රූපාවචර විපාකා
[රූපාවචර විපාකා]
[රූපාවචර විපාක]
500. කතමෙ ධම්මා අව්යාකතා?
500. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ. මේ ධර්මයෝ කුශලයෝ යි. එ ම රූපාවචර කුශලකර්මය කළ බැවින් රැස්කළ බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.
501. කතමෙ ධම්මා අව්යාකතා?
501. කවර ධර්මයෝ අව්‍යාකෘත වෙති යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සුඛස්ස ච පහානා -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් පඨවිකසිණ සඞ්ඛ්‍යාත ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි. එම රූපාවචර කුශලකර්මය කළ බැවින් රැස් කළ බැවින් සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... විපාක වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ අව්‍යාකෘතයෝ යි.