යෙදුමෙන් කියවන්න

චක‍්ඛුනා රූපං පස‍්සතීති කථා

18. 9.

18. 9.

චක‍්ඛුනා රූපං පස‍්සතීති කථා.

චක්ඛුනා රූපං පස්සතීති කථා

[“චක්ඛුනා රූපං පස්සතී - ඇසින් රූ දකී” යන වචන නිසා ‘ප්‍රසාද චක්‍ෂුස ම රූප දක්නේ යැ’ යි මහාසඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘චක්ඛුනා රූපං පස්සතීති කථා’ එයි.]

1. ස. පු: චක‍්ඛුනා රූපං පස‍්සතීති.

1. ස. පු: ප්‍රසාද ඇසින් රූ දක්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපෙන රූපං පස‍්සතී’ති.

ස. අනු: රුවින් රූ දක්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

2. ස. පු: රූපෙන රූපං පස‍්සතී’ති.

2. ස. පු: රුවින් රූ දක්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ. (චක්‍ෂුස් රූපය ගැන කළ ප්‍රතිඥා යි.)

ස. අනු: රූපෙන රූපං පටිවිජානාතී’ති.

ස. අනු: රුවින් රූ ප්‍රතිවිජානන කරන්නේ (දන්නේ) වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

3. ස. පු: රූපෙන රූපං පටිවිජානාතී’ති.

3. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං මනොවිඤ‍්ඤාණන‍්ති.

ස. අනු: රූ මනෝවිඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: චක‍්ඛුනා රූපං පස‍්සතී’ති.

4. ස. පු: ඇසින් රූප දක්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි චක‍්ඛුස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු නත්‍ථි චක‍්ඛුස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි නත්‍ථි චක‍්ඛුස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “චක‍්ඛුනා රූපං පස‍්සතී”ති.

ස. පා: භවත, ‘ඇසින් රූප දක්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.

5. ස. පු: සොතෙන සද‍්දං සුණාතී’ති -පෙ- ඝානෙන ගන්‍ධං ඝායතී’ති -පෙ- ජිව‍්හාය රසං සායතී’ති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති’ති.

5. ස. පු: කනින් හඬ අසන්නේ වේ ද? … නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කරන්නේ වේ ද? … දිවින් රස විඳින්නේ වේ ද? … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපෙන රූපං ඵුසතී’ති.

ස. අනු: රූපයෙන් රූපය ස්පර්‍ශ කරන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

6. ස. පු: රූපෙන රූපං ඵුසතී’ති.

6. ස. පු: රුවින් රූ පහස්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපෙන රූපං පටිවිජානාතී’ති.

ස. අනු: රුවින් රූ දන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

7. ස. පු: රූපෙන රූපං පටිවිජානාතී’ති.

7. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: රූපං මනොවිඤ‍්ඤාණන‍්ති.

ස. අනු: රූපය මනෝවිඥාන වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

8. ස. පු: කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති’ති.

8. ස. පු: කයින් පැහැසි පහස්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථි කායස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ ...

ස. අනු: නනු නත්‍ථි කායස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධී’ති.

ස. අනු: කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නු?

ප. පටිඤ‍්ඤා ආමන‍්තා.

ප. පටිඤ්‍ඤා: එසේ යැ.

ස. ඨ: හඤ‍්චි නත්‍ථි කායස‍්ස ආවට‍්ටනා -පෙ- පණිධි,

ස. ඨ: ඉදින් කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නම්,

ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති”ති.

ස. පා: භවත, ‘කයින් පැහැසි පහස්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.

9. ප. පු: න වත‍්තබ‍්බං ‘චක‍්ඛුනා රූපං පස‍්සති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති’ති.

9. ප. පු: චක්‍ෂුසින් රූප දක්නේ යැ … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නේ යැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “ඉධ භික‍්ඛවෙ භික‍්ඛු චක‍්ඛුනා රූපං පස‍්සති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසතී’ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූ දකී … කයින් පැහැසි පහසි” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්‍ඤා: එසේ යැ.

ප. ආ: තෙන හි ‘චක‍්ඛුනා රූපං පස‍්සති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසතී’ති.

ප. ආ: එකරුණින් ‘ඇසින් රූ දකී … … කයින් පැහැසි පහසි’.

චක‍්ඛුනා රූපං පස‍්සතී’ති කථා නිට‍්ඨිතා.

චක්ඛුනා රූපං පස්සතීති කථා නිමි.

අට‍්ඨාරසමො වග‍්ගො නිට‍්ඨිතො.

අටළොස්වැනි වග නිමි.

තස‍්ස උද‍්දානං.

එහි උද්දානය:

බුද‍්ධො භගවා මනුස‍්සලොකෙ අට‍්ඨාසි, බුද‍්ධෙන භගවතා ධම‍්මො දෙසිතො, නත්‍ථි බුද‍්ධස‍්ස භගවතො කරුණා, බුද‍්ධස‍්ස භගවතො උච‍්චාරපස‍්සාවො අතිවිය අඤ‍්ඤෙ ගන්‍ධජාතෙ අධිගණ‍්හාති, එකෙන අරියමග‍්ගෙන චත‍්තාරි සාමඤ‍්ඤඵලානි සච‍්ඡිකරොති, ඣානා ඣානං සඞ‍්කමති, අත්‍ථි ඣානන‍්තරිකා, සමාපන‍්නො සද‍්දං සුණාති, චක‍්ඛුනා රූපං පස‍්සති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති.

මනුස්සලෝක කථා යැ ධම්මදේසනා කථා යැ කරුණාකථා යැ ගන්‍ධජාත කථා යැ ඒකමග්ග කථා යැ ඣානසඞ්කන්ති කථා යැ ඣානන්තරිකකථා යැ සමාපන්නෝ සද්දං සුණාතී’ති කථා යැ චක්ඛුනා රූපං පස්සතී’ති කථා යි.