න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා
17. 6.
17. 6.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා
[පරමාර්‍ත්‍ථ විසින් මාර්‍ගඵල මැ සඞ්ඝ වෙයි. මාර්‍ගඵලයෙන් අන්‍ය සඞ්ඝ නම් කිසිවෙක් නැත. මාර්‍ගඵලයෝ කිසිවක් නො පිළිගනිති. එහෙයින් සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී නො කියැයුතු යැ’ යි මහාපුණ්‍යවාදීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා’ එයි.]
1. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ‍්හාතීති.
1. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු සඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්සා’ති.
ස. අනු: සඞ්ඝයා දුර සිට ගෙනවුත් පුදනට නිසි, ආදර බහුමාන පූර්‍වක වැ පුදනට නිසි, දක්‍ෂිණාවට (කම්පල අදහා දෙන දනට) නිසි, ඇඳිලි බඳනට නිසි වූයේ ලොවට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. ඨ: හඤ‍්චි සඞ‍්ඝො ආහුනෙය්‍යො පාහුනෙය්‍යො දක‍්ඛිණෙය්‍යො අඤ‍්ජලිකරණීයො අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස,
ප. ඨ: ඉදින් සඞ්ඝයා ආහුනනයට නිසි, පාහුනනයට නිසි, දක්‍ෂිණාවට නිසි, අඤ්ජලිකරණයට නිසි වූයේ ලොවට අනුත්තර පින්කෙත් වී නම්?
ප. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: ‘සඞ‍්ඛො දක‍්ඛිණං පතිගණ‍්හාතීති.
ප. පා: භවත, එකරුණින් ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ කියැයුතු මැ යැ.
2. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො දක‍්ඛිණං පතිගණ‍්හාතී’ති.
2. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු චත‍්තාරො පුරිසයුගා අට‍්ඨපුරිසපුග‍්ගලා දක‍්ඛිණෙය්‍යා වුත‍්තා භගවතාති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි වදාරන ලද නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි චත‍්තාරො පුරිසයුගා අට‍්ඨපුරිසපුග‍්ගලා දක‍්ඛිණෙය්‍යා වුත‍්තා භගවතා.
ස. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සතර පුරුෂයුග වූ අෂ්ටපුරුෂපුද්ගලයෝ දක්‍ෂිණාර්‍හයහ’ යි වදාරන ලද නම්,
ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: “සඞ‍්ඝො දක‍්ඛිණං පතිගණ‍්හාතී”ති.
ස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිතී කියැයුතු මැ යැ.
3. ස. පු: න වත්තබ්බං ‘සඞ්ඝො දක‍්ඛිණං පතිගණ‍්හාතී’ති.
3. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණාව පිළිගනිතී’ නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස දානං දෙන‍්තීති.
ස. අනු: සඞ්ඝයාට දන්දෙන කිසි කෙනෙක් ඇත් නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස දක‍්ඛිණං දෙන‍්ති.
ස. ඨ: ඉදින් කිසි කෙනෙක් සඞ්ඝයාට දන් දෙන්නාහු ඇත් නම්,
ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: “සඞ‍්ඝො දක‍්ඛිණං පතිගණ‍්හාතී’ති.
ස. පා: භවත, එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිතීයි කියැයුතු.
ස. අනු: නනු අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස චීවරං දෙන‍්ති -පෙ- පිණ‍්ඩපාතං දෙන‍්ති -පෙ- සෙනාසනං දෙන‍්ති -පෙ- ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දෙන‍්ති -පෙ- ඛාදනීයං දෙන‍්ති -පෙ- භොජනීයං දෙන‍්ති -පෙ- පානීයං දෙන‍්තී’ති.
ස. අනු: සඞ්ඝයාට චීවර දෙන්නාහු ... පිණ්ඩපාත දෙන්නාහු ... ශයනාසන දෙන්නාහු ... ග්ලානප්‍රත්‍යයභෙෂජ්‍යපරිෂ්කාර දෙන්නාහු ... ඛාදනීය දෙන්නාහු ... භෝජනීය දෙන්නාහු ... පානීය දෙන්නාහු ඇත් නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අත්‍ථි කෙචි සඞ‍්ඝස‍්ස පානීයං දෙන‍්තී,
ස. ඨ: ඉදින් සඞ්ඝයාට පැන් දෙන කිසි කෙනෙක් ඇත් නම්,
ස. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: “සඞ‍්ඝො දක‍්ඛිණං පතිගණ‍්හාතී”ති.
ස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ යයි කියැයුතු.
4. ස. පු: න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ‍්හාතීති.
4. ස. පු: ‘සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිති’ යි නො කියැයුතු වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා:
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො:
“ආහුතිං ජාතවෙදොව මහාමෙඝංව මෙදිනී. සඞ‍්ඝො සමාධිසම‍්පන‍්නො පතිගණ‍්හාති දක‍්ඛිණ”න‍්ති.
“අග්නිය ආහුතිය (පිළිගන්නා) සෙයින්, පෘථිවිය මහාමේඝය (පිළිගන්නා) සෙයින් සමාධිසම්පන්න සඞ්ඝයා දක්‍ෂිණා පිළිගනිති” යි
අත්‍ථෙව සුත‍්තන‍්තොති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි “සඞ‍්ඝො දක‍්ඛිණං පතිගණ‍්හාතී”ති.
ස. පා: භවත එකරුණින් සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ වේ.
5. ප. පු: සඞ‍්ඝො දක්ඛිණං පතිගණ‍්හාතීති.
5. ප. පු: සඞ්ඝයා දක්‍ෂිණා පිළිගන්නේ වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ප. අනු: මග‍්ගො පටිගණ‍්හාති, ඵලං පටිගණ‍්හාතීති.
ප. අනු: මාර්‍ගය පිළිගන්නේ වේ ද, ඵලය පිළිගන්නේ වේ ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටි: එසේ නො කියැයුතු යැ ...
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා නිට‍්ඨිතා.
න වත්තබ්බං සඞ්ඝො දක්ඛිණං පතිගණ්හාතීති කථා නිමි.