යෙදුමෙන් කියවන්න

ආසවගොච‍්ඡකං

1464. කතමෙ ධම‍්මා ආසවා:

1464. ආස්‍රවධර්‍මයෝ කවරය යත්:

චත‍්තාරො ආසවා: කාමාසවො භවාසවො දිට‍්ඨාසවො අවිජ‍්ජාසවො. කාමාසවො අට‍්ඨසු ලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, භවාසවො චතුසු දිට‍්ඨිගතවිප‍්පයුත‍්තලොභසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, දිට‍්ඨාසවො චතුසු දිට‍්ඨිගතසම‍්පයුත‍්තෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පජ‍්ජති, අවිජ‍්ජාසවො සබ‍්බාකුසලෙසු උප‍්පජ‍්ජති, ඉමෙ ධම‍්මා ආසවා.

ආස්‍රවයෝ සතරදෙනෙක් වෙති: කාමාස්‍රව යැ, භවාස්‍රව යැ, දෘෂ්ට්‍යාස්‍රව යැ, අවිද්‍යාස්‍රව යි. කාමාස්‍රවය අෂ්ටලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, භවාස්‍රවය සතර දෘෂ්ටිගතවිප්‍රයුක්ත ලෝභසහගත චිත්තෝත්පාදයන්හි උපදී, දෘෂ්ට්‍යාස්‍රවය සතර දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයන්හි උපදී, අවිද්‍යාස්‍රවය සර්‍වාකුශලයෙහි උපදී. මේ ධර්‍මයෝ ආස්‍රවයෝ යි.

1465. කතමෙ ධම‍්මා නො ආසවා:

1465. ආස්‍රව නො වූ ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා ආසවෙ අවසෙසං අකුසලං, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා නො ආසවා.

ආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, චාතුර්භූමක කුශල යැ, චාතුර්භූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද නිර්‍වාණය දැයි මොහු ආස්‍රව නො වූ ධර්‍මයෝ යි.

1466. කතමෙ ධම‍්මා සාසවා:

1466. සාස්‍රව (ආස්‍රව සහිත) ධර්‍මයෝ කවරහ යත්:

තීසු භූමිසු කුසලං, අකුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සාසවා.

තුන්බිමැ කුශල යැ, අකුශ යැ, තුන් බිමැ විපාක යැ, තුන් බිමැ ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූප දැයි මොහු සාස්‍රව ධර්‍මයෝ යි.

1467. කතමෙ ධම‍්මා අනාසවා:

1467. අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා අනාසවා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලය ද, නිර්‍වාණය දැයි මොහු අනාස්‍රව ධර්‍මයෝ යි.

1468. කතමෙ ධම‍්මා ආසවසම‍්පයුත‍්තා:

1468. ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වෙ දොමනස‍්සසහගතචිත‍්තුප‍්පාදා, එත්‍ථුප‍්පන‍්නං මොහං ඨපෙත්‍වා, විචිකිච‍්ඡා සහගතෙ උද‍්ධච‍්චසහගතෙ මොහෙ ඨපෙත්‍වා අවසෙසං අකුසලං, ඉමෙ ධම‍්මා ආසවසම‍්පයුත‍්තා.

දොම්නස් සහගිය චිත්තෝත්පාදයෝ දෙදෙන යැ, මෙහි උපන් මෝහය තබා, විචිකිච්ඡාසහගත වූ උද්ධච්චසහගත වූ මෝහයන් තබා, අවශේෂ අකුශලය දැයි මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ යි.

1469. කතමෙ ධම‍්මා ආසවවිප‍්පයුත‍්තා:

1469. ආස්‍රවවිප්‍රයුක්ත ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නො මොහො, විචිකිච‍්ඡාසහගතො මොහො, උද‍්ධච‍්චසහගතො මොහො, චතුසු භූමිසු කුසලං, චතුසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, රූපං ච නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා ආසවවිප‍්පයුත‍්තා.

දොම්නස් සහගිය චිත්තෝත්පාද දෙක්හි උපන් මෝහ යැ, විචිකිච්ඡා සහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, සියුබිම්හි කුශල යැ, සියුබිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, රූපය ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්තධර්‍මයෝ යි.

1470. කතමෙ ධම‍්මා ආසවා චෙව සාසවා ච:

1470. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ කවරහ යත්:

තෙව ආසවා ආසවා චෙව සාසවා ච.

ඒ ආස්‍රවයෝ මැ ආස්‍රව වූවාහු ද ආස්‍රව සහිත වූවාහු ද වෙත්:

1471. කතමෙ ධම‍්මා සාසවා චෙව නො ච ආසවා:

1471. සාස්‍රව වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා ආසවෙ අවසෙසං අකුසලං, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා සාසවා චෙව නො ච ආසවා.

ආස්‍රවයන් තබා අවශේෂ අකුශල යැ, ත්‍රෛභූමක කුශල යැ, ත්‍රෛභූමක විපාක යැ, ත්‍රෛභූමක ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මේ ධර්‍මයෝ ආස්‍රව සහිත වූවාහු ද නො ද ආස්‍රව වූවාහු ද වෙති.

අනාසවා ධම‍්මා න වත‍්තබ‍්බා ආසවා චෙව සාසවාතිපි සාසවා චෙව නො ච ආසවාතිපි.

අනාස්‍රව ධර්‍මයෝ ආස්‍රවයෝත් ආස්‍රව සහිතයෝත් වෙති යි ද, සාස්‍රව වූවොත් නො ද ආස්‍රව වූවෝත් වෙති යි ද නො කියැයුත්තාහු වෙත්.

1472. කතමෙ ධම‍්මා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තා ච:

1472. ආස්‍රව වු ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ කවරහ යත්:

යත්‍ථ ද‍්වෙ තයො ආසවා එකතො උප‍්පජ‍්ජන‍්ති, ඉමෙ ධම‍්මා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තා ච.

යම් චිත්තෝත්පාදයෙක්හි දෙතුන් ආස්‍රව කෙනෙක් එක්වට උපදිත් ද, මොහු ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යි.

1473. කතමෙ ධම‍්මා ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවා:

1473. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ කවරහ යත්:

ඨපෙත්‍වා ආසවෙ අවසෙසා අකුසලා, ඉමෙ ධම‍්මා ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවා.

ආස්‍රවයන් තබා අවශේෂ අකුශලයෝ යැ. මොහු ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යි.

ආසවවිප‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා ආසවා චෙව ආසවසම‍්පයුත‍්තා තිපි ආසවසම‍්පයුත‍්තා චෙව නො ච ආසවාතිපි.

ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ ආස්‍රව ද වූ ආස්‍රවසම්ප්‍රයුක්තයෝ යයි ද ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ නො ද ආස්‍රව වූවෝ යයි ද නො කියයුත්තාහ:

1474. කතමෙ ධම‍්මා ආසවවිප‍්පයුත‍්තා සාසවා:

1474. ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:

ද‍්වීසු දොමනස‍්සසහගතෙසු චිත‍්තුප‍්පාදෙසු උප‍්පන‍්නො මොහො, විචිකිච‍්ඡාසහගතො මොහො, උද‍්ධච‍්චසහගතො මොහො, තීසු භූමිසු කුසලං, තීසු භූමිසු විපාකො, තීසු භූමිසු කිරියාව්‍යාකතං, සබ‍්බං ච රූපං, ඉමෙ ධම‍්මා ආසවවිප‍්පයුත‍්තා සාසවා.

දොම්නස්සහගිය දෙ සිත්හි උපන් මෝහ යැ, විචිකිච්ඡාසහගත මෝහ යැ, උද්ධච්චසහගත මෝහ යැ, තුන්බිම්හි කුශල යැ, තුන්බිම්හි විපාක යැ, තුන්බිම්හි ක්‍රියාව්‍යාකෘත යැ, හැම රූපය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව ධර්‍මයෝ යි.

1475. කතමෙ ධම‍්මා ආසවවිප‍්පයුත‍්තා අනාසවා:

1475. ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රව ධර්‍මයෝ කවරහ යත්:

චත‍්තාරො මග‍්ගා අපරියාපන‍්නා, චත‍්තාරි ච සාමඤ‍්ඤඵලානි, නිබ‍්බානං ච, ඉමෙ ධම‍්මා ආසවවිප‍්පයුත‍්තා අනාසවා.

අපර්‍ය්‍යාපන්න වූ සතර මාර්‍ගයෝ යැ, සතර ශ්‍රාමණ්‍යඵලයෝ ද, නිර්‍වාණය දැයි මොහු ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයෝ යි.

ආසවසම‍්පයුත‍්තා ධම‍්මා න වත‍්තබ‍්බා ආසවවිප‍්පයුත‍්තා සාසවාතිපි ආසවවිප‍්පයුත‍්තා අනාසවාතිපි.

ආස්‍රවසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ආස්‍රවවිප්‍රයුක්ත වූ සාස්‍රව (ආස්‍රව සහිත) යෝ යයි ද, ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවයෝ යයි ද නො කියැයුත්තාහ.

ආසවගොච‍්ඡකං.

ආස්‍රවගොච්ඡක යි.