කම්මූපචයකථා
15. 11.
15. 11.
කම්මූපචයකථා.
කම්මූපචයකථා
[කර්‍මොපචය වනාහි කර්මයෙන් අන්‍ය වූ චිත්තවිප්‍රයුක්ත වූ අව්‍යාකෘත වූ අනාලම්බන වූ එකෙකැයි අන්ධක සමමිතීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘කම්මූපචය කථා’ එයි.]
1. ස. පු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මූපචයො’ති.
1. ස. පු: කර්මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අඤ්ඤො ඵස්සො, අඤ්ඤො ඵස්සුපචයො, අඤ්ඤා වෙදනා, අඤ්ඤො වෙදනූපචයො, අඤ්ඤා සඤ්ඤා, අඤ්ඤො සඤ්ඤූපචයො, අඤ්ඤා චෙතනා, අඤ්ඤො චෙතනූපචයො, අඤ්ඤං චිත්තං, අඤ්ඤො චිත්තූපචයො, අඤ්ඤා සද්ධා, අඤ්ඤො සද්ධූපචයො, අඤ්ඤං විරියං, අඤ්ඤො විරියූපචයො, අඤ්ඤා සති, අඤ්ඤො සතූපචයො, අඤ්ඤො සමාධි, අඤ්ඤො සමාධුපචයො, අඤ්ඤා පඤ්ඤා, අඤ්ඤො පඤ්ඤූපචයො, අඤ්ඤො රාගො, අඤ්ඤො රාගූපචයො -පෙ- අඤ්ඤං අනොත්තප්පං, අඤ්ඤො අනොත්තප්පුපචයො’තී.
ස. අනු: ස්පර්ශය අනෙකෙක් වේ ද, ස්පර්ශොපචය අනෙකෙක් වේ ද, වේදනා අනෙකක් වේ ද, වේදනෝපචය අනෙකෙක් වේ ද, සංඥා අනෙකක් වේ ද, සංඥොපචය අනෙකෙක් වේ ද, චේතනා අනෙකක් වේ ද, චේතනෝපචය අනෙකෙක් වේ ද, චිත්තය අනෙකෙක් වේ ද, චිත්තොපචය අනෙකෙක් වේ ද, ශ්‍රද්ධා අනෙකක් වේ ද, ශ්රද්ධොපචය අනෙකෙක් වේ ද, වීර්‍ය්‍යය අනෙකෙක් වේ ද, වීර්ය්යෝපචය අනෙකෙක් වේ ද, ස්මෘති අනෙකක් වේ ද, ස්මෘතිඋපචය අනෙකෙක් වේ ද, සමාධි අනෙකෙක් වේ ද, සමාධිඋපචය අනෙකෙක් වේ ද, ප්‍රඥා අනෙකක් වේ ද, ප්රඥොපචය අනෙකෙක් වේ ද, රාගය අනෙකෙක් වේ ද, රාගෝපචය අනෙකෙක් වේ ද, අනොත්තප්පය අනෙකෙක් වේ ද, අනොත්තප්පඋපචය අනෙකෙක් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මුපචයොති.
2. ස. පු: කර්මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා,
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම්මුපචයො කම්මෙන සහජාතො’ති.
ස. අනු: කර්‍මොපචය කර්මය හා සහජාත වේ ද,
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: කම්මූපචයො කම්මෙන සහජාතො’ති.
3. ස. පු: කර්‍මොපචය කර්මය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කුසලෙන කම්මෙන සහජාතො කම්මුපචයො කුසලො’ති.
ස. අනු: කුශලකර්මය හා සහජාත වූ කර්‍මොපචය කුශල වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: කුසලෙන කම්මෙන සහජාතො කම්මූපචයො කුසලො’ති.
4. ස. පු: කුශලකර්මය හා සහජාත වූ කර්‍මොපචය කුශල වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (චිත්තසම්ප්රයුක්තයා සඳහා පිළින යි.)
ස. අනු: සුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මුපචයො සුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
ස. අනු: සුඛවේදනාසම්ප්රයුක්තකර්මය හා සහජාත වූ කර්‍මොපචය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දුක්ඛාය වෙදනාය -පෙ- අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මූපචයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
ස. අනු: දුඃඛවේදනාසම්ප්රයුක්ත ... අදුඃඛාසුඛවේදනා සම්ප්‍රයුක්ත කර්මය හා සහජාත වූ කර්‍මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: කම්මූපචයො කම්මෙන සහජාතො’ති.
5. ස. පු: කර්‍මොපචය කර්මය හා සහජාත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අකුසලෙන කම්මෙන සහජාතො කම්මූපචයො අකුසලොති.
ස. අනු: අකුශලකර්මයා හා සහජාත වූ කර්‍මොපචය අකුශල වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: අකුසලෙන කම්මෙන සහජාතො කම්මූපචයො අකුසලො’ති.
6. ස. පු: අකුශලකර්මයා හා සහජාත වූ කර්‍මොපචය අකුශල වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මුපචයො සුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
ස. අනු: සුඛවෙදනාසම්ප්රයුක්ත කර්මය හා සහජාත වූ කර්‍මොපචය සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: දුක්ඛාය වෙදනාය -පෙ- අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙන කම්මෙන සහජාතො කම්මූපචයො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො’ති.
ස. අනු: දුඃඛවේදනාසම්ප්රයුක්ත ... අදුඃඛාසුඛවේදනාසම්ප්රයුක්තකර්මය හා සහජාත වූ කර්‍මොපචය අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: කම්මං චිත්තෙන සහජාතං, කම්මං සාරම්මණන්ති.
7. ස. පු: කර්මය චිත්තය හා සහජාත වෙයි. කර්මය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම්මූපචයො චිත්තෙන සහජාතො, කම්මූපචයො සාරම්මණො’ති.
ස. අනු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්‍මොපචය සාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: කම්මූපචයො චිත්තෙන සහජාතො, කම්මූපචයො අනාරම්මණො’ති.
8. ස. පු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. කර්‍මොපචය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම්මං චිත්තෙන සහජාතං, කම්මං අනාරම්මණන්ති.
ස. අනු: කර්මය චිත්තය හා සහජාත වෙයි, කර්මය අනාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: කම්මං චිත්තෙන සහජාතං, චිත්තං භිජ්ජමානං කම්මං භිජ්ජතී’ති.
9. ස. පු: කර්මය චිත්තය හා සහජාත වෙයි, චිත්තය බිඳෙන්නේ යැ, කර්මය බිඳේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම්මුපචයො චිත්තෙන සහජාතො, චිත්තං භිජ්ජමානං කම්මූපචයො භිජ්ජතීති.
ස. අනු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි, චිත්තය භිද්‍යමාන යැ, කර්‍මොපචය බිඳේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: කම්මුපචයො චිත්තෙන සහජාතො, චිත්තං භිජ්ජමානං කම්මූපචයො න භිජ්ජතීති,
10. ස. පු: කර්‍මොපචය චිත්තය හා සහජාත වෙයි. චිත්තය භිද්‍යමාන යැ, එකල කර්‍මොපචය නො බිඳේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම්මං චිත්තෙන සහජාතං, චිත්තං භිජ්ජමානං කම්මං න භිජ්ජතී’ති.
ස. අනු: කර්මය චිත්තයා හා සහජාත වෙයි, චිත්තය භිද්‍යමාන කල්හි කර්මය නො බිඳේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
11. ස. පු: කම්මම්හි කම්මූපචයො’ති.
11. ස. පු: කර්මය ඇති කල කර්‍මොපචය වේ ද?
ප. පටි: ආමන්තා,
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තඤ්ඤෙව කම්මං සො කම්මූපචයො’ති.
ස. අනු: ඒ කර්මය මැ ඒ කර්‍මොපචය වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
12. ස. පු: කම්මම්හි කම්මූපචයො, කම්මූපචයතො විපාකො නිබ්බත්තතී’ති.
12. ස. පු: කර්මය පිහිටි කල කර්‍මොපචය වෙයි, කර්මෝපචයෙන් විපාකය උපදනේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තඤ්ඤෙව කම්මං, සො කම්මූපචයො, සො කම්මවිපාකො’ති.
ස. අනු: ඒ කර්මය මැ ඒ කර්‍මොපචය වූයේ ඒ කර්මවිපාකය වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
13. ස. පු: කම්මම්හි කම්මූපචයො, කම්මූපචයතො විපාකො නිබ්බත්තති, විපාකො සාරම්මණො’ති.
13. ස. පු: කර්මය ඇති කලැ කර්‍මොපචය වෙයි, කර්මෝපචයෙන් විපාකය උපදී. විපාකය සාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: කම්මූපචයො සාරම්මණො’ති.
ස. අනු: කර්‍මොපචය සාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
14. ස. පු: කම්මූපචයො අනාරම්මණො’ති.
14. ස. පු: කර්‍මොපචය අනාලම්බන වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: විපාකො අනාරම්මණො’ති.
ස. අනු: විපාකය අනාලම්බන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
15. ස. පු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මූපචයො’ති.
15. ස. පු: කර්මය අනෙකෙක් වේ ද, කර්‍මොපචය අනෙකෙක් වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “ඉධ පුණ්ණ, එකච්චො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරොති, සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං අභිසඞ්ඛරොති. සො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි කායසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වචීසඞ්ඛාරං -පෙ- මනොසඞ්ඛාරං අභිසඞ්ඛරිත්වා සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපජ්ජති. තමෙනං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ලොකං උපපන්නං සමානං සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි ඵස්සා ඵුසන්ති. සො සබ්යාපජ්ඣෙහිපි අබ්යාපජ්ඣෙහිපි ඵස්සෙහි ඵුට්ඨො සමානො සබ්යාපජ්ඣම්පි අබ්යාපජ්ඣම්පි වෙදනං වෙදෙති වොකිණ්ණසුඛදුක්ඛං, සෙය්යථාපි මනුස්සා එකච්චෙ ච දෙවා එකච්චෙ ච විනිපාතිකා. ඉති ඛො පුණ්ණ, භූතා භූතස්ස උපපත්ති හොති. යං කරොති තෙන උපපජ්ජති. උපපන්නමෙතං ඵස්සා ඵුසන්ති. එවම්පහං පුණ්ණ, කම්මදායාදා සත්තා’ති වදාමි”ති, අත්ථෙව සුත්තන්තො.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “පුණ්ණය, මෙ සස්නෙහි කිසි මහණෙක් සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර ... මනසංස්කාර අභිසංස්කරණ කෙරෙයි. හේ සදුඃඛ වූත් අදුඃඛ වූත් කායසංස්කාර අභිසංස්කරණ කොට සදුඃඛ වූත් අදුඃඛ වූත් වාක් සංස්කාර ... මනස්සංස්කාර අභිසංස්කරණ කොට සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ලෝකයට පැමිණෙයි. සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ලෝකයට පැමිණි තුලුන් සදුඃඛ වූ ද අදුඃඛ වූ ද ස්පර්ශයෝ පහසිත්. හේ සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ස්පර්ශයෙන් පහස්නා ලද්දේ සදුඃඛ වූ හෝ අදුඃඛ වූ හෝ ව්යවකීර්ණ සුඛදුඃඛ ඇති වේදනා විඳී. මනුෂ්‍යයන් ඇතැම් දෙවියන් ඇතැම් විනිපාතිකයන් සෙයිනි. පුණ්ණය, මෙසේ භූතයෙන් භූතයක්හුගේ උප්පත්ති වෙයි. යමක් කෙරේ ද එයින් උප්පත්ති වෙයි. ස්පර්ශයෝ උප්පන්න වූ තුලුන් ස්පර්ශ කෙරෙත්. පුණ්ණය, මම මෙසෙයිනුදු ‘සත්ත්වයෝ කර්මදායාදයහ’යි කියමි”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත්තබ්බං “අඤ්ඤං කම්මං අඤ්ඤො කම්මූපචයො”ති,
ස. පා: එකරුණින් කර්මය අනෙකෙකැ, කර්‍මොපචය අනෙකෙකැ’යි නො කියැයුතු යැ.
කම්මූපචයකථා නිට්ඨිතා.
කම්මුපචය කථා නිමි.
පණ්ණරසමො වග්ගො.
පසළොස්වන වග.
තස්සුද්දානං:
එහි උද්දානය:
“පච්චයතා වවත්ථිතා පටිච්චසමුප්පාදො අද්ධා ච ඛණො ලයො මුහුත්තං චත්තාරො ආසවා අනාසවා ලොකුත්තරානං ධම්මානං ජරාමරණං, ලොකුත්තරා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති, ලොකියා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති, සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්ය, ස්වෙව මග්ගො අසඤ්ඤසත්තූපපත්තියා, අඤ්ඤං කම්මං අඤ්ඤො කම්මූපචයො”ති.
පච්චයකථා යැ. අඤ්ඤමඤ්ඤපච්චයකථා යැ, අද්ධාකථා යැ, ඛණ ලය මුහුත්තකථා යැ, ආසවකථා යැ, ජරාමරණකථා යැ, සඤ්ඤාවේදයිතකථා යැ, දුතියසඤ්ඤාවේදයිත කථා යැ, තතියසඤ්ඤාවෙදයිත කථා යැ, අසඤ්ඤසත්තූපික කථා යැ, කම්මූපචයකථා යි.
තතියො පණ්ණාසකො.
තුන්වැනි පනස යි.