොපෙතා භාවෙතුකාමෙන පඨමං හිතාකාරප්පවත්තිවසෙන සත්තෙසු පටිපජ්ජිතබ්බං, හිතාකාරප්පවත්තිලක්ඛණා ච මෙත්තා; තතො එවං පත්ථිතහිතානං සත්තානං දුක්ඛාභිභවං දිස්වා වා සුත්වා වා සම්භාවෙත්වා වා දුක්ඛාපනයනාකාරප්පවත්තිවසෙන, දුක්ඛාපනයනාකාරප්පවත්තිලක්ඛණා ච කරුණා; අථෙවං පත්ථිතහිතානං පත්ථිතදුක්ඛාපගමානඤ්ච නෙසං සම්පත්තිං දිස්වා සම්පත්තිප්පමොදනවසෙන, පමොදනලක්ඛණා ච මුදිතා; තතො පරං පන කත්තබ්බාභාවතො අජ්ඣුපෙක්ඛකතාසඞ්ඛාතෙන මජ්ඣත්තාකාරෙන පටිපජ්ජිතබ්බං, මජ්ඣත්තාකාරප්පවත්තිලක්ඛණා ච උපෙක්ඛා; තස්මා ඉතො හිතාදිආකාරවසා පනාසං පඨමං මෙත්තා වුත්තා. අථ කරුණා මුදිතා උපෙක්ඛාති අයං කමො වෙදිතබ්බො.
එහෙයින් වනාහි මේ සතරම වඩනු කැමැත්තා විසින් පළමුව හිතකර පැවතීම් වශයෙන් සත්ත්වයන් කෙරෙහි පිළිපැදිය යුතුය, මෛත්‍රිය හිතාකාර පැවතුම් ලක්ෂණ ඇත්තේය, කරුණාව ඉක්බිති මෙසේ පතන ලද හිත ඇති සත්ත්වයින්ගේ දුකින් මැඩීම දැක හෝ අසා හෝ සලකා හෝ දුකින් පහකිරීමේ අයුරින් පැවතීම් වශයෙන්, දුකින් පහකිරීමේ ආකාරයෙන් පැවතීම ලක්ෂණ කොට ඇත්තේය. මුදිතාව මෙසේ පතන ලද හිත ඇති පතන ලද දුක් පහකිරීම ද ඇති ඔවුන්ගේ සම්පත්තිය දැක සම්පත්තියෙහි සතුටුවීම් වශයෙන් ප්රමෝදන ලක්ෂණ ඇත්තේය. ඉන්පසුව වනාහි කළයුත්තක් නොමැති හෙයින් අධිඋපේක්ෂා සංඛ්‍යාත මධ්‍යස්ථාකාරයෙන් පැවතිය යුතුයි. උපේක්ෂාව මධ්‍යස්ථාකාර පැවතුම් ඇත්තේ ද වෙයි. එහෙයින් මොවුනතුරෙන් හිතාදි ආකාරයෙන් පැවති මෛත්‍රිය පළමුව කියන ලදී. ඉක්බිති කරුණා මුදිතා උපේක්ෂා යැයි මේ ක්‍රමය දතයුතුයි.
යස්මා පන සබ්බාපෙතා අප්පමාණෙ ගොචරෙ පවත්තන්ති, තස්මා අප්පමඤ්ඤාති වුච්චන්ති. අප්පමාණා හි සත්තා එතාසං ගොචරභූතා, ‘එකසත්තස්සාපි ච එත්තකෙ පදෙසෙ මෙත්තාදයො භාවෙතබ්බා’ති එවං පමාණං අග්ගහෙත්වා සකලඵරණවසෙනෙව පවත්තාති, තෙන වුත්තං –
යම්හෙයකින් වනාහි මේ සියල්ලෝම අප්‍රමාණ ගෝචරයෙහි පවතිත් ද එහෙයින් අප්පමඤ්ඤා යැයි කියනු ලබත්. අප්‍රමාණ සත්ත්වයෝ වනාහි මොවුන්ට ගෝචර වූවාහුය. එක් සත්ත්වයෙකුට ද මෙපමණ ප්‍රදේශයක මෛත්‍රියක ආදිය වැඩිය යුතුයැයි මෙසේ ප්‍රමාණයක් නොගෙන සියල්ලන් කෙරෙහි පැතිරීම් වශයෙන් පැවතියේ ය යනුයි. එහෙයින් කියන ලදී.
විසුද්ධිමග්ගාදිවසා චතස්සො, හිතාදිආකාරවසා පනාසං; කමො පවත්තන්ති ච අප්පමාණෙ, තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤාති.
විසුද්ධිමග්ගාදි වසා චතස්සො හිතාදි ආකාරවසා පනාසං කමො පවත්තන්ති ව අප්පමාණො තා ගොචරෙ යෙන තදප්පමඤ්ඤා ති
මොවුන්ගේ වනාහි විශුද්ධි මාර්ගාදී වශයෙනුත් හිතාදි ආකාර වශයෙනුත් ක්‍රම සතරෙකි. ඔව්හු අප්‍රමාණ ගෝචරයෙහි ද පවතිත්. එහෙයින් ඒ අප්පමඤ්ඤා ය.
එවං අප්පමාණගොචරතාය එකලක්ඛණාසු චාපි එතාසු පුරිමා තිස්සො තිකචතුක්කජ්ඣානිකාව හොන්ති. කස්මා? සොමනස්සාවිප්පයොගතො. කස්මා පනාසං සොමනස්සෙන අවිප්පයොගොති? දොමනස්සසමුට්ඨිතානං බ්යාපාදාදීනං නිස්සරණත්තා. පච්ඡිමා පන අවසෙසෙකජ්ඣානිකාව. කස්මා? උපෙක්ඛාවෙදනාසම්පයොගතො. න හි සත්තෙසු මජ්ඣත්තාකාරප්පවත්තා බ්රහ්මවිහාරුපෙක්ඛා උපෙක්ඛාවෙදනං විනා වත්තතීති.
මෙසේ අප්‍රමාණ ගෝචර බැවින් ද ඒකලක්ෂණ වූ මොවුනතුරෙන් පළමු තිදෙන ත්රිකචතුෂ්ක ධ්යානිකයෝ වෙත්. කවර හෙයින්ද? සොම්නසින් වෙන් නොවීමෙනි. මේ කවර හෙයින් සොම්නසින් අවිප්රයෝගද? දොම්නසින් උපන් බ්යාපාදාදීන්ගෙන් හා පශ්චිම වූ අවශේෂ ධ්යානිකයන්ගෙන් ද නික්මෙන හෙයිනි. කවර හෙයින්ද? උපේක්ෂාව වේදනා සම්ප්‍රයුක්ත හෙයිනි. සත්ත්වයන් කෙරෙහි මධ්‍යස්ථාකාරයෙන් පවත්නා බ්‍රහ්මවිහාර උපේක්ෂාව උපේක්ෂා වේදනාවෙන් තොරව නො පවතී යනුයි.
බ්රහ්මවිහාරකථා.
බ්‍රහ්මවිහාර කථා නිමියේ ය.