යෙදුමෙන් කියවන්න

න වත‍්තබ‍්බං සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතීති කථා

17. 7.

17. 7.

න වත‍්තබ‍්බං සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතීති කථා.

න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා

[මාර්‍ගඵල මැ සඞ්ඝ නම් වෙයි. මාර්‍ගඵලයෝ දක්‍ෂිණා විශුද්ධ කරන්නට නො හැකි වෙති. එකරුණින් “සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී නො කියැයුතු යැ” යි වෛතුල්‍යවාදීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසෝධේතිතී කථා’ එයි.]

1. ස. පු: න වත‍්තබ‍්බං සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතීති.

1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු සඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සාති.

ස. අනු: සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, ඇඳිලි බැඳි වඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි සඞ‍්ඝො ආහුනෙය්‍යො -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස,

ස. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි ... ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වී නම්?

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතී”ති.

ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යි.

2. ස. පු: න වත‍්තබ‍්බං සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතීති.

2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු චත‍්තාරො පුරිසයුගා අට‍්ඨපුරිසපුග‍්ගලා දක‍්ඛිණෙය්‍යා වුත‍්තා භගවතාති.

ස. අනු: ‘සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි චත‍්තාරො පුරිසයුගා අට‍්ඨපුරිසපුග‍්ගලා දක‍්ඛිණෙය්‍යා වුත‍්තා භගවතා,

ස. ඨ: ඉදින් සතර පුරුෂයුග වූ අෂ්ට ආර්‍ය්‍යපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද වී නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතී”ති.

ස. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විසුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.

3. ස. පු: න වත‍්තබ‍්බං සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතී’ති.

3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: නනු අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස දානං දත්‍වා දක‍්ඛිණං ආරාධෙන‍්තී’ති.

ස. අනු: සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි ‘අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස දානං දත්‍වා දක‍්ඛිණං ආරාධෙන‍්ති,

ස. ඨ: ඉදින් සඟනට දන් දී දක්‍ෂිණා ඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතී”ති.

ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාවිශුද්ධිය කෙරෙති’ යි කියැයුතු මැ යැ.

ස. අනු: නනු අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස චීවරං දත්‍වා -පෙ- පිණ‍්ඩපාතං දත්‍වා -පෙ- සෙනාසනං දත්‍වා -පෙ- ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දත්‍වා -පෙ- ඛාදනීයං දත්‍වා -පෙ- භොජනීයං දත්‍වා -පෙ- පානීයං දත්‍වා දක‍්ඛිණං ආරාධෙන‍්තීති.

ස. අනු: සඞ්ඝයාට සිවුරු දී ... පිඬුවා දී ... සෙනසුන් දී ... ගිලන්පසබෙහෙත්පිරිකර දී ... කැවිලි දී ... බොජුන් දී ... පැන් දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නො?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස පානීයං දත්‍වා දක‍්ඛිණං ආරාධෙන‍්ති,

ස. ඨ: ඉදින් සඟනට පානීය දී දක්‍ෂිණාඵල සපයන කිසි කෙනෙක් ඇත් නම්,

ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: “සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතී”ති.

ස. පා: භවත එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කෙරෙතී’ කියැයුතු මැ යැ.

4. ප. පු: සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතීති.

4. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා විශුද්ධ කරන්නේ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: මග‍්ගො විසොධෙති, ඵලං විසොධෙතීති.

ප. අනු: මාර්‍ගය විශුද්ධ කරන්නේ වේ ද? ඵලය විශුද්ධ කරන්නේ වේ ද?

ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු යැ ...

න වත‍්තබ‍්බං සඞ‍්ඝො දක‍්ඛිණං විසොධෙතීති කථා නිට‍්ඨිතා.

න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං විසොධෙතීති කථා නිමි.