යෙදුමෙන් කියවන්න

16. සොළසමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

16. සොළොස්වැනි වර්ගය

නිග‍්ගහකථාවණ‍්ණනා

147. නිග්ගහ කථා

ඉදානි නිග‍්ගහකථා නාම හොති. තත්‍ථ යෙ ලොකෙ බලප‍්පත‍්තා වසීභූතා, තෙ යදි පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හිතුං න සක‍්කුණෙය්‍යුං, කා තෙසං බලප‍්පත‍්ති, කො වසීභාවො. බලප‍්පත‍්තියා පන වසීභාවෙන ච අද‍්ධා තෙ පරස‍්ස චිත‍්තං නිග‍්ගණ‍්හන‍්තීති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසඞ‍්ඝිකානං; තෙ සන්‍ධාය පරො පරස‍්සාති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. තත්‍ථ නිග‍්ගණ‍්හාතීති සංකිලෙසාපත‍්තිතො නිවාරෙති. සෙසමෙත්‍ථ යථාපාළිමෙව නිය්‍යාතීති. පග‍්ගහකථායපි එසෙව නයො.

දැන් නිග්ගහ කථා නම් වේ. එහි ලෝකයේ බලවත් වූ වශීභූත වූ යමෙක් ඇත. ඔහුට අනුන්ගේ සිත් නිග්‍රහ කිරීමට නොහැකි වන්නේ නම් ඔහුගේ බලවත්වීමෙන් වශීභූත වීමෙන් ප්‍රයෝජනය කුමක්ද? බලවත් වූ වශීභාවයෙන් අනුන්ගේ සිත් තිගැස්ම කරන්නා වූ බලවතෙක් ඇත්තේය යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා පරොපරස්ස යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. එහි නිග්ගණ්ගාති යනු සංක්ලේශයෙන් වලකාලීමය. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්න. පග්ගහ කථාව ද මෙම නයම වේ.

නිග‍්ගහකථාවණ‍්ණනා.

සුඛානුප‍්පදානකථාවණ‍්ණනා

148. සුඛානුප්පදාන කථා

ඉදානි සුඛානුප‍්පදානකථා නාම හොති. තත්‍ථ “බහූනං වත නො භගවා සුඛධම‍්මානං උපහත‍්තා”ති (ම· නි· 2.148) සුත‍්තං නිස‍්සාය පරො පරස‍්ස සුඛං අනුප‍්පදෙතීති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි හෙතුවාදානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. දුක‍්ඛං අනුප‍්පදෙතීති පුට‍්ඨො පන තාදිසං සුත‍්තපදං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. අත‍්තනො සුඛන‍්තිආදිපඤ‍්හෙ යං අත‍්තනො පරස‍්ස වා, තං අනුප‍්පදාතුං න සක‍්කා. යං තස‍්සෙව, කිං තත්‍ථ අනුප‍්පදානං නාමාති පටික‍්ඛිපති. නෙවත‍්තනොතිආදිපඤ‍්හෙ පන යං එවරූපං, න තං අනුප‍්පදින‍්නං නාම භවිතුමරහතීති ලද‍්ධියාපටිජානාති. නො ච වත රෙතිතාදිසස‍්ස සුඛස‍්ස අභාවා වුත‍්තං. සුඛධම‍්මානං උපහත‍්තාතිවචනං භගවතො පරෙසං සුඛුප‍්පත‍්තියා පච‍්චයභාවං දීපෙති, න අන‍්නාදීනං විය සුඛස‍්ස අනුප‍්පදානං, තස‍්මා අසාධකන‍්ති.

දැන් සැප ප්‍රදාන කථා නම් වේ. එහි ‘බහූනං වත නො භගවා සුඛ ධම්මානං උපහත්තතා’ යන සූත්‍රය නිසා අන්‍යයෙක් අන්‍යයාට සැප ප්‍රදානය කරයි යනු යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදි නිකායිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. දුක්‍ඛං අනුප්පදෙති යයි විචාරණ ලද්දේ එබඳු සූත්‍ර පද නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. අත්තනො සුඛං යනාදි ප්‍රශ්නයෙහි තමාගේ හෝ අනුන්ගේ හෝ යමක් ඇත්නම් එය ප්‍රදානය කිරිමට නොහැකිය. යමක් ඔහුටමය. එහි ප්‍රදානය නම් කුමක්දැයි ප්‍රතික්‍ෂේප කරයි. නෙවත්තනො යනාදි ප්‍රශ්නයෙහි වනාහි එබඳු වූ යමක් නොවේ නම් එය නොදීමට සුදුසු වේ යයි ලබ්ධියෙන් පිළිගනී. නො වත රෙ යයි එබඳු වූ සැපයක් නැතැයි කියන ලදී. සුඛ ධම්මානං උපහත්තති යන වචනය භාග්‍යවතුන් වහන්සේ විසින් අනුන්ගේ සැපයට ප්‍රත්‍යවන බව දක්වන ලදී. ආහාරාදිය මෙන් සැපය ප්‍රදානය නොවේ. එහෙයින් සාධක නොවේ.

සුඛානුප‍්පදානකථාවණ‍්ණනා.

අධිගය‍්හමනසිකාරකථාවණ‍්ණනා

149. අධිගය්හ මනසිකාර කථා

ඉදානි අධිගය‍්හ මනසිකාරකථා නාම හොති. තත්‍ථ දුවිධො මනසිකාරො නයතො ච ආරම‍්මණතො ච. තත්‍ථ එකසඞ‍්ඛාරස‍්සාපි අනිච‍්චතාය දිට‍්ඨාය සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චාති අවසෙසෙසු නයතො මනසිකාරො හොති. අතීතෙ පන සඞ‍්ඛාරෙ මනසිකරොන‍්තො න අනාගතෙ මනසිකාතුං සක‍්කොති. අතීතාදීසු අඤ‍්ඤතරං මනසිකරොතො ආරම‍්මණතො මනසිකාරො හොති . තත්‍ථ පච‍්චුප‍්පන‍්නෙ මනසිකරොන‍්තො යෙන චිත‍්තෙන තෙ මනසිකරොති, තං පච‍්චුප‍්පන‍්නක‍්ඛණෙ මනසිකාතුං න සක‍්කොති. තත්‍ථ යෙසං “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා”තිආදිවචනං නිස‍්සාය “මනසිකරොන‍්තො නාම අධිගය‍්හ අධිගණ‍්හිත්‍වා සඞ‍්ගණ‍්හිත්‍වා සබ‍්බෙ සඞ‍්ඛාරෙ එකතො මනසිකරොතී”ති ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියාපරසෙලියානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස.

දැන් අධිගය්හ මනසිකාර කථා නම් වේ. එහි නයතො ආරම්මණතො යයි මනසිකාර දෙකකි. එහි එක සංස්කාරයක් ද අනිත්‍ය වශයෙන් දැකීමෙන් සියළු සංස්කාර අනිත්‍ය යයි අවසේස සංස්කාර පැමිණවීම නයතො මනසිකාර වේ. අතීත සංස්කාර මෙනෙහි කරන්නේ අනාගතයේ සංස්කාර මෙනෙහි කිරිමට හැකි නොවේ. අතීතාදියෙහි කිසිවක් මෙනෙහි කරන්නාට ආරම්මණාතො මනසිකාර වේ. එහි වර්තමානයෙහි මෙනෙහි කරන්නේ යම් සිතකින් ඒවා මෙනෙහි කෙරේද එය වර්තමාන ක්‍ෂණයෙහි මෙනෙහි කිරීමට නොහැකි වේ. එහි යමෙකුගේ ‘සබ්බෙ සංඛාරා අනිච්චා’ යනු වචනය නිසා ආරම්මණ මනසිකාරය පමණක් ගෙන මෙනෙහි කරන්නේ හැම සංස්කාර එකවිට මෙනෙහි කෙරේයයි ලබ්ධි වේ. පුබ්බසේලිය අපරසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය.

අථ නං යස‍්මා සබ‍්බෙ එකතො මනසිකරොන‍්තෙන යෙන චිත‍්තෙන තෙ මනසිකරොති, තම‍්පි මනසිකාතබ‍්බං හොති. තස‍්මා තංචිත‍්තතාය චොදෙතුං තෙන චිත‍්තෙනාති ආහ. ඉතරො ආරම‍්මණං කත්‍වා න සක‍්කා ජානිතුන‍්ති සන්‍ධාය පටික‍්ඛිපති. එවංලක‍්ඛණං චිත‍්තන‍්ති ඤාතත‍්තා පන තම‍්පි චිත‍්තං ඤාතමෙව හොතීති සන්‍ධාය පටිජානාති. අථ වා තඤ‍්ඤෙව තස‍්ස ආරම‍්මණං න හොතීති පටික‍්ඛිපති. “සබ‍්බෙ සඞ‍්ඛාරා අනිච‍්චා, යදා පඤ‍්ඤාය පස‍්සතී”තිආදීනි නිස‍්සාය උප‍්පන‍්නලද‍්ධිවසෙන පටිජානාති. සෙසපඤ‍්හද‍්වයෙපි එසෙව නයො. තෙන ඵස‍්සෙනාතිආදීසු පන තථාරූපං සුත‍්තං අපස‍්සන‍්තො පටික‍්ඛිපතෙව. අතීතාදිපඤ‍්හෙසු හෙට‍්ඨා වුත‍්තනයෙනෙව පටික‍්ඛෙපපටිඤ‍්ඤා වෙදිතබ‍්බා. සෙසං යථාපාළිමෙව නිය්‍යාතීති. සබ‍්බෙ සඞ‍්ඛාරාතිආදිවචනං නයතො දස‍්සනං සන්‍ධාය වුත‍්තං, න එකක‍්ඛණෙ ආරම‍්මණතො, තස‍්මා අසාධකන‍්ති.

ඉක්බිති ඔහුට යම්හෙයකින් සියල්ල එකවිට මෙනෙහි කරන්නා විසින් යම් සිතකින් ඒවා මෙනෙහි කෙරේද එයද මෙනෙහි කළයුතු වේ. එහෙයින් ඒ සිත බැවින් චෝදනා කිරීමට තෙන චිත්තෙන යනාදිය කීය. අනිත් තැනැත්තා අරමුණුකොට දැනගැනීමට නොහැකියි ප්‍රතික්‍ෂේප කරයි. මෙබඳු ලක්‍ෂණ සිත යයි දැනගන්නා ලද බැවින් ඒ සිතද දන්නේ වේයයි පිළිගනී. නොහොත් එයම එහි අරමුණු නොවේයයි ප්‍රතික්‍ෂේප කරයි. ‘සබ්බෙ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති’ යනාදිය නිසා උපන් ලබ්ධි වශයෙන් පිළිගනී. සෙසු ප්‍රශ්න දෙකෙහිද මෙම නයම වේ. තෙන ඵස්සෙන යනාදියෙහි සූත්‍රයෙහි යථා ස්වරූපය නොදක්නේ ප්‍රතික්‍ෂේපය. අතීතාදි ප්‍රශ්නවල යට කියන ලද නයින්ම ප්‍රතික්‍ෂේප ප්‍රතිඥා දතයුතුය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය. සබ්බෙ සංඛාරා යනාදි වචනය නයෙන් දැකීම සඳහා කියන ලදී. ආරම්මණ වශයෙන් ඒකක්‍ෂණයෙහි නොවේ. එහෙයින් සාධක නොවේ.

අධිගය‍්හමනසිකාරකථාවණ‍්ණනා.

රූපං හෙතූතිකථාවණ‍්ණනා

150. රූපං හෙතුති කථා

ඉදානි රූපං හෙතූති කථානාම හොති. තත්‍ථ හෙතූති කුසලමූලාදිනො හෙතුහෙතුස‍්සාපි නාමං, යස‍්ස කස‍්සචි පච‍්චයස‍්සාපි. ඉමං පන විභාගං අකත්‍වා “චත‍්තාරො මහාභූතා හෙතූ”ති වචනමත‍්තං නිස‍්සාය අවිසෙසෙනෙව රූපං හෙතූති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අලොභො හෙතූති කිං තෙ රූපං අලොභසඞ‍්ඛාතො හෙතූති පුච‍්ඡති, ඉතරො පටික‍්ඛිපති. සෙසෙසුපි එසෙව නයො. මහාභූතා උපාදායරූපානං උපාදායහෙතූති එත්‍ථ පච‍්චයට‍්ඨෙන හෙතුභාවො වුත‍්තො, න මූලට‍්ඨෙන, තස‍්මා අසාධකන‍්ති.

දැන් රූපය හේතුයයි කථා නම් වේ. එහි හේතු යනු කුසල මූලාදි හේතුවටත් කිසියම් ප්‍රත්‍යයටත් නමකි. මේ විභාගය නොකොට ‘චත්තාරො මහාභූතා හෙතු’ යන වචන මාත්‍රය නිසා අවිශේෂයෙන් රූපය හෙතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අලොභො හෙතු යයි කිම ඔබගේ රූපය අලෝභ සංඛ්‍යාතයෙන් හේතුදැයි විචාරයි. අනෙකා ප්‍රතික්‍ෂේප කරයි. සෙස්සෙහි ද මෙම නයයි. මහාභූතා උපාදාය රූපානං උපාදාය හෙතු යන මෙහි ප්‍රත්‍යාර්ථයෙන් හේතූභාවය කියන ලදී. මූලාර්ථයෙන් නොවේ. එහෙයින් අසාධක වේ.

රූපං හෙතූතිකථාවණ‍්ණනා.

සහෙතුකකථායම‍්පි ඉමිනාව නයෙන අත්‍ථො වෙදිතබ‍්බොති.

151 රූපං සහෙතකන්නි කථාවේ ද මෙම නයින්ම අර්ථය දතයුතුය.

රූපං සහෙතුකන‍්තිකථාවණ‍්ණනා.

රූපං කුසලාකුසලන‍්තිකථාවණ‍්ණනා

152. රූපං කුසලාකුසලන්ති කථා

ඉදානි රූපං කුසලාකුසලන‍්තිකථා නාම හොති. තත්‍ථ “කායකම‍්මං වචීකම‍්මං කුසලම‍්පි අකුසලම‍්පී”තිවචනං නිස‍්සාය කායවචීකම‍්මසඞ‍්ඛාතං කායවිඤ‍්ඤත‍්තිවචීවිඤ‍්ඤත‍්තිරූපං කුසලම‍්පි අකුසලම‍්පීති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහිසාසකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය රූපං කුසලන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙ රූපං කුසලං, එවංවිධෙන අනෙන භවිතබ‍්බ”න‍්ති චොදෙතුං සාරම‍්මණන‍්ති ආදිමාහ. පරතො අකුසලපඤ‍්හෙපි එසෙව නයො. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් රූපය කුසල අකුසල යයි කථා නම් වේ. එහි ‘කායකම්මං වචී කම්මං කුසලම්පි අකුසලම්පි’ යන වචනය නිසා කාය වචී සංඛ්‍යාත කාය විඤ්ඤත්ති වචී විඤ්ඤත්ති රූපය කුසල ද අකුසලදැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහිංසාසකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා රූපං කුසලං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබේ රූපය කුසල වේද, මෙයාකාරයෙන් එයද විය යුතුයයි සාරම්මණං යනාදිය කීය. පසුව අකුසල ප්‍රශ්නයෙහි ද මෙම නයම වේ. මෙහි සෙස්ස පැහැදිලිය.

රූපං කුසලාකුසලන‍්තිකථාවණ‍්ණනා.

රූපං විපාකොතිකථාවණ‍්ණනා

153. රූපං විපාකොති කථා

ඉදානි රූපං විපාකොතිකථා නාම හොති. තත්‍ථ යං කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නා චිත‍්තචෙතසිකා විය කම‍්මස‍්ස කතත‍්තා උප‍්පන‍්නං තං රූපම‍්පි විපාකොති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙ රූපං විපාකො, එවංවිධෙන අනෙන භවිතබ‍්බ”න‍්ති චොදෙතුං සුඛවෙදනීයන‍්තිආදිමාහ. සෙසං යථාපාළිමෙව නිය්‍යාතීති.

දැන් රූපය විපාකයයි කථා නම් වේ. එහි කර්මය කළ බැවින් උපන් චිත්ත චෛතසිකයන් මෙන් කර්මය කළ බැවින් උපන් රූපයද විපාකයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ ද සම්මිතියන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ රූපය විපාක වේ නම් මෙයාකාරයෙන් එයද විය යුතුයයි චෝදනා කිරීමට සුඛවෙදනීයං යනාදිය කීය. සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.

රූපං විපාකොතිකථාවණ‍්ණනා.

රූපං රූපාවචරාරූපාවචරන‍්තිකථාවණ‍්ණනා

154. රූපං රූපාවචරං අරූපාවචරන්ති කථා

ඉදානි රූපං රූපාවචරාරූපාවචරන‍්තිකථා නාම හොති. තත්‍ථ යං කාමාවචරකම‍්මස‍්ස කතත‍්තා රූපං, තං යස‍්මා කාමාවචරං, තස‍්මා රූපාවචරාරූපාවචරකම‍්මානම‍්පි කතත‍්තා රූපෙන රූපාවචරාරූපාවචරෙන භවිතබ‍්බන‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං; තෙ සන්‍ධාය අත්‍ථි රූපං රූපාවචරාරූපාවචරන‍්ති පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ හෙට‍්ඨා වුත‍්තනයමෙවාති.

දැන් රූපය රුපාවචර යයි කථා නම් වේ. එහි කාමාවචර කර්මය කළ බැවින් යම් රූපයක් කාමාවචර වේ ද එහෙයින් රූපාවචර අරූපාවචර කර්ම කළ බැවින් රූපය රූපාවචර අරූපාවචර වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අත්‍ථිරූපං රූපාවචරං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නයින් දතයුතුය.

රූපං රූපාවචරාරූපාවචරන‍්තිකථාවණ‍්ණනා.

රූපාරූපධාතුපරියාපන‍්නකථාවණ‍්ණනා

155. අරූපධාතු පරියාපෙන්නති කථා

ඉදානි රූපරාගො රූපධාතුපරියාපන‍්නො අරූපරාගො අරූපධාතුපරියාපන‍්නොති කථා නාම හොති. තත්‍ථ යස‍්මා කාමරාගො කාමධාතුපරියාපන‍්නො, තස‍්මා රූපරාගාරූපරාගෙහිපි රූපධාතුඅරූපධාතුපරියාපන‍්නෙහි භවිතබ‍්බන‍්ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි අන්‍ධකානං, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. කෙවලඤ‍්හි තත්‍ථ “රූපධාතුං අනුසෙති, අරූපධාතුං අනුසෙතී”ති පදං විසෙසො. සා ච ලද‍්ධි අන්‍ධකානඤ‍්චෙව සම‍්මිතියානඤ‍්ච. අයං අන්‍ධකානංයෙවාති.

දැන් රූප රාගය රූප ධාතුවම ඇතුළත්ය. අරූප රාගය අරූප ධාතුවට ඇතුළත් යයි කථා නම් වේ. එහි යම්හෙයකින් කාමරාගය කාම ධාතුවට ඇතුළත් වේද, එහෙයින් රූපාරූප රාගද රූපාරූපධාතුවලට ඇතුළත් විය යුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය. එහි හුදකලාව රූප ධාතු අත්නොහැර පවතී. අරූප ධාතු අත්නොහැර පවතී යන පද විශේෂයයි. ඒ ලබ්ධි වේ. අන්ධකයන්ගේ ද සම්මිතියන්ගේද වේ. මෙය අන්ධකයින්ගේමය.

රූපරාගො රූපධාතුපරියාපන‍්නො අරූපරාගො අරූපධාතුපරියාපන‍්නොතිකථාවණ‍්ණනා.

රූපාරූපධාතුපරියාපන‍්නකථාවණ‍්ණනා.

සොළසමො වග‍්ගො.

සොළොස්වැනි වර්ගය නිමයි.