මහන්තර දුකං
1524. කතමෙ ධම‍්මා සාරම‍්මණා.
1524. සාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
චතුසු භූමීසු කුසලං, අකුසලං, චතුසු භූමීසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, ඉමෙ ධම‍්මා සාරම‍්මණා.
සියුබිම්හි කුශල යැ, අකුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘතයෝ දැ යි සාලම්බන ධර්‍මයෝ යි.
1525. කතමෙ ධම‍්මා අනාරම‍්මණා:
1525.අනාලම්බන ධර්‍මයෝ කවරහ යත්:
රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනාරම‍්මණා.
රූපය ද,නිර්‍වාණය දැයි මොහු අනාලම්බන ධර්‍මයෝ යි.
1526. කතමෙ ධම‍්මා චිත‍්තා:
1526. චිත්ත ධර්‍මයෝ කවරහ යත්:
චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු, ඉමෙ ධම‍්මා චිත‍්තා.
චක්‍ෂුර්විඥාන යැ, ශ්‍රෝත්‍රවිඥාන යැ, ඝ්‍රාණවිඥාන යැ, ජිහ්වාවිඥාන යැ, කායවිඥාන යැ, මනෝධාතු යැ, මනෝවිඥානධාතු යි. මොහු චිත්ත ධර්‍මයෝ යි.
1527. කතමෙ ධම‍්මා නො චිත‍්තා:
1527. චිත්ත නො වූ ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තා.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්ත නො වූ ධර්‍මයෝ යි.
1528. කතමෙ ධම‍්මා චෙතසිකා:
1528. චෛතසික ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චෙතසිකා.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, මොහු චෛතසිකධර්‍මයෝ යි.
1529. කතමෙ ධම‍්මා අචෙතසිකා:
1529. අචෛතසික ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අචෙතසිකා.
චිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චෛතසික නො වූ ධර්‍මයෝ යි.
1530. කතමෙ ධම‍්මා චිත‍්තසම‍්පයුත‍්තා:
1530. චිත්තසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසම‍්පයුත‍්තා.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.
1531. කතමෙ ධම‍්මා චිත‍්තවිප‍්පයුත‍්තා:
1531. චිත්තවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:
රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා චිත‍්තවිප‍්පයුත‍්තා.
රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තවිපුයයුක්ත ධර්‍මයෝ යි.
චිත‍්තං න වත‍්තබ‍්බං චිත‍්තෙන සම‍්පයුත‍්තන‍්තිපි, චිත‍්තෙන විප‍්පයුත‍්තන‍්තිපි.
චිත්තය චිත්තය හා සම්ප්‍රයුක්ත යයි ද, චිත්තය හා විප්‍රයුක්ත යයි ද නො කියැයුත්තේ යි.
1532. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨා:
1532. චිත්තය හා සංසෘෂ්ටධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨා.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යි. මොහු චිත්තසංසෘෂ්ට ධර්‍මයෝ යි.
1533. කතමෙ ධම‍්මා චිත‍්තවිසංසට‍්ඨා:
1533. චිත්තය හා විසංසෘෂ්ටධර්‍මයෝ කවරහ යත්:
රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා චිත‍්තවිසංසට‍්ඨා.
රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට ධර්‍මයෝ යි.
චිත‍්තං න වත‍්තබ‍්බං චිත‍්තෙන සංසට‍්ඨන‍්තිපි, චිත‍්තෙන විසංසට‍්ඨන‍්තිපි.
චිත්තය චිත්තය හා සංසෘෂ්ට යයි ද, චිත්තය හා විසංසෘෂ්ට යයි ද නො කියැයුත්තේ යි.
1534. කතමෙ ධම‍්මා චිත‍්තසමුට‍්ඨානා:
1534. චිත්තසමුත්‍ථානධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබළීකාරො ආහාරො, ඉමෙ ධම‍්මා චිත‍්තසමුට‍්ඨානා.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යළි චිත්තජ චිත්තහේතුක චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙකුත් ඇද්ද එ යැ, රූපායතන යැ, ශබ්දායතන යැ, ගන්‍ධායතන යැ, රසායතන යැ, ස්ප්‍රෂ්ටව්‍යායතන යැ, ආකාසධාතු යැ, අබ්ධාතු යැ, රූපලඝුත්‍ව යැ, රූපමෘදුත්‍ව යැ, රූපකර්‍මණ්‍යතා යැ, රූපෝපචය යැ, රූපසන්තති යැ, කවලීකාරාහාර යැ , යන මොහු චිත්තසමුත්‍ථාන ධර්‍මයෝ යි.
1535. කතමෙ ධම‍්මා නො චිත‍්තසමුට‍්ඨානා:
1535. චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච අවසෙසං ච රූපං, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තසමුට‍්ඨානා.
චිත්තය ද අවශේෂරූපයද නිර්‍වාණය දැයි මොහු චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යි.
1536. කතමෙ ධම‍්මා චිත‍්තසහභුනො:
1536. චිත්තසහභූ ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, කායවිඤ‍්ඤත‍්ති, වචීවිඤ‍්ඤත‍්ති, ඉමෙ ධම‍්මා චිත‍්තසහභුනො.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු සිත හා එක් වැ උපදනා (-චිත්තසහභූ) ධර්‍මයෝ යි.
1537. කතමෙ ධම‍්මා නො චිත‍්තසහභුනො:
1537. චිත්තසහභූ නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච අවසෙසං ච රූපං නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තසහභුනො:
සිත ද අවශේෂ රූපය ද නිවන දැයි මොහු චිත්තසහභූ නො වූ ධර්‍මයෝ යි.
1538. කතමෙ ධම‍්මා චිත‍්තානුපරිවත‍්තිනො:
1538. චිත්තානුපරිවර්ති ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, කායවිඤ‍්ඤත‍්ති, වචීවිඤ‍්ඤත‍්ති, ඉමෙ ධම‍්මා චිත‍්තානුපරිවත‍්තිනො.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, කායවිඥප්ති යැ, වාග්විඥප්ති යැ, යන මොහු චිත්තානුපරිවර්ති ධර්‍මයෝ යි.
1539. කතමෙ ධම‍්මා නො චිත‍්තානුපරිවත‍්තිනො:
1539. චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච අවසෙසං ච රූපං නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තානුපරිවත‍්තිනො.
චිත්තය ද අවශේෂ රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යි.
1540. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා:
1540. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ යි.
1541. කතමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා:
1541. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.
චිත්තය ද රූපය ද නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන නො වූ ධර්‍මයෝ යි.
1542. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො:
1542. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨ සමුට‍්ඨානසහභුනො.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ ධර්‍මයෝ යි.
1543. කතමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො:
1543. චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නොවූ ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.
චිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන සහභූ නොවූ ධර්‍මයෝ යි.
1544. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො:
1544. චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ කවරහ යත්:
වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.
වේදනාස්කන්‍ධ යැ, සංඥාස්කන්‍ධ යැ, සංස්කාරස්කන්‍ධ යැ, යන මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ යි.
1545. කතමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො:
1545. චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී නො වූ ධර්‍මයෝ කවරහ යත්:
චිත‍්තං ච රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.
චිත්තය ද, රූපය ද, නිර්‍වාණය දැයි මොහු චිත්තසංසෘෂ්ට සමුත්‍ථාතානුපරිවර්තී නො වූ ධර්‍මයෝ යි.
1546. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තිකා.
1546. ආධ්‍යාත්මික ධර්‍මයෝ කවරහ යත්:
චක‍්ඛායතනං -පෙ- මනායතනං, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තිකා.
චක්‍ෂුරායතන යැ ... මනායතන යි. මොහු ආධ්‍යාත්මික ධර්‍මයෝ යි.
1547. කතමෙ ධම‍්මා බාහිරා:
1547. බාහ්‍යධර්‍මයෝ කවරහ යත්:
රූපායතනං -පෙ- ධම‍්මායතනං, ඉමෙ ධම‍්මා බාහිරා.
රූපායතන යැ ... ධර්‍මායතන යි. මොහු බාහ්‍යාධර්‍මයෝ යි.
1548. කතමෙ ධම‍්මා උපාදා:
1548. උපාදා (-භූතයන් නිසා පවත්නා) ධර්‍මයෝ කවරහ යත්:
චක‍්ඛායතනං -පෙ- කබළීකාරො ආහාරො, ඉමෙ ධම‍්මා උපාදා.
චක්‍ෂුරායතන යැ ... කවලීකාරාහාර යි. මොහු උපාදා ධර්‍මයෝ යි.
1549. කතමෙ ධම‍්මා නො උපාදා:
1549. උපාදා නොවූ ධර්‍මයෝ කවරහ යත්:
චතුසු භූමිසු කුසලං, අකුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, චත‍්තාරො ච මහාභූතා, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො උපාදා.
චාතුර්භූමක කුශල යැ, අකුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, සතර මහාභූතයෝ යැ, නිර්‍වාණ දැයි මොහු උපාදා නො වූ ධර්‍මයෝ යි.
1550. කතමෙ ධම‍්මා උපාදින‍්නා:
1550. උපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
තීසු භූමිසු විපාකො, යං ච රූපං කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා උපාදින‍්නා.
ත්‍රෛභූමක විපාක යැ, කර්‍මය පිළිබඳ යම් කෘතත්‍වාත් රූපයෙක් ඇද්ද, මොහු උපාදින්න ධර්‍මයෝ යි.
1551. කතමෙ ධම‍්මා අනුපාදින‍්නා:
1551. අනුපාදින්න ධර්‍මයෝ කවරහ යත්:
තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු කිරියාව්‍යාකතං, යං ච රූපං න කම‍්මස‍්ස කතත‍්තා, චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනුපාදින‍්නා.
ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, කර්‍මය පිළිබඳ කෘතත්‍වාත් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න වු සතර මාර්‍ගයෝ ද, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදින්න ධර්‍මයෝ යි.