යෙදුමෙන් කියවන්න

ආකාසානඤ‍්චායතනං අට‍්ඨකථා

ආකාසානඤ‍්චායතනං

ආකාසානඤ්චායතනං

ඉදානි අරූපාවචරකුසලං දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා කුසලාතිආදි ආරද‍්ධං. තත්‍ථ අරූපූපපත‍්තියාති අරූපභවො අරූපං, අරූපෙ උපපත‍්ති අරූපූපපත‍්ති, තස‍්සා අරූපූපපත‍්තියා. මග‍්ගං භාවෙතීති උපායං හෙතුං කාරණං උප‍්පාදෙති වඩ‍්ඪෙති. සබ‍්බසොති සබ‍්බාකාරෙන. සබ‍්බාසං වා අනවසෙසානන‍්ති අත්‍ථො. රූපසඤ‍්ඤානන‍්ති සඤ‍්ඤාසීසෙන වුත‍්තරූපාවචරජ‍්ඣානානඤ‍්චෙව තදාරම‍්මණානඤ‍්ච. රූපාවචරජ‍්ඣානම‍්පි හි රූපන‍්ති වුච‍්චති ‘රූපී රූපානි පස‍්සතී’තිආදීසු (ධ· ස· 248; දී· නි· 2.129). තස‍්ස ආරම‍්මණම‍්පි “බහිද‍්ධා රූපානි පස‍්සති සුවණ‍්ණදුබ‍්බණ‍්ණානී”තිආදීසු (ධ· ස· 244-246; දී· නි· 2.173); තස‍්මා ඉධ රූපෙ සඤ‍්ඤා රූපසඤ‍්ඤාති එවං සඤ‍්ඤාසීසෙන වුත‍්තරූපාවචරජ‍්ඣානස‍්සෙතං අධිවචනං. රූපං සඤ‍්ඤා අස‍්සාති රූපසඤ‍්ඤං, රූපමස‍්ස නාමන‍්ති වුත‍්තං හොති. එවං පථවීකසිණාදිභෙදස‍්ස තදාරම‍්මණස‍්ස චෙතං අධිවචනන‍්ති වෙදිතබ‍්බං.

දැන් අරූපාවචර කුශලය දක්වන්නට නැවතත් කතමෙ ධම්මා කුසලා යන ආදිය පටන් ගන්නා ලදී. එහි අරූපූපපත්තියා යනු අරූපභවය අරූපයි. අරූපයෙහි උත්පත්තිය = අරූපූපපත්තිය, එයට අරූපූපපත්තියා, මග්ගභාවෙති යනු උපාය හේතු කරුණු උපදවයි. වඩයි, සබ්බසො යනු සියලු ආකාරයෙන්, සියල්ලන්ගේ හෝ අනවසේසයන්ගේ යන අර්ථයි. රූපසඤ්ඤානං යනු සංඥා ශීර්ෂයෙන් කියන ලද රූපාවචර ධ්‍යානයන්ගේ මෙන්ම තදාරම්මණයන්ගේ ද, රූපාවචර ධ්‍යානයන්ට ද රූපයැයි කියනු ලැබේ. ‘රූපී රූපානි පස්සති’ යන ආදීන්හි එහි අරමුණද ‘බහිද්ධා රූපානි පස්සති සුවණ්ණ දුබ්බණ්ණානි’ යන ආදීන්හිද, එහෙයින් මෙහි රූපෙ සඤ්ඤා රූපසඤ්ඤා යැයි මෙසේ සංඥා ශීර්ෂයෙන් රූපාවචර ධ්‍යනයට මේ නමකි. රූපය යන සංඥාව මොහුටය යනු = රූපසඤ්ඤාය, රූප යනු මෙහි නාමය යැයි කියන ලද්දේ වෙයි. මෙසේ පඨවි කසිණාදී භේද ඇති තදාරම්මණයට ද මෙය නමකැයි දතයුතුයි.

සමතික‍්කමාති විරාගා නිරොධා ච. කිං වුත‍්තං හොති? එතාසං කුසලවිපාකකිරියවසෙන පඤ‍්චදසන‍්නං ඣානසඞ‍්ඛාතානං රූපසඤ‍්ඤානං, එතෙසඤ‍්ච පථවීකසිණාදිවසෙන අට‍්ඨන‍්නං ආරම‍්මණසඞ‍්ඛාතානං රූපසඤ‍්ඤානං, සබ‍්බාකාරෙන අනවසෙසානං වා විරාගා ච නිරොධා ච විරාගහෙතු චෙව නිරොධහෙතු ච ආකාසානඤ‍්චායතනං උපසම‍්පජ‍්ජ විහරති. න හි සක‍්කා සබ‍්බසො අනතික‍්කන‍්තරූපසඤ‍්ඤෙන එතං උපසම‍්පජ‍්ජ විහරිතුන‍්ති.

සමතික්කමා යනු විරාගයෙන් ද නිරෝධයෙන් ද කුමක් කියන ලද්දේ වේ ද? මොවුන්ගේ කුශල විපාක ක්‍රියා වශයෙන් පසළොස් ධ්‍යාන සංඛ්‍යාත රූප සංඥාවන්ගේද පඨවි කසිණාදී වශයෙන් වූ අටවැදෑරුම් ආරම්මණ සංඛ්‍යාත මේ රූප සංඥාවන්ගේ ද සර්වාකරයෙන් නිරවශේෂව වෙන්වීමෙන් නිරෝධයෙන් ද විරාගයට මෙන්ම නිරෝධයටද හේතු වූ ආකාසානඤ්චායතනය පැමිණ වාසය කරයි. සර්වාකාරයෙන් රූප සංඥාව නොඉක්මවූවහු විසින් මේ ධ්‍යානයට පැමිණ වාසය කරන්නට නොහැක්කේය යනුයි.

තත්‍ථ යස‍්මා ආරම‍්මණෙ අවිරත‍්තස‍්ස සඤ‍්ඤාසමතික‍්කමො න හොති, සමතික‍්කන‍්තාසු ච සඤ‍්ඤාසු ආරම‍්මණං සමතික‍්කන‍්තමෙව හොති, තස‍්මා ආරම‍්මණසමතික‍්කමං අවත්‍වා “තත්‍ථ කතමා රූපසඤ‍්ඤා? රූපාවචරසමාපත‍්තිං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, ඉමා වුච‍්චන‍්ති රූපසඤ‍්ඤායො. ඉමා රූපසඤ‍්ඤායො අතික‍්කන‍්තො හොති, වීතික‍්කන‍්තො, සමතික‍්කන‍්තො, තෙන වුච‍්චති සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා”ති (විභ· 602) එවං විභඞ‍්ගෙ සඤ‍්ඤානංයෙව සමතික‍්කමො වුත‍්තො. යස‍්මා පන ආරම‍්මණසමතික‍්කමෙන පත‍්තබ‍්බා එතා සමාපත‍්තියො, න එකස‍්මිංයෙව ආරම‍්මණෙ පඨමජ‍්ඣානාදීනි විය, තස‍්මා අයං ආරම‍්මණසමතික‍්කමවසෙනාපි අත්‍ථවණ‍්ණනා කතාති වෙදිතබ‍්බා.

යම්හෙයකින් අරමුණෙහි ඇලුණහුට සංඥා සමතික්‍රමයක් නොවේ ද, සමතික්‍රමය කළ සංඥාවන්හි ද අරමුණ සමතික්‍රමය වූයේම වෙයි ද, එහෙයින් ආරම්මණ සමතික්‍රමය නොකියා ‘(එහි) රූපසංඥාව කවරේද, රූප සමාපත්තියට සමවැදුනහුට හෝ සමාධිය උපන්නකුට හෝ දිට්ඨධම්ම සුඛවිහාරියකුට හෝ සංඥාවක් දැනීමක් දැනුණු බවක් වේද මේ රූපසංඥා යැයි කියනු ලැබේ. මේ රූපසංඥා ඉක්මවූයේ වේද ව්‍යතික්‍රමය කළේ වේද සමතික්‍රමය කෙළේ වේද එහෙයින් සර්වාකාරයෙන් රූපසංඥාවන් සමතික්‍රමයෙන් යැයි කියනු ලැබේ’ යනුයි යැයි මෙසේ විභංගයෙහි සංඥාවන්ගේම සමතික්‍රමය කියන ලදී. යම්හෙයකින් වනාහි ආරම්මණ සමතික්‍රමෙන් පැමිණිය යුතු මේ සමාපත්තීහු ප්‍රථමධ්‍යානාදීන් මෙන් එක් අරමුණෙකම නොවේද එහෙයින් මේ අර්ථ වර්ණනාව ආරම්මණ සමතික්‍රම වශයෙන් ද කරන ලදැයි දතයුතුයි.

පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමාති චක‍්ඛාදීනං වත්‍ථූනං රූපාදීනං ආරම‍්මණානඤ‍්ච පටිඝාතෙන සමුප‍්පන‍්නා සඤ‍්ඤා පටිඝසඤ‍්ඤා. රූපසඤ‍්ඤාදීනං එතං අධිවචනං. යථාහ – “තත්‍ථ කතමා පටිඝසඤ‍්ඤා? රූපසඤ‍්ඤා සද‍්දසඤ‍්ඤා ගන්‍ධසඤ‍්ඤා රසසඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා, ඉමා වුච‍්චන‍්ති පටිඝසඤ‍්ඤායො”ති (විභ· 603). තාසං කුසලවිපාකානං පඤ‍්චන‍්නං අකුසලවිපාකානං පඤ‍්චන‍්නන‍්ති සබ‍්බසො දසන‍්නම‍්පි පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා පහානා අසමුප‍්පාදා අප‍්පවත‍්තිං කත්‍වාති වුත‍්තං හොති.

පටිඝ සඤ්ඤානං අත්‍ථංගමා යනු චක්‍ෂුරාදී වස්තූන්ගේ ද රූපාදී ආරම්මණයන්ගේ ද ගැටීමෙන් උපන් සංඥාවෝ ප්‍රතිඝ සංඥාවෝය. රූප සංඥාදීන්ට මේ නමකි. මෙසේ ද කීහ. ‘එහි ප්‍රතිඝ සංඥාව ස්පර්ශ සංඥාව යන මේවා ප්‍රතිඝ සංඥා යැයි කියනු ලැබේ’ යනුයි. ඒ කුශල විපාක පසේ ද අකුශල විපාක පසේදැයි සර්වාකාරයෙන් දශ ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් ප්‍රහාණයෙන් නොඉපිදවීමෙන් නොපැවැත්ම කොට යැයි කියන ලද්දේ වෙයි.

කාමඤ‍්චෙතා පඨමජ‍්ඣානාදීනි සමාපන‍්නස‍්සාපි න සන‍්ති – න හි තස‍්මිං සමයෙ පඤ‍්චද‍්වාරවසෙන චිත‍්තං පවත‍්තති – එවං සන‍්තෙපි, අඤ‍්ඤත්‍ථ පහීනානං සුඛදුක‍්ඛානං චතුත්‍ථජ‍්ඣානෙ විය, සක‍්කායදිට‍්ඨාදීනං තතියමග‍්ගෙ විය ච, ඉමස‍්මිං ඣානෙ උස‍්සාහජනනත්‍ථං ඉමස‍්ස ඣානස‍්ස පසංසාවසෙන එතාසං එත්‍ථ වචනං වෙදිතබ‍්බං. අථ වා කිඤ‍්චාපි තා රූපාවචරං සමාපන‍්නස‍්ස න සන‍්ති, අථ ඛො න පහීනත‍්තා න සන‍්ති. න හි රූපවිරාගාය රූපාවචරභාවනා සංවත‍්තති, රූපායත‍්තා ච එතාසං පවත‍්ති. අයං පන භාවනා රූපවිරාගාය සංවත‍්තති. තස‍්මා තා එත්‍ථ පහීනාති වත‍්තුං වට‍්ටති. න කෙවලඤ‍්ච වත‍්තුං, එකංසෙනෙව එවං ධාරෙතුම‍්පි වට‍්ටති. තාසඤ‍්හි ඉතො පුබ‍්බෙ අප‍්පහීනත‍්තායෙව පඨමජ‍්ඣානං සමාපන‍්නස‍්ස “සද‍්දො කණ‍්ටකො”ති (අ· නි· 10.72) වුත‍්තො භගවතා. ඉධ ච පහීනත‍්තායෙව අරූපසමාපත‍්තීනං ආනෙඤ‍්ජතා සන‍්තවිමොක‍්ඛතා ච වුත‍්තා. ආළාරො ච කාළාමො ආරුප‍්පසමාපන‍්නො පඤ‍්චමත‍්තානි සකටසතානි නිස‍්සාය නිස‍්සාය අතික‍්කන‍්තානි නෙව අද‍්දස, න පන සද‍්දං අස‍්සොසීති (දී· නි· 2.192).

ප්‍රථම ධ්‍යනාදියට සමවැදුණවුන්ට කාම සංචේතනාවෝ නැත්තාහ. එසමයෙහි සිත පංචද්වාර වශයෙන් නො පවතී. මෙසේ ඇති කල්හි ද අන්තැනක ප්‍රහීණ වූ සුඛදුඃඛාදීන්ගේ ද චතුර්ථ ධ්‍යනයේදී මෙන් ද සක්කායදිට්ඨි ආදීන් තෘතීය ධ්‍යාන මාර්ගයේ වෙත් ද මේ ධ්‍යානයෙහි උත්සාහ ඉපදවීම පිණිස ද මේ ධ්‍යානයට ප්‍රශංසා වශයෙන් මොවුන් පිළිබඳව මෙහිදී කීම දතයුතුයි. නොහොත් රූපාවචරයම සමවැදුණහුට ඔව්හු නැද්ද, එසේත් නැතිනම් ප්‍රහීණ හෙයින් නැද්ද, රූප විරාග හෙයින් රූපාවචර භාවනාවක් නැත. මොවුන්ගේ පැවැත්ම රූපයට අයත්මය. මේ භාවනාව වනාහි රූප විරාගය පිණිස පවතී. එහෙයින් මෙහිදී මොව්හු ප්‍රහීණයවයි කියන්නට වටී. හුදෙක් කියන්නට පමණක් නොවේ. ඒකාන්තයෙන්ම මෙසේ දරන්නට ද වටී. මීට පෙර වනාහි ඔවුන් අප්‍රහීණ හෙයින්ම ප්‍රථම ධ්‍යානයට සමවැදුණහුට ශබ්දය කටුවක් මෙනැයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙහිද ප්‍රහීණ හෙයින්ම අරූප සමාපත්තීන්ගේ නොසැලෙන බව ද ශාන්ත විමෝක්‍ෂය ද කියන ලදී. අරූප ධ්‍යානයට සමවන් ආලාරකාලාම අසලින් ගිය පන්සියයක් පමණ ගැල් නො දුටුවේය. ශබ්දය ද නෑසීය යනුයි.

නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරාති නානත‍්තෙ ගොචරෙ පවත‍්තානං සඤ‍්ඤානං නානත‍්තානං වා සඤ‍්ඤානං. යස‍්මා හි එතා “තත්‍ථ කතමා නානත‍්තසඤ‍්ඤා? අසමාපන‍්නස‍්ස මනොධාතුසමඞ‍්ගිස‍්ස වා මනොවිඤ‍්ඤාණධාතුසමඞ‍්ගිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, ඉමා වුච‍්චන‍්ති නානත‍්තසඤ‍්ඤායො”ති (විභ· 604) එවං විභඞ‍්ගෙ විභජිත්‍වා වුත‍්තා ඉධ අධිප‍්පෙතා; අසමාපන‍්නස‍්ස මනොධාතුමනොවිඤ‍්ඤාණධාතුසඞ‍්ගහිතා සඤ‍්ඤා රූපසද‍්දාදිභෙදෙ නානත‍්තෙ නානාසභාවෙ ගොචරෙ පවත‍්තන‍්ති; යස‍්මා චෙතා අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, ද‍්වාදස අකුසලසඤ‍්ඤා, එකාදස කාමාවචරකුසලවිපාකසඤ‍්ඤා , ද‍්වෙ අකුසලවිපාකසඤ‍්ඤා, එකාදස කාමාවචරකිරියසඤ‍්ඤාති එවං චතුචත‍්තාලීසම‍්පි සඤ‍්ඤා නානත‍්තා නානාසභාවා අඤ‍්ඤමඤ‍්ඤං අසදිසා, තස‍්මා නානත‍්තසඤ‍්ඤාති වුත‍්තා. තාසං සබ‍්බසො නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා අනාවජ‍්ජනා අසමන‍්නාහාරා අපච‍්චවෙක‍්ඛණා. යස‍්මා තා නාවජ‍්ජති, න මනසිකරොති, න පච‍්චවෙක‍්ඛති, තස‍්මාති වුත‍්තං හොති.

නානත්තසඤ්ඤානං අමනසිකාරා යනු වෙනස් බවෙන් යුත් අරමුණෙහි පැවති සංඥාවන්ගේ හෝ නානත්වයෙන් යුත් සංඥාවන්ගේ යම්හෙයකින් වනාහි මොව්හු ‘තත්‍ථ කතමා නානත්තසඤ්ඤා අස්මාපන්නස්ස මනොධාතුස්ස වා මනොවිඤ්ඤාණධාතුසමංගිස්ස වා සඤ්ඤා සඤ්ජානනා සඤ්ජානිතත්තං, ඉමා වුච්චන්ති නානත්තසඤ්ඤායො’ යැයි මෙසේ විභංගයෙහි බෙදා කියන ලද්දාහු මෙහි අදහස් කරන ලදී. සමාහිත නොවූවහුගේ මනෝධාතුව ද මනෝවිඤ්ඤාණ ධාතුවෙන් යුත් සංඥාව ද රූපාදිභේදයෙන් නානත්වයෙන් යුත් නානාස්වභාවයෙන් යුත් ගෝචරයෙහි පවතිත්. යම්හෙයකින් මේ අෂ්ට කාමාවචර කුශල සංඥාවෝ ද, ද්වාදශ අකුශල සංඥාවෝ ද, ඒකාදශ කාමාවචර කුශල විපාක සංඥාවෝ ද අකුශල විපාක සංඥාවෝ දෙදෙනා ද ඒකාදශ කාමාවචර ක්‍රියා සංඥාවෝ දැයි මෙසේ සතළිස් සතරක් වූ සංඥාවෝම නානත්වයෙන් යුක්තයහ. නානා ස්වභාවයෙන් යුත්තයහ. ඔවුනොවුන්ට අසමානයහ. එහෙයින් නානත්තසඤ්ඤා යැයි කියන ලදහ. ඒ නානත්ව සංඥාවන් සර්වප්‍රකාරයෙන් මෙනෙහි නො කිරීමෙන් යම්හෙයකින් ඒවා ආවර්ජනා නොකෙරේ ද මෙනෙහි නො කරයි ද ප්‍රත්‍යවේක්‍ෂා නොකෙරේද, එහෙයින් මෙසේ කියන ලද්දේ වෙයි.

යස‍්මා චෙත්‍ථ පුරිමා රූපසඤ‍්ඤා පටිඝසඤ‍්ඤා ච ඉමිනා ඣානෙන නිබ‍්බත‍්තෙ භවෙපි න විජ‍්ජන‍්ති, පගෙව තස‍්මිං භවෙ ඉමං ඣානං උපසම‍්පජ‍්ජ විහරණකාලෙ, තස‍්මා තාසං ‘සමතික‍්කමා අත්‍ථඞ‍්ගමා’ති ද‍්වෙධාපි අභාවොයෙව වුත‍්තො. නානත‍්තසඤ‍්ඤාසු පන යස‍්මා අට‍්ඨ කාමාවචරකුසලසඤ‍්ඤා, නව කිරියාසඤ‍්ඤා, දස අකුසලසඤ‍්ඤාති ඉමා සත‍්තවීසති සඤ‍්ඤා ඉමිනා ඣානෙන නිබ‍්බත‍්තෙ භවෙ විජ‍්ජන‍්ති, තස‍්මා තාසං අමනසිකාරාති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තත්‍රාපි හි ඉමං ඣානං උපසම‍්පජ‍්ජ විහරන‍්තො තාසං අමනසිකාරායෙව උපසම‍්පජ‍්ජ විහරති. තා පන මනසිකරොන‍්තො අසමාපන‍්නො හොතීති. සඞ‍්ඛෙපතො චෙත්‍ථ ‘රූපසඤ‍්ඤානං සමතික‍්කමා’ති ඉමිනා සබ‍්බරූපාවචරධම‍්මානං පහානං වුත‍්තං. ‘පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා’ති ඉමිනා සබ‍්බෙසං කාමාවචරචිත‍්තචෙතසිකානඤ‍්ච පහානං අමනසිකාරො ච වුත‍්තොති වෙදිතබ‍්බො.

මෙහිදී යම්හෙයකින් පළමු රූපසංඥාවද ප්‍රතිඝ සංඥාවද මේ ධ්‍යානයෙන් උපන් භවයෙහි ද විද්‍යමාන නොවේනම් ඒ භවයෙහි මේ ධ්‍යානයට පැමිණ වාසය කරන කාලයෙහි කියනුම කවරේ ද? එහෙයින් ඔවුන්ගේ දුරලීම අස්තංගමය යන දෙයාකාරයෙන්ම අභාවයම කියන ලදී. නානත්ත සංඥාවන් යම්හෙයකින් වනාහි නානත්ව සංඥාවන් අතුරෙහි අෂ්ට කාමාවචර කුශල සංඥා නවක්‍රියා සංඥා සහ දශඅකුශල සංඥා යන මේ සත්විසි සංඥාවෝ මේ ධ්‍යානයෙන් උපන් භවයෙහි විද්‍යමාන වෙත්ද, එහෙයින් ඔවුන් මෙනෙහි නො කිරීමෙන් යැයි කියන ලදැයි දතයුතුයි. එහිදී ද වනාහි මේ ධ්‍යානයට පැමිණ වාසය කරනුයේ ඔවුන් මෙනෙහි නො කිරිමෙන්ම එළඹ වාසය කරයි. ඒ සංඥාවන් මෙනෙහි කරනුයේ අසමාපන්න වේයැයි මෙහි සංක්‍ෂේප වශයෙන් ද ‘රූපසඤ්ඤානං සමතික්කමා’ යැයි මෙයින් සියලු රූපාවචර ධර්මයන්ගේ ප්‍රහාණය කියන ලදී. ‘පටිඝ සඤ්ඤානං අත්‍ථංගමා නානත්ත සඤ්ඤානං අමනසිකාරා’ යන මෙයින් සියලු කාමාවචර චිත්ත චෛතසිකයන්ගේ ද ප්‍රහාණය අමනසිකාරය යැයි ද කියන ලදැයි දතයුතුයි.

ඉති භගවා ‘පන‍්නරසන‍්නං රූපසඤ‍්ඤානං සමතික‍්කමෙන, දසන‍්නං පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමෙන, චතුචත‍්තාලීසාය නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරෙනා’ති තීහි පදෙහි ආකාසානඤ‍්චායතනසමාපත‍්තියා වණ‍්ණං කථෙසි. කිං කාරණාති චෙ සොතූනං උස‍්සාහජනනත්‍ථඤ‍්චෙව පලොභනත්‍ථඤ‍්ච. සචෙ හි කෙචි අපණ‍්ඩිතා වදෙය්‍යුං ‘සත්‍ථා ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං නිබ‍්බත‍්තෙථාති වදති, කො නු ඛො එතාය නිබ‍්බත‍්තිතාය අත්‍ථො? කො ආනිසංසො’ති තෙ එවං වත‍්තුං මා ලභන‍්තූති ඉමෙහි ආකාරෙහි සමාපත‍්තියා වණ‍්ණං කථෙසි. තඤ‍්හි නෙසං සුත්‍වා එවං භවිස‍්සති – ‘එවංසන‍්තා කිර අයං සමාපත‍්ති, එවංපණීතා, නිබ‍්බත‍්තෙස‍්සාම න’න‍්ති. අථස‍්ස නිබ‍්බත‍්තනත්‍ථාය උස‍්සාහං කරිස‍්සන‍්තීති.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පසළොස් රූපසංඥාවන් ඉක්මවීමෙන් දශ ප්‍රතිඝ සංඥා අස්තංගමයෙන් සතළිස් නානත්ව සංඥාවන් මෙනෙහි නොකිරිමෙන්දැයි පද තුනකින් ආකාසඤ්චායතන සමාපත්තියෙහි ගුණ වදාළහ. කවර කාරණයෙකින් ද යත්, අසන්නවුන්ට උත්සාහ ඇතිකිරීම පිණිසත් පෙළඹවීම සඳහාය. යම්හෙයකින් කිසියම් අපණ්ඩිත කෙනෙක් ශාස්තෲන් වහන්සේ ආකාසානඤ්චායතන සමාපත්තිය නිපදවන්නැයි වදාරති. මෙය නිපදවීමෙන් අවර අර්ථයක් ද? කවර ආනිසංසයක්දැයි කියන්නාහුය. ඔව්හු එසේ කියන්නට නො ලබත්වායි මේ ආකාරවලින් සමාපත්තියෙහි ගුණ වදාළහ. එය අසා ඔවුන්ට මෙබඳු අදහසක් වන්නේය. මේ සමාපත්තිය වනාහි ශාන්තය. මෙය ප්‍රණිතය. එය උපදවවුයි ද, ඉක්බිති නිපදවීමට උත්සාහ කරන්නැයි පෙළඹවීමට ද ඔවුන්ට මෙහි ගුණය වදාළහ.

පලොභනත්‍ථඤ‍්චාපි නෙසං එතිස‍්සා වණ‍්ණං කථෙසි, විසකණ‍්ටකවාණිජො විය. විසකණ‍්ටකවාණිජො නාම ගුළවාණිජො වුච‍්චති. සො කිර ගුළඵාණිතඛණ‍්ඩසක‍්කරාදීනි සකටෙනාදාය පච‍්චන‍්තගාමං ගන‍්ත්‍වා ‘විසකණ‍්ටකං ගණ‍්හථ විසකණ‍්ටකං ගණ‍්හථා’ති උග‍්ඝොසෙසි. තං සුත්‍වා ගාමිකා ‘විසං නාම කක‍්ඛළං, යො නං ඛාදති සො මරති, කණ‍්ටකොපි විජ‍්ඣිත්‍වා මාරෙති. උභොපෙතෙ කක‍්ඛළා, කො එත්‍ථ ආනිසංසො’ති ගෙහද‍්වාරානි ථකෙසුං, දාරකෙ ච පලාපෙසුං. තං දිස‍්වා වාණිජො ‘අවොහාරකුසලා ඉමෙ ගාමිකා, හන්‍ද නෙ උපායෙන ගණ‍්හාපෙමී’ති ‘අතිමධුරං ගණ‍්හථ අතිසාදුං ගණ‍්හථ, ගුළං ඵාණිතං සක‍්කරං සමග‍්ඝං ලබ‍්භති, කූටමාසකකූටකහාපණාදීහිපි ලබ‍්භතී’ති උග‍්ඝොසෙසි. තං සුත්‍වා ගාමිකා හට‍්ඨපහට‍්ඨා නිග‍්ගන‍්ත්‍වා බහුම‍්පි මූලං දත්‍වා ගහෙසුං.

විසකණ්ටක වෙළෙන්දා මෙනි. උක්සකුරු වෙළෙන්දා විසකණ්ටක වෙළෙන්දා නමැයි කියනු ලැබේ. හෙතෙම වනාහි උක්සකුරු පැණිකැබලි සකුරු ආදිය ගැලින් ගෙන පිටිසර ගමකට ගොස් (විසකණ්ටක ගන්න) විසකණ්ටක ගන්නැයි හඬ නගා කීය. එය අසා ගැමියෝ විෂ නම් කර්කශය යමෙක් එය කයි නම් හෙතෙම මැරෙයි. කටුව ද විද මරයි. මේ දෙකම කර්කශය මෙහි ආනිසංසය කුමක්දැයි ගෙවල් දොරවල් වැසූහ. දරුවන් ද පලවා හැරියහ. වෙළෙන්දා එය දැක අපොයි! මේ ගම්වැසියෝ ව්‍යවහාරයෙහි අදක්‍ෂයෝ ය. ඔවුන් උපායකින් ගනිමියි ඉතා මිහිරක් ගන්නා ඉතා රසවත් දෙයක් ගන්න උක්සකුරු පැණිසකුරු සමාන මිලකට ලැබේ. කුටමාසක කූටකහාපණ ආදිය ද ලැබේ යැයි ඝෝෂා කෙළේය. ගම්වැසියෝ එය අසා තුටු පහටුව නික්ම ගොස් බොහෝ මුදල් ද දී ගත්හ.

තත්‍ථ වාණිජස‍්ස ‘විසකණ‍්ටකං ගණ‍්හථා’ති උග‍්ඝොසනං විය භගවතො ‘ආකාසානඤ‍්චායතනසමාපත‍්තිං නිබ‍්බත‍්තෙථා’ති වචනං. ‘උභොපෙතෙ කක‍්ඛළා , කො එත්‍ථ ආනිසංසො’ති? ගාමිකානං චින‍්තනං විය ‘භගවා ආකාසානඤ‍්චායතනං නිබ‍්බත‍්තෙථාති ආහ, කො එත්‍ථ ආනිසංසො? නාස‍්ස ගුණං ජානාමා’ති සොතූනං චින‍්තනං. අථස‍්ස වාණිජස‍්ස ‘අතිමධුරං ගණ‍්හථා’තිආදිවචනං විය භගවතො රූපසඤ‍්ඤාසමතික‍්කමනාදිකං ආනිසංසප‍්පකාසනං. ඉදඤ‍්හි සුත්‍වා තෙ බහුම‍්පි මූලං දත්‍වා, ගාමිකා විය ගුළං, ඉමිනා ආනිසංසෙන පලොභිතචිත‍්තා මහන‍්තම‍්පි උස‍්සාහං කත්‍වා ඉමං සමාපත‍්තිං නිබ‍්බත‍්තෙස‍්සන‍්තීති උස‍්සාහජනනත්‍ථං පලොභනත්‍ථඤ‍්ච කථෙසි.

ගන්නැයි එහි ආකාසානඤ්චායතනය උපදවන්නැයි තථාගතයන් වහන්සේගේ වචනය විසකුණ්ටක ගන්නැයි යන වෙළෙන්දාගේ ඝෝෂණය මෙනි. භාග්‍යවතුන් වහන්සේ ආකාසානඤ්චායතනය නිපදවන්නයි වදාළහ. මෙහි ආනිශංසය කුමක් ද? මෙහි ගුණය නො දනිමුයි යන ශ්‍රෝතෲන්ගේ වචනය මේ දෙකම රළුය මෙහි ආනිසංසය කුමක්දැයි යන ගම්වැසියන්ගේ චින්තනය මෙනි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ රූපසංඥාව ඉක්මවීම ආදී ආනිසංස ප්‍රකාශනය ඉතා මිහිරක් ගන්න ඉතා රසවත් දෙයක් ගන්නැයි ආදී වෙළෙන්දාගේ වචනය මෙනි. එය අසා බොහෝ මුදල් දී උක්සකුරු ගත් ගම්වැසියන් මෙන් මේ ආනිසංසයෙන් පොළඹවන ලද සිත් ඇත්තෝ මහත් උත්සාහ කොට මේ සමාපත්තිය උපදවත්යැයි උත්සාහ ඉපිදවීම පිණිස පෙළඹවීමට ද මෙය වදාළ සේක.

ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතන‍්ති එත්‍ථ නාස‍්ස අන‍්තොති අනන‍්තං. ආකාසං අනන‍්තං ආකාසානන‍්තං. ආකාසානන‍්තමෙව ආකාසානඤ‍්චං. තං ආකාසානඤ‍්චං අධිට‍්ඨානට‍්ඨෙන ආයතනමස‍්ස සසම‍්පයුත‍්තධම‍්මස‍්ස ඣානස‍්ස, දෙවානං දෙවායතනමිවාති ආකාසානඤ‍්චායතනං. ඉති ආකාසානඤ‍්චං ච තං ආයතනඤ‍්චාතිපි ආකාසානඤ‍්චායතනං. කසිණුග‍්ඝාටිමාකාසස‍්සෙතං අධිවචනං. තස‍්මිං ආකාසානඤ‍්චායතනෙ අප‍්පනාප‍්පත‍්තාය සඤ‍්ඤාය සහගතං ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං.

ආකාසානඤ්චායතන සඤ්ඤාසහගතං යන මෙහි මෙයට අන්තයක් නැත යනු = අනන්තය, ආකාසය අනන්තය යනු = ආකාසානන්තය, ආකාසානන්තය ම = ආකාසානඤ්චය, ඒ ආකාසානඤ්චයයි. දෙවියන්ට දේවායතනය මෙන් සම්ප්‍රයුක්ත ධර්මයන් සහිත මේ ධ්‍යානයට අධිෂ්ඨාන අර්ථයෙන් ආයතනයක් මෙනි යනු = ආකාසානඤ්චායතනයයි. (මෙසේ ආකාසානඤ්චයත් ආයතනයත් එයමය යනු = ආකාසානඤ්චයතනයයි.) කසිණය ඉහිළු ආකාසයට මෙය නමකි. ඒ ආකාසානඤ්චායතනයෙහි අර්පණාවට පැණේ. සංඥාවෙන් යුක්ත වූයේ = ආකාසානඤ්චායතන සඤ්ඤාසහගතයයි,

යථා පන අඤ‍්ඤත්‍ථ ‘අනන‍්තො ආකාසො’ති (විභ· 508; දී· නි· 2.129) වුත‍්තං, එවමිධ අනන‍්තන‍්ති වා පරිත‍්තන‍්ති වා න ගහිතං. කස‍්මා? අනන‍්තෙ හි ගහිතෙ පරිත‍්තං න ගය‍්හති, පරිත‍්තෙ ගහිතෙ අනන‍්තං න ගය‍්හති. එවං සන‍්තෙ ආරම‍්මණචතුක‍්කං න පූරති, දෙසනා සොළසක‍්ඛත‍්තුකා න හොති. සම‍්මාසම‍්බුද‍්ධස‍්ස ච ඉමස‍්මිං ඨානෙ දෙසනං සොළසක‍්ඛත‍්තුකං කාතුං අජ‍්ඣාසයො, තස‍්මා අනන‍්තන‍්ති වා පරිත‍්තන‍්ති වා අවත්‍වා ‘ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගත’න‍්ති ආහ. එවඤ‍්හි සති උභයම‍්පි ගහිතමෙව හොති. ආරම‍්මණචතුක‍්කං පූරති, දෙසනා සොළසක‍්ඛත‍්තුකා සම‍්පජ‍්ජති. අවසෙසො පාළිඅත්‍ථො හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. රූපාවචරචතුත්‍ථජ‍්ඣානනිකන‍්තිපරියාදානදුක‍්ඛතාය චෙත්‍ථ දුක‍්ඛා පටිපදා, පරියාදින‍්නනිකන‍්තිකස‍්ස අප‍්පනාපරිවාසදන්‍ධතාය දන්‍ධාභිඤ‍්ඤා හොති. විපරියායෙන සුඛා පටිපදා ඛිප‍්පාභිඤ‍්ඤා ච වෙදිතබ‍්බා. පරිත‍්තකසිණුග‍්ඝාටිමාකාසෙ පන පවත‍්තං ඣානං පරිත‍්තාරම‍්මණං විපුලකසිණුග‍්ඝාටිමාකාසෙ පවත‍්තං අප‍්පමාණාරම‍්මණන‍්ති වෙදිතබ‍්බං. උපෙක‍්ඛාබ්‍රහ‍්මවිහාරෙ විය ච ඉධාපි චතුත්‍ථජ‍්ඣානවසෙන පඤ‍්චවීසති එකකා හොන‍්ති . යථා චෙත්‍ථ එවං ඉතො පරෙසුපි. විසෙසමත‍්තමෙව පන තෙසු වණ‍්ණයිස‍්සාම.

යම්සේ වනාහි අන්තැනෙක ‘අනන්තො ආකාසො’ යැයි කියන ලදී. මෙසේ මෙහි අනන්තයැයි හෝ ස්වල්ප යැයි හෝ නොගන්නා ලදී. කවර හෙයින්ද? අනන්තය ගත්කල්හි වනාහි පරිත්තය නොගනී. පරිත්තය ගත්කල්හි අනන්තය නොගනී. මෙසේ ඇති කල්හි ආරම්මණ චතුෂ්කය නො පිරෙයි. දේශනාව සොළසක්‍ඛත්තුක නොවෙයි. බුදුරජාණන් වහන්සේගේ අදහස ද මෙහිදී දේශනාව සෝළසක්‍ඛත්තුක කිරීමය. එහෙයින් අනන්තයැයි හෝ පරිත්තයැයි හෝ නො වදාරා ආකාසානඤ්චායතන සඤ්ඤා සහගතං යැයි වදාළහ. මෙසේ ඇති කල්හි වනාහි දෙකම ගන්නා ලද්දේම වෙයි. ආරම්මණ චතුෂ්කය පිරෙයි. දේශනාව සොළක්‍ඛත්තුක බවට සපැමිණේ. අවශේෂ පාළි අර්ථය යට කියන ලද නයින්ම දතයුතුයි. චතුර්ථ ධ්‍යානය පිළිබඳ ආශාව විනාශ කිරීමේ දුක නිසා මෙහිද දුක්ඛාපටිපදාය, විනාශකරන ලද තෘෂ්ණාව ඇතියහුට අර්පණා පරිවාස දන්‍ධත්වයෙන් දන්‍ධභිඥ වෙයි. විපර්යාස වශයෙන් සුඛාපටිපදා, ඛිප්පාහිඤ්ඤා ද දතයුතුයි. අල්ප වූ කසිණය ඉගිළු අහසෙහි වනාහි පැවති ධ්‍යානය පරිත්තාරම්මණය, මහත් වූ කසිණය ඉගිළු අහසෙහි පැවතියේ අප්පමාණාරම්මණයැයි ද දතයුතුයි. උපේක්‍ෂා බ්‍රහ්ම විහාරයෙහි මෙන් මෙහි ද චතුර්ථ ධ්‍යාන වශයෙන් ඒකක පස්විස්සක් වෙයි. මෙහි යම්සේ ද මෙසේ මින් පසුව ද ඒවා පිළිබඳ විශේෂ මාත්‍රය වර්ණනා කරමි.