යෙදුමෙන් කියවන්න

ගන්‍ධජාතකථා

18. 4.

18. 4.

ගන්‍ධජාතකථා.

ගන්‍ධජාත කථා

[භාග්‍යවත් බුදුන් කෙරෙහි නුනුවණින් ගත් ප්‍රේම වශයෙන් භාග්‍යවතුන්ගේ මලමූ අන්‍ය ගන්‍ධජාතයනට වඩා සුගන්‍ධතර යයි අන්‍ධක උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ගන්‍ධජාතකථා’ එයි.]

1. ස. පු: බුද‍්ධස‍්ස භගවතො උච‍්චාරපස‍්සාවො අතිවිය අඤ‍්ඤෙ ගන්‍ධජාතෙ අධිගණ‍්හාතී’ති.

1. ස. පු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: භගවා ගන්‍ධභොජී’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ සුවඳදැය මැ වළඳනසේක් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු භගවා ඔදනකුම‍්මාසං භුඤ‍්ජතී’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ බත් කොමු වළඳනසේක් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි භගවා ඔදනකුම‍්මාසං භුඤ‍්ජති,

ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ බත් කොමු වළඳන සේක් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “බුද‍්ධස‍්ස භගවතො උච‍්චාරපස‍්සාවො අතිවිය අඤ‍්ඤො ගන්‍ධජාතෙ අධිගණ‍්හාතී’ති.

ස. පා: භවත, ‘භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ’ යයි නො කියැයුතු මැ යැ.

2. ස. පු: බුද‍්ධස‍්ස භගවතො උච‍්චාරපස‍්සාවො අතිවිය අඤ‍්ඤෙ ගන්‍ධජාතෙ අධිගණ‍්හාතී’ති.

2. ස. පු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ අතිශයින් අන්‍ය ගන්‍ධජාතයන් මැඩගෙන සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි කෙචි බුද‍්ධස‍්ස භගවතො උච‍්චාරපස‍්සාවං නහායන‍්ති. විලිම‍්පෙන‍්ති උච‍්ඡාදෙන‍්ති. පෙළාය පටිසාමෙන‍්ති. කරණ‍්ඩාය නික‍්ඛිපෙන‍්ති. ආපණෙ පසාරෙන‍්ති. තෙන ච ගන්‍ධෙන ගන්‍ධකරණීයං කරොන‍්තී’ති.

ස. අනු: භාග්‍යවත් බුදුන්ගේ මලමූ ස්නානය කරන, විලෙවුන් කොට ගන්නා, උච්ඡාදන කරන, මඤ්ජූසායෙහි ගෝපනය කරන, කරඬුයෙහි බහාලන, අවන්හල්හි සුවඳ දෑ සේ එළවා තබන කිසි කෙනෙක් ඇද්ද? ඒ ගඳිනුදු ගඳකරණී කෙරෙත් ද? නො කියැයුතු මැ යැ

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ගන්‍ධජාත කථා නිට‍්ඨිතා.

ගන්‍ධජාත කථා නිමි.