යෙදුමෙන් කියවන්න

මනුස‍්සලොක කථා

18. 1.

18. 1.

මනුස‍්සලොක කථා.

මනුස්සලෝක කථා

[වෛතුල්‍යවාදීහු අප බුදුහු තුසී දෙව්ලොව උපන්නාහු එහි මැ වසන්නාහු වත් මුත් මිනිස්ලොවට නො එන්නාහ’ යි ද, නිර්මිතරූපමාත්‍රය මෙලොව දක්වන්නාහ’යි ද ලබ්ධි ගත්හ. උන්ගේ වාද බිඳුනට ‘මනුස්සලෝකකථා’ එයි.]

1. ස. පු: න වත‍්තබ‍්බං බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී’ති.

1. ස. පු: ‘භාග්‍යවත් බුදුරජහු මිනිස්ලොව සිටියහ’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු අත්‍ථි බුද‍්ධවුත්‍ථානි චෙතියානි ආරාමවිහාරගාමනිගමනගරානි රට‍්ඨානි ජනපදානී’ති.

ස. අනු: බුදුන් වුසූ චෛත්‍යයෝ ආරාම විහාර ග්‍රාමනිගමනගරයෝ රාෂ්ට්‍රයෝ ජනපදයෝ ඇත්තාහු නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අත්‍ථි බුද‍්ධවුත්‍ථානි චෙතියානි ආරමවිහාරගාමනිගමනගරානි රට‍්ඨානි ජනපදානි,

ස. ඨ: ඉදින් බුදුන් වුසූ චෛත්‍ය ආරාම විහාර ග්‍රාම නිගම නගර රාෂ්ට්‍ර ජනපද ඇත් නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී”ති.

ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.

2. ස. පු: න වත‍්තබ‍්බං “බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී”ති.

2. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු භගවා ලුම‍්බිනියා ජාතො, බොධියා මූලෙ අභිසම‍්බුද‍්ධො, බාරාණසියං භගවතා ධම‍්මචක‍්කං පවත‍්තිතං, චාපාලෙ චෙතියෙ ආයුසඞ‍්ඛාරො ඔස‍්සට‍්ඨො, කුසිනාරායං භගවා පරිනිබ‍්බුතො’ති.

ස. අනු: බුදුහු ලුම්බිනී සල්වෙනෙහි උපන්නාහු නො වේ ද? බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූවාහු නො වේ ද, බරණැස දී බුදුන් විසින් දම්සක් පවත්වන ලද නො වේ ද, චාපාල චෛත්‍යයෙහි දී ආයුසංස්කාර හරන ලද නො වේ ද, බුදුහු කුසිනාරායෙහි දී පිරිනිවියාහු නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි භගවා ලුම‍්බිනියා ජාතො -පෙ- කුසිනාරායං භගවා පරිනිබ‍්බුතො.

ස. ඨ: ඉදින් බුදුහු ලුම්බිනියෙහි උපන්නාහු නම් … බුදුහු කුසිනාරායෙහි පිරිනිවියාහු නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී”ති.

ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි කියැයුතු මැ යැ.

3. ස. පු: න වත‍්තබ‍්බං “බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී”ති.

3. ස. පු: ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා “එකමිදාහං භික‍්ඛවෙ සමයං උක‍්කට‍්ඨායං විහරාමි සුභගවනෙ සාලරාජමූලෙ”ති “එකමිදාහං භික‍්ඛවෙ සමයං උරුවෙලායං විහරාමි අජපාලෙ නිග්‍රොධෙ පඨමාභිසම‍්බුද‍්ධො”ති. “එකමිදාහං භික‍්ඛවෙ සමයං රාජගහෙ විහරාමි වෙළුවනෙ කලන්‍දකනිවාපෙ”ති. “එකමිදාහං භික‍්ඛවෙ සමයං සාවත්‍ථියං විහරාමි ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ”ති. “එකමිදාහං භික‍්ඛවෙ සමයං වෙසාලියං විහරාමි මහාවනෙ කූටාගාරසාලාය”න‍්ති අත්‍ථෙව සුත‍්තන‍්තො’ති.

ස. අනු: “මහණෙනි, මම එක් කලෙක උක්කට්ඨා නුවර සුභගවනයෙහි සාලරාජමූලයෙහි වාස කෙරෙමි”යි කියා ද “මහණෙනි, මම එක් කලෙක අභිසම්බුද්ධ වැ පළමු කොට උරුවෙල් දනවියෙහි අජපල් නුගරුක් මුල වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක රජගහ නුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප නම ආරාමයෙහි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වාස කෙරෙමි” යි කියා ද, “මහණෙනි, මම එක් කලෙක විසාලා මහනුවර මහාවනයෙහි කූටාගාරශාලායෙහි වාස කෙරෙමි” යි කියා ද බුදුන් විසින් වදාරනලද සූත්‍රාන්තයෙක් ඇත් මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පා: තෙන හි බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී’ති.

ස. පා: භවත, එකරුණින් ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි.

4. ප. පු: භගවා මනුස‍්සලොකො අට‍්ඨාසී’ති.

4. ප. පු: භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියාහු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු භගවා ලොකෙ ජාතො ලොකෙ සංවද‍්ධො ලොකං අභිභුය්‍ය විහරති අනුපලිත‍්තො ලොකෙනා’ති.

ප. අනු: බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ඨ: හඤ‍්චි භගවා ලොකෙ ජාතො ලොකෙ සංවද‍්ධො ලොකං අභිභුය්‍ය විහරති අනුපලිත‍්තො ලොකෙන,

ප. ඨ: ඉදින් බුදුහු ලෝකයෙහි ජාත වැ, ලෝකයෙහි සංවර්ධිත වැ, ලෝකය අභිභවා, ලෝකය හා අනුපලිප්ත වැ, වාස කරන්නාහු වේ නම්,

ප. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසී”ති.

ප. පා: භවත, ‘භාග්‍යවත් බුදුහු මිනිස්ලොව සිටියහ’යි නො කියැයුතු මැ වෙයි.

මනුස‍්සලොක කථා නිට‍්ඨිතා.

මනුස්සලෝක කථා නිමි.