යෙදුමෙන් කියවන්න

උපාදාන ගොච‍්ඡකං

1552. කතමෙ ධම‍්මා උපාදානා:

1552. උපාදනධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරි උපාදානානි: කාමූපාදානං දිට‍්ඨුපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං,

උපාදාන සතරෙකි: කාමූපාදාන යැ, දිට්ඨූපාදාන යැ, සීලබ්බතූපාදාන යැ, අත්තවාදූපාදාන යි.

කාමූපාදානං අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දිට‍්ඨුපාදානඤ‍්ච සීලබ‍්බතූපාදානඤ‍්ච අත‍්තවාදූපාදානඤ‍්ච චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජන‍්ති ඉමෙ ධම‍්මා උපාදානා.

කාමූපාදානය ලෝභසහගත සිත් අටෙහි උපදී. දිට්ඨූපාදානය ද සීලතබ්බතූපාදානය ද අත්තවාදූපාදානය ද දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත සිත් සතරෙහි උපදිත්. මේ ධර්‍මයෝ උපාදානයෝ යි.

1553. කතමෙ ධම‍්මා නො උපාදානා:

1553. උපාදාන නො වු ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා උපාදානෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො උපාදානා.

උපාදානයන් තබා අවශේෂ අකුශල යැ, සියුබිම්හි කුශලයැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපාදාන නො වූ ධර්‍මයෝ යි.

1554. කතමෙ ධම‍්මා උපාදානියා:

1554. උපාදානිය (උපාදනයන්ට හිත) ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමීසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා උපාදානියා.

ත්‍රෛභූමක කුශල යැ, අකුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මෙහු උපාදානිය ධර්‍මයෝ යි.

1555. කතමෙ ධම‍්මා අනුපාදානියා:

1555. අනුපාදනීය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනුපාදානියා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු අනුපාදනීය ධර්‍මයෝ යි.

1556. කතමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා:

1556. උපාදනාසම්ප්‍රයුක්තධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො දිට‍්ඨිගතසම‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා, චත‍්තාරො දිට‍්ඨිගතවිප‍්පයුත‍්තා ලොභසහගතචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නං ලොභං ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා.

දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ ලෝභසහගත සිත් සතර යැ, මෙහි උපන් ලෝභය තබා යි. මේ ධර්‍මයෝ උපාදානසම්ප්‍රයුක්තයෝ යි.

1557. කතමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා:

1557. උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නො ලොභො, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, චතුසු භූමීසු කුසලං, චතුසු භූමීසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සිත් සතරෙහි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය සිත් දෙක යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්‍යසහගත සිත යැ, සියුබිමැ කුසල යැ, සියුබිමැ විපාක යැ, තුන්බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1558. කතමෙ ධම‍්මා උපාදානා චෙව උපාදානියා ච:

1558. උපාදාන ද උපාදානිය ද වූ ධර්‍මයෝ කවරහ යත්:

තානෙව උපාදානානි උපාදානා චෙව උපාදානියා ච.

ඒ උපාදානයෝ මැ උපාදාන ද උපාදානිය ද වෙත්.

1559. කතමෙ ධම‍්මා උපාදානියා චෙව නො ච උපාදානියා ච:

1559. උපාදානිය ද නො ද උපාදාන වු ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා උපාදානෙ අවසෙසං අකුසලං, තීසු භූමීසු කුසලං, තීසු භූමීසු විපාකො, තීසු භූමීසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං ච, ඉමෙ ධම‍්මා උපාදානියා චෙව නො ච උපාදානා.

උපාදානයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු උපාදානිය ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යි.

අනුපාදානියා ධම‍්මා න වත‍්තබ‍්බා උපාදානා චෙව උපාදානියාතිපි උපාදානියා චෙව නො ච උපාදානාතිපි.

අනුපාදානිය ධර්‍මයෝ උපාදාන ද වූ උපාදානිය යි ද උපාදානිය ද නො ද උපාදාන වූහ යි ද නො කියැයුත්තාහ.

1560. කතමෙ ධම‍්මා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තා ච:

1560. උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ දිට‍්ඨි ච ලොභො ච එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තා ච.

යම් සිතෙක දෘෂ්ටියත් ලෝභයත් එක්වට උපදිත් ද, මොහු උපාදාන ද උපාදානසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ යි.

1561. කතමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානා:

1561. උපාදානසම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ කවරහ යත්:

අට‍්ඨලොභසහගතචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නෙ උපාදානෙ ඨපෙත්‍වා, ඉමෙ ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානා.

අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයෝ යැ, මෙහි උපන් උපාදානයන් තබා, මොහු උපාදානසම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යි.

උපාදානවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා උපාදානා චෙව උපාදානසම‍්පයුත‍්තාතිපි, උපාදානසම‍්පයුත‍්තා චෙව නො ච උපාදානාතිපි.

උපාදානවිප්‍රයුක්ත ධර්‍මයෝ උපාදානා ද වූ උපාදානසම්ප්‍රයුක්තයෝ යයි ද, උපාදානසම්ප්‍රයුක්ත ද වූ නො ද උපාදාන වූහ යි නො කියයුත්තාහ.

1562. කතමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා උපාදානියා:

1562. උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ධර්‍මයෝ කවරහ යත්:

චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නො ලොභො, ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, විචිකිච‍්ඡාසහගතො චිත‍්තුප‍්පාදො, උද‍්ධච‍්චසහගතො චිත‍්තුප‍්පාදො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා උපාදානියා.

දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත සතර සිත්හි උපන් ලෝභ යැ, දොම්නස්සහගිය දෙසිත්හු යැ, විචිකිත්සාසහගත සිත යැ, ඖද්ධත්‍යසහගත සිත යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකාත යැ, හැම රූපය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත උපාදානිය ධර්‍මයෝ යි.

1563. කතමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා අනුපාදානියා:

1563. උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි. නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා උපාදානවිප‍්පයුත‍්තා අනුපාදානියා.

අපර්‍ය්‍යාපන්න සතරමාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු උපාදානවිප්‍රයුක්ත අනුපාදානිය ධර්‍මයෝ යි.

උපාදානසම‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා උපාදානවිප‍්පයුත‍්තා උපාදානියාතිපි, උපාදානවිප‍්පයුත‍්තා අනුපාදානියාතිපි.

උපාදානසම්ප්‍රයුක්ත ධර්‍මයෝ උපාදනාවිප්‍රයුක්ත උපාදානීයහ යි ද උපාදානවිප්‍රයුක්ත අනුපාදානීයහ යි ද නො කියැයුත්තාහ.

උපාදාන ගොච‍්ඡකං.

උපාදානගොච්ඡක යි.