යෙදුමෙන් කියවන්න

18. අට‍්ඨාරසමවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

18. අටළොස්වැනි වර්ගය

මනුස‍්සලොකකථාවණ‍්ණනා

167. මනුස්ස ලෝක කථා

ඉදානි මනුස‍්සලොකකථා නාම හොති. තත්‍ථ “තථාගතො ලොකෙ, ජාතො ලොකෙ සංවඩ‍්ඪො, ලොකං අභිභුය්‍ය විහරති අනුපලිත‍්තො ලොකෙනා”ති (සං· නි· 3.94) සුත‍්තං අයොනිසො ගහෙත්‍වා “භගවා තුසිතභවනෙ නිබ‍්බත‍්තො තත්‍ථෙව වසති, න මනුස‍්සලොකං ආගච‍්ඡති, නිම‍්මිතරූපමත‍්තකං පනෙත්‍ථ දස‍්සෙතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි වෙතුල‍්ලකානංයෙව, තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං පුට‍්ඨොකාසෙන චෙව සුත‍්තසාධනෙන ච සඤ‍්ඤාපෙතුං නනු අත්‍ථීතිආදිමාහ. ලොකෙ ජාතොති පරවාදී තුසිතපුරං සන්‍ධාය වදති. සත්‍ථාරා පනෙතං මනුස‍්සලොකඤ‍්ඤෙව සන්‍ධාය ලොකං වුත‍්තං. ලොකං අභිභුය්‍යාති පරවාදී මනුස‍්සලොකං අභිභවිත්‍වාති දිට‍්ඨියා වදති, සත්‍ථා පන ආරම‍්මණලොකං අභිභවිත්‍වා විහාසි. අනුපලිත‍්තො ලොකෙනාති පරවාදී මනුස‍්සලොකෙන අනුපලිත‍්තතංව සන්‍ධාය වදති, සත්‍ථා පන ලොකධම‍්මෙසු කිලෙසෙහි අනුපලිත‍්තො විහාසි. තස‍්මා අසාධකමෙතන‍්ති.

දැන් මනුස්ස ලෝක කථා නම් වේ. එහි ‘භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි උපන්හ. ලෝකයෙහි වැඩුණාහ. ලෝකයෙන් නො ඇලී ලෝකය මැඩ වාසය කරති’ යන සූත්‍රය අනුවණින් ගෙන භාග්‍යවතුන් වහන්සේ තුසිත භවනයෙහි උපන්හ. එහිම වාසය කරති. මනුෂ්‍ය ලෝකයට නොපැමිණෙති. නිර්මිත රූපය පමණක් මෙහි දක්වති යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ දැන් වෛතුල්‍යයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට විචාරීමෙන් ද සූත්‍ර සාධනයෙන් ද දැක්වීමට නනු අත්‍ථි යනාදිය කීය. ලොකෙ ජාතො පරවාදියා තුසිත පුරය සඳහා කියයි. ශාස්තෲන් වහන්සේ විසින් මනුෂ්‍ය ලෝකයම සඳහා ලෝකං යයි කියන ලදී. ලොකං අභිභුය්‍ය යයි පරවාදියා මනුෂ්‍ය ලෝකය අභිභවනය කොට දෘෂ්ටියෙන් කියයි. ශාස්තෲන් වහන්සේ වනාහි අරමුණු ලෝකය මැඩ වාසය කළහ. අනුපලිත්තො ලොකෙන පරවාදියා මනුෂ්‍ය ලෝකයෙහි නො ඇලීම සඳහා කියයි. ශාස්තෲන් වහන්සේ ලෝක ධර්මයෙහි කෙළෙසුන්ගෙන් නො ඇලී වාසය කළහ. එහෙයින් මෙය අසාධකය.

මනුස‍්සලොකකථාවණ‍්ණනා.

ධම‍්මදෙසනාකථාවණ‍්ණනා

168. ධම්ම දෙසනා කථා

ඉදානි ධම‍්මදෙසනාකථා නාම හොති. තත්‍ථ “තුසිතපුරෙ ඨිතො භගවා ධම‍්මදෙසනත්‍ථාය අභිනිම‍්මිතං පෙසෙසි, තෙන චෙව තස‍්ස ච දෙසනං සම‍්පටිච‍්ඡිත්‍වා ආයස‍්මතා ආනන්‍දෙන ධම‍්මො දෙසිතො, න බුද‍්ධෙන භගවතා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි වෙතුල‍්ලකානඤ‍්ඤෙව; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙන ධම‍්මො දෙසිතො, ස‍්වෙව සත්‍ථා භවෙය්‍යා”ති චොදෙතුං අභිනිම‍්මිතො ජිනොතිආදිමාහ. ඉතරො තථා අසම‍්පටිච‍්ඡන‍්තො පටික‍්ඛිපති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් ධර්මදේශනා කථා නම් වේ. එහි තුසිත පුරයෙහි සිටියේ ධර්ම දේශනාව පිණිස භාග්‍යවතුන් වහන්සේ නිර්මිත බුදුවරයෙකු එවූහ. එයින් ද උන්වහන්සේගේ ද දේශනා පිළිගෙන ආයුෂ්මත් ආනන්ද හිමියන් විසින් ධර්මය දේශනා කරන ලදී. භාග්‍යවත් බුදුන් වහන්සේ නොවේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. වෛතුල්‍යවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් එයින් ධර්මය දේශනා කරන ලද්දේ නම් එයම ශාස්තෲන් වහන්සේ යයි චෝදනා කිරීමට අභිනිම්මිත්තා ජිනො යනාදිය කීය. අනිකා එසේ නොපිළිගන්නේ ප්‍රතික්‍ෂේප කරයි. සෙස්ස පැහැදිලිය.

ධම‍්මදෙසනාකථාවණ‍්ණනා.

කරුණාකථාවණ‍්ණනා

169. කරුණා කථා

ඉදානි කරුණාකථා නාම හොති. තත්‍ථ පියායිතානං වත්‍ථූනං විපත‍්තියා සරාගානං රාගවසෙන කරුණාපතිරූපිකං පවත‍්තිං දිස‍්වා “රාගොව කරුණා නාම, සො ච භගවතො නත්‍ථි, තස‍්මා නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි උත‍්තරාපථකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “කරුණා නාමෙසා නික‍්කිලෙසතාය චෙව සත‍්තාරම‍්මණතාය ච චෙතොවිමුත‍්තිතාය ච එකාදසානිසංසතාය ච මෙත‍්තාදීහි සමානජාතිකා, තස‍්මා යදි භගවතො කරුණා නත්‍ථි, මෙත‍්තාදයොපිස‍්ස න සියු”න‍්ති චොදනත්‍ථං නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො මෙත‍්තාතිආදිමාහ. ආකාරුණිකොති පඤ‍්හෙ තථාරූපං වොහාරං අපස‍්සන‍්තො පටික‍්ඛිපති. සෙසමෙත්‍ථ උත‍්තානත්‍ථමෙවාති.

දැන් කරුණා කථා නම් වේ. එහි ප්‍රියකරන වස්තූන්ගේ විපත්තියෙන් රාග සහිත වූ රාග වශයෙන් කරුණා ප්‍රතිරූපක පැවැත්ම ඇත. රාගයම කරුණා නම් වේ. එයද භාග්‍යවතුන් වහන්සේට නැත. එහෙයින් භාග්‍යවත් බුදුන්වහන්සේට කරුණාව නැතැයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට කරුණා නම් නික්ලේශයෙන් ද සතුන් අරමුණු කිරීමෙන් ද චිත්ත විමුක්තියෙන් ද ආනිසංස එකොළොසකින් ද මෛත්‍රී ආදියෙන් සමාන ජාතික වේ. එහෙයින් ඉදින් භාග්‍යවතුන් වහන්සේට කරුණාව නැත්නම් මෛත්‍රී ආදියට නොවන්නේ යයි චෝදනා කිරීමට නත්‍ථි බුද්ධස්ස භගවතො මෙත්තා යනාදිය කීය. අකාරුණිකො යන ප්‍රශ්නයෙහි එබඳු වූ ව්‍යවහාරයක් නොදක්නේ ප්‍රතික්‍ෂේප කරයි. මෙහි සෙස්ස නොගැඹුරු අරුත් වේමය.

කරුණාකථාවණ‍්ණනා.

ගන්‍ධජාතකථාවණ‍්ණනා

170. ගන්‍ධජාත කථා

ඉදානි ගන්‍ධජාතකථා නාම හොති. තත්‍ථ යෙසං බුද‍්ධෙ භගවති අයොනිසො පෙමවසෙන “භගවතො උච‍්චාරපස‍්සාවො අඤ‍්ඤෙ ගන්‍ධජාතෙ අතිවිය අධිගණ‍්හාති, නත්‍ථි තතො ච සුගන්‍ධතරං ගන්‍ධජාත”න‍්ති ලද‍්ධි, සෙය්‍යථාපි එකච‍්චානං අන්‍ධකානඤ‍්චෙව උත‍්තරාපථකානඤ‍්ච; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. සෙසමෙත්‍ථ යථාපාළිමෙව නිය්‍යාතීති.

දැන් ගන්‍ධජාත කථා නම් වේ. එහි යමෙකුගේ භාග්‍යවත් බුදුන් වහන්සේ කෙරෙහි අනුවණින් ප්‍රේම වශයෙන් භාග්‍යවතුන් වහන්සේගේ මල මූ සෙසු සුවඳ ජාතීන්ට වඩා අධිකව ගනී. ඊට වඩා සුවඳ ජාතියක් නැතැයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් අන්ධකයන්ගේ ද උත්තරාපථකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවයි.

ගන්‍ධජාතකථාවණ‍්ණනා.

එකමග‍්ගකථාවණ‍්ණනා

171. එකමග්ග කථා

ඉදානි එකමග‍්ගකථා නාම හොති. තත්‍ථ යෙසං බුද‍්ධෙ භගවති අයොනිසො පෙමවසෙනෙව “භගවා සොතාපන‍්නො හුත්‍වා සකදාගාමී, සකදාගාමී හුත්‍වා අනාගාමී, අනාගාමී හුත්‍වා අරහත‍්තං සච‍්ඡාකාසි, එකෙනෙව පන අරියමග‍්ගෙන චත‍්තාරි ඵලානි සච‍්ඡාකාසී”ති ලද‍්ධි, සෙය්‍යථාපි තෙසඤ‍්ඤෙව; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං චතූහි ඵලෙහි සද‍්ධිං උප‍්පන‍්නානං චතුන‍්නං ඵස‍්සාදීනං එකතො සමොධානවසෙන චොදෙතුං චතුන‍්නං ඵස‍්සානන‍්තිආදිමාහ. සොතාපත‍්තිමග‍්ගෙනාතිආදි “කතරමග‍්ගෙන සච‍්ඡිකරොතී”ති පුච‍්ඡනත්‍ථං වුත‍්තං. අරහත‍්තමග‍්ගෙනාති ච වුත‍්තෙ තෙන සක‍්කායදිට‍්ඨිආදීනං පහානාභාවවසෙන චොදෙති. භගවා සොතාපන‍්නොති බුද‍්ධභූතස‍්ස සොතාපන‍්නභාවො නත්‍ථීති පටික‍්ඛිපති. පරතො පඤ‍්හද‍්වයෙපි එසෙව නයො. සෙසමෙත්‍ථ යථාපාළිමෙව නිය්‍යාතීති.

දැන් ඒක මාර්ග කථා නම් වේ. එහි යමෙකුගේ භාග්‍යවතුන් කෙරෙහි අනුවණින් ප්‍රේම වශයෙන් භාග්‍යවතුන් වහන්සේ සෝවාන් වී සකදාගාමි වී අනාගාමී වී රහත්බව අවබෝධ කළහ. එකම ආර්ය මාරිගයෙන් සතර පලයන් අවබෝධ කළහයි ලන්ධිය වේ. යසේ ඔවුන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට සතරපල සමග උපන් සතර ඵස්සාදීන්ගේ එකක් සේ සමොධාන වශයෙන් චෝදනා කිරීමට භගවා සොතාපන්නො කී කල්හි එයින් සක්කාය දිට්ඨි ආදීන්ගේ ප්‍රහාණ අභාව වශයෙන් චෝදනා කරයි. භගවා සොතාපන්නො යයි බුදු කෙනෙකුට සෝවාන් බව නැතැයි ප්‍රතික්‍ෂේප කරයි. පසුව එන ප්‍රශ්න දෙකෙහි ද මෙම නයයි. මෙහි සෙස්ස පෙළ අනුව පමුණුවන්න.

එකමග‍්ගකථාවණ‍්ණනා.

ඣානසඞ‍්කන‍්තිකථාවණ‍්ණනා

172. ඣාන සංකන්ති කථා

ඉදානි ඣානසඞ‍්කන‍්තිකථා නාම හොති. තත්‍ථ යෙසං “ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, විතක‍්කවිචාරානං වූපසමා දුතියං ඣානං, තතියං ඣානං, චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරතී”ති (සං· නි· 5.923-934) ඉමං පටිපාටිදෙසනං නිස‍්සාය “තස‍්ස තස‍්ස ඣානස‍්ස උපචාරප‍්පවත‍්තිං විනාව ඣානා ඣානං සඞ‍්කමතී”ති ලද‍්ධි, සෙය්‍යථාපි මහිසාසකානඤ‍්චෙව එකච‍්චානඤ‍්ච අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි තෙ දුතියජ‍්ඣානූපචාරං අප‍්පත්‍වා උප‍්පටිපාටියා පඨමජ‍්ඣානා දුතියජ‍්ඣානමෙව සඞ‍්කමති, පඨමතො තතියං, දුතියතො චතුත්‍ථම‍්පි සඞ‍්කමෙය්‍යා”ති චොදෙතුං පඨමා ඣානාතිආදිමාහ. යා පඨමස‍්සාතිආදි “යදි පඨමතො අනන‍්තරං දුතියං, දුතියාදීහි වා තතියාදීනි සමාපජ‍්ජති, එකාවජ‍්ජනෙන සමාපජ‍්ජෙය්‍යා”ති චොදනත්‍ථං වුත‍්තං. කාමෙ ආදීනවතොති පඨමං කාමෙ ආදීනවතො මනසි කරොතො පච‍්ඡා උප‍්පජ‍්ජති. ඣානක‍්ඛණෙ පනෙස නිමිත‍්තමෙව මනසි කරොති. තඤ‍්ඤෙව පඨමන‍්ති “යදි පුරිමජවනතො පච‍්ඡිමජවනං විය අනන‍්තරං උප‍්පජ‍්ජෙය්‍ය, ඨපෙත්‍වා පුරිමපච‍්ඡිමභාවං ලක‍්ඛණතො තඤ‍්ඤෙව තං භවෙය්‍යා”ති චොදෙතුං පුච‍්ඡති. ඉමිනා උපායෙන සබ‍්බත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. විවිච‍්චෙව කාමෙහීතිආදීහි පටිපාටියා ඣානානං දෙසිතභාවං දීපෙති, න අනන‍්තරුප‍්පත‍්තිං, තස‍්මා අසාධකන‍්ති.

දැන් ධ්‍යාන සංක්‍රාන්ති කථා නම් වේ. එහි යමෙකුගේ ‘ඉධ භික්‍ඛවෙ භික්‍ඛු විවිච්චෙව කාමෙහි පඨමං ඣානං උපසම්පජ්ජ විහරති’, විතක්ක විචාරානං වූපසමා දුතියං ඣානං තතියං ඣානං චතුත්‍ථ ඣානං උපසම්පජ්ජ විහරති’ යන මේ පිළිවෙළ දේශනාව නිසා ඒ ඒ ධ්‍යානයේ උපචාර සමාධියට නොපැමිණ ධ්‍යානයෙන් ධ්‍යානයට සංක්‍රමණය වේ යයි ලබ්ධි වේ. යම්සේ මහිංසාසකයන්ගේ ද ඇතැම් අන්ධකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඔබගේ දුතිය ධ්‍යාන උපචාරයට නොපැමිණ උපිළිවෙළින් ප්‍රථම ධ්‍යානයෙන් ද්විතීය ධ්‍යානයට සංක්‍රමණය වෙයි. පළමුවැන්නෙන් තුන්වැන්නද දෙවැන්නෙන් සතරවැන්නද සංක්‍රමණය වන්නේ යයි චෝදනා කිරීමට පඨම ඣානා යනාදිය කීය. යා පඨමස්ස යනාදි ඉදින් පළමුවැන්නෙන් අනතුරුව දෙවැන්න, දුතියාදියෙන් හෝ තතියාදිය සමවදී. එකක් වර්ජනය කිරීමෙන් සමවදින්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. කාමෙ ආදීනවකො යයි පළමුව කාමයන්ගේ ආදීනව මෙනෙහි කරන්නාට පසුව උපදී. ධ්‍යාන කළණයෙහි නිමිත්තම මෙනෙහි කරයි. තඤ්ඤෙව පඨමං යනාදි පෙර ජවනයෙන් පැසුළු ජවන මෙන් අනතුරුව උපදින්නේය. පෙර පැසුළු බව හැර ලක්‍ෂණ වශයෙන් එයම එය වන්නේ යයි චෝදනා කිරීමම විචාරයි. මේ උපායෙන් සියළු තැන අර්ථය දතයුතුය. විචිච්චෙව කාමෙහි යනාදියෙන් පිළිවෙළින් ධ්‍යාන දෙසු බව දක්වයි. අනතුරුව උත්පත්ති නොවේ. එහෙයින් අසාධක වේ.

ඣානසඞ‍්කන‍්තිකථාවණ‍්ණනා.

ඣානන‍්තරිකකථාවණ‍්ණනා

173. ඣානන්තරික කථා

ඉදානි ඣානන‍්තරිකකථා නාම හොති. තත්‍ථ යෙසං සමයෙ “පඤ‍්චකනයෙ පඤ‍්ච ඣානානි විභත‍්තානි, කෙවලං තයො සමාධී උද‍්දිට‍්ඨා”ති අවිතක‍්කවිචාරමත‍්තස‍්ස සමාධිනො ඔකාසං අජානන‍්තානං “පඨමස‍්ස ච දුතියස‍්ස ච ඣානස‍්ස අන‍්තරෙ ඣානන‍්තරිකා නාම එසා”ති ලද‍්ධි, සෙය්‍යථාපි සම‍්මිතියානඤ‍්චෙව එකච‍්චානඤ‍්ච අන්‍ධකානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “ඣානම‍්පි චෙතසිකා ධම‍්මා, ඵස‍්සාදයොපි, තස‍්මා යදි ඣානන‍්තරිකා නාම භවෙය්‍ය, ඵස‍්සන‍්තරිකාදීහිපි භවිතබ‍්බ”න‍්ති චොදනත්‍ථං අත්‍ථි ඵස‍්සන‍්තරිකාතිආදිමාහ .

දැන් ඣානන්තරික කථා නම් වේ. එහි යමෙකුගේ සමයෙහි පඤ්චක නයේ ධ්‍යාන පහක් බෙදන ලදී. හුදෙක් සමාධි තුනක් දක්වන ලදැයි අවිතක්ක විචාරමත්ත සමාධියට ඕකාස නොදන්නන්ගේ පළමුවන දෙවන ධ්‍යාන අතරෙහි ඣානන්තරික යයි මේ ලබ්ධිය වේ. යම්සේ සම්මිතියන්ගේ ද ඇතැම් අන්ධකයන්ගේ ද මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ධ්‍යානයද ඵස්සාදි චෛතසික ධර්ම වේ. එහෙයින් ඉදින් ඣානන්තරිකා වන්නේ නම් ඵස්සන්තරිකාදියද විය යුතුයයි චෝදනා කිරීමට අත්‍ථි ඵස්සන්තරිකා යනාදිය කීය.

දුතියස‍්ස ච ඣානස‍්සාති “යදි ඣානන‍්තරිකා නාම භවෙය්‍ය, දුතියතතියාදීනිපි ඣානානෙව, තෙසම‍්පි අන‍්තරිකාය භවිතබ‍්බ”න‍්ති චොදනත්‍ථං වුත‍්තං. සො කෙවලං ලද‍්ධියා අභාවෙන පටික‍්ඛිපති චෙව පටිජානාති ච. පඨමස‍්ස චාති පුට‍්ඨො ලද‍්ධිවසෙන පටිජානාති.

දුතියස්ස ච ඣානස්ස යනාදි ධ්‍යානන්තරිකා නම් වන්නේ නම් දෙවන තුන්වන ආදියද ධ්‍යානමය. ඒවායේ ද අන්තරිකා විය යුතුයයි චෝදනාව පිණිස කියන ලදී. හෙතෙම හුදෙක් ලබ්ධියේ අභාවයෙන් ප්‍රතික්‍ෂේප ද කරයි. පිළිගැනීම ද කරයි. පඨමස්ස ච යයි විචාළේ ලබ්ධි වශයෙන් පිළිගනී.

සවිතක‍්කො සවිචාරොතිආදි “තිණ‍්ණම‍්පි සමාධීනං සමාධිභාවෙ සමානෙ අවිතක‍්කො විචාරමත‍්තොව සමාධි ඣානන‍්තරිකො, න ඉතරොති කො එත්‍ථ විසෙසහෙතූ”ති චොදනත්‍ථං වුත‍්තං.

සවිතක්කො සවිචාරො යනාදි සමාධි තුනේම සමාධිභාවය සමානය. අවිතක්ක විචාරමත්ත සමාධියම ඣානන්තරික වේ. ඉතිරි ඒවායේ නොවේ. මෙහි විශේෂ හේතු කුමක්දැයි චෝදනා පිණිස කියන ලදී.

ද‍්වින‍්නං ඣානානං පටුප‍්පන‍්නානන‍්ති පඨමදුතියානි සන්‍ධාය පුච‍්ඡති. ඉතරො “තෙසං පච‍්චුප‍්පන‍්නානංයෙව අන‍්තරෙ අවිතක‍්කො විචාරමත‍්තො සමාධි ඣානන‍්තරිකො නාම හොතී”ති ලද‍්ධියා පටිජානාති. පඨමං ඣානං නිරුද‍්ධන‍්ති පුට‍්ඨො තිණ‍්ණං එකක‍්ඛණෙ පවත‍්ති න යුත‍්තාති පටිජානාති . අවිතක‍්කො විචාරමත‍්තො සමාධි පඨමං ඣානන‍්ති චතුක‍්කනයවසෙන පුච‍්ඡති. සකවාදී තස‍්මිං නයෙ තස‍්ස අභාවා පටික‍්ඛිපති. නනු තයො සමාධීති එත්‍ථායමධිප‍්පායො – යථා තෙසු තීසු සමාධීසු ද‍්වෙ සමාධී ඣානානෙව, න ඣානන‍්තරිකා, එවං ඉතරෙනපි ඣානෙනෙව භවිතබ‍්බං, න ඣානන‍්තරිකායාති.

ද්වින්නං ඣානානං පටුප්පන්නානං පළමු දෙවන ධ්‍යාන සඳහා විචාරයි. අනිත් තැනැත්තා ඒවායේ ප්‍රත්‍යුත්පන්න අන්තරයෙහි අවිභත්ත වූ විචාර මාත්‍ර වූ සමාධිය ධ්‍යානන්තරික නම් වේ යයි ලබ්ධියෙන් පිළිගනී. අවිතක්කො විචාරමත්තො සමාධි පඨමං ඣාහං යයි චතුක්ක නය වශයෙන් විචාරයි. සකවාදියා ඒ නයෙහි ඔහුගේ අභාවයෙන් ප්‍රතික්‍ෂේප කරයි. නනු තයො සමාධි යන මෙහි අදහස මෙසේය. යම්සේ ඒ සමාධි තුනෙහි සමාධි ධ්‍යාන දෙකකි. ධ්‍යාන අන්තරිකය නොවේ. මෙසේ ඉතිරි ධ්‍යානයද විය යුතුය. ඣානන්තරික නොවේ.

ඣානන‍්තරිකකථාවණ‍්ණනා.

සමාපන‍්නො සද‍්දං සුණාතීතිකථාවණ‍්ණනා

174. සමාපන්නො සද්දං සුණාතීති කථා

ඉදානි සමාපන‍්නො සද‍්දං සුණාතීතිකථා නාම හොති. තත්‍ථ “යස‍්මා පඨමස‍්ස ඣානස‍්ස සද‍්දො කණ‍්ඩකො වුත‍්තො භගවතා, යදි ච සමාපන‍්නො තං න සුණෙය්‍ය, කථං කණ‍්ඩකො සියා. තස‍්මා සමාපන‍්නො සද‍්දං, සුණාතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි පුබ‍්බසෙලියානං; තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. චක‍්ඛුනා රූපං පස‍්සතීතිආදි “සමාපන‍්නස‍්ස තාව පඤ‍්චද‍්වාරප‍්පවත‍්තං නත්‍ථි, තස‍්මිං අසති යදි සො සද‍්දං සුණෙය්‍ය, රූපම‍්පි පස‍්සෙය්‍යා”ති චොදනත්‍ථං වුත‍්තං. සද‍්දො කණ‍්ඩකොති වික‍්ඛෙපකරත‍්තා වුත‍්තං. ඔළාරිකෙන හි සද‍්දෙන සොතෙ ඝට‍්ටිතෙ පඨමජ‍්ඣානතො වුට‍්ඨානං හොති, තෙනෙතං වුත‍්තං, තස‍්මා අසාධකං. දුතියස‍්ස ඣානස‍්සාතිආදි “යථා අඤ‍්ඤොපි කණ‍්ඩකො අන‍්තොසමාපත‍්තියං නත්‍ථි, එවං සද‍්දස‍්සවනම‍්පී”ති බොධනත්‍ථං වුත‍්තං, තං සබ‍්බං උත‍්තානත්‍ථමෙවාති.

දැන් සමාපන්න වූයේ ශබ්ද අසා යයි කථා නම් වේ. එහි යම්හෙයකින් පළමු ධ්‍යානයට සමවත් වූවහුට ශබ්දවලින් බාධා ඇතැයි භාග්‍යවතුන් වහන්සේ කියන ලදී. ඉදින් සමවත් සමවැදි පුද්ගලයා ශබ්ද නො අසන්නේ නම් බාධාවන්නේ කෙසේද? එහෙයින් සමවත් සමවන්නේ ශබ්ද අසායයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. චක්‍ඛුනා රූපං පස්සති යනාදි සමවත් සමවන්නාට පංචද්වාරයේ පැවතීමක් නැත. එය නොමැති කල්හි ඉදින් හේ ශබ්ද අසන්නේ නම් රූප ද බලන්නේ යයි චෝදනා කිරීමට කියන ලදී. ‘සද්දො කණ්ටකො’ යනු වික්‍ෂේප කරන බව කියන ලදී. ඕලාරික ශබ්ද කනේ ගැටුණු විට පළමු දැහැනින් නැගිටීම වේ. එහෙයින් මෙය කියන ලදී. එහෙයින් අසාධක වේ. දුතියස්ස ඣානස්ස යනාදි යම්සේ වෙනත් බාධක සමාපත්තිය තුළ නැත. මෙසේ ශබ්ද ශ්‍රවණය අවබෝධය සඳහා කියන ලදී. ඒ සියල්ල නොගැඹුරු අරුත් වේ.

සමාපන‍්නො සද‍්දං සුණාතීතිකථාවණ‍්ණනා.

චක‍්ඛුනාරූපංපස‍්සතීතිකථාවණ‍්ණනා

175. චක්‍ඛුනා රූපං පස්සතීති කථා

ඉදානි චක‍්ඛුනා රූපං පස‍්සතීතිකථා නාම හොති. තත්‍ථ “චක‍්ඛුනා රූපං දිස‍්වා”ති වචනං නිස‍්සාය “පසාදචක‍්ඛුමෙව රූපං පස‍්සතී”ති යෙසං ලද‍්ධි, සෙය්‍යථාපි මහාසඞ‍්ඝිකානං , තෙ සන්‍ධාය පුච‍්ඡා සකවාදිස‍්ස, පටිඤ‍්ඤා ඉතරස‍්ස. අථ නං “යදි චක‍්ඛුනා රූපං පස‍්සෙය්‍ය, රූපෙන රූපං පස‍්සෙය්‍යාතී”ති චොදෙතුං රූපෙන රූපං පස‍්සතීති ආහ. ඉතරො රූපායතනං සන්‍ධාය පටික‍්ඛිපිත්‍වා පුන පුට‍්ඨො චක‍්ඛුමෙව සන්‍ධාය පටිජානාති. පටිවිජානාතීති එත්‍ථ අයමධිප‍්පායො – පස‍්සතීති හි මයං පටිජානනං සන්‍ධාය පුච‍්ඡාම, න චක‍්ඛූපසංහාරමත‍්තං. තස‍්මා වදෙහි තාව “කිං තෙ චක‍්ඛුමා රූපෙන රූපං පටිවිජානාතී”ති. ඉතරො පුරිමනයෙනෙව පටික‍්ඛිපති චෙව පටිජානාති ච. අථ නං “එවං සන‍්තෙ රූපං මනොවිඤ‍්ඤාණං ආපජ‍්ජති, තඤ‍්හි පටිවිජානාති නාමා”ති චොදෙතුං රූපං මනොවිඤ‍්ඤාණන‍්ති ආහ. ඉතරො ලෙසං අලභන‍්තො පටික‍්ඛිපතෙව. අත්‍ථි චක‍්ඛුස‍්ස ආවට‍්ටනාතිආදි “යදි චක‍්ඛු පටිවිජානනට‍්ඨෙන පස‍්සති, චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස විය තස‍්සාපි ආවජ‍්ජනාය භවිතබ‍්බ”න‍්ති චොදෙතුං පුච‍්ඡති. ඉතරො යස‍්මා න ආවජ‍්ජනපටිබද‍්ධං චක‍්ඛු, න තං ආවජ‍්ජනානන‍්තරං උප‍්පජ‍්ජති, තස‍්මා න හෙවන‍්ති පටික‍්ඛිපති. සොතෙන සද‍්දන‍්තිආදීසුපි එසෙව නයො. ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු චක‍්ඛුනා රූපං පස‍්සතීති සසම‍්භාරකථානයෙන වුත‍්තං. යථා හි උසුනා විජ‍්ඣන‍්තොපි “ධනුනා විජ‍්ඣතී”ති වුච‍්චති, එවං චක‍්ඛුවිඤ‍්ඤාණෙන පස‍්සන‍්තොපි “චක‍්ඛුනා පස‍්සතී”ති වුත‍්තො, තස‍්මා අසාධකමෙතං. සෙසෙසුපි එසෙව නයොපි.

දැන් ඇසින් රූප බලයි යන කථා නම් වේ. එහි ‘චක්‍ඛුනා රූපං දිස්වා’ යන වචනය නිසා ප්‍රසාද චක්‍ෂුවම රූප බලා යයි. යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ මහා සංඝිකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. ඉක්බිති ඔහුට ඉදින් ඇසින් රූප බලන්නේ නම් රූපයෙන් රූප දකින්නේ යයි චෝදනා කිරීමට රූපෙන රූපං පස්සති යයි කීය. අනිකා රූපායතනය සඳහා ප්‍රතික්‍ෂේප කොට නැවත විචාළවිට ඇස සඳහාම පිළිගනී. පටිවිජානාති යයි මෙහි අදහස මෙසේය. දකීයයි අපි දැනගැනීම සඳහා විචාරමු. ඇස ලඟට පැමිණීම පමණක් නොවේ. එහෙයින් කියන්න, කිම ඔබගේ ඇස රූපයෙන් රූප දැනගනීද? අනිකා පෙර නයින්ම ප්‍රතික්‍ෂේප කොට ද පිළිගැනීම ද වේ. ඉක්බිති ඔහුට මෙසේ ඇති කල්හි රූපය මනෝවිඤ්ඤාණයට පැමිණේ. එයද දැනගැනී යයි චෝදනා කිරීමට රූපං මනොවිඤ්ඤාණං යයි කීය. අනිකා ලෙශයකුදු නො ලබන්නේ ප්‍රතික්‍ෂේප කරයි. අත්‍ථි චක්‍ඛුස්ස ආවට්ටනා යනාදි ඉදින් ඇස දැනගැනීම් අරුතින් බලයි නම් චක්‍ඛු විඤ්ඤාණය මෙන් එයද ආවර්ජනාවෙන් විය යුතු යයි චෝදනා කිරීමට විචාරයි. අනිකා යම්සේ ආවර්ජන ප්‍රතිබද්ධ ඇසක් නොවේ. ආවර්ජනාවට අනතුරුව එය නූපදී. එහෙයින් නහෙවං යයි ප්‍රතික්‍ෂේප කරයි. සොතෙන සද්දං යනාදියෙහි ද මෙම නයයි. ‘ඉධ භික්‍ඛවෙ භික්‍ඛු චක්‍ඛුනා රූපං පස්සති’ යයි සසංහාර කථා න්‍යායෙන් කියන ලදී. යම්සේ ඊයෙන් විදින්නේ ද දුන්නෙන් විදී යයි කියනු ලැබේ. මෙසේ චක්‍ඛු විඤ්ඤාණයෙන් බලන්නේ ද ඇසින් බලයි කියන ලදී. එනිසා මෙය අසාධක වේ. සෙස්සෙහිද මෙම නයයි.

චක‍්ඛුනා රූපං පස‍්සතීතිකථාවණ‍්ණනා.

අට‍්ඨාරසමො වග‍්ගො.

අටළොස්වැනි වර්ගය නිමයි.