යෙදුමෙන් කියවන්න

සුඛානුප‍්පදාන කථා

16. 3.

16. 3.

සුඛානුප‍්පදාන කථා.

සුඛානුප්පාදාන කථා

[‘එකකු අනෙකක්හට සුඛය දියහෙන්නේ යැයි ලබ්ධිගත් හේතුවාදීන්ගේ වාද බිඳුනට ‘සුඛානුප්පාදානකථා’ එයි.]

1. ස. පු: පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතී’ති.

1. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පු: පරො පරස‍්ස දුක‍්ඛං අනුප‍්පදෙතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: පරො පරස‍්ස දුක‍්ඛං අනුප‍්පදෙතීති.

2. ස. පු: අනෙකෙක් අනෙකක්හට දුක් දෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතීති.

ස. අනු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතීති.

3. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: පරො පරස‍්ස අත‍්තනො සුඛං අනුප‍්පදෙති, අඤ‍්ඤෙසං සුඛං අනුප‍්පදෙති, තස‍්ස සුඛං අනුප‍්පදෙතීති.

ස. අනු: අනෙකෙක් අනෙකක්හට තමාගේ සුව දෙන්නේ වේ ද, අනුන්ගේ සුව දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුව දෙන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

4. ස. පු: පරො පරස‍්ස නෙවත‍්තනො, න අඤ‍්ඤෙසං, න තස‍්ස සුඛං අනුප‍්පදෙතීති.

4. ස. පු: අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි පරො පරස‍්ස නෙවත‍්තනො, න අඤ‍්ඤෙසං, න තස‍්ස සුඛං අනුප‍්පදෙති,

ස. ඨ: ඉදින් අනෙකෙක් අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙති”ති.

ස. පා: භවත ‘අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.

5. ස. පු: පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතී’ති.

5. ස. පු: අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අඤ‍්ඤො අඤ‍්ඤස‍්ස කාරකො, පරං කතං සුඛං දුක‍්ඛං, අඤ‍්ඤො කරොති, අඤ‍්ඤො පටිසංවෙදෙතී’ති.

ස. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද, අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ප. පු: න වත‍්තබ‍්බං පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතී’ති.

6. ප. පු: “අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු ආයස‍්මා උදායී එතදවොච:

ප. අනු: ආයුෂ්මත් උදායී තෙරණුවෝ තෙල වදාළාහු නො

“බහුන‍්නං වත නො භගවා දුක‍්ඛධම‍්මානං අපහත‍්තා, බහුන‍්නං වත නො භගවා සුඛධම‍්මානං උපහත‍්තා, බහුන‍්නං වත නො භගවා අකුසලානං ධම‍්මානං අපහත‍්තා, බහුන‍්නං වත නො භගවා කුසලානං ධම‍්මානං උපහත‍්තා”ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

“භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ දුඃඛධර්‍මයන් බැහැර කරනසේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ වූ සුඛධර්‍මයන් එළවන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ අකුශලධර්‍මයන් බැහැර කරන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ කුශලධර්‍මයන් එළවන සේක් මැ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. පා: තෙන හි “පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතී”ති.

ප. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ.

සුඛානුප‍්පදානකථා නිට‍්ඨිතා.

සුඛානුප්පදාන කථා නිමි.