යෙදුමෙන් කියවන්න

න වත‍්තබ‍්බං බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵලන‍්ති කථා

17. 10.

17. 10.

න වත‍්තබ‍්බං බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵලන‍්ති කථා.

න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා

[“භාග්‍යවත් බුදුහු කිසිවක් නො වළඳති. ලෝකානුවර්‍තන පිණිස වළඳනුවන් සෙයින් තමන් දක්වති. දානය නිරූපකාර හෙයින් උන්වහන්සේ කෙරෙහි පුදන ලද්දේ මහත්ඵල නො වෙයි.” යනුවෙන් මහා පුණ්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]

1. ස. පු: න වත‍්තබ‍්බං බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵලන‍්ති.

1. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු භගවා ද‍්විපදානං. අග‍්ගො, ද‍්විපදානං සෙට‍්ඨො, ද‍්විපදානං පමොක‍්ඛො, ද‍්විපදානං උත‍්තමො, ද‍්විපාදානං පරරො, අසමො අසමසමො අප‍්පටිසමො අප‍්පටිභාගො අප‍්පටිපුග‍්ගලො’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්‍ර නො? දෙපා ඇතියන් කෙරෙන් ශ්‍රේෂ්ඨ නො? දෙපා ඇතියන් කෙරෙන් ප්‍රමුඛ නො? දෙපා ඇතියන් කෙරෙන් උත්තම නො? දෙපා ඇතියන් කෙරෙන් ප්‍රවර නො? අසම අසමසම අප්‍රතිසම අප්‍රතිභාග අප්‍රතිපුද්ගල නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි භගවා ද‍්විපදානං. අග‍්ගො, ද‍්විපදානං සෙට‍්ඨො, ද‍්විපදානං පමොක‍්ඛො, ද‍්විපදානං උත‍්තමො, ද‍්විපදානං පවරො, අසමො අසමසමෙං අප‍්පටිසමො අප‍්පටිභාගො අප‍්පටිපුග‍්ගලො,

ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ දෙපා ඇතියන් කෙරෙන් අග්‍ර වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ශ්‍රේෂ්ඨ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්‍රමුඛ වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් උත්තම වූ නම්, දෙපා ඇතියන් කෙරෙන් ප්‍රවර වූ නම්, අසම අසමසම අප්‍රතිසම අප්‍රතිභාග අප්‍රතිපුද්ගල වූ නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵල”න‍්ති.

ස. පා: භවත, ‘එකරුණින් බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියයුතු මැ යැ.

2. ස. පු: න වත‍්තබ‍්බං බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵලන‍්ති.

2. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි කොචි බුද‍්ධෙන සමසමො සීලෙන සමාධිනා පඤ‍්ඤායා’ති.

ස. අනු: ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් ඇද්ද?

ප. වි: නත්‍ථි.

ප. වි: නැත.

ස. ඨ: හඤ‍්චි නත්‍ථි කොචි බුද‍්ධෙන සමසමො සීලෙන සමාධිනා පඤ‍්ඤාය,

ස. ඨ: ඉදින් ශීලයෙන් සමාධියෙන් ප්‍රඥායෙන් බුදුරදුන් හා සමසම කිසිවෙක් නැත් නම්,

ස. පා: තෙන වන රෙ වත‍්තබ‍්බෙ “බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵල”න‍්ති.

ස. පා: භවත, එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යැ.

3. ස. පු: න වත‍්තබ‍්බං’බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵල’න‍්ති.

3. ස. පු: ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු වුත‍්තං භගවතා:

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:

“නයිමස‍්මිං ලොකෙ පරස‍්මිං වා පන බුද‍්ධෙන සෙට‍්ඨො ච සමො ච විජ‍්ජති යමාහුනෙය්‍යානං අග‍්ගතං ගතො පුඤ‍්ඤත්‍ථිකානං විපුලඵලෙසින”න‍්ති.

“විපුලඵල ඉලියන පුණ්‍යාතීර්‍ට ජනයනත යම සර්‍වඥ කෙනෙක් අන්නපානප්‍රතිග්‍රහණයට අර්‍හ වූවෝ ප්‍රතිග්‍රාහකයන් අතුරෙහි අග්‍රභාවයත ගියෝ ද, මෙලොව වේවයි තදන්‍යලෝකයෙක වේවයි ඒ සර්‍වඥයනට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් හෝ ඔබට සම කෙනෙක් හෝ නැතැ” යි

අත්‍ථෙව සුත‍්තන‍්තොති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. පා: තෙන හි “බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵල”න‍්ති.

ස. පා: එකරුණින් ‘බුදුන්ට දුන් දැය මහත්ඵල වේ.

න වත‍්තබ‍්බං බුද‍්ධස‍්ස දින‍්නං මහප‍්ඵලන‍්ති කථා නිට‍්ඨිතා.

න වත්තබ්බං බුද්ධස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.