යෙදුමෙන් කියවන්න

ධම‍්මදෙසනා කථා

18. 2.

18. 2.

ධම‍්මදෙසනා කථා.

ධම්මදේසනා කථා

[“තුසීපුර වැඩවාස කරන භාග්‍යවත් බුදුහු දහම් දෙසන පිණිස නිර්මිත බුදුන් මිනිස්ලොවට එවූසේක. ආයුෂ්මත් අනඳ තෙරණුවන් විසින් ඔබගේ දහම් පිළිගෙන මිනිස්ලොව දෙසනලදි. භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලද නො වේ” යයි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ධම්මදේසනාකථා’ එයි.]

1. ස. පු: න වත‍්තබ‍්බං “බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො”ති.

1. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පු: කෙන දෙසිතො’ති.

ස. පු: කවරක්හු විසින් දෙසනලද වේ ද?

ප. වි: අභිනිම‍්මිතෙන දෙසිතො’ති.

ප. වි: නිර්මිත බුදුන් විසින් දෙසනලද වෙයි.

ස. අනු: අභිනිම‍්මිතො ජිනො සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී ධම‍්මස‍්සාමී ධම‍්මපටිසරණො’ති.

ස. අනු: නිර්මිත බුදුහු ජින, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ, සර්‍වදර්ශී, ධර්‍මාස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: න වත‍්තබ‍්බං “බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො”ති.

2. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලදැ’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පු: කෙන දෙසිතො’ති.

ස. පු: කවරක්හු විසින් දේසිත වේ ද?

ප. වි: ආයස‍්මතා ආනන්‍දෙන දෙසිතො’ති.

ප. වි: ආයුෂ්මත් අනඳ තෙරුන් විසින් දේසිත වෙයි.

ස. අනු: ආයස‍්මා ආනන්‍දො ජිනො සත්‍ථා සම‍්මාසම‍්බුද‍්ධො සබ‍්බඤ‍්ඤූ සබ‍්බදස‍්සාවී ධම‍්මස‍්සාමී ධම‍්මපටිසරණො”ති.

ස. අනු: ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ජින, ශාස්තෘ, සම්‍යක්සම්බුද්ධ, සර්‍වඥ, සර්‍වදර්ශී, ධර්‍මාස්වාමී, ධර්‍මප්‍රතිසරණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: න වත‍්තබ‍්බං “බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො”ති.

3. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේශිත යැ’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “සඞ‍්ඛිත‍්තෙන’පි කො අහං සාරිපුත‍්ත ධම‍්මං දෙසෙය්‍යං, විත්‍ථාරෙන’පි ඛො අහං සාරිපුත‍්ත ධම‍්මං දෙසෙය්‍යං, සංඛිත‍්තවිත්‍ථාරෙන’පි ඛො අහං සාරිපුත‍්ත ධම‍්මං දෙසෙය්‍යං. අඤ‍්ඤාතාරො ච දුල‍්ලභා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො: “ශාරිපුත්‍රය, මම සැකෙවිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්‍රය, මම විතරිනුදු දහම් දෙසන්නෙමි, ශාරීපුත්‍රය, මම් සකෙව්විතරිනුදු දහම් දෙසන්නෙමි. එතෙකුදුවුවත් වටහනුවෝ දුර්‍ලභයහ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පා: තෙන හි “බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො”ති.

ස. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේශිත වෙයි.

4. ස. පු: න වත‍්තබ‍්බං “බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො”ති.

4. ස. පු: ‘භාග්‍යවත් බුදුන් විසින් ධර්‍මය දේසිත වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “අභිඤ‍්ඤායාහං භික‍්ඛවෙ ධම‍්මං දෙසෙමි නො අනභිඤ‍්ඤාය. සනිදානාහං භික‍්ඛවෙ ධම‍්මං දෙසෙමි නො අනිදානං. සප‍්පටිහාරියං. තස‍්ස මය‍්හං භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ධම‍්මං දෙසයතො නො අනභිඤ‍්ඤාය, සනිදානං ධම‍්මං දෙසයතො නො අනිදානං, සප‍්පටිහාරියං ධම‍්මං දෙසයතො නො අප‍්පාටිහාරියං, කරණීයො ඔවාදො, කරණීයා අනුසාසනී, අලඤ‍්ච පන වො භික‍්ඛවෙ තුට‍්ඨියා, අලං අත‍්තමනතාය, අලං සොමනස‍්සාය, ‘සම‍්මාසම‍්බුද‍්ධො භගවා, ස‍්වාක‍්ඛාතො ධම‍්මො, සුපටිපන‍්නො සඞ‍්ඝො”ති. ඉමස‍්මිඤ‍්ච පන වෙය්‍යාකරණස‍්මිං භඤ‍්ඤමානෙ දසසහස‍්සීලොකධාතු අකම‍්පිත්‍ථා’ති. අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මම අභිඥා පිණිස දහම් දෙසමි. අනභිඥා පිණිස නො දෙසමි. මහණෙනි, මම නිදාන සහිත කොට දහම් දෙසමි. නිදාන රහිත කොට නො දෙසමි. මහණෙනි, මම නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසමි. අනෛර්‍ය්‍යාණික කොට නො දෙසමි. මහණෙනි, අනභිඥා පිණිස නො වැ අභිඥා පිණිස දහම් දෙසන, අනිදාන කොට නො වැ සනිදාන කොට දහම් දෙසන, අනෛර්‍ය්‍යාණික කොට නො වැ නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසන මා විසින් අවවාද කටයුතු වෙයි. අනුශාසනා කටයුතු වෙයි. තවද මහණෙනි, තොපටත් ‘බුදුහු සම්‍යක්සම්බුද්ධයහ, ධර්‍මය ස්වාඛ්‍යාත යැ, සඞ්ඝයා සුප්‍රතිපන්න යැ’ යි තුෂ්ටියට නිස්සැ සිය මනවඩනට නිස්සැ. සොම්නසට නිස්සැ. මේ වෛයාකරණ බණනුලබන කල්හි දශසහශ්‍රිලෝකධාතුව වෙවුලී” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පා: තෙන හි “බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො”ති.

ස. පා: එකරුණින් ‘භාග්‍යවත් බුදුන් විසින් දහම් දෙසනලද වෙයි.

ධම‍්මදෙසනාකථා නිට‍්ඨිතා.

ධර්‍මදේශනා කථා නිමි.