යෙදුමෙන් කියවන්න

සුඛුමරූපතිකා

850. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායවිඤ‍්ඤත‍්ති?

850. ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායවිඤ‍්ඤත‍්ති.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥප්ති නො වූ රූප යි.

851. කතමං තං රූපං බාහිරං කායවිඤ‍්ඤත‍්ති?

851. ඒ බාහිර කායවිඥප්තිරූපය කවරේ යත්:

යා කුසලචිත‍්තස‍්ස වා අකුසලචිත‍්තස‍්ස වා අව්‍යාකතචිත‍්තස‍්ස වා අභික‍්කමන‍්තස‍්ස වා පටික‍්කමන‍්තස‍්ස වා ආලොකෙන‍්තස‍්ස වා විලොකෙන‍්තස‍්ස වා සම‍්මිඤ‍්ජෙන‍්තස‍්ස වා පසාරෙන‍්තස‍්ස වා කායස‍්ස ථම‍්භනා සන්‍ථම‍්භනා සන්‍ථම‍්භිතත‍්තං විඤ‍්ඤත‍්ති විඤ‍්ඤාපනා විඤ‍්ඤාපිතත‍්තං. ඉදං තං රූපං බාහිරං කායවිඤ‍්ඤත‍්ති.

කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විදහන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥාපනයෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය කායවිඥප්ති රූප යි.

852. කතමං තං රූපං බාහිරං න කායවිඤ‍්ඤත‍්ති?

852. ඒ බාහිර කායවිඥප්ති නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න කායවිඤ‍්ඤත‍්ති.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥප්ති නො වූ රූප යි.

853. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න වචීවිඤ‍්ඤත‍්ති?

853. ඒ අධ්‍යාත්මික වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න වචීවිඤ‍්ඤත‍්ති.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික වාග්විඥප්ති නො වූ රූප යි.

854. කතමං තං රූපං බාහිරං වචීවිඤ‍්ඤත‍්ති?

854. ඒ බාහිර වචීවිඤ්ඤත්තිරූපය කවරේ යත්:

යා කුසලචිත‍්තස‍්ස වා අකුසලචිත‍්තස‍්ස වා අව්‍යාකතචිත‍්තස‍්ස වා වාචා ගිරා ව්‍යප‍්පථො උදීරණං ඝොසො ඝොසකම‍්මං වාචා වචීභෙදො, අයං වුච‍්චති වාචා. යා තාය වාචාය විඤ‍්ඤත‍්ති විඤ‍්ඤාපනා විඤ‍්ඤාපිතත‍්තං, ඉදං තං රූපං බාහිරං වචීවිඤ‍්ඤත‍්ති.

කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝෝෂකර්‍මයෙක් වාක්සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යයි කියනු ලැබේ. ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.

855. කතමං තං රූපං බාහිරං න වචීවිඤ‍්ඤත‍්ති?

855. ඒ බාහිර වචීවිඤ්ඤත්ති නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න වචීවිඤ‍්ඤත‍්ති.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය වාග්විඥප්ති නො වූ රූප යි.

856. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න ආකාසධාතු?

856. ඒ අධ්‍යාත්මික ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න ආකාසධාතු.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ආකාශධාතු නො වූ රූප යි.

857. කතමං තං රූපං බාහිරං ආකාසධාතු?

857. ඒ බාහිර ආකාසධාතු රූපය කවරේ යත්:

යො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම‍්ඵුට‍්ඨං චතූහි මහාභූතෙහි. ඉදං තං රූපං බාහිරං ආකාසධාතු.

යම් ආකාශයෙක් ආකාශගතයෙක් අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතරමහාභූතයන් විසින් නො පහස්නා ලදුයෙක් වේ ද, මේ ඒ බාහිර ආකාශධාතු රූප යි.

858. කතමං තං රූපං බාහිරං න ආකාසධාතු?

858. ඒ බාහිර ආකාසධාතු නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ආකාසධාතු.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ආකාසධාතු නො වූ රූප යි.

859. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න ආපොධාතු?

859. ඒ අධ්‍යාත්මික ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න ආපොධාතු.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අබ්ධාතු නො වූ රූප යි.

860. කතමං තං රූපං බාහිරං ආපොධාතු?

860. ඒ බාහිර ආපෝධාතුරූපය කවරේ යත්:

යං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්‍ධනත‍්තං රූපස‍්ස. ඉදං තං රූපං බාහිරං ආපොධාතු.

යම් ආපයෙක් ආපෝගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධන භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය අබ්ධාතුරූප යි.

861. කතමං තං රූපං බාහිරං න ආපොධාතු?

861. ඒ බාහිර ආපෝධාතු නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ආපොධාතු.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය අබ්ධාතු නො වූ රූප යි.

862. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න ලහුතා?

862. ඒ අධ්‍යාත්මික රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න ලහුතා.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.

863. කතමං තං රූපං බාහිරං රූපස‍්ස ලහුතා?

863. ඒ බාහිර රූපයාගේ ලහුතාරූපය කවරේ යත්:

යා රූපස‍්ස ලහුතා ලහුපරිණාමතා අදන්‍ධනතා අවිත්‍ථනතා, ඉදං තං රූපං බාහිරං රූපස‍්ස ලහුතා.

රූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්‍තන වන බවෙක් නො බර බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍වරූප යි.

864. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න ලහුතා?

864. ඒ බාහිර රූපයාගේ ලහුතා නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස න ලහුතා.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ලඝුත්‍ව නො වූ රූප යි.

865. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න මුදුතා?

865. ඒ අධ්‍යාත්මික රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න මුදුතා.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මිකරූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.

866. කතමං තං රූපං බාහිරං රූපස‍්ස මුදුතා?

866. ඒ බාහිර රූපයාගේ මුදුතාරූපය කවරේ යත්:

යා රූපස‍්ස මුදුතා මද‍්දවතා අකක‍්ඛළතා අකඨිනතා, ඉදං තං රූපං බාහිරං රූපස‍්ස මුදුතා.

රූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාදිවයෙක් නො කැකුළු බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව රූප යි.

867. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න මුදුතා?

867. ඒ බාහිර රූපයාගේ මුදුතා නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස න මුදුතා?

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ මෘදුත්‍ව නො වූ රූප යි.

868. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා?

868. ඒ අධ්‍යාත්මික රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.

869. කතමං තං රූපං බාහිරං රූපස‍්ස කම‍්මඤ‍්ඤතා?

869. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතාරූපය කවරේ යත්:

යා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා කම‍්මඤ‍්ඤත‍්තං කම‍්මඤ‍්ඤභාවො, ඉදං තං රූපං බාහිරං රූපස‍්ස කම‍්මඤ‍්ඤතා.

රූපයාගේ යම් කර්‍මණ්‍ය බවෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍ය භාවයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා රූප යි.

870. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා?

870. ඒ බාහිර රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූප යි.

871. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න උපචයො?

871. ඒ ආධ්‍යාත්මික රූපයාගේ උපචය නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න උපචයො.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ උපචය නො වූ රූප යි.

872. කතමං තං රූපං බාහිරං රූපස‍්ස උපචයො?

872. ඒ බාහිර රූපයාගේ උපචයරූපය කවරේ යත්:

යො ආයතනානං ආචයො, සො රූපස‍්ස උපචයො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස උපචයො.

ආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, ඒ රූපයාගේ උපචය යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ උපචය රූප යි.

873. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න උපචයො?

873. ඒ බාහිර රූපයාගේ උපචය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස න උපචයො.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ උපචය නො වූ රූප යි.

874. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න සන‍්තති?

874. ඒ ආධ්‍යාත්මික රූපයාගේ සන්තති නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න සන‍්තති.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ සන්තති නො වූ රූප යි.

875. කතමං තං රූපං බාහිරං රූපස‍්ස සන‍්තති?

875. ඒ බාහිර රූපයාගේ සන්තතිරූපය කවරේ යත්:

යො රූපස‍්ස උපචයො, සා රූපස‍්ස සන‍්තති. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස සන‍්තති.

රූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ සන්තතිරූප යි.

876. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න සන‍්තති?

876. ඒ බාහිර රූපයාගේ සන්තති නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස න සන‍්තති.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ සන්තති නො වූ රූප යි.

877. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න ජරතා?

877. ඒ ආධ්‍යාත්මික රූපයාගේ ජරතා නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න ජරතා.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ ජරතා නො වූ රූප යි.

878. කතමං තං රූපං බාහිරං රූපස‍්ස ජරතා?

878. ඒ බාහිර රූපයාගේ ජරතාරූපය කවරේ යත්:

යා රූපස‍්ස ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස ජරතා.

රූපයාගේ යම් ජරාවෙක් ජීර්‍ණාකාරයෙක් කැඩුණු බවෙක් නරනැගී බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්‍ද්‍රියයන්ගේ මිහිකිරීමෙක් වේ ද, මේ ඒ බාහ්‍ය රූපයාගේ ජරතා රූප යි.

879. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න ජරතා?

879. ඒ බාහිර රූපයාගේ ජරතා නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස‍්ස න ජරතා.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ ජරතා නො වූ රූප යි.

880. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න අනිච‍්චතා?

880. ඒ ආධ්‍යාත්මික රූපයාගේ අනිච්චතා නො වන රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං රූපස‍්ස න අනිච‍්චතා.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික රූපයාගේ අනිත්‍යතා නො වන රූප යි.

881. කතමං තං රූපං බාහිරං රූපස‍්ස අනිච‍්චතා?

881. ඒ බාහිර රූපයාගේ අනිච්චතාරූපය කවරේ යත්:

යො රූපස‍්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච‍්චතා අන‍්තරධානං, ඉදං තං රූපං බාහිරං රූපස‍්ස අනිච‍්චතා.

රූපයාගේ යම් ක්‍ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ බාහිර රූපයාගේ අනිත්‍යතාරූප යි.

882. කතමං තං රූපං බාහිරං රූපස‍්ස න අනිච‍්චතා?

882. ඒ බාහිර රූපයාගේ අනිච්චතා නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං රූපස‍්ස න අනිච‍්චතා.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය රූපයාගේ අනිත්‍යතා නො වූ රූප යි.

883. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න කබලිංකාරො ආහාරො?

883. ඒ ආධ්‍යාත්මික කබලීකාරාහාර නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න කබලිංකාරො ආහාරො.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික කබලීකාරාහාර නො වූ රූප යි.

884. කතමං තං රූපං බාහිරං කබලිංකාරො ආහාරො?

884. ඒ බාහිර කබලීකාරාහාරරූපය කවරේ යත්:

ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං ඛීරං දධි සප‍්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං යම‍්හි යම‍්හි ජනපදෙ තෙසං තෙසං සත‍්තානං මුඛාසියං දන‍්තවිඛාදනං ගලජ‍්ඣොහරණීයං කුච‍්ඡි විත්‍ථම‍්භනං යාය ඔජාය සත‍්තා යාපෙන‍්ති, ඉදං තං රූපං බාහිරං කබලිංකාරො ආහාරො.

ඕදන ය කුල්මාස ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් දනවියෙක්හි ඒ ඒ සත්ත්‍වයන් මුවින් කෑ යුතු දතින් විකිය යුතු ගෙලෙන් ගිලිය යුතු කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්‍වයෝ යැපෙත් නම් එබඳු වූ අන්‍ය වූ ද යම් රූපයෙක් ඇද්ද, මේ ඒ බාහ්‍ය කබලීකාරාහාර රූප යි.

885. කතමං තං රූපං බාහිරං න කබලිංකාරො ආහාරො?

885. ඒ බාහිර කබලීකාරාහාර නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- රූපස‍්ස අනිච‍්චතා, ඉදං තං රූපං බාහිරං න කබලිංකාරො ආහාරො. එවං තිවිධෙන රූපසඞ‍්ගහො.

රූපායතන ය ... රූපයාගේ අනිත්‍යතා යි. මේ ඒ බාහ්‍ය කබලීකාරාහාරරූප යි. මෙසේ තුන් අයුරෙකින් රූපසඞ්ග්‍රහය වේ.

සුඛුමරූපතිකා.

සූක්‍ෂ්මරූප ත්‍රිකයෝ යි.