එකමග්ග කථා
18. 5.
18. 5.
එකමග්ග කථා
ඒකමග්ග කථා
[“බුදුරදහු සෝවන් වැ සෙදගැමි මඟත් සෙදගැමි වැ අනගැමි මඟත් අනගැමි වැ රහත්මඟත් පසක් කළහ. එක් මැ රහත්මඟින් සතර ඵලයන් පසක් කළහ” යි බුදුන් කෙරෙහි නුනුවණින් කළ ප්‍රේම වශයෙන් අන්ධක උත්තරාපථක නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඒකමග්ගකථා’ එයි.]
1. ස. පු: එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
1. ස. පු: එක් ආර්ය්යමාර්ගයෙන් සතර ශ්‍රාමණ්‍යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: චතුන්නං ඵස්සානං -පෙ- චතුන්නං සඤ්ඤානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්ර්පශයන් සතර දෙනකුන්ගේ සංඥාවන් සතර දෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
2. ස. පු: එක් අරිමඟින් සතර ශ්‍රාමණ්‍යඵලයන් පසක් කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොතාපත්තිමග්ගෙනාති.
ස. අනු: සෝවන් මඟින් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: සකදාගාමි -පෙ- අනාගාමිමග්ගෙනාති.
ස. අනු: සෙදගැමි … අනගැමිමඟින් වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. පු: කතමෙන මග්ගෙනාති.
ස. අනු: කවර මඟෙකින් (පසක් කරන්නේ) වේ ද?
ප. වි: අරහත්තමග්ගෙනා’ති.
ප. වි: රහත්මඟිනි.
ස. අනු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
ස. අනු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශ දුරු කරන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
3. ස. පු: අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතී’ති.
3. ස. පු: රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශ දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා’ති.
ස. අනු: ‘තුන් සංයෝජනයන්ගේ ප්රහාණය සෝවත්ඵල යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද නො?
ප. පටි: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි තිණ්ණං සඤ්ඤොජනානං පහානං සොතාපත්තිඵලං වුත්තං භගවතා,
ස. ඨ: ඉදින් ‘තුන් සංයෝජනයන්ගේ ප්රහාණය සෝවත්ඵල වෙතී’ භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ අරහත්තමග්ගෙන සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං ජහතීති.
ස. පා: භවත, ‘රහත්මඟින් සත්කායදෘෂ්ටිය විචිකිත්සාව ශීලව්රතපරාමර්ශය දුරු කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
4. ස. පු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
4. ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
ස. පු: රහත්මඟින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියා ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු කාමරාගබ්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා’ති.
ස. අනු: ‘කාමරාගව්‍යාපාදයන්ගේ තුනු බව සෙදගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි කාමරාගබ්යාපාදානං තනුභාවං සකදාගාමිඵලං වුත්තං භගවතා.
ස. ඨ: ඉදින් කාමරාගව්‍යාපාදයන්ගේ තනුභාවය සෙදගැමිඵලය’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන ඔළාරිකං කාමරාගං ඔළාරිකං බ්යාපාදං ජහතී’ති.
ස. පා: භවත, “රහත්මගින් ඔෳදාරික කාමරාග ඔෳදාරික ව්‍යාපාද හැරපියතී” යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං ජහතී’ති.
5. ස. පු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
ස. අනු: අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං ජහතී’ති.
ස. අනු: රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටි: එසේ යැ.
ස. අනු: නනු කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා’ති.
ස. අනු: ‘කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂප්රහාණය අනගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි කාමරාගබ්යාපාදානං අනවසෙසප්පහානං අනාගාමිඵලං වුත්තං භගවතා.
ස. ඨ: ඉදින් ‘කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂ ප්රහාණය අනගැමිඵල යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලද වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අරහත්තමග්ගෙන අණුසහගතං කාමරාගං අණුසහගතං බ්යාපාදං ජහතී’ති.
ස. පා: භවත, “රහත්මඟින් අණුසහගත කාමරාගය අණුසහගත ව්‍යාපාදය හැරපියතී” නො කියැයුතු මැ යැ.
6. ප. පු: න වත්තබ්බං එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොතී’ති.
6. ප. පු: ‘එක් ආර්ය්යමාර්ගයෙකින් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්රත්යක්ෂ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භගවතා සොතාපත්තිමග්ගො භාවිතො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සෝවත් මග භාවිත වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භගවා සොතාපන්නො’ති.
ප. අනු: භාග්‍යවත්හු ශ්‍රෝතාපන්න වෙත් ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
ප. අනු: භගවතා සකදාගාමු -පෙ- අනාගාමිමග්ගො භාවිතො’ති.
ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සෙදගැමිමග ... අනගැමිමග භාවිත වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: භගවා අනාගාමී’ති.
ප. අනු: භාග්‍යවත්හු අනගැමි වෙත් ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ …
7. ස. පු: භගවා එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොති, සාවකා චතූහි අරියමග්ගෙහි චත්තාරිසාමඤ්ඤඵලානි සච්ඡිකරොන්තී’ති.
7. ස. පු: ‘භාග්‍යවතුන් වහන්සේ එක් ආර්ය්යමාර්ගයෙකින් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්රත්යක්ෂ කරන්නාහු වෙත් ද, ශ්‍රාවකයෝ සතරමාර්ගයෙන් සතර ශ්‍රාමණ්‍යඵලයන් ප්රත්යක්ෂ කරන්නාහු වෙත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සාවකා බුද්ධස්ස භගවතො අදිට්ඨං දක්ඛන්ති අනධිගතං අධිගච්ඡන්ති, අසච්ඡිකතං සච්ඡිකරොන්තී’ති.
ස. අනු: ශ්‍රාවකයෝ භාග්‍යවත් බුදුන් නො දක්නාලද්ද දක්නාහු වෙත් ද, අනධිගතය අධිගම කරන්නාහු වෙත් ද, අසාක්ෂාත්කෘතය සාක්ෂාත් කරන්නාහු වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
එකමග්ග කථා නිට්ඨිතා
ඒකමග්ග කථා නිමි.