17. සත්තරසමවග්ගො අට්ඨකථා
17. සතළොස්වන වර්ගය
අත්ථි අරහතො පුඤ්ඤූපචයකථාවණ්ණනා
156. අත්ථි අරහතො පුඤ්ඤූපචයොති කථා
ඉදානි අත්ථි අරහතො පුඤ්ඤූපචයොතිකථා නාම හොති. තත්ථ යෙසං අරහතො දානසංවිභාගචෙතියවන්දනාදීනි කම්මානි දිස්වා අත්ථි අරහතො පුඤ්ඤූපචයොති ලද්ධි, සෙය්යථාපි අන්ධකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “අරහා නාම පහීනපුඤ්ඤපාපො, සො යදි පුඤ්ඤං කරෙය්ය, පාපම්පි කරෙය්යා”ති චොදෙතුං අපුඤ්ඤූපචයොති ආහ. ඉතරො පාණාතිපාතාදිකිරියං අපස්සන්තො පටික්ඛිපති. පුඤ්ඤාභිසඞ්ඛාරන්තිආදීසු භවගාමිකම්මං අරහතො නත්ථීති පටික්ඛිපති. දානං දදෙය්යාතිආදීසු කිරියචිත්තෙන දානාදිපවත්තිසබ්භාවතො සකවාදී පටිජානාති. ඉතරො චිත්තං අනාදියිත්වා කිරියාපවත්තිමත්තදස්සනෙනෙව ලද්ධිං පතිට්ඨපෙති. සා පන අයොනිසො පතිට්ඨාපිතත්තා අප්පතිට්ඨාපිතා හොතීති.
දැන් රහතන් වහන්සේ පින් රැස්කිරීම යයි කථා නම් වේ. එහි යමෙකුගේ රහතන් වහන්සේගේ දාන සංවිභාග චේතිය වන්දනාදි කර්ම දැක රහතන් වහන්සේට පින් රැස්කිරීම ඇතැයි ලබධි වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට රහතන් වහන්සේ නම් ප්‍රහීන කළ පින්පව් ඇත්තේ වේ. ඉදින් උන්වහන්සේ පින් කරන්නේ නම් පව්ද කරන්නේ යයි චෝදනා කිරීමට අපඤ්ඤූපචයො යයි කීය. අනෙක් ප්‍රාණඝාතාදි කර්ම නොදක්නේ ප්‍රතික්ෂේප කරයි. පුඤ්ඤාභි සංඛාරං යනාදියෙහි භවගාමී කර්ම රහතන් වහන්සේට නැතැයි ප්‍රතික්ෂේප කරයි. දානං දදෙය්ය යනාදියෙහි කිරිය සිතින් දානාදිය පවත් ස්වභාවයෙන් සකවාදියා පිළිගනී. අනෙකා සිත නොගෙන ක්‍රියා පවත් මාත්‍රය දැකීමෙන්ම ලබ්ධිය පිහිටුවයි. එය වනාහි අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටුවන ලද්දේ වේමය.
අත්ථි අරහතො පුඤ්ඤූපචයොතිකථාවණ්ණනා.
නත්ථි අරහතො අකාලමච්චූතිකථාවණ්ණනා
157. නත්ථි අරහතො අකාල මච්චූති කථා
ඉදානි නත්ථි අරහතො අකාලමච්චූතිකථා නාම හොති. තත්ථ “නාහං, භික්ඛවෙ, සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අපටිසංවෙදිත්වා බ්යන්තීභාවං වදාමී”ති (අ· නි· 10.217) සුත්තස්ස අත්ථං අයොනිසො ගහෙත්වා “අරහතා නාම සබ්බකම්මවිපාකං පටිසංවෙදයිත්වාව පරිනිබ්බායිතබ්බං, තස්මා නත්ථි, අරහතො අකාලමච්චූ”ති යෙසං ලද්ධි, සෙය්යථාපි රාජගිරිකානඤ්චෙව සිද්ධත්ථිකානඤ්ච; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “සචෙ තස්ස නත්ථි අකාලමච්චු, අරහන්තඝාතකෙන නාම න භවිතබ්බ”න්ති චොදෙතුං නත්ථි අරහන්තඝාතකොති ආහ. ඉතරො ආනන්තරියකම්මස්ස චෙව තාදිසානඤ්ච පුග්ගලානං සබ්භාවතො පටික්ඛිපති.
දැන් රහතන් වහන්සේට අකාල මරණ නැතැයි කථා නම් වේ. එහි නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං විපාකං අප්පටිසංවෙදිත්වා බ්යන්තිභාවං වදාමි යන සූත්‍රයේ අර්ථය අනුවණින් ගෙන රහතන් වහන්සේ නම් සියළු කර්ම විපාක විඳ පිරිනිවන් පෑ යුතුය. එහෙයින් රහතන් වහන්සේට අකාල මරණ නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ ද සිද්ධත්‍ථිකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් උන්වහන්සේට අකාල මරණ නැත්නම්, අරහන්ත ඝාතක නම් නොවිය යුතුයයි චෝදනා කිරිමට නත්ථි අරහන්ත ඝාතකො යයි කීය. අනෙකා ආනන්තරිය කර්මයේද එබඳු පුද්ගලයන්ගේ ද ඇතිවීම ප්‍රතික්ෂේප කරයි.
විසං න කමෙය්යාති පඤ්හෙ “යාව පුබ්බෙ කතකම්මං පරික්ඛයං න ගච්ඡති, තාව න කමතී”ති ලද්ධියා පටික්ඛිපති. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාති.
විසං න කමෙය්ය යන ප්‍රශ්නයෙහි පෙර කළ කර්මය යම්තාක් අවසන් නොවේද ඒතාක් නොයයි යන ලබ්ධියෙන් ප්‍රතික්ෂේප කරයි. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්නා
නාහං, භික්ඛවෙති සුත්තං ඉදං සන්ධාය වුත්තං – සඤ්චෙතනිකානං කම්මානං කතානං විපාකං අපටිසංවෙදිත්වා අවින්දිත්වා අනනුභවිත්වා බ්යන්තීභාවං තෙසං කම්මානං පරිවටුමපරිච්ඡින්නභාවං න වදාමි, තඤ්ච ඛො දිට්ඨධම්මවෙදනීයානං දිට්ඨෙව ධම්මෙ, න තතො පරං, උපපජ්ජවෙදනීයානං අනන්තරං උපපත්තිං උපපජ්ජිත්වාව න තතො පරං, අපරාපරියවෙදනීයානං යදා විපාකොකාසං ලභන්ති, තථාරූපෙ අපරාපරෙ වා පරියායෙ. එවං සබ්බථාපි සංසාරපවත්තෙ සති ලද්ධවිපාකවාරෙ කම්මෙ න විජ්ජතෙසො ජගතිප්පදෙසො, යත්ථට්ඨිතො මුච්චෙය්ය පාපකම්මාති. එවං සන්තෙ යදෙතං “අලද්ධවිපාකවාරම්පි කම්මං අවස්සං අරහතො පටිසංවෙදිතබ්බ”න්ති කප්පනාවසෙන “නත්ථි අරහතො අකාලමච්චූ”ති ලද්ධිපතිට්ඨාපනං කතං, තං දුක්කටමෙවාති.
‘නාහං භික්ඛවෙ’ යන සුත්‍රය මේ සඳහා කියන ලදී. චේතනා සහිත කළ කර්මවල විපාක නොවිඳ ඒ කර්මයන්ගේ කෙළවර බව මාර්ගය සිඳුණු බව නොකියමි. එහිද දිට්ඨධම්ම වේදනීය මෙම ආත්මයෙහිම මිස ඉන්පසුව නොවේ. උපපජ්ජවේදනීය අනතුරු ආත්මයෙහිම මිස ඉන්පසුව නොවේ. අපරාපරිය කර්ම විපාකයට අවසර ලැබෙන අවස්ථාවේ විපාක දෙයි. මෙසේ සියළු ආකාරයෙන් සසර පවතිනතුරු ලැබූ විපාක වාරයෙහි විපාක දේ. ‘න විජ්ජති සො ඡගතිප්පදෙසො යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා’ මෙසේ ඇති කල්හි මෙය නොලැබූ විපාක ඇති යම් කර්මයක් රහතන් වහන්සේ විසින් අවශ්‍යයෙන් විපාක විඳිය යුතුයයි කල්පනා වශයෙන් නැත. රහතන් වහන්සේට අකාල මරණ නැතැයි ලබ්ධි ප්‍රතිෂ්ඨාපනය කරන ලදී. එය දුෂ්කර වේමය.
නත්ථි අරහතො අකාලමච්චූතිකථාවණ්ණනා.
සබ්බමිදං කම්මතොතිකථාවණ්ණනා
158. සබ්බමිදං කම්මතොති කථා
ඉදානි සබ්බමිදං කම්මතොතිකථා නාම හොති. තත්ථ “කම්මුනා වත්තති ලොකො”ති සුත්තං නිස්සාය “සබ්බමිදං කම්මකිලෙසවිපාකවට්ටං කම්මතොව හොතී”ති යෙසං ලද්ධි , සෙය්යථාපි රාජගිරිකානඤ්චෙව සිද්ධත්ථිකානඤ්ච; තෙ සන්ධාය සබ්බමිදන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “එවං සන්තෙ කම්මම්පි කම්මතො ආපජ්ජතී”ති චොදෙතුං කම්මම්පි කම්මතොති ආහ. ඉතරො යදි කම්මම්පි කම්මතොව නාම තං කම්මං විපාකොයෙව සියාති පටික්ඛිපති. පුබ්බෙකතහෙතූති “යදි සබ්බමිදං කම්මතො, පුබ්බෙකතහෙතුනා තෙන භවිතබ්බ”න්ති චොදෙතුං පුච්ඡති, ඉතරො පුබ්බෙකතහෙතුවාදභයෙන පටික්ඛිපති.
දැන් මේ සියල්ල කර්මයෙන් යයි කථා නම් වේ. එහි ‘කම්මුනා වත්තති ලොකො’ යන සූත්‍රය නිසා මේ සියළු කර්ම ක්ලේශ විපාක වෘත්තය කර්මයෙන්ම වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ රාජගිරිකයන්ගේ ද සිද්ධත්ථිකයන් ද මෙනි. ඔවුන් සඳහා සබ්බමිදං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට මෙසේ ඇති කල්හි කර්මය ද කර්මයෙන් පැමිණේ යයි චෝදනා කිරීමට කම්මුම්පි කම්මතො යයි කීය. අනෙකා ඉදින් කර්මය ද කර්මයෙන්ම නම් ඒ කර්මය විපාකයම වන්නේ යයි ප්‍රතික්ෂේප කරයි. පුබ්බෙ කත හෙතු යයි මේ සියල්ල කර්මයෙන් නම් පෙර කළ හේතුවෙන් එය විය යුතුයයි චෝදනා කිරීමට විචාරයි. අනෙකා පුබ්බෙකත හේතුවාදයට බියෙන් ප්‍රතික්ෂේප කරයි.
කම්මවිපාකතොති “යදි සබ්බමිදං කම්මතො, යං අතීතභවෙ පවත්තස්ස හෙතුභූතං කම්මං, තම්පි පුරිමතරෙ භවෙ කම්මතොති කම්මවිපාකො සම්පජ්ජති, තෙන තෙ සබ්බමිදං කම්මවිපාකතො ආපජ්ජතී”ති චොදෙතුං පුච්ඡති. ඉතරො බීජතො අංකුරස්සෙව පච්චුප්පන්නපවත්තස්ස කම්මතො නිබ්බත්තිං සන්ධාය පටික්ඛිපති. දුතියං පුට්ඨො තස්සාපි කම්මස්ස බීජස්ස පුරිමබීජතො විය පුරිමකම්මතො පවත්තත්තා පටිජානාති. පාණං හනෙය්යාතිආදි “යදි සබ්බං කම්මවිපාකතො, පාණාතිපාතාදීනි කම්මවිපාකෙනෙව කරෙය්යා”ති චොදෙතුං වුත්තං. ඉතරො දුස්සීල්යචෙතනාපි පුරිමකම්මනිබ්බත්තා එකෙන පරියායෙන විපාකොයෙවාති ලද්ධියා පටිජානාති. අථ නං “යදි තෙ පාණාතිපාතො කම්මවිපාකතො නිබ්බත්තති, පාණාතිපාතො විය විපාකොපි සඵලො ආපජ්ජතී”ති චොදෙතුං සඵලොති ආහ. ඉතරො පාණාතිපාතස්ස නිරයසංවත්තනිකාදිභාවතො සඵලතං පස්සන්තො පටිජානාති. කම්මවිපාකස්ස පන ඉදං නාම ඵලන්ති වුත්තට්ඨානං අපස්සන්තො පටික්ඛිපති. අදින්නාදානාදීසුපි එසෙව නයො. ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො සඵලොති දෙය්යධම්මවසෙන දානඵලං පුච්ඡති. කම්මුනා වත්තතීති සුත්තං “නත්ථි කම්ම”න්ති අකම්මවාදිතං පටික්ඛිපිත්වා “අත්ථි කම්ම”න්ති කම්මවාදිතං කම්මස්සකතං දීපෙති. න සබ්බස්සෙව කම්මතො නිබ්බත්තිං, තස්මා අසාධකන්ති.
කම්ම විපාකතො ඉදින් මේ සියල්ල කර්මයෙන් වේ නම් අතීතභවය පැවතීමට හේතුභූත වූ යම් කර්මයක් වේද, එයද පෙර භවයෙහි කර්මයෙන් වූ විපාකයකින් පැමිණේ. එයින් මේ සියල්ල ඒ කර්ම විපාකයෙන් පැමිණේදැයි චෝදනා කිරීමට විචාරයි. අනෙකා බීජයෙන් අංකුර මෙන් වර්තමානයේ පවත්නා කර්මයෙන් හටගැනීම සඳහා ප්‍රතික්ෂේප කරයි. දෙවනුව විචාරණ ලද්දේ ඒ කර්මයේද බීජ පෙර බීජයෙන් මෙන් පෙර කර්මයෙන් පවතින බව පිළිගනී. පාණං හනෙය්‍ය යනාදිය ඉදින් සියල්ල කර්ම විපාකයෙන් පැමිණේ නම් ප්‍රාණඝාතාදිය කර්ම විපාකයෙන්ම කරන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා දුසිල් චේතනාවෙන්ම කරන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. අනෙකා දුසිල් චේතනාවෙන්ද එක් ආකාරයකින් පෙර කර්මයෙන් නිපන් විපාකයෙන්ම යන ලබ්ධියෙන් පිළිගනී. ඉක්බිති ඔහුට ඉදින් ප්‍රාණඝාතය කර්ම විපාකයකින් ඇතිවේ නම් ප්‍රාණඝාතය මෙන් විපාකයද සඵල වේ යයි චෝදනා කිරීමට සඵලො යයි කීය. අනෙක් ප්‍රාණඝාතයේ තිරය සංවත්තනික භාවයෙන් සඵලබව දකින්නේ පිළිගනී. කර්ම විපාකයේ වනාහි මේ පලය යයි කියන ස්ථානය නොදක්නේ ප්‍රතික්ෂේප කරයි. අදින්නාදානාදියෙහි ද මෙම නයම වේ. ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛණෙ සඵලො යයි දේය ධර්ම වශයෙන් දානපල විචාරයි. ‘කම’මුනා වත්තති’ යයි සූත්‍රයක් නැත. කර්මයයි අකර්මවාදි බව ප්‍රතික්ෂේප කොට කර්මය ඇතැයි කර්මවාදි බව කර්මය කළ බව දක්වයි. සියල්ලම කර්මයෙන් හටගත්තේ නොවේ. එහෙයින් සාධක නොවේ.
සබ්බමිදං කම්මතොතිකථාවණ්ණනා.
ඉන්ද්රියබද්ධකථාවණ්ණනා
159. ඉන්ද්රිය බද්ධ කථා
ඉදානි ඉන්‍ද්‍රියබද්ධකථා නාම හොති. තත්ථ දුවිධං දුක්ඛං – ඉන්ද්රියබද්ධං, අනින්ද්රියබද්ධඤ්ච. ඉන්ද්රියබද්ධං දුක්ඛවත්ථුතාය දුක්ඛං, අනින්ද්රියබද්ධං උදයබ්බයපටිපීළනට්ඨෙන “යදනිච්චං තං දුක්ඛ”න්ති සඞ්ගහිතත්තා දුක්ඛං. ඉමං විභාගං අග්ගහෙත්වා “යස්ස පරිඤ්ඤාය භගවති බ්රහ්මචරියං වුස්සති, තං ඉන්ද්රියබද්ධමෙව දුක්ඛං, න ඉතර”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානං, තෙසං ඉතරස්සාපි දුක්ඛභාවං දස්සෙතුං ඉන්ද්රියබද්ධඤ්ඤෙවාති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යස්මා භගවතා ‘යදනිච්චං තං දුක්ඛ’න්ති වුත්තං, තස්මා ඉන්ද්රියබද්ධෙනෙව තෙන අනිච්චෙන භවිතබ්බ”න්ති චොදෙතුං ඉන්ද්රියබද්ධඤ්ඤෙව අනිච්චන්තිආදිමාහ. නනු අනින්ද්රියබද්ධං අනිච්චන්ති නනු පථවීපබ්බතපාසාණාදි අනින්ද්රියබද්ධම්පි අනිච්චන්ති අත්ථො.
දැන් ඉන්ද්රියබද්ධ කථා නම් වේ. එහි දුක ඉන්ද්රියබද්ධ අනින්ද්රිය බද්ධ යයි දෙයාකාරය. ඉන්ද්රිය බද්ධය දුක් වස්තු බැවින් දුක්ය. අනින්ද්රිය බද්ධය. උදයව්‍යය පෙළීම් අර්ථයෙන් යමක් අනිත්‍ය නම් එය දුක් යයි සංගෘහීත බැවින් දුක් වේ. මේ විභාගය නොගෙන යම් අවබෝධයක් සඳහා භගවත්හු බඹසර වුසූද එය ඉන්ද්රියබද්ධ දුකය. සෙසු ඒවා නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදින්ගේ මෙනි. ඔවුන්ට සෙසු ඒවාද දුක් බව දැක්වීමට ඉන්ද්රියබද්ධඤ්ඤෙව යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට, යම්හෙයකින් භගවත්හු විසින් යමක් අනිත්‍ය නම් එය දුකයයි කියන ලදද, එහෙයින් ඉන්ද්රිය බද්ධයෙන්ම එය අනිත්‍ය විය යුතුයයි චෝදනා කිරීමට ඉන්ද්රිය බද්ධඤ්ඤෙව අනිච්වං යනාදිය කීය. නනු අනින්ද්රිය බද්ධ අනිච්චං යනු පෘථිවිය, පර්වත, ගල් ආදිය අනින්ද්රිය බද්ධ වූ දේ අනිත්‍ය නොවේද යන අර්ථය වේ.
න වත්තබ්බං ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛන්ති පඤ්හෙ ආමන්තාති පටිඤ්ඤා සකවාදිස්ස. අනින්ද්රියබද්ධඤ්හි දුක්ඛදොමනස්සානං ආරම්මණං හොති. උණ්හකාලස්මිඤ්හි අග්ගි සීතකාලෙ ච වාතො දුක්ඛස්ස ආරම්මණං, නිච්චම්පි භොගවිනාසාදයො දොමනස්සස්ස. තස්මා විනාපි අනිච්චට්ඨෙන අනින්ද්රියබද්ධං දුක්ඛන්ති වත්තබ්බං. කම්මකිලෙසෙහි පන අනිබ්බත්තත්තා දුක්ඛං අරියසච්චන්ති න වත්තබ්බං, තථා මග්ගෙන අපරිඤ්ඤෙය්යත්තා. යස්මා පන තිණකට්ඨාදිනිරොධො වා උතුබීජාදිනිරොධො වා දුක්ඛනිරොධං අරියසච්චං නාම න හොති, තස්මා ඉන්ද්රියබද්ධං දුක්ඛඤ්චෙව අරියසච්චඤ්ච, ඉතරං පන දුක්ඛමෙවාති ඉදං නානත්තං දස්සෙතුං පටිජානාති. යථා ඉන්ද්රියබද්ධස්සාතිආදිවචනං ඉන්ද්රියබද්ධස්ස පරිඤ්ඤාය බ්රහ්මචරියවාසං පරිඤ්ඤාතස්ස පුන අනුප්පත්තිං දීපෙති. තෙනෙවෙත්ථ සකවාදිනා පටික්ඛෙපො කතො. “යදනිච්චං තං දුක්ඛ”න්ති වචනෙන පන සඞ්ගහිතස්ස අනින්ද්රියබද්ධස්ස දුක්ඛභාවං පටිසෙධෙතුං න සක්කාති, තස්මා අසාධකන්ති.
න වත්තබ්බං ඉන්ද්රිය බද්ධඤ්ඤෙව දුක්ඛං යන ප්‍රශ්නයෙහි ආමන්තා යයි ප්‍රතිඥාව සකවාදියාගේය. ඉන්ද්රියබද්ධ වූ දුක්දොම්නස්වල අරමුණු වේ. භෝග විනාශාදිය නිතරම දොම්නසට අරමුණු වේ. එහෙයින් අනිත්‍ය අර්ථය නැතිවද අනින්ද්රිය බද්ධය දුක් යයි කිවයුතුය. කර්ම ක්ලේශ නූපදවන ලද වුවත් දුක ආර්ය සත්‍යයයි නොකිව යුතුය. එසේ මාර්ගයෙන් අවබෝධ නොකරන ලද බැවිනි. යම්හෙයකින් තෘණ කාෂ්ටාදි නිරෝධය හෝ සෘතු බීජාදි නිරෝධය හෝ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය නම් නොවේ. එහෙයින් ඉන්ද්රිය බද්ධය දුක් ද ආර්ය සත්‍යය ද වේ. අනික වනාහි දුක්මයයි මේ නානත්වය දැක්වීමට පිළිගනී. යථා ඉන්ද්රියබද්ධස්ස ආදි වචන ඉන්ද්රිය බද්ධ අවබෝධයෙන් බ්‍රහ්මචරිය වාසය අවබෝධ කළ තැනැත්තාට නැවත නොපැමිණිම දක්වයි. එහෙයින්ම මෙහි සකවාදියා විසින් ප්‍රතික්ෂේප කරන ලදී. ‘යදනිච්චං තං දුක්ඛං’ වචනයෙන් යුක්ත වූ අනින්ද්රිය බද්ධයට දුක බව පිරිසිදු කිරීමට නොහැකි වේ. එනිසා සාධක නොවේ.
ඉන්ද්රියබද්ධකථාවණ්ණනා.
ඨපෙත්වා අරියමග්ගන්තිකථාවණ්ණනා
160. ඨපෙත්වා අරිය මග්ගන්ති කථා
ඉදානි ඨපෙත්වා අරියමග්ගන්තිකථා නාම හොති. තත්ථ “යස්මා අරියමග්ගො ‘දුක්ඛනිරොධගාමිනිපටිපදා’ති වුත්තො, තස්මා ඨපෙත්වා අරියමග්ගං අවසෙසා සඞ්ඛාරා දුක්ඛා”ති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි එවං සමුදයස්සාපි දුක්ඛභාවො ආපජ්ජතී”ති චොදෙතුං දුක්ඛසමුදයොපීති ආහ. ඉතරො හෙතුලක්ඛණං සන්ධාය පටික්ඛිපති. පුන පුට්ඨො පවත්තපරියාපන්නභාවං සන්ධාය පටිජානාති. තීණෙවාති පඤ්හෙසු සුත්තවිරොධභයෙන පටික්ඛිපති, ලද්ධිවසෙන පටිජානාති. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
දැන් ඨපෙත්වා අරිය මග්ගන්ති කථා නම් වේ. එහි යම්හෙයකින් ආර්යමාර්ග දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යයි කියන ලදී. එහෙයින් ආර්ය මාර්ගය හැර අවශේෂ සංස්කාර දුක් යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිපදාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් මෙසේ සමුදයේ ද දුක්ඛභාවය පැමිණේ යයි චෝදනා කිරීමට දුක්ඛ සමුදයොපි යයි කීය. අනෙකා හේතු ලක්ෂණය නිසා ප්‍රතික්ෂේප කරයි. නැවත විචාරණ ලද්දේ පවත්නා පරියාපන්න භවය සඳහා පිළිගනී. තිණෙ වා යන ප්රශ්නවල සූත්‍ර විරෝධ බියෙන් ප්‍රතික්ෂේප කරයි. ලබ්ධි වශයෙන් පිළිගනී. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේ.
ඨපෙත්වා අරියමග්ගන්තිකථාවණ්ණනා.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පටිග්ගණ්හාතීතිකථාවණ්ණනා
161. න වත්තබ්බං සංඝො දක්ඛිණං පතිගණ්හති කථා
ඉදානි න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පටිග්ගණ්හාතීතිකථා නාම හොති. තත්ථ “පරමත්ථතො මග්ගඵලානෙව සඞ්ඝො, මග්ගඵලෙහි අඤ්ඤො සඞ්ඝො නාම නත්ථි, මග්ගඵලානි ච න කිඤ්චි පටිග්ගණ්හන්ති, තස්මා න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පටිග්ගණ්හාතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි එතරහි මහාපුඤ්ඤවාදීසඞ්ඛාතානං වෙතුල්ලකානං; තෙ සන්ධාය න වත්තබ්බන්ති පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි සඞ්ඝො න පටිග්ගණ්හෙය්ය, න නං සත්ථා ආහුනෙය්යාතිආදීහි ථොමෙය්යා”ති චොදෙතුං නනු සඞ්ඝො ආහුනෙය්යොතිආදිමාහ. සඞ්ඝස්ස දානං දෙන්තීති “යෙ තෙ සඞ්ඝස්ස දෙන්ති, තෙ පටිග්ගාහකෙසු අසති කස්ස දදෙය්යු”න්ති චොදනත්ථං වුත්තං. ආහුතිං ජාතවෙදො වාති සුත්තං පරසමයතො ආගතං. තත්ථ මහාමෙඝන්ති මෙඝවුට්ඨිං සන්ධාය වුත්තං. වුට්ඨිඤ්හි මෙදනී පටිග්ගණ්හාති, න මෙඝමෙව. මග්ගො පටිග්ගණ්හාතීති “මග්ගඵලානි සඞ්ඝො”ති ලද්ධියා වදති, න ච මග්ගඵලානෙව සඞ්ඝො. මග්ගඵලපාතුභාවපරිසුද්ධෙ පන ඛන්ධෙ උපාදාය පඤ්ඤත්තා අට්ඨ පුග්ගලා සඞ්ඝො, තස්මා අසාධකමෙතන්ති.
දැන් සංඝයා දක්ෂිණාව පිළිගන්නේ යයි නොකිවයුතු කථා නම් වේ. එහි පරමාර්ථ වශයෙන් මාර්ගවලට සංඝයා වේ. මාර්ගඵලයෙන් තොර අනිකෙක් සංඝ නම් නැත. මාර්ගඵලද කිසිවක් නොපිළිගනී. එහෙයින් සංඝයා දක්ෂිණාව පිළිගන්නේ යයි නොකිව යුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. කෙසේද දැන් මහා පුණ්යවාදී සංඛ්‍යාත වෛතුල්‍යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා නි වත්තබ්බං යයි විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් සංඝයා පිළිනොගන්නේ නම් ශාස්තෲන් වහන්සේ ආහුණෙය්‍ය ආදියෙන් ප්‍රශංසා නොකරන්නේ යයි චෝදනා කිරීමට නනු සංඝො ආහුණෙය්‍ය යනාදිය කීය. සංඝස්ස දානං දෙන්ති යමෙක් සංඝයාට දන් දෙයි. ඔවුන් ප්‍රතිග්‍රාහකයන් නොවන කල්හි කාට දෙන්නේදැයි චෝදනා පිණිස කියන ලදී. ආහුතිං ජාතවෙදොච යන සූත්‍රය පරසමයෙන් ගෙනෙන ලදී. එහි මහාමෙඝං යයි වර්ෂාව සඳහා කියන ලදී. පොළොව වර්ෂාව පිළිගනී. මේඝය (වලාකුල) ම නොවේ. මග්ගො පටිගණ්හාති යන මාර්ගවල සංඝයා යයි ලබ්ධියෙන් කියයි. මාර්ගවලම සංඝයා නොවේ. මාර්ගවල පහළවීමෙන් පිරිසිදු වූ ස්කන්ධ ගැනීමෙන් පණවන ලද අෂ්ට පුද්ගලයෝ සංඝයා වෙති. එහෙයින් සාධක නොවේ.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පටිග්ගණ්හාතීතිකථාවණ්ණනා.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීතිකථාවණ්ණනා
162. න වත්තබ්බං සංඝො දක්ඛිණං විසොධෙති කථා
ඉදානි න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීතිකථා නාම හොති. තත්ථ “මග්ගඵලානෙව සඞ්ඝො නාම, න ච තානි දක්ඛිණං විසොධෙතුං සක්කොන්ති, තස්මා න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි තෙසඤ්ඤෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. ආහුනෙය්යොතිආදි “යදි සඞ්ඝො දක්ඛිණං විසොධෙතුං න සක්කුණෙය්ය, න නං සත්ථා එවං ථොමෙය්යා”ති දස්සනත්ථං වුත්තං. විසොධෙතීති මහප්ඵලං කරොති. සඞ්ඝස්මිඤ්හි අප්පං දින්නං බහු හොති, බහු දින්නං බහුතරං. දක්ඛිණෙය්යාති දක්ඛිණාරහා දක්ඛිණාය අනුච්ඡවිකා, දක්ඛිණං විසොධෙතුං සමත්ථාති අත්ථො. දක්ඛිණං ආරාධෙන්තීති සම්පාදෙන්ති, අප්පමත්තිකායපි දක්ඛිණාය මහන්තං ඵලං පාපුණන්තීති අත්ථො. සෙසං හෙට්ඨා වුත්තනයමෙවාති.
දැන් සංඝයා දක්ෂිණාව පිරිසිදු කෙරේයයි නො කිවයුතු කථා නම් වේ. එහි මාර්ගවලට සංඝයා වේ. ඒවාට දක්ෂිණාව පිරිසිදු කිරීමට හැකි නොවේ. එහෙයින් සංඝයා දක්ෂිණාව පිරිසිදු කෙරේ යයි නොකිව යුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ආහුණෙය්‍යො යනාදි ඉදින් සංඝයාට දක්ෂිණාව පිරිසිදු කිරීමට නොහැකි වේ නම් ශාස්තෲන් වහන්සේ මෙසේ ප්‍රශංසා නො කරන්නේ යයි දැක්වීමට කියන ලදී. විසොධෙති යනු මහප්ඵල කරයි. සංඝයාට ස්වල්පයක් දෙන ලද්දේ බොහෝ වේ. බොහෝ දෙන ලද්දේ බහුතර වේ. දක්ඛිණෙය්යො යනු දක්ෂිණාවට සුදුසුය. දක්ෂිණාව පිරිසිදු කෙරේය යන අර්ථය වේ. දක්ඛිණං ආරාදෙන්ති යනු සම්පාදනය කරයි. අල්ප වූ දක්ෂිණාව මහත්ඵලයට පමුණුවයි යන අර්ථයයි. සෙස්ස යට කියන ලද නය අනුව වේ.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීතිකථාවණ්ණනා.
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීතිකථාවණ්ණනා
163. න වත්තබ්බං සංඝො භුඤ්ජති කථා
ඉදානි න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීතිකථා නාම හොති. තත්රාපි “මග්ගඵලානෙව සඞ්ඝො නාම, න ච තානි කිඤ්චි භුඤ්ජන්ති, තස්මා න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජති, පිවති, ඛාදති, සායතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි තෙසංයෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අථ නං “යදි සඞ්ඝො න භුඤ්ජෙය්ය, සඞ්ඝභත්තාදිකරණං නිරත්ථකං භවෙය්යා”ති චොදෙතුං නනු අත්ථි කෙචි සඞ්ඝභත්තානි කරොන්තීතිආදිමාහ. ගණභොජනන්තිආදි “යදි සඞ්ඝො න භුඤ්ජෙය්ය, කස්ස ගණභොජනාදීනි සියු”න්ති චොදනත්ථං වුත්තං. අට්ඨ පානානීති ඉදම්පි “යදි සඞ්ඝො න පිවෙය්ය, කස්සෙතානි පානානි සත්ථා අනුජානෙය්යා”ති චොදනත්ථං වුත්තං. සෙසමිධාපි හෙට්ඨා වුත්තනයෙනෙව වෙදිතබ්බන්ති.
දැන් සංඝයා වළඳයි යනු නො කිවයුතු කථා නම් වේ. එහිද මාර්ගවලම සංඝයා වේ. ඒවා කිසිවක් අනුභව නොකරයි. එහෙයින් සංඝයා වළඳයි. බොයි. කයි. රසවිඳියි යනු නො කිවයුතු යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ වෛතුල්‍යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් සංඝයා නො වළඳන්නේ නම් සංඝ භත්තාදිය නිරරර්ථක වන්නේ යයි චෝදනා කිරීමට නනු අත්ථි කෙචි සංඝභත්තාදීනී කරත්දැයි යනාදිය කීය. ගණ භොජනං යනාදි ඉදින් සංඝයා නො වළඳන්නේ නම් ඔවුන්ට භෝජනාදිය නොවන්නේ යයි චෝදනාව සඳහා කියන ලදී. අට්ඨපානානි මෙයද ඉදින් සංඝයා පානය නොකරන්නේ නම් මේ පානයන්, අනුදැන වදාළේ කාටදැයි චෝදනාව පිණිස කියන ලදී. මෙහිද සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීතිකථාවණ්ණනා.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්තිකථාවණ්ණනා
164. සංඝයාට දෙන ලද්ද මහත්ඵලයයි නොකිවයුතු කථා
ඉදානි න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්තිකථා නාම හොති. තත්රාපි “මග්ගඵලානෙව සඞ්ඝො නාම, න ච සක්කා තෙසං කිඤ්චි දාතුං, න ච තෙහි පටිග්ගණ්හිතුං, නාපි තෙසං දානෙන කොචි උපකාරො ඉජ්ඣති, තස්මා න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි තෙසංයෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. ආහුනෙය්යොතිආදි “යදි සඞ්ඝස්ස දින්නං මහප්ඵලං න භවෙය්ය, න නං සත්ථා එවං ථොමෙය්යා”ති දස්සනත්ථං වුත්තං. සෙසං යථාපාළිමෙව නිය්යාතීති.
දැන් සංඝයාට දෙන ලද්ද මහත්ඵල නොවේය යන කථා වේ. එහිද මාර්ගඵල සංඝ නම් වේ. ඒවාට කිසිවක් දීමට හැකි නොවේ. ඒවාට පිළිගැනීමට හැකි නොවේ. දීමෙන් ඒවා කිසි උපකාරයක් බලාපොරොත්තු නොවේ. එහෙයින් සංඝයාට දෙන දේ මහත්ඵලයයි නො කිවයුතුයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ වෛතුල්යයන් මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ආහුණෙය්‍යො යනාදි ඉදින් සංඝයාට දෙන ලද්ද මහත්ඵල නොවන්නේ නම් බුදුහු මෙසේ ප්‍රශංසා නොකරන්නාහයි දැක්වීමට කියන ලදී. සෙස්ස පෙළ අනුව යොදාගන්න.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්තිකථාවණ්ණනා.
න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්තිකථාවණ්ණනා
165. බුදුරදුන්ට දුන් දේ මහත්ඵලයයි නොකිවයුතු කථා
ඉදානි න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්තිකථා නාම හොති. තත්ථ “බුද්ධො භගවා න කිඤ්චි පරිභුඤ්ජති, ලොකානුවත්තනත්ථං පන පරිභුඤ්ජමානං විය අත්තානං දස්සෙති, තස්මා නිරුපකාරත්තා න වත්තබ්බං තස්මිං දින්නං මහප්ඵල”න්ති යෙසං ලද්ධි, සෙය්යථාපි තෙසංයෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. ද්විපදානං අග්ගොතිආදි “මනුස්සදුස්සීලෙපි දානං සහස්සගුණං හොති, කිමඞ්ගං පන එවරූපෙ අග්ගපුග්ගලෙ”ති දස්සනත්ථං වුත්තං. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
දැන් බුදුරදුන්ට දෙන ලද්ද මහත්ඵල යයි නොකිවයුතු කථා නම් වේ. එහි භාග්‍යවත් බුදුන් වහන්සේ කිසිවක් නොවළඳති. ලෝකයට අනුවර්තනය වීම සඳහා වළඳන්නාක් මෙන් තමන්වහන්සේ දක්වති. එහෙයින් නිරූපනාකාරය බැවින් උන්වහන්සේ දෙන ලද්ද මහත්ඵල යයි නොකිවයුතු යනු යමෙකුගේ ලබ්ධිය වේ. මෙසේ වෛතුල්යයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. දිපදානං අග්ගො ආදි මනුස්ස දුස්සීලයන්ට ද දෙන දානය දහස් ගුණයක් විපාක වේ. මෙබඳු වූ අග්‍ර පුද්ගලයකු යයි දැක්වීම සඳහා කියන ලදී. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණවිය යුතුය.
න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්තිකථාවණ්ණනා.
දක්ඛිණාවිසුද්ධිකථාවණ්ණනා
166. දක්ඛිණා විසුද්ධි කථා
ඉදානි දක්ඛිණාවිසුද්ධිකථා නාම හොති. තත්ථ “යදි පටිග්ගාහකතො දක්ඛිණා විසුජ්ඣෙය්ය, මහප්ඵලා භවෙය්ය. දායකෙන දානං දින්නං, පටිග්ගාහකෙන විපාකො නිබ්බත්තිතොති අඤ්ඤො අඤ්ඤස්ස කාරකො භවෙය්ය, පරංකතං සුඛදුක්ඛං ආපජ්ජෙය්ය, අඤ්ඤො කරෙය්ය, අඤ්ඤො පටිසංවෙදෙය්ය. තස්මා දායකතොව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො, දායකස්සෙව චිත්තවිසුද්ධි විපාකදායිකා හොතී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි උත්තරාපථකානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. ආහුනෙය්යාතිආදි “යදි පටිග්ගාහකතො දානං න විසුජ්ඣෙය්ය, කිමස්ස ආහුනෙය්යාදිභාවො කරෙය්යා”ති දස්සනත්ථං වුත්තං. අඤ්ඤො අඤ්ඤස්ස කාරකොති යදි දායකස්ස දානචෙතනා පටිග්ගාහකෙන කතා භවෙය්ය, යුත්තරූපං සියා. තස්ස පන දානචෙතනා පරිසුද්ධා පටිග්ගාහකසඞ්ඛාතං වත්ථුං පටිච්ච මහාවිපාකට්ඨෙන විසුජ්ඣති, තස්මා අචොදනා එසා “පටිග්ගාහකතො දානං විසුජ්ඣතී”ති.
දැන් දක්ෂිණා විසුද්ධි කථා නම් වේ. එහි ඉදින් ප්‍රතිග්‍රහණයෙන් දක්ෂිණාව පිරිසිදු වේනම් මහත්ඵල වන්නේය. දායකයා විසින් දානය දෙන ලදී. ප්‍රතිග්‍රාහකයා විසින් විපාකය නිපදවන ලදී යයි අන්‍යයෙක් අන්‍යයෙකුගේ කරන්නා වන්නේය. අනුන් කළ සුවදුක් පැමිණෙන්නේය. අනෙකෙක් කරන්නේය. අනෙකෙක් විඳින්නේය. එහෙයින් දීමෙන්ම දානය පිරිසිදු වේ. ප්‍රතිග්‍රහණයෙන් නොවේ. මෙහි දායකයාගේම, විසුද්ධියෙන් විපාක දීම වේයයි ඇතමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ආහුණෙය්‍යා යනාදි ඉදින් ප්‍රතිග්‍රහණයෙන් දානය පිරිසිදු නොවේ නම් ආහුණෙය්යාදි භාවය කුමක් කරන්නේදැයි දැක්වීමට කියන ලදී. අඤ්ඤො අඤ්ඤස්ස කාරකො ඉදින් දායකයාට දාන චේතනා ප්‍රතිග්‍රාහකයා විසින් කළා වන්නේය. ප්‍රතිග්‍රාහක සංඛ්‍යාත වස්තුව නිසා ඔහුගේ දාන චේතනාව පිරිසිදු වී මහා විපාක අර්ථයෙන් පිරිසිදු කරයි. එහෙයින් ප්‍රතිග්‍රහණයෙන් දානය පිරිසිදු නොවේයයි චෝදනාව අචෝදනම වේ.
දක්ඛිණාවිසුද්ධිකථාවණ්ණනා.
සත්තරසමො වග්ගො.
සතළොස්වන වර්ගය නිමියේය.