19. එකූනවීසතිමවග්ගො අට්ඨකථා
19. එකුන්විසි වැනි වර්ගය
කිලෙසපජහනකථාවණ්ණනා
176. කිලෙස ජහන කථා
ඉදානි කිලෙසපජහනකථා නාම හොති. තත්ථ “යස්මා කිලෙසපහානං නාම අත්ථි, පහීනකිලෙසස්ස ච අතීතාපි කිලෙසා පහීනාව හොන්ති, අනාගතාපි, පච්චුප්පන්නාපි, තස්මා අතීතෙපි කිලෙසෙ පජහති, අනාගතෙපි, පච්චුප්පන්නෙපී”ති යෙසං ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානං; තෙ සන්ධාය අතීතෙතිආදිපුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස . සෙසං යථාපාළිමෙව නිය්යාති. නත්ථි කිලෙසෙ ජහතීති ඉමස්මිං පන පරවාදිස්ස පඤ්හෙ යස්මා කචවරං පජහන්තස්ස කචවරෙ ඡඩ්ඩනවායාමො විය කිලෙසෙ පජහන්තස්ස න අතීතාදිභෙදෙසු කිලෙසෙසු වායාමො අත්ථි, නිබ්බානාරම්මණෙ පන අරියමග්ගෙ පවත්තිතෙ කිලෙසා අනුප්පන්නායෙව නුප්පජ්ජන්තීති පහීනා නාම හොන්ති, තස්මා න හෙවන්ති පටික්ඛිපති. තෙන හි අතීතෙ කිලෙසෙ පජහතීතිආදි පන යස්මා “නත්ථි කිලෙසපජහනා”ති න වත්තබ්බං, තස්මා අතීතාදිභෙදෙ පජහතීති ඡලෙන වුත්තං.
දැන් කෙලෙස් අත්හරින කථා නම් වේ. එහි යම්හෙයකින් කෙලෙස් ප්‍රහානයක් ඇත. ප්‍රහීන කෙලෙස් ද අතීත කෙලෙස් ප්‍රහීන වී ඇත. එසේම අනාගත වර්තමානද වේ. එහෙයින් අතීත කෙලෙස් ප්‍රහානයෙන් අනාගත වර්තමාන කෙලෙස් ද ප්‍රහාන වූයේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා අතීතෙපි යනාදි විචාරීම සකවාදියාය. ප්‍රතිඥාව අනෙකාගේය. සෙස්ස පෙල අනුව පමුණුවයි. නත්ථි කිලෙසෙ ජහති යන පරවාදියාගේ මේ ප්‍රශ්නයෙහි යම්සේ කසල බැහැර කරන්නාට කසල බැහැර කරන උත්සාහය මෙන් කෙලෙස් දුරුකරන්නාට අතීතාදි කෙලෙස්වල උත්සාහයක් නැත. නිවන් අරමුණෙහි වනාහි ආර්ය මාර්ගය පවතින විට කෙලෙස් නූපන්නේමය. නූපදී යයි ප්‍රහීන වූයේ වේ. එහෙයින් න හෙවං යයි ප්‍රතික්ෂේප කරයි. තෙනහි අතීතෙ කිලෙසෙ ජහති යනාදිය වනාහි යම්හෙයකින් නොමැති නම් කෙලෙස් ප්‍රජනන යයි නො කිවයුතුය. එහෙයින් අතීතාදි භේදයෙහි දුරුකරයි යන ඡලයෙන් කියන ලදී.
කිලෙසපජහනකථාවණ්ණනා.
සුඤ්ඤතකථාවණ්ණනා
177. සුඤ්ඤතා කථා
ඉදානි සුඤ්ඤතකථා නාම හොති. තත්ථ සුඤ්ඤතාති ද්වෙ සුඤ්ඤතා ඛන්ධානඤ්ච අනත්තලක්ඛණං නිබ්බානඤ්ච. තෙසු අනත්තලක්ඛණං තාව එකච්චං එකෙන පරියායෙන සියා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං, නිබ්බානං, අපරියාපන්නමෙව. ඉමං පන විභාගං අග්ගහෙත්වා “සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා”ති යෙසං ලද්ධි, සෙය්යථාපි අන්ධකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. අනිමිත්තන්ති සබ්බනිමිත්තරහිතං නිබ්බානං. “අප්පණිහිතො”තිපි තස්සෙව නාමං. කස්මා පනෙතං ආභතන්ති? අවිභජ්ජවාදීවාදෙ දොසාරොපනත්ථං. යස්ස හි අවිභජිත්වා “එකදෙසෙනෙව සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා”ති ලද්ධි, තස්ස නිබ්බානම්පි සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති ආපජ්ජති. ඉමස්ස දොසස්සාරොපනත්ථං “අනිමිත්තං අප්පණිහිත”න්ති ආභතං. ඉතරො තස්ස පරියාපන්නභාවං අනිච්ඡන්තො පටික්ඛිපති. සඞ්ඛාරක්ඛන්ධො න අනිච්චොතිආදි නිබ්බානසඞ්ඛාතාය සුඤ්ඤතාය අනිච්චභාවාපත්තිදොසදස්සනත්ථං වුත්තං.
දැන් ශූන්‍යතා කථා නම් වේ. එහි සුඤ්ඤතා යයි අනාත්ම ලක්ෂණ ස්කන්ධ ද නිවනදැයි ශුන්‍යතා දෙකකි. ඒවායින් අනාත්ම ලක්ෂණය එක් ආකාරයකින් සංස්කාර ස්කන්ධයට ඇතුළත් වේ. නිවන අපරියාපන්න වේ. මේ විභාගය නොගෙන ශුන්‍යතාව සංස්කාර ස්කන්ධයට ඇතුළත් වේයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ අන්ධකයින්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. අනිමිත්ත යනු සියළු නිමිති රහිත නිවනයි. අප්‍රණිහිත යනු ඊටම නමකි. කුමක්හෙයින් ගෙනෙන ලදද? අවිභජ්ජ වාදයෙහි දෝෂාරෝපනය සඳහා. යමෙකුගේ නොබෝදා ශුන්‍යතාව ඒකදේශයකින් සංස්කාර ස්කන්ධයට ඇතුළත් යයි ලබ්ධිය වේ. ඔහුගේ නිවන ද සංස්කාර ස්කන්ධයට ඇතුළත් බවට පැමිණේ. මේ දෝෂාරෝපනය සඳහා අනිමිත්ත අප්පණිහිතං ගෙනෙන ලදී. අනෙකා ඒ ඇතුළත් බව නොකැමැත්තේ ප්‍රතික්ෂේප කරයි. සංඛාරක්ඛන්ධො න අනිච්චො යනාදි නිවන් සංඛ්‍යාත ශූන්‍යතාවේ අනිත්‍යභාවයට පැමිණි දෝෂ දර්ශනය සඳහා කියන ලදී.
සඞ්ඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතාති “යදි අඤ්ඤස්ස ඛන්‍ධස්ස සුඤ්ඤතා අඤ්ඤක්ඛන්ධපරියාපන්නා, සඞ්ඛාරක්ඛන්ධසුඤ්ඤතායපි සෙසක්ඛන්ධපරියාපන්නාය භවිතබ්බ”න්ති චොදනත්ථං වුත්තං. සඞ්ඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා න වත්තබ්බාතිආදි “යදි සඞ්ඛාරක්ඛන්ධසුඤ්ඤතා සෙසක්ඛන්ධපරියාපන්නා න හොති, සෙසක්ඛන්ධසුඤ්ඤතාපි සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා න හොතී”ති පටිලොමදස්සනත්ථං වුත්තං.
සංඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා යනාදි අන්‍ය ස්කන්ධයේ ශුන්‍යතාව අන්‍ය ස්කන්ධයට ඇතුළත් වේ. සංස්කාර ස්කන්ධ ශුන්‍යතාව ද සෙසු ස්කන්ධවලට ඇතුළත් විය යුතුයයි චෝදනාව පිණිස කියන ලදී. සංඛාරක්ඛන්ධ සුඤ්ඤතා න වත්තබ්බ යනාදි ඉදින් සංස්කාර ස්කන්ධ ශූන්‍යතාව සෙසු ස්කන්ධවලට ඇතුළත් නොවේ යයි ප්‍රතිලෝම දර්ශනය සඳහා කියන ලදී.
සුඤ්ඤමිදං, භික්ඛවෙ, සඞ්ඛාරාති සුත්තං පරසමයතො ආභතං. තත්ථ සඞ්ඛාරාති “සබ්බෙ සඞ්ඛාරා අනිච්චා”ති ආගතට්ඨානෙ විය පඤ්චක්ඛන්ධා, තෙ ච අත්තත්තනියසුඤ්ඤත්තා සුඤ්ඤතාති සාසනාවචරං හොති, න විරුජ්ඣති, තස්මා අනුඤ්ඤාතං. යස්මා පනෙතං න සුඤ්ඤතාය සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නභාවං දීපෙති, තස්මා අසාධකන්ති.
සුඤ්ඤමිදං භික්ඛවෙ සංඛාරා යන සූත්‍රය පරසමයෙන් ගෙනෙන ලදී. එහි සංඛාරා යනු සබ්බෙ සංඛාරා අනිච්චා යි පැමිණි තැන මෙන් පංචස්කන්ධයයි. එයද ආත්මයට අයත් ශූන්‍යතා බව ශූන්‍යතා යයි සාසනාවචර වේ. විරුද්ධ නොවේ. එහෙයින් අනුඥාතය. යම්හෙයකින් මේ ශුන්‍යතාවෙන් සංස්කාර ස්කන්ධ පරියාපන්නභාවය දක්වයි. එහෙයින් අසාධක වේ.
සුඤ්ඤතකථාවණ්ණනා.
සාමඤ්ඤඵලකථාවණ්ණනා
178. සාමඤ්ඤඵල කථා
ඉදානි සාමඤ්ඤඵලකථා නාම හොති. තත්ථ මග්ගවීථියම්පි ඵලසමාපත්තිවීථියම්පි අරියමග්ගස්ස විපාකචිත්තං සාමඤ්ඤඵලං නාමාති සකසමයෙ සන්නිට්ඨානං. යෙසං පන තථා අග්ගහෙත්වා “කිලෙසපහානඤ්චෙව ඵලුප්පත්ති ච සාමඤ්ඤඵලං, තස්මා අසඞ්ඛත”න්ති ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානං; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමෙත්ථ හෙට්ඨා වුත්තනයත්තා යථා පාළිමෙව නිය්යාතීති.
දැන් ශ්‍රමණ ඵල කථා නම් වේ. එහි මාර්ග වීථියද ඵලසමාපත්ති වීථිය ද ආර්ය මාර්ගයේ විපාක සිත ශ්‍රමණ ඵලයයි ස්ව සමයෙහි නිශ්චය වේ. එසේ නොගෙන යමෙකුගේ ක්ලේශ ප්‍රහානය ද ඵලයට පැමිණීම ද ශ්‍රමණඵලය වේ. එහෙයින් අසංඛත ලබ්ධි වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහි සෙස්ස යට කියන ලද නය අනුව පෙළ පැමිණවිය යුතුය.
සාමඤ්ඤඵලකථාවණ්ණනා.
පත්තිකථාවණ්ණනා
179. පත්ති කථා
ඉදානි පත්තිකථා නාම හොති. තත්ථ “යං යං පටිලබ්භති, තස්ස තස්ස පටිලාභො පත්ති නාම. සා ච අසඞ්ඛතා”ති යෙසං ලද්ධි, සෙය්යථාපි පුබ්බසෙලියානඤ්ඤෙව; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. සෙසමිධාපි හෙට්ඨා වුත්තනයත්තා යථාපාළිමෙව නිය්යාතීති . න වත්තබ්බන්තිආදි යාය ලද්ධියා පත්ති අසඞ්ඛතාති මඤ්ඤති, තං පකාසෙතුං වුත්තං. තත්ථ සකවාදී “න හෙවං වත්තබ්බෙ”ති පටික්ඛිපන්තො කෙවලං පත්තියා රූපාදිභාවං න සම්පටිච්ඡති. න හි පත්ති නාම කොචි ධම්මො අත්ථි, න පන අසඞ්ඛතභාවං අනුජානාති. ඉතරො පන පටික්ඛෙපමත්තෙනෙව අසඞ්ඛතාති ලද්ධිං පතිට්ඨපෙති, සා අයොනිසො පතිට්ඨාපිතත්තා අප්පතිට්ඨිතායෙවාති.
දැන් පත්ති කථා නම් වේ. එහි යමක් ලබයිද, ඒ ඒ ලාභ පත්ති නම් වේ. එය ද අසංඛතයයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ පුබ්බසේලියන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කියන ලද නය අනුව පෙළ අනුවම පැමිණවිය යුතුය. න වත්තබ්බං යනාදි යම් ලබ්ධියකින් පත්ති අසංඛත යයි හඟීද, එය ප්‍රකාශ කිරිමට කියන ලදී. එහි සකවාදියා න හෙවං වත්තබ්බෙ යයි ප්‍රතික්ෂේප කරන්නේ හුදෙක් පත්තියේ රූපාදිභාවය නොපිළිගනී. පත්ති කිසි ධර්මයක් නැත. අසංඛතභාවය නො අනුදනී. අනෙකා වනාහි ප්‍රතික්ෂේප මාත්‍රයෙන්ම අසංඛතයයි ලබ්ධිය පිහිටුවයි. එය අනුවණින් පිහිටුවන ලද බැවින් නොපිහිටියේමය.
පත්තිකථාවණ්ණනා.
තථතාකථාවණ්ණනා
180. තථතා කථා
ඉදානි තථතාකථා නාම හොති. තත්ථ යෙසං “රූපාදීනං සබ්බධම්මානං රූපාදිසභාවතාසඞ්ඛාතා තථතා නාම අත්ථි, සා ච සඞ්ඛතෙසු රූපාදීසු අපරියාපන්නත්තා අසඞ්ඛතා”ති ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස , පටිඤ්ඤා ඉතරස්ස. සෙසමිධාපි හෙට්ඨා වුත්තනයත්තා පාකටමෙවාති.
දැන් තථතා කථා නම් වේ. එහි යමෙකුගේ රූපාදි සියළු ධර්මයන්ගේ රූපාදිභාව සංඛ්‍යාත තථතා නම් ඇත. එයද සංඛත රූපාදියෙහි ඇතුළත් නොවන බැවින් අසංඛත යයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කියන ලද නය අනුව ප්රකටය.
තථතාකථාවණ්ණනා.
කුසලකථාවණ්ණනා
181. කුසල කථා
ඉදානි කුසලකථා නාම හොති. තත්ථ අනවජ්ජම්පි කුසලං ඉට්ඨපාකම්පි. අනවජ්ජං නාම කිලෙසවිප්පයුත්තං. අයං නයො ඨපෙත්වා අකුසලං සබ්බධම්මෙ භජති. ඉට්ඨවිපාකං නාම ආයතිං උපපත්තිපවත්තෙසු ඉට්ඨඵලනිප්ඵාදකං පුඤ්ඤං. අයං නයො කුසලත්තිකෙ ආදිපදමෙව භජති. යෙසං පන ඉමං විභාගං අග්ගහෙත්වා අනවජ්ජභාවමත්තෙනෙව නිබ්බානං කුසලන්ති ලද්ධි, සෙය්යථාපි අන්ධකානං, තෙසං ඉට්ඨවිපාකට්ඨෙන නිබ්බානස්ස කුසලතාභාවං දීපෙතුං පුච්ඡා සකවාදිස්ස, අත්තනො ලද්ධිවසෙන පටිඤ්ඤා ඉතරස්ස. සෙසමිධාපි හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙවාති.
දැන් කුසල කථා නම් වේ. එහි අනවද්‍ය කුසලය ඉෂ්ට විපාක වේ. අනවජ්ජ යනු කෙළෙස් විප්‍රයුක්ත වේ. මේ නය හැර අකුසලය සියළු ධර්ම භජනය කරයි. ඉෂ්ට විපාකය නම් මතු උපත්වල ඉෂ්ටපල නිපදවන පින වේ. මේ නය කුසල ත්‍රිකයෙහි මුල් පදම භජනය කරයි. යමෙකුගේ වනාහි මේ විභාගය නොගෙන අනවජ්ජභාව මාත්‍රයෙන්ම නිවන කුසල යයි ලබ්ධි වේ. යම්සේ අන්ධකයන්ගේ මෙනි. ඔවුන්ගේ ඉෂ්ට විපාක අර්ථයෙන් නිවනෙහි කුසල් අභාවය දැක්වීමට විචාරීම සකවාදියාටය. තමාගේ ලබ්ධි වශයෙන් ප්‍රතිඥාව අනෙකාටය. මෙහිද සෙස්ස යට කී නය අනුව පැහැදිලිය.
කුසලකථාවණ්ණනා.
අච්චන්තනියාමකථාවණ්ණනා
182. අච්චන්ත නියාම කථා
ඉදානි අච්චන්තනියාමකථා නාම හොති. තත්ථ යෙසං “සකිං නිමුග්ගො නිමුග්ගොව හොතී”ති (අ· නි· 7.15) සුත්තං නිස්සාය “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති ලද්ධි, සෙය්යථාපි එකච්චානං උත්තරාපථකානං, තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස. මාතුඝාතකොතිආදි “නියතමිච්ඡාදිට්ඨිකස්ස ච මාතුඝාතකාදීනඤ්ච සමානෙ මිච්ඡත්තනියාමෙ මාතුඝාතකාදීහිපි තෙ අච්චන්තනියතෙහි භවිතබ්බ”න්ති චොදනත්ථං වුත්තං. ඉතරො “නියතමිච්ඡාදිට්ඨිකො සංසාරඛාණුකො භවන්තරෙපි නියතොව ඉමෙ පන එකස්මිඤ්ඤෙව අත්තභාවෙ”ති ලද්ධියා න හෙවන්ති පටික්ඛිපති .
දැන් අච්චත්ත නියාම කථා නම් වේ. එහි ‘යමෙකුගේ වරක් ගිලුනේ ගිලුනේම වේ. සූත්‍රය නිසා පෘථග්ජනයාට අත්‍යන්ත නියාමයක් ඇතැයි ලබ්ධි වේ. යම්සේ ඇතැම් උත්තරාපථකයන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරීම සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. මාතුඝාතකො යනාදි නියත මිථ්‍යාදෘෂ්ටිකයාට ද මාතුඝාතකාදින්ට සමානව මිච්ඡත්ත නියාමයෙහි මාතුඝාතකාදීන් අත්‍යන්ත නියතයෙන් යයි චෝදනා කිරිමට කියන ලදී. අනෙකා නියත මිථ්‍යාදෘෂ්ටිකයා සසර කනුවක්ව භවාන්තරයෙහි ද නියතය. මෙහි වනාහි එක ආත්මභාවයකැයි ලබ්ධියෙන් න හෙවං ප්‍රතික්ෂේප කරයි.
විචිකිච්ඡා උප්පජ්ජෙය්යාති “අයං නියතො වා නො වා”ති එවං උප්පජ්ජෙය්යාති පුච්ඡති. ඉතරො අනුප්පත්තිකාරණං අපස්සන්තො පටිජානාති. නුප්පජ්ජෙය්යාති පුට්ඨො පන යං දිට්ඨිං ආසෙවන්තො නියාමං ඔක්කන්තො, තත්ථ අනුප්පත්තිං සන්ධාය පටිජානාති. තතො පහීනාති පුට්ඨො මග්ගෙන අප්පහීනත්තා පටික්ඛිපති, තං දිට්ඨිං ආරබ්භ අසමුදාචාරතො පටිජානාති. අථ නං යස්මා පහානං නාම විනා අරියමග්ගෙන නත්ථි, තස්මා තස්ස වසෙන චොදෙතුං සොතාපත්තිමග්ගෙනාතිආදිමාහ. සො එකමග්ගෙනාපි අප්පහීනත්තා පටික්ඛිපති. පුන කතමෙනාති පුට්ඨො මිච්ඡාමග්ගං සන්ධාය අකුසලෙනාතිආදිමාහ.
විචිකිච්ඡා උප්පජ්ජෙය්ය යන මෙය නියත හෝ නොවේ හෝ මෙසේ උපදින්නේ යයි විචාරයි. අනෙකා නොඉපදීමට කරුණු නොදක්නේ පිළිගනී. නූපජ්ජෙය්ය යයි විචාරණ ලද්දේ යම් දෘෂ්ටියක් සේවනය කරන්නේ නියාමයට බැසගන්නේ එහි නොඉපදීම සඳහා පිළිගනී. එයින් පහිනා යයි විචාළේ මාර්ගයෙන් අප්‍රහීන බැවින් ප්‍රතික්ෂේප කරයි. ඒ දෘෂ්ටිය අරබයා නොපැවැත්ම වශයෙන් පිළිගනී. ඉක්බිති ඔහුට යම්හෙයකින් ප්‍රහානය නම් ආර්ය මාර්ගයෙන් හැර නැත. එහෙයින් එයින් චෝදනා කිරීමට සෝතාපත්ති මග්ගෙන යනාදිය කීය. හේ එක මගකින්වත් අප්‍රහීන බැවින් ප්‍රතික්ෂේප කරයි. නැවත කතමෙන යයි විචාළේ මිථ්‍යා මාර්ගය සඳහා අකුසලෙන යනාදිය කීය.
උච්ඡෙදදිට්ඨි උප්පජ්ජෙය්යාති දුතියනියාමුප්පත්තිං පුච්ඡති. ඉතරො යස්මා “යෙපි තෙ ඔක්කලා වයභිඤ්ඤා නත්ථිකවාදා අකිරියවාදා අහෙතුකවාදා”ති (ම· නි· 3.143) වචනතො තිස්සොපි නියතමිච්ඡාදිට්ඨියො එකස්ස උප්පජ්ජන්ති, තස්මා පටිජානාති.
උච්ඡෙද දිට්ඨි උප්පජ්ජෙය්ය යයි දෙවන නියාම උපත විචාරයි. අනෙකා යම්හෙයකින් ‘යෙපි තෙ උක්කණ්ණවස්ස අඤ්ඤා නත්ථික වාදා අකිරිය වාදා අහෙතුක වාදා’ යන වචනයෙන් තිදෙනාම නියත මිථ්‍යාදෘෂ්ටික බැවින් එකට උපදී. එහෙයින් පිළිගනී.
අථ නං “න ච නාම සො අච්චන්තනියාමො”ති චොදෙතුං හඤ්චීතිආදිමාහ. අච්චන්තනියතස්ස හි දුතියනියාමො නිරත්ථකො. නුප්පජ්ජෙය්යාති පඤ්හෙ යං සස්සතදිට්ඨියා සස්සතන්ති ගහිතං, තදෙව උච්ඡිජ්ජිස්සතීති ගහෙත්වා අනුප්පත්තිං සන්ධාය පටිජානාති. පහීනාති පුට්ඨො මග්ගෙන අප්පහීනත්තා පටික්ඛිපති, වුත්තනයෙන අනුප්පජ්ජනතො පටිජානාති. සස්සතදිට්ඨි උප්පජ්ජෙය්යාතිආදීසුපි එසෙව නයො. සෙසං විචිකිච්ඡාවාරෙ වුත්තනයමෙව.
ඉක්බිති ඔහුට හේ නව නාම වේ. අත්‍යන්ත නියමයයි චෝදනා කිරීමට හඤ්චි යනාදිය කීය. අත්‍යන්ත නියතයාට දෙවන නියාමය නිරර්ථකය. නුප්පජ්ජෙය්ය යන ප්‍රශ්නයෙහි ශාස්වත දෘෂ්ටියෙන් ශාස්වත යයි යමක් ගන්නා ලදද එයම උපදින්නේ යයි ගෙන අනුප්‍රාප්තිය සඳහා පිළිගනී. පහීනා යයි විචාළේ මාර්ගයෙන් අප්‍රහීන බැවින් ප්‍රතික්ෂේප කරයි. කියන ලද නයින් නොඉපදීමෙන් පිළිගනී. සස්සත දිට්ඨි උප්පජ්ජෙය්ය යනාදියෙහි ද මෙම නයම වේ. සෙස්ස විචිකිච්ඡා චාරයෙහි කියන ලද නයමය.
න වත්තබ්බන්ති පුච්ඡා පරවාදිස්ස, සුත්තස්ස අත්ථිතාය පටිඤ්ඤා සකවාදිස්ස. න පන සො භවන්තරෙපි නිමුග්ගොව. ඉමස්මිඤ්ඤෙව හි භවෙ අභබ්බො සො තං දිට්ඨිං පජහිතුන්ති අයමෙත්ථ අධිප්පායො, තස්මා අසාධකමෙතන්ති. සබ්බකාලං උම්මුජ්ජිත්වා නිමුජ්ජතීතිආදි වචනමත්තෙ අභිනිවෙසං අකත්වා අත්ථො පරියෙසිතබ්බොති දස්සනත්ථං වුත්තන්ති.
න වත්තබ්බං යයි විචාරය පරවාදියාගේය. සූත්‍රයේ ඇති බැවින් ප්‍රතිඥාව සකවාදියාගේය. හේ භවාන්තරයේ ද ගිලුනේ නොවේ. මේ භවයේම නුසුදුස්සෙකි. හේ එම දෘෂ්ටිය අත්හරින්නට යයි මෙහි අදහස වේ. එහෙයින් මෙය සාධක නොවේ. සියළු කාලයේ මතුවී ගිලේ යයි වචන මාත්‍රයෙන් තීරණයකට නොඑළඹ අර්ථය සෙවිය යුතුයයි දැක්වීමට කියන ලදී.
අච්චන්තනියාමකථාවණ්ණනා.
ඉන්ද්රියකථාවණ්ණනා
183. ඉන්ද්රිය කථා
ඉදානි ඉන්ද්රියකථා නාම හොති. තත්ථ ලොකියා සද්ධා සද්ධා එව නාම, න සද්ධින්ද්රියං. තථා ලොකියං වීරියං…පෙ… සති… සමාධි… පඤ්ඤා පඤ්ඤායෙව නාම, න පඤ්ඤින්ද්රියන්ති යෙසං ලද්ධි, සෙය්යථාපි හෙතුවාදානඤ්චෙව මහිසාසකානඤ්ච; තෙ සන්ධාය පුච්ඡා සකවාදිස්ස, පටිඤ්ඤා ඉතරස්ස . නත්ථි ලොකියා සද්ධාතිආදි යස්මා ලොකියාපි සද්ධාදයොව ධම්මා අධිපතියට්ඨෙන ඉන්ද්රියං, න සද්ධාදීහි අඤ්ඤං සද්ධින්ද්රියාදි නාම අත්ථි, තස්මා ලොකියානම්පි සද්ධාදීනඤ්ඤෙව සද්ධින්ද්රියාදිභාවදස්සනත්ථං වුත්තං. අත්ථි ලොකියො මනොතිආදි යථා තෙ ලොකියාපි මනාදයො ධම්මා මනින්ද්රියාදීනි, එවං ලොකියා සද්ධාදයොපි සද්ධින්ද්රියානීති උපමාය තස්සත්ථස්ස විභාවනත්ථං වුත්තං. සෙසමෙත්ථ යථාපාළිමෙව නිය්යාතීති.
දැන් ඉන්ද්රිය කථා නම් වේ. එහි ලෞකික ශ්‍රද්ධාව ශ්‍රද්ධා නමි. ශ්‍රද්ධා ඉන්ද්රිය නොවේ. ලෞකික විරිය සති සමාධි පඤ්ඤා ද එසේ යයි යමෙකුගේ ලබ්ධිය වේ. යම්සේ හේතුවාදීන්ගේ මෙනි. ඔවුන් සඳහා විචාරය සකවාදියාටය. ප්‍රතිඥාව අනෙකාටය. නත්ථි ලොකියා සද්ධා යනාදිය යම්හෙයකින් ලෞකික ශ්‍රද්ධාදිය අධිපති අර්ථයෙන් ඉන්ද්රිය වේ. ශ්‍රද්ධාදියෙන් අන්‍ය වූ ශ්‍රද්ධා ඉන්ද්රියාදිය නැත. එහෙයින් ලෞකික වූ ද ශ්රද්ධාදියම ශ්‍රද්ධා ඉන්ද්රියාදි භාවය දැක්වීමට කියන ලදී. අත්ථි ලොකියො මනො යනාදිය ඔබගේ ලෞකික වූ මනස ආදි ධර්ම යම්සේ මන්ද්රියාදිය වේද එසේ ලෞකික ශ්‍රද්ධාදිය ද ශ්රද්ධින්ද්රියාදිය වේ. උපමාව ඒ අර්ථය පැහැදිලි කිරීමට කියන ලදී. මෙහි සෙස්ස පෙළ අනුව පැමිණේ.
ඉන්ද්රියකථාවණ්ණනා.
එකූනවීසතිමො වග්ගො.
එකුන්විසි වැනි (19) වර්ගය නිමයි.