යෙදුමෙන් කියවන්න

පරාමාසගොච‍්ඡකං

1514. කතමෙ ධම‍්මා පරාමාසා:

1514. පරාමර්‍ශ ධර්‍මයෝ කවරහ යත්:

දිට‍්ඨිපරාමාසො චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, ඉමෙ ධම‍්මා පරාමාසා.

දෘෂ්ටිපරාමර්‍ශය දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ සතර සිත්හි උපදී. මොහු පරාමර්‍ශ ධර්‍මයෝ යි.

1515. කතමෙ ධම‍්මා නො පරාමාසා:

1515. පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා පරාමාසං අවසෙසං අකුසලං, චතුසු භූමීසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමීසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො පරාමාසා.

පරාමාසය තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුසල් යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යි.

1516. කතමෙ ධම‍්මා පරාමට‍්ඨා:

1516. පරාමෘෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ කවරහයත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා පරාමට‍්ඨා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමෘෂ්ට ධර්‍මයෝ යි.

1517. කතමෙ ධම‍්මා අපරාමට‍්ඨා:

1517. අපරාමෘෂ්ට ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අපරාමට‍්ඨා.

අපර්‍ය්‍යාපන්න සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අපරාමෘෂ්ට ධර්‍මයෝ යි.

1518. කතමෙ ධම‍්මා පරාමාසසම‍්පයුත‍්තා:

1518. පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නං පරාමාසං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා පරාමාසසම‍්පයුත‍්තා.

සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් පරාමර්‍ශය හැර යි. මොහු පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1519. කතමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා:

1519.පරාමර්‍ශවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා.

සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, දෝමනස්සහගත චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, විචිකිච්ඡාසහගත චිත්තෝත්පාද යැ, උද්ධච්චසහගත චිත්තෝත්පාද යැ. චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මෙහු පරාමර්‍ශවිප්‍රයුක්ත ධර්‍මයෝ යැ.

පරාමාසො න වත‍්තබ‍්බො පරාමාසසම‍්පයුත‍්තොතිපි පරාමාසවිප‍්පයුත‍්තොතිපි.

පරාමාසය තෙමේ පරාමර්‍ශසම්ප්‍රයුක්ත යයි ද, පරාමර්‍ශවිප්‍රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.

1520. කතමෙ ධම‍්මා පරාමාසා චෙව පරාමට‍්ඨා ච:

1520. පරාමර්‍ශ ද වූ පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ කවරහ යත්:

සො එව පරාමාසො පරාමාසො චෙව පරාමට‍්ඨො ච.

එ මැ පරාමාසය පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වේ.

1521. කතමෙ ධම‍්මා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසා:

1521. පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා පරාමාසං අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා පරාමට‍්ඨා චෙව නො ච පරාමාසා.

පරාමාසය තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යකෘත යැ, හැම රූප දැයි මොහු පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යි.

අපරාමට‍්ඨා ධම‍්මා න වත‍්තබ‍්බා පරාමාසා චෙව පරාමට‍්ඨාතිපි, පරාමට‍්ඨා චෙව නො ච පරාමාසාතිපි.

අපරාමෘෂ්ට ධර්‍මයෝ පරාමර්‍ශ ද වූ පරාමෘෂ්ටයහ’යිද, පරාමෘෂ්ට ද වූ නො ද පරාමර්‍ශහ’යිද නොකියයුත්තාහ.

1522. කතමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා පරාමට‍්ඨා:

1522. පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමාෂ්ට ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතචිත‍්තුප‍්පාදා, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා පරාමට‍්ඨා.

සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සිත්හු යැ, දෝමනස්සහගත දෙ සිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, උද්ධච්චසහගත සිත යැ, තුන්බිමැ කුසල් යැ, තුන්බිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු පරාමර්‍ශවිප්‍රයුක්ත පරාමෘෂ්ට ධර්‍මයෝ යි.

1523. කතමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨා:

1523. පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණඵලයෝ ද, නිර්‍වාණය දැ යි මොහු පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ යි.

පරාමාසා ච පරාමාසසම‍්පයුත‍්තා ච ධම‍්මා න වත‍්තබ‍්බා පරාමාසවිප‍්පයුත‍්තා පරාමට‍්ඨාතිපි, පරාමාසවිප‍්පයුත‍්තා අපරාමට‍්ඨාතිපි.

පරාමර්‍ශ වූ ද පරාමර්‍ශසම්ප්‍රයුක්ත වු ද ධර්‍මයෝ පරාමර්‍ශවිප්‍රයුක්ත වූ පරාමෘෂ්ටයහ’යි ද පරාමර්‍ශවිප්‍රයුක්ත වූ අපරාමෘෂ්ටයහ’යි ද නො කියැයුත්තාහ.

පරාමාසගොච‍්ඡකං.

පරාමාසගොච්ඡක යි.