පග‍්ගහ කථා
16. 2.
16. 2.
පග‍්ගහ කථා.
පග්ගහකථා
[මෙහි නිදානය ද නිග්ගහකථායෙහි මෙනි.]
1. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
1. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ (පාලනය) කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරො පරස‍්ස චිත‍්තං මා රජ‍්ජි, මා දුස‍්සි, මා මුය‍්හි, මා කිලිස‍්සී’ති පග‍්ගණ‍්හාතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ සිත ‘නොඇලේව යි දූෂ්‍ය නොවේව යි මුළා නො වේව යි කිලිටි නො වේව’යි ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
2. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරො පරස‍්ස අලොභං කුසලමූලං ජනෙති, අදොසං කුසලමූලං ජනෙති, අමොහං කුසලමූලං ජනෙති, සද‍්ධං ජනෙති, විරියං ජනෙති, සතිං ජනෙති, සමාධිං ජනෙති, පඤ‍්ඤං ජනෙතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අලෝභකුසලමූලය උපදවා ද, අදෝස කුසලමූලය උපදවා ද, අමොහ කුසලමූලය උපදවා ද, ශ්‍රද්ධා උපදවා ද, වීර්‍ය්‍ය උපදවා ද, ස්මෘති උපදවා ද, සමාධි උපදවා ද, ප්‍රඥා උපදවා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: පරෙ පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
3. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරො පරස‍්ස උප‍්පන‍්නො ඵස‍්සො මා නිරුජ‍්ඣි’ති පග‍්ගණ‍්හාතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් ස්‍පර්‍ශය නහමක් නිරුද්ධ වේව’යි ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: පරො පරස‍්ස උප‍්පන‍්නා වෙදනා -පෙ- උප‍්පන‍්නා සඤ‍්ඤා -පෙ- උප‍්පන‍්නා චෙතනා -පෙ- උප‍්පන‍්නං චිත‍්තං -පෙ- උප‍්පන‍්නා සද‍්ධා -පෙ- උප‍්පන‍්නං විරියං -පෙ- උප‍්පන‍්නා සති -පෙ- උප‍්පන‍්නො සමාධි -පෙ- උප‍්පන‍්නා පඤ‍්ඤා මා නිරුජ‍්ඣී’ති පග‍්ගණ‍්හාතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුට ‘උපන් වේදනා ... උපන් සංඥා ... උපන් චේතනා ... උපන් චිත්තය ... උපන් ශ්‍රද්ධාව ... උපන් වීර්‍ය්‍යය ... උපන් ස්මෘතිය ... උපන් සමාධි ... උපන් ප්‍රඥා ‘නහමක් නිරුද්ධ වේව’යි ප්‍රග්‍රහ කරන්නේ (වළහන්නේ) වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
4. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
4. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරො පරස‍්ස අත්‍ථාය රාගං පජහති, දොසං පජහති, මොහං පජහති -පෙ- අනොත‍්තප‍්පං පජහතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුට අර්‍ත්‍ථ පිණිස රාගය හැරපියා ද, ද්වේෂය හැරපියා ද, මෝහය හැරපියා ද, ... අනපත්‍රපා හැරපියා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
5. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරො පරස‍්ස අත්‍ථාය මග‍්ගං භාවෙති -පෙ- සතිපට‍්ඨානං භාවෙති -පෙ- බොජ‍්ඣඞ‍්ගං භාවෙතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස මාර්‍ගය වඩා ද ... සතිපට්ඨාන වඩා ද, ... බෝධ්‍යඞ්ග වඩා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
6. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
6. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: පරො පරස‍්ස අත්‍ථාය දුක‍්ඛං පරිජානාති -පෙ- මග‍්ගං භාවෙතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුගේ අර්‍ත්‍ථ පිණිස දුඃඛය පරිඥා කෙරේ ද, ... මාර්‍ගභාවනා කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
7. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො, පරං කතං සුඛං දුක‍්ඛං, අඤ‍්ඤො කරොති, අඤ‍්ඤො පටිසංවෙදෙතී’ති.
ස. අනු: අනෙකෙක් අනෙකකුට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරන්නේ වේ ද? අනෙකෙක් විඳුනේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
8. ස. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා. “අත‍්තනාව කතං පාපං -පෙ- නාඤ‍්ඤො අඤ‍්ඤා විසොධයෙ”ති අත්‍ථෙව සුත‍්තන‍්තොති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “තමා මැ කළ පාපය ... අනෙකෙක් අනෙකකු විශුද්ධ නො කෙරේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත‍්තබ‍්බං: පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
ස. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ”යයි නො කියැයුතු යැ.
9. ප. පු: න වත‍්තබ‍්බං පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හාතී’ති.
9. ප. පු: අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ යයි නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: නනු අත්‍ථි බලප‍්පත‍්තා අත්‍ථි වසීභූතා’ති.
ප. අනු: බලප්‍රාප්තයෝ ඇත්තාහු නො? වශීභූතයෝ ඇත්තාහු නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: හඤ‍්චි අත්‍ථි බලප‍්පත‍්තා අත්‍ථි වසීභූතා.
ප. ඨ: ඉදින් බලප්‍රාප්තයෝ ඇත්තාහු නම්, වශීභූතයෝ ඇත්තාහු නම්,
ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “පරො පරස‍්ස චිත‍්තං පග‍්ගණ‍්හා”ති.
ප. පා: භවත එකරුණින් ‘අනෙකෙක් අනෙකකුගේ සිත ප්‍රග්‍රහ කෙරේ” යයි කියැයුතු මැ යැ.
පග‍්ගහකථා නිට‍්ඨිතා.
පග්ගහකථා නිමි.