යෙදුමෙන් කියවන්න

එකකං

586. තත්‍ථ කතමං සබ‍්බං රූපං?

586. එහි හැම රූපය කවරැ යත්:

චත‍්තාරො ච මහාභූතා, චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච‍්චති සබ‍්බං රූපං.

සතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ හැම රූප යයි කියනු ලැබේ.

587. එකවිධෙන රූපසඞ‍්ගහො:

587. එක් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

සබ‍්බං රූපං න හෙතු අහෙතුකං හෙතුවිප‍්පයුත‍්තං සප‍්පච‍්චයං සඞ‍්ඛතං රූපි ලොකියං සාසවං සඤ‍්ඤොජනියං ගන්‍ථනීයං ඔඝනීයං යොගනීයං නීවරණියං පරාමට‍්ඨං උපාදානියං සඞ‍්කිලෙසිකං අව්‍යාකතං අනාරම‍්මණං අචෙතසිකං චිත‍්තවිප‍්පයුත‍්තං නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මං අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකං න සවිතක‍්කසවිචාරං න අවිතක‍්කවිචාරමත‍්තං අවිතක‍්කඅවිචාරං න පීතිසහගතං න සුඛසහගතං න උපෙක‍්ඛාසහගතං නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බං නෙවදස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකං නෙව ආචයගාමි න අපචයගාමි නෙව සෙක‍්ඛං නාසෙක‍්ඛං පරිත‍්තං කාමාවචරං න රූපාවචරං න අරූපාවචරං පරියාපන‍්නං නො අපරියාපන‍්නං අනියතං අනිය්‍යානිකං උප‍්පන‍්නං ඡහි විඤ‍්ඤාණෙහි විඤ‍්ඤෙය්‍යං අනිච‍්චං ජරාභිභූතං, එවං එකවිධෙන රූපසඞ‍්ගහො.

හැම රූපය නහේතු ය, අහේතුක ය, හේතුවිප්‍රයුක්ත ය, සප්‍රත්‍ය ය, සඞ්ඛත ය, රූපවත් ය, ලෞකික ය, සාස්‍රව ය, සංයෝජනිය ය, ග්‍රන්‍ථනීය ය. ඕඝනීය ය, යෝගනීය ය, නීවරණිය ය, පරාමෘෂ්ට ය, උපාදානිය ය, සාංක්ලේශික ය, අව්‍යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික ය, චිත්තවිප්‍රයුක්ත ය, නෛවවිපාකනවිපාකධර්‍මධර්‍ම ය, අසංක්ලිෂ්ටසාංක්ලේශික ය, නසවිතර්‍කවිචාර ය, නාවිතර්‍කවිචාරමාත්‍ර ය, අවිතර්‍කඅවිචාර ය, නප්‍රීතිසහගත ය, නසුඛසහගත ය, නඋපේක්‍ෂා සහගත ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ය, නො ම ශෛක්‍ෂ නාශෛක්‍ෂ ය, පරිත්ත ය, කාමාවචර ය, නරූපාවචර ය, නඅරූපාවචර ය, පරියාපන්න ය, නො ම අපරියාපන්න ය, අනියත ය, අනෛර්‍ය්‍යාණික ය, උත්පන්න ය, ෂඩ්විඥානයෙන් විඥේය ය, අනිත්‍ය ය, ජරාභිභූත යි. මෙසේ එක කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

එකකං.

එකක යි.