සුඛුමරූපදුකං
724. කතමං තං රූපං කායවිඤ්ඤත්ති?
724. ඒ කායවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
යා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා අභික්කමන්තස්ස වා පටික්කමන්තස්ස වා ආලොකෙන්තස්ස වා විලොකෙන්තස්ස වා සම්මිඤ්ජෙන්තස්ස වා පසාරෙන්තස්ස වා කායස්ස ථම්භනා සන්ථම්භනා සන්ථම්භිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං කාය විඤ්ඤත්ති.
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්ධි හකුළුවන්නහුගේ හෝ විහිදුවන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්ති රූප යි.
725. කතමං තං රූපං න කායවිඤ්ඤත්ති?
725. ඒ කායවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායවිඤ්ඤත්ති.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥප්ති නො වූ රූප යි.
726. කතමං තං රූපං වචීවිඤ්ඤත්ති?
726. ඒ වචීවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
යා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා වාචා ගිරා ව්යප්පථො උදීරණං ඝොසො ඝොසකම්මං වාචා වචීභෙදො, අයං වුච්චති වාචා. යා තාය වාචාය විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං වචීවිඤ්ඤත්ති.
කුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්‍මයෙක් වාක් සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යි (කියනු ලැබේ.) ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
727. කතමං තං රූපං න වචීවිඤ්ඤත්ති?
727. ඒ වචීවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න වචීවිඤ්ඤත්ති.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාරය යි. මේ ඒ වාග්විඥප්ති නො වූ රූප යි.
728. කතමං තං රූපං ආකාසධාතු?
728. ඒ ආකාසධාතුරූපය කවරෙ යත්:
යො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම්ඵුට්ඨං චතූහි මහාභූතෙහි, ඉදං තං රූපං ආකාසධාතු.
යම් ආකාශයෙක් ආකාශගතයෙක් (නො ගැටිය හැකි) අඝයෙක් අඝගතයෙක් විවරයෙක් විවරගතයෙක් සතර මහාභූතයන් විසින් නො පහස්නාලදුයෙක් වේ ද, මේ ඒ ආකාශධාතුරූප යි.
729. කතමං තං රූපං න ආකාසධාතු?
729. ඒ ආකාසධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ආකාසධාතු.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ආකාශධාතු නො වූ රූප යි.
730. කතමං තං රූපං ආපොධාතු?
730. ඒ ආපෝධාතුරූපය කවරෙ යත්:
යං ආපො ආපොගතං සිනෙහො සිනෙහගතං බන්ධනත්තං රූපස්ස, ඉදං තං රූපං ආපොධාතු.
යම් ආපයෙක් අපොගතයෙක් ස්නේහයෙක් ස්නේහගතයෙක් රූපයාගේ බන්‍ධනභාවයෙක් වේ ද, මේ ඒ අබ්ධාතුරූප යි.
731. කතමං තං රූපං න ආපොධාතු?
731. ඒ ආපෝධාතු නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං න ආපොධාතු.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ අබ්ධාතු නො වූ රූප යි.
732. කතමං තං රූපං රූපස්ස ලහුතා?
732. ඒ රූපයාගේ ලහුතාරූපය කවරෙ යත්:
යා රූපස්ස ලහුතා ලහුපරිණාමතා අදන්ධනතා අවිත්ථනතා, ඉදං තං රූපං රූපස්ස ලහුතා.
රූපයාගේ යම් ලඝුත්‍වයෙක් යුහු වැ පරිවර්තන වන බවෙක් නො බර බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ ලඝුත්‍වරූප යි.
733. කතමං තං රූපං රූපස්ස න ලහුතා?
733. ඒ රූපයාගේ ලහුතා නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න ලහුතා.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ලඝුතා නො වූ රූප යි.
734. කතමං තං රූපං රූපස්ස මුදුතා?
734. ඒ රූපයාගේ මුදුතාරූපය කවරෙ යත්:
යා රූපස්ස මුදුතා මද්දවතා අකක්ඛළතා අකඨිනතා, ඉදං තං රූපං රූපස්ස මුදුතා.
රූපයාගේ යම් මෘදුත්‍වයෙක් මාර්‍දවයෙක් අකර්කශ බවෙක් නො තද බවෙක් වේ ද, මේ ඒ රූපයාගේ මෘදුත්‍වරූප යි.
735. කතමං තං රූපං රූපස්ස න මුදුතා?
735. ඒ රූපයාගේ මුදුතා නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න මුදුතා.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ මුදුතා නො වූ රූප යි.
736. කතමං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා?
736. ඒ රූපයාගේ කම්මඤ්ඤතා රූපය කවරෙ යත්:
යා රූපස්ස කම්මඤ්ඤතා කම්මඤ්ඤත්තං කම්මඤ්ඤභාවො, ඉදං තං රූපං රූපස්ස කම්මඤ්ඤතා.
රූපයාගේ යම් කර්‍මණ්‍යතායෙක් කර්‍මණ්‍යත්‍වයෙක් කර්‍මණ්‍යභාවයෙක් වේ ද, මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍වරූප යි.
737. කතමං තං රූපං රූපස්ස න කම්මඤ්ඤතා?
737. ඒ රූපයාගේ කම්මඤ්ඤතා නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං රූපස්ස න කම්මඤ්ඤතා.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ කර්‍මණ්‍යත්‍ව නො වූ රූප යි.
738. කතමං තං රූපං රූපස්ස උපචයො?
738. ඒ රූපයාගේ උපචයරූපය කවරෙ යත්:
යො ආයතනානං ආචයො, සො රූපස්ස උපචයො. ඉදං තං රූපං රූපස්ස උපචයො.
ආයතනයන්ගේ යම් නිපැද්මෙක් වේ ද, හේ රූපයාගේ උපචය නමි. මේ ඒ රූපයාගේ උපචයරූප යි.
739. කතමං තං රූපං රූපස්ස න උපචයො?
739. ඒ රූපයාගේ උපචය නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න උපචයො.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ උපචය නො වූ රූප යි.
740. කතමං තං රූපං රූපස්ස සන්තති?
740. ඒ රූපයාගේ සන්තතිරූපය කවරෙ යත්:
යො රූපස්ස උපචයො, සා රූපස්ස සන්තති. ඉදං තං රූපං රූපස්ස සන්තති.
රූපයාගේ යම් වැඩීමෙක් වේ ද, ඒ රූපයාගේ සන්තති නමු. මේ ඒ රූපයාගේ සන්තතිරූප යි.
741. කතමං තං රූපං රූපස්ස න සන්තති?
741. ඒ රූපයාගේ සන්තති නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න සන්තති.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ සන්තති නො වූ රූප යි.
742. කතමං තං රූපං රූපස්ස ජරතා?
742. ඒ රූපයාගේ ජරතාරූපය කවරෙ යත්:
යා රූපස්ස ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, ඉදං තං රූපං රූපස්ස ජරතා.
රූපයාගේ යම් ජරායෙක් ජීර්‍ණාකාරයෙක් කැඩුණු බවෙක් පැසුණු බවෙක් රැළි වැටුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉන්ද්රියයන් මිහිකිරීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ ජරතාරූප යි.
743. කතමං තං රූපං රූපස්ස න ජරතා?
743. ඒ රූපයාගේ ජරතා නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න ජරතා.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ ජරතා නො වූ රූප යි.
744. කතමං තං රූපං රූපස්ස අනිච්චතා?
744. ඒ රූපයාගේ අනිච්චතාරූපය කවරෙ යත්:
යො රූපස්ස ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං තං රූපං රූපස්ස අනිච්චතා.
රූපයාගේ යම් ක්ෂය වීමෙක් විනාශයෙක් බිඳීමෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ ඒ රූපයාගේ අනිත්‍යතා රූප යි.
745. කතමං තං රූපං රූපස්ස න අනිච්චතා?
745. ඒ රූපයාගේ අනිච්චතා නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං රූපස්ස න අනිච්චතා.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපයාගේ අනිත්‍යතා නො වූ රූප යි.
746. කතමං තං රූපං කබලිංකාරො ආහාරො?
746. ඒ කවලීකාරාහාරරූපය කවරෙ යත්:
ඔදනො කුම්මාසො සත්තු මිච්ඡො මංසං ඛීරං දධි සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං යම්හි යම්හි ජනපදෙ තෙසං තෙසං සත්තානං මුඛාසියං දන්තවිඛාදනං ගලජ්ඣොහරණීයං කුච්ඡිවිත්ථම්භනං යාය ඔජාය සත්තා යාපෙන්ති, ඉදං තං රූපං කබලිංකාරො ආහාරො.
ඕදන ය කුල්මාෂ ය හත්වට ය මාළු ය මස් ය කිරි ය දිහි ය ගිතෙල් ය වෙඬරු ය තෙල් ය මිහි ය පැණි ය, තවද යම් යම් ජනපදයෙක්හි ඒ ඒ සත්ත්වයන් විසින් මුවින් කෑමට නිසි දතින් විකිය යුතු ගෙලෙන් ගලනට නිසි කුස පුරාලන යම් ඕජාවෙකින් සත්ත්වයෝ යැපෙත් නම්, එබඳු වූ අන්‍ය වූත් යම් රූපයෙක් ඇද්ද, මේ ඒ කවලීකාරාහාර රූප යි.
747. කතමං තං රූපං න කබලිංකාරො ආහාරො?
747. ඒ කවලීකාරාහාර නො වූ රූපය කවරෙ යත්:
චක්ඛායතනං -පෙ- රූපස්ස අනිච්චතා. ඉදං තං රූපං න කබලිංකාරො ආහාරො.
චක්‍ෂුරායතන ය … රූපයාගේ අනිත්‍යතාරූප යි. මේ ඒ කවලීකාරාහාර නො වූ රූප යි.
එවං දුවිධෙන රූපසඞ්ගහො.
මෙසේ දෙ අයුරින් රූපසඞ්ග්‍රහය වේ.