න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා
17. 8.
17. 8.
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා.
න වත්තබ්බං සඞ්ඝො භුඤෝජතීති කථා
[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙති. මාර්‍ගඵලයෝ කිසිවක් නොවළඳතී. එයින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා’ එයි.]
1. ස. පු: න වත්තබ්බං ‘සඞ‍්ඝො භුඤ‍්ජති, පිවති, ඛාදති, සායතී’ති.
1. ස. පු: සඞ්ඝ තෙම භෝජන පාන ඛාදන සායන කෙරෙයි’ යනු නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථි කෙචි සඞ‍්ඝභත‍්තානි කරොන‍්ති, උද‍්දෙසභත‍්තානි කරොන‍්ති, යාගුපානානි කරොන‍්තී’ති.
ස. අනු: සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන (හුළුකැන් බීම) කරන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අත්‍ථි කෙචි සඞ‍්ඝභත‍්තානි කරොන‍්ති, උද‍්දෙසභත‍්තානි කරොන‍්ති, යාගුපානානි කරොන‍්ති.
ස. ඨ: ඉදින් සඟබත් කරන උදෙස්බත් කරන යාගුපාන කරන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සඞ‍්ඝො භුඤ‍්ජති, පිවති, ඛාදති, සායතී’ති.
ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ කියැයුතු මැ යි.
2. ස. පු: න වත්තබ්බං ‘සඞ‍්ඝො භුඤ‍්ජති, පිවති ඛාදති, සායතී’ති.
2. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “ගණභොජනං පරම‍්පරභොජනං අතිරිත‍්තභොජනං අනතිරිත‍්තභොජන”න‍්ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරනලද නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි වුත‍්තං භගවතා ගණභොජනං පරම‍්පරභොජනං අතිරිත‍්තභොජනං අනතිරිත‍්තභොජනං,
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: “ගණභෝජන යැ පරම්පරභෝජන යැ අතිරික්තභෝජන යැ අනතරික්තභොජන යැ” යනු වදාරන ලද වී නම්,
ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සඞ‍්ඝො භුඤ‍්ජති, පිවති, ඛාදති, සායතී”ති.
ස. පා: භවත, එකරුණින් “සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී” කියැයුතු මැ යි.
3. ස. පු: න වත්තබ්බං ‘සඞ‍්ඝො භුඤ‍්ජති, පිවති ඛාදති සායතී’ති.
3. ස. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ නො කියැයුතු ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අට‍්ඨපානානි වුත‍්තානි භගවතා: ‘අම‍්බපානං ජම‍්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද‍්දිකපානං සාලුකපානං ඵාරුසකපානන‍්ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් (සඟුන් උදෙසා,) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුනුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අට‍්ඨපානානි වුත‍්තානි භගවතා: ‘අම‍්බපානං ජම‍්බුපානං චොචපානං මොචපානං මධුපානං මුද‍්දිකපානං සාලුකපානං ඵාරුසකපානං,
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: (සඟුන් උදෙසා) අඹපනු යැ දඹපනු යැ ඇටකෙසෙල්පනු යැ මස්කෙසෙල්පනු යැ දැමිදිරසපනු යැ මිදිරසපනු යැ උපුල්පනු යැ බොරළුදමුපනු යැ යන අෂ්ටපානයෝ වදාරනලද්දාහු වී නම්,
ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘සඞ‍්ඝො භුඤ‍්ජති පිවති ඛාදති සායතී’ති.
ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කෙරෙතී’ යි කියැයුතු මැ යි.
4. ස. පු: සඞ‍්ඝො භුඤ‍්ජති පිවති ඛාදති සායතී’ති.
4. ප. පු: ‘සඞ්ඝයා භෝජන පාන ඛාදන සායන කරන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මග‍්ගො භුඤ‍්ජති පිවති ඛාදති සායති, ඵලං භුඤ‍්ජති පිවති ඛාදති සායතී’ති.
ප. අනු: මාර්‍ගය භෝජන පාන ඛාදන සායන කෙරේ ද? ඵලය භෝජන පාන ඛාදන සායන කෙරේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා නිට‍්ඨිතා.
න වත්තබ්බං සඞ්ඝො භුඤ්ජතීති කථා නිමි.