කිලෙසජහන කථා
19. 1.
19. 1.
කිලෙසජහන කථා.
කිලේසජහන කථා
[‘ප්‍රහීණ ක්ලේශ ඇතියාහට අතීතක්ලේශයෝත් අනාගතක්ලේශයෝත් ප්‍රත්‍යුත්පන්නක්ලේශයෝත් ප්‍රහීණ වූවාහු මැ වෙති. එහෙයින් අතීතයෙහි දු අනාගතයෙහි දු ප්‍රත්‍යුත්පන්නයෙහිදු ක්ලේශත්‍යාග කෙරෙති’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ‘කිලේසජහන කථා’ එයි.]
1. ස. පු: අතීතෙ කිලෙසෙ ජහතී’ති.
1. ස. පු: අතීත කෙලෙසුන් දුරු කරන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නිරුද‍්ධං නිරොධෙති, විගතං විගමෙති, ඛීණං ඛෙපෙති, අත්‍ථඞ‍්ගතං අත්‍ථඞ‍්ගමෙති, අබ‍්භත්‍ථඞ‍්ගතං අබ‍්භත්‍ථඞ‍්ගමෙතීති.
ස. අනු: නිරුද්ධ කෙලෙස් නිරුද්ධ කෙරේ ද, විගත කෙලෙස් විගමන කෙරේ ද, ක්‍ෂීණ කෙලෙස් ක්‍ෂය කෙරේ ද, අස්තඞ්ගත කෙලෙස් අස්තඞ්ගමන කෙරේ ද, අභ්‍යස්තඞ්ගත කෙලෙස් අභ්‍යස්තඞ්ගමන කෙරේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
2. ස. පු: අතීතෙ කිලෙසෙ ජහතී’ති.
2. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අතීතං නිරුද‍්ධන‍්ති.
ස. අනු: අතීතය නිරුද්ධ වූයේ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අතීතං නිරුද‍්ධං.
ස. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අතීතෙ කිලෙසෙ ජහතී”ති.
ස. පා: භවත, ‘අතීත කෙලෙසුන් හැරපියතී’ නො කියැයුතු මැ යැ.
3. ස. පු: අතීතෙ කිලෙසෙ ජහතී’ති.
3. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අතීතං නත්‍ථි’ති.
ස. අනු: අතීතය නැත් නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අතීතං නත්‍ථි,
ස. ඨ: ඉදින් අතීතය නැත් නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අතීතෙ කිලෙසෙ ජහතී”ති.
ස. පා: භවත, “අතීත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
4. ස. පු: අනාගතෙ කිලෙසෙ ජහතී’ති.
4. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: අජාතං අජනෙති, අසඤ‍්ජාතං අසඤ‍්ජනෙති, අනිබ‍්බත‍්තං අනිබ‍්බත‍්තෙති, අපාතුභූතං අපාතුභාවෙතී’ති.
ස. අනු: නූපන්නේ නූපදනේ වේ ද, නො හටගත්තේ නො හටගන්නේ වේ ද? නො නිපන්නේ නිපන් නොවන්නේ වේ ද? නො පහළ වූයේ නො පහළ වන්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
5. ස. පු: අනාගතෙ කිලෙසෙ ජහතී’ති.
5. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගතං අජාතන‍්ති.
ස. අනු: අනාගතය අජාත නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අනාගතං අජාතං.
ස. ඨ: ඉදින් අනාගතය අජාත වී නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අනාගතෙ කිලෙසෙ ජහතී”ති.
ස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
6. ස. පු: අනාගතෙ කිලෙසෙ ජහතී’ති.
6. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු අනාගතං නත්‍ථි’ති.
ස. අනු: අනාගතය නැත් නො?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. ඨ: හඤ‍්චි අනාගතං නත්‍ථි,
ස. ඨ: ඉදින් අනාගතය නැත් නම්,
ස. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “අනාගතෙ කිලෙසෙ ජහතී”ති.
ස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
7. ස. පු: පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ ජහතී’ති.
7. ස. පු: ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
ප. පටි: ආමන‍්තා.
ප. පටි: එසේ යැ.
ස. අනු: රත‍්තො රාගං ජහති, දුට‍්ඨො දොසං ජහති, මූළ‍්හො මොහං ජහති, කිලිට‍්ඨො කිලෙසෙ ජහතී’ති.
ස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද, දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද, මූඨ වූයේ මෝහය හැරපියා ද, ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
ස. අනු: රාගෙන රාගං ජහති, දොසෙන දොසං ජහති, මොහෙන මොහං ජහති, කිලෙසෙහි කිලෙසෙ ජහතී’ති.
ස. අනු: රාගයෙන් රාගය හැරපියා ද, ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද, මෝහයෙන් මෝහය හැරපියා ද, ක්ලේශයෙන් ක්ලේශ හැරපියා ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
8. ස. පු: රාගො චිත‍්තසම‍්පයුත‍්තො, මග‍්ගො චිත‍්තසම‍්පයුත‍්තො’ති.
8. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං -පෙ- ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.
ස. අනු: ස්ර්‍පශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
9. ස. පු: රාගො අකුසලො, මග‍්ගො කුසලො’ති.
9. ස. පු: රාගය අකුශල වේ ද, මාර්‍ගය කුශල වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්ති’ති.
ස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ ...
10. ස. පු: කුසලාකුසලා සාවජ‍්ජානවජ‍්ජා හීනප‍්පණීතා කණ‍්හසුක‍්කසප‍්පටිභාගා ධම‍්මා සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
10. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය. හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත‍්තං භගවතා “චත‍්තාරිමානි භික‍්ඛවෙ සුවිදූරවිදූරානි, කතමානි චත‍්තාරි: නභඤ‍්ච භික‍්ඛවෙ පඨවී ච ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස‍්මා සතං ධම‍්මො අසබ‍්භි ආරකා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ දෙක පළමු වන සුවිදූරවීදූර යැ … එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්‍ඤා: එසේ යැ.
ස. පා: තෙන හි න වත‍්තබ‍්බං ‘කුසලාකුසලා -පෙ- සම‍්මුඛීභාවං ආගච‍්ඡන‍්තී’ති.
ස. පා: එකරුණින් ‘කුශලාකුශල … සම්මුඛීභාවයට එතී’ නො කියැයුතු යැ.
11. ප. පු: න වත‍්තබ‍්බං අතීතෙ කිලෙසෙ ජහති, අනාගතෙ කිලෙසෙ ජහති, පච‍්චුප‍්පන‍්නෙන කිලෙසෙ ජහතී’ති.
11. ප. පු: ‘අතීත කෙලෙසුන් හැරපියයි, අනාගත කෙලෙසුන් හැරපියයි, ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියයි’ යනු නො කියැයුතු වේ ද?
ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ස. පටිඤ්‍ඤා: එසේ යැ
ප. අනු: නත්‍ථි කිලෙසෙ ජහතී’ති.
ප. අනු: ක්ලේශ ජහන නැත් ද?
ස. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
ප. පා: තෙන හි “අතීතෙ කිලෙසෙ ජහති, අනාගතෙ කිලෙසෙ ජහති, පච‍්චුප‍්පන‍්නෙ කිලෙසෙ ජහතී’ති.
ප. පා: එකරුණින් “අතීත කෙලෙසුන් හැරපියයි, අනාගත කෙලෙසුන් හැරපියයි, ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියයි”.
කිලෙසජහන කථා නිට‍්ඨිතා.
කිලේස ජනන කථා නිමි.