යෙදුමෙන් කියවන්න

නිග‍්ගහකථා

16. 1.

16. 1.

නිග‍්ගහකථා.

නිග්ගහ කථා

[‘ලෝකයෙහි බලප්‍රාප්ත වූ ද වශීභූත වූ ද යම් කෙනෙක් ඇද්ද, ඉදින් ඔහු පරාගේ සිත වසඟ කොට නිගන්නට හෙවත් සංක්ලේශයෙන් වළහන්නට නො හැකි වෙත් නම්, උන්ගේ කිනම් බලප්‍රාප්තියෙක් ද? කවර වශීභාවයෙක් ද? ඒකාන්තයෙන් ඔහු බලප්‍රාප්තියෙනුත් වශීභාවයෙනුත් මෙරමාගේ සිත වසඟ කොට සංක්ලේශයෙන් වළහති’යි මහාසඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිග්ගහ කථා’ එයි.]

1. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ (වසඟ කරන්නේ) වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස චිත‍්තං මා රජ‍්ජි, මා දුස‍්සි, මා මුය‍්හි මා කිලිස‍්සී’ති නිග‍්ගණ‍්හාතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකුගේ ‘සිත නො ඇලේවයි දූෂ්‍ය නො වේවයි මුළා නො වේවයි කිලිටි නො වේව’යි මෙසේ නිගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස උප‍්පන‍්නො ඵස‍්සො මා නිරුජ‍්ඣී’ති නිග‍්ගණ‍්හාතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් ස්පර්‍ශය ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: පරො පරස‍්ස උප‍්පන‍්නා වෙදනා -පෙ- උප‍්පන‍්නා සඤ‍්ඤා -පෙ- උප‍්පන‍්නා චෙතනා -පෙ- උප‍්පන‍්නං චිත‍්තං -පෙ- උප‍්පන‍්නා සද‍්ධා -පෙ- උප‍්පන‍්නං විරියං -පෙ- උප‍්පන‍්නා සති -පෙ- උප‍්පන‍්නො සමාධි -පෙ- උප‍්පන‍්නා පඤ‍්ඤා මා නිරුජ‍්ඣි’ති නිග‍්ගණ‍්හාතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකුට උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් සිත ... උපන් ශ්‍රද්ධා ... උපන් වීර්‍ය්‍ය ... උපන් ස්මෘති ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි මෙසේ නිගන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස අත්‍ථාය රාගං පජහතී’ති -පෙ- දොසං පජහති -පෙ- අනොත‍්තප‍්පං පජහතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකු සඳහා රාගය ප්‍රහාණ කෙරේ ද ... ද්වේෂය ප්‍රහාණ කෙරේ ද? ... අනපත්‍රපා ප්‍රහාණ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස අත්‍ථාය මග‍්ගං භාවෙති -පෙ- සතිපට‍්ඨානං භාවෙති -පෙ- බොජ‍්ඣඞ‍්ගං භාවෙතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය භවා ද? ... සීවටන් භවා ද? ... බෝධ්‍යඞ්ග භවා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

5. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස අත්‍ථාය දුක‍්ඛං පරිජානාති, සමුදයං පජහති, නිරොධං සච‍්ඡිකරොති, මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද? සමුදය දුරු කෙරේ ද? නිරෝධය සාක්‍ෂාත් කෙරේ ද? මාර්‍ගය භවා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො, පරං කතං සුඛං දුක‍්ඛං, අඤ‍්ඤො කරොති, අඤ‍්ඤො පටිසංවෙදෙතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:

“අත‍්තනා’ව කතං පාපං අත‍්තනා සඞ‍්කිලිස‍්සති. අත‍්තනා අකතං පාපං අත‍්තනා: ව විසුජ‍්ඣති. සුද‍්ධි අසුද‍්ධි පච‍්චත‍්තං නාඤ‍්ඤො අඤ‍්ඤං විසොධයෙ”ති

“තමා විසින් කළ පාපය තමා කෙලෙසන්නේ යැ. තමා විසින් නො කළ පාපය තමා මැ ශුද්ධ කරන්නේ යැ. ශුද්ධි අශුද්ධි දෙක තමා කෙරෙහි වෙයි. අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කරන්නේ යැ” යි

අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පා: තෙන හි න වත‍්තබ‍්බං: “පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

ස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.

8. ප. පු: න වත‍්තබ‍්බං පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී’ති.

8. ප. පු: ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු අත්‍ථි බලප‍්පත‍්තා, අත්‍ථි වසීභූතා’ති.

ප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි අත්‍ථි බලප‍්පත‍්තා, අත්‍ථි වසීභූතා.

ප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,

ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “පරො පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හාතී”ති.

ප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත නිගන්නේ යැ’ යනු කියැයුතු මැ යැ.

නිග‍්ගහකථා නිට‍්ඨිතා.

නිග්ගහකථා නිමි.