න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා
17. 9.
17. 9.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා
[“මාර්ගඵලයෝ මැ සඞ්ඝ නම් වෙති. මාර්ගඵලයනට කිසිවක් දිය නො හැක්ක. පිළිගන්නට ද නො හැක්ක. ඉන් කිසි උපකාරයෙක් මාර්ගඵලයනට නැත. එයින් මාර්ගඵලයනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා’ එයි.]
1. ස. පු: න වත්තබ්බං “සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති.
1. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු සඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’ති.
ස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි සඞ්ඝො ආහුනෙය්යො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස,
ස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්,
ස. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති.
ස. පා: භවත, එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වේ මැ යැ.
2. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝස්ස දින්නං මහප්ඵල’න්ති.
2. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා’ති.
ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා දක්ඛිණෙය්යා වුත්තා භගවතා,
ස. ඨ: ඉදින් ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද වේ නම්,
ස. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සඞ්ඝස්ස දින්නං මහප්ඵල”න්ති.
ස. පා: භවත, එකරුණින් ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ කියැයුතු මැ යි.
3. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝස්ස දින්නං මහප්ඵල’න්ති.
3. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “සඞ්ඝෙ ගොතමි, දෙහි, සඞ්ඝෙ තෙ දින්නෙ අහඤ්චෙව පූජිතො භවිස්සාමි, සඞ්ඝො චා”ති. අත්ථෙව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “ගෝතමිය, සඟනට දෙව, තොප විසින් සඟුන් කෙරෙහි දුන් කල්හි මම ද පුදනලදුයෙම් වෙමි. සඞ්ඝයා ද පුදන ලද වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි සඞ්ඝස්ස දින්නං මහප්ඵල’න්ති.
ස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
4. ස. පු: න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති.
4. ස. පු: ‘සඟනට දුන් දැය මහත්ඵල වෙතී’ නො කියැ යුතු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච:
ස. අනු: සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට තෙල කීයේ නො?
“යජමානානං මනුස්සානං පුඤ්ඤපෙඛාන පාණිනං තරොතං ඔපධිකං පුඤ්ඤං කත්ථ දින්නං මහප්ඵලන්ති.
“යාග කරන මිනිසුන් විසින්, පින් ලබනු කැමැති ප්‍රාණීන් විසින්, උපධිසම්පත් පිණිස පින් කරනුවන් විසින් කොහි දෙනලද්ද මහත්ඵල වේ දැ? යි.
චත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
මඟට පිළිපන්නාහු සතර දෙනෙක, ඵලයෙහි සිටියාහු සතර දෙනෙක, තෙල සඞ්ඝ තෙම, ඍජු වූයේ ප්‍රඥාශීල දෙකින් සමාහිත වෙයි.
යජමානානං මනුස්සානං පුඤ්ඤපෙඛාන පාණිනං කරොතං ඔපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලන්ති.
යාග කරන මිනිසුන් විසින්, පින් කැමැති ප්‍රාණීන් විසින්, උපධි සම්පත් පිණිස පවත්නා පින් කරනුවන් විසින් සඟුන් කෙරෙහි දුන් දැය මහත්ඵල වෙයි.
එසො හි සඞ්ඝො විපුලො මහග්ගතො එසප්පමෙය්යො උදධීව සාගරො එතෙ හි සෙට්ඨා නරවීර සාවකා පභඞ්කරා ධම්මමුදීරයන්ති.
තෙල සඞ්ඝ තෙමේ විපුල වූයේ මහද්ගත වූයේ වෙයි. තෙල සඞ්ඝ තෙමේ උද්ධ සඞ්ඛ්‍යාත සාගරය සෙයින් අප්‍රමේය වෙයි. නරවීර ශ්‍රාවක වූ ලොව නැණින් එළි කරන තෙල ශ්‍රේෂ්ඨ සඟහු දහම වදාරති.
තෙසං සුදින්නං සුහුතං සුයිට්ඨං යෙ සඞ්ඝමුද්දිස්ස දදන්ති දානං සා දක්ඛිණා සඞ්ඝගතා පතිට්ඨිතා මහප්ඵලා ලොකවිදූන වණ්ණිතා.
යම් කෙනෙක් සඟුන් උදෙසා දන් දෙත් ද, ඔවුන් විසින් මොනොවට දෙන ලදි, මොනොවට පුදන ලදි, මොනොවට යාග කරන ලදී. සඞ්ඝගත වැ පිහිටි ඒ දක්ෂිණාව මහත්ඵල යයි බුදුන් විසින් වර්ණනා කරන ලදු.
එතාදිසං යඤ්ඤමනුස්සරන්තා යෙ වෙදජාතා විහරන්ති ලොකෙ විනෙය්ය මච්ඡෙරමලං සමූලං අනින්දිතා සග්ගමුපෙන්ති ඨාන”න්ති.
මේ බඳු යාග සිහි කරන යම් කෙනෙක් උපන් තුෂ්ටි ඇති වැ ලෝකයෙහි වාස කෙරෙත් ද, ඔහු මසුරුමල සමූල කොට උදුරාපියා අනින්දිත වැ ස්වර්ගභූමියට පැමිණෙති” යි
අත්ථෙව සුත්තන්තොති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පා: තෙන හි සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති.
ස. පා: එකරුණින් සඟනට දුන් දැය මහත්ඵල වෙයි.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා නිට්ඨිතා.
න වත්තබ්බං සඞ්ඝස්ස දින්නං මහප්ඵලන්ති කථා නිමි.