දක්ඛිණාවිසුද්ධි කථා
17. 11.
17. 11.
දක්ඛිණාවිසුද්ධි කථා.
දක්ඛිණාවිසුද්ධි කථා
[“ඉදින් ප්‍රතිග්‍රාහක කෙරෙන් දක්‍ෂිණාවිශුද්ධි වේ නම්, මහත්ඵල වේ නම්, ‘දායකයා විසින් දන් දෙන ලද යැ, ප්‍රතිග්‍රාහකයා විසින් ඵල නිපයන ලදැ’ යි අනෙකෙක් අනෙකක්හුගේ දානඵල නිපයනු වන්නේ සුඛදුඃඛ පරකෘත බවට පැමිණෙන්නේ යැ. අනෙකෙක් කර්ම කරන්නේ යැ. අනෙකෙක් විපාක විඳුනේ යි. එහෙයින් දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘දක්ඛිණාවිසුද්ධිකථා’ එයි.]
1. ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො’ති.
1. ස. පු: දානය දායකයා කෙරෙන් මැ විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්ථි කෙචි පටිග්ගාහකා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.
ස. අනු: ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි, ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්රතිග්රාහකයෙක් ඇත් නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි අත්ථි කෙචි පටිග්ගාහකා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස,
ස. ඨ: ඉදින් ආහුනනයට නිසි පාහුනනයට නිසි දක්ෂිණාවට නිසි අඤ්ජලිකරණයට නිසි ලොවට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර වූ කිසි ප්රතිග්රාහකයෙක් ඇත් නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො”ති.
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
2. ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති නො පටිග්ගාහකතො’ති.
2. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා’ති.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ටආර්ය්යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා,
ස. ඨ: ඉදින් ‘සතර පුරිස්යුග වූ අටාඅරීපුඟුල්හු දක්ෂිණාවට නිස්සහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො”ති.
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ” යයි නො කියැයුතු මැ යැ.
3. ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො’ති.
3. ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්ථි කෙචි සොතාපන්නෙ දානං දත්වා දක්ඛිණං ආරාධෙන්තීති.
ස. අනු: සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්ෂිණා සපයන (අල්පමාත්‍ර දක්ෂිණායෙන්) මහත්ඵල උපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි අත්ථි කෙචි සොතාපන්නෙ දානං දත්වා දක්ඛිණං ආරාධෙන්ති.
ස. ඨ: ඉදින් සෝවන් පුඟුල් කෙරෙහි දන් දී දක්ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො”ති.
ස. පා: භවත “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
ස. අනු: නනු අත්ථි කෙචි සකදාගාමිස්ස -පෙ- අනාගාමිස්ස -පෙ- අරහතො දානං දත්වා දක්ඛිණං ආරාධෙන්තී’ති.
ස. අනු: සෙදගැමිහට … අනගැමිහට … රහත්හට දන් දී ... දක්ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි අත්ථි කෙචි අරහතො දානං දත්වා දක්ඛිණං ආරාධෙන්ති,
ස. ඨ: ඉදින් රහත්හට දන් දී දක්ෂිණා සපයන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “දායකතො’ව දානං විසුජ්ඣති. නො පටිග්ගාහකතො”ති.
ස. පා: භවත, “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි. ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
4. ප. පු: පටිග්ගාහකතො දානං විසුජ්ඣතීති.
4. ප. පු: ප්‍රතිග්‍රාහකයා කෙරෙන් දානය විශුද්ධ වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: අඤ්ඤො අඤ්ඤස්ස කාරකො, පරකතං සුඛදුක්ඛං, අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතීති.
ප. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද? සුඛදුඃඛ පරකෘත වේ ද? අනෙකෙක් කරනුයේ අනෙකෙක් විඳුනේ වේ ද?
ස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. පු: දායකතො’ව දානං විසුජ්ඣති, නො පටිග්ගාහකතො’ති.
ස. පු: දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වේ ද? ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා: “චතස්සො ඛො ඉමා ආනන්ද, දක්ඛිණාවිසුද්ධියො, කතමා චතස්සො: අත්ථානන්ද, දක්ඛිණා දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. අත්ථානන්ද දක්ඛිණා පටිග්ගාහකතො විසුජ්ඣති නො දායකතො. අත්ථානන්ද දක්ඛිණා දායකතො චෙව විසුජ්ඣති පටිග්ගකතො ච. අත්ථානන්ද දක්ඛිණා නෙව දායකතො විසුජ්ඣති නො පටිග්ගාහකතො. ඉමා ඛො ආනන්ද, චතස්සො දක්ඛිණාවිසුද්ධියො”ති අත්ථෙව සුත්තන්තොති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “ආනන්දය, මේ දක්ෂිණා විශුද්ධීහු සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්: ආනන්දය, දායකයා කෙරෙන් විශුද්ධ වන ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ වන දායකයා කෙරෙන් විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා කෙරෙනුදු ප්‍රතිග්‍රාහකයා කෙරෙනුදු විශුද්ධ වන දක්ෂිණායෙක් ඇත. ආනන්දය, දායකයා කෙරෙනුදු විශුද්ධ නො වන ප්‍රතිග්‍රාහකයා කෙරෙනුදු විශුද්ධ නො වන දක්ෂිණායෙක් ඇති. ආනන්දය, මොහු සතර දක්ෂිණාවිශුද්ධීහු වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත්තබ්බං “දායකතො’ව දානං විසුජ්ඣති නො පටිග්ගාහකතො”ති.
ස. පා: එකරුණින් “දායකයා කෙරෙන් මැ දානය විශුද්ධ වෙයි, ප්‍රතිග්‍රාහකයා කෙරෙන් විශුද්ධ නො වෙයි” යනු නො කියැයුතු මැ යැ.
දක්ඛිණාවිසුද්ධිකථා නිට්ඨිතා.
දක්‍ෂිණාවිශුද්ධි කථා නිමි.
සත්තරසමො වග්ගො නිට්ඨිතො.
සතළොස් වැනි වග නිමි.
තස්සුද්දානං:
එහි උද්දානය:
“අත්ථි අරහතො පුඤ්ඤූපචයො, නත්ථි අරහතො අකාලමච්චු, සබ්බමිදං කම්මතො, ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛං, ඨපෙත්වාරියමග්ගං අවසෙසා සඞ්ඛාරා දුක්ඛා, සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාති, සඞ්ඝො දක්ඛිණං විසොධෙති, සඞ්ඝො භුඤ්ජති පිවති ඛාදති සායති, සඞ්ඝස්ස දින්නං මහප්ඵලං, න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලං, අත්ථිදානං විසුද්ධියා”ති.
අත්ථි අරහතො පුඤ්ඤූපචයොති කථා යැ, නත්ථි අරහතො අකාලමච්චූති කථා යැ, සබ්බමිදං කම්මතෝති කථා යැ, ඉන්ද්රියබද්ධ කථා යැ, ඨපෙත්වා අරියමග්ගන්ති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා යැ, න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා යැ, න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා යැ, දක්‍ෂිණාවිශුද්ධි කථා යි.