සමාපන්නො සද්දං සුණාතීති කථා
18. 8.
18. 8.
සමාපන්නො සද්දං සුණාතීති කථා.
සමාපන්නෝ සද්දං සුණාතීති කථා
[”ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. ඉදින් සමවත් සමවන්නේ ශබ්ද නො අසා නම කිසෙයින් ශබ්දකණ්ටක (ශබ්ද බාධක) වන්නේ ද? එහෙයින් සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ” යයි පූර්වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ සද්දං සුණාතීති කථා’ එයි.]
1. ස. පු: සමාපන්නො සද්දං සුණාතී’ති.
1. ස. පු: සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සමාපන්නො චක්ඛුනා රූපං පස්සති -පෙ- සොතෙන -පෙ- ඝානෙන -පෙ- ජිව්හාය -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති’ති.
ස. අනු: සමවත් සමවන්නේ ඇසින් රූ දක්නේ වේ ද? … කනින් … නැහැයෙන් … දිවින් … කයින් පැහැසි පහස්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: සමාපන්නො සද්දං සුණාතී’ති.
2. ස. පු: සමවත් සමවන්නේ ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සොතවිඤ්ඤාණසමඞ්ගී සමාපන්නො’ති.
ස. අනු: ශ්රෝතවිඥානසමන්වාගත වූයේ සමාපන්න වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: නනු සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්සා’ති.
ස. අනු: සමාධි මනෝවිඥානසමඞ්ගීහට නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස.
ස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සමාපන්නො සද්දං සුණාතී”ති.
ස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස, සොතවිඤ්ඤාණසමඞ්ගී සද්දං සුණාති’ති.
3. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. ඨ: හඤ්චි සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස, සොතවිඤ්ඤාණසමඞ්ගී සද්දං සුණාති,
ස. ඨ: ඉදින් මනෝවිඥාන සමඞ්ගීපුද්ගලහට සමාධි වී නම්, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වී නම්,
ස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සමාපන්නො සද්දං සුණාතී”ති.
ස. පා: භවත, ‘සමවත් සමවන්නහු ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු මැ යැ.
4. ස. පු: සමාධි මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස, සොතවිඤ්ඤාණසමඞ්ගී සද්දං සුණාතී’ති.
4. ස. පු: මනෝවිඥානසමඞ්ගී පුද්ගලහට සමාධි වෙයි, ශ්‍රෝතවිඥානසමඞ්ගී පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්ර්පෂයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ ... සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ප. පු: න වත්තබ්බං සමාපන්නො සද්දං සුණාතී’ති.
5. ස. පු: ‘සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කෙරෙතී’ නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති.
ප. ඨ: ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද නො?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. ඨ: හඤ්චි පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා,
ප. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
ප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සමාපන්නො සද්දං සුණාතී”ති.
ප. පා: භවත, එකරුණින් ‘සමවන්නේ ශබ්දශ්‍රවණ කෙරෙයි’ නො කියැයුතු මැ යැ.
6. ස. පු: “පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති. සමාපන්නො සද්දං සුණාතී”ති.
6. ස. පු: “ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදැ’ යි කරුණු කොට සමාපන්න පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දුතියස්ස ඣානස්ස විතක්කො විචාරො කණ්ටකො වුත්තො භගවතා, අත්ථි තස්ස විතක්කවිචාරා’ති.
ස. අනු: ‘ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. එයට (ද්විතීයධ්‍යානයට) විතර්කවිචාර ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
7. ස. පු: “පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති. සමාපන්නො සද්දං සුණාතී”ති.
7. ස. පු: ‘ප්‍රථමධ්‍යානයට ශබ්ද කණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලදැ’ යි කරුණු කොට සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: තතියස්ස ඣානස්ස පීති කණ්ටකො -පෙ- චතුත්ථස්ස ඣානස්ස අස්සාසපස්සාසා කණ්ටකො, ... ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා කණ්ටකො ... විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා කණ්ටකො ... ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා කණ්ටකො ... නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා කණ්ටකො ... සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච කණ්ටකො වුත්තො භගවතා, අත්ථි තස්ස සඤ්ඤා ච වෙදනා චා’ති.
ස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිකණ්ටක යැ … චතුර්‍ත්‍ථධ්‍යානය ආශ්වාසප්‍රාශ්වාස කණ්ටක යැ … ආකාසානඤ්චායතන සමවත් සමවන් පුඟුල්හට රූපසංඥා කණ්ටක යැ … විඤ්ඤාණඤ්චායතන සමවන් පුඟුල්හට ආකාසානඤ්චායතනසංඥා කණ්ටක යැ … ආකිඤ්චඤ්ඤායතන සමවන් පුඟුල්හට විඤ්ඤාණඤ්චායතනසංඥා කණ්ටක යැ … නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන් පුඟුල්හට ආකිඤ්චඤ්ඤායතනසංඥා කණ්ටක යැ … සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් පුඟුල්හට සංඥා හා වේදනා හා කණ්ටක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වෙයි. ඔහට සංඥාත් වේදනාත් ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
සමාපන්නො සද්දං සුණාතී’ති කථා නිට්ඨිතා.
සමාපන්නෝ සද්දං සුණාතී’ති කථා නිමි.