යෙදුමෙන් කියවන්න

අසුභකථා අට‍්ඨකථා

අසුභකථා

අසුභකථා

ඉදානි රාගචරිතසත‍්තානං එකන‍්තහිතං නානාරම‍්මණෙසු එකෙකජ‍්ඣානවසෙනෙව පවත‍්තමානං රූපාවචරකුසලං දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා කුසලාතිආදි ආරද‍්ධං.

දැන් රාග චරිත සත්ත්වයන්ට ඒකාන්ත හිත වූ නානාරම්මණයන්හි එක් එක් ධ්‍යාන වශයෙන් පවත්නා රූපාවචර කුශල ද දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන්ගන්නා ලදී.

තත්‍ථ උද‍්ධුමාතකසඤ‍්ඤාසහගතන‍්තිආදීසු, භස‍්තා විය වායුනා, උද‍්ධං ජීවිතපරියාදානා යථානුක‍්කමං සමුග‍්ගතෙන සූනභාවෙන ධුමාතත‍්තා උද‍්ධුමාතං. උද‍්ධුමාතමෙව උද‍්ධුමාතකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං උද‍්ධුමාතන‍්ති උද‍්ධුමාතකං. තථාරූපස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. විනීලං වුච‍්චති විපරිභින‍්නනීලවණ‍්ණං. විනීලමෙව විනීලකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විනීලන‍්ති විනීලකං. මංසුස‍්සදට‍්ඨානෙසු රත‍්තවණ‍්ණස‍්ස, පුබ‍්බසන‍්නිචයට‍්ඨානෙසු සෙතවණ‍්ණස‍්ස, යෙභුය්‍යෙන ච නීලවණ‍්ණස‍්ස , නීලට‍්ඨානෙ නීලසාටකපාරුතස‍්සෙව ඡවසරීරස‍්සෙතං අධිවචනං. පරිභින‍්නට‍්ඨානෙසු විස‍්සන්‍දමානං පුබ‍්බං විපුබ‍්බං. විපුබ‍්බමෙව විපුබ‍්බකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විපුබ‍්බන‍්ති විපුබ‍්බකං. තථාරූපස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. විච‍්ඡිද‍්දං වුච‍්චති ද‍්විධා ඡින්‍දනෙන අපධාරිතං, විච‍්ඡිද‍්දමෙව විච‍්ඡිද‍්දකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං විච‍්ඡිද‍්දන‍්ති විච‍්ඡිද‍්දකං. වෙමජ‍්ඣෙ ඡින‍්නස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං.

එහි උද්ධුමාතක සඤ්ඤාසහගතං යන ආදියෙහි මුළු සිරුරම ක්‍රමයෙන් වායුවෙන් උඩට ඒමෙන් මල්ලක් මෙන් ඉදිමුණු බැවින් ඉදිමුණ නිසා = උද්ධුමාතය, උද්ධුමානයම = උද්ධුමාතකය, එබඳු මළසිරුරකට මෙය නමකි. විවිධාකාර බෙදුණු වර්ණ ඇතියේ විනීල යැයි කියනු ලැබේ. විනීල ම = විනීලකය. පිළිකුල් හෙමයින් හෝ පිළිකුල් වූයේ විනීලය යනු = විනීලකය. මස් උස්ව සිටි තැන්වල රක්ත වර්ණ වූ සැරව එක්වූ තැන්හි ශ්වේත වර්ණ වූ නිල්වන් තැන්වල බොහෝසෙයින් නිල්වන් වූ නිල් සළුවක් පෙරවූවක් වැනි මළසිරුරට මේ නමකි. බිඳුණු තැන්වලින් වැගිරෙන සැරව ඇතියේ = විපුබ්බය. විපුබ්බ යනුම = විපුබ්බකය, පිළිකුල් හෙයින් හෝ නින්දිත විපුබ්බය යනු හෝ = විපුබ්බකය. එබඳු වූ මළ සිරුරකට මේ නමකි. දෙකඩ වීමෙන් විනාශව ගියේ විච්ඡිද්ද යැයි කියනු ලැබේ. විච්ජිද්ද ම = විච්ඡිද්දකය, පිළිකුල් බැවින් හෝ නින්දිත වූ විච්ඡිද්දය යනු = විච්ඡිද්දකය, මැදින් බිඳුණු මළ සිරුරට මේ නමකි.

ඉතො ච එත‍්තො ච විවිධාකාරෙන සොණසිඞ‍්ගාලාදීහි ඛායිතං වික‍්ඛායිතං. වික‍්ඛායිතමෙව වික‍්ඛායිතකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං වික‍්ඛායිතන‍්ති වික‍්ඛායිතකං. තථාරූපස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. විවිධා ඛිත‍්තං වික‍්ඛිත‍්තං. වික‍්ඛිත‍්තමෙව වික‍්ඛිත‍්තකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං වික‍්ඛිත‍්තන‍්ති වික‍්ඛිත‍්තකං. ‘අඤ‍්ඤෙන හත්‍ථං අඤ‍්ඤෙන පාදං අඤ‍්ඤෙන සීස’න‍්ති එවං තතො තතො ඛිත‍්තස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. හතඤ‍්ච තං පුරිමනයෙනෙව වික‍්ඛිත‍්තකඤ‍්චාති හතවික‍්ඛිත‍්තකං. කාකපදාකාරෙන අඞ‍්ගපච‍්චඞ‍්ගෙසු සත්‍ථෙන හනිත්‍වා වුත‍්තනයෙන වික‍්ඛිත‍්තකස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. ලොහිතං කිරති, වික‍්ඛිපති, ඉතො චිතො ච පග‍්ඝරතීති ලොහිතකං. පග‍්ඝරිතලොහිතමක‍්ඛිතස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. පුළවා වුච‍්චන‍්ති කිමයො. පුළවෙ විකිරතීති පුළවකං. කිමිපරිපුණ‍්ණස‍්ස ඡවසරීරස‍්සෙතං අධිවචනං. අට‍්ඨියෙව අට‍්ඨිකං. පටිකූලත‍්තා වා කුච‍්ඡිතං අට‍්ඨීති අට‍්ඨිකං. අට‍්ඨිසඞ‍්ඛලිකායපි එකට‍්ඨිකස‍්සපි එතං අධිවචනං. ඉමානි ච පන උද‍්ධුමාතකාදීනි නිස‍්සාය උප‍්පන‍්නනිමිත‍්තානම‍්පි නිමිත‍්තෙසු පටිලද‍්ධජ‍්ඣානානම‍්පි එතානෙව නාමානි.

එහෙන් මෙහෙන් විවිධාකාරයෙන් බලුසිවලුන් කන ලද්දේ = වික්‍ඛායිතය, වික්‍ඛායිතය ම = වික්‍ඛායිතකය, පිළිකුල් බැවින් හෝ නින්දිත වූ වික්‍ඛායිතය යනු = වික්‍ඛායිතකය, එබඳු මළ සිරුරකට මේ නමකි. විවිධව විසුරුණේ = වික්‍ඛිත්තය, වික්‍ඛිත්තයම = වික්‍ඛිත්තකය, පිළිකුල් හෙයින් හෝ නින්දිත වූ වික්‍ඛිත්තය යනු = වික්‍ඛිත්තකය, අඤ්ඤෙන හත්‍ථං අඤ්ඤෙන පාදං අඤ්ඤෙන සීසං යැයි මෙසේ ඒ ඒ තැන විසුරුණු මළසිරුරට මේ නමකි. විනාශ වූයේ ද පළමු නයින්ම විසුරුණේ ද එය යනු = හතවික්‍ඛිත්ත ය, කාකපාදාකාර ආයුධයකින් පහර දී පෙර කියන ලද නයින් විසුරුවන ලද මළසිරුරට මේ නමකි. ලේ ගලයි. විසිරෙයි. ඔබ මොබ ද වැගිරෙයි යනු = ලෝහිතකය, වැගිරෙන ලේ තැවරුණු මළ සිරුරට මේ නමකි. කෘමීහු පුළව යැයි කියනු ලබත්. පණුවන් වැගිරේනුයි = පුළවකය, කෘමීන් පිරුණු මළසිරුරට මේ නමකි. ඇට ම = අට්ඨිකය, පිළිකුල් හෙයින් හෝ නින්දිත වූ ඇට යනු = අට්ඨිකය, ඇටසැකිල්ලට ද එක් ඇටයකට ද මේ නමකි. උද්ධුමාතකාදී මේවා නිසා උපන් නිමිතිවලටද නිමිතිවලින් ලබන ලද ධ්‍යානයන්ට ද මේ නාමයෝම වෙති.

තත්‍ථ උද‍්ධුමාතකනිමිත‍්තෙ අප‍්පනාවසෙන උප‍්පන‍්නා සඤ‍්ඤා උද‍්ධුමාතකසඤ‍්ඤා. තාය උද‍්ධුමාතකසඤ‍්ඤාය සම‍්පයොගට‍්ඨෙන සහගතං උද‍්ධුමාතකසඤ‍්ඤාසහගතං. විනීලකසඤ‍්ඤාසහගතාදීසුපි එසෙව නයො. යං පනෙත්‍ථ භාවනාවිධානං වත‍්තබ‍්බං භවෙය්‍ය, තං සබ‍්බාකාරෙන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 1.103 ආදයො) වුත‍්තමෙව. අවසෙසා පාළිවණ‍්ණනා හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. කෙවලඤ‍්හි ඉධ, චතුත්‍ථජ‍්ඣානවසෙන උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරෙ විය, පඨමජ‍්ඣානවසෙන එකෙකස‍්මිං පඤ‍්චවීසති එකකා හොන‍්ති. අසුභාරම‍්මණස‍්ස ච අවඩ‍්ඪනීයත‍්තා, පරිත‍්තෙ උද‍්ධුමාතකට‍්ඨානෙ උප‍්පන‍්නනිමිත‍්තාරම‍්මණං පරිත‍්තාරම‍්මණං, මහන‍්තෙ අප‍්පමාණාරම‍්මණං වෙදිතබ‍්බං. සෙසෙසුපි එසෙව නයොති.

එහි උද්ධුමාතක නිමිත්තෙහි අර්පණා වශයෙන් උපන් සංඥාව උද්ධුමාතක සංඥාවයි. ඒ උද්ධුමාතක සංඥාවේ සම්ප්‍රයෝගාර්ථ සහගත වූයේ උද්ධුමාතක සඤ්ඤා සහගත, විනීලක සඤ්ඤා සහගත ආදීන්හි ද මේ නයමය. මෙහිදී වනාහි යම් භාවනා විධානයක් කිවයුතු වන්නේ ද, එය සර්වාකාරයෙන් විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේමය. පාළි වර්ණනාව යට කියන ලද නයින්ම දතයුතුයි. හුදෙක් මෙහි වනාහි චතුර්ථ ධ්‍යාන වශයෙන් උපේක්‍ෂා බ්‍රහ්ම විහාරයෙහි මෙන් ප්‍රථම ධ්‍යාන වශයෙන් එක එකේ ඒකකයෝ පස්විස්සක් වෙත්. අශුභාරම්මණය ද නොවඩනා හෙයින් පරිත්ත වූ උද්ධුමාතක ස්ථානයෙහි උපන් නිමිත්ත පරිත්තාරම්මණය මහත් වූ ස්ථානයෙහි අප්පමාණාරම්මණය දතයුතුයි. සෙසු තැන්හි ද මේ නයමය.

ඉති අසුභානි සුභගුණො, දසසතලොචනෙන ථුතකිත‍්ති; යානි අවොච දසබලො, එකෙකජ‍්ඣානහෙතූනි.

ඉති අසුභානි සුභගුණො දසසත ලොචනෙන ථුතකිත්ති යානි අවොච දසබලො එකෙකජ්ඣාන හෙතුති

එවං පාළිනයෙනෙව, තාව සබ‍්බානි තානි ජානිත්‍වා; තෙස‍්වෙව අයං භිය්‍යො, පකිණ‍්ණකකථාපි විඤ‍්ඤෙය්‍යා. (විසුද‍්ධි· 1.120);

එවං පාළිනයෙනෙව තාව සබ්බානි තානි ජානිත්‍වා තෙස්වෙව අයං භිය්‍යො පකිණ්ණක කථාපි විඤ්ඤෙය්‍යා

ශුභගුණ ඇති සක්දෙව් රජුන් විසින් ස්තුති කරන ලද කීර්ති ඇති දශබල වූ භාග්‍යවතුන් වහන්සේ මෙසේ අශුභ වූ යම් එක් එක් ධ්‍යාන හේතුන් වදාළ සේක් ද,

මෙසේ පළමුකොට ඒ සියල්ල පාළි නයින්ම දැන ඔවුනතුරෙහිම වූ මේ ප්‍රකීර්ණක කථාව ද බොහෝසෙයින් දතයුතුයි.

එතෙසු හි යත්‍ථ කත්‍ථචි අධිගතජ‍්ඣානො සුවික‍්ඛම‍්භිතරාගත‍්තා වීතරාගො විය නිල‍්ලොලුප‍්පචාරො හොති. එවං සන‍්තෙපි ය‍්වායං අසුභභෙදො වුත‍්තො, සො සරීරසභාවප‍්පත‍්තිවසෙන ච රාගචරිතභෙදවසෙන චාති වෙදිතබ‍්බො.

මේ අතුරෙහි යම්කිසි අරමුණක් අධිගම කරන ලද ධ්‍යාන ඇති පුද්ගලයා මනාව විෂ්කම්භනය කරන ලද රාග ඇති හෙයින් වීතරාගියකු මෙන් ලොල්නොවූ පැවතුම් ඇත්තේ වෙයි. මෙසේ ඇති කල්හිදු යම් ඒ අශුභ භේදයක් කියන ලද ද එය ශරීර භාවයට පැමිණීම් වශයෙන් ද රාගචරිත භේද වශයෙන් දැයි දතයුතුයි.

ඡවසරීරඤ‍්හි පටිකූලභාවං ආපජ‍්ජමානං උද‍්ධුමාතකසභාවප‍්පත‍්තං වා සියා, විනීලකාදීනං වා අඤ‍්ඤතරසභාවප‍්පත‍්තං. ඉති යාදිසං යාදිසං සක‍්කා හොති ලද‍්ධුං තාදිසෙ තාදිසෙ උද‍්ධුමාතකපටිකූලං විනීලකපටිකූලන‍්ති එවං නිමිත‍්තං ගණ‍්හිතබ‍්බමෙවාති සරීරසභාවප‍්පත‍්තිවසෙන දසධා අසුභප‍්පභෙදො වුත‍්තොති වෙදිතබ‍්බො.

මළසිරුර වනාහි පිළිකුල් බවට පැමිණෙන්නා වූ හෝ ඉදිමීම් ස්වභාවයට පැමිණියේ හෝ වන්නේ ය. විනීලකාදී එක්තරා ස්වභාවයකට පැමිණි හෝ වෙයි. මෙසේ යම් යම් ආකාර මළසිරුරු ලබන්නට හැකි වේද, එබඳු එබඳු උද්ධුමාතක පටික්කූලය විනීලක පටික්කුලය යැයි මෙසේ නිමිත්ත ගතයුතුම යැයි ශරීර ස්වභාවයන්ට පැමිණීම් වශයෙන් අශුභ ප්‍රභේදය දශ ආකාරයකින් කියන ලදැයි දතයුතුයි.

විසෙසතො චෙත්‍ථ උද‍්ධුමාතකං සරීරසණ‍්ඨානවිපත‍්තිප‍්පකාසනතො සරීරසණ‍්ඨානරාගිනො සප‍්පායං. විනීලකං ඡවිරාගවිපත‍්තිප‍්පකාසනතො සරීරවණ‍්ණරාගිනො සප‍්පායං. විපුබ‍්බකං කායවණපටිබද‍්ධස‍්ස දුග‍්ගන්‍ධභාවස‍්ස පකාසනතො මාලාගන්‍ධාදිවසෙන සමුට‍්ඨාපිතසරීරගන්‍ධරාගිනො සප‍්පායං. විච‍්ඡිද‍්දකං අන‍්තොසුසිරභාවප‍්පකාසනතො සරීරෙ ඝනභාවරාගිනො සප‍්පායං. වික‍්ඛායිතකං මංසූපචයසම‍්පත‍්තිවිනාසප‍්පකාසනතො ථනාදීසු සරීරප‍්පදෙසෙසු මංසූපචයරාගිනො සප‍්පායං. වික‍්ඛිත‍්තකං අඞ‍්ගපච‍්චඞ‍්ගානං වික‍්ඛෙපප‍්පකාසනතො අඞ‍්ගපච‍්චඞ‍්ගලීලාරාගිනො සප‍්පායං. හතවික‍්ඛිත‍්තකං සරීරසඞ‍්ඝාටභෙදවිකාරප‍්පකාසනතො සරීරසඞ‍්ඝාටසම‍්පත‍්තිරාගිනො සප‍්පායං. ලොහිතකං ලොහිතමක‍්ඛිතපටිකූලභාවප‍්පකාසනතො අලඞ‍්කාරජනිතසොභරාගිනො සප‍්පායං. පුළවකං කායස‍්ස අනෙකකිමිකුලසාධාරණභාවප‍්පකාසනතො කායෙ මමත‍්තරාගිනො සප‍්පායං. අට‍්ඨිකං සරීරට‍්ඨීනං පටිකූලභාවප‍්පකාසනතො දන‍්තසම‍්පත‍්තිරාගිනො සප‍්පායන‍්ති. එවං රාගචරිතවසෙනාපි දසධා අසුභප‍්පභෙදො වුත‍්තොති වෙදිතබ‍්බො.

මෙහි ද විශේෂයෙන් උද්ධුමාතකය ශරීර සටහන පිළිබඳ විපත්තිය ප්‍රකාශ කරන හෙයින් ශරිර සටහනට ඇලීම කරන්නාට සත්ප්‍රාය වේ. විනීලකය ඡවි වර්ණයේ විපත්තිය ප්‍රකාශ කරන හෙයින් ශරීර වර්ණයට ඇල්ම කරන්නාට සත්ප්‍රාය වේ. විපුබ්බකය කායවර්ණය පිළිබඳ දුගඳ බව ප්‍රකාශ කරන හෙයින් මාලාගන්‍ධාදී වශයෙන් ඉපිද වූ ශරීර ගන්‍ධයට ඇල්ම කරන්නාට සත්ප්‍රාය වේ. විච්ඡිද්දකය ඇතුළත සිදුරු බව ප්‍රකාශ කරන හෙයින් ශරීරයෙහි ඝනභාවයට ඇල්ම කරන්නාට සත්ප්‍රාය වේ. වික්‍ඛායිතකය එක්රැස්කිරීම් සම්පත්තිය විනාශවීම ප්‍රකාශ කරන හෙයින් පියොවුරු ආදී ශරීර ප්‍රදේශයන්හි මස් රැස්වීමෙහි ඇල්ම ඇත්තාට සත්ප්‍රාය වේ. වික්ඛිත්තකය අංග ප්‍රත්‍යංන්ගේ වික්‍ෂේපය ප්‍රකාශ කරන හෙයින් අංග ප්‍රත්‍යාංග විලාසයෙහි ඇල්ම ඇත්තාට සත්ප්‍රාය වේ. හතවික්ඛිත්තකය ශරීර සම්බන්ධය බිඳීමෙන් විකාරය ප්‍රකාශ කරන හෙයින් ශරීර සම්බන්ධ සම්පත්තියෙහි ඇල්ම ඇත්තාට සත්ප්‍රාය වේ. ලෝහිතකය ලේ තැවරීමෙන් වන පිළිකුල් බව ප්‍රකාශකරන හෙයින් අලංකාරයෙන් හටගන්නා ශෝභාවට ඇල්ම කරන්නාට සත්ප්‍රාය වේ. පුළවකය ශරීරය නොයෙක් කෘමි කුලයන්ට සාධාරණ බව ප්‍රකාශ කරන හෙයින් කයෙහි මමත්වය ඇල්ම කරන්නාට සත්ප්‍රාය වේ. අට්ඨිකය ශරිරයෙහි ඇට පිළිබඳ පිළිකුල් බව ප්‍රකාශ කරන හෙයින් දන්ත සම්පත්තියෙහි ඇල්ම කරන්නාට සත්ප්‍රාය වේ යැයි මෙසේ රාග චරිත වශයෙන් ද අශුභ ප්‍රදේශය දශාකාරයකින් කියන ලදැයි දතයුතුයි.

යස‍්මා පන දසවිධෙපි එතස‍්මිං අසුභෙ සෙය්‍යථාපි නාම අපරිසණ‍්ඨිතජලාය සීඝසොතාය නදියා අරිත‍්තබලෙනෙව නාවා තිට‍්ඨති, විනා අරිත‍්තෙන න සක‍්කා ඨපෙතුං, එවමෙව දුබ‍්බලත‍්තා ආරම‍්මණස‍්ස විතක‍්කබලෙනෙව චිත‍්තං එකග‍්ගං හුත්‍වා තිට‍්ඨති, විනා විතක‍්කෙන න සක‍්කා ඨපෙතුං, තස‍්මා පඨමජ‍්ඣානමෙවෙත්‍ථ හොති, න දුතියාදීනි. පටිකූලෙපි චෙතස‍්මිං ආරම‍්මණෙ ‘අද‍්ධා ඉමාය පටිපදාය ජරාමරණම‍්හා පරිමුච‍්චිස‍්සාමී’ති එවං ආනිසංසදස‍්සාවිතාය චෙව නීවරණසන‍්තාපප‍්පහානෙන ච පීතිසොමනස‍්සං උප‍්පජ‍්ජති, ‘බහුං දානි වෙතනං ලභිස‍්සාමී’ති ආනිසංසදස‍්සාවිනො පුප‍්ඵඡඩ‍්ඩකස‍්ස ගූථරාසිම‍්හි විය, උස‍්සන‍්නබ්‍යාධිදුක‍්ඛස‍්ස රොගිනො වමනවිරෙචනප‍්පවත‍්තියං විය ච.

යම්හෙයකින් වනාහි මේ දශවිධ අශුභයන්හි නොසිටි ජලයෙන් යුත් වේගවත් සැඩපහර ඇති නදියෙක හබලේ බලයෙන්ම නැව සිටීද, හබලෙන් තොරව තබන්නට යම්සේ නම් නොහැකි වේද, එපරිද්දෙන්ම අරමුණ දුබල හෙයින් විතර්කයේ බලයෙන්ම සිත එකඟ වී සිටී. විතර්කයෙන් තොරව තබන්නට නොහැකි වෙයි. එහෙයින් මෙහි ප්‍රථම ධ්‍යානයම වෙයි. ද්විතීයාදී ධ්‍යානයෝ නොවෙත්. පිළිකුල් වූ ද මේ අරමුණෙහි ඒකාන්තයෙන් මේ ප්‍රතිපදාවෙන් ජරාමරණයෙන් මිදෙමියි මෙසේ ආනිසංස දක්නා බැවින් ද නීවරණ සන්තාපයන් ප්‍රහාණයෙන් ද ප්‍රීතිය හා සොම්නස උපදී. දැන් බොහෝ වැටුප් ලබන්නෙමි’යි ආනිසංස දක්නා කසළ ඉවත් කරන්නාට අශුචි රාශියක මෙනි. සන්සිඳී ගිය ව්‍යාධි දුක් ඇති රෝගියකුට වමනය විරේකය පැවැත්වීමේදී ද මෙනි.

දසවිධම‍්පි චෙතං අසුභං ලක‍්ඛණතො එකමෙව හොති. දසවිධස‍්සපි හි එතස‍්ස අසුචිදුග‍්ගන්‍ධජෙගුච‍්ඡපටිකූලභාවො එව ලක‍්ඛණං. තදෙතං ඉමිනා ලක‍්ඛණෙන න කෙවලං මතසරීරෙයෙව දන‍්තට‍්ඨිකදස‍්සාවිනො පන චෙතියපබ‍්බතවාසිනො මහාතිස‍්සත්‍ථෙරස‍්ස විය, හත්‍ථික‍්ඛන්‍ධගතං රාජානං උල‍්ලොකෙන‍්තස‍්ස සඞ‍්ඝරක‍්ඛිතත්‍ථෙරුපට‍්ඨාකසාමණෙරස‍්ස විය ච, ජීවමානකසරීරෙපි උපට‍්ඨාති. යථෙව හි මතසරීරං එවං ජීවමානකම‍්පි අසුභමෙව. අසුභලක‍්ඛණං පනෙත්‍ථ ආගන‍්තුකෙන අලඞ‍්කාරෙන පටිච‍්ඡන‍්නත‍්තා න පඤ‍්ඤායතීති.

දශවිධම මේ අශුභය ලක්‍ෂණ වශයෙන් එකක්ම වෙයි. දශවිධ වූ ද මේ අශුභයාගේ අපවිත්‍ර බව දුඟඳ ජුගුප්සාව පිළිකුල් බවම ලක්‍ෂණයයි. මෙය මේ ලක්‍ෂණයෙන් යුක්ත වූයේ හුදෙක් මෘත ශරීරයේ පමණක් නොවේ. දත් ඇටයේ දක්නා වූ චේතිය පබ්බතවාසී මහාතිස්ස තෙරුන්ට මෙන් ද ඇතුපිට සිටි රජු බලන්නා වූ සංඝරක්‍ෂිත තෙරුන්ගේ උපස්ථායක වූ සාමණේරයන් වහන්සේට මෙන් ද ජීවමාන ශරීරයෙහි ද වැටහෙයි. මෘතශරීරය යම්සේ ද මෙසේම ජීවමාන ශරීරය ද අශුභමය. මෙහි අශුභ ලක්‍ෂණය වනාහි ආගන්තුක අලංකාරයේ වැසුණු නොපෙනේ යනුයි.

අසුභකථා.

අශුභ කථා නිමියේ ය.

කිං පන පථවීකසිණං ආදිං කත්‍වා අට‍්ඨිකසඤ‍්ඤාපරියොසානාවෙසා රූපාවචරප‍්පනා, උදාහු අඤ‍්ඤාපි අත්‍ථීති? අත්‍ථි; ආනාපානජ‍්ඣානඤ‍්හි කායගතාසතිභාවනා ච ඉධ න කථිතා. කිඤ‍්චාපි න කථිතා වායොකසිණෙ පන ගහිතෙ ආනාපානජ‍්ඣානං ගහිතමෙව; වණ‍්ණකසිණෙසු ච ගහිතෙසු කෙසාදීසු චතුක‍්කපඤ‍්චකජ‍්ඣානවසෙන උප‍්පන‍්නා කායගතාසති, දසසු අසුභෙසු ගහිතෙසු ද‍්වත‍්තිංසාකාරෙ පටිකූලමනසිකාරජ‍්ඣානවසෙන චෙව නවසිවථිකාවණ‍්ණජ‍්ඣානවසෙන ච පවත‍්තා කායගතාසති ගහිතාවාති. සබ‍්බාපි රූපාවචරප‍්පනා ඉධ කථිතාව හොතීති.

කිම මේ රූපාවචර ධ්‍යනය පඨවි කසිණය ආදිකොට අස්ථික සංඥාව කෙළවර කොට ඇත්තේ ද? නැතහොත් වෙනත් ධ්‍යානයෝ ඇද්ද යනුයි. ඇත, ආනාපාන ධ්‍යානය ද කායගතාසති භාවනාවද වනාහි මෙහි නොකියන ලදී. නොකියන ලද්දේ වී නමුදු, වායෝ කසිණය ගත්කල්හි වනාහි ආනාපාන ධ්‍යානය ගන්නා ලද්දේ ය. වර්ණ කසිණය ගත්කල්හිද කේශාදීන්හි චතුෂ්ක පංචක ධ්‍යාන වශයෙන් උපන් කායගතා සතිය ද දශ අශුභයන් ගත් කල්හි ද්වතිංසාකාරයෙහි පටික්කුල මනසිකාර ධ්‍යාන වශයෙන් මෙන්ම නවසීවථිකා වර්ණධ්‍යාන වශයෙන් ද පැවති කායගතාසතිය ද ගන්නා ලදී. මෙසේ සියලුම රූපාවචර අර්පණාවෝ මෙහි කියන ලද්දේම වෙත් යනුයි.

රූපාවචරකුසලකථා නිට‍්ඨිතා.

රූපාවචර කුසල කථා නිමියේ ය.